ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label දිග කථාවක්.. Show all posts
Showing posts with label දිග කථාවක්.. Show all posts

2026-03-19

ජල්බරියක් !.




දවස - මාර්තු 17
වෙලාව 1.30 ට - පාසල් අවසන් වන වෙලාව.
ප්‍රාථමික විද්‍යාලයක්.
නම කියන්න හොද නැහැනේ . විද්‍යාලයේ කීර්තිනාමයට හොද නැහැනේ
ප්‍රාථමික විද්‍යාලයක ලොකු ළමයි නේ හතර වසරේ ඉන්නේ.
මේ අයියලා පාසල අවසන් වෙලා බෑග් එල්ලගෙන පාරට බහින කොට ගුරුභවතෙක් මිදුලේ තිබුන පයිප්ප බට ටිකකුයි සිමෙන්ති බෑග් භාගෙකුයි ශාලාවක් ඇතුලට දාන්න කියලා.
මේ පුංචි අයියලට ගුරු නියෝගය පිටු දකින්න බැරිවෙලා.
ඒ වැඩේ නිම කරලා පාරට එන කොට පාසල් බස් රථය පිටත් වෙලා.
බස් රථයේ රියදුරු මාමා හිතුවළු හවස පන්ති කියලා.
බස් රථය එනකම් පාරේ බලා ගෙන හිටපු සීයට පණිවිඩය තියලා රියදුරු මාමා ඉගිළුනා.
පන්ති තියෙන බවක් ගෙදරින් පිටත් වෙන කොට නොකිවු නිසා සීයාට ගින්දර පත්තු වෙලා.
මුණුපුරා ගෙදර ආවේ නෑ නේ.
මේ මනුස්සයා මොනවා කර ගන්නවා ඇද්ද ? . පාරේ හරහා පැනලා අණතුරක් කරගනීද ? දහාක් දේවල් සීයට හිතෙනවා.
වාහනයක් අරගෙන කලබලෙන් මුණුපුරා හොයා ගෙන පාසල ගාවට යන කොට මුණුපුරා එයාගේ තවත් යාළු අයියා කෙනෙක් එක්ක අයිස් ක්‍රී්ම් එකක් කකා පාරේ අනිත් පැත්තේ වෙළද සැලක ඉන්නවා.
යාන්තම් දහඩිය නිමලා ගිඩි ගිඩිය පාලනය කර ගත්තා.
තව පොඩ්ඩෙන් සීයත් 1919 නලාව හඩවා ගෙන යනවා.

කතාව ඕක වුනත් පාසලට ගියාම පාසල් කාලේ දරුවන්ගේ වගකීම තියෙන්න ඕන ගුරුවරු අතේ .
විශේෂයෙන් වගකිව යුත්තා විදුහල්පති තුමා හරි තුමිය .
ඒ වගකීම බැහැර වෙලා.
දරුවෝ පසල් යන්නේ එන්නේ පාසල් බස්රථවල වුනාම ඒවා යන්නේ එන්නේ කිසියම් කාල සටහනකට.
හිතපු හැටියේ දරුවෙක් නතර කරගත්තම ඒ දරුවා ගෙදර යන්නේ කොහොමද ? කියලා ප්‍රාථමික ගුරු මොළ වලට අවබෝධයක් නැත්නම් ඒ මොළත් ප්‍රාථමිකයි.
ටිකක් හොයලා බැළුවා මොකක්ද මේ අයියලාගේ ශ්‍රමදානේ කියලා !.

ඒ ගැන නොලියා ඉන්නම්.
පෞද්ගලිකයි රහසිගතයි කියලා හිතාගෙන.









A day in the life

2025-12-23

මහ ගෙදර



බොහෝ පවුල්වල කේන්ද්‍රය උනේ තමන්ගේ "මහගෙදර" ඒත් සමහර පවුල් වල නැත්නම් ගෙවල් වල කේන්ද්‍රය වු මිනිස්සු ඉන්නවා කිව්වොත් පිළිගන්නවද....
ගොඩක් පවුල් වල තියෙනවා අපි නොහිතන කේන්ද්‍රීය ස්ථානයක් ඒක බොහෝවිට පවුලේ කෙනෙක් වෙන්න පුලුවන් නැත්නම් පවුලක් ජීවත්වෙන තැනක් වෙන්න පුලුවන්. සමහර විට ඒ කේන්ද්‍රය බිඳ වැටුනාම සියලු දේ සී සී කඩ යන එක යනවා මයි. මම එහෙම වුන පවුල් සහ මිනිස්සු ඕනතරම් දැකලා තියෙනවා.
සමහර පවුල් වල ගෘහ මූලිකයා තාත්තා කිව්වාට පවුලේ න්‍යෂ්ටිය වෙන්නේ ඔහුම නෙවේ. ගොඩක් ගෙවල්වල මේ කේන්ද්‍රය වෙන්නෙ අම්මා. සමහර පවුල් වල එක්කෝ ලොකු අයියා නැත්නම් නංගී එක්කෝ අක්කා. මේ වගේ විවිධාකාර චරිත ඒ තැනට එනවා.
මේ න්‍යෂ්ටිය සිඳී බිඳී ගිය දාට එක්කෝ නැත්තටම නැතිවු දාට මේ ගොඩක් පවුල් එකාට එකා නැතිව වෙන් වෙලා යනවා.ඒ කියන්නේ පවුලේ බැඳීම ගිලිහිලා යනවා.
ඉස්සර උඩහමුල්ලේ ඩිපෝව ඉස්සරහා වලව්වක හැඩ තල තිබූ ගෙයක් තිබුණා ඒක වලව්වක් නෙවේ ඒත් ඒ පෙනුම තිබුනා කියල මම හිතනවා. පොල්ගස් කිහිපයක් ගේ වටා තිබුනා ඒ පොල්ගස් වටේට මල් පිරුනු ඇඩ්සෝරා මල්ගස් තිබුණා. ඒවා ගානට කප්පාදු කරලා හොඳටම නඩත්තු කරලා තිබුනා.
ඩිපෝව ලඟ අනිවාර්යයෙන්ම බස් එක විනාඩි පහක් වත් නතර කරලා තියෙන නිසා මේ ගෙදර දසුන මම හිතන්නේ හැමෝටම ඉතා ප්‍රිය ජනක සිතිවිලි ගේන්න ඇති.ඒ කාලේ ඒ වගේ ගෙවල් වැඩිපුර දකින්න තිබුනේ නැහැ.ඒ නිසාම ඒ ගෙදර හැමෝටම අයස්කාන්ත දසුනක් වුනා නිසැකයි. තරමක විශාල ඉඩමක් උනත් නිවැසියෝ හැමදාම මිදුල අතුගාලා ගස් කප්පාදුකරලා ලස්සනට තියාගන්න ගොඩක් මහන්සිවුන පාටක් පේන්න තිබුනා.ඒ නිසාම හිතෙනවා ගෙදර ඇතුලත් එහෙමම පිරිසිදුවට පිලිවෙලට තියෙන්න ඇති කියලා.
මම හැමදාම ඉස්කෝලෙ ගියේ ඔය ගේ ඉස්සරහින් අනෙක් පැත්ත බලාගෙන ආවත් ඩිපෝව ඉස්සරහින් යනකොට නොදැනීම බෙල්ල ඒ නිවස දෙසට හැරෙනවා .ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි.ඒත් ඒ නිවස දැක්කම මොකක්දෝ හිත පිරෙන ගතියක් තිබුනා.
කාලයක් ගිහින් මම නුවර පදිංචියට ගියාට පස්සෙත් මට ඒ ගෙදර මතකයේ තිබුනා. ඒත් දවසක් ඒ ගෙදර ශ්‍රී විභූතියට කනකොකා හැඬවිලා තිබුනා.....
ඇඹුල්දෙණිය හන්දිය තියෙන්නේ උඩහමුල්ලට එක බස් හෝල්ට් එකක් එහායින්.එක්තරා මුස්පේන්තු දවසක අර ගෙදර ආච්චිඅම්මා තමන්ගේ කුඩා මිනිබිරිය ඉස්කෝලෙ රැගෙනයමින් සිටියදී ඇඹුල්දෙණිය හන්දියේදී සිදුවු දරුණු බස්රථ අනතුරකින් ඔවුන් ගිය ත්‍රීවීල් රථය අනතුරට පත්වී එම ස්ථානයේදීම මියගිහින් තිබුනා.ඒක ඒ දවස්වල පුවත්පත් වල සහ ප්‍රවෘත්ති වල පලවුනා.ඒත් පුරුදු විදියටම මිනිස්සුන්ට ඒක අමතකවෙලා ගියා.
එයිනුත් වසරක් විතර යන්න ඇති. දැන් අර ගෙදර වෙනදාට තිබුන ශ්‍රී විභූතිය දකින්න තිබුනේ නෑ.මිදුල අතුගාලා තිබුනේ නෑ ගස් කප්පාදු කරලා තිබුනේ නෑ. මල් ගස් ඒවාට ඕනෑ විදියට ඔහේ හැදිලා තිබුණා.එලියෙන් බැලුවාම තිබුන අපිළිවෙළ බව ඒ නිවස තුල දැන් රජකරනවා ඇතැයි මට සිතුනා. පිට කවරේ බලලා පොත තීරණය කරන්න එපා කියලා සින්දුවෙන් කිව්වට පිටකවර දිහා බලලා පොතේ අන්තර්ගතය හිතාගන්න පුදුවන් කතා බොහෝමයක් අපි අතර තියෙනවා.ඒක තේරුම්ගන්නත් පැසුණු මනසක් තියෙන්නට ඕන.
ඔහොම තව ටික දවසක් යනකොට ඒ ගෙදර ලදරුපාසැලක් පවත්වාගෙන යනවා පෙනුනා.එතකොට තමයි මට හිතුනේ එතන මොකක්හෝ ව්‍යාකූල භාවයක් ඇතිවෙලා ඇති කියලා.මම කිසිදා අනුන්ගේ දේ නොසෙවුවත් මට ඇත්තටම දැනගන්න ඕනකම තිබුනා ඒ නිවැසියන්ට සිදුව ඇති දේ.පස්සේ මම අපේ පරණ මිතුරන් ගෙන් විමසුවා ඒ නිවසේ විස්තර. එතකොට මට දැනගන්න ලැබුනේ මෙන්න මෙහෙම දේවල්.
ඒ මරණ දෙකෙන් පසු පවුලේ සමගිය ක්‍රම ක්‍රමයෙන් වියැකී ගියාලු. ඒ ගෙදර පුතා රෝගාබාධයකින් රෝද පුටුවට උනාලු.ඒ මදිවාට ඔහුගේ පවුල් ජීවිතය ද අවුල්වී වෙන්වී ගියාලු දේපොල පිලිබඳව ආරවුලක් ඇතිවී ඒ ඉඩම කොටස් කර විකුණුවා ලු....
මම ඔය ලූ...ලූ...කියලා ලිව්වේ මට අනෙක් අය කියපු කරුණු නිසා.මොකද ස්ථිරවම මට එහෙමයි කියලා කියන්න පුදුවන් මම ටක්කෙටම දන්නා කරුනු නම් පමණයි.වෙන අය පැවසූ දේවල් නිසා මට ඒවා හරියටම එහෙමයි කියලා කියන්න බැහැ. ඒත් බහුතරයක් ඒ පැත්තේ පැරැන්නන් කීවේ ඔන්න ඔයවගේ කතාවක්.
ඒත් ඇත්තටම වසරක් දෙකක් යන්නත් මත්තෙන් ඒ ඉඩම කට්ටි කරලා වටේට බිල්ඩින් ගොඩනැගෙමින් තිබුනා මේ වනවිට මම ඔය කියපු ලස්සන මිදුල සහිත ඉඩම සහ ගේ හුදෙක් මතකයක් පමණක් වෙලා ඉවරයි. ඒත් තවමත් උඩහමුල්ල ඩිපෝව ලඟින් යනකොට මට ඒ පැත්ත බැලෙනවා නිරායාසයෙන්....තට්ටු පිට තට්ටු ගැසූ බිල්ඩින් හා කාර්යබහුල වටපිටාව ට යටින් මට බිල්ඩින් අතරින් ඇති චූටි ඉඩෙන් පේනවා අර පැරණි ගේ....හරියටම ගෙදරින් එලියට එන්නට වරම් නැති අයෙක් ආයාසයෙන් කවුළුවෙන් බලාගෙන ඉන්නවා වගේ.
දැන් ඒ ගේ හැමෝටම අමතකවෙලා ගිහිල්ලා.සමහරවිට තව ටික කාලෙකින් ඒ පැරණි ගෙදර බිමට සමතලා කොට අලුත් නිවසක් ඒ මතින් ඉදිවේවි. ඒ ඉඩමේ අලුත් අයිතිකාරයෝ දන්නෙවත් නැතිවේවි ඒ ඉතිහාසය. මං හිතන්නේ ගොඩක් මහගෙවල් වලට වෙලා තියෙන්නේ මේන් මේක තමයි. අපි ආසාවෙන් හදාගන්නා ගෙවල් දොරවල් වලටත් කවදාහරි වෙන්නේ මෙන්න මේක තමයි.ඒක ලොකු ඛේදවාචකයක් උනත් ඒක තමයි යථාර්ථය.අස්ථිර ලෝකයේ කිසිම දෙයක් ඉස්ථීර නැහැ.
මට හිතෙන්නේ ඒ ගෙදර සතුට සාමය අර ආච්චිඅම්මා සහ මිනිපිරියගේ මරණයන් එක්කම වැලලිලා යන්න ඇති. සමහරවිට ඒ නිවසේ න්‍යෂ්ටිය වන්නට ඇත්තේ එක්කෝ ඒ ආච්චිඅම්මා වෙන්න ඇති එක්කෝ ඒ කුඩා දියණිය වෙන්න ඇති. ඔවුන්ගේ අහිමිවීමත් එක්කම ඒ පවුල් බිඳවැටෙන්න ඇති.කොච්චර කිව්වත් සමහර මිනිස්සු සමහර දේවල් වලින් කඩා වැටෙනවා. ඒක නිසාම තමයි මම හැමදාම කියන්නේ ශාරීරිකව දුර්වල වුනත් මනසින් කඩාවැටෙන්න එපා කියලා
මනස කඩාවැටුනොත් තමන්ගේ පරිහානිය පටන්ගන්නේ එතනින්.එහෙම මිනිස්සුන්ව ආයේ නැගිට්ටවගන්න එක ඉතාම අමාරුයි. ඔවුන්ටම හිතිලා නැගිට්ටොත් විනා මනසින් කඩාවැටුන මිනිස්සුන්ව නගාසිටුවන්නට බැහැ.ඒ වගේම අධ්‍යාත්මිකව ශක්තිමත් මිනිස්සු ලේසියට වට්ටන්නත් බැහැ.
මේ මම පෞද්ගලිකවම ලබපු අත්දැකීමක්.ඔයවගේ අධි සංවේදී සිද්ධි ගොඩක් මගේ හිතේ තියෙනවා. ඒ දේවල් වලින් මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට හිතෙන මම දකින ජීවිතයේ අනිත්‍ය බව ඔබ සමග බෙදාගන්නවා. දැනුම ස්වයංජාතයි තනියම අවබෝධකරගන්න හැමදේම අධ්‍යාත්මිකව ඔබව යම් තලයකට ගේනවා.
අපි කිසිම දේකට ඇලී ගැලී ඉන්න ඕනෑ නැහැ.මොකද අපි ආසාවෙන් රකින ගෙයක් දොරක් වේවා බැඳීමක් වේවා කැඩී බිඳී සුනුවිසුනු වෙන්න යන්නේ තත්පරයයි.අනික අපි ආදරයෙන් රකින ඒවා වල වටිනාකම ඔක්කොම අපෙන් පස්සේ අහෝසිවෙලා යනවා.
ඒ නිසා ඇලී ගැලී රැකියයුතුයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නෑ.

#චතුරිකා_අනුරාධා
ප.ලි.- මේ ඒ ගෙදර නෙවෙයි ඒත් ඊට බෙහෙවින් සමාන එකක් වෙනසකට තියෙන්නේ මම කියන ගෙදර මිදුලේ හරියට මල් ගස් තිබුනා එච්චරයි.

A day in the life

2024-07-13

පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.




කාලය මේ විදියට ගෙවී යනවා....දවසක හැන්දෑවේ සමීර මට කතා කලා...
කාලෙකින් කල මේ ඇමතුම ,
ඇමතුම ආගන්තූකයෙක් ගෙන් ලැබුන ඇමතුමක් වගේ වුනා.
මම අහගෙන ඉන්න තීරණයකලා. .............
මොකද කතා නැත්තේ ?

මම සමීර......
ඔව් මම දන්නවා. මගේ පිලිතුරු හඩ කාරුණික වූනෙන් නැහැ.
සමීර මේ මට කතා කරන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයකට පසුවයි. එතෙක් මා ඉන්නවාද නැද්ද කිය හොය බැළුවේ නෑ නේද ? කියලා මට හිතෙන්න ඇති.
මා කෙතෙක් දුරකතන ඇමතුම් ගත්තත් ඔහු මුල් කාලය තුලම පෝනයට පැමිණියේ නැහැ.
මෙතරම් ගොරෝසු හිතක්..
ලිහිල් වෙලාද ?

මම කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලා මට හිතාගන්න බැරිව ඉන්න කොට..
කතා කරන එක කරදරක් ද? ......අහනවා.
නෑ ......මොකද අද ?. 
මම පුංචි ප්‍රවේශයක් ලබා දුන්නා.
මම ඔයාව හමුවෙන්න ?......
තේරුමක් තියෙනවද ?. 
මම ප්‍රශ්නයක නතරවුනා.
මම හිතන්නම් .........මම පෝනය විසන්ධි කලා..…

නිසසල පොකුණකට බර ගලක් අතැරියා වගේ......
හදා ගෙන සැහැල්ළු කරගෙන තිබු සිත ආයෙත් අවුල්වුනා.

මම මනස හසුරුවා ගෙන මේ තත්වයට පත්වෙන්න කොයිතරම් වෑයමක් ගත්තද ? 
මම මගේ ජීවිතයෙන් ලබා ගත් දේවල් තුලින් කළකිරීමටත් අතෘප්තියටත් වේදනාවටත් පත්ව විදවමින් සිටි කාලය මට සිහිවනා .
කාලයා විසින් ජීවිතය සන්සුන් කර ගලපා යලිත් මුල සිටම ජීවත්වීමේ උවමනාව ඇති කර ගන්නට කොයිතරම් පීඩාවක් වින්දේද ?.
මම ආපසු ඒ් අතීතය පිලිසකර කර ගැනීමට නම් උත්සාහ නොගනිමි යයි තරයේ සිතට ගත්තා.

නැවත කතා කලොත්....ඔහූු නීතිමය බැදීම් වලින්ද නිදහස් කර ගැනීමට සහය වන බව පමනක් පැවසීමට මම හිත ගිවිසා ගත්තා.

අම්මාට මේ ප්‍රවෘත්තිය කී විට ඈ නිහඩ ප්‍රතිචාරයක් දැක්වූවාය. 
ඇය මගේ කැමැත්තට ඉඩ දී තිබුනා විය හැක.
උඹ පූංචි බබෙක් නෙමෙයි නේ ? 
කීවා මිස ඒතනින් ඇතට ඈ කතා බහ දික් කලේ නැත.
ඔව් . මම පුංචි බබෙක් නෙමෙයි නේ මමත් සිතුවා.
සියළු වද වේදනා වලට මෙන්ම සතුටට විමුක්තියට මුල් වන්නේ සිතය. සිතට බදා ගත හැක. බෙදා ගත හැක. අත් හලද හැක.

පහන්වු සිතක් ඇතිවිටක කරන කියන දේ ප්‍රතිපල සෙවනැල්ලක් සේ පසුපස ඒන්නේය.නොපහන් සිතකින් දවස ගෙවන විටක කොයිතරම් පීඩාවක් විදින්නට සිදූවේදැයි මම පසූගිය කාලයේ අත්වින්දෙමි. යලිත් ඒ් නොපහන් පරිසරයට යාමට මගේ සිත කැමති නැත.
මා කියවු පොතක මහත්මා ගාන්ධි මෙසේ කිවු බව සටහන්ව තිබිනි.
 
“මිනිසා වූ කලී ඔහූගේ සිතිවිලි වල ප්‍රතිපලයකි. ඔහු සිතන්නේ කවරකු වන්නටද ?ඔහු ඒ් තැනැත්තා බවට පත්වේ. මෙවා සිහිපත් වන්නේ ව්‍යාසනයට පත්ව දැවෙන සිත් ඇතිවිට වීම අප ලබා ඇති අභාග්‍යයක් යයි මට සිතුනි. මම ආදරය කලෙමි.ආදරය අත්පත් කර ගැනීමට විවාහ වුනෙමි. විවාහය ගිනි ගෙයක් වු විට සියල්ල දවා හළු කර දමමින් හකුලා ගනිමින් මවගේ ආරක‍්ෂාව පතා පසු බැස්සෙමි. මේ සියල්ලම සිදුවුයේ සිතිවිලි නිසා වෙනි.

“ පොඩ්ඩියේ කෑම කමු “ 
අම්මාගේ ආදරණීය ආමන්ත්‍රණය මගේ කල්පනා ලෝකය බිද දමන ලද්දෙන් දෙවරක් කතා කරන්නට පෙර “එනවා අම්මේ “කියමින් අම්මා සොයන්න විමි.

A day in the life

2024-06-26

පොඩ්ඩිගේ කතාව - එකලොස්වෙනි දිගහැරුම


අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින් ටික සන්සිදෙන විට මනස නිහඩ වෙනවා .සනසුන් වෙනවා.උපේක්ෂා සහගත වෙනවා. මනස සන්සුන් වුනාම තමයි සැබෑ තත්වය අවබෝධ වෙන්නේ. මනස නිහඩ වුනේ නැත්නම් හැගීම් බර විනිශ්චයන් කරා අපි යොමු වෙනවා.හැගීම් බර විනිශ්චයන් නිසා අපි කරදරයට පත් වෙනවා.
අපි හරි ආශයි හිතේ මවා ගත්ත දේවල් සැබෑ ලෝකයේ ඒ අයුරින්ම දකින්න.ඒවා පෞද්ගලික අයිතියක් ලෙසින් අත්පත් කරගන්න.හරි වැරද්ද තීරණය කරන්නේ ඒක පාර්ශීයව , ලස්සන , හොද නරක හැම දේකම මගේ අදහස් වල එල්ලී ගෙන ඉන්න උත්සහා කලාම හිත දර දඩු වෙනවා.
මටත් සමීරටත් උනේ ඒ්ක ද ?
අපි උපේක්ෂා සහගත වුනේම නැහැ. හැම අරගලයක්ම විසදන්න ගියේ කැත්තට පොල්ල න්‍යායෙන්.කතා සංවාද අවසන් වන්නේ හිත බිදවාගෙන......
කාලය ඉකුත් වෙලා . මේවා හිතන්න තිබුුුුනේ කලින්.
මමත් කම්පනය ජීවිතයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න සන්සුන් වෙන්න සන්සුන් වෙන්න......සැබෑව ගැන හිතන්න පටන් අරන්.
මගේ හිතට එන්නේ ලජ්ජාවක් .සේපාලී එක්කවත් මේවා මේ විදියට දිග අරින්න බැහැ. හිතේම ඉපදී හිතේම සාකච්චා කර මියයදෙන්නට ඉඩ හරිනවා මිස ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න ඕනි කියන න්‍යායට හුරුවෙන්න ඕනි.
අම්මා වත්ත පිලිවෙලකට එලි පෙහෙලි කරගෙන ඇවිත් මට මිදුල සකස් කර ගන්න ඉඩ දුන්නා. මම උදේට කලයුතු දේවලට උපදෙස් දී මගේ දවස පටන් ගන්න යනවා.සතියක් විතර යන කොට ඒකලස් වුන මිදුල ,මල් පාත්ති . කප්පාදු කර සකස්කල පැරණි මල් ගස් හරියට අළුතෙන් ඉපදුනා වගෙයි.විවේක කාලය වතුර , පොහොර යොදලා සාත්තු සප්පායම් කරන්න කාලය යෙදුවාම හිතටත් සහනයක්
අපේ හිරවෙලා ඉන්න සංකල්පමය රාමුවෙන් ඒලියට එන්න ඒන්න ලෝකය ගොඩාක් පුළුල්ව පේන්න පටන් ගන්නවා. බැමි බැදලා හිර කරලා තිබුන දේවල් බැමි පුපුරවලා නිදහස් කරපුවම ගලාගෙන යන්නේ ආදරය , කරුනාව ,උපේක්ෂාව වගේ සංකල්පයන් ඔස්සේ .....
කොයිතරම් නිදහසක් හිතට එනවද ? මට මිදුලට බැහැලා උඩ පැනලා නටන්න තරම සැහැල්ලුවක්........
අම්මා අහයි උඹට පිස්සුද ?.......කියලා මතක් වෙන කොට ආයෙත් ම පොලවට සිතිවිලි පහත් වෙනවා.
සමීරත් සමග ජීවත්වු අතීතය ගැටුම් බලාපොරොත්තු කඩවීම් නොසලකා හැරීම් නිතරම වගේ කේන්තියෙන් සිටීම නිසා සිරුරටත් දැනුනේ මහත් වෙහෙසක්.
දැන් මේ අසීරුතාවන්ගෙන් මිදිලා. මනසට වගේම ගතටත් දැනෙන්නේ සැහැල්ලුවක් සතුටක්.
පන්සල නිවසින් බැහැරව සමාජයක් මගේ ජීවිතයට ඇතුල් කලා. ඒ තුලත් මට ලැබුනේ සහනයක්. ගැටුමින් තොරවු නිදහස්වු මනස ඵලදායි සමාජ සම්බන්ධතා ,අර්ථ සම්පන්න ජීවිත ගත කරන්නන් මුණගැස්සුවා.මේ අයත් සමග ඇතිවු සම්බන්ධතා නව දෘෂ්ඨියකින් බලන්නත් ඔවුන් හා සුසංයෝග වෙන්නත් මගේ ජීවිතය ටිකින් ටික හුරුකලා.A day in the life

2024-06-14

පොඩ්ඩිගේ කථාව - දහවෙනි දිගහැරුම



අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලින් මුණ ගැසී තිබුනේ දින දෙක තුනකි.

දශක තුනක් පමණ මේ දෙදෙනා සතුටින් සහයෝගයෙන් කාලය ගත කල අරුමය ඉතාමත් කෙටි කලකින් කුඩුම්බය බිද හැර නැවතත් දෙමාපිය සරණ පැතූ මට හිතනා විටත් නින්දා සහගතය. විවාහයට කලින් අවුරුදු පහක් හයක් ඇසුරේ සිටියත් මට සමීරවත් සමීරට මා වත් තේරුම් ගන්නට නොහැකිිවී තිබිනි.

අපට බොහෝ ගැටුම් ඇතිව තිබුනේ එකිනෙකා කිසිම අවස්ථාවක එකග නොවන නිසා යයි මට දැන් සිතා ගන්න හැකිය.

පියානන් මහත්සේ කෝප වන විට අම්මා බැලලියක මෙන් නිශ්ශබ්ද වුවාය.අම්මාටද පියා සමග මත ගැටුම ඇතිව කේන්ති යන අවස්ථා ඇති විට ඔහු පසු බසින්නේය. බොහෝ විට අම්මාගේ කේන්තිය පහව යනතුරු මග හැරීමත් සැහැල්ලුවට ගැනීමත් ඔහුගේ සිරිතය.

මා ලග සිටියොත් “ පොඩ්ඩියේ අම්මාට දෝං ගිහිල්ලා නේ “ යයි කිියමින් වත්ත පහලට පසු බසින්නේය.

ඉද හිට මුණ රතු කර ගෙන වැඩියෙන් ඇස්පිල්ලම් ගසමින් ගෙදරට ගොඩ වදින තාත්තා අප සමග වැඩියෙන් හිනා වෙන කතා කරන දවසක “ අද නම් සරුවෙලා “ යයි කීවා මිස අම්මා අරගලයට ගියේ නැත.ලොකු දෙයක් වුනත් සාමදානයෙන් විසදා ගැණිමට ඔවුන්ට හැකියාව තිබුනේය.

එහෙත් අප .............?.

වත්ත පහල ඇවිද ගෙට ගොඩවදින අම්මා මොනවදෝ කියනා හඩින් මගෙ දැහැන බිද වැටුනේය.

“අම්මේ .......?. මම අම්මා විමසුවෙමි.

මොකද ? සරුංගල් අරිනව ද ? විමසන්නේ යෙහෙලියක විලසින්ය.

මට ලැජ්ජා ද සිතිනි. මට වන් විපතේ බරක් දරන අම්මාට ඒ ගැන වගේ වගක් නැත.

මම හෙට මනුස්සයෙකුට එන්න කිව්වා වත්ත එලිපෙහෙලි කරලා දාන්න. හොදටම කැලේ වැවිලා .

පොල් ගෙඩියක්වත් ඇහිද ගන්න බැහැ.

එ්ක හොදයි අම්මේ , මාත් හිත හිතා හිටියේ ගේට්ටුව ගාවට යන කම් මල් ගස් ටිකක් හිටවන්න.

පියානන් සිටි අවදියේ පිලිවෙලට සිරියාවට තිබු ඉඩම දැන් අක්‍රමවත්ය.අම්මාට තියෙන කාර්ය කටයුතු සමග මේ සියල්ලම කිරීමට ඇයට විවේකය මදි තරම්ය.දැන් මගේ කාලයෙන් කොටසක් ඇයට උදව්වට වැය කල හැකිය.

කාලය නතර නොවී ගලා යාම .එක් තැන පල් නොවී තිබෙනවාට වඩා හොදය. දවස අළුත් වන විට ඒ දවසටත් වැඩ කටයුතු ගොඩ නැගී තිබීම මට සතුටට කරුනක් විය.

අම්මා ඇගපත දොවා ගෙන “ පෝඩ්ඩියේ තේ එකක් බොමු කීවේ තේ එක අතේ තියන ගමන්ය.හෙට ඉඩම සුද්ධ කර අවසන් වු විට මගේ මල් වගා යෝජනාව ඇරබීමට අම්මා අනුමැතිය පල කලාය.

මම එකගවුනෙමි. සමීර සමග නම් වෙනත් මතයක් ඇතිවී අරගලයක් ඇරබෙනු ඇත.

 

A day in the life

2024-06-08

පොඩ්ඩිගේ කථාව - නවවෙනි දිගහැරුම.




අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි.

ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලිත් උඩ එන්නාක් මෙන් ඉපිද ඉපිද මියයන සිතිවිලිද පාලනය කරගත නොහැකිව යලි යලි මතුවෙයි.

සේපාලි කීවාක් මෙන් අපි කාලයට ඉඩ දිය යුතුව තිබේ .

මම සාමාන්‍ය පරිදි දවසේ වැඩ කටයුතු කරගෙන යාම පටන් ගෙන තිබිනි. පරිගණක තිරය මගේ විවේකය උදුරා ගෙන ඇත. පස්වරු පහ පමන තෙක් එක දිගට වැඩ කරන මට කලාතුරකින් කාර්ය බහුලවේ. එසේ නොවුන හොත් පහෙන් පසු පරිගණකය මා මුදවා හරියි.

දිනපතා කාර්යාලයට යනවාට වඩා මගේ කාලය , විවේකය ඉතිරිව තිබේ. මගට ඇතිවන ගමන් බිමන් තෙහෙට්ටු ව නිසා ඇතිවන පීඩාවද දැන් නැත.

ජල,විදුලි, ගෙවල්කුලී වැනි ජීවන වියදම්ද නොමැති නිසා සෑහෙන මුදලක් තැන්පත් මුදල් බවට පත්වේ.

ජීවිතය මුදල් පමනක් නම් මා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නියකි.

සමීරගෙන් කිසිදු හැලහොල්මනක් නැත.මා බලාපොරොත්තුවු කිසිදු ප්‍රතිචාරයක් මේ වනතුරු ඔහුු දක්වා තිබුනේ නැත.මට ඔහුගේ පැවත්ම පුදුමයකි.නීතිමය බැදීම් වලින් නිදහස් විය යුතුව ඇතත් , මා එයට පෙරමුණ ගත යුතු නැතැයි අම්මාගේ අදහසයි.

අම්මා සමග ඒ ගැන කතාබහක් ඇතිවු විටක “ උඹ දැන්මම වෙන කසාදයක් කරගන්නයයැ “ සමීර කරන දෙයක් බලමු. යයි කීවා මිසක මා ඒ පිලිබදව උනන්දු නොකලාය.

පහසු විටක නීතී උපදෙස් ගත යුතුයැයයි මම සිතුවෙමි.

මගේ දවස වෙනස් වෙමින් නැවුම් වෙමින් පැවතිනි. සමහරක් දිනවල අම්මාගේ වැඩ කටයුතු නිසා ද දවස වෙනස් විනි. පෝය දාට අම්මා සිල් සමාදන්වීමට පන්සල් යයි. ඈ සමග තනියට පන්සල් යාමට මට පුුරුද්දක් ඇතිවිනි.අම්මා අට සිල් සමාදන්ව උපාසිකාවෝ සමග එක්වු විට පන්සල් බිම පිරිසිදු කිරීමේ කටයුතු වලට දායකවී පෙරවරුවේම මම ආපසු එමි.

මෙසේ පන්සල හුරුවන විට තව තවත් සමාජ සම්බන්ධතාද ගොඩනැගෙන්නට විනි. විහාරස්ථානයේ නේවාසික ස්වාමීන් වහන්සේලා පනහක් පමන සිටි. පිටතින් පැමිනෙන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිරිවෙන පවත්වන දිනවලට පැමිනේ. ලොකු හාමුදුරුවන්ගේ ආගමික ජීවිතයට වඩා වැඩිසමාජ මෙහෙවරක් මගේ අවධානය ලබා ගනිමින් තිබිනි.

ලොකු හාමුදුරුවන් හා කල කතාබහකදී හතලිහක් පමන සාමනේර හාමුදුරුවන් පිලිබදව හෙලිවු කරුනු අනුවේදීනිය වුවාය. කෙනෙක් පියවරු නොමැතිව අසරනවු පවුලකය. තවකෙනෙක් මව සහ පියා දෙදෙනම නැත. තවත් කෙනෙක් නඩත්තු කර ගත නොහැකිව හාමුදුරුවන්ට බාර දුන් කෙනෙක්ය. සියල්ලටම පොදුවු එක් කරුනක් වුයේ දරිද්‍රතාවය නිසා නඩත්තු කර ගත නොහැකි දරුවන්ය. මේ සියල්ලෝ ලොකු හාමුදුරුවන් බාරයට පත්වී තිබීනි.

ලොකු හාමුදුරුවන්ගේ සුවිශේෂ ගුණයක් වුුයේ තම දායකයින්ට කරදර නොකරමින් මේ පිරිස නඩත්තු කිරීමය. පන්සල සතු කුඹුරු බත සැපයීමට තරම් ප්‍රමානවත් විනි. එළවළු සෑහෙන ප්‍රමානයක වගා බිමක් විය. ඉඩකඩම් බදු දීමෙන් මුදල්ද ලැබිනි.හාමුදුරුවන්ට ගෝල බාල පිරිස නඩත්තු කිරීමට ප්‍රමානවත් ආදායමක් ලැබිනි.

පියානන් සිටින අවධියේ පන්සලට උදව් උපකාර කරන පුරුද්දක් තිබිනි. එහෙත් ඔහුගේ වියෝවෙන් පසුව අප අතින් එම කටයුත්ත මග හැරී ඇති බව සිහිපත්වීනි.

අම්මා සමග කතා බහ කර හාමුදුරුවන්ගේ සමාජ සත්කාරකයට හවුල්වීම ඇරඹුවෙමි.

මේ සත්කාරයට මාසිකව හවුල්වීමෙන් පන්සල් සමාජයත් මාත් අතර නව සම්බන්ධතාවයක් ඇතිවිනි.

A day in the life

2024-05-14

පොඩ්ඩිගේ කතාව - අටවෙනි දිගහැරුම.




කාලය බොහෝ ප්‍රශ්න විසදනු ඇතැයි මම සිතුවෙමි.
මම කාලයට ඉඩ දෙන්නෙමි.
මෙ සති අන්තයයි. 
සේපාලි අපේ නිවසට පැමිනියාය. 
මටත් විවේක දිනයකි.
ඇගේ  පැමිනිම මටත් අස්වැසිල්ලක් විය. 
අපි වත්ත පහල අඹ සෙවන යට වාඩිවුනෙමු.
සිදු කරන ලද මෙහෙයුම සේපාලි ත් මාත් අතර කතා බහට එක්විය.

‘‘අක්කේ සියල්ලම වෙන්නේ හොදට ‘‘
අක්කා සැලෙන්න එපා අපි නැගිටින්න බලමුු......
එතකොට අපි හොයාගෙන යන අය අපිව හොයාගෙන එයි.
සේපාලි මා සනසන්නිය. 

කිරි මුදවනවා ඒ කියන්නේ කිරිවල තත්වය වෙනස් වෙනවා.
මුුදවපු කිරි දියර කිරි වලට වඩා වටිනාකමක් තියනවා අක්කේ . 
අපි වෙනස් වෙමු. 
ගුරුවරියකවු සේපාලි මට වඩා කියවිමෙන් සමාජ ඇසුරෙන් දැනමිත්තියක වි ඇත.
කිරි වල තත්වය වෙනස් විමෙන් චිස් හදාගන්නවා. ඒවා මුදවපු කිිරිවලට වඩාත් වටටිනාකමින් වැඩියි.

මට තවත් කියන්න ඔය වගේ උදාහරන නම් එමටයි.
මිදි ඇඹුල් වුනොත් වයින් බවට හැරෙනවා
මිදි යුෂවලට වඩා වයින් වටිනවා.
ජීවිතේ අත්දැකීමුත් ඒ වගේ
නරකයි කියල අමතක කරන්න හදන අත්දැකීම් තමයි ජීවිතේට වඩාත්ම වටිනාකමක් අරං එන්නෙ.

කොලම්බස් වැරදීමකින් ඇමරිකාව හොයාගන්නවා
ඇලෙක්සැන්දර් ෆ්ලෙමින් වරදීමකින් පෙනිසිලින් හොයාගන්නවා.
ඒ හින්ද වැරදීම් නොකර ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා
වරදින තැන්වලින් ඉගෙන ගන්න ජීවිතේ තව ලස්සන කරගන්න.

සම්බන්ධතාත් ඒ වගේ
සම්බන්ධතා නරක් වෙන්නෙ නෑ
නරක අත්දැකීම් මතින් ඉවසිල්ලෙන් පියමං කලොත් ඒවා රත්තරං බවට හැරෙනවා.
මෙතනදි නම් ඔයාගේ  ඉවසීම මම අගේ කරනවා .
මම නිහඩව සිටියා මිස සේපාලිට බාධා නොකෙලෙමි.

සේපාලි , මට රැකියාවෙන් ඔයාලට වඩා තූන් ගුනයක් විතර දීමනාවක් ලැබෙනවා. ඔයාට තරම් දවස විවේක නැහැ.වැඩනම් වැඩියි.
මම ගෙදර ඉන්න නිසා දැන් වියදමත් අඩුයි. 
ගානක් ඉතිරි කරන්නත් පුළුවන් .
තාම එහෙමට ලොකු අදහසක් නැහැ . 
අදහසක් නැහැ . සිතිවිල්ලක් විතරයි.
යමු කෑම ටිකක්  කාලා ඉමු අම්ම උයලත් ඇති. 
අපේ සම්මන්ත්රණය නතර කරමින් නිවසට පැමිණියෙමු.

ඉවර ද කතාව.
ඔය කතාව ඉවර කර ගන්න කාලය හරි අම්මා කීවේය.


 


A day in the life

2024-05-13

පොඩ්ඩිගේ කතාව - හත්වෙනි දිගහැරුම.


මාසයක් ගත වෙන්න ඇත්තේ තව දවස් කිහිපයකි. සමීරගෙන් කිසිදු පිළිතුරක්  ප්රතිචාරයක් නොලැබිනි. කාර්යාලයේ හිතවතුන්ගෙන් තොරතුරු විමසූවත් හෝඩුවාවක් නොලැැබිනි.

දිනක සමීර  දැන් සේවය කරන ආයතනයේ පිරිස් පාලන අංශයට මම කතා කලෙමි. ඔහු සේවයට පැමිනෙන බව තහවුරු කර ගතිමි.

මගේ අරමුණු වෙනස් බැවින් එතනින් ඔබ්බට ඔහු ගැන සෙවීම නිස්පල බව මගේ හිත කියයි.

මට තවදුරටත්  ගෙවල් කුලී ගෙවමින් ගෙදර වසා තැබිය නොහැකි බැවින් මා තීරණයක් ගත යුතුවේ.

මම සමීරගේ පියාට කතා කලෙමි. සිදුව ඇති දේ නොවලහා පැවසුවෙමි. ඔහුගේ ප්රතිචාරයන් හරිම උදාසීන විනි.

අනේ මොනව කරන්න ද ? මම ළමයෝ ඔහු මගෙන් විමසයි..

ඇත්තටම ඔවුන් මොනවා කරන්නද  ? අප විසින්ම ඇති කර ගත්  දේ අප විසින්ම විසදා ගත යුතුය.

අම්මාට මේ තොරතුරු කී විට බඩු බාහිරාදිය අස් පස් කරගෙන ගෙනත් මෙහෙ ගෙනත් දමමු. ඒ ළමයට ඕන වෙලාවක එයා බඩු අරන් යන්න කියමු යයි පැවසිනි.

දන්නා කෙනෙක්  ගෙන් උපදෙස් ගමු යයි මම අම්මාට යෝජනා  කලෙමු.

පසු දිනක නීති  උපදේශිකාවක් මුන ගැසී තොරතුරු පැවසු විට ලගම  ඇති පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර සමීර ගෙන්වා ගැණිමට හැකි දැයි බලා බඩු බාහිරාදිය ගෙන යාම සුදුුසු බව ඇගේ අදහස විනි.

එහෙත් එවැනි කටයුත්තකට යාම සුදුසු නැතැයි මගේ සිත කියන්න විනි.

අම්මා විමසු විට , අම්මා සමීරගේ තාත්තට යලි කතා කරන ලෙස කීවේය.

මම ඔහුට කතා කලෙමි. විස්තර කී විට එහෙනම් එ්දාට මමවත් එන්නම්. යයි කීවා මිස සමීර සම්බන්ධ කර ගැණීමට උනන්දුවක් නොවිනි.

මගේ අවශ්යතාවය ගෙය නිදහස් කර ගැනීම බැවින් මම ඔහුට එකගවිමි.

කෙලෙස හෝ එයත් සාමකාමි ලෙස අවසන් විය.  මම නිදහස් වුනෙමි.

සමීර කිසිදා මා හමුනොවනු ඇත් ද ?

මගේ සිත මගෙන් අසයි.  මගේ යටි සිත සමීර ආපසු එනු ඇතැයි සිතන්නේ ද ?.සංසාර ගනු දෙනුව අවසන් වීද ?

විවාහය සංකල්පනාවක් බවට පත්්වෙමින් මම දවසේ වැඩ කටයුතු වලට හුරුවෙමින් සිටියෙමි. ඉද හිට කල්පනා ලෝකයේ කිමිදුනේ නැතැයි නොකියමි.කාර්යාලීය සම්බන්ධතා මාර්ගස්තව කර ගෙන ගිය අතර සති දෙකකට වරක් කාර්යාලයට ගියෙමි.

මේ හැම ගමනකදීම අම්මා පොඩ්ඩියේ පරිස්සමින් ගිහින් වරෙන් යයි අනිවාර්යෙන් කියනු ලබන්නෙකිි

මෙසේ කාලය ගෙවී යද්දී ජීවිතය ඒකකාකාරීවිනි. අම්මා උයා පිහා දෙයි . මම උදේ නවයට පරිගණකය ලග හවස පහ  හය වනතුරු ගත කරමි.

ද වසක සේපාලි කිවු කතාවක් මට සිහිපත් වේ .....යම් සමාජයක ජීවත් වන විට අපි ට කැමති  හැම දෙයක්ම ඒයාකාරයෙන් සිදු වන්නේ නැත.හැම කෙනෙක්ම අපි සතුටු වෙන අන්දමින් කටයුතු කරාවි යැයි සිතන්නටත් බැහැ අඩු තරමින් පවුලේ අයවත් එහෙම කැප වීමක් දිගින් දිගටම කරාවිද ?.

සමීරට සිටියේ මා පමනක්ම නොවන බව මට සිතිනි.

මිතූරන් ට අමතරව විශේෂිත කිසිවෙක් මා හා විවාහයෙන් පසුවත්  සිටියේ ද ? යන්න මට සිතෙන්න වන්නේ මා හා අඩදබර වැඩිවු පසුය. ඒහෙත් ඒ් ගැන සොයා බලන්න උනන්දු නොවී මගෙ හිත රවටා ගනිමින් කල් බැලුවේය

පොඩි පොඩි දෙවල් මනසට දිනෙන් දින ඒකතුවී මගේ මනස සමීර කෙරෙහි දවසින් දවස බිදෙන්නට විය.

 



ඉතිරිය හෙට - මීදුම.



A day in the life

2024-05-10

පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම








දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ .

අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව පවත්වා ගැණිමට බාදා නොකලේය.මා නිසා අම්මාගේ දිනචරියාව වෙනස් වූයේද නැත.

අප්පච්චි සිටිය දී   අම්මා නිවසේ සැහැල්ළුවෙන් කාලය ගත කලාය.අප්පච්චි වියෝවීමෙන් පසු   වතුපිටිවලත්  කුඹුරු වලත්  කල කටයුතූ කාර්ය භාරය එලෙසම පවත්වා ගෙන යාමට ඈ පූරුදුව සිටියාය. අප විවාහයෙන්සි   පසු  කිවිටෙකත් ඈ  මට ආපසු නිවසට එන්නැයි කීවේ නැත. මගේ නිදහසත් කවදා හෝ අප කුඩුම්බය ආපසු ඒ වියැයි බලාාපොරොත්තුවක් ඇගේ යටි හිත තුල තිබුුනා විය හැක.

සමීර ගැන පහන් අදහසක්  එකල තිබුන බැවින් අප කුඩුම්බය පිළිබදව ලොකු විශ්වාසයක් ඈට තිබෙන්න ඇත.

ආත්තම්මා කෙනෙනකුව  මුණු පුරුමිණිපිරියන් ගේ සිහින රාජ්යයක රැජිනක වන්නට ඈ සිහින මැව්වාය. සමීරත් මමත් අතර නොපෑහෙන තැන් ඇතිවු විටවත් මම කිසිදා අම්මා සමග සාකච්චා කිරිමට පෙළඹුනේ නැත.

මම ම කර ගත් දේවල් මම ම විසදා ගත යුතුවිය.

සමිර සමග සාමයෙන් සමාදානයෙන් ආදරයෙන් සිටි කාලය ජීවිතයේ සුපසන් කාලයක් විය. අපි දෙදෙනා එක්ව සැදු සරුංගල් අහසේ පා කර හැරියත් , ආපසු එක් කර ගත නොහැකිව අහසේ ඈතින් ඈතට පාවෙන්නේය.

මා දරුවෙකු බලාපොරොත්තුවූ වත් සමීරට සැලසුමක් ඇති බව පෙන්වා එය කල් දැමීය..........අපට තවමත් ගෙයක් දොරක් හදා ගන්නට බැරිවුනානේඑක් හේතුවක් විය.මම  , අප පවුලේ දේවල් හිමි වන්නේ මට බැවින් එවැනි බාදකයක් ඇති කර ගන්නට අවශ්ය නැතැයි ඒ හැම විටම පෙන්වා  දුන්නත් ඒ අදහස ප්‍රතිපල විරහිත විය.

දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ගම තුල නැති බැවින් නගරය ආශ්‍රීතව නිවසක් හදාගැණීමේ පලදායිතාවය  සමීරට වැදගත් විය.

අපට ලැබෙන වැටුපෙන් මේ ව්‍යාපෘතිය සිහිනයක් වන බව සමීරට පැහැදිලි කරදෙන්නට මට කිසිදා නොහැකිවිය.

ඒ සමග මගේ දරු සිහිනයද ටිකින් ටික වියකෙන්නට විය.

ගිගුරුම් හඩින් මගේ කල්පනා ලෝකය අවුල් වියවුල් ගියේය.

පොාඩ්ඩියේ ඔය විදුලි උපකරණවලින් ඈත් වුනොත් හොදයි නේද ?. වහින්නත් ඉස්සෙල්ලා විදුලි කොටනවා .

ඒ අම්මාගේ පෙර සුදානම පල කලාය .

බක් මාසයේ අවසාන සති දෙක ගිගුම් දෙමින් වැස්ස  වසින්නේය. අප්පච්චි මේ වැස්සට ප්‍රිය කලාය. වැස්සෙන් පසු කාලය ගහ කොළ - කොළපාට ගැන්වී අමුතු පනක් ඉපදෙන්නේය. කුඹුරු සරුවෙන්නේ මේ වැස්සෙන්ය . අප්පච්චි විද්‍යාත්මක සාධක විග්‍රහ නොකලත් විදුලි කොටමින් වහින මේ වැස්සට මනාපය. දිනක අකුණු ගහමින් වහින වැස්සෙන් පොළවට නයිට්රජන් එකතු වෙන හැටි පහදා දුන් විට පොඩ්ඩිත් ඉගණගෙන තියෙන දේවල් යයි සතුටෙන් කීවේය.

ඒ් දේවල් ඉගණ ගත්තත් පොඩ්ඩි ජීවිතය ගැන අප්පච්චි තරම් ඉගන ගෙන නොතිබුන බව සිහිවීය.

 සමීරත් මාත් අතර බැදියාව බිද ගියේ මගේ වරදක් හෝ වරදවල් කිහිපයක් නිසාදැයි මම කාලය විග්‍රහ කරමින් විශ්ලේෂණයක යෙදෙමින් සිතිිවිලි අතර කිමිදෙනවිට මා විත්තිකාරියවු සාධක මට හමු නොවීය.

යමෙක් යම් යම් දේවල් වසන් කරමින් සිටින්නේ නම් ඔහුට ජීවත් වන්න සිදුවන්නේ මවා ගත් කෘතිම වටා පිටාවකය. තමන් තමන් කෙරෙහිම  සැක සංකා ඇති කරගන්නේය. සමීරටත් සිදුවුනේ මෙවැන්නක් ද ?.

මම විවාහ වු  යවුවන වයසේ මා ගත කලේ හැගීම් වලට මුල් තැන දෙමින් මිස බුද්ධියට මුල් තැන දෙමින් නොවන බව පසක් වෙන්නේ දැන් දැන්ය. අම්මා දැක්වු ලිහිල් බව මට ඉණිමගක්විය.අම්මා අප්පච්චිගේ වියෝවත් . තම එකම දරුවාට ආරක්ෂකයෙකු සිටීම සුුදුසුයයි සිතන්න ඇත .

අප්පච්චි සිටියා නම් මෙවැනි ව්‍යාසනයක ආරම්භයකට මට මුහුණදෙන්න සිදු නොවනු ඇත. අම්මා මෙන් මටම වගකීම් පවරමින් සිටින්නේ නැතිව අප්පච්චි සියළු වගකීම් තම භාරයට ගන්නා බැවින් මට සිදුවන්නේ ඔහුගේ තීරණයට නතුවීමය.

අප්පච්චි  සිටියා නම් පලමු වන වටයෙන්ම මේ සම්බන්ධය නතර වෙනවාය. සමීර පෙර විවාහකයෙකුව සිටි බව මම අම්මාට දිගටම වසන් කලේය.

එහි ප්‍රතිපලයන් දැන් මම විදිමින් සිටින්නෙමි.

-------නැවතත්  හමුවෙමු - මීදුම 

A day in the life

2024-05-08

පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි.

විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. අපි අවුුුුරුදු පහක් පමණ විවාහකවද  අවුරුදු දෙක තුනක් දැන හදුුනා ගමින් ගෙවු කාලය කෙසේ එක්වර අමතක කරන්නද ?.


 සමීර හමුවි කතාකරන්න ගියහොත් සියල්ල ආපසු හැරී නැවතත් නතරවුන තැනටම එයිදැයි සිතිවිල්ලක් ද හිත තුල දැල්විනි.

මම තවමත් අප සිටි නිවසට කුලී ගෙවමින් සිටිමි . අප දෙදෙනා පරිහරනය කරන ලද බඩු භාණ්ඩ එලෙසමය.
මා නැවත ගෙදර පැමිනෙන්නේ නම් මේ සියල්ල එකලස් කලයුතුය.
වලාකුලක් වුනා නම් -  කුරුල්ලෙක්   හිතනවිට වලාකුළ සිතුවේ මම කුරුල්ලෙක් වනවා නම්  කොයිතරම් හොදද යන්නයි . මම වළාකුලකුත් නොවෙමි - කුරුල්ලෙකුත් නොවෙමි. එහාටත් මෙහාටත් කැරකී යන  සුලි  සුළගක් වී ඇතිවා සේ හැම පැත්තටම කැරකෙන්න පටන් ගෙන තිබේ.
අවසානයේදී මම සමීරට කතා කරන්න තීරණය කලෙමි.
අම්මාගේ අදහස වුයේ දුරකතන ඇමතුමකින් සම්බන්ධ විය යුතු බවයි.
මම කතා කලෙමි.
පිලිතුරක් නැත.
මම නැවත දෙතුන් වරක් කතා කලෙමි.
පිලිතුරක් නැත.
අවසානයේදී ඔහුගේ මිතුරෙකු හරහා පණිවිඩයක් තබා මා අමතන ලෙස ඉල්ලීමක් කලාය.
කාලය ගෙවී ගියේය. සමීරට මට කතා කරන්න උනන්දුවක් ඇතිව තිබුනේ නැත.
මට නිවස නඩත්තු කිරීමේ වියදම්ද දිගින් දිගට දරා ගැණීමද ගැටළුවකි.
දිනක් අම්මා සමග ගොස් නිවෙස් හිමියා හමුවී තවත් එක් මාසයක් සදහා මුදල්ද ගෙවා මා අත තිබු යතුරද ඔහුට දුන්නෙමි .සමීර ආවොත් ඔහුට එය දෙන ලෙස පවසා ආපසු ආවෙමු..
 ඉක්මනින් මා අමතන ලෙසත් නැත්නම් ගෙදර ඇති බඩු භාණ්ඩ වලින් ඔහුට කැමති ඕනෑම දෙයක් රැගෙන යන ලෙසත් ඉල්ලීමක් කර ,.
ගෙයි යතුර ගෙහිමියා භාරයේ ඇති බව සදහන් කර ඔහුගේ කාර්යාල ලිපිනයට ලිපියක් යොමු කලෙමි.
දැන්නම් මට පාවෙන සිතක් ඇත්තේම නැත. ගෙදර යමක් ඉතිරිව තිබුනොත් ඒවා අස්පස් කර ගෙහිමියාට බාර දීම මගේ අරමුණ බවට පත්විය.
ගැහැණු සිතකට මෙතරම් හයියක්. පන්නරයක් ලැබුනේ පීඩාවත් පීඩනයත් නිසාවෙනි. සේපාලි මට ශක්තිය ලබා දීම පිහිටක් විනි. අම්මා මගේ සවිය බවට පත්වී තිබිනි.

ගුවනේ පා ආ ආචාර්ය අමරදේවයන් ගායනාව මට සිසිලක් ගෙන එන්න විනි.

ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස
 
වෑ දිය නිල්ල සුදු  නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බදින කිරලා හඩා වැටෙටයි
නොකියු රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවද තවමත් මගේ සිතට දැනෙයි
 
ඔබ මා   සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා ඉද ගම සිරස
ඔබ හා අතැර වෙන නුවර ගිය විගස - 
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස


හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

2024-05-07

පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම


පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ නිහඩ බව හේතු වෙන්න ඇති.

අක්කේ , මම අහල තියෙනවා.
විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන්නවා.මොනවා කරන්නද කියලා.
අක්කගේ කතාව අහගෙන ඉන්න කොට මට හිතුනේ මනුෂ්‍ය සම්බන්ධතාවල ඉතාමත් සමීපවූුද ඉතාමත් අසීරුවුද සම්බන්ධතාවය විවාහය කියලයි.
අක්කා මාව තවත් බය කලා.
අවුරුදු ගානක් හදුනාගෙන ඉදලත් විවාහනේ කෙටි කාලයකදී සියළු මීහිරියාවන් මිරිගුවක් බවට පත්වෙලා.
වැඩිහිටියන් වෙත යෝජනාවක් ඇවිත් දවසක් දෙකක් දැකපු කෙනෙක් ඒක්ක ජීවිතය අරඹනවා කියන එක ............?.
නීතියේ දැක්මෙන් විවාහය කොන්ත්‍ර ා ත්තුවක් !.
අක්කා කොන්ත්රාත්තු කාලය අවසන් කරගෙන .............
සේපාලි කතා කරනවා ගිරවියක වගේ. පන්සලට තව දුරයි . මේකි තව මොනවා කියයිද ? මහ ගෑණියක් වගේ .
මම සේපාලිට ඉඩ දීලා අහගෙන යනවා.
මානසික වෛද්ය විද්‍යාවට අනුව නම් එය ලිංගික හා රාග ද්වේෂ හැගීම් පිළිබද රගමඩලක් .
පල්ලිය සලකන්නේ ශුද්ධවුු චාරිත්‍රයක්   විදියට.
මනෝ විද්‍යාවේදී  හැසිරීමේ සහ සකස්වීමේ ක්රියාවිතයක්
සැහැල්ලුවෙන් හිතන මට නම් මේක මර උගුලක්..........
අපි දෙදෙනාටම හිනා ගියේ  එකවර මය.
යම් තරමකින් අම්මාගේ තනියට සිල් නොගමින් සේපාලි සමග දවස ගෙවීම සැහැල්ලවක් හිතට කාන්දු  විය. අපි නොදැනුුවත්ම පන්සලට පැමිණ සිටියෙමු. අම්මලා සිල් පවාරනව ආපසු පිටත්වීමේ සුදානමක සිටියේය.
අපි දෙදෙනාද මල් පහන් පුදා අම්මලා සමග ආපසු ගමනට එක්වුනෙමු.
මට තවත් හිතන්න දේවල් ඉතිරි කර දෙමංසලේ දී සේපාලිත් ඇගේ මවත් සමුගත්තාය.
මම ආයේ එන්නම් අක්කේ ........
අසම්පුර්ණ පුද්ගලයින් දෙදෙනෙකු විසින් භාග්යය සදහා කරනු ලබන සටනකදී තම ශක්තීන් එකතු කර ගන්නා පියවරක් ලෙස ලින්ක් නම් මනෝ විද්යාඥයා විවාහය හදුන්වා තිබේ.
විවාහය තමන්ගේ කර්ම ණය ගෙවා ගැණීමටමටත් ඔවුනොවුුන්ට උපකාර කිරීමටත් ආත්මයේ නව ගුණ ඇති කර ගැණීමටත් අධ්‍යාත්මික අවබෝධය හා ශක්තිය දියුණු කර ගැණිමට ලබා දී  ඇති අවස්ථාවකි .
සේපාලි මට හිතන්න ඉඩ තබා ගියේ මතවාදයකි.
අපි ආදරය ගැන හිතුවේ කොයිතරම් බොළද විදියටද ? . මා විසිතුන්වියේදී  සමීර වරදවා තේරුම් ගෙන තිබිණි.
පරිගණක මෘදුකාංග සැකසීමේ ආයතනයක රැකියාව ඇරඹු මට හොද වැටුපක් ලැබිණි. අතමිට සරුවු මගේ ජීවිතය මට මගේ මොළය අහිමි කර දී තිබිණි  දැන් නැවතත් මගේ මොළය සොයා යා යුතුය.
ඇහරී ඇති වැට කඩොළු වලින් මම මිදිය යුතුය.
අද දවසේ සේපාලි විසින් මා නැවත පුනරුත්තාපනය කල බවක් හැගිණි.
නිවසට විත් අම්මා විවේක ගන්නවා විය හැක. මම රාත්‍රි අහර පිසමින් සිටින විට අම්මාද මුළුතැන් ගෙට පැමිණියාය.
මොනවද පොඩ්ඩියේ කරන්නේ ?.
අම්මේ කාල ඉමුුද ? මහන්සිත් ඇතිනේ.......
හ්ම්.............
කෑම කමින් අම්මාත් මාත් කල කතා බහ  කලෙමු  මට ගෙදර සිට මාර්ග ගත ක්‍රමයට මා සේවය කල ආයතන යේම  රෑකියාව කල හැකි බව සහ  හෙමින් සීරුවේ නීතීඥයෙකු හමුවී ඉදිරි කටයුතු සැලසුම් කර ගත යුතු බව අම්මාට පැවසුවෙමි   .
අම්මාගේ අණුකූලතාවය පලවිය.

සමීර ගැන අණුකම්පාවක්  ඇතිවූවත්  වෙන විකල්පයක් මා දුටුවේ නැත.

---හෙටත් හමුවෙමු - මීදුම.


A day in the life

2024-05-06

පොඩ්ඩිගේ කථාව - තුන්වන දිගහැරුම.




පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත්  මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනුනේ යම්කිසි සිසිලකි.

ඔහේ ඈත බලා සිටි මට සේපාලි නංගී සිටිනවාදැයි නිනව්වක් තිබුනේ නැත. .........මොකද අක්කේ ගල් ගිල්ලා ද ? මම හදිස්සියේ අවදි වුවෙකූ සේ ඈ දෙස බැලීය. සේපාලි මගේ මතකය අවදි කරවා ගන්නා උත්සහායක සිටියේ නැත. යමක් කී වොත් අසා සිටියාය.

මා විවාහකව වෙනම  ගෙයක පදිංචියේ රැකියාවේ පහසුවටය.

මුල් කාලය බොහෝ සතුටින් සාමදානයෙන් ගෙවී ගියේය අපට ආර්ථික අපහසුතා ද නොවීය.

අම්මාට ද ගේ දොර නඩත්තූ කරමින් යමක් කමක් ඉතිරි කර ගැණීමට තරම් ආදායමක් තිබුනේය. එහෙයින් අම්මාට මා ගැනත් මට අම්මා ගැනත් ආර්ථිකය ගැන සොයා බැලීමට අවශ්යය නොවීය.

ඉද හිට අම්මා මගේ අවශ්යතාවයන් විමසීය.

මගේ නිහඩ ආවර්ජනයන් සේපාලිට පාළුවක් දැනෙන්න ඇත.

මොකක්ද අක්කේ කුරුළු කැදැල්ලට ඔච්චරම උන හානිය. ?? සේපාලි නිහෙ බව බිද දමා විමසීය.

නංගී ........

ටික දවසක් යන විට පුංචි පුංචි දේවලටත් සමීර මගෙත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. මුලින් ළුණු මදි නම් අද පොඩ්ඩක් ළුණු මදිකියන මනුුස්සයා පිගාන විසි කරන්න තරම් සැහැසිවුනා.

හැම තිස්සෙම මාව නුරුස්සන ගත්තා.

හවසට දෙන්නත් එක්ක වැඩ ඇරිලා එන ගමන මටට තනියෙන් එන්න වුනා. මුලදී ඔෆීස් එකේ වැඩක්. තව ටික කාලයක් යන කොට ඔෆීස් එකේ වැඩකට දුරක යන්න තියෙනවා..ඔය වගේ නිදහසට කියන කතා හොයලා බලන කොට මට කියලා තියෙන්නේ බොරු. හල බලන විට ඇතිවන ගැටුුම් සමහර දිනවල කෙළවර වුනේ සමීර ගෙදරින් ගිහින්.

කාලය මෙහෙම ගෙවුුුනා නංගී.

මම ඉවසුවා

දැන් දැන් නිවසේ කුලිය ජලබිල් විදුලි බිල් වැනි වියදම් ගෙවන්නේ මගේ පඩියෙන්. ආහාර ද්රව්ය සමහර දවසට සමීර ගෙනාවා.

මේ මොනවා උනත් එයාට ඉතිරියකුත් නැහැ.

මෙහෙම තවත් කාලයක් යන කොට ගෙදර එන එක තව තවත් අඩු වෙන්න පටන් ගත්තා.

එකම ඔෆීස් එකේ වැඩ කරපු සමීර වෙනත් රැකියා ස්ථානයක් සොයා ගත්තා.

මම අම්මාටත් නොකියා මේ දුක්ඛ දෝමනස්සයන් කාලයක් දරා ගත්තා.  

ටිකෙන් ටික මට තේරුනා නංගී , මේ ගමන යන්න බැරිවෙයි කියලා.

අවුරුදු පහක් පමන වෙලත් අපිට දරුවෝ හිටියේ නැහැ.

ඇයි අක්කට එහෙම වුනේ ? සේපාලිට ප්රශ්නයක් වුුනා.

මුල් කාලයේ තිබු සතුට සමීරගේ ටිකින් ටික වෙනස් වීම නිසා නැති වුනා. පසුවෙන්න පසුවෙන්න මගේ උනන්දුව බිදිලා ගියා නංගී.

දවසක අම්මා බලන්න මම ගෙදර ගිය වෙලාවක අම්මාට මේ සියල්ල වමැරුවා. අම්මා  කල්පනා කරමින් සිට පොඩ්ඩියේ උඹ මාර යුුද්දයක් නේ යැයි කීවා මිස එවේලේ හැගීමක් දැක්වුයේ නැහැ.

දවසක අම්මා මට කතා කලා.

පොඩ්ඩියේ ඔය රස්සාවෙන් අස්වෙලා ගෙදර වරෙන්

අවුරුදු පහක ආයුු කාලය ගෙවී ගියේ  පෙර ආත්මයේ කල පාප කර්මයක් ගෙවා දාන්න කියලා මට හිතෙනවා නංගී .......

ඔව් අක්කේ ආදරයක් උනත්   කරුමයක් ව පඩිසන් දෙන්න පුළුවන්. සේපාලි කිව්වා.

සිල් පවාරන කරන වෙලාවත් කිට්ටු වෙමින් තිබුනා . සිසිල දුන් අඹ සෙවනට සමු දුන්න අපි පන්සල් යන්න සුදානම් වුනා.

හිතටත් දැනුනේ පුුංචි සිසිලක් .

 

හෙටත් හමුවෙමු. - මීදුම.


A day in the life

2024-05-05

පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.




මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට  

පොඩ්ඩි එහෙනම් ශිල්පයටත් අහුවුනා යයි ඔච්චම් කලා මිස සිද්ධිය  බැරෑරුම්ව හිතුවේ නැත.

ඒ අම්මාගේ ගති ස්වභාවය විය. කිසිවක් ඇයට බරපතල නැත.

කම්මැලිකම සෝම්බේරි කම ගතෙන් පහව ගොස් කිසියම් සහනයක් හිතට මෝදු වෙන්නේ අම්මාගේ සෙවනැල්ල නිසාය.

පොඩ්ඩියේ හෙට පෝය....

අම්මාගේ මේ සුදානම හෙට පෝයට පන්සල් ගොස් අටසිල් සමාදන්ව පන්සලේ සිල් පාවරන වන තුරු ගත කර ඒ්මටය.

අම්මේ මාත්  එන්නම් .

අනේ හොදයි නේ පොඩ්ඩියේ.

ඒත් අම්මේ මට සිල් ගන්නම් බැහැ. මම අම්මත් එක්ක එන්නම් ගිවිස ගත්තාය.

පසුදා පාන්දර අපි පන්සල් ගියෙමු.

අම්මාත් සමග ආගමික වතාවත් වලට සම්බන්ධව කාලය ගත කරනු වස් මම බෝධි මළුව අතු පතුගා පිරිසිදු කරන්නට පටන් ගත්තේය

එයත් මහත් පිනක් යයිි  මම පුංචි කාලයේ අසා තිබුනා මතකය.

 සේපාලි  නංගී ,  ඇයත්ඇගේ මවත් සමග පන්සල්      පැමිණ  මා සිිටිනු දැක මගේ  උදව්වට එක්විය.

අපි සතුටු සාමීචියෙන්  බෝමළුව පිරිසිදු කර ආපසු ගෙදර ගොස් සිල් පවාරන කරනා වෙලාවට පන්සල් ඒමූයි ගිවිසා ගෙන සේපාලිකා නංගී සමග අපේ ගෙදර ආවාය.

නිසසල බව කතාවටත් අතීතයට කිමිදෙන්න අවස්ථාවක්  ඇති  කර ඇත.

මම සේපාලි නංගී සමග තේ ඒකක් බොමින්  ආලින්දයේ වාඩිවිය. පුරුදු තැන ඉපනැල්ල පිරි වෙල්යාය  මනෝ පාරකට පිවිසෙන්න පෙරම .........

ඉතින් අක්කේ  ......

නෑ .....නංගී.

මම මොනවදෝ කියන්න උවමනාවක් ඇතැයි  ඇයට සිතෙන්නට ඇත.

මට  අපේ විවාහය ලියාපදිංචි කල දිනය සිහිපත් විය.

සමීර කඩවසම් තරුන පෙනූමෙන් යුක්ත විය. දිනක් මම ඔහුගෙන් වයස විමසු විට අවුරුදූ විසි අටයි කීවේය. ඒවකට මගේ වයස විසිතුනකි.  

විවාහ රෙජිස්ත්රාර් වරයා ජාතික හැදුනුම්පත රැගෙන වයස සටහන් කරන විට මාත් ඔහුත් අතර වයස පරතෙරය අවූරූදු දොළහක් බව මම ගණණය කර ගත්තාය.

පළමු බිද වැටීම සනිටුහන්  කර ගත්තේ ඒදාය.

සේපාලිට මේ කතාව කියන විට ,

ඉතින් අක්කා මොකද කලේ ?.

මොනවා කරන්නද කළබල කරන්න අවස්ථාවක් නෙමෙයි නේ . සෙනග මැද්දේ මම නිශ්ශබ්ද උනා.

ඇයි අක්කේ නැන්දා සොයා බැළුවේ නැද්ද ?

මේ සියළු ගැලපීම් වලට කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ නැත.මා අම්මාට වාර්තා කල කරුනු සොයා බැලීම් ඈ පිලිගත්තීය.

මා සමීර උපරීමව විශ්වාස කලේය .

ආදරය අන්ධයි නංගී .

උත්සව කටයුතු අවසන්ව සියල්ලෝ විසිර යද්දී අපි දෙදෙනාද සැලසුම් කල පරිදි දවස සැමරීමට පිටත් වී ගියේය.

මේ වංචනික බව  මගෙන් පහව ගියේ් නැත. සුළු  ගැටුමක් ඇති වූවත් මැක්කාගේ කථාවේ මැක්කා අවසානයට සිටින්නාක් මෙන් වයස අවසානයට සිිිිටියේය.

ඇයි නංගී මම සෙනෙහස නිසා සමීරට කරන ලද පරිත්යාග කොයිතරම් ද ?

විවාහකයෙකු බව දැනගත්තාම නතර කල යුතුව තිබු සම්බන්ධය තවදුරටත් සුුරැකුනේ ඔහු කෙරේ තිබු විශ්වාසය සෙසෙහස නිසාය.....

ආදරයට සීමා මායිම් තිබුුනේ නැත. මොළයක් ද  නැත

සේපාලි බලා සිටියි . ඈ අවිවාහකය.

අනේ අක්කේ මට බයත් හිතෙනවා.....හරිම අපහසුවක් දැනෙනවා. අක්කා කර තියෙන පරිත්යාග වලට මෙහෙම වෙන  කොට .............

අපි මොනවා හරි කාලා ඉමු නංගී..දැන් දවල් වෙලා හොදටම. අද මට වඩා සේපාලි හෙම්බත්වී ඇතැයි සිතුන බැවින්  යෝජනා කලේය.

හ්ම් ....අක්කේ.

කියන්න බැරි බොහෝ  දේවල් ඒ් සුසුුම තුල තිබුුනේය.


 හෙටත් හමුවෙමු -මීදුම

 

 


A day in the life

2024-05-04

පොඩ්ඩිගේ කථාව - පලමුවෙනි දිගහැරුම.



වැස්ස නතර වී නැත.

මේ බක් මාසයයි. හවස් කාලයේ අහස ගූගුරුවමින් වහින වැස්ස හිතට ඇති කරන්නේ බියකරු සිතිවිලිය . ඔළුවේ සිට වසා ගෙන නිදාගන්න උත්සහා කලත් විදුලි  ඒලිය  නොදැක්කත්     ගිගුරුම් හඩින් නම් බේරිමටට මගක් නැත.බක් මහටයි මහ වැස්ස වහින්නේ - බක් මහටයි අපි දීගෙක යන්නේ ................කීවාක් මෙන් මීට අවුරුදු පහකට පෙර බක් මාසයක අපි දීග ගිය බව ගිගුරුම් හඩකින්ම මගේ කැළඹුන සිතට සිතිවිල්ලක් ඉපිද මියගියේය.

අම්මා.........

පොඩ්ඩි නිදි ද ? රෑට ඉදිආප්පයි කිරිහොදියි හැදූවා කාලම නිදා ගනින් . කරුනාව පිරි හඩ ඇසෙයි. මම එහෙ මෙහේ පෙරලෙමින් කම්මැලි කමින්

හා අම්මේ........යයි පවසමි.

මම කිරිහොද්දටත් ඉදි ආප්ප වලටත් පෙරේත බව අම්මා දනී.

මම විවාහව ගෙදරින් ගිය දාත් ආපසු ආ දවසත් අම්මා උපේක්ෂා වෙන් විද දරාගෙන සිය දරු සෙනෙහස දෝරේ ගලා ගිය අන්දම සිහිපත් වන විට මගේ  පපුව හෝස් ගාලා දැවී යයි.

එනවා අම්මේ ..............

එහෙන් මෙෙහන් ඉදි ආප්ප එක දෙකක් කා නැගිට යන විට

ඔහොමම පෙරලෙන්නේ නැතිව ඇදුම් මාරු කරගෙන නිදා ගනින් අම්මාගේ ඊලග විධාන ය මට ඇසිනි.

ඇදේ ඒහාට මෙහාට පෙරලමින් සිටි මට කොයි වෙලාවේ නින්ද ගියාදැයි නොදනිමි.

අම්මා පොඩ්ඩියේ ඊයේ රෑටත් කෑවේ නැහැ නේ ඒ් නිසා මම බත්ම ලිපේ තිබ්බා. ඔය මොනවා හරි කැමති දෙයක් හදපන්.

මට පවරා අද ලොකු අම්මලාගේ ගෙදර පැත්තේ ගිහින් එන්නත් ඕනි.

පුුර්ව දැනුම් දීමක් කලේය.

අම්මා ගිහින් එන්න. මම ඉන්නම්

අම්මා එකගතාවය පලකලේය.

දහයට පමන උදෑසන කටයුතු අවසන්ව පාළුව මකන්න  නවකථා  පොතකුත් රැගෙන ආලින්දයේ පුටුුවකට බරවුුුනාය.

දහසක් සිතිවිලි ඇවිද විත් මා විටක අදුරටත් අදුරෙන් ආලෝකයයටත් නැවත අදුරටත් පියමං කරවන්නට පටන් ගත්තේය.

අම්මා ලග පාතක සිටියා නම් තවමත් ඕක ඉවරවුනේ නැද්ද පොඩ්ඩියේ යයි නිසකයෙන්ම අසනු ඇත. අම්මා ලොකු අම්මලාගේ ගෙදර ගොසින් බැවින් නැගෙන බිදෙන රළ පෙල මත මට පාාවෙන්න බාධාවක් නැත.

අප එකම ආයතනයක සේවය කල අප හදුනාගත් අප පෙමින් බැදුණු සුන්දරවු  යෞවනය සිතුවම් පෙලක් මෙන් එකිනෙක සිහිපත්වන විට මහත් ව්යාසනයයකට පත්ව ඉන්නා මේ මොහොතේ උවද මිහිරියාවක කිමිදෙන්න හිතට ඉඩ දී මම වෙල්යාය දෙස බලා සිටියේ නිකමටය.


පැසුණු ගොයම බක් උලෙලට පෙර කපා අස්වැන්න ගොඩ ගත් බැවින් ඉපනැල්ල පමනක් වියලි දුඹුරු පැහැගැන්ව  මා දෙස බලා සිටින බව මට හැගී ගියේය.

දහවල බතට අම්මා ගෙදර නොඑනු ඇත. ලොකු අම්මා සමග ආ ගිය තොරතුරු බෙදා හදා ගන්නා විට  දවස ගෙවී යන බවට ඇයට  නිනව්වක් ඇති නොවනු ඇත.


පෙන බූබුලව  මතුව බිදී යන අතීත සිතිවිලි  පිලිවෙලක් නැතිව ඒහෙන් මෙන් මතූව විශ්ලේෂණය පෙරලා ගත් පොතට විවේකයක් ලබාදෙමින්ය. අප පෙමින් වෙලී දවස ගෙවුු එදවස එක් දිනක් ඔබේම මිතුරෙක් මට අසුුබ පණිවියක් දුන්නාය.

නංගී , ඔයාගේ යාළුවා කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. හොයලා බලන්න .........

මම ඔබෙන් විමසු විට , ඔය ඉරිසියාවට කියන කතා යයි සැහැල්ලුු පිලිතුරකින් මගේ විශ්වාසය   ඇති කලේය.

කාලය ගෙවී ගියේය.

මම වැඩිහිටියන් හට කියා විවාහ වීම සදහා වටා පිටාව සකස් කර ගත්තේය.

විවාහය ලියා පදිංචියට දින කිිපයකට  පෙර දිනයක ඔහුුගේ අතීතය මා ඉදිරියේ වමාරා පෙර විවාහ සිටි බවත්, එම විවාහය අසාර්ථකවු බවත් කල අදෝනාවට මට සෙනෙහසක් දැඩි අනුකම්පාවක් ඇතිව සදා ඔහු හැර නොයන බව සපත කලාය. සැබවින්ම මම පෙරටත් වඩා ඔහුුට තවත් සමීප විය.

එහෙ මෙහෙ දුවන හිත බැද ගෙන එකතැනක රදවා ගන්න නොහැකිව හිස ඔසවා බලන මට දෙවට දිගේ විත්  අපේ   වත්තට යමෙක් ගොඩවුන බව දැක්කේය. ගෝණියක් වැනි දෙයක් ඔහු කිහිලි ගන්නා ගෙන සිටි බව ටිකින් ටික ගෙදරට ලංවන විට නිරීක්ෂණය විය..අම්මාත් නැති මේ වෙලාවේ මේ මොන කරදරයක් ද ?.

පුංචි නෝනා , මම මේ බෙහෙතක් හොයා ගෙන යන ගමන් මේ වත්තෙත් ඇත්ද බලන්න ආවා.

මගේ උපතින් ලැබුුන කරුනාව උතුරා ගියේය.

මට ඔහු ගැන නිනව්වක්ම තිබුනේ නැත. ගමේ  කෙනෙක් වෙන්න ඇති . සිතිවිල්ලක් පහල විය .

මොනවද ඔය බෙහෙත් ජාතිය ?

නෝනා පොටිච්ච වැල්  ටිකක්..

බලන්නකෝ තියනවා නම් එකතු කර ගන්න

ඔහුු වත්ත පහල කරක් ගසා ගේට්ටුව අසලට ගොස් ආපසු විත්

අනේ නෝනා පිංසිද්දවෙනවා .ටිකක් තිබිලා ගෝණියට ඔබා ගත්තා. මම යන්නම්

කියමින් පිටත්ව ගියේය.

 

ඉරත් අවරට යන්න තතමින් සිටියදී බිදුනූ දෑහන යලි පිබිදෙන්නට කලින් දහවල බඩ කට පුරවා ගන්නා අදහසක් ඇතිවිය.

බඩ ගින්නේ සිිටියොත් ,පොඩ්ඩියේ උඔ නොකා නොබී මොකද කලේ ? අම්මාට උත්තර බදින්න සිදුවනවාය.

 

ආදරය ප්රේමය නිසි ලෙස විග්රහවන්නේ එම සූදුුවෙන් පරාජයට පත්වු විටය. අප වටා සිටින සියල්ලන්ම සතුරන් ඊෂ්යාකාරයන්, බාදාකරන්නන් මෙන් පෙනෙන අතර ඔවුන් දෙන තොරතුරු උපදෙස් යහපත් අදහසකින්  දෙන්නක් ලෙස සිත පිලිගන්නේ නැත. තමන් වටා හදා ගන්නා ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. සියල්ල තමන්ට සාධාණීකරනය කර ගන්නා අතර , අනෙක් සියල්ල අසාධාරණය.

අම්මා සියළු වගකීම් මවෙතම පවරා සියල්ල හොයා බලා ඇයට වාර්තා කරන තොරතුරු පිලිගත්තාය. සොහොයුරු සෙහොයුුරන් නොමැති වීමේ පාාඩුුවද ,ආදරණිය පියානන් මේ අවධිය වන විට අපෙන් වියෝව සිටීමද මගේ ජීවිතයට බෙහෙවින් බලපෑවාය. මේ සියල්ලේ වාසිය ඔහුු මා මුලාකීරීමට පහසු වටා පිටාවක් සකස් කර තිබුනේය.

දොර ජනේල් වසා නිදා ගන්නට තරම් කුසීතබවක් හිතට නැගුනත් අම්මා දැන් එනු ඇතැයි සිතිවිල්ල නිසා වත්ත පහල ඇවිද යාමට සිතිවිය.

ඊයෙත් වැටුන පොල් අහුලා නොගත් බැවින් , පොල් අහුලා ගොඩට දමන අරමුණකින් ඇවිද යන මට එක පොල් ගෙඩියක් වත් හමුවුුනේ නැත. අම්මාටත් අද ඊයේ ඒ සදහා විවේකයක් තිබුනේ නැත.

වත්තට පැමිණියේ පොටිච්ච වැල්“  සොයා ආ ගැමියා පමනය.

ඔහුු මගෙන් අවසර ගෙනම ඔහුගේ කාර්ය  ඉටුකරගෙන තිබුුනේය. මම මෝඩ ගැමියෙකුගේ උගුලකට අසුවන්න තරම් ලද බොලද  වීම ගැන මා කෙරෙහිම කෝපයක් ඇතිවිය.

 තවත් කොටකින් හෙටත් හමුවෙමු - මීදුුම


A day in the life