ඒ ගිය සතියේ අපේ clinic එකට ආව ලෙඩෙක් පුටුවේ ඉඳගත්තේ එහෙම කියාගෙන.
ඒ අවුරුදු 40 ක විතර තරුණයෙක්.
මාස ගාණක් අපේ clinic එකට ආවේ gastritis වලට බෙහෙත් ගන්න.
Endoscopy පරීක්ෂණයක් කරා. මුලු ආමාශයම ඉදිමිලා.
තුවාලත් තිබුනා.
ඒත් දුන්න බෙහෙත් වලට අඩුවක් උනේම නෑ.
ඒත් දුන්න බෙහෙත් වලට අඩුවක් උනේම නෑ.
මූණේ තිබුනේ මලානික ගතිය නිසා මානසික ප්‍රශ්නයක් තියෙනවද ? . කියලා clinic එකට ආව දෙතුන් වතාවකදී මම ඇහුවට නෑමයි කිව්වේ.
ඒත් එක දවසක් job එකේ ප්‍රශ්නයක් නිසා මානසිකව වැටිලා ඉන්නේ කියලා විස්තරේම කිව්වා.
අපි ලෙඩාව මනෝ වෛද්‍ය සායනයට යොමු කරා.
මනෝ වෛද්‍ය සායනයට ගිහින් ආව පලවෙනි දවසෙ තමයි අර විදියට මට හොඳයි කියාගෙන clinic එකට ආවේ.
මනෝ වෛද්‍ය සායනයට ගිහින් ආව පලවෙනි දවසෙ තමයි අර විදියට මට හොඳයි කියාගෙන clinic එකට ආවේ.
ඇත්තටම මොකක්ද මේ "ගැස්ට්‍රයිටිස්" කියන්නේ ?
අපි කන කෑම වලට ආමාශයේ දි ඇසිඩ් එකතු වෙනවා.
ආහාර ජීරණය වෙන්නත්, ආහාර වල තියෙන විෂ බීජ විනාශ වෙන්නත් මේ ඇසිඩ් ඕන වෙනවා.
අපි හැමෝම දන්නවා ඇසිඩ් අපේ සමේ ගෑ උනොත් සම පිච්චෙනවා.
ආමාශයේ හැදෙන ඇසිඩ් ආමාශය බිත්තියේ ගෑ උනොත් ආමාශ බිත්තිය පිච්චෙනවා.
ආමාශයේ හැදෙන ඇසිඩ් ආමාශය බිත්තියේ ගෑ උනොත් ආමාශ බිත්තිය පිච්චෙනවා.
මේ ඇසිඩ් එකෙන් ආමාශයේ ඇතුළු බිත්තිය පිච්චෙන්නේ නැතුව ආරක්ෂා කරන්න ආරක්ෂිත පටලයක් (Mucus Layer) තියෙනවා.
ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ මෙහෙමයි. ඇසිඩ් එක වැඩිපුර හැදුනොත් හරි, ආරක්ෂිත පටලය දුර්වල වුණොත් හරි තමයි ආමාශ බිත්තිය පිච්චෙන්න පටන් ගන්නවා. මේ නිසයි අපිට බඩේ දැවිල්ල එන්නේ.
ඇසිඩ් අඩු වැඩි වෙන්න හේතු ගොඩක් බලපානවා.
ගොඩක් අය හිතන්නේ මේකට බලපාන්නේ කෑම විතරයි කියලා.
බඩේ ඇසිඩ් ගතිය වැඩි වෙන්න බලපාන ප්‍රධාන හේතු.
දිගු වෙලාවක් බඩගින්නේ සිටීම නිසා ආමාශයේ නිපදවෙන ඇසිඩ් උදාසීන වීමට ආහාර නොමැති වීම.
අධික තෙල් සහ කුළුබඩු දැමූ කෑම සහ ගැඹුරු තෙලේ බැදපු ආහාර මගින් ඇසිඩ් නිෂ්පාදනය වැඩි කිරීම.
මානසික ආතතිය (Stress)
අධික ලෙස තේ, කෝපි (Caffeine) පානය සහ මධ්‍යසාර භාවිතය.
දුම්පානය.
දිගුකාලීනව ගන්නා ඇතැම් වේදනා නාශක (NSAIDs) නිසා ආමාශයේ ඇතුලත ආරක්ෂිත පටලය තුනී වීම.
H. pylori වැනි බැක්ටීරියා මගින් ආමාශයේ ආරක්ෂිත පටලයට හානි කිරීම.
නිසි විවේකයක් නොමැති වීම නිසා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී ඇසිඩ් මට්ටම ඉහළ යාම.
අධික තරබාරුව.stress එක gastritis වලට බලපාන විදිය අද කතා කරමු.
අපේ මොළයයි, ආමාශයයි අතර හරියට සෘජු සම්බන්ධයක් තියෙනවා.
1. ඔයා ලොකු මානසික පීඩනයකින් හෝ බයකින් ඉන්නකොට, මොළය හිතන්නේ ශරීරයට ලොකු අනතුරක් වෙන්න යනවා කියලා. එතකොට මොළය ආමාශයට පණිවිඩයක් යවනවා දැන් වැඩියෙන් ඇසිඩ් හදපන් කියලා. එතකොට කෑමක් නැතත් ආමාශයේ ඇසිඩ් වැඩි වෙනවා.
2. අපි stress උනාම ආමාශයේ තියෙන ආරක්ෂිත පටලය හැදෙන එක අඩු වෙනවා. එතකොට අර වැඩිපුර හැදුණු ඇසිඩ් කෙලින්ම බඩේ බිත්තිවල වදින්න ගන්නවා. ඒකයි අර දැවිල්ල විදියට අපිට දැනෙන්නේ.
3. Stress එකක් ආවම අපේ ඇඟෙන් ආමාශයට යවන ලේ ටික එක අඩු කරනවා. එතකොට ඇසිඩ් වලින් වෙන පොඩි පොඩි තුවාල සුව කරගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා.
4. හිතේ තියෙන කලබලයට බඩේ ආහාර ජීර්ණය වෙන වේගයත් වෙනස් වෙනවා. සමහර වෙලාවට කෑම බඩේ හිරවෙලා වගේ තියෙනවා. එතකොට ඒ කෑම දිරවන්න තව තවත් ඇසිඩ් හැදෙනවා.
කොච්චර බෙහෙත් බිව්වත් gastritis අඩු වෙන්නේ නැත්තේ ඒකයි.
ඔයාගේ මනස සන්සුන් නැත්නම් ඒ ලෙඩේ සුව වෙන්නේ නෑ.
අපි මොකද කරන්නේ?
හිතට වද දෙන ප්‍රශ්නය මොකක්ද කියලා හඳුනාගන්න. (Job එකේ ප්‍රශ්නයක්ද? පවුලේ ප්‍රශ්නයක්ද?)
පැය 7-8 ක සුව නින්දක් අනිවාර්යයි. ඒක ඔයාගේ ආමාශයේ තුවාල හොඳ වෙන්න උදව් වෙනවා.
දවසට විනාඩි 10ක් හරි ආගමික වතාවත්, භාවනාවක් හෝ කැමතිම සින්දුවක් අහලා හිත නිදහස් කරගන්න.
ඒත් හරියන්නේ නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් එක්ක ඔබේ මානසික පීඩනය ගැනත් කතා කරන්න. අවශ්‍ය නම් Counseling වලට යොමු වෙන්න බය වෙන්න එපා.
මේ වගේ තවත් සෞඛ්‍ය තොරතුරු දැනගන්න අපේ පේජ් එක Follow කරන්න.
සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.
© Dr. Gayan Senevirathne
Please share, not copy-paste, to keep the info accurate and updated.
නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.
#DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #Gastritis_Gayan
© Dr. Gayan Senevirathne
Please share, not copy-paste, to keep the info accurate and updated.
නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා. #DrGayan, #MedicalCare #HealthyLifestyle #healthtips #Gastritis_Gayan
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment