ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label අතීතය. Show all posts
Showing posts with label අතීතය. Show all posts

2026-05-15

යාපහුව



මම යාපහුවට ගියෙමි.

සංචාරක සිතියමෙන් යාපහුව බැහැරව  ඇති සෙයකි.

ඒ ගැන බලධාරීන් අවධානය යොමු නොකරන බවක් පෙනේ.

සංචරක ප්‍රවර්ධණ ගැන කතා කරන මෙසමයෙහි  යාපහුව අවධාණය යොමු විය යුතු  පුරාවිධයාත්මක වැදගත් කමකින් යුතු ස්ථානයකි.

කුරුනෑගල සිට  යන අපිට කුරුණෑගල - දඹුල්ල (A6) මාර්ගයේ මද දුරක් ගොස් මුත්තෙට්ටුගල - හිරිපිටිය (B300) මාර්ගයට පිවිසෙන්න.

  1. එතැන් සිට හිරිපිටිය හරහා මඩගල්ල (B609) මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න.

  2. ඉන්පසු යාපහුව හන්දියෙන් හැරී කෙටි දුරක් ගිය පසු යාපහුව රොක් ෆෝට්රස් (බලකොටුව) වෙත ළඟා විය හැක.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යාපහුව පැරණි නගරය  මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ උස්වූ සමබිමේ සිට අඩි 400 ක් ඉහළට නැගෙන පාෂාණ උන්නතයක් ආශ්‍රිතවයි. 

සමබිමෙන් අඩි 400 ට කනාවැඩි උසකට නැගෙන කදුවැටි මෙම කලාපයේ දුලබ වශයෙන් දක්නට ලැබෙන අතර මොනරකන්ද, දියටැඹේ. යාපහුව වැනි කදුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. 

යාපහු පෙදෙස වී ගොවිතැන සඳහා හිතකර වන්නා වූ රතු-දුඹුරු පසෙන් සහ නොමේරූ දුඹුරු ලොම් පසෙන් යුත් පස් සැකැස්මකින් යුතුවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500-2000 ත් අතර වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25.0-27.5 ත් අතර වේ. 


දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. 

ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04 ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි.


පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. 

ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. 

මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ.

මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.

යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි.


මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. 

සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. 


යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. 


දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. 

ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. 

යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. 

ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතානයන් පවසයි.

  • විකිපීඩියා සමග.




A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-11

අභයගිරි භුගත අභිරහස.



ඔබ දන්නේ අහස සිඹින අභයගිරි දාගැබ ගැන පමණයි. නමුත් ඒ යෝධ පදනමට යටින් සැඟවුණු තවත් නගරයක් පවතින බව ඔබ දැන සිටියාද?
අනුරාධපුර අභයගිරි පරිශ්‍රය මතුපිටින් පෙනෙන ආගමික ශුද්ධ භූමියකට වඩා එහා ගිය, අතිශය සංකීර්ණ භූගත ඉංජිනේරු ජාලයකින් සමන්විත ප්‍රදේශයකි. වසර දහස් ගණනකට පෙර අපේ හෙළ ඉංජිනේරුවන් විසින් පොළොව යට නිර්මාණය කළ මේ "දිය-පරිපථය" අදටත් නූතන විද්‍යාඥයන්ව මවිතයට පත් කරන සැබෑ ඉංජිනේරු මවිතයකි.

අභයගිරිය යට සැඟවුණු සැබෑ තාක්ෂණය:

1. හයිඩ්‍රොලික් ඉංජිනේරු විද්‍යාව (Hydraulics): කුට්ටම් පොකුණ සහ ඇත් පොකුණ වැනි දැවැන්ත ජල පද්ධතීන් පාලනය කිරීම සඳහා පොළොව යටින් දිවෙන අතිශය නිරවද්‍ය මැටි නල (Ceramic pipes) සහ ගල් පුවරු භාවිතා කර ඇත. මෙම නල පද්ධතිය මගින් ජලය ගලා යන පීඩනය පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් අපේ මුතුන් මිත්තන් සතු විය.

2. ස්වභාවික වායු සමනය (Geothermal Cooling): මෙම භූගත මැටි නල හරහා ජලය බොහෝ දුරක් ගමන් කිරීමේදී, පසෙහි ඇති සිසිලස මගින් ජලය ස්වභාවිකවම සිසිල් වූ අතර, ස්ථර කිහිපයක පෙරහන් පද්ධති හරහා ජලය පිරිසිදු කිරීමේ (Filtration) ක්‍රියාවලියක් ද සිදු විය.

3. බටහිර ලෝකය මවිත කළ නිරවද්‍යතාවය: බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් පවා මෙම මැටි නලවල (Seamless clay pipes) තාක්ෂණය දැක පුදුමයට පත් වූ අතර, ඔවුන්ගේ නිල කැණීම් වාර්තාවල මේවා පිළිබඳව ඉතාමත් විස්තරාත්මකව සටහන් තබා ඇත.
මෙය හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නොව, එය එකල ලෝකයේ තිබූ දියුණුම ජල පාලන මධ්‍යස්ථානයකි. බටහිර ලෝකය තාක්ෂණය ගැන අසා නොතිබූ යුගයක, හෙළයන් විසින් භෞතික විද්‍යාවේ නියමයන් භාවිතා කරමින් සොබාදහම මෙල්ල කළ ආකාරය අභයගිරි නටබුන් අදටත් සාක්ෂි දරයි.

මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පදනම් කරගත් සැබෑ මූලාශ්‍ර:
- Archaeological Survey of Ceylon Reports (H.C.P. Bell සහ A.M. Hocart ගේ නිල කැණීම් වාර්තා).
- 'Ancient Ceylon' by H. Parker - ලංකාවේ පෞරාණික වාරි හා ජල තාක්ෂණය පිළිබඳව ලියැවුණු සම්භාව්‍ය කෘතිය.
- 'Engineering Marvels of Ancient Lanka' - හෙළ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයන්.
අපේ අතීත උරුමය තුළ සැඟවුණු මේ වගේ දියුණු තාක්ෂණයන් ගැන ඔබ මොකද හිතන්නේ?
#Guptha #Mystery #TrueStory #GupthaLK #Abhayagiri #AncientEngineering #Hydraulics #Anuradhapura #HiddenHistory






A day in the life 
ජීවිතයෙන් දවසක් .

- ගුප්ත මුණුපොතෙන්.

2026-05-01

මැයි දිනය.




ක්‍රි. ව. 1880 දශකයේ මැද භාගය වන විට ඇමෙරිකාවේ කම්කරුවන් දිනකට පැය 10-12ක් වැඩ කළ අතර, ඊට එරෙහිව කම්කරුවන් උද්ඝෝෂණ හා වැඩවර්ජනවල නිරත වන විට ව්‍යාපාරිකයන් එම විරෝධතා මැඬපැවැත්වීමට ස්ට්‍රයික් බ්‍රේකර්ලා (වැඩ වර්ජන බිඳින්නන්) සහ පෞද්ගලික ආරක්ෂකයන් යොදා ගත්හ.

මෙවැනි පසුබිමක් තුළ 1886 මැයි 1 දින ඇමෙරිකා එක්සත් ජනපදය පුරා කම්කරුවන් පැය 8ක වැඩ මුරයක් ඉල්ලා වැඩ වර්ජනයක යෙදුණු අතර, විශේෂයෙන් චිකාගෝහි හේමාකට් චතුරස්‍රය පුරා පමණක් 40,000ක පමණ කම්කරුවන් පිරිසක් එදින විරෝධයට සහභාගිවී සිටියහ. මැයි 3 දින වන විට මැකෝමික් අස්වනු යන්ත්‍ර කම්හල ඉදිරිපිටදී පොලිසිය විසින් වැඩ වර්ජනකරුවන් වෙත වෙඩි තබා ඇති අතර, එමගින් අවම වශයෙන් කම්කරුවන් 2 ක් මියගියහ. ඒ සමගම මැයි 4 පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය දක්වමින් හේමාකට් චතුරස්‍රයේ සාමකාමී රැස්වීමක් කැඳවනු ලැබීය. එයට 3,000ක් පමණ සහභාගි වූ අතර, චිකාගෝ නගරාධිපතිවරයා පවා එය සාමකාමී බව පවසා පිටව ගියේය. පසුව පොලිසිය පැමිණ රැස්වීම විසුරුවාහරින ලෙස නියෝග කළේය. එවිට හඳුනා නොගත් කෙනකු විසින් පොලිස් නිලධාරීන් පිරිසක් මත ඩයිනමයිට් බෝම්බයක් විසි කරන ලදී. එය පිපිරීමෙන් පසු පොලිසිය විසින් පිරිස වෙත අහඹු ලෙස වෙඩි තැබූ අතර, එමගින් පොලිස් නිලධාරීන් 7 ක් (තවත් 60ක් තුවාල ලැබූහ) සහ සිවිල් වැසියන් 4 – 8 දෙනකු පමණ මියගියහ.

බෝම්බය විසි කළ තැනැත්තා කිසිදා හමු නොවූ නමුත්, අරාජකවාදී නායකයන් 8 දෙනකු “කුමන්ත්‍රණයකට” චෝදනා කර වරදකරුවන් කරන ලදී. මෙම නඩු තීන්දුව කෙතරම් ඛේදවාචකයක් වීද කියතොත්, ඔවුන්ගෙන් සමහරෙක් එදින එහි සිටියේවත් නැත. ඉන් 4 දෙනකු 1887 නොවැම්බර් 11 වැනිදා එල්ලා මරා දමන ලදී.

මේ අසාධාරණය සිදුවී වසර 3ක් ගිය තැන එනම් 1889 පැරිසියේදී ෆෙඩි්‍රක් එංගල්ස්ගේ නායකත්වයෙන් පවත්වන්නට යෙදුණු දෙවන ජාත්‍යන්තරය විසින් මෙම සිදුවීම සිහි කිරීම සඳහා මෙතැන් සිට සෑම වසරකම මැයි පළමු වෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.
- දිවයින .
අප්රේල් 29.
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-22

උඩරට පරිපාලනය - 04




පන්සල් ප්‍රධානීන්.

දළදා මාලිගවේ ප්‍රධානියා - දියවඩන නිළමේ.

නාථ දේවාලයේ බස්නායක නිළමේ.

මහ දේවාලයේ  බස්නායක නිළමේ

පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ

අනෙකුත් ප්‍රධානීන්

දාන ශාලාවේ වන්නකු නිළමේ 

කොට්ටල් නිළමේ 

මහ බද්දේ - බෙරවා ප්‍රධානියා.

බඩහැල බද්දේ - වළං සාදන්නන්ගේ ප්‍රධානියා

රදා බද්දේ - රෙදි සෝදන්නන්ගේ ප්‍රධානියා

හුණු බද්දගේ - හුණු සාදන්නන්ගේ ප්‍රධානියා.

අනිල බද්දේ ප්‍රධානියා

කින්නර බද්දේ ප්‍රධානියා

අස්පන්තියේ මුහන්දිරම්

උඩුනුවර මුහන්දිරම්

යටි නුවර මුහන්දිරම් 

තුම්පනේ මුහන්දරම් 

හාරිස්පත්තුවේ මුහන්දිරම් දුම්බර මුහන්දිරම් 

හේවාහැට මුහන්දිරම්


අතපත්තු ලේකම්ට සම්බන‍්ධ මුහන්දිරම්වරු.

අට දෙනෙකි.

උඩුනුවර ,යටිනුවර,තුම්පනේ හාරිස්පත්තුවේ,දුම්බර,හේවාහැට , උඩුසිය පලාත සහ ගම්පහේ මුහන්දරම්වරු.

වෙඩික්කාර ලේකම්ට අදාළ මුහන්දිරම්වරු.

අට දෙනෙකි.

හාරිස්පත්තුවේ,දුම්බර,හේවාහැට , උඩුසිය පලාත සහ ගම්පහේ පල්ලේසිය පත්තුව , මැද්දෙසිය පත්තුව එගොඩතහි එගොඩ පත්තුවේ මුහන්දරම්වරු. 

නානායක්කාර ලේකම්ට සම්බන්‍ධ මුහන්දිරම්වරු

හතර දෙනෙකි.

උඩුනුවර ,යටිනුවර,තුම්පනේ ගම්පල මුහන්දිරම්වරු.

පඩික්කාර ලේකම් ට සම්බන්ධ සම්බන්ධ මුහන්දිරම්වර.

පස්දෙනෙකි.

දොලොස් බාගේ ,හැල්ලොළුව ,මාතලේ,තුම්පනේ ,හේවාහැට මුහන්දිරම්වරු.

වඩන තුවක්කුකාර ලේකම්ට මුහන්දිරම් වරු නැත.

සුදු හරක් පන්තියේ පිළිබද මුහන්දිරම්වර.

කුට්ටහ ලේකම්.ලුණුබැද්දේ ප්‍රධානියා .,පල්ලේවිදානේ, පොරොකාර මුහන්දිරම්, ඌව ගම්බැද්දේ . හතර කෝරලේ මඩිහේ. පහල බුලත්ගම ප්‍රධානියා









A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-20

උඩරට පරිපාලනය - 03




නිළමේ වරු.

මහ දියවඩන නිළමේ 

පල්ලෙවාහල දියවඩන නිළමේ

මහ ගබඩා නිළමේ

උඩගබඩා නිළමේ

පල්ලේවාහල ගබඩා නිළමේ

භාණ්ඩාගාරයේ වන්නකු නිළමේ

බත්වඩන නිළමේ 

ගජනායක නිළමේ 


මහ ලේකම් 

අතපත්තු ලේකම්

වෙඩික්කාර ලේකම්

නානායක්කාර ලේකම්

වඩන තුවක්කුකාර ලේකම්

පඩිකාර ලේකම්

කොඩිතුවක්කුකාර ලේකම්

මඩුවේ ගංකාර ලේකම්

කුරුවේ ලේකම්

කෙංගල්ලේ කුරුවේ ලේකම්

මාතලේ කුරුවේ ලේකම් 

දුනුකාර ලේකම්

කූනම් මඩුවේ ලේකම්.


සැතපෙන ගෙයි මුහන්දිරම් වරු.

රණ් ආයුධ මණ්ඩපයේ ලේකම් සහ අතපත්තුවේ මුහන්දිරම්

මුර පොලේ

සුදලිය මුහන්දිරම්

මරුවල්ලිය මුහන්දිරම්.


තවත් තනතුරු බෙදී ගිය අයුරු - උඩරට පරිපාලනය - 04 සමග.









A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-19

උඩරට පරිපාලනය - 02.




මහනුවර යුගයේ දී සිංහල ආණ්ඩුවේ සිටි උසස් ම රාජ්‍ය නිලධාරියාය. 

පාලන බලතල අතින් අදිකාරම් තැන දෙවැනි වූයේ රජුට පමණකි. 

මහනුවර කාලයේ දී මහනිලමේ නමින් හැඳින්විණි. 

ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් අධිකරණයක් වශයෙන් ද, අධිකරණයක ප්‍රධානියා අධිකාර හෙවත් අධිකාරි (බ.) වශයෙන් ද කෞටිල්‍යාචාරීන්ගේ අර්ථශාස්ත්‍රයෙහි දැක්වෙයි. ක්වේරෝස්, රිබේරෝ හා රොබට් නොක්ස් වැනි යුරෝපීය ජාතිකයන් අදිකාරම්වරුන් හඳුන්වා ඇත්තේ "අදිගාර්" යන නමිනි.

අදිකාරම් යන ව්‍යවහාරය මෙරට භාවිතයට පැමිණ ඇත්තේ මහනුවර යුගයේ දී බව පෙනේ. දඹදෙණි සමයට අයත් සාහිත්‍ය කෘතීන්හි ද ගම්පොළ රාජධානි සමයට අයත් ලේඛනයන්හි ද අධිකාර යනු තනතුරු නාමයක් වශයෙන් දැක්වේ. කෝට්ටේ යුගයේ අවසාන හරියේ දී පමණ විසූ වික්‍රමසිංහ අධිකාරීන් ගැන හංස සන්දේශයෙහි "වික්‍රමසිංහ අදිකාරගමැතිඳු"යී ද දැදිගම පුවරු ලිපියෙහි "වික්‍රමසිංහ අධිකාර"යී ද සඳහන් වේ.


අලගියවන්නගේ කුසජාතක කවෙහි සේපාල අධිකාරි නම් වූ නිලධරයකු ගැන කියැවේ.

මහනුවර යුගයේ මුල් හරියේ මුළු රාජ්‍යයට ම සිටියේ එක ම අදිකාරම් කෙනෙකි. එහෙත් දෙවන රාජසිංහ රජුගේ (1635-1687) කාලයේ දී ඒ රජුට අදිකාරම්වරුන් දෙදෙනකු සිටි බව නොක්ස් පවසයි. උඩරට රාජ්‍යයේ නගර ද පාලක ධුර පුරප්පාඩු වී පැවති ප්‍රදේශය ද අදිකාරම්වරුන් දෙදෙන යටතේ පාලනය වුණු බවත් ඔවුන් රටේ නායක විනිශ්චයකාරවරුන් ලෙස සැලකිය හැකි බවත් නොක්ස් සඳහන් කරයි. අටළොස් වන සියවසේ අගහරියේ දී පමණ මහනුවර රාජ්‍යයේ අදිකාරම්වරු සිව්දෙනකුන් වූ බව කොඩ්රිංටන් මහතා පෙන්වා දෙයි. මෙයින් පළමු වැන්නාට රජුට පෞද්ගලිකව සේවය කිරීම ද, දෙවැන්නාට නගර රැක බලා ගැනීම ද, තුන්වැන්නාට යුක්තිය පසිඳලීම ද භාර විය. අනෙක් අදිකාරම් තැන රජුගේ යුද්ධ කටයුතු පිළිබඳ ඇමතියා වශයෙන් සේවය කළේය. මහනුවර රාජ්‍යයේ අන්තිම පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ (රා.ස. 1798-1815) රජුට මුල දී සිටියේ අදිකාරම්වරුන් දෙදෙනෙකුය. පල්ලේ ගම්පහ සහ උඩගම්පහ දෙක පිළිවෙළින් අදිකාරම් දෙපොළ භාරේ තිබුණු බැවින් ඔවුන් හැඳින්වූයේ පල්ලේ ගම්පහේ අදිකාරම් හා උඩ ගම්පහේ අදිකාරම් යනුවෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පසුව සියපත්තුවේ අදිකාරම නමින් තුන් වන අදිකාරම් කෙනෙක් ද පත් කරන ලදහ. මොවුන් අතුරෙන් මහ අදිකාරම් තනතුර හෙවත් පළමුවන අදිකාරම් නිලය හිමිවූයේ පල්ලේ ගම්පහ අදිකාරම්ටය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සමයේ දී මුලින් ම මහ අදිකාරම් තනතුරට පත්වූයේ පිළිමතලව්වේ (බ.) විජයසුන්දර රාජකරුණා නවරත්න අර්ථනායක බණ්ඩා මුදියන්සේ රාළහාමිය. මොහුගෙන් පසු මේ තනතුර දැරූයේ ඇහැළේපොළ (බ.) විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාහල පණ්ඩිත මුදියන්සේ රාළහාමිය.


තම පදවියේ ගරුත්වය වඩා හොඳින් ආරක්ෂා කර ගත හැකි වන පිණිස දිසාවේ පදවිය බැගින් ද අදිකාරම්වරුන්ට ප්‍රදානය කරන ලදි. පිළිමතලව්වේ අදිකාරම්තුමා ආදිකාරම් පදවියට අමතරව තනතුරු විස්සක් පමණ දැරූ බව එතුමා විසින් දෙන ලද සීට්ටු ආදියෙන් පෙනේ.

අදිකාරම්වරුන්ගේ පාලනයට යටත් වූ ප්‍රදේශයන්හි ඔවුන් සතු වූ බලතල එක සමාන වූ නමුත් තනතුරු තත්ත්වය අතින් සලකන විට මහඅදිකාරම්ට අනික් අදිකාරම්වරුන්ට වඩා විශේෂ බලතල හා ප්‍රධානත්වය ද හිමි වූ බව ඩොයිලි පවසයි. පාලන පහසුව සඳහා මුළු මහනුවර රාජ්‍යය කොටස් දෙකකට බෙදා එක කොටසක් පල්ලේ ගම්පහ මහ අදිකාරම්ට ද අනික් කොටස උඩගම්පහ මහ අදිකාරම්ට ද පවරා තුබුණි. සත්කෝරළය, ඌව, මාතලේ, වලපනේ, වෙල්ලස්ස, බින්තැන්න, නුවරකලාවිය, තමන්කඩුව, හාරිස්පත්තුව, දුම්බර හා හේවාහැට පල්ලේ ගම්පහ මහ අදිකාරම්ගේ පාලනයට යටත් වූ ප්‍රදේශ විය. උඩගම්පහ අදිකාරම්ට සතර කෝරළය, තුන්කෝරළය, සබරගමුව, උඩපළාත, උඩුනුවර, යටිනුවර, තුම්පනේ, කොත්මලේ හා බුලත්ගම යන ප්‍රදේශ භාරවිය. මහනුවර නගරය ද ස්වර්ණ කල්‍යාණි නමින් හැඳින්වුණු වීදිය මැදින් දෙකකට බෙදා උතුරු කොටස පල්ලේ ගම්පහේ මහ අදිකාරම්ට ද දකුණු කොටස උඩගම්පහේ අදිකාරම්ට ද පවරා දී තිබුණි.

රජවාසල ඇමති පදවිය, නායක විනිශ්චයකාර ධුරය හා යුද්ධ හමුදාවේ නායක ධුරය යන මේ නිල තුන ම මහනුවර යුගයේ අවසාන හරියේ දී මහ අදිකාරම්ට පැවරී තුබුණු බව පෙනේ. කටුපුල්ලෙ (බ.) කසකාර (බ.) හා රැකවල්ලෝ යන නම්වලින් හැඳින්වුණු දෙපාර්තමේන්තු සියල්ල ම අදිකාරම්ගේ පාලනයට යටත් විය. ආරක්ෂක සේවය ‍(පොලිස්), මහනුවර මහ හිරගෙදර හා මහනුවර වීථි ආදිය පාලනය වූයේ ද මොවුන්ගේ භාරයේය. පෙරහර ආදී මංගල්‍ය පැවැත්වීම, විහාර දේවාල අලුත්වැඩියා කරවීම, මාවත් තැනවීම, නරගාලංකාරයට වුවමනා කටයුතු කරවීම අදිකාරම්වරුන්ට භාර වූ විශේෂ කාර්‍ය්‍යයෝයි. රජුගේ ආඥා පතුරුවා හරිනු ලැබුවේත්, ඒවා ක්‍රියාවේ යෙදවූයේත්, රජුට යැවිය යුතු ලියකියමන් යැවිය යුතු වූයේත් අදිකාරම්වරුන් මගිනි. දිසාපතිවරුන් වැනි රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ දී හා සංඝනායකවරුන් පත්කිරීමේ දී ද නින්දගම් පවරා දීමේ දී ද රජුට උපදෙස් දෙනු ලැබූයේ අදිකාරම්වරුන් විසිනි.

තමන්ගේ නිලය නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන විශාල බලතල හා වරප්‍රසාද වෙනුවෙන් අවුරුදු පතා රිදී 500ක් භාණ්ඩාගාරයට ගෙවීමට අදිකාරම්වරුන්ට නියමව තුබුණි. රජුට කරන සේවය වෙනුවෙන් පැවරුණු නින්දගම්වලින් ද, තමාගේ ප්‍රදේශයේ ඇති විනිශ්චයශාලාවලින් ද, තොටුපළවලින් ද, රාජකාරි සේවයෙන් ද ඔහුට විශාල ආදායමක් ලැබිණ.

රජයේ සෙසු කිසිම නිලධාරියකුට නොදක්වන උසස් ගරු බුහුමන් අදිකාරම්වරුන්ට වැසියාගෙන් ලැබුණි. නිල ගමනක් යන විට ඔවුන් යන්නේ දෝලාවක නැඟී කස පුපුරවන්නන්, නැට්ටුවන්, හේවිසිකරුවන් සහිත පෙරහරිනි. අදිකාරම්තුමා යහපත් වන අවසරයෙහි එතුමාගේ පෙරහර පිරිසට පෙනෙන මානයේ උස් අසුනක හෝ උස් ගොඩැල්ලක හෝ නොසිටීම, නොහිඳීම එකල කාගේත් චාරිත්‍රය විය.

1818 උඩරට කැරැල්ලෙන් පසු අදිකාරම්වරුන්ගේ බලතල සීමා කැරිණ. පසුව "අදිකාරම්" යන්න හුදෙක් නම්බු නාමයක් බවට පරිවර්තනය කරන ලදි.

http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php/%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A









A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-18

උඩරට පරිපාලනය - 01.



1818 ඉංග්‍රීසි පාලන සමයේ පාලනය  ඉහල ශ්‍රේණියේ ප්‍රභුවරුන්ගේ තනතුරු නාමයන් 

අධිකාරම් ,දිසාව රටේ මහත්මයා ,දියවඩන නිළමේ ,ලේකම් ,මුහන්දිරම් සහ ආගමික කටයුතු පිලිබද රාජකාරි භාරව බස්නායක නිළමේ. වෙනත් ප්‍රධානීන් ලෙස බෙදී ගොස් ඇත.

ඒ ඒ පලාත් අනුවත් ඒ ඒ රාජකාරි අනුවත් මෙම නාමයන්ට පලාත් සහ රාජකාරී ස්වභාවය මෙම නම් සමග අරෝපනය විය. උදාහරණයක් ලෙස ඌව පලාත භාර දිසාව ඌවේ දිශාව ලෙසත් ,හාරිස්පත්තුව භාර රටේ මහත්තයා හාරිස්පත්තුවේ රටේ මහත්මයා ලෙස හැදින්වීය.


අදිකාරම්

මහ අදිකාරම්

දෙවන අදිකාරම්

දිසාව

හතර කෝරලේ දිසාව

හත් කෝරලේ දිසාව

මාතලේ දිසාව

තුන් කොරළේ දිසාව

සපරගමුවේ අටකලන් කෝරළේ ,කෙලොන්න සහ කඩවත දිසාව

ඌවේ දිසාවවරු.

 උඩ පලාතේ දිසාව

වැල්ලපානේ දිසාව 

බින්තැන්නේ දිසාව

වෙල්ලස්සේ දිසාව

නුවර කලාවිය දිසාව

තමන්කඩුව දිසාව


රටේ මහත්මයා

උඩුනුවර රටේ මහත්මයා

යටිනුවර රටේ මහත්මයා

හාරිස්පත්තුවේ රටේ මහත්මයා

දුම්බර රටේ මහත්මයා

හේවාහැට රටේ මහත්මයා

කොත්මලේ රටේ මහත්මයා

උඩ බුලත්ගම රටේ මහත්මයා

යටි බුලත්ගම මී මුරේ රටේ මහත්මයා


* ,දියවඩන නිළමේ ,ලේකම් ,මුහන්දිරම් තනතුරු බෙදී ගිය අයුරුත් තනතුරුවල ස්වභාවයත් පළකරමු.










A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-10

කැළණි වැලි දුම්රිය මග - කහවත්ත නැවතුම.




වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයින් විසින් ශ්‍රී ලංකාව යටත් කරගැනීමේන් පසුව ඔවුන් ශ්‍රී ලංකාව ඔවුන්ට උපරිම ලාභ ලැබිය හැකි දිවයිනක් බවට පත්කිරීමට කටයුතු කළහ.
ඒ අනුව බ්‍රිතාන්‍යයින් විසින් ශ්‍රී ලංකාවට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දුන් අතර රත්නපුර ප්‍රදේශයේ ද වැවිලි භෝග වගා කිරීම ආරම්භ කරන ලදී. එ අනුව තේ, රබර් සහ කෝපි වැනි වගාවන් රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව බහුලව වගා කළ අතර ඔවුන්ගේ එම වගාවන්හි ඵලදාවන් කොළඹට රැගෙන ඒම සඳහා ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය වූ අතර ඔවුන් එ සඳහා යොදාගනු ලැබුවේ දුම්රිය මාර්ග පද්ධතිය යි.

බ්‍රිතාන්‍යයින් විසින් රත්නපුර ප්‍රදේශය මුල්කරගනිමින් දුම්රිය මාර්ගයක් හඳුන්වා දුන් අතර එය කොළඹ කොටුවේ සිට යටියන්තොට දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන අනුශාඛාවක් ලෙසිනි.
මෙම දුම්රිය ගමන් මාර්ගය කැළණිවැලි ගංගා මිටියාවතේ ගමන් කළ බැවින් කැළණිවැලි දුමරිය මාර්ගය ලෙස නම් කළ අතර එමෙන්ම මෙම දුම්රිය මගේ පීලි දෙකක් අතර වූ දුර ප්‍රමාණය අඩු වූ හෙයින් මෙය කැළණිවැලි පටු අමාන දුම්රිය මාර්ගය ලෙස හැඳින්විය.

වර්ෂ 1900 මාර්තු මස 22වන දින සුබ මොහොතින් ආරම්භ කරනු ලැබූ කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා ඉදිකිරීම් සිදු කළ අතර එහි ප්‍රධාන අතු මාර්ගය වූ රත්නපුර දක්වා දුම්රිය පැමිණ ඇත්තේ වර්ෂ 1912 අප්‍රෙල් මස 18 වන දී ය.

ත්නපුර දක්වා පැමිණී මෙම දුම්රිය මාර්ගය ඉන් අනතුරුව තිරිවනාකැටිය, දෑල, වටාපත සහ කහවත්ත යන දුම්රිය නැවතුම්පොළවල් පසු කරමින් එහි ගමනාන්තය වූ ඕපනායක දක්වා පැමිණි අතර එය සිදුවූයේ වර්ෂ 1919 මැයි මස 02වන දින යි.

ඒ අනුව අද මාගේ කතා මාතෘකාව වන්නේ කැළණිවැලි පටු අමාන දුම්රිය මාර්ගයේ ප්‍රධාන නැවතුම්පොළක් වූ කහවත්ත දුම්රිය නැවතුම්පොළ හෙවත් වර්තමාන කහවත්ත බස් නැවතුම්පොළ පිළිබඳවයි .

කොළඹ කොටුවේ සිට ඕපනායක දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය මාර්ගය ආරම්භ කාලවකවානුවේ දී භාණ්ඩ ප්‍රවාහනය මුල්කරගෙන ක්‍රියාත්මක විය. එ අනුව රත්නපුර ප්‍රදේශය ආශ්‍රිත වැවිලි භෝග ඵලදාවන් කොළඹ දක්වා ප්‍රවාහනය ද කොළඹ සිට රත්නපුර හා ඕපනායක දක්වා පොහොර, කෘෂි ද්‍රව්‍ය හා උපකරණ ද රැගෙන ඒමට යොදාගන්නා ලදී.

මෙලෙස පැවති දුම්රිය ගමනාගමනය පොදු ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරනු ලැබූවේ වර්ෂ 1937 සිට ය. එපමණක් නොව රේල් කාර් සේවාවන් ද, තැපැල් සේවාවන් මෙන්ම තවත් බොහෝ සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම කැළණිවැලි දුමරිය කටයුතු කරන ලදී.

ඒ අනුව කැළණිවැලි දුමරිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය නැවතුම්පොළක් වූ කහවත්ත දුම්රිය නැවතුම්පොළද අතීතයේ දී ඉතාමත් කාර්යබහුල නැවතුමක් වන්නට ඇත.⁣මේ අනුව අතීතයේ දී කහවත්ත ප්‍රාදේශය හා අවට ප්‍රාදේශීය ජනතාවගේ ජන ජීවිතයට ඉතාමත් සමීප කේන්ද්‍රස්ථානයක් බවට කහවත්ත දුම්රිය නැවතුම්පොළ පත්වූ බවට සැකයක් නැත.

නවීන ලෝකයේ දියුණුවත් සමග නව ප්‍රවාහන පහසුකම් ලංකාවට ලැබුණු අතර පටුඅමාන දුම්රිය මාර්ගය ඉතාමත් මන්දගාමී දුර්වල සේවාවක් ලෙස හැඳින්වූ එවකට බලයට පත්වී සිටි රජය නම් කළ අතර එහි අවසන් ප්‍රථිපලය වූ කැළණිවැලි දුම්රිය මාර්ගය යටියන්තොට සිට අවිස්සාවේල්ල දක්වා මෙන්ම ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා ගලවා ඉවත් කිරීමයි.ඒ 1970 දශකයේ දී ය.

එලෙස දුම්රිය මාර්ගය ගලවා දැමීමත් සමග ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා ⁣ඉදිකර තිබූ ගොඩනැගිලි සහ සියලුම ඉදිකිරීම් වෙනත් අවස්ථාවන් සඳහා භාවිත කිරීමට එවකට රජය කටයුතු කරන ලදී. එ අනුව එලෙස අතහැර දැමු ගොඩනැගිලි අතරින් මුලින්ම භාවිතයට ගනු ලැබූවේ කහවත්ත දුම්රිය නැවතුම්පොළයි. ඒ එවකට ලංකා ගමනාගමන බල බණ්ඩලය යටතේ බලංගොඩ බස් ඩිපෝවට අයත් උප බස් ඩිපෝවක් ලෙසිනි.
පසුකාලීනව මෙම ගොඩනැගිල්ල ගොඩකවෙල බස් ඩිපෝව යටතේ ද පසුව කහවත්ත ඩිපෝව ලෙස ද අද දක්වාම ලංකා ගමනාගමන බල මණ්ඩලය විසින් භාවිත කරනු ලබයි.
මෙම ගොඩනැගිල්ල වර්තමානයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව කහවත්ත නගරයේ කෙළවරට වන්නට පිහිටා ඇත.එය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් තරම් උසකිනි.
මෙම ගොඩනැගිල්ල තුළ අතීතයේ දී දුම්රිය නැවතුම්පොළ මෙන්ම දුම්රිය ස්ථානාධිපති කාර්යාලය හා ස්ථානාධිපති නිල නිවස ද පැවතී ඇත. එ මෙම ගොඩනැගිල්ලේ උඩු මහලේ ය.මෙම සියලුම ඉදිකිරීම් වර්තමානයේ දී භාවිත වන්නේ බස් නැවතුම්පොළ රාජකාරි සඳහා පමණි. අතීතයේ දී දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ කවුළුව ද අදටත් එහි පැමිණෙන මගීන්ට දැක ගත හැකිය. එපමණක් නොව අතීතයේ දුම්රිය නැවැත්වීම සඳහා භාවිත කළ අංගනය බස් නැවතීම සඳහා ද භාවිත කරනු ලැබේ.
මෙම දුම්රිය නැවතුම්පොළ ආසන්නව අතීතයේ ඉදිකළ බඩු ගබඩා ගොඩනැගිල්ල වර්තමානයේ දී විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිත කළ ද මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නොවීමද රටේ අභාග්‍යකි.
එමෙන්ම දුම්රිය නැවතුම්පොළ සතුව දුම්රිය හැරවීම සඳහා යොදාගනු ලැබන හැරවුම් තැටියක් තිබු බවද සඳහන් වන අතර එය පස්වලින් වසා දමා ඇති බවද වර්තමානිකයන්ගේ මතයකි.
වසර 100කට වඩා දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙවන් නිර්මාණයන් අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්ෂිතව රැකගනීම රජයේ වගකිය යුතු පාලකයින්ගෙන් ද වගකීමකි.
සටහන - දිලුෂ චතුරංග කුමාරසිරි

A day in the life ජීවිතයෙන් දවසක් .

2026-03-26

සීතා දේවි ගුලි -



මහඑළියකන්දේ 'සීතා දේවි ගුලි' නමින් හැඳින්වෙන ඇතැම් පස් ස්ඵටික ඇති අතර, ඒවා 'අග්ගලා' සෑදීමට භාවිතා කරන සහල් වලට සමාන ය. ජනප්‍රවාදයට අනුව, සීතා දේවි (සීතා රැජින) මෙහි රසකැවිලි සාදා එයින් කොටසක් ඉසින ලද බව කියනු ලැබේ. එය අදටත් එම ස්ථානයේ පවතී.
මෙහි ඇති කතාවට අනුව රාවණා විසින් සීතා පැහැරගෙන සගවා තබාගත් කල ආහාර වර්ජනයක නිරතවූ සීතාට රාවණා විසින් සකස්කර දුන් කිරිබත් පිඩු සීතා ආහාරයට නොගෙන විසිකර ඇතිබවත් සීතාගුලි එමගින් නිර්මාණය වී ඇතැයි කියැවේ. තවත් තැනෙක සීතා සොයාගෙන මෙරටට පැමිණි හනුමා, සීතා කුසගින්නේ තබා ඇතැයි සිතා රාමා තනාදුන් කිරිබත් පිඬු සීතාට හමුවෙන පරිදි හනුමා සැරිසැරූ ප්‍රදේශ වලට විසිකල බවත් කියවේ. මෙහි ඖෂධීය වටිනාකම ගැන ඇති විශ්වාසයට විද්‍යාත්මක පදනමක් ඇති බව පෙනේ.
කෙසේ වෙතත් අදටද හියුමස් අධික ,කඵ වර්ණයෙන් යුතු පස් සහිත තෘණ භූමි වල, පොලොව මතුපිටින් අගල් 6 - 8 අතර ගැඹුරින් හමුවන මෙම සිතාගුලි වල, පිට පොත්තක්, මුල් හෝ එකිනෙක සම්බන්ධවන නටුවක් හෝ දැකීමට නොහැකිය. මේවා හමුවු තැනක දෙතුන් තැනක පමණ හමුවුවත් මේවා එකම තැන වර්ෂයක් පුරා හමු නොවේ. ලංකාවේ මුහුදු මට්ටමින් මීටර 650 - 2100 අතර සුවිශේෂ වූ ස්ථාන වල හමුවන මෙය ලගතබා ගනුයේ උදර වේදනාවට අත්දුටු බෙහෙතක් ලෙස විශ්වාස කරන බැවිනි.
මෙම සිතාගුලි හමුවු ප්‍රදේශ ලෙස, ගලබඩ, පහල වටවල, රොසැල්ල, නෝර්වුඩි, රිවස්ටන්, පිටවලපතන, මැදමහනුවර, උඩුදුම්බර, මන්දාරමිනුවර, නමුණුකුල, පටිටිපොල, සීතාඑළිය, කඳපොල, දොලෝස්බාගේ - ගලමුදුන, රාමසරකන්ද, රාවණාගොඩ, කොත්මලේ, රාගල, ඇල්ල ආදී ප්‍රදේශ මෙසේ සීතාගුලි හමුවූ ප්‍රදේශ ලෙස දැක්විය හැක.
හංගේරියානු ස්වීට් ට්‍රෆල් (truffle) හෝ මී පැණි ට්‍රෆල් ලෙස පොදුවේ හැඳින්වෙන Mattirolomyces terfezioides එහි අද්විතීය සූපශාස්ත්‍ර ගුණාංග සහ කලාපීය ආහාර වේලෙහි සාම්ප්‍රදායික ඖෂධීය යෙදීම් සඳහා හඳුනාගෙන ඇති ආහාරයට ගත හැකි ඉහළ වටිනාකමක් ඇති භූගත දිලීරයකි.
අනෙකුත් කාන්තාර ට්‍රෆල් මෙන්, මැටිරොලොමයිසස් විශේෂ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ, විශේෂයෙන් අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර කිරීම, දුර්වල සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ සාරවත් බව වැඩි කිරීම සඳහා කෘමිනාශකයක් ලෙස ක්‍රියා කිරීම සඳහා දිගු ඉතිහාසයක් ඇත.
ඒවා සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන සහ රෝග වැළැක්වීමට උපකාරී වන පෝෂ්‍යදායී ක්‍රියාකාරී ආහාර ලෙස සැලකේ, බොහෝ විට සමේ තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා ජන වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ. අධි-තීව්‍රතා ස්වාභාවික රසකාරකය: මෑත කාලීන විද්‍යාත්මක සොයාගැනීම් මගින් මී පැණි ට්‍රෆල් රසකාරකයක් (HTS) ලෙස හඳුන්වන M. terfezioides හි අද්විතීය 121-ඇමයිනෝ අම්ල ප්‍රෝටීනයක් හඳුනාගෙන ඇත. මෙම ප්‍රෝටීනය දැඩි ලෙස පැණි රස වන අතර සීනි සහ කෘතිම රසකාරක සඳහා විභව විෂ නොවන, අසාත්මික නොවන ආදේශකයක් ලෙස නිරවද්‍ය පැසවීම හරහා සංවර්ධනය වෙමින් පවතී.
විද්‍යාත්මක පරීක්ෂණවලින් පෙනී යන්නේ කාන්තාර ට්‍රෆල් (මැටිරොලොමයිසස් සහ ඒ හා සමාන ටර්ෆෙසියා/ටර්මේනියා විශේෂ ඇතුළුව) පොලිෆෙනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක සහ පොදු රෝග කාරක වලට එරෙහිව ඵලදායී විය හැකි ප්‍රති-ක්ෂුද්‍ර ජීවී සංයෝග අඩංගු බවයි. ඒවා නව ඖෂධ සහ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක අතිරේක සඳහා විභව ප්‍රභවයන් ලෙස සැලකේ.
අද්විතීය පැණි රස: M. terfezioides එහි පැණිරස, මී පැණි වැනි රසය සහ සුවඳ සඳහා ප්‍රසිද්ධය. එය ට්‍රෆල් අතර දුර්ලභත්වයක් බවට පත් කරයි. පර්යේෂකයන් M. terfezioides හි ඇමයිනෝ අම්ල 121 ක ප්‍රෝටීනයක් හඳුනාගෙන ඇති අතර එය ඉහළ තීව්‍රතාවයකින් යුත් රසකාරකයක් ලෙස ක්‍රියා කරයි.
ට්‍රෆල් වගා කිරීමට අපහසු බැවින්, මෙම පැණිරස ප්‍රෝටීනය (HTS) යීස්ට් (Komagataella phaffii) හි පැසවීම භාවිතයෙන් සාර්ථකව නිපදවා ඇති අතර එය ස්වාභාවික, විෂ නොවන සහ පහසුවෙන් ජීර්ණය කළ හැකි සීනි විකල්පයක් ලබා දෙයි.
M. terfezioides යනු ආසියාවේ වඩාත් සුලභ විශේෂය වන අතර, විශේෂයෙන් චීනයේ සහ හංගේරියාවේ දක්නට ලැබේ. එහිදී එය බොහෝ විට රොබීනියා (කළු පළඟැටියන්) හෝ පොප්ලර් ගස් සමඟ සම්බන්ධ වේ.
හර අධ්‍යයනයන් ආරක්ෂාව යෝජනා කරන අතර, ඉතාලියේ සහ ප්‍රංශයේ අනෙකුත් අධ්‍යයනයන් M. terfezioides විශාල ප්‍රමාණවලින් පරිභෝජනය කළහොත් හෝ අධික ලෙස ඉදුණු විට විෂ සහිත විය හැකි බව ඓතිහාසිකව සලකා ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය, සමහර මූලාශ්‍ර ආමාශයේ කෝපයක් වළක්වා ගැනීම සඳහා පරිභෝජනයට පෙර ඒවා පිසීමට නිර්දේශ කරයි.
මැටිරොලොමයිසස් පිළිබඳ පර්යේෂණ, විශේෂයෙන් M. terfezioides (පොදුවේ හංගේරියානු පැණිරස ට්‍රෆල් ලෙස හැඳින්වේ) විශේෂය, ඖෂධීය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ගුණාංග කිහිපයක් හඳුනා ගනී.
අනෙකුත් කාන්තාර ට්‍රෆල් මෙන්, M. terfezioides විශේෂවල පොලිෆෙනොලික් සංයෝග සහ ඇස්කෝර්බික් අම්ලය ඇතුළු ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර ඒවා මුක්ත සංඝටක (free radicals) ඉවත් කිරීමට උපකාරී වේ.
හංගේරියාවේ සහ ආසියාවේ (චීනයේ) සමහර ප්‍රදේශවල, M. terfezioides එහි අද්විතීය මිහිරි රසය සඳහා අගය කරනු ලබන අතර බොහෝ විට අතුරුපස වල භාවිතා වේ, නමුත් එය සාමාන්‍යයෙන් ආමාශයේ ඇති විය හැකි කෝපය වළක්වා ගැනීම සඳහා පරිභෝජනයට පෙර පිසිනු ලැබේ.
සාමාන්‍යයෙන් ආහාරයට ගත හැකි වුවද, අධික ලෙස ඉදුණු නිදර්ශක ආමාශ ආබාධ ඇති කළ හැකිය. HTS ප්‍රෝටීන් සඳහා වන මූලික ආරක්ෂක ඇගයීම්වලින් පෙනී යන්නේ එය ආරක්ෂිත, විෂ නොවන සහ පහසුවෙන් ජීර්ණය කළ හැකි බවයි. එකම පාරිසරික කාණ්ඩයේ කාන්තාර ට්‍රෆල් වලින් ලබාගත් සාරය ස්ටැෆිලොකොකස් ඕරියස් සහ සූඩොමොනාස් ඒරුගිනෝසා වැනි පොදු මානව රෝග කාරක වලට එරෙහිව ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ පෙන්නුම් කර ඇත.
ඒවා ප්‍රෝටීන් (20–27%), අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, ආහාරමය තන්තු සහ පොටෑසියම්, මැග්නීසියම් සහ සින්ක් වැනි ඛනිජ ලවණවලින් පොහොසත් ප්‍රභවයකි.
උතුරු අප්‍රිකාවේ සහ මැද පෙරදිග, අදාළ කාන්තාර ට්‍රෆල් සාම්ප්‍රදායිකව අක්ෂි ආසාදන, සමේ තුවාල වලට ප්‍රතිකාර කිරීමට සහ සාරවත් බව හෝ ශක්තිය ප්‍රවර්ධනය කිරීමට භාවිතා කරයි.
M. terfezioides ආසියා-පැසිෆික් කලාපයේ ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන අතර, උතුරු චීනයේ (අභ්‍යන්තර මොන්ගෝලියාව, බීජිං, ෂැන්සි) සැලකිය යුතු වාර්තා ඇත. හංගේරියාව, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ බල්ගේරියාව වැනි රටවල් ඇතුළුව මධ්‍යධරණී සහ පන්නෝනියානු ද්‍රෝණිය පුරා හොඳින් පිළිගත් ව්‍යාප්තියක් පවතී.

- වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

A day in the life

2026-02-14

කුරුන්දි විහාරය .




මුලතිව් නාගචෝල මහා වනය මධ්‍යයේ විරාජමානව වැඩ සිටින්නාවූ කුරුන්දි ස්ථූපරාජයාණන්වහන්සේ ඇතුළු විහාරාරාම සංකීර්ණය වනාහි ක්‍රි.පූ 109 - 104 අතරෙහි රාජ්‍ය විචාල ඛල්ලාටනාග මහ රජු විසින් කරවන ලද්දකි.පැරණි මූලාශ්‍ර අනුව කුරුන්දි ස්ථූපය සහිත මෙම විහාරාරාම සංකීර්ණය හැදින්වීම උදෙසා කුරුඤ්ඤ, කුරුන්දචුල්ලක , කුරුන්දපිල්ලක , කුරුන්දවාපි , කුරුන්දවාසෝක විහාර ආදි නාම රාශියක් භාවිතා කර ඇත.
කුරුන්දි විහාරය විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාව අතර ප්‍රචලිත වන්නේ කුරුන්දි අට්ඨකතාව විරචිත පින්බිම කුරුන්දිය වීමය.බුද්ධඝෝෂ ආචාර්යයන්වහන්සේ විරචිත සමන්තපාසාදිකා විනයාර්ථකතාවෙහි පමණක් කුරුන්දි යන නාමය 102 වතාවක් සදහන්ව ඇත.
ඛල්ලාටනාග මහ රජතුමාගෙන් අනතුරුව මෙම විහාරය පළමු අග්ගබෝධි රජු සහ පළමු විජයබාහු මහරජවරු විසින් පෝෂණය කර ඇති බව මහාවංසය දක්වයි.
මෙම කුරුන්දි විහාරයේ ඛල්ලාටනාග රජ දවස කුරුන්දචුල්ලක නම් පිරිවෙණක් තිබී ඇති අතර එහෙයින් මෙම කුරුන්දි විහාරයේදී කුරුන්දි අට්ඨකතාව විරචිත බව ඓතිහාසික සාක්ෂි සාධක අනුව ඉතාම පැහැදිලිය.ඒ බව සී.ඩව්ලිව් නිකලස් මහතාගේ වාර්තා අනුවද සනාථ වේ.
මෙම උතුම් පින්බිම රැකගැනීම සිංහල බෞද්ධයන් සතු පරම යුතුකමක් සේම සාසනික වගවීමක්ද වේ.එහෙයින් කුරුන්දි රජමහා විහාරාධිපති අතිපූජනීය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමින්වහන්සේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම විහාරය සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීම ඉතාම අගනේය.
සියලු බෞද්ධයෝ කුරුන්දි විහාරය වන්දනා කරගැනීම පිණිස යෑමට උනන්දු විය යුතුමය.
තෙරුවන් සරණයි !
විශේෂ තොරතුරු - කුරුන්දි විහාර වංසය ග්‍රන්ථයෙනි.


A day in the life