ඒ නොවැම්බරය
රක්ත වර්ණයෙන් උදම් වුණ
උණු කඳුළු වැගිරුන
මතකද ඒ නොවැම්බරය
මරා දැමුවේ ප්රේමයෙන් පිරුණු පපු කුහර
ඊට පස්සේ
ඉර ගිනිගත්තේ කිසිත් නොකියම
සඳත් ගිනිගත්තා එදා අලුයම
විසල් නැවකට මඟ කියූ
ඒ මහා රුවල
බිඳී දියවී ගියා මුහුදු පතුලට
මඟක් නොදැනම මුහුදු දිය මත
ඉතින් ඒ නැව ඔහේ පාවිය..
ඒ නොවැම්බරය
මල් පෙති ඉරී වෙන්වුන
විහඟුන් මරා හැංගුව
අමතකද ඒ හීතල නොවැම්බරය
උණ්ඩයට උණ්ඩයක්
මිනිසෙකුට මිනිසෙක්
ඒ සිහින කණිසම
දෝංකාරයකි තවමත්
හිතේ ඉරුණු තැන්වල
රක්ත වර්ණයෙන් උදම් වුණ
මතකද ඒ නොවැම්බරය
සෝමලතා හේරත් මැණිකේ
0 comments:
Post a Comment