A day in the life
තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2026-01-30
2026-01-20
කියන්න සුළඟේ,
කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
සැරින් සැරේ හෙමින් ඇවිත්, හයියෙන් යන්නේ
කියන්න සුළඟේ, ඔබ කොයි සිට දෝ එන්නේ?
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ?
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ
හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
හමන තාලයටද ගහේ අතු කොල නැටුවේ
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ
ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ
සමගි වෙලා තැන තැන යනවාලු එක රැලේ
කැලය මැදදි සත්තු දැක්කේ නැද්ද මද නලේ
කුරුලු මවක් නැති උනු පොඩි පැටවෙකු සෙව්වා
තුරුලු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා
බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද
බුදුන් ගේ සිරිපාය තියැයි ලොව පරසිද්දේ
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියේ නැද්ද?
ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකි නම් ඔබ මෙන් තැන තැන යන්න
Kiyanna Sulange · Karunaratne Abeysekera · Clarence Wijewardena
2025-02-15
ගිමන් හරින දියඹ දිගේ - ආචාර්ය අමරදේවයන් .
2024-12-05
ඔබ සොයමින් එනවා........
සැදෑ අදුර තුලහිරු මියයනවාසොයමින් එනවාඔබ සොයමින් එනවාසොයමින් එනවාඔබ සොයමින් එනවාහඩා වැටෙන තරුකදුලැලි වැස්සේමට හමුවෙනවාඔබ මට හමුවෙනවාමට හමුවෙනවාඔබ මට හමුවෙනවාසොයමින් එනවාඔබ සොයමින් එනවාඅඩ සද බැස යනඅලුයම් යාමේලොව වැලපෙනවාමුලු ලොව වැලපෙනවාලොව වැලපෙනවාමුලු ලොව වැලපෙනවාවිලිලන අදුරිනහිරු බිහිවෙනවාවෙන්වී යනවාමම වෙන්වී යනවාලොව වැලපෙනවාමුලු ලොව වැලපෙනවාවෙන්වී යනවාමම වෙන්වී යනවා..
2024-05-26
..ගමන නොනිමෙයි ලෝකයේ මේ.....
ගමන නොනිමෙයි ලෝකයේ මේ.....
පුරුදු ජීවන මං තලේ...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ....//
වැටෙන මල් පෙති පා වුනාවේ,
සුළං රැළි ඔහෙ යන අතේ...
යලිත් ගහ කොළ පාළු නෑනේ,
රිකිලි නංවා ලියැලවේ....
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
කොහේද සීතල ජලාශයක රැළි,
ගැටී ගැටී එයි සුළං වැදී...
අපේම සිරුරේ අපේම දාදිය,
නිවී නිවී යයි සුළං වැදී...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
ගලා බසී දිය පහර සෙමින්,
වැලි තලා සදා සමතලා බිමේ...
හැපී ගලක යළි සලා වැටුම් දී,
නඟා නඟා හඬ නඟා දිවේ...
ගැටෙන සැප දුක මාරු වී යයි,
පුරුදු ජීවන මං තලේ..
ගායනය - නාරද දිසාසේකර
පද මාලා - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - ආර්. මුත්තුසාමි
A day in the life
2024-05-16
අපෙ හැඟුම්වලට | - වික්ටර් රත්නායක.
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
ඔබ , ඔබ හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ , ඔබ හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
හිර කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිර කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ ආයේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ ආයේ
පද ප්‍රේමකීර්ති අල්විස්ගේ .
මට මතක හැටියට හැත්තෑව දශකයේ ගීතයක්. අපි එදා රසවින්දා වගේ අදත් රසවිදිනවා.
පෙර කලෙක ආදරයෙන් බැඳී සිටි යුවලක් වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්.දැන් කාලය ගෙවී ගිහින්.
දවසක අහම්බෙන් ඔවු නොවුන් මුණගැහෙනවා.
අගුලු ලා තිබූ හැඟුම් ලිහිලා යනවා.
අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා.
ඔබ , ඔබ හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබ හෙවනැල්ලෙන් මිදෙන්න......වර්තමානයේ ඈ විවාහකයි
මම මගේ හෙවනැල්ලෙන් මිදෙන්නම් .........මාත් දැන් විවාහකයි
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
යෝජනාවක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
යෝජනාවට දෙදෙනාම එකගවනවා
හදපාන ඔවුන් වෙනුවෙන් වෙන්වෙලා. - අවුදින් හෙමින් රහසින් මුමුනා
අත් පටලා යමූ අප ආයේ
හිර කර හසරැල්ලෙන් බැදී
අපි හිනහෙමු සපුරා පැතුමෙන්
තාවකාලිකවු නවාතැනෙන් ඔවුන් පිටවෙලා යනවා.
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
සමහර විට යලිත් හමු වෙන්නේ මතු ආත්මයේ වෙන්න පුළුවන්.
2024-05-09
2024-05-08
2022-07-24
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
පාට වරුන ඇති කුකුලනි
මම තොපට රනින් වළළු
තනවාලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවොත් නාඩන් කුකුලනි හෙට
සදට හොරෙන් සද මුදුනින් සාවෝ ගියා
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනින් ඔමරු ගියා.
අපට හොරෙන් නුඹ දෑසට නොපෙනී ගියා
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා.
සාවුන් හැර.............ගියත් නති සද තනිනොව්වා.
ඹඹරුන් හැර ගියත් මල තනිනොවේවා.
පිං ඇති ළදක් කර කාරෙට ලැබීයන්
රුවැති ගුනැති දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්
මතු ජාතියේ හිමි සද ලෙස ලැබීයන්
සවි ඇති කළට උක් දණ්ඩේ පැණිසේමා.
සවි නැති කලට..................වැටකෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා.
අසරණදා ....................මල් යායේ කටු සේමා.
වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසානාවන්.
දෙපොදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
2021-02-10
පිලේ පැදුර හේනට අරගෙන යනවා
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ඉර පායා ඉර අවරට ගියදෝ
සද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
ළමා ලපටි නෑනා කොයි ගියාදෝ
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
-ආචාර්ය අමරදේව
2020-07-08
හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව
බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................
වැහි පබළු යට
රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු වන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හල
අමාවක අදුරේ
නොයනු මැන ලදුනේ..............
බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................
වඩිනතුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී ගයන්නම්
සොදුර ඒ සද
දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරනේ...............
හ්ම්...............
හ්ම්...............
හන්තාන සිහිනේ...................
2020-06-16
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහින්සකයින් ගෙන ගියා වතුරේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරා ගෙන ගිය
අමනයින් රැල තබා අප අතරේ
අහිංසකයින් ගෙන ගියා වතුරේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
අමරසිරි පිරීස් ගේ ගායනයක්
2019-08-26
2015-12-22
අවදිවූ මතකය.
මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි
මල් සුවද පවා සුසුමින් වැලපෙයි.
මේ සරස වසන්තයේ........................
ඇල් සුළග ඇවිත් කොදුරයි රහසින්
ආදරෙයි කියා ඔබ කීව ලෙසින්
ජීවිතය වුනත් මලක් වගෙමයි
හෙට හිනා වෙලා පෙති ලිහා දමයි.....................
මේ වසන්තයම හෙට මලකට නම්
ආදරය දකිනා හීනයක් වගෙයි
සිප ගන්න හිතයි සැගවේද බයයි.
ආදරය වුනත් මල් සුවද වගෙයි........................
මේ සරස වසන්තයේ - සද උතුරන මිහිර වැගිරෙයි
මල් සුවද පවා සුසුමින් වැලපෙයි.
මේ සරස වසන්තයේ
notes of imaginary
2014-01-27
මහමෙව්නාවේ සමාධි බුදු ඇස
notes of imaginary
2014-01-06
විභාගේ තමයි අපේ අභාගේ
විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ//
විභාගෙ විභාගේ ..
[විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට]//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
විභාගේ…
අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
‘කොහොමද ලමයො විභාගේ?’
‘තව සුමානෙකින් ප්‍රතිපල එයි’
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
[බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]//
විභාග ප්‍රතිපල වසංගතේ
ඒ විතරක්යැ
විද්‍යා විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ ?
විද්‍යාවයි ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
‘ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් විද්‍යාවෙන් විභාගෙ කොරල’
විභාගෙ විභාගේ ..//
නාට්‍යය -සෝමලතා සුබසිංහගේ විකෘති
notes of imaginary
2014-01-01
කුමටද සොබනියෙ කදුළු සලන්නේ ?.
හේතුව මම නොදනිම් ........................................”
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ
සද පායන කල ගලබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්
සොදුරියෙ ආදරබස් දෙන්නම්
සොදුරියෙ ආදරබස් දෙන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කදුළු සලන්නේ
තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්
ඔබෙ ඇග දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්
https://www.youtube.com/watch?v=Jmj_JqxY1hA
කාලයක් යන කොට උතුරේ ඇත්තන්ට එපා කියන ජාතික ගීතයට මේ ගීතය ආදේශ කරන්නත් දවසක් ඒවී.
notes of imaginary
2013-12-24
මඩේ ලඟින තාරාවන්
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං
මඩේ ලඟින..
මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං
මඩේ ලඟින..
හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං
ගායනය - මර්සි එදිරිසිංහ













.jpg)

.jpg)

