ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label නිම්නය. Show all posts
Showing posts with label නිම්නය. Show all posts

2026-03-20

රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක්




රේල් පීලි දෙකක් අතරේ කුඩා ඉඩක් තබන්නේ අව්වට ප්‍රසාරනය වීම සඳහා යයි පැවසීම තවත් දුම්රියට සම්බන්ධ ප්‍රචලිත මිත්‍යාවකි.
රේල් පීලි දෙකක් අතර පෙනෙන හිඩැස පිළිබඳ පැහැදිලි කිරීම.
රේල් පීලි දෙකක් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා පත්තු (Fish Plates) දෙකක් දෙපසින් තබා අඟලක් පමණ විශ්කම්භයක් ඇති වානේ ඇන (Bolts & Nuts) 4 කින් (සමහර විට 6 කින්) දැඩි ලෙස සම්බන්ධ කරනු ලබයි. මේ ඇන හොඳින් තදවී ඇත්නම් එම පීලි දෙක එකම දෘඩ පීල්ලක් ලෙස ක්රිියා කරයි.
මෙවන් සම්බන්ධකිරීමකදී පීලි දෙක එකිනෙක හේත්තුවන ලෙස තබන්නේ නම් පීලිවල හා පත්තුවල සිදුරු එකිනෙක නිවැරදිව සම්පාතවීම සඳහා විශාල නිරවද්යහතාවකින් යුතුව සිදුරු ස්ථානගත විය යුතුය. උදාහරණයක් ලෙස අවසන් සිදුරේ කේන්ද්රහයේ සිට පීල්ලේ කෙලවරව දුර මිමී 100ක් නම් හා පත්තුවේ මැද සිදුරු 2 අතර දුර මිමී 200ක් නම් පීලි අතර හිඩැසක් නොවන පරිදි පීලි දෙක සම්බන්ධ කල හැකිය. එහෙත් යම්කිසි හේතුවක් නිසා පීල්ල කැපීමේදී එහි අවසන් සිදුරේ සිට කෙලවරට දුර මිමී 1 කින් වැඩිවුනා යයි සිතමු. එවිට එවන් පීලි දෙකක් හේත්තු කලවිට සිදුරු අතර දුර මිමී 202කි. නමුත් පත්තුවේ අදාල සිදුරු අතර පරතරය මිමී 200ක් පමණි. පීලි තවත් මිමී දෙකකින් ලං කල යුතු ය. කොටින්ම කිවහොත් සවිකල නොහැකිය. මේ සඳහා අවශ්ය නිරවද්යයතාවට විශාල රේල් පීලි කැපීම හා විදීම ක්ෂේත්රමයේදී අපහසුය.
එබැවින් ප්රා‍යෝගිකව සිදු කරන්නේ මිමී 5ක් පමණ කොටට පීල්ල කැපීමයි. මුල් උදාහරණයම සලකමු. දැන් සිදුරේ සිට පීල්ල කෙලවරට දුර මිමී 95 යි. පීලි දෙක එකට තැබූ විට සිදුරු අතර අවම දුර මිමී 190. පත්තුවේ සිදුරු අතර දුර මිමී 200. දැන්පීලි අතර මිමී 10ක හිඩැසක් තබා පත්තුව සවි කල හැකිය. වැරදීමකින් පීල්ලේ දිග මිමී 1ක් 2ක් අඩු වැඩි වුවද පත්තුව සවිකල හැකිය. පීලි අතර හිඩස ඇතිවන්නේ මේ හේතුව නිසාය.
පීලි ශක්තිමත්ව සිල්පර හා සම්බන්ධ කර ඇති විට රත්වීමේදී හා සිසිල් වීමේදී සිදුවියයුතු දිගවැඩිවීම හා අඩුවීම එසේ නොවී සංපීඩනයක් (Compression) හෝ ආතතියක් (Tension) ලෙස පීල්ල විසින් විඳගනු ලබයි. (මේ සඳහා බකල් වීමට හෝ Crack වීමට අවකාශ නොලැබෙන සේ මාර්ගය ශක්තිමත්ව තිබියයුතුය.)
පත්තුවේ ඇන හොඳින් තදවී ඇත්නම් රත්වීමේදී හෝ සිසිල් වීමේදී මෙම හිඩැස වෙනස් නොවේ. එහෙත් ඇන බුරුල්වී ඇත්නම් යම් ප්රීමාණයක අදීමක් හෝ හැකිලීමක් නිරීක්ෂණය කල හැකිය.
මෙසේ පීලි අතර හිඩසක් තිබීමෙන් ඒවා මාර්ග නඩත්තුවේදී මාරු කිරීම පහසු වන අතර අවාසිය වන්නේ රෝද මේ හිඩැස් මතින් යාමේදී ඇතිවන ශබ්දය හා කම්පනයයි. වර්තමානයේ අධිවේගී දුම්රිය මාර්ග සැදීමේදී රේල් පීලි කිහිපයත් එකට පාස්සා සම්බන්ධක ප්ර මාණය අවම කර ඇත. සම්බන්ධක (Joints) නැතිවම හදන රේල් පාරවල් ද ඇත (Continuously welded rails). තවද Expansion Joints යනුවෙන් අතරමැදි ක්‍රමයක් ද වේ.
ඒ අනුව රේල් පීලි දෙකක් අතර හිඩැසක් තබන්නේ රත්වීමේදී වන ප්රිසාරණයට ඉඩ දීම සඳහායයි පැවති මතය බැහැර කල යුතු ය.
© former gmr mr. Punnavijitha Wijesekera

A day in the life

2026-03-09

ඉංග්‍රීසි - විදේශ කටයුතු.



ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කර සිටියත් තම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී එය භාවිතා නොකරන ලොව සිටින ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්‍රෝව්. ඔහු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී භාෂා පරිවර්තකයෙකු යොදා ගන්නවා. ඔහුට ඉංග්‍රීසි බසට අමතරව සිංහල බසත් හොඳින් හැසිරවිය හැකියි.
චීන විදේශ ඇමතිවරයාත් තම රාජකාරී කටයුතුවලදී ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැහැ. ඔහුටත් ඉංග්‍රීසි බස හොඳින් පුළුවන්. ඔහු නමුත් නිල කටයුතුවලදී නිතරම මැන්ඩරින් බස භාවිතා කරනවා.
ඊට අමතරව වියට්නාමය, තායිලන්තය, සෞදි අරාබිය, ඉරානය වැනි රටවලත් විදේශ ඇමතිවරුත් තම මව් භාෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරනු ලබනවා.
තම මව් භාෂාව නොවුනත් හොඳින් ඉංග්‍රීසි භාෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරන විදේශ ඇමතිවරුන් ගැන කතා කරද්දි ඉහලින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ සිටම නම් දරා තිබෙනවා. ඉන්දියාවත් මේ ලැයිස්තුවේ ඉහලින් සිටිනවා.
නිදහස් ලංකාවේ පළමු විදේශ ඇමති වුණේ DS සේනානායක, ඉන් පසුව ඩඩ්ලි, ජෝන් කොතලාවල, SWRD බණ්ඩාරනායක, විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන විදේශ ඇමතිවරුන් ලෙස පත්වුණා. පළමු වරට රජයේ ප්‍රධානියා නොවන්නෙකු ලෙස විදේශ ඇමති බවට වුණේ ACS හමීඩ්. ඉන් පසුව රන්ජන් විජේරත්න, හැරල්ඩ් හේරත්, ලක්ෂ්මන් කදිරගාමර්, ටිරෝන් ප්‍රනාන්දු, අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර, රෝහිත බෝගොල්ලාගම, GL පීරිස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානයක, මොහමඩ් අලි සබ්‍රි සහ විජිත හේරත් මෙරට විදේශ ඇමතිවරුන් බවට පත්වුණා.
සාමාන්‍යයෙන් ලෝකයේ රාජ්‍යතාන්ත්‍රිකයන් ඕනෑම අප්‍රසිද්ධ රටක් ජාත්‍යන්තර තලයේදී හඳුනා ගන්නේ විදේශ ඇමති ධූරයෙන්. විදේශ ඇමතිවරයා එම රටේ මුහුණුවර ලෙස බොහෝ විට කටයුතු කරනවා. ඔහුට හෝ ඇයට පුළුවන් හුණ්ඩුවක් වැනි රටක් වුණත් මහාද්වීපයක් කරන්න.
මෑත ඉතිහාසයේ ආසියාවේ බිහි වූ කීර්තිමත් විදේශ ඇමතිවරයෙක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර්ගේ නම සඳහන් කළ හැකියි. දැවැන්ත LTTE ප්‍රචාරණ යාන්ත්‍රනයට එරෙහිව තම රාජ්‍යතාන්ත්‍රික කැරිස්මාව භාවිතා කිරීමට ඔහුට හැකිවුණා. ඔහු සම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවුණත් චන්ද්‍රිකා කල් ඇතිවම ඔහුට එම ධූරය සඳහා ආරාධනා කර තිබුණා.
ජේ.ආර්ගේ රජයේ විදේශ ඇමති ධූරය හෙබවූ හමීඩ් මහා උගතෙකු නොවෙයි. ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක්. එහෙත් දැන් ඒ ආදර්ශය අරන් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදේශ ඇමති කළොත්නම් මාතර අපිත් ඉවරයි.
රෝහිත බෝගොල්ලාගම මහතා පිළිබඳව විවේචන තිබෙන්නේ ඔහු දැරූ වියදම් සම්බන්ධයෙන් මිස ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව නොවෙයි. යුද්ධයේ උච්චතම කාලයේ ඔහු ලෝකය හමුවේ සාර්ථක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවරක් කළා. විදේශ ඇමතිට පෙට්ටි කඩවලින් කාලා සමුළු ඇමතීමට නොහැකි බවයි ඔහුගේ මතය වුණේ.
රටක විදේශ ඇමතිවරයෙක් යනු ජාත්‍යන්තර සමුළුවලදී අතට අත දීම, කෙටි කතා බහ, සංග්‍රහ භුක්ති විඳීම් සහ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තම පාක්ෂිකයන්ට දැනුම් දීමෙන් ඔබ්බට ගොස් බැරෑරුම් ලෙස තම රාජ්‍ය ප්‍රතිපත්තිය තර්කානුකූලව ලෝකය හමුවේ ගෙනහැර පාන්නෙකු විය යුතුයි.
රටක් සාමාන්‍යකරණය වූ පසුබිමක මෙය එතරම් දැනෙන්නේ නැහැ. නමුත් යුද්ධයක් හෝ ආර්ථික අවගමනයක් වැනි අර්බුධකාරී පසුබිම්ක ලෝකය හා ගනුදෙනු කිරීමටනම් ඉතා උපායමාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළ යුතුයි.
විදේශ ඇමතිවරයෙකුට පමණක් නොව රාජ්‍ය නායකයෙකුට වුණත් මාධ්‍ය සාකච්ඡාවකට ආරාධනාවක් ලැබෙන විට අදාළ මාධ්‍යවේදීන් සමඟ පූර්වයෙන් සම්බන්ධ වී ඔවුන් අසන ප්‍රශ්න පිළිබඳව දැන ගැනීමට ඕනෑම රටකට අයිතියක් තිබෙනවා. එකී ප්‍රශ්නවලට ලබා දිය යුතු පිළිතුරු සකස් කරන්නේ නිලධාරීන්. ලබා දී තිබූ ප්‍රශ්ණවලට අමතරව වෙනත් ප්‍රශ්ණ ඇසුවොත් ඊට පිළිතුරු ලබා නොදී සිටීමේ අයිතිය අදාල රාජ්‍යතාන්ත්‍රිකයන්ට තිබෙනවා. එසේම ඇසිය යුතු ප්‍රශ්ණ ඇත්නම් ඒවා ලබා දීමට පවා ඔවුන්ට හැකියි. එය ලැජ්ජාවට කාරණයක් නොවෙයි.
ඊට අමතරව රාජ්‍යතාන්ත්‍රික නිල්ධාරීන් තවත් ලෙසකින් මෙවැනි කටයුතුවලදී මැදිහත් වෙනවා. අදාළ වැඩ සටහන මෙහෙයවන මාධ්‍යවේදීන් මුණගැසී තම රටේ රාජ්‍ය නායකයා හෝ රාජ්‍යතාන්ත්‍රිකයාගේ ස්වභාවය පිලිබඳව සාකච්ඡා කරනවා. දක්ෂ නිල්ධාරීන් සිටීනම් එකී මාධ්‍යවේදීන් සමඟ විස්කි බෝතලයකින් හෝ සප්පායම් වී පූර්ව එකඟතා ඇති කර ගන්නවා.
කවුරු හරි හිතනවානම් ඉංග්‍රීසි භාෂාව චතුරව කතා කරන පුද්ගලයෙක් පුටුවේ ඉන්දවීමෙන් පමණක් රටේ විදේශ ප්‍රතිපත්තිය ලෝකයට ගෙනයන්න හැකියි කියා ඇත්‍තටම එය මුලාවක්. ශේක්ෂ්පියර්ගේ ඉංග්‍රීසියෙන් විකාර කියනවාට වඩා සරල ඉංග්‍රීසියෙන් රටේ ප්‍රතිපත්තිය කීම හොඳයි.
භාෂා දැනීම, අධ්‍යාපනය පමණක් නොවේ. ඇසූ පිරූ තැන්, නිතර පොත්පත් කියවීම, දේශපාලන අත්දැකීම් මෙන්ම ඉතිහාසය හා භු දේශපාලනික දැනීම විදේශ ඇමතිවරයෙකුට පමණක් නොව ඕනැම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට අතිශයින් වැදගත්. එසේම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හොඳින් තිබෙනවානම්
එය ඔහු නියෝජනය කරන රටට ප්‍රයෝජනවත්.
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේදී ඉරානයේ විදේශ ඇමති ධූරය දැරුවේ මොහම්ඩ් ජවාඩ් ශරීෆ්. ඔහු එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය ලැබූ විශිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහුත් සමඟ මතවාදීව හැප්පෙන්න ට්‍රම්ප්ට බැරි වුණා. ඇමෙරිකානු දේශපාලන හා ඉතිහාසය ගැන ට්‍රම්ප්ට ඉංග්‍රීසියෙන්ම උගන්වන්න තරම් දැනුමක් ඔහු සතුයි. ඒ නිසා ජවාඩ් නිව්යෝර්ක් නගරයට පැමිණීමම ට්‍රම්ප්ට හිසරදයක් වුණා. ට්‍රම්ප්ට ඒ කාලෙ ජවාඩ්ව දෑහැට පෙන්නන්න බැහැ. ඒත් ඔහුට කරන්න දෙයක් තිබුණෙත් නෑ.
ශ්‍රී ලංකාව ගැන යම් ද්වේශකින් පසුවන මෙහෙදි හසන් වැනි මාධ්‍යවේදීන් වෙනයි. පල්කි ශර්මා වැනි මාධ්‍යවේදීන් වෙනයි. පල්කි ශර්මා කීර්තිමත් මාධ්‍යවේදිනියක් මෙන්ම නම්‍යශීලී තැනැත්තියක්. ඇය මෙහෙදි හසන් මෙන් ආක්‍රමණ ශීලී මාධ්‍යවේදියෙක් නෙවෙයි.
අප කිසිවෙක් සර්වතෝබද්‍රයන් නෙවෙයි. අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි. අවශ්‍යම කරුණු අමතක වෙන්න පුළුවන්, මඟ හැරෙන්න පුළුවන්. අනවශ්‍ය දෙයක් කියවෙන්න පුළුවන්. ඒ නිසා තමයි පූර්වයෙන් සූදානම් විය යුත්තේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් වුණත් බොහෝ විට කතා කරන්නේ ටෙලි ප්‍රොම්ටරය බලාගෙන. ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවකට වුණත් උන් හිටි ගමන් යන්න හොඳ නැහැ. හොඳට Homework කරල යන්න ඕනෑ. රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණය තුළ ශිෂ්ඨ සම්පන්න මාධ්‍යකරුවන් අහඹු ප්‍රශ්ණවලින් දමා ගසන්නේ නැහැ. ඔවුන් වොයිස්කට් මාධ්‍යකරුවන් නෙවෙයි. විශේෂයෙන් පල්කි ශර්මා වැන්නවුන්. පූර්ව එකඟතා කඩ කරන්නේනම් ප්‍රශ්ණ මඟහැර සිටීමට අපට පුළුවන්. එය රටේ කීර්තිය පිළිබඳව ප්‍රශ්ණයක්.
සාමාන්‍යයෙන් රටක විදේශ ඇමතිවරයෙකු අපහසුතාවයකට පත්වුණොත් ඔහු පහුවදා ඉවත් කිරීම නුසුදුසුයි. ඊට කාලයක් කැප කරන්න වෙනවා. මෙහිදී අනුගමනය කළ යුත්තේ Pilot Theory. ගුවන් යානයක් පැදවීමේදී අසාර්ථක වුණොත් එය නොසළකා අධීක්ෂණයක් යටතේ ඔහුට ඊ ළඟ ගුවන් ගමන ලබා දෙනවා.
හිතවත් ජාත්‍යන්තර මාධ්‍යවේදියෙකු කැඳවා ඔහුට ප්‍රශ්ණ ලබා දී වඩාත් සංවිධානාත්මක ලෙස ලෝකය හමුවට යන්න ඕනැම රටකට පුළුවන්.
මෙය කිසිසේත්ම දේශපාලන කෝණයකින් ලියූ ලිපියක් නෙවෙයි. ඒත් ඉන්දියානු විදේශ ඇමති S. ජයසංකර් පසුගියදා පල්කි ශර්මාගේ ප්‍රශ්නයකට උත්තර දුන් ආකාරය ගැන යමක් කිව යුතුයි.
ශ්‍රී ලංකා විදේශ ඈමතිවරයා ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන බව පුන පුනා පැවසීමෙන් පසු ඊළඟ ප්‍රශ්නය යොමු වුණේ ජයසංකර්ට. ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි.
"I too suport international law"
එයින් ඔහු මුළු සභාවම සිනහ ගැන්වුවා. එපමණක් නොවෙයි ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාගේ මතයෙහි තමන්ද කොටස් කාරයෙකු බව පෙන්නුම් කළා. ඊට පෙර සභාවෙහි තිබූ ප්‍රතිචාරය ඉතා සූක්ෂ්මව තමන් වෙතද යොමු කර ගැනීමෙන් ඔහු පෙන්නුම් කළේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කලාපීය ජ්‍යෙෂ්ඨයෙකුගේ ලක්ෂණ. ඔහු තම රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව නිරවුල්ව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයාව ආරක්ෂක කවයකට කාටවත් නොදැනී ඇතුළු කිරීමෙන් පසුවයි. එය කාටවත් සරලව අහුවෙන තැනක් නොවෙයි.
සම්ප්‍රදායික දේශපාලනඥයන් පැමිණෙන්නේ පවතින සමාජ ස්ථරයෙන්ම බව අප අමතක නොකළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අපි ඔවුන්ව බලයට පත්කරන්නේ හැකියාවන් සහ අඩුපාඩු නොදැන නොවෙයි. බොහෝ රටවල ප්‍රමාණික විද්වතුන් දේශපාලනයට කැඳවීමට ක්‍රමයක් තිබෙනවා. ඉන්දියාවේ ජයසංකර් මහතා ආණ්ඩුවට එන්නේ මහජන ඡන්දයෙන් නොවෙයි. ඔහු ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයායි.
ශ්‍රී ලංකාවේත් ජාතික ලැයිස්තුව හඳුන්වා දී ඇත්තේ ඒ නිසයි. ලක්ෂ්මන් කදිරගාමර්, අලි සබ්‍රි වැන්නන් පාර්ලිමේන්තුවට ආවේ ජාතික පදනමින්.ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මෙන්ම අත්දැකීම් සහිත රාජ්‍යතාන්ත්‍රිකයන් ද ජාතික ලැයිස්තුවෙන් පාලනයට සම්බන්ධ කර ගැනීම වඩා සුදුසුයි
.

සටහන - ශානක මධුෂාන් ලියනගම.



A day in the life

2026-03-02

අපව නිර්වචණය කරයි.




මිනිස්සු හරි දේ වෙනුවෙන් පෙනී සිටි කාලයක් තිබුණා.

දැන් බොහෝ දෙනෙක් පෙනී සිටින්නේ 

තමන් කැමති අය වෙනුවෙන් පමණයි.


සත්‍යය සාකච්ඡා කළ හැකි වුනත්  

නොබෙදුනු බව  තෝරා බේරා ගන්නා තැනට පත්වෙලා.

එකගතාවයක් නැහැ.

පක්ෂපාතීත්වය... 

අන්ධභාවයට පත්වෙලා .


අපි වැරදි පැහැදිලිව දකිනවා.- 

අප ආදරය කරන, අගය කරන හෝ අපේ යයි කියන  

කෙනෙකු විසින් කරන තුරු පමනයි. 

එමෙහ වුනාම  හදිසියේම ප්‍රමිතීන් වෙනස් වෙනවා.

වැරදි වලින් නිදහස් කරන අයුරු.

පුදුම සහගතයි.

නිශ්ශබ්දතාවය වගකීම තහවුරු කරනවා..


අපි ඇත්ත දන්නවා පැහැදිලිවම ඇත්ත දකිනවා. 

නොදන්නා නිසා නොවෙයි.

සත්‍යය බැඳීමට තර්ජනයක් වන බව දකින විට 

 අපහසුතාවයක් දැනෙන නිසා.

දෑස් පියාගෙන කට වසා ගෙන ඉවසනවා.


එවිට

මිනිසුන් සාධාරණත්වයට වඩා 

මිතුරන් ආරක්ෂා කරනවා,

කරුණුවලට වඩා පවුල,

සත්‍යයට වඩා ගෝත්‍රය,

වැදගත් වෙනවා.


නමුත් 

සැබෑ චරිතය හෙළි වන්නේ 

ඉතාමත් අපහසු අවස්ථාවන් වල

සැලකිලිමත් වන කෙනෙකු 

විශේෂිතයෙකු වැරදි වූ විට

ඔබ අනුමැතියට වඩා අවංකකම 

තෝරා ගන්නා විට.

හානියට ඉඩ දීම 

පක්ෂපාතී බව  නොවන බැව් පසක් වු විට.


අපි

එයට සහභාගීත්වය කියනවා. 

හරි දේ වෙනුවෙන් කෙනෙකු ආරක්ෂා කිරීම 

අපි ඔවුන් ආරක්ෂා කිරීමක් නොවෙයි.

අපේ  සැනසීම ආරක්ෂා කිරීමක්. 

.

“ඔබ සමඟ මගේ සම්බන්ධතාවය 

ඔබේ ක්‍රියාවන්ගේ බලපෑමට වඩා වැදගත් වේ.”

යැයි කියනවා.

අසාධාරණය නිහඬව පවතින්නේ එලෙසයි -


ඝෝෂාකාරී දුෂ්ටයන් හරහා නොව, 

නිහඬ පක්ෂපාතීත්වය හරහා.

අසාධාරණය නිහඬවනවා


අඛණ්ඩතාව යන්නෙන් අදහස් කරන්නේ 

ඔබ වටා සිටින මුහුණු සමඟ 

ඔබේ වටිනාකම් වෙනස් නොවන බවයි.


වැරදි කරන්නා ආගන්තුකයෙකු වුවද 

හෝ ඔබේ සමීපතම සගයා වුවද 

ඔබ එකම රේඛාව තබා ගන්නා බවයි.


“මම ඔබ ගැන සැලකිලිමත් වෙනවා… ඔබ වැරදියි.”


“ඔබ වැරදියි… 

මම තවමත් ඔබ ගැන සැලකිලිමත් වෙනවා” 

යනුවෙන් පැවසීමට පරිණතභාවය අවශ්‍යයි.


අපට වඩා හොඳ ලෝකයක් අවශ්‍ය නම්, 

මනාපයට වඩා මූලධර්මය,

ගෝත්‍රයට වඩා සත්‍යය,

සැනසීමට වඩා හෘද සාක්ෂිය තෝරා ගන්නා පුද්ගලයින්ගෙන්.

අපට වඩා හොද ලෝකයක් පටන් ගනී. 


අප ආරක්ෂා කරන දෙය අවසානයේ 

අපව නිර්වචනය කරන බැවිනි. 🕊️



A day in the life

2025-11-23

වන්නියේ ඇත්තෝ.











හේං ගිනි යාදිනි කියා ගිනිමා සැරේට මුල් පුරාපු 
වන්නියේ ඇත්තෝ.

හාහ් පුරා කියා ආකහේ වැහි බිත්තර පාංඩ කලියෙං ගිනි ගහන හව්ව වන්නි ඈයිංට වගේ වගක් නැත.‍ කොලු කුරුට්ටෝ ගිනියං වුණු වැල්ලේ ඇවිද යති. බෝලයක්, පිත්තක් හොයාන වැව් පිටි ගානේ කාලේ ගෙවති. ඉස්කෝලෙ නොවෙන්නං රෑ බෝ වෙන්ඩ ඔන්න මෙන්න තියා දොස් පරොස් අසමින් ගෙට වදිති.

මහගෙට අල්ලා කැලේට මායිං ව ගස් ගොන්න වැවෙන්ඩ ඇර තිබාපු හේන් ලන්ද මේ කාලේට කල එළි බහින්නේ ය. පිටි කරේ වතුර කලේකුත් උහාන උදැල්ලත්, පොල කැත්තත්, පං මල්ලත් ඇන්න අත්තා ඒ ඉසව්වේ දවස තිස්සේ දහිරිය දමන්නේ ය. උදැහැනැක්කේ ම ගෙං එළි බහින්ඩ කලියෙං කෑම් පීම් මොනවාදැ යි කලින් දා රෑ ජාමේ අත්තම්මාට අඬගාන්නේ ය.
“උදේට කැකුලු හාල් බතට හොඳවෑයිං මිරිස් පුච්චාපු සම්බෝලෙකු යි කට්ට කරවල බැදුමකු යි හදාපල්ලා”
අපිට ද ඒවා රාජ බෝජන ය. අපි කුඩා සන්දියේ අත්තා ගේ මිදුලේ මහා බුරුත ගහක් හෙවනේ පං පැදුර එළා සද්දෙට කතා කරයි.
“දවල් වෙන්ඩ කලිං කාපල්ලා”

බුරුත ගහ යට පං පැදුරේ වැටී එරමිණියා ගොතාගෙන අපි බලා සිටිමු. අත්තම්මාත් අම්මාත් බත් පිඟං ඉදිරිපිට තබා පිටව යති. කා අවසන් වෙත් පං පැදුරේ වැටුණු බත් ඇට එකින් එක අහුලා පිඟානේ ම දා ගත යුතු ය. එසේ නොවෙන්නට කං පිරෙංඩ අත්තාගේත්, අත්තම්මාගේත් ඇනුම් බැණුම් ය.

“තො‍පෙ හම ගලවනවා දැනගනියව්. පැදුරෙ වැටිච්චි බත් ඇට ඇහිඳලා සතෙක්ට කන්ඩ දාපල්ලා”
මහ ගෙයි ඉස්සරාහිං ගොම මැටි ගාපු ඉස්තෝප්පුවේ වී තම්බා වේලෙන්ඩ දමන්නේ ය. වේලුණු වී ඇට ගෝනිවල පුරොගෙන අහවර වෙද්දිං අත්තා අපිට සද්දෙං කතා කරන්නේ ය.
“ඔය ගැඩැවිල් වලවල්වල යි මුලුවලයි තියෙන වී ඇට එක්කාසු කරලා කුල්ලට දාපල්ලා”
ඒවා කුල්ලෙන් පොලා ගල් වැලි අහක් කරන්නේ ය. වී පුරෝපු ගෝනිවලට ම දමා පාහිංඩ ඇන්න යන්නේ ය.

හේං කොටන්ඩ ගියායිං දවාලට අත්තා ගෙදර එන්නේ කලාතුරකිනි. සමහර දාට ගෙයි වැඩ කඩිමුඩියේ අහවර වුණායිං අත්තමා ද හේනට ම වැදී අත්තාට උදව් පදව් කරන්නේ ය. තවත් දාකට ඉවුම් පිහුම් තල් පෙට්ටිවල පු‍රෝගෙන හේනට ගොඩ වදින්නේ ය. බිත්ති හතරක කූඩුවේ කෑම් පීම්වලට වඩා හේනේ, කුඹුරේ ගහක් යට බත් මාළු රස ය.

කැලේ කපා දඬු කොළ තැපෙන්ඩ කීප දොහක් තියා ආයෙ හේනට ඇහුම් බැලුම් කරන්නේ ය. මුවසිරිසෙං ගිනි ලන්ඩ කල් බැලුවේ කලාතුරකිනි. දඬු කොල වේලුනායිං ගිනි ලන්ඩ නැකත ය. මුවසිරිස ගිනි පත්තු වෙන නැකත මුත් හැම කලට වේලාවට ම නැකත අහුවෙන්නේ නැත. දඬු කොල වේලුණු පමාවට උන්නැහේලාට නැකත ය. ගේ දොර හදද්දිං, මඟුල් තුලාවකට, ළිඳක් අත්තිවාරමක් බිඳිද්දිං උන්දැලා ‍නැකත් වැරැද්දුවේ නැත.

ගිය හැටියේ හේන ගිනි ලන සිරතක් ගං කූඩුවල නො තිබුණේ ය. ගිනි යාදින්න කියා තුන් විඩක් හූ ගාන්නේ ය. හේන් ගිනි ලා බලා සිටින්නේ ය.
“අවසර ආයිබෝ වේ වා අයිබෝ වේ වා පායන තැනේ සිට බහිනා තැනට අණ වරම් තෙද වරම් බලාන කලා බළලු දොළොස් දූවට වන්නි හත් පත්තුවට නුවර කලාවියට බැල්ම ලාගෙන මුට්ටි නැමුම් කිරි ඉතිරුම් මංගල්ලාවට දැකුං දෙන අයියනා මුත්තේ...
ඉලන්දාරි මුත්තේ රත්න කම්බිලි මුත්තේ දුරුතු මහ මැදින් දිනේට පුරාගත්තු හේන් පත්තෑයම ගිනිමා පූ කරලා අලු පොලවල් හදාන බව බෝග බිජු වඩන්ඩයි මේ සූජානම...
මේ හේනේ හිරදඬු වෙච්චි කුර ගානා බඩ ගානා පියාඹන සත්තු ගිනිමා සැරෙන් එතෙර කරලා උන්ගේ පණ කෙන්ද පිහිටුවා ගන්ඩයි මේ අඬගාන්නේ...
එහෙව් කොට මාගේ කන්නලව්වට කන පාලා දේවතා අණ මහිමයට මිඩංගු වී ගිනි මගින් එතෙර වෙයල්ලා...
දැන වැරදි නොදැන වැරදි උනානං බිජුවට පිපිරී ගියා නං මා හට පව් නැත. එක් වෙනුව දෙවෙනුව තුන් වෙනිය තීන්දුයි තීන්දුයි හාහ්... හූ... හූ... හූ...”

හේන් කිරිවදින කාලෙට සතා සීපාවාගෙන් එන කරදර හිරිහැර බෝවෙයි. කැලේ පීරාගෙන එන රිලවෝ ද වඳුරෝ ද වගා පාලු කරන්නෝ ය. වල් ඌරෝ, ඉත්තෑවෝ, හාවෝ හරහට හිටින්නෝ ය. හිරිහැර මකා ගන්ඩ හිත් ලා හේන වටකරේ පරණ කැසට් පීස් පටි අදින්නේ ය. තව එකේක නූල් ජාති අදින්නේ ය. සැමන් ටින්, ටකරං කෑලි තැනින් තැන එල්ලන්නේ ය. පිරිත් පැං මතුරා ඉහින්නේ ය. සමහරු උගුල් අටවන්නේ ය. අත්තා නං සත්තුන්ට උගුල් ඇට වූ බවක් මට නිච්චි නැත. කුඹුරේ කෘමි නාසක නො ගා මොකක්දෝ නාස් පුඩු කඩාගෙන යන හොදි හැලියක් හැදෙව්වා මතක ය. වැට මාරත්, අමු ගොමත් දමා තව මොන මොනවැයිංදෝ පල් වෙන්ඩ තිබාපු විත්තියක් මතක ය‍. 

එදා හිටං ම සතා සීපාවාට ආන්තරා වෙනවාට අත්තා කැමති නැත. වත්තේ කොණක හුඹහක කුල්ලක් ඉතර පෙණ ගොබයක් තිවුණු නාගයෙකුටත් වතුර බේසමක් සමහර දාට තියා ආ බව මතක ය.
හේන් ගොයිතැංඔල මාන්සිය ගෙට ගන්ඩ ඔන්න මෙන්න තියා සමහර කාලෙට වැහි ගම්පොලයා අඩව් අලන්නේ ය. වන්නියට කලට වේලාවට වැහි වාරේ පාන්නේ වැහිගම්පොලයා ය. 
මුං,කව්පි, මෑ ගහෙද්දිං ම ගොබ ඇදෙන්නේ ය. ඒ දාට මූණ අකුලුවා අත්තා නෝක්කාඩු කියන්නේ ය. ගොබ ඇදුණු මුං කව්පි කඩකාරයෝ හතර හීමාවකට වද්දාගන්නේ නැත. සමහර ඒවා තිත්ත ය. දාඩිය මුගුරු වගුරුවාපු අස්වැන්න යකාට ගියාදෙං කියා මුළු ගැහෙන්ඩ තරමිං උන්දැලා අබල දුබල නොවූයේ ය. ගොබ ඇදුණු ඇට කරල්ඔලින් බේරා මාගල් පැදුරුවල ඇඟිලා ගා අව්වේ දමා වේලයි. ගොබ වේලී කැඩුණු පස්සෙං පහුං හාල් හුණ්ඩුවකට හමාරකට ඒවායිං හුණ්ඩුවක් දෙකක් කලවමේ ලිප තියා ඉදවයි. ඒවා කන්ඩ මාළු පිණි නො තිබුණාට ද පුළුවන. ඒ තරං රස ය. පස්සේ කාලෙක අම්මා ද මේ විදියට බත් උයාපු බවක් මතක ය. උකු පොල් කිරි දමාපු මෑ කරල් වෑංජනේට මේ අමුතු බත් මරංඩ පුළුවං තරමිං රස ය.

එකේක වැඩඔලට අත්තා ගමිං ගිය දාට අත්තම්මා මාත් ඇන්න හේං රකිංඩ පය ගාන්නේ ය. හේනේ පැලට ගිය පයින් ඇඳුම්වල ඇමිණී ඇති තුත්තිරි ගලවංඩ පැයක් හමාරක් ගන්නේ ය. ලොකු ටින් කටක දෙපැත්තෙන් යකඩ කම්බියක් අමුණා තනාපු ඇටවුමේ තුන් හතර දෙනෙක්ට ඇති තරමිං තේ වතුර පැහෙන්නේ ඔය අතර ය. වටින් ගොඩිං ඇඳිරි ‍වැටෙන්ඩ ඔන්න මෙන්න තියා ආයෙ ගෙදරට එන්නේ ය. දවස තිස්සේ දහිරිය දැමුවාට ගෙදර ආවාට නිකං ඉන්ඩ බැරි ය. ඉවුම් පිහුම් අතු පතු ගෑම් ඈ අටෝරාසියක් වැඩ රාජකාරි ඉතිරි වී තිබුණේ ය.

වැවෙං හොඳහැටි වතුර නා කියාගෙන ගෙදර ආ පහුං පොඩි පොඩි වැඩඔලිං අත්තා කාලේ ගත කරන්නේ ය. රෑට බත් මාළු කා අහවර වුණායිං කුස්සියට අල්ලාපු කාමරේ විසාල බුරුත මේසේ මුල්ලක ගොඩ ගසා තිබූ පොතක් පතක් ඇන්න මහා සද්දෙං කියන්නේ ය. සමහර ඒවා කවි ය. සමහර ඒවා ගාථා ය. ඒ අතර සංස්කෘත සොලෝක ය. බුද්ධ ගජ්ජය, ප්‍රත්‍ය ශතකය, ධම්මපදය මුලින් ම මා කිවූයේ මහ ගෙදර ආ ගිය කාලයේ ය. අත්තාගෙන් ඒ කාලේ දීම කඩා වඩාගත් ඒ පොත් තාම මගෙ පොත් ගුලේ අතීතස්මරණයෙන් යුතු ව බරසාර නිබන්ධඔලට හේත්තු වී වැටී සිටියි.

ගමේ එහා මෙහා කරක් ගගා ගෙවාපු ක‍ාලේ ගැන කියන්ඩ කතා කොයි තරං දැයි සිහි වෙන්නේ එකක් දෙකක් ලියන්ඩ පටන් ගත්තාට පසු ය. ඒ කාලෙ හීනයක් වාගේ පස්සෙ කාලෙක දිං මේ ආකාරෙට මතක් වේ යැයි මට කිසි ම දාක හිතුනේ ම නැත.

- ශකිල රාජකරුණා - ©
ගමේවිත්ති 
අජිත් කුමාර මූණූ පොතට.


day in the life

2025-09-24

මමයි පරසිදු මනමෙ කුමරිය

අප්පච්චිගේ හොඳම සිසුවලු අනේ මන් දා
මට ඉතින්
කරන්නට වෙන කිසිත් නැතිවී 
මනමෙ කුමරුගෙ අත අරන්
අන්ත අසරණ යුවතියක ලෙස ආව මුත්
උගෙ පසුපසින්
බැලුවෙ නැහැ ඌ එක් වරක් වත් අනේ මා
දෙස ආදරෙන්

දන්නෙ නැහැ ඌ පෙම් කරන්නට 
උපන්නත් රජ පෙලපතින්
දෛවයට ඉඩදී මමත් ඔහෙ 
ගමන් ගත්තා වන මැදින්
පැන්න වැද්දෙක් කැලේ අතරින් 
කඩා බිඳගෙන මහ හඬින්
මගෙ හිතත් කලබල වෙන්න ඇති 
එක්වරම දුටු එදසුනින්

ගැහෙන අතැඟිලි අතර රැඳවුණු 
කඩුව ගිලිහෙන්නැති බියෙන්
මෝඩයා මේ කොපුව ගන්නැති 
කඩුව කියලා මගෙ අතින්
කඩුව දුන්නා නෙවෙයි මහතුනි 
උදුර ගත්තා ඌ මගෙන්
මමයි පරසිදු මනමෙ කුමරිය 
එදා සිට ඉතිහාසයෙන්

ඇහිඳ ගත් දෑ එකතු කරමින් 
තවත් රස මසවුළු දමන්
ඔන්න ඔහොමයි කතා හැදුණේ 
එදා සිට කුටු කුටු සරින්
නාඩගමකුත් ඇරඹුණා නොවැ 
එදායින් පසු මගෙ නමින්
බඩුව කියලා පටබැන්දෙ මට 
ඊට පස්සෙයි ගැලරියෙන්

මුගේ මලගම පවත්වන්නේ 
කෙලෙසකද මේ මහ වනේ
මගේ කියලා කාත් කවුරුත් නැතිව 
අද මා තනි වුනේ
උගේ පැල වෙත යමුද කියලා 
වැද්ද ඇහුවා පා සෙනේ
ඉතින් එය හැර කුමක් කරමිද
නිබඳ දොස් කිව් මහතුනේ

කාන්ති ඉපලවත්ත.

A day in the life

2025-09-17

ප්‍රේමයේ ගින්දර

ආව අර මදුරුවා කර උඩට


මිනී කාමරය ළඟ
වඳ කෝපි ගහ යට
කකුල් දෙක නැති රෝද පුටුවක
තිස් හතර ඇල ඉරක් - සී
ප්ලාස්ටික් තනිකඩ නිවස්නය

කඳුළු ගෙන්වන නිල් නයන
සේලයින් බෝතල කටු යහන
කසාද බැඳල නැති
ඒ නමුත් හුරුබුහුටි
ලේ බිව්වෙ නැති
ගී ගැයුවෙ නැති
බඩ වටේ සුදු ඉරි
මිනී අදිනා ට්‍රොලිය උඩ
සමහර දිනක නිදා හිටියා

මැලතියන් සිහිනයක
ගැහිල හරි බරි
මහ රෑ දෙකට දෙකහමාරට
මෝචරිය මැද මලමිනී නිදිකිරයි

සැනින් ඌ පියාඹා මවෙත විත්
පලමු පෙම බිඳුනු හැටි වමාරයි
මදුරු දඟරය වටා ගොස් තුන්වරක්
මා දෙස බලා හිනැහෙයි
පාන්දර ඉතිරිවන අලු ගොඩෙහි
ප්‍රේමයේ සිහිවටන තිබේදැයි විමසයි

වසා බාහුව මත සෙමෙන්
පලමු පෙම ගැන නැවත දොඩවයි
පන්ති පරතරය මැද පිහිටි කුණු කානුවේ
පැලුනු පොල්ලෙලි අතර තුන්හුලස් නිවහනේ
ඇය උපන්නේ
මල් මාවතේ - බරවා විමානේ
ඇලේ පෙම්මල් නෙලා වරල ගවසා
ලේ බැංකුවෙන් ණයට ලේ අරන්
ඇගේ කුස සනහා
මකුළු දැල්වල පිණි අරන්
පියාපත්වල අළු දූලි පිහලා
ඇයට පෙම් කළ බවක් කිව්වා

මේ සොඳුරු
අසහාය මදුරුවා
එක දිනක පුපුරා ඇලේ මදුරු ගී ගායනා
ඩෙංගු මර්ධන ඒකකය විත්
මැලතියන් වට වැහි වස්සනා

එදා මාගේ පෙම්වතිය
මැරී ඇල උඩ පාවුනා
කොඳුරා එසේ මදුරුවා
හැඬූ කඳුලින්
මගේ වම් බාහුවෙන් නික්මුනා
කොයිලය අළු ගොඩක් වී තිබුනා
ප්‍රේමයේ ගින්දර පාන්දර සීතලෙන් නිමුනා
....................................................
....................................................
තුන්මාසෙ දානෙන් පසුව
අදයි ආවේ වැඩට
ඩෙංගු මදුරුවො කැටිව
ගෙනගියා මා පියඹ

පාන්දර හතරයි තිහට
ආව අර මදුරුවා කර උඩට
ඌ අහනවා දැන් මෙහෙම
" මමත් තනියෙන්
දැන් ඔබත් තනියෙන් නේද........? "

ඩෙංගු තියා බිරිඳව ගෙනගිය රෑක
තරහක් උසට දලු ලන මොහොතක් මේක
තැලුවෙමි මදුරුවට අත්ලෙන් නෑ සෝක
අඬු පඬු විසිඋනා අටවක පෝ දාක

කසාද බැඳල නැති
ඒ නමුත් හුරුබුහුටි
ලේ බිව්වෙ නැති
ගී ගැයුවෙ නැති
බඩ වටේ සුදු ඉරි
ඒ මදුරුවා නැති සොවින්
අඬනවා තුත්තිරි ...........!!!
----------------------------------------------------------
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
----------------------------------------------------------

A day in the life

2025-08-15

ජිම් ඩේවිස් සහ ගාෆීල්ඩ්.



මේ රූපයේ ගාෆීල්ඩ් එක්ක ඉන්නෙ ජිම් ඩේවිස්. ජිම් තමයි ගාෆීල්ඩ්ගෙ ඇත්ත ම අයිතිකාරයා. ජිම්ට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා.

මං වගේ කොමික් පිස්සන්ට ගාෆීල්ඩ් ව අලුතින් හඳුන්වා දෙන්න දෙයක් නෑ.
ජිම් ඩේවිස් තමයි ගාෆීල්ඩ් කියන කාටූන් චරිතය ලෝකයට දායාද කෙරුවෙ. ඒ 1978 දි. කොමික් චරිතයක් විදිහට. ඒ කාලෙ ඇනිමේෂන් සහ කොමික් ඉන්ඩස්ට්‍රි එක සෑහෙන වේගයෙන් දියුණු වෙමින් පැවතුනා.

ජිම් මුලින් මේ කාටූන් එක නම් කරලා තියෙන්නෙ ජොන් කියලා. පස්සෙ තමයි ගාෆීල්ඩ් කියලා නම වෙනස් කෙරුවෙ. ගාෆීල්ඩ්ගෙ කාටූන් එකේ ඉන්න අයිතිකාරයාගෙ නම තමයි ජොන් කියන්නෙ. අර නිතරම ගාෆීල්ඩ්ට ලසඥ්ඥා ගෙනැත් දෙන කෙනා.
මේ කාටූන් එක එයා පටන් අරන් තියෙන්නෙ ජොන් ගෙ කතා අඳින්න. ගාෆීල්ඩ් අතුරු චරිතයක් විතරයි. ජොන් තනියම පාඩුවේ ඉන්න චරිතයක් හින්දා පාලුවට තමයි ගාෆීල්ඩ්ව ඇන්ඳෙ. හැබැයි දෙබස් ලියමින්, චිත්‍ර අඳිමින් යද්දි නිතරම පූසාට ලියැවෙන දෙබස් සහ චිත්‍ර තමයි විනෝදජනක වෙලා තියෙන්නෙ. ජිම්ගෙත් ඇස් වහලා ඔන්න ඔහොමයි ගාෆීල්ඩ් මේ කතා මාලාවෙ මුල්තැන අරගත්තෙ.

මේ කාලෙ ජිම් ඩේවිස් හිටියෙ වෙනත් ජ්‍යේෂ්ට කාටූන් ශිල්පියෙකුගෙ ඇසිස්ටන්ට් විදිහට. එයා තමයි ජිම්ට කියන්නෙ ඔන්න ඔය පූසාව අප් කරලා අරන් ඔයාගෙ කාටූන් එක ඉස්සරහට ගෙනියන්නය කියලා. ජොන් වගේ කම්මැලි නැති ක්‍රියාශීලී බවක් ගාෆීල්ඩ් මේ කාටූන් එකට ගෙනැත් දෙයි කියලා.

අසූව අනූව දශකවලදි කාටූන් ලෝකය පුරාම ගාෆීල්ඩ්, ජොන්, ඔඩී කියන සුසංයෝගය අතිශයින් ජනප්‍රිය උනා. ලංකාවටත් මේ උන්මාදය ආවා. ජිම් ඩේවිස් විසින් ජොන්ව නිර්මාණය කරලා තියෙන්නෙ තමන්ගෙ ම ගති ලක්ෂණ එකතු කරලා. කොටින් ම ජිම් ඩේවිස් මේ ජොන් ව ඇඳලා තියෙන්නෙ ඒ තමන් කියලා හිතාගෙන.

1978 ඉඳන් අද වෙනකන් ම ජිම් ඩේවිස් එක දිගට ගාෆීල්ඩ් ව අඳිනවා. දැන් ඉතින් මිකී මවුස් තරම්ම ගාෆීල්ඩ්ව මුලු ලෝකය ම දන්නවා. ලංකාවෙදි නම් අපේ කුඩා කාලයේ ගාෆීල්ඩ්ට වඩා ජනප්‍රිය ඇනිමල් කැරැක්ටර් එකකට හිටියේ ‘චක් ජෝන්ස්‘ විසින් ඇඳපු ‘රෝඩ් රනර්‘ විතරයි වෙන්න ඇති. (ස්කූබි ඩූ තනි පුද්ගල කොමික් එකක් නෙවෙයි. ඇනිමේෂන් එකක් විදිහට ම එලියට දාපු ටීම් වර්ක් එකක්. ස්කූබි නිර්මාණය කෙරුවෙ ටොම් ඇන් ජෙරී හදපු හැනා බාබරා කම්පැනිය)

මේ දිගු ගමන ගාෆීල්ඩ්ව එක්කන් එන්න ජිම් ඩේවිස් අපමණ වෙහෙසක් දැරුවා. පුවත්පත්වල කොමික් තීරුවක් විදිහට තමයි මුල් කාලෙ ගාෆීල්ඩ් ඇන්ඳෙ. ජිම් ඩේවිස් නම් කියන්නෙ එයා තාම කැමති ඒකට කියලා. මොකද පර්ෆෙක්ට් ම ඈන්ගල් එකෙන් ගාෆීල්ඩ්ගෙ වැඩකෑලි අඳින්න පුලුවන් වෙන්නෙ ඒ විදිහට. හැබැයි ගාෆීල්ඩ් ව බලන තරම් කොහෙත් ම ලේසි නෑ මේ කොමික් ඇඳිල්ල.

ඉස්සර පුවත්පත්වල අඟල් 7ක් දිග තීරුවක පුංචි කොටු 3ක් ඇතුලෙ තමයි මේ කොමික් එක අඳින්නෙ. ඒකට කිව්වෙ Three Panel Strip එකක් කියලා.
ජිම් ඩේවිස් එක ඉන්ටවිව් එකකදි කියනවා හැමදේම ඩිජිටල් උනාට පස්සෙත් ඇනිමේෂන් ආටිස්ට සිද්ධ වෙනවා ලයින් එකක් ගානෙ අතින් අඳින්න කියලා. එයා මේ වැඩේ කැමති ම කොටස ඒකලු. ඒක ඇත්ත. මේකෙන් ආට් එක තවත් ස්මූත් විදිහට ආරක්ෂා වෙලා ඉදිරියට යන බවයි ජිම් කියන්නෙ. (මමත් ඉඳහිටලා ඇනිමේෂන් අඳින හින්දා ජිම් ඩේවිස්ගෙ මේ ප්‍රකාශය එක්ක එකඟයි. මම තවමත් අර කලින් කියපු පැනල් ස්ට්‍රිප් වලත් අඳිනවා.)

ජිම් ඩේවිස් ගාෆීල්ඩ් ගැන අපූරු කතාවක් කියනවා. ඒක අපි හැමෝට ම වටිනවා. මේ කතාව ටීවි එක ඉස්සරහ ඉඳගෙන ගාෆීල්ඩ් බලද්දි අපේ හිතට නිකන්වත් එන එකක් නෙවෙයි.

“එයා පර්ෆෙක්ට් නෑ, ඒ උනාට කමක් නෑ. එයාගෙ ම විදිහකට එයා බොහොම පහසුවෙන් ජීවත් වෙනවා. ඒක හොඳ පණිවුඩයක්. එයාට සමහර වෙලාවට ටිකක් නරක පුරුදුත් තියෙයි. අපි හැමෝට ම එහෙමයි. හැබැයි ගාෆීල්ඩ්ට ධෛර්යයක් තියෙයි එයා කවුද කියලා හංගන්නෙ නැතිව හොඳ-නරක එක්ක නිදහසේ ජීවත් වෙන්න“
දැන් ජිම්ට වයසයි. ඒ හින්දා ගාෆීල්ඩ්ව අඳින්න එයා තව ඇසිස්ටන්ට්ලා දෙන්නෙක් හයර් කරලා තියෙන්නෙ. ඒ දෙන්නා මොනවා ඇන්ඳත් හැම පැන්සල් ඉරක ම තියෙන අඩුපාඩු ටික ජිම් ඩේවිස් තාම සම්පූර්ණ කරනවා.

පසුගිය සඳාදාට (ඒ කියන්නෙ 2025 ජූලි 28 වැනිදාට) ජිම් ඩේවිස්ට වයස අවුරුදු 80 සම්පූර්ණ උනා. ඉතින් ජිම් සීයෙ, ඔයාට ප්‍රමාද වෙලා හෝ සුබ ම සුබ උපන් දිනයක් ! තව කාලයක් අපිට ගාෆීල්ඩ්ව ඇඳලා දෙන්න හැකිවේවා..!


 ජිම් ඩේවිස් සහ ගාෆීල්ඩ්. 

සටහන: Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ



A day in the life

2025-06-29

දුරකතනයේ සිග්නල්







1. ඔබේ දුරකතනයේ පෙන්වන සිග්නල් බාර් (signal bars) දළ අදහසක් ලබා දුන්නත්, එය නිවැරදිම මිනුමක් නෙමෙයි. වඩාත් නිවැරදි මිනුමක් තමයි dBm (decibel-milliwatts) අගය. මෙය සෘණ අගයක් වන අතර, -50 dBm යනු ඉතා හොඳ සංඥාවක් වන අතර, -120 dBm යනු ඉතා දුර්වල සංඥාවක් (සම්පූර්ණයෙන්ම සංඥා නැති තරම්) වේ.
ඇන්ඩ්‍රොයිඩ් (Android)
දුරකථන සඳහා
Settings (සැකසීම්) වෙත යන්න.
About Phone (දුරකථනය ගැන) හෝ About Device (උපාංගය ගැන) තෝරන්න.Status (තත්ත්වය) හෝ SIM status (සිම් තත්ත්වය) තෝරන්න.
Signal Strength (සංඥා ශක්තිය) හෝ Cellular Signal Strength (ජංගම සංඥා ශක්තිය) යටතේ ඔබට dBm අගය දැකගත හැකියි. (සමහර දුරකථන මාදිලිවල මෙය සොයා ගැනීම තරමක් වෙනස් විය හැකියි. ඔබට "Field Test Mode" යෙදුමක් හෝ විශේෂ කේතයක් අවශ්‍ය විය හැකියි.)
අයිෆෝන් (iPhone) සඳහා
දුරකථන යෙදුම විවෘත කරන්න.
*3001#12345#* අංකය අමතන්න.
මෙමගින් "Field Test Mode" විවෘත වේ. මෙහිදී ඔබට Rsrp (Reference Signal Received Power), Rssi (Received Signal Strength Indicator) වැනි අගයන් දැකගත හැකියි. මේවා dBm අගයන් වන අතර, සංඥා ශක්තිය පෙන්නුම් කරයි.
ඔබේ නිවසේ විවිධ ස්ථානවල මෙම dBm අගය පරීක්ෂා කිරීමෙන් හොඳම සංඥා ලැබෙන ස්ථානය හඳුනාගත හැකියි.
**************
2. ජාල ක්‍රියාකරුගේ ආවරණ සිතියම් පරීක්ෂා කරන්න (Network Coverage Maps)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් වන Dialog, Mobitel, Hutch වැනි ආයතන ඔවුන්ගේ වෙබ් අඩවිවල ආවරණ සිතියම් (coverage maps) සපයයි.
ඔබේ ජාල ක්‍රියාකරුගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
"Coverage Map" හෝ "Network Coverage" වැනි කොටසක් සොයන්න.
ඔබේ නිවසේ ලිපිනය හෝ ප්‍රදේශය ඇතුළත් කර ඔබේ ප්‍රදේශයේ සංඥා ආවරණයේ තත්ත්වය (2G, 3G, 4G/LTE, 5G) පරීක්ෂා කරන්න.
මෙම සිතියම් මගින් ඔබේ ප්‍රදේශයට ඇති ආවරණය පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකියි.
********************
3. වෙනත් ජාල ක්‍රියාකරුවන්ගේ SIMපත් පරීක්ෂා කරන්න
ඔබට දැනට භාවිතා කරන ජාලයේ සංඥා දුර්වල නම්, වෙනත් ජාල ක්‍රියාකරුවන්ගේ SIMපත් භාවිත කර සංඥා තත්ත්වය පරීක්ෂා කිරීම හොඳම ක්‍රමයකි.
මිතුරන්ගෙන් හෝ ඥාතීන්ගෙන් වෙනත් ජාලවල SIMපත් ලබාගෙන ඔබේ දුරකථනයට දමා බලන්න.
එක් එක් SIMපත දමා ඔබේ නිවසේ විවිධ ස්ථානවල dBm අගයන් පරීක්ෂා කරන්න.
මෙමගින් ඔබේ නිවසට වඩාත් හොඳින් ක්‍රියා කරන ජාලය කුමක්දැයි හඳුනාගත හැකියි.
********************
4. නිවසේ විවිධ ස්ථානවල පරීක්ෂා කිරීම
 ජනේල අසල: ජනේල අසල සංඥා බොහෝ විට හොඳයි.
පිටත: නිවසෙන් පිටත පරීක්ෂා කරන්න. ඇතුළතට වඩා පිටත හොඳ සංඥාවක් තිබිය හැකියි.
උස ස්ථාන: නිවසේ ඉහළ මහල්වල හෝ උසින් වැඩි ස්ථානවල සංඥා හොඳ විය හැකියි.
බාධා (Obstacles) අවම ස්ථාන: ඝන බිත්ති, ලෝහ වහලවල්, ගස් වැල්, හෝ වෙනත් ගොඩනැගිලි වලින් ඈත්ව සංඥා වඩා හොඳ විය හැකියි.
*********************
5. දුරකථනයේ තත්ත්වය පරීක්ෂා කරන්න
දුරකථනයේ හානි: ඔබේ දුරකථනයේ ඇන්ටෙනාවට හෝ අභ්‍යන්තර සංරචකවලට හානි වී ඇත්නම් සංඥා දුර්වල විය හැකියි.
මෘදුකාංග යාවත්කාලීන කිරීම්: ඔබේ දුරකථනයේ මෘදුකාංගය (firmware) යාවත්කාලීන කිරීමෙන් ඇතැම් සංඥා ගැටලු නිරාකරණය විය හැකියි.
***********************
6. Wi-Fi ඇමතුම් (VoWiFi/Wi-Fi Calling) භාවිත කිරීම
ඔබේ නිවසේ දුරකථන සංඥා දුර්වල වුවත් හොඳ Wi-Fi අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේ නම්, ඔබේ ජාල ක්‍රියාකරු Wi-Fi ඇමතුම් සේවාව සපයන්නේ නම්, එය භාවිත කළ හැකියි.
මෙය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, ඔබේ දුරකථනය Wi-Fi හරහා ඇමතුම් සහ කෙටි පණිවිඩ යවයි.
මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබේ නිවසට ලැබෙන හොඳම දුරකථන සංඥා තත්ත්වය කුමක්දැයි ඔබට නිවැරදිව හඳුනා ගත හැක.


A day in the life

2025-05-11

හේන් ගොවිතැන


වී ගොවිතැන(මඩ ගොවිතැන) හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය. තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හඳුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්‍යයට ගැළපුනි. ඉංග්‍රීසීන් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.

2025-05-07

𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype .



"සුන්දර අතීත මතකයක් ....... ! " 
 චන්ද්‍රිකා විදානපතිරන.

කාලෙකට ඉහතදි අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනු, ගොඩක් ආයතන වලට නැතුවම බැරි උනු Skype අවුරුදු 22ක සේවයක් කරමින් අද Officially Shut Down වෙනව.

එස්ටෝනියන් ජාතිකයන් වෙච්ච Priit Kasesalu සහ Jaan Tallinn කියන Programmersල දෙදෙනෙක් තමා Skype ලෝකෙට බිහිකරන්නෙ 2003 දි. 
Video Telephony හෙවත් බලාගෙන කතා කිරීමට හැකි තාක්ෂණය තිබුණු මුල්ම Software එක Skype නොවුනත් මේකෙ තිබ්බ තාක්ෂණික මට්ටමේ ඉහළතාවය, High Quality Video නිසා කෙටි කලකින් අනික් Applications අභිබවා යන්න හැකි වුනෙ ලෝකෙම Video Conference වලට පාවිච්චි කරන ප්‍රධානම මෙවලම වෙමින්. 
Skype launch වෙන්න කලින් 90 දශකයෙ එනම් Internet වල පිබිදීම ඇති වුනු 1990 සිට 2000 දක්වා භාවිතා උනු CU-See me කියන ලෝකෙ ප්‍රථම Video call platform එක ලෙස සැලකෙන එකත් කෙටි කලකින් Skype අභිබවා ගියා කියල තමයි හැඳින්වෙන්නෙ. 
අපි 2006-2008 අතර කාලෙදි ඉස්කෝලෙදි Web Cam එකක් හරහා Skype පාවිච්චි කරන එක වෙනමම අත්දැකීමක් උනා වගේම, පොඩිකාලෙ Pen friend concept එක වගේ Skype වල Friend List එකක් තියාගෙන ලෝකෙම යාලුවො හදාගන්න උණකුත් තිබ්බ ඒ කාලෙ.. MySpace සහ Facebook තිබ්බත් , Call පහසුකම තිබ්බෙ Skype වල විතරයි. 
කොහොමහරි Skype සමාගමේ ඉතිහාසය ගත්තම මුල් අයිතිකාරයො දෙදෙනාගෙන් 2005දි Ebay සමාගම ඩොලර් බිලියන 2.6කට Skype අත්පත් කරගෙන තියෙනව. පසුව Ebay සමාගම බලාපොරොත්තු වුනු ප්‍රතිඵල Skype එකෙන් නොලැබුනු නිසා Ebay විසින් 2009 දි කැනේඩියන් Investor group එකකට තමන්ගෙ Shares විකුණල තියෙනව. 2011 වෙද්දි තමයි Microsoft ආයතනය විසින් ඩොලර් බිලියන 8.5කට මිළදීගන්නෙ. 
ඒ වෙනකොට මයික්‍රොසොෆ්ට් සමාගම අත්පත් කරගත් විශාලම ආයතනය උනෙත් Skype. 
2010 න් පසුව Smart Phones වල ශීඝ්‍ර දියුණුව සහ Android Os, Apple iOs වල වේගවත් දියුණුවත් එක්ක Skype වලට තියෙන තැන නැතිවේගෙන යන්න ගත්ත..
Zoom launch වෙන්නෙ 2011 දි. ඒ වගේම 2012 ඉඳල ගත්තම Tango, Viber, Imo වල Internet Calls , Video Calls පහසුකම ලේසියෙන්ම Smart phones වලින් සපයගන්න පුලුවන් වුනු නිසාත් Skype ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගෙන් ඈත් උනා. ඒත් ගොඩක් Company වල මෑතක් වෙනකන්ම Skype පාවිච්චි කරා. 
Whatsapp කරළියට පැමිණීමත් Video Call function ලබාදීමත් skype වලට පසුකාලීනව වැදුනු තවත් ප්‍රහාරයක් කියල හඳුන්වන්න පුලුවන්.  
ඒත් එක්කම Covid වෛරසය ලෝකය වෙලාගත් කාලවකවානුවෙදි ලෝකෙම බහුතරයක් , 2017දි Launch උනු Microsoft Teams, 2011 සිට ආපු Zoom application සහ 2017 දි Launch උනු Google Meet වැනි Video Conference Applications තමන්ගෙ පෞද්ගලික කටයුතු සහ ව්‍යාපාර කටයුතු වලට සමීප වෙලා ඉවරයි. ඒ වගේම Facebook Messenger, Instagram වල පවා Video Calls පැමිණීමෙන් Video Calls සාමාන්‍යකරණය වීමත් එක්ක 2025 පෙබරවාරි 28 වැනි දින Skype සමාගම නිවේදනය කරනව ස්කයිප් 2025 මැයි 06 වෙනි දිනයේ සම්පූර්ණයෙන්ම වැඩකටයුතු වසා දමන බව.  
අවුරුදු 23කට ආසන්න සේවයක් මුලු ලෝකයට සිදුකර අපිට මතකයන් රැසක් ඉතිරි කරමින් අද සදහටම නවතිනව.!! 
මේකෙන් අපිට ගන්න තියෙන දේ තමයි, අපි අද පාවිච්චි කරන මොනයම් හෝ Social Media platform , දැන් AI එක්ක රොකට් වේගෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණය එක්ක තව අවුරුදු 10කින් 15කින් තවත් වෙනස්ම Applications, Softwares වලට අපිව මාරු කරල තියෙයි. 
සමහර විට හැම දේම AI assistant කෙනෙක් හරහ සිද්ධවෙන්නත් පුලුවන් අනාගතේදි. 
𝙂𝙊𝙊𝘿 𝘽𝙔𝙀 Skype .

 

A day in the life

2025-04-12

උන් ඉක්මනට ලොකු වෙනවා --




ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා --
පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ ම නෑ - ඉතින් හිගපාඩු එමටයි -
ශිෂ්‍යත්වෙන් කොළඹ ආව ම අඩු පාඩු ඩබල් - ගමනක් යන්න අදින්න තිබුනෙත් සුදු ඇදුම් - පාට ඇදුමක් අදින්න මාර ආසයි -
මං හිටියෙ මාමලගෙ ගෙදර - එහේ ඉදන් වැඩට යන අයිය කෙනෙක් හිටිය - බැංකුවක වැඩ කරන - දවසක් මං ආසාවට මෑන්ගෙ ටී ෂර්ට් එකක් ඇදන් පංති ගියා - එතකොට මං නමයෙ - දවසක් කීපෙකට පස්සෙ මාමලගෙ කඩේ වැඩ කරන කොල්ලෙක් මට කියනවා “ මහත්තය අරයගේ ඇදුම් අදින්න එපා - අපිත් එක්ක මහත්තයට හොදටම බැන්නා එයාගෙ ඇදුම් අදිනවා කියලා--
එච්චරයි -
ඊට පස්සෙ මං උගෙ ඇදුමක් දිහා බැලුවෙවත් නෑ -
ඕලෙවල් මට්ටමට එනකොට යාඵවො - යාඵවො හුවමාරු කරන් ඇදුම් අදින්න පටන් ගත්තට පස්සෙ සහ අපේ අයියා රස්සාවකට යෑමත් එක්ක ඇදුම් ප්‍රශ්නෙ යම්කිසි මට්ටමකට විසදුනා -
මං පළවෙනි රස්සාවට ගියාට පස්සෙ පඩියෙන් වැඩිපුරම කලේ ඇදුම් ගන්න එක - ඇතිවෙන්න ඇන්දා - තනිකරම බ්‍රෑන්ඩඩ් - කොච්චර ඇන්දද කිව්වොත් අද වෙද්දි ඇදුම් ඇරියස් එකක් නැති තරම් -දැන් මට එක ඩෙනිමක් ටී ෂර්ට් දෙක තුනක් තිබ්බම ඇති --
කතාව ඒක නෙමෙයි - පොඩි අයට අමතක වෙනව කියල හිතන් උන්ට කෙනෙහිලිකම් කරන්න එපා - උන්ට හොදට මතක හිටිනවා - නිකං නෙමෙයි හදවත පත්ලෙම මතක හිටිනවා -
එදා මං හිටපු වයසෙ ඥාති පුත්තු දැන් මං ඇදන් ඉන්න ටීෂර්ට් එකක් දැකල “ ඒක ලස්සනයි මාමෙ - මටනම් ඒක මරුවට සෙට් වෙනවා “ කිව්වම මං “ කෝ ඔයා ගෙදරට අදින ටී ෂර්ට් එකක් දෙන්න “ කියල මං ඇදන් ඉන්න ටී ෂර්ට් එක ගලවල උෘට දෙනවා - ඒ විතරක් නෙමෙයි ඒ ජාතියේ ඇදුමක් දෙකක් පස්සෙ අරන් දෙනවා -
ඒ පොඩි කාලෙ මට දැනුනු කම්පනය මතක් වෙලා --

Hasani Lelwala

A day in the life