ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label සතියේ සටහන. Show all posts
Showing posts with label සතියේ සටහන. Show all posts

2026-03-04

ලෝකය දැකපු මිනිහෙක් .



ඊසෝප් කතා කීවේය.

සදාතනිකවු ඒ කතා අදටත්  ගැලපෙන්නේ අපූරුවටය.

දවසක් දඩයම්කරුවෙක්ගේ ඉල්ලක්කයෙන් ගැලවී පලා යන නරියෙකුට 

දර කපන්නෙකු හමුවිය.

නරියා තමන්ට වු ඇබැද්දිය දර කපන්නාට පවසමින් 

දඩයම්කරුගෙන් බේරීමට උදව් පැතීය.

දර කපන්නා නරියාව තම නිවසේ සැගවෙන්න

උපදෙස් දුන්නේය.

ටික වේලාවක් යන විට නරියා දුව ගිය මග ඔස්සේ දඩයම්කරුවා පැමින

දර කපන්නා දැක නරියෙකු මේ පැත්තට ආවාදැයි විමසු විට

“ නැහැ “ යයි පිලිතුරු දී අභිනයෙන් නරියා නිවස තුල සිටින බව ඉගි පලකලේය.

දඩයම්කරු එය තේරුම් නොගෙන යන්න ගියේය.

නරියා ගේ තුල සිට දඩයම්කරුගේ කපටි න්‍යාය නිරීක්ෂණය කලේය.

තවත් ටික වෙලාවක් සිට අනතුර පහව ගිය බව දැන එළියට ආ නරියා

දර කපන්නාට නොකියාම යන්න ගියේය.

තමා නිසා දිවි රැක ගත් මුත් තමාට නොකියාම නරියා ගැන 

කළකිරුණු සිතිවිල්ලෙන්

තමන් කල උදව්ව අමතක කර මෙසේ නික්ම යාම නුසුදුසු බව කී දරකපන්නාට

නරියා මෙසේ කීවේය.

රහස් සංඥා , බොරු වචන නොතිබෙන්නට මම ඔබට ස්තුති කරනවා .

ඔබ මටත් වඩා කපටියෙක් ! .


ඊසෝප් කිව්වේ ඒ කතාව.

ප්‍රසිද්ධියේ තමන්ගේ යහපත් අධ්‍යාසයන් ගැන දෙසන

දේශපාලකයන් . සමාජ ක්‍රියාකාරීන් අපිට ඕන තරම් මෙකල මුණ ගැහෙනවා.

එහෙත් ඔවුන් කටයුතු කරන්නේ සත්භාවයෙන් ද ?

බොහෝ දෙනාගේ හක්කේ දඩ මස් බොක්කේ බුදු රැස්.

මාලිමවේ , ජවිපෙ ,ජනාධිපති තුමා ඇතුළු පිරිවරගේ කතා මෙකල පිලිරැව් දෙනවා.

අපි පව් කියලා හිතෙන්නේ නැත්තේ කාටද ?.

ලෝකය දැකපු ජනාධිපති තුමා ට
අපේ රට හුණ්ඩුවක් වගේ කියලා අවබෝධ වෙලා.
ලෝකය දැකපු මිනිහෙක් අපේ රටේ ජනාධිපති කරන්න අපට අමතක වෙලා.











A day in the life

2026-02-05

ගෝත්‍රික කථාවක් .



දේශපාලනය සහ බලය ලබා ගැණිමට පෙල ගැස්වීම දෙකක් .

නාමල්ලා, දිලීප්ලා රණිල් සහ සජිත් නායකත්වය අරගෙන ඒ සදහා වෙන් වෙන්වා බල මුළු ගන්නනවා.

ඒ මට පේන දෙයක්.

වර්ථමාන ආණ්ඩුවට අනාගත බලය තහවුරු කරගන්න තියෙන්නේ වැඩ පෙන්නලා. 

ඒ ගොල්ලා වැඩ කරනවා. කථා කරනවා.

අපේ පැත්තේ නම් පාරවල් පාලම් බෝක්කු හදනවා.

අලින්ට වැටවල් බදිනවා.

නායකත්වය දෙන ප්‍රධානීන් ඉන්නවා.

සමහරු බලය නිසා දෝ අනාගතය පේන්නේ නැහැ.

සමහරු අනාගතය දකිනවා.

හිටපු අයත් එක්ක සංසන්දනය කරන කොට අනාගතය රැක ගන්නවායි හිතන අයත් ඉන්නවා.

ඒ අයගෙත් දේශපාලන අනාගතය නැති කරන උද්ච්ච පොරවල් ඒ අතර ඉන්නවා.

මේ පූර්විකාව ලියුවේ පුංචි සිද්ධියක් මුල් කර ගෙන.

මට දේශපාලන දර්ශණයක් තියෙනවා. 

මගේ කරුමෙට ඒක මේ මහ පොළවේ පැළ කරගන්න බැහැ.

ඒ නිසා නන්තාර වෙනවා.

ඉතිරි වෙලා තියෙන්නේ පුද්ගලාබද්ධ දේශපාලනයක් ! .

පසුගිය ජනාධිපතිවරණයේදී මෙහෙම කතා බහක් වුනා.

අංකල් මේ පාර අපි වෙනස් කරමු නේද ?.

ප්‍රශ්නේ අහපු කෙනා මට වැදගත්.

මම කිව්වා“ වෙනස් කරන්න එන්නම් - 

පවත්වා ගෙන යන්න එන්න නම් බැරිවෙයි “ කියලා..

ඒක ඒ විදියට වුනා.

මේ වෙනසට මම කැමතියි. ඒත්  මුලාවට බොරුවට නම් අකමැතියි.


මට මුල ඉදන්ම හිතුන දෙයක් තමයි 

රණිල් හදලා තිබුන පාරෙන් පිටට යන්න බැරි වෙන බව.

අපි රටක් හැටියට ඉන්නේ යූ ටර්න් එකක් ගහන්න බැරි අසාධ්‍ය තත්වයෙන්.

ඒකට හේතු කියන හොරා කෑම වගේ දේවල් මූලික හේතු කියලා මම පිලිගන්නේ නැහැ.

අපිත් වැඩ කරන්න එපාය. ඒත් අපි වැඩ කරන ජාතියක් නෙමෙයි.

අපේ නිෂ්පාදනයක් නැහැ. 

අඩු තරමින් අපි වවාගෙන අපි කන්නේ නෑ.

මම ඉන්න බෙලිහුල්ඔය තුන් වේල බත් කෑවේ අපේ ගමේ හාල් වලින්.

ඒත් අද කන්නේ පොලොන්නරුවේ ඩඩ්ලි ගේ මෝලේ හාල්.

උන්නැහේ කෝටි ගනන් වටින් රොල් රොයිස් පදිනවා.

අපේ කෙත් වතු පාලු වෙලා පුරන් වෙනවා.

ඉතින් රට ගැන මොන කතාද ?.

1948 මම ඉපදුන අවුරුද්ද.

මේ 2026………

රටේ කොයිතරම් දේවල් වෙනස් වෙලා තියෙනව ද ?.

භෞතික , මානව ……..ආදි කී නොකි හැම දෙයක්ම කාලීනව සංවර්ධණය වෙලා තියෙනවා.

එහෙම වෙනස් වෙන්න ආයෝජනය වුනේ අපේ සල්ලි නෙමෙයි. රට රටවලින් ගත්ත ණය……..ආධාර විතරක් නම් කමක් නැහැ.

දැන් 50ට වඩා අඩු පාසල් වහන්නත් තීරණය කරලා.

ඒකටත් සංවර්ධණය හේතුවක් ( පසුව ලිවිය යුතු මාතෘකාවක් ) .

කතාව වෙනස් වුනා නේ ද ?


ඔන්න පසුගිය දවසක නාමල් දකුනේ තියපු රැස්වීමක පින්තූර වගයක් මුණු පොතේ පල කරලා තිබුනා.

ඒ එයාලගේ බල මුළු සංවිධාණය කර ගන්නා ක්‍රියාදාමයක් නේ.

අසල්වාසියෙක්ගේ ප්‍රතිචාරයක් දැක්කා ඒකට ගරහලා.

සමාජයේ යම් තැනක ඉන්න කෙනෙක්ගෙන් එවැන්නක් බලාපොරොත්තුවෙන්න බැහැ.

මගේ අතත් නිකම් තියාගෙන ඉන්න බැරිකම ප්‍රතිචාර දැක්වූවා.

“ දේශපාලන බලතුලනය විවිධාකාරයි. 48 ඉදන් පවත්වපු මැතිවරණ වලදී ඡණ්දදායකයා හැසුරන අන්දම දිහා බලන කොට අනාගත මැතිවරණයකදී මොනව වෙයිද දන්නේ නෑ කියන අදහස “ මම පල කලා.

මට ලැබුන ප්‍රතිචාරය අනතුරු ඇගවීමක්. “ මීට පස්සේ මට ප්‍රතිචාර දක්වන්න එපා. මම ඔයත් අදුරනවා .ඔයගේ නෝනා  ( ටීචර් කෙනෙක් ) නිසා ඉවසනවා කියලා. ටීචර් එයාටත් උගන්නලා ඇති.

ටීචර් සාමාජ අධ්‍යයනය උගන්වලා තිබුනත් ගෝලයට හරි විදියට ඉගනන නෑ කියලා හිතපු මම දැන් කාලේ අදහසක් දක්වන්නත් දේශපාලන අධිකාරියෙන් අවසර ගන්න ඕනි ද ? ප්‍රශ්ණයට උත්තරයක් නැතිව ,  මම එතුමා මගේ මුණුපොතෙන් එලවලා දැම්මා.

දැන් මට පේන එකක් නැහැනේ.



A day in the life

2026-02-04

ජාතික නිදහස සමරමු. - 2026







1961දී මෙරට මෙන්ම සමස්ත ලෝකයේ ද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීය. 1972 දී රට ජනරජයක් බවට පත් වී දෙවැනි එලිසබෙත් රැජින දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ තැන සිට, පෘතුගීසි සමයෙන් උපුටා ගත් බ්‍රිතාන්‍ය යටත්විජිත නාමය වන සිලෝන් යන්න ද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව ‘ලංකා’ යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන ‘ශ්‍රී‘ එකතු කරන ලද අතර, මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩාත් සමීප බවට තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාව, පෘතුගාලය – නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍ය යන යුරෝපීය රටවල් තුනක යටත්විජිතයක් වී තිබිණි. මෙම රටවල් තුනේම සලකුණු අදටත් ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකිය. නමුත් මේ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ 1948 දී නිදහස ලැබීමට පෙර අවසන් වරට යටත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ බලපෑමය. වසර 450 කට අධික විදේශ පාලනයකින් පසු ශ්‍රී ලංකාව නිදහස ලබා ලබන බදාදා දිනයට වසර 78 ක් සම්පූර්ණ වන නමුත් ලංකාව මුහුණදෙන අභියෝග නිමක් නැත. වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුණේ එකසිය තිස්තුන් වසරක් (1815-1948) බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවයි.

1815 වසරේ පෙබරවාරි මස 18 වැනිදා දුම්බර මැද මහනුවර බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එකල මේ රට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ. එම හේතුව නිසා දෙදහස් වසරකට වැඩි කාලයක් අවිච්ජින්නව පැවත ආ ශ්‍රී ලංකාවේ රාජාවලිය ද නිමාවට පත්විය. එපමණක් නොව අපේ රටේ පැවති ජාතිකාභිමානයට සුවිශේෂි වශයෙන් හේතු වූ ජාතික නිදහස මෙන්ම ස්වාධීනත්වය ද අහෝසි වී ගියේය. ශ්‍රී ලංකාවාසී ජනතාව එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජුගේ පාලනයට යටත් වූ වහල් ජනතාවක් බවට පත්විය. මේ රට පාලනය කිරීම මුළුමනින්ම එංගලන්ත කිරීටයට හිමිවූවේය.

මෙරට පාලනය බ්‍රිතාන්‍යයන්ට හිමි වූයේ 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරටදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගිනි. බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරියෙකු වූ එල් ද බුෂේ නමැත්තා තම මිතුරෙකුට යැවූ ලිපියක උඩරට ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව විස්තර කර ඇත්තේ මේ ආකාරයෙනි. “අප මහනුවර අත්පත් කර ගනිද්දී එහි කිසිම මනුෂ්‍යයෙක් පේන තෙක් මානයක නොවීය. සතියක් ගත වෙන්නටද කලින් එහි සියලු නිවෙස් ඒවායේ අයිතිකරුවන්ගෙන් පිරීගිය අතර නගරයෙහි බොහෝ වූ වීදි මාර්තු 02 වැනිදාට නියමිත වූ උත්සවය දැකගැනීම සඳහා එදිනට කලින් නන්දෙසින් පැමිණි ජනකායකගෙන් ගහන විය. එදින උදෑසනම මාලිගයේ සුවිසල් ශාලා මොහොට්ටාල, කෝරලේ හා විදානේ යනුවෙන් හැඳින්වුණු ජන නායකයන්ගෙන් පිරෙන්නට පටන් ගත් අතර ඒ හැම දෙනාම කළුවන් හෝ සුදුවන් දිගු රැවුලකින්ද මනා බුද්ධිමත් පෙනුමෙන්ද යුත් වෘද්ධයෝ වූහ. බොහෝ දෙනෙක් යුරෝපීය මුහුණක් එතෙක් නුදුටුවෝ වූහ. අපගේ හමුදා දුටුවෝ වී නම් ඒ කීප දෙනෙක්ම පමණි. නැතිනම් එවැනි කිසිවෙක් නොසිටියහ. සුපුරුදු පරිදි නියමිත හෝරාවේ දෛනික මුර සෙබළුන් ඔවුන්ගේ සේවා ස්ථානවලින් මුදා හැරෙද්දී එකී ජන නායකයෝ විස්මයට පත් වූහ. එය ඉතාම දීප්තිමත් දිනයක් විය. සෙබළුන්ගේ අවිවල දීප්තියත්, තූර්ය වාදනයත්, සෙබළුන්ගේ රිද්මයානුකූල ගමන් විලාසිතාවක් ඒ ජන නායකයන්ගේ කුහුල් සිත් පිනවීමට සමත්විය.

15 වැනි හා 16 වැනි සියවසේ සිට යුරෝපා ජාතීහු යටත්විජිත සොයාගෙන මහ සයුරේ චාරිකා කළහ. එක් අතකින් එය ඔවුනට නව ධනෝපායන මාර්ගයක් සොයා ගැනීම සඳහාත් අනෙක් අතින් සිය ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය කිරීමත් සඳහාය. දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන ආකාරයට කාර්මික විප්ලවයට පෙර යුරෝපීය ජාතීහු ලෝකයෙන් 35%ක්ද, 1914 වනවිට ලෝකයෙන් 84%ක පාලනය ද තමන් සතුකර ගත්හ. කෙසේ වුවද 1945-1975 කාලයේදී බොහෝ රාජ්‍යයන් සිය නිදහස දිනාගනු ලැබුවේ එවකට රාජ්‍යයවල පැතිර ගිය දේශපාලන නිදහස පිළිබඳ වූ අදහස ද ලිබරල් දේශපාලන මතවාද ද වේගයෙන් පැතිර ගිය නිසා බැව් පෙනී යයි.

බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා සිට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. එය පූර්ණ නිදහසක් නොවූ අතර බි්‍රතාන්‍ය රජයට මෙරට පාලනයට තවදුරටත් අතපෙවීම් කළ හැකි විය. ශ්‍රී ලංකාවට නිදහස ප්‍රකාශයට පත් කළ දිනයේ පළමු රාජ්‍යතාන්ත්‍රික කාර්යය වූයේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඩ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දීමය. ඉන්පසු අග්‍රාණ්ඩුකාරවරයාද, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා ද ගුවන්විදුලියෙන් ජාතිය ඇමතූහ.

1948 පෙබරවාරි 04 වැනි දින නිදහස හිමිවුවද පළමු නිදහස් උත්සවය පැවැත්වුණේ 1948 පෙබරවාරි 10 කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේය. ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීම නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන උත්සවය විය. එම උත්සවය සඳහා මහනුවර මඟුල් මඩුවේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිදහස් චතුරශ්‍ර භූමියේ නිදහස් සැමරුම් ශාලාව ඉදිකර තිබුණි. මෙදින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ 6 වැනි ජෝර්ජ් මහ රජතුමාගේ බාල සොහොයුරා වූ ග්ලෝස්ටර්හි ආදිපාදවරයාය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු බ්‍රිතාන්‍යයට ගෙන ගොස් තිබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහාසනය, ඔටුන්න හා අසිපත ඇතුළු කෞතුක භාණ්ඩ යළි ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒවා එදින එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබිණි.

1815 මාර්තු 02 වැනිදා බිම හෙළුවේ සිංහලයේ පැරණි ජාතික කොඩියයි. සිංහල රාජ්‍යය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සිංහලයේ පැරණි ජාතික කොඩිය ඉංග්‍රීසීන් යටතට ගැණුනි. මෙරට සඳහා නිල වශයෙන් ජාතික කොඩියක් තෝරා ගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක් 1948 වසරේදීම පත් කරන ලදී. 1950දී ධජ කමිටු වාර්තාව රජය වෙත භාර දුන් අතර 1951 දී එම වාර්තාවේ සඳහන් ජාතික කොඩිය මෙරට නිල ජාතික කොඩිය වන බව පිළිගන්නා ලදී. එම නිර්දේශයන්ට අනුව මෙරට සුළු ජාතිකයන් නියෝජනය සඳහා කොළ සහ තැඹිලි පැහැති වර්ණ තීරු 02ක් එක් කරමින් නැවත ප්‍රතිනිර්මාණය කළ ජාතික කොඩිය 1952 වසරේ පැවති නිදහස් උත්සවයේ ලෙළ දුනි.

‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය මෙරට ජාතික ගීය ලෙස තෝරා ගැනීමෙන් පසුව ප්‍රථමවරට ගායනා කොට ඇත්තේ 1949 පෙබරවාරි 04 දින පැවැත්වූ මෙරට දෙවන නිදහස් සමරුවේදීය. එය ගායනා කරන ලද්දේ ටොරින්ටන් චතුරස්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය වෙනුවෙන් පැවති උත්සවයේදී ය. ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමානයේ අප ජාතික ගීතය වන නමෝ නමෝ මාතා ගීය 1940 දීී රචනා කර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයීය සිසුන් තුළ ජාතික හැඟීම වැඩි වර්ධනය කිරීම සඳහාය. කොළඹ මියුසියස් විද්‍යාලයීය සිසු දරුවන් 50 දෙනෙක් විසින් නමෝ නමෝ මාතා ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ මෙරට දෙවන නිදහස් සමරු උළෙලේදීය.

1961දී මෙරට මෙන්ම සමස්ත ලෝකයේ ද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීය. 1972 දී රට ජනරජයක් බවට පත් වී දෙවැනි එලිසබෙත් රැජින දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ තැන සිට, පෘතුගීසි සමයෙන් උපුටා ගත් බ්‍රිතාන්‍ය යටත්විජිත නාමය වන සිලෝන් යන්න ද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව ‘ලංකා’ යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන ‘ශ්‍රී‘ එකතු කරන ලද අතර, මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩාත් සමීප බවට තීරණය කෙරිණි.

1978 වසර මෙරට පළමු විධායක ජනාධිපතිවරයා දිවුරුම් දුන් වසර විය. ජේ. ආර්. ජයවර්ධන මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේ ද 1978 වසරේ පෙබරවාරි 04 දාය. 1998 වසරේ මෙරට 50 වැනි නිදහස් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ මහනුවරදීය. නමුත් නිදහස් දිනට දින කිහිපයකට මත්තෙන් දළදා මාළිගාවට දරුණු කොටි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එබැවින් මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ නිදහස් උළෙල කොළඹදී පැවැත්විණි. රුදුරු ත්‍රස්තවාදී භීෂණය අතරතුර සැමරූ නිදහස් දින සෑම එකක්ම පාහේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂිතය. ත්‍රස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමත් සමඟ 2010 වසරේ සැමරූ මෙරට 62 වන නිදහස් සමරුව අභිමානයෙන් යුතුව සැමරූ තවත් නිදහස් දිනයකි. 30 වසරක් මුළුල්ලේ මෙරට ජනයා පීඩාවට පත් කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ එම නිදහස් දිනය උත්කර්ෂයෙන් යුතුව සමරන ලදී.

පසුගිය වසරේ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු නිදහස් සැමරුම “ජාතික පුනරුදය සඳහා පෙළගැසීම“ යනුවෙන් නම් කර තිබිණි. මෙහිදී වෙනදා නිදහස් දින පෙළපාලියේ මුලින්ම යන සිංහයා ඉවත් කර තිබුණු අතර දෙමළෙන් ජාතික ගීය ගායනා කරනු ලැබීය. මෙවර පැවැත්වෙන නිදහස් උළෙලේ තේමාව වන්නේ ‘අපි ශ්‍රී ලංකාව ගොඩනඟමු’ යන්නයි.

කවරක් නමුත් අපේ නිදහස් දිනය උත්කර්ෂයෙන් සැමරිය යුතුය. පසුගිය වසරවල නිදහස් දිනය සමරද්දී කළු කොඩි ඉල්ලූ අයත් සිටි බව අපට මතකය. නමුත් එය උපන් බිමට කරන නිග්‍රහයකි. උපන් බිමට අවමාන කරමින් එයට සාප කරමින් ජීවත්වන අයට සැනසීමක් ලැබේද? සියලු ජාතීනට නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ප්‍රභාකරන් පරාජයෙන් පසුව හිමිවිය. ඒ ජයග්‍රහණය කිසිවිටක අමතක කළ යුතු නැත. කිසිම අවස්ථාවක ජාතික ආරක්ෂාව පාවා දිය යුතුද නැත. සිංහලයින්ට ජයශ්‍රී මහා බෝධිය වන්දනා කර උතුරේ තිස්ස විහාරයට ගොස් සිල් ගැනීමේ අවස්ථාව නැති කළ යුතු නැත.

ශ්‍රී මහා බෝධිය පසු කර යන විට උපදින්නේ ශ්‍රද්ධාව බව රටේ බලවතුන් දැනගත යුතුය. සිංහල බෞද්ධයින්ගේ නිදහස සීමා කිරීමෙන් කිසිවෙකුට ජයක් හෝ සහනයක් ලැබෙන්නේ ද නැත.

චතුර පමුණුව - දිවයින





A day in the life

2026-01-18

ගැමුණු කුමරු ගේ නවාතැන - අප රැක්ක


පහු ගිය සතියේ අපි අපරැක්කට ගොඩ බැස්සා .

ලස්සන ගමක් . මාතර ඉදන් කිමි හත අටක දුරක හිතා ගන්න වත් බැරි නිසංසල පරිසරයක්.

අප  - රැක්ක නිසා අපරැක්ක වුන දුටු ගැමුණු කුමාරයා ගිමන් හැරපු අපරැක්ක ගැන 1976 B ed කණ්ඩායමේ  සමාජ අධ්‍යයනය ටීචර් අපරැක්කේ ඉදන් කියාපු පුරාවෘත්තය බොහෝම රසවත්.

දුටුගැමුණු කුමාරයා එළාර රජතුමාත් එක්ක සටන් කලා නේ. මුල් කාලේ සටන් ජය ගන්න අපහසුවුනා. මේ අතර වාරේ දුටුගැමුණු කමාරයා අනුරාධපුරේ සිට තිස්සමහරාමෙට යන්න ඕන වුනා.

කුමාරයා තනිපංගලමේ මේ ගමන යන්න හිතාගෙන රහසේම  පිටත්වුනා.

ගම්වැසියෙක් වගේ සාමාන්‍ය ස්වරූපයෙන් දින සති ගෙවා ගෙන රට තොට තොරතුරුත් බලමින් යන කුමාරයා එක් හැන්දෑවක මාතර පහුකරගෙන අපි දැන් අපරැක්ක කියලා හදුන්වන මේ ගමට ඇවිත් තියෙනවා.

ගිමන් අරින්නත් රැය ගෙවන්නත් තැනක් විපරම් කරමින් ඇවිද ගෙන යන කුමාරයට වයසක කාන්තාවක් පමනක් ඉන්න නිවසක් දකින්න ලැබෙනවා.

ඒ ආතම්මා මුණ ගැහිලා ආ ගිය කතා කරලා තමන්ගේ අවශ්‍යතාවය කිව්වම , ආතම්මා කැමති වෙනවා තරුන මගියාට නවාතැන් දෙන්න.

“දරුවෝ , මහන්සිත් කුසගිනිත් ඇතිනේ - මම කන්න ටිකක් හදලා දෙන්නම්” කියලා මුලුතැන්ගෙට රිංගපු ආතම්මා මගියාට හුණු සහලින් බතක් පිස පොල් සමග මිශ්‍රකර පිලිගන්නවා. 

හුණු සහල් බත දකුණට ආවේනික ආහාරයක්.ඉක්මනින් පිළිගන්වන්න සකස් කර ගන්න පුලුවන් රසවත් බතක්.

උණු උණුවේ පිලිගන්නපු බත නිවා ගන්න තදියමේ එහෙන් මෙහෙන් ගුලි කරලා කටට දාගන්න මගියා දිහා බලා ගෙන ඉන්න ආතම්මා කියනවා… 

“ පුතා බත ගිලින්නේ - ගැමුණු කුමාරයා යුද්ධ කරන්නා වගේනේ “ කියලා. 

මගියා අහනවා “ ඇයි ආතම්මේ එහෙම කියන්නේ  ? .“ කියලා.

“ඇයි දරුවෝ  ? . එහෙන් ගහනවා මෙහෙන් ගහනවා පිලිවෙලකට සේනා සංවිධානය කරගෙන කොනක ඉදන් ඉදිරියට යන්න එපායැ . “ කියලා.

මගී තරුනයා පහුවෙනිදා පාන්දරින් ආතම්මා ගෙන් සමු අරන් තිස්සමහාරාමය බලා පිටත් වුනා.

ආතම්මටත් කාලයත් එක්ක තරුනයා අමතක වුනා.

දුටුගැමුණු කුමාරයා සේනා සංවිධානය කර ගෙන එළාර රජතුමාගේ බළකොටු එකිනෙක විනාශ කරමින් අනුරාධපුරයට ලගාවෙලා අවසානයේ මහ සටනක් කළා.

එළාර රජතුමා පරාජය කරලා රට එක් සේසත් කලා.

පසුකාලයේ එක් දවසක දුටු ගැමුණු රජතුමා මේ ආතම්මා මුණ ගැහෙන්න ආවා.

ආතම්මට පුදුමයි….

දැන අදුනා ගත්තට පස්සේ එදා කළ අපහාසාත්මක උදාහරණයට බියත් හිතුනා.

රජතුමා ආතම්මා අස්වසලා මට දුන්න උපදෙස  නිසානේ යුද්ධෙ දිනුවේ කියලා පැසසුවා.

ඉන් පස්සේ ආතම්මාට ප්‍රසාද වශයෙන් එම ගම්වරය ප්‍රධානය කලා.

එදා ආතම්මගේ ගම්වරය තමයි අද අපරැක්ක.

යුද උපක්‍රමය නිසා රට රැකුනා. “අප  -  රැක්ක” නිසා   අපරැක්ක වුනා.

ටීචර් ත් බත බුලතින් අපට සංග්‍රහ කරලා අප රැක්කා එතුමියටත් ගම්වරක් පුද කරන්න අපට බැරිවුනත් බොහෝම පින් !.











A day in the life

2026-01-01

සුබ නව වසරක් වේවා !!.


සුබ නව වසරක් වේවා !!.



සුබ නව වසරක් වේවා !!.


අළුත් කැලැන්ඩරයක්. 

ලස්සන ලස්සන පින්තූර තිබුන කැලැන්ඩරය වෙනුවට සරල කැලැන්ඩරයක් ජනප්‍රිය වෙලා.

අපේ කාලේ කැලැන්ඩර් එකතු කරන පිස්සුවක් තිබුනා. 

නන් විසිතුරු ලස්සන කැලැන්ඩර්.

කැලැන්ඩරය වගේම ජීවිතයත් සරල වෙලා.

අපට නොදැනීම ජීවන රටාව වෙනස් වෙලා.

ආහාරපාන ඇදුම් පැළදුම් ගමන් බිමන්……

අළුත් අවුරුද්දක්……….

තව තවත් ජීවිතය සරල වෙන්න පුළුවන්.

හේතු තියෙනවනේ…

අපේ හැකිලෙන ආර්ථිකයට සමානුපාතිකව 

අපේ ජීවීතයත් හැකිලෙනවා.නැත්නම් පිබිදෙනවා…….

අවුරුද්ද අළුත් කරමින් 

ලියන්නට අළුතින්  ලැබෙනා ඉඩක්...

අතීතය බොද කරමින් 

හිනැහෙන්න

හෙටකට

මග කියන...

සුබ අලුත් අවුරුද්දක්











A day in the life

2025-12-12

මුගලන් ක්‍රිස්තියානි ද ?;




මුගලන් ක්‍රිස්තියානි උනේ කෝමද? 

මගේ පිළිතුර -

ක්‍රිස්තියානි රජවරු ලංකාවෙ නෑ. ඉතිහාසය විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මක සාධක පවා නෑ. තියෙන්නෙ නෙස්ටෝරියන් කුරුසය දැමූ ගල් කුලුනක්. ඒක ගැන තවම නිශ්චිත නිගමනයකට එන්න බෑ. මොකද ඒක හම්බුනේ කොහොමද කියලා තාම කාටවත් දන්නේ නෑ. ලංකාවේ ක්‍රිස්තියානි ආගම අදහන අය හිටියේ පිටරටින් ආපු වෙළෙඳ ප්‍රජාව තමයි. ස්වදේශීය ජනතාව ක්‍රිස්තියානි උනේ 16වන සියවසේ පස්සේ
- උපුටා ගැනීම Don supun

තේවත්ත පල්ලියේ මුගලන් කෙනෙක්ව ඇඳගෙන දැන් කාලයක් තිස්සේ චාටර් වෙනවා. මේක පහලොස්වන සියවසේ වීදිය බණ්ඩාරගෙයි සමුද්‍ර දේවියගෙයි පුතා වෙන ධර්මපාලවල බෞතීස්ම කරලා පෘතුගීසින් නටපු නාඩගමට දෙවනි නෑ. මේ සියල්ලම ඔය අයතනගත ආගම් රාජ්‍යට ඈඳලා අපිට ඒ කාලේ ඉඳන්ම කිරීටය සම්බන්ධවත් සුජාත අයිතියක් තියෙනවා කියලා පෙන්නන්න දරන උත්සහයන්.
මුගලන් කියන්නේ කාශ්‍යපගෙම අර්ධ සොහොයුරා. ධාතුසේන රජතුමාට හිටපු පුත්තු දෙන්නා ගැන කියද්දි මහවංසය කියන්නේ
'භින්නමාතෘක කසුප්ය සමාන මාතෘක මහබල ඇති මුගලනැයි උහු පුතුන් දෙදෙනෙක් වුහ'

භින්නමාතෘක සමාන මාතෘක කිව්වම මේ දෙන්නාගේ මව්වරුන් දෙදෙනෙක් සහ මව්වරුන් දෙදෙනා රාජවංශික ධුරාවලිය අනුව දෙයාකාරයක පිළිගැනීම් ලැබුනු දෙදෙනෙක්. කලින් ලිව්ව ලංකාවේ නිකාය බේදය ගැන ලිපි පෙලෙත් සටහන් කරා ධාතුසේන කියන්නේ මහාවිහාරීක නිර්මාණයක් කියලා. මහාවිහාර ලේඛනය වන මහාවංසයේ පරිඡ්ජේද ගනනාවක් දුටුගැමුණු රජතුමා ගැන ලිව්වට මහාවිහාරයට poster boy වෙන්නේ ධාතුසේන. එහෙම කියන්නෙ ඇයි ? මහාවංසය ලියන රාජ ලැයිස්තුවෙන්ම ධර්මාශෝක අධිරාජ්‍යාට සමාන කරන්නේ ධාතුසේනව විතරයි.

"සිවුපසයෙන් භික්ෂුන් තුටු කරවා ධර්මාශෝක මහරජහු සෙයින් තුන් පිටකයෙහිද සංග්‍රහ කලේය"
ධාතුසේනගේ ඇවෑමෙන් පස්සේ රජකම ගන්න කාශ්‍යප එක්ක මහා විහාරය දුරස්තවයි කටයුතු කරන්නේ. මහා විහාරිකයො කාශ්‍යපට පත්තනික්කුජ්ජන කර්මය සිදුකල බව මහාවංසය කියනවා. පත්තනික්කුජ්ජන විනය ගැන කලින් ආර්ටිකල් වල ලියලා තියෙනවා. මේ නිසා කාශ්‍යප යම්කිසි ආකාරයකින් ධම්මරුචිකයන්/අභයගිරි නිකාය එක්ක සමීපව කටයුතු කල බව හැඟවෙනවා
මහාවංසයේම කියලා තියෙන කාරණා අනුව.
කාශ්‍යපව ඒ ගානට අයින් කරලා තිබ්බ මහාවිහාරික භික්ෂුන් මුගලන් නැවත ලංකාවට ඇවිත් රජකම ලබා ගනිද්දි කිසිඳු විරෝධයක් හෝ වර්ජනයක් දක්වන්නෙ නෑ. ඒ වගේම මුගලන් තමන්ගේ පියා වෙන ධාතුසේනගේ අඩිපාරේ යමින් මහා විහාරය සතුටු කිරීම සිද්ධ කරනවා. මොනම ආකරයකින් හෝ ඉන්දියාවේදි මුගලන් ක්‍රිස්තියානි දහම වැලඳගත්තනන් නැවත ඇවිත් රජකම ගනිද්දි මහා විහාරිකයෝ ඊට අංශු මාත්‍රයකින් සම්මාදම් වෙන්නෙ නෑ. රාජ්‍ය බලය සහ ආගම අතර තියෙන බැඳීම එතරම්ම දැඩියි.

මුගලන්ගේ ක්‍රිස්තියානි කියන කතාව ගේන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන. පුරාවිද්‍යාවට කල සේවයට එතුමාට තිබෙන ගෞරවය ඒ විදිහටම තියෙද්දි මේ මුගලන් කතාව ගැන කියන්න තියෙන්නෙනන් මේ පිළිබඳව පරණවිතාන කිව්වට ඒවා ගැන සාක්ෂි දැකලා තියෙන්නෙ පරණවිතානම පමණයි. සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නෙ එතුමා සියැසින් දුටුවැයි කියන අන්තරාලීන ලිපි. අන්තරාලීන සෙල්ලිපි. අන්තරාලීන සෙල්ලපි කියන්නේ පරණවිතාන කියන විදිහට පේන්න තියෙන සෙල්ලිපියක අකුරු අතරේ කොටා ඇති අතුරු ලිපි. එහෙම ඒවා ඇත්තටම කියෙව්වා කියන්නේ පරණවිතාන විතරයි. වෙන කවුරුත්ම එහෙම එකක් දැකලාත් නෑ, පිටපත් වෙලත් නෑ. කියෙව්වානන් යම් ආකාරයකින් පිටපත් කිරීම සිදුකල යුතුයි. නමුත් එහෙම වෙලත් නෑ. 
Inscriptions of ceylon වෙළුම් ගනනාවකට වැඩ කල පරණවිතානට එතරම්ම වැදගත් වැයි කියන "අන්තරාලීන ලිපි" මඟහැරිලා. කිසිඳු සාක්ෂියක්, අභිලේඛනයක්, ඓතිහාසික ලිඛිත මුලාශ්‍රයක් නොමැති මේ කතාව තමයි තේවත්ත පල්ලිය ඉතාමත් ලැජ්ජසහගත විදිහට කරේ තියන් යන්නේ.

ලංකාවේ ක්‍රිස්තියානි දහම පෘතුගීසීන් මේ දිවයිනට එන්න කලින් තිබුනේ නෑ කියලා කවුරුහරි තර්ක කරනවානන් ඒ ඉතිහාසය නොදන්න කෙනෙක් විය යුතුයි. ග්‍රීක, පර්සියානු, අරාබි, චීන නෞකා අනාදිමත් කාලයක් තිස්සේ නැංගුරම්ලු වරායන් තියෙන රටක් විදිහට ඉතාමත් ඈත යුගයේ සිට ක්‍රිස්තියානින් පවා පැමිණි බව අනුමාන කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ආසන්න රටවන ඉන්දියාවේ කේරළයේ ප්‍රථම ක්‍රිස්තියානි සභාව පිහිටවන්නේ ක්‍රි.ව 52 වගේ කාලයේදි සාන්ත තෝමස් විසින්. සමකාලීන ලක්දිව සංදර්භය සලකා බැලුවොත් මෞර්ය පෙළපතේ අවසාන රජු වෙන යසලාලකතිස්ස ලංකාවේ රජකරන සමයේදි තමයි කේරළයට ක්‍රිස්තියානි දහම එන්නේ.

අපි වර්තමානයේදි නොමනා ක්‍රියා සිදුකරන පුද්ගලයන් හඳුන්වන්න "නසරානියා" කියන වචනය පාවිච්චි කරනවනෙ. නසරානි වචනයේ ආරම්භය තියෙන්නෙ මෑත පෙරදිග ක්‍රිස්තියානිය වැලඳගත් සිරියානුවන්ගේ. ඇත්තටම මේ වචනේ එන්නේ නාසරෙත් නමින්. නාසරෙත්හි ජේසුස් වැනි පදය තමයි පසුව නස්රීන් = නස්රානි වෙන්නේ. මේ සිරියැක් සම්භවය සහිත ක්‍රිස්තියානිය තමයි මලබාරය නොහොත් වර්තමාන කේරළයට එන්නේ.⁣ කේරළ⁣යේ මලන්කාර් නස්රානි කාණ්ඩය මේ නමින් හඳුන්වනවා. හින්දු සමභවයක් තිබුනු කලාපයක ක්‍රිස්තියානිය විහිදීමත් එක්ක හින්දුන්ගේ සහ ක්‍රිස්තියානින්ගේ ගැටුම්වලින් නස්රානි වචනයට එන්නේ එච්චර හොඳ පිලිගැනීමක් නෙවෙයි. කාලයකට කලින් ශුද්ධවු අර්ථයක් තිබුනු නස්රානි පදය පස්සේ එන්නේ විශමාකාර ක්‍රියාවන්වල යෙදෙන්නන් හඳුන්වන්න. ලංකාවට නසරානි වචනේ එන්නේ එහෙම.

මේ මලබාර් නස්රාන් බලපෑම අනාදිමත් කාලයක පටන් ලංකාවට එන්න යන්න ඇති. අනුරාධපුරයෙන් හමුවෙන නෙස්ටෝරියානු කුරුසය ඒකට සාක්ෂියක්. නෙස්ටෝරියන් කුරුසය කියන්නේ ඉන්දියාවේ සාන්ත තෝමස් විසින් පිහටවපු ක්‍රිස්තියානින්ගේ ලාංඡනය. මේකේ තියෙන්නෙ නෙළුම් මලක් උඩින් පැන නගින කුරුසය. මර් තෝමා ස්ලීවා කියලා හඳුන්වනවා සාන්ත තෝමසුවන්ගේ කුරුසය ලෙස. ඉන්දියාවේ කෙරළයේ ඉඳන් තක්ෂිලාව, බල්ටිස්ටානය වෙනකම්ම මේවා හම්බෙනවා. එහෙම එකක් තමයි ඔය අනුරාධපුරයෙනුත් ලැබෙන්නේ. ලංකාවේ කතෝලික සභා කොඩියේ තියෙන්නෙත් මේ නෙස්ටොරියන් කුරුසය. තක්ෂිලාව (වර්තමාන පකිස්තානය) දක්වාම මේ නෙස්ටෝරියන් කුරුස තිබ්බානන් අනුරාධපුරයේ මේවා හමුවීම එතරම් දෙයක් නෙවෙයි. 

ලංකාවේ ක්‍රිස්තියානි දහමේ පැරණි බව ගැන කතෝලික සභාවට කතා කරන්න අවශ්‍යනන් කතා යුතුව තිබුනේ මේ මර් තෝමාව හෝ මලබාර් නස්රානි බලපෑම මිසක් පැරශුට් මුගලන් ගැන නෙවෙයි. වගකිවු යුතු ආයතනයක් ලෙස කිසිඳු සාක්ෂියක්, ⁣ඓතිහාසික මුලාශ්‍රයක් නොමැතිව මුගලන්ව තේවත්ත බැසිලිකාවේ ඇඳීම ලැජ්ජ නැති වැඩක්.

2023 දෙසැම්බර් 07.
මුණු පොතෙන් .
Isuru Upanada සහ 
තවත් 14 දෙනෙක්
 සමග Sheikh Irshad Sahabuddeen සිටී.


A day in the life