දිනක සමීර දැන් සේවය කරන ආයතනයේ පිරිස් පාලන අංශයට මම කතා කලෙමි. ඔහු සේවයට පැමිනෙන බව තහවුරු කර ගතිමි.
මගේ අරමුණු වෙනස් බැවින් එතනින් ඔබ්බට ඔහු ගැන සෙවීම නිස්පල බව මගේ හිත කියයි.
මට තවදුරටත් ගෙවල් කුලී ගෙවමින් ගෙදර වසා තැබිය නොහැකි බැවින් මා තීරණයක් ගත යුතුවේ.
මම සමීරගේ පියාට කතා කලෙමි. සිදුව ඇති දේ නොවලහා පැවසුවෙමි. ඔහුගේ ප්රතිචාරයන් හරිම උදාසීන විනි.
අනේ මොනව කරන්න ද ? මම ළමයෝ ඔහු මගෙන් විමසයි..
ඇත්තටම ඔවුන් මොනවා කරන්නද ? අප විසින්ම ඇති කර ගත් දේ අප විසින්ම විසදා ගත යුතුය.
අම්මාට මේ තොරතුරු කී විට “බඩු බාහිරාදිය අස් පස් කරගෙන ගෙනත් මෙහෙ ගෙනත් දමමු. ඒ ළමයට ඕන වෙලාවක එයා බඩු අරන් යන්න කියමු “ යයි පැවසිනි.
දන්නා කෙනෙක් ගෙන් උපදෙස් ගමු යයි මම අම්මාට යෝජනා කලෙමු.
පසු දිනක නීති උපදේශිකාවක් මුන ගැසී තොරතුරු පැවසු විට ලගම ඇති පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර සමීර ගෙන්වා ගැණිමට හැකි දැයි බලා බඩු බාහිරාදිය ගෙන යාම සුදුුසු බව ඇගේ අදහස විනි.
එහෙත් එවැනි කටයුත්තකට යාම සුදුසු නැතැයි මගේ සිත කියන්න විනි.
අම්මා විමසු විට , අම්මා සමීරගේ තාත්තට යලි කතා කරන ලෙස කීවේය.
මම ඔහුට කතා කලෙමි. විස්තර කී විට “ එහෙනම් එ්දාට මමවත් එන්නම්. “යයි කීවා මිස සමීර සම්බන්ධ කර ගැණීමට උනන්දුවක් නොවිනි.
මගේ අවශ්යතාවය ගෙය නිදහස් කර ගැනීම බැවින් මම ඔහුට එකගවිමි.
කෙලෙස හෝ එයත් සාමකාමි ලෙස අවසන් විය. මම නිදහස් වුනෙමි.
සමීර කිසිදා මා හමුනොවනු ඇත් ද ?
මගේ සිත මගෙන් අසයි. මගේ යටි සිත සමීර ආපසු එනු ඇතැයි සිතන්නේ ද ?.සංසාර ගනු දෙනුව අවසන් වීද ?
විවාහය සංකල්පනාවක් බවට පත්්වෙමින් මම දවසේ වැඩ කටයුතු වලට හුරුවෙමින් සිටියෙමි. ඉද හිට කල්පනා ලෝකයේ කිමිදුනේ නැතැයි නොකියමි.කාර්යාලීය සම්බන්ධතා මාර්ගස්තව කර ගෙන ගිය අතර සති දෙකකට වරක් කාර්යාලයට ගියෙමි.
මේ හැම ගමනකදීම අම්මා “පොඩ්ඩියේ පරිස්සමින් ගිහින් වරෙන් “ යයි අනිවාර්යෙන් කියනු ලබන්නෙකිි
මෙසේ කාලය ගෙවී යද්දී ජීවිතය ඒකකාකාරීවිනි. අම්මා උයා පිහා දෙයි . මම උදේ නවයට පරිගණකය ලග හවස පහ හය වනතුරු ගත කරමි.
ද වසක සේපාලි කිවු කතාවක් මට සිහිපත් වේ .....යම් සමාජයක ජීවත් වන විට අපි ට කැමති හැම දෙයක්ම ඒයාකාරයෙන් සිදු වන්නේ නැත.හැම කෙනෙක්ම අපි සතුටු වෙන අන්දමින් කටයුතු කරාවි යැයි සිතන්නටත් බැහැ අඩු තරමින් පවුලේ අයවත් එහෙම කැප වීමක් දිගින් දිගටම කරාවිද ?.
සමීරට සිටියේ මා පමනක්ම නොවන බව මට සිතිනි.
මිතූරන් ට අමතරව විශේෂිත කිසිවෙක් මා හා විවාහයෙන් පසුවත් සිටියේ ද ? යන්න මට සිතෙන්න වන්නේ මා හා අඩදබර වැඩිවු පසුය. ඒහෙත් ඒ් ගැන සොයා බලන්න උනන්දු නොවී මගෙ හිත රවටා ගනිමින් කල් බැලුවේය
පොඩි පොඩි දෙවල් මනසට දිනෙන් දින ඒකතුවී මගේ මනස සමීර කෙරෙහි දවසින් දවස බිදෙන්නට විය.
ඉතිරිය හෙට - මීදුම.
0 comments:
Post a Comment