ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-07-31

ඉතා හොඳ දේ දරුවන්ටයි







ඉතා හොඳ දේ දරුවන්ටයි
දරුවන්ට පොල්වතුර බොන්න දෙන්න.
ඔවුන්ගේ ආහාරයට දිනපතා කොස් ඇට දෙකතුනක් උයා එකතු කරන්න
උණුකර නිවාගත් වතුර පානයට දෙන්න.
දහඩිය දැමීමට තරම් ක්‍රීඩා කිරීමට දෙන්න
සමවයස් කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට හැකිතරම් ඉඩ දෙන්න.
අන්‍යයන්ට උදව් කරන්න, අන්‍යයන් වෙනුවෙන් තමන්ට වැඩිපුර ඇති දේ පරිත්‍යාග කරන්න පුරුදු කරන්න.
සත්තුන්ට ආදරය කරන්න උගන්වන්න
දවසට එක ගහක නමක්, මලක්, ඵලයක් හඳුන්වා දෙන්න.
කතාන්තරයක් කියා දෙන්න
ගරුත්වය දීමට සහ ලැබීමට උගන්වන්න.
ආගමික හික්මීම කියා දෙන්න.
සංස්කෘතික ජීවියෙක් කරවන්න.
ඉතිහාසය, මව්බස සහ සාහිත්‍යයට ඇළුම් කරවන්න
.
සංගීතයට යොමු කරවන්න.
පිටි සහිත කෘතීම ආහාරයෙන් ඈත් කරවන්න.
සීමාසහිතව ඇඳුම් පැලඳුම්, පොතපත් උපකරන සෙල්ලම් බඩු ලබා දෙන්න.
ඇඳුම් පරණ වුවත් සෝදා පිරිසිදු කොට හිරවෙනතුරු හෝ ඉරෙන තුරු අන්දවන්න.
වැඩිමල් අය අයින් කරන ඇඳුම් සපත්තු බාලයන්ට අන්දවන්න.
සමගිය, බෙදාහදා ගැනීම උගන්වන්න.
රාත්‍රී අහස දරුවන් සමඟ දකිමින් සුන්දරත්වය විඳින්න.
පරිසරය විඳින චාරිකාවල යන්නපොදු ප්‍රවාහන ‍‍සේවයේ, නිදහස් සෞඛයේ සේවාවන් ඉඳහිට දරුවන් සමග ලැබගන්න.
වෙළඳ ‍‍පොළට,තැපැල් කන්තෝරුවට දරුවන් ගෙන යන්න.
මඟුල් වලට සේම මරණ ගෙවල්, බණ, දාන, ගෙවල් වලත් අසනීපව සිටින ඥාති හිතමිතුරු ගෙවල්වලත් ගෙනයන්න
රූපවාහිනී, පරිගණක හැකිතරම් ඈත් කරන්න.සාමාන්‍ය පෙළ වන තෙක් ජංගම දුරකථන නොදෙන්න.
තමන්ගේ ඇඳ හදාගන්න, සපත්තු සෝදාගන්න පවරන්න
බාල සහෝදරයන්ට උදව් කිරීම පවරන්න
මුදල් පරිහරණය සීමා කරන්න.
දකින දකින ඉල්ලන ඉල්ලන දේ ලබා නොදෙන්න.
ඉල්ලන දේ නොව, අවශ්‍ය දේ නොව, අත්‍යාවශ්‍ය දේ පමණක් ලබාදෙන්න.
අනාගත පරපුරට සම්පත් ඉතුරු කළයුතු බව කියා දෙන්න.
අපගේ උරුමයක් දෑසින් දකින්න රැගෙන යන්න. ඒ ගැන කියා දෙන්න.
හැකිතරම් ස්වාධීනව ඔහුගේ එදිනෙදා කටයුතු කරගැනීමට පුරුදු කරන්න
‍හොඳින් නරක් වෙන්කර ගැනීමට ඔහුට හැකිවන් තෙක් ඔහුට මග පෙන්වන්න
ඔබගේ වටිනාම සම්පතට වටිනාකමක් ලැබෙන සේ ජීවිතය කියා දෙන්න
උපුටා ගැනීමකි
A day in the life

2024-07-30

කුසලතාවයන් ඉගෙන ගනිමු










වයස අවුරුදු 40 වීමට පෙර මෙම කුසලතාවයන් ඉගෙන ගැනීමට දිනකට මිනිත්තු පැය එකාමාරක් වෙන් කරන්න.
1) හැසිරවීම ඉගෙන ගන්න
ඔබ වටා සිටින අය ආත්ම කේන්ද්‍රිව වේ. ඔබ වටාිමු ඇති,හැසිරවීමේ අවස්ථා හඳුනාගෙන නිවැරදිව ක්‍රියාකිරිම ප්‍රගුණ කරන්න. මෙය ඔබේ ජීවිතය වෙනස් කිරීමට හේතුවනු ඇත.
2) සටන් කරන ආකාරය ඉගෙන ගන්න
ඔබ ඔබව ආරක්ෂා කර ගත යුතු කාලයක් පැමිණේ. ඔබව ආරක්ෂා කර ගැනීමට අසමත් වීම දුර්වලතාවයක් ලෙස සලකනු ඇත
මෙය කරන්න.
- දිනපතා පැය එකාමාරක් මේ සඳහා වෙන් කරන්න
- ⁠පුහුණුකරුවකුගේ උදව්වෙන් කුමන හෝ නව කුසලතාවක් ඉගෙනගන්න.
- අවම වශයෙන් දින 180 ක් වත් මේ සදහා කැපවන්න. මෙයින් එම කුසලතාවයට අදාල ඔබ සියලු මූලික කරුණු ඉගෙන ගනු ඇත.
3) විවිධ අවස්ථාවන් හසුරුවන ආකාරය ඉගෙන ගන්න.
මිනිසුන් ඔබේ ජීවිතයේ පිළිබඳව කුඩා ප්‍රමාණයක් දැන සිටින දේ ප්‍රමාණවත් වේ. ‍යම්කිසි අද්භූත ජීවිතයක් ගත කිරීම ආකර්ශනීය වේ. ඔබ බෙදා ගත යුතු දේ , ඔබ එය බෙදාගත යුතු වන්නේ කා සමඟද?, ඔබ එය සිදුකළ යුත්තේ කෙදිනකද? වැනි දේ පිළිබඳව අවබෝධයෙන් පසුවන්න.
4) ස්වයං විවේචනය ඉගෙන ගන්න
ඔබ වටා සිටින පුද්ගලයින් තේරුම් ගැනීමට ඇති එකම ක්‍රමය නම් පළමුව ඔබ ඔබ පිළිබඳව දැනගැනීමයි. ඔබ සමඟ අවංක වන්න සහ,
- ඔබේ නොගැලපීම් සඳහා ඔබම අමතන්න
- ඔබේ අරමුණට එරෙහිව ඇති පුරුදු අත්හරින්න.
- ඔබට විමට අවශ්‍ය පුද්ගලයා සකසාගන්න. මෙය කරන්න ඔබේ ජීවිතය දහ ගුණයකින් වඩා හොඳ වනු ඇත.
5) සෑම දෙයක්ම සැක කිරීමට සහ ප්‍රශ්න කිරීමට ඉගෙන ගන්න.
ප්‍රසිද්ධ අය කියන දේවල්,පොදුවේ පිලිගන්න දේවල්, විශේෂඥයින් සහ සාක්ෂි වැනි දේ විශ්වාස කිරීම නවත්වන්න.මිනිසුන් බලය ලබාගැනිම සඳහා ඔවුන්ගේ විශ්වාසයන් තහවුරු කිරීමට උත්සාහ කරයි. මේ විදිහට කරන්න උත්සාහ කරන්න.
- එහි ඇති දේ ඉගෙන ගන්න.
- විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කරන්න.
- දැන් ඔබට වැදගත්වන දේ පිළිබඳව අවබෝධයක් ලබාගන්න.
6) කථා කළ යුතු ආකාරය ඉගෙනගැනිම
ඔබ වටා සිටින බොහෝ අය කතා කරන්නේ හුදෙක් ඔවුන් වෙනුවෙන් පමණි. ඔබ සැමවිටම ඔබ පවසන දේ අනුව ඔවුන් ඔබ විනිශ්චය කරනු ඇත.කථා කළ යුතු අයුරු,කථා කළ යුත්තේ කාහටද,කථා කළ යුත්තේ කෙදිනකද? වැනි දේ සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න.මෙමගින් තර්ක විතර්කවලට භාවිත වන ඔබගේ ශක්තියෙන් 99% ක් ඉතුරු කර ගත හැකිවේ.
7) ජය සහ පරාජයන් හසු විය යුතු ආකාරය ඉගෙන ගන්න.
මීට පෙර ඔබට උගන්වා ඇත්තේ ජයග්‍රහණ භුක්ති විඳීමට සහ පරාජයන්ට බිය වීමටය. සමහර ජයග්‍රහණ තුළ වෙස් වළාගත් ඛේදවාචකයන් ඇතිබව,දිනුම සහ පරාජය යන ද්විත්වය තුළින්ම අත්දැකීම් ලබා ගත හැකි බව සහ සියලු පරාජයන් තුළ විශාල ජයග්‍රහණයන් ඇති බව අවබෝධ කරගන්න.
සමාව දෙන අයුරු ඉගෙන ගැනිම
ඔබ, ඔබවම මිනිසුන් සමඟ සංසන්දනය කරනු ඇත. අනෙකාව ඔබට සංසන්දනය කිරිමෙන් ඔබ ඔවුන්ට කැමති වනු ඇත, නැතිනම් ඔබ ඔවුන්ට වෛර කරනු ඇත නැතිනම් ඔබ ඔවුන් සමග සටන් කරනු ඇත. මිනිස්සුන්ට ඔවුන්ට ඔහුන්ට කැමැති දේ සිදු කිරීමට අවස්ථාව ඇති බැවිනි ඔබට සෑම අවස්ථාවකදීම යම් අයෙකුට වෛර කිරීම නැවැත්විය හැක.

 Thaaru Paranavithana





A day in the life

2024-07-29

කල්ලඩි පාලම යට සින්දු කියන මාළු.












 


"කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ" මේ සින්දුව ඇහුන ගමන් මතක් වෙන දේවල් 02ක් තියෙනවා. එක්කෙනෙක් නැසී ගිය ගායක කපුගේ ශූරීන්, අනිත් දේ තමයි මේ සින්දුව නිසාම ලංකාවේ ගොඩක් ජනප්‍රිය උන කල්ලඩි පාලම අසල ඉන්නවායැයි විශ්වාස කරන "සින්දු කියන මාලුවෝ" නම් මේ අමුතු මාලු විශේෂය. 

කවුද මේ මාලුවෝ? ඇත්තටම කල්ලඩි පාලම ලඟ එහෙම සින්දු කියන මාලුන් ඉන්නවද? උන් කොහොමද සින්දු කියන්නෙ? සින්දුවෙ කියන විදියට දැන් ඒ මාලු නැද්ද? අද කතාව ඒ ගැන.
කල්ලඩි පාලම ඉදිවන්නේ 1924 වසරේදීයි. නමුත් කල්ලඩි පාලම අසල මේ සින්දු කියන මාලුන් පිළිබඳ කතාව ශතවර්ෂ ගානක සිට පැවතෙන්නක්. විශේෂයයෙන්ම පුරහඳ පායා ඇති නිසල රාත්‍රීන් වල මෙම මාලුන්ගේ ශබ්දය ඉතා හොඳින් ඇසිය හැකි බවයි ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ. මඩකලපුවේ ධීවරයින් මේ නාදය හොඳින් ඇසීමට ඔරුවේ හබල ජලය තුලට ගිල්වා, හබලේ මිට පිහිටි කෙළවරට කන තබා බලනවා නිරීක්ෂණය කරන්න පුලුවන්. සමහරුන්ට අනුව මේ ශබ්ධය කල්ලඩි පාලම අසලින් පමණක් මතුවන අතර සමහරුන් පවසන්නේ මේ හඬ කලපුවේ සෑම තැනකින්ම ඇසෙන බවයි. ඇත්තටම කල්ලඩි පාලම අසල කලපුවේ ජලය අතුලෙන් ශබ්දයක් එන බව බොහෝ අවස්තාවල නිරීක්ෂණයට ලක් කරපු කාරණාවක්. මේ ශබ්දය හොඳින් අහන්න පුලුවන් වන්නේ ශබ්දය ඉතා අඩුවෙන් ඇති රාත්‍රී කාල වල ජලය මතුපිටට කන තබා ශ්‍රවණය කිරීමෙනුයි. නමුත් ගත වුනු තිස් අවුරුදු යුධ කාලය තුල බොහෝදෙනාට මේ මාලුන් පිළිබඳ කාරණාව අමතකව ගොස් තිබුනා.

යටත් විජිත සමයේ ක‍තෝලික පූජකයින්, මිෂනාරීවරුන් මේ ශබ්දය ඇසීමට කල්ලඩි පාලම උඩට ආ බවට වාර්තා ඇති අතර ස්වාමි විපුලානන්ද වැනි මහාචාර්යවරු, බ්‍රිතාන්‍ය දේශපාලකයින් උන එමර්සන් ටෙනෙන්ට් (Emerson Tennent) වැන්නන් පවා මේ සින්දු කියන මාලුන්ගේ ගායනා ඇසීමට කල්ලඩි පාලම අසලට ආ බවට සඳහන් වෙනවා. වර්ෂ 1954 දී පමණ ඇමරිකානු පූජකතුමන් දෙදෙනෙකු උන ලෑන්ග් (Lang) සහ මෝරාන් (Moran) විසින් හයිඩ්‍රොපෝනයක් ආධාරයෙන් මෙම ශබ්දය පටිගත කරුනු අතර මේ ශබ්දයේ සංගීත ස්වර නාද රටාවද පිටපත් කෙරුණා. පසුව එය 1960 වසරේ දී රේඩියෝ සිලෝන් හරහා විකාශනය උනා. යුද්ධයෙන් පසු කලපුවේ ජලයෙන් නැගෙන මෙම අත්භූත ශබ්දය ගැන පරීක්ෂණ කටයුතු නැවත 2012 වසරේ දී ආරම්භ උනා.
පාලම අසලින් මතුවන මෙම නාදය පිළිබඳ සත්‍යය හෙළිදරවු කර ගැනීම සඳහා 1953 වසරේ දී පමණ එවකට ප්‍රකට කිමිදුම් කරුවෙකු වන රොඩ්නි ජෝන්ක්ලෝස් (Rodney jonklaas) මඩකලපුව කලපුවේ කිමිදෙනවා. නමුත් ඔහුට සාමාන්‍යය කලපුවකින් හමුවන සතුන් හැරුනකොට වෙනත් අසාමාන්‍යය සතෙකු කලපු පතුලෙන් හමුවන්නේ නෑ. වර්තමානයේ පවා කලපුවේ ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් එවැනි අත්භූත, විශේෂ මාලුවෙකු තම දැලට හසු වූවාකියා වාර්තා කර නැහැ. 

එහෙමනම් පාලම අසල ජලයෙන් මතුවන අමුතු ශබ්ධය නැගෙන්නේ කොහොමද? ඒ පි‍ටුපස ඇති අභිරහස මොකක්ද?
මඩකලපු කලපුවේ පතුලේ සිටින කවචයක් (ක‍ටුවක්) තුල සිටින ජීවී කොට්ඨාශයක් මේ ශබ්දය නිකුත් කරන බවට මුලින්ම මතයක් ගොඩ නැඟී තිබුනා. ඉන්පසු කලපුව ආශ්‍රිතව ජීවත් වන ගෙම්බන් විශේෂයක් මේ හඬ නිකුත් කරනවායැයි අදහසක්ද ගොඩනැගුනා. නමුත් ගෙම්බන්ට වතුර යට දී ශබ්දය නිකුත් කල නොහැකි නිසා ඒ අදහස යටපත් උනා. මුහුදේ ශබ්ද/ නාද මතු කල හැකි මාලුන් වාසය කරනවා. උදාහරණ විදියට ඉන්දියන් සාගරයේ ජීවත් වෙන ඩැම්සල් මාලුන් (Damsel fish), ක්ලවුන් මාලුන් (Clown fish), ගිරා මාලුන් (Parrot fish) වැනී සතුන්ට මේ විදියට ශබ්ධ නිකුත් කල හැකියි. රොඩ්නි ජෝන්ක්ලෝස් කලපු පතුලේ කිමිදුන අවස්තාවේ මේ ආකාරයේ ශබ්ධ මතු කල හැකි මාලුන් විශේෂ රාශියක් සොයා ගැනුණා. නමුත් ඔවුන් සාමාන්‍ය මුහුදේ, කලපු වල ජීවත් වන මාලු විශේෂ පමණයි. විශේෂ මාලුවෙකු ඒ අතර සිටියේ නෑ. එහිදී නිගමනයක් වන්නේ මේ ශබ්දය කිසියම් එක් මාලු විශේෂයකින් නිකුත්වන්නක් නොව මාලු විශේෂ කිහිපයකින් නිකුත් වන ශබ්ද වල එකතුවක් වශයෙන් ගත හැකි බවයි.

ඒත් ඒ නාදය මඩකලපුව කලපුවෙන් පමණක් මතු වන්නේ ඇයි? 

එවැනි අසිරිමත් මාලු විශේෂයක් සිටිනවා නම් වර්ග සැතපුම් 40ක් පමණ විශාල කලපුවේ ඔවුන්ව සොයා ගැනීමත් අභියෝගයක් වන බවට කිසිම සැකයක් නෑ. කෙසේ නමුත් මඩකලපුව නගරයට "සින්දු කියන මාලුන්ගේ නගරය" ලෙස අන්වර්ථ නාමය ලැබීමටත් කල්ලඩි පාලමට සාමාන්‍ය පාලමකට එහා ගිය ජනප්‍රියත්වයක් ලැබී ගීත සාහිත්‍ය තුල පවා සඳහන් වන්නට හේතු කාරණාවක් වූ "සින්දු කියන මාලුන්" නම් මේ අපූර්ව පුරාවෘත්තය, තවත් චිරාත් කාලයක් මිනිසුන්ගේ මනස තුල හොල්මන් කරනා සොඳුරු අභිරහසක් වන බව නම් සහතිකයි.


ඉසුරු වික්‍රමගේ - Green Roamer
උපුටා පළකිරීමකි......






A day in the life

2024-07-28

අනුගත වීම කියන්නෙ මනෝ විද්‍යාත්මක කාරාණාවක්





"මොන්ඩාල් "ව මතකද?

මේක ඕපදුපයක් උනාට අපේ ජීවිත වලට හොඳ පාඩමක් කියල දෙන ඕපයක් නිසා ලියන්න හිතුණා .
හිඟන්නියෙක් වෙලා ඉඳල දක්ෂකම සහ සමාජ මාධ්‍ය නිසා ලෝක ප්‍රසිද්ධවෙලා අනුගත වීමේ දුර්වලතාවය මහන්තත්වකමක් විදිහට එළියට දාපු නිසා ආයෙත් පාරටම වැටුණු මොන්ඩාල් ව මතකද ?
මොන්ඩාල් ඉපදෙන්නෙ 1960 දී ,
අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ .
කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන , ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ ඇගේ සුමිහිරි කටහඬ විතරයි.
හේතුවක් ,ඇතුවත් , නැතුවත් දුකට සතුටට , බඩගින්නට මේ හැමදේකටම ඔහේ සිංදු මුමුණන රනූ ,අවුරුදූ දෙකකට විතර කලින් දවසක හවසක දුම්රිය මැදිරියේ රේඩියෝවක වාදනය උන මොහමඩ් රාෆි ගේ ගීතයක් රේඩියෝවේ සද්දෙටත් වඩා හයියෙන් ගායනා කරමින් මැදිරියේ බිමක ඉඳගෙන හිටියා .
නිතරම ඒ හරියේ ඉන්න අයට මේ ගායනය විශේෂ දෙයක් නොවුනට , එතනින් යමින් සිටි චක්‍රබෝර්ති කියන තරුණයට මේ සුමිහිරි කටහඬක් හිමි යාචිකාව ගැන මොකක්දෝ අමුතු දෙයක් දැනුනා .ඔහු ඇයගේ ගායනය වීඩියෝ කරලා එවලේම ෆේස් බූක් දැම්මා.
විනාඩි ගානකින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ආසියාවේ අස්සක් මුල්ලක් නෑර මිනිස්සු
රනූ මොන්ඩාල් ගේ මේ වීඩියෝව බැලුවා.
ඒකෙන් පස්සේ ,
පාරේ නිදාගෙන හිටපු මොන්ඩාල් අන්තිමට නැවතුනේ හිමේෂ් රෙශ්මියා කියන දැවැන්ත නිර්මාණකරුවා ළඟ .
එක රැයකින් රනූ මොන්ඩාල් නම් වූ හිඟන්නිය , රනූ මොන්ඩාල් නම් වූ තාරකාව බවට පත් වුනා ,
සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා , ජනප්‍රිය වුනා , ධනවත් වුනා ,ප්‍රසිද්ධ උනා .කොහොම කොහොම හරි ඇගේ දෛවය උඩු යටිකුරු උනා .
ඔන්න දැන් ඉතින් රනූ මොන්ඩාල් සුප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් උනා .
ඔහොම වැජඹී ඉන්නකොට
මාස දෙක තුනකට පස්සේ දවසක මොන්ඩාල් එයාගේ ආරක්ෂකයෝ එක්ක "සුපර් මාකට්" එකකට යනවා ,
එතනදී අහම්බෙන් මොන්ඩාල් ව දැකපු කාන්තාවක් එයාගේ පුංචි දුවත් එක්ක හරිම ආසාවෙන් "සෙල්ෆියක්" ගහන්න මොන්ඩාල් ලඟට එනවා , පිටිපස්සෙන් ආපු ඇය ඉස්සරහ හැරිලා හිටපු මොන්ඩාල්ගේ අතට හිමීට තට්ටුවක් දාලා ෆෝන් එකත් අරන් "සෙල්ෆියක්" ගහන්න පුලුවන්ද අහනවා..
මොනවා වෙන්න ඇති කියලද හිතෙන්නේ,
( හැබැයි හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි වෙන්නේ .)
මොකද මේ මාව අල්ලන්නේ?? මේ.. මේ.. මාව අල්ලන්න එන්න එපා , මම දැන් celebrity කෙනෙක් ,
කියලා තරහෙන් පුපුර පුපුර මොන්ඩාල් කියන කොට අර කාන්තාවට කට උත්තරත් නැති වෙනවා ,ඒ විතරක් නෙමෙයි ඒ පොඩි ළමයත් බය වෙනවා .
මොන්ඩාල් ගෙ ජීවිතේ වෙනස් කරපු වීඩියෝව වගේම මේ වීඩියෝ වත් ලෝකෙම දකිනවා ,
හැමදේම උඩු යටිකුරු වෙනවා .
"ඔලුව ඉදිමිච්ච මෝඩ ගෑණියෙක් ,හිඟන්නන්ට රත්තරන් හම්බුනහම ඔහොම තමයි කිය කිය මුළු ඉන්දියාවම ඇයට බනින්න ගන්නවා "
මොන්ඩාල්ව තරුවක් කරපු මාධ්‍යට පවා මේ සිද්ධිය නිසා ඇය ගැන කළකිරෙනවා , ඒ වගේම බොහෝ තැන්වලින් මොන්ඩාල් ව ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නවා .
කතාව ඇහුවම මොන්ඩාල් ට මොංගල් ද කියල හිතුනට, මේක, " *අනුගත වීම* "කියන න්‍යාය මත පදනම් වෙච්ච, අපි කාටත් සිද්ධ වෙන්න පුළුවන් පොදුම පොදු තියරියක් .
.........................................
සිංහල වෙලා ඉපදිලා සිංහලෙන් ම ඉගෙනගෙන ඉංග්‍රීසි වචන දෙක තුනක් ඉගන ගත්තට පස්සේ , සිංහලෙන් කතා කරන අයට ඔරව ඔරවා'' බලෙන් පොෂ් '' වෙන්න හදන කට්ටිය ,
සතේ අතේ නැතුව ඉඳලා පනම් දෙකක් අතට ආවට පස්සේ අඟහරු ලෝකෙන් බැස්සා වගේ හැසිරෙන කට්ටිය ,
විනාඩි පහක ටීවී ඇඩ් එකක සෙනග අස්සෙන් යන්තම් මූණ පෙනුනහම නළු ඔස්තාර් ලා වගේ හැසිරෙන කට්ටිය ,
ජීවිතේට ඉස්කෝලෙක පන්ති නායකයෙක්වත් වෙලා නැති කෙනෙක්ට සමිතියක කාරක සභික තනතුරක් ලැබුනහම තියන පවර් එක දැක්කම,
අපිට හිතෙන්නේ ,
අම්මෝ මුගේ ඔලුව ඉදිමිච්ච හැටි , යකෝ මැස්සෙක් ගිය උඩ ,මූට ගිය කලක් , කියල නේද ?
හැබැයි ඔතන වෙන්නෙ වෙන දෙයක් ,
මුකුත්ම නැතුව ඉඳලා මොනවහරි ලැබිච්ච මිනිස්සු ඒ තත්වෙට අනුගත වෙන්න සහ ඒ ලැබිච්ච පවර් එක ලෝකෙට පෙන්නන්න
මාරම ලොකු උත්සාහයක් ගන්නවා
තමන් මෙච්චර කල් ජීවත් වෙච්ච ලෝකෙයි මේ සර්වපිත්තල ලෝකෙයි අතර තියන "ලයිෆ්ස්ටයිල් ගැප්'' එක එයාට තදින්ම දැනෙන්න පටන් ගන්නවා .
ඉතින් අමාරුවෙන් මහන්සියෙන් තමනුත් මේ සමාජෙට අනුව අනුගත වෙන්න ඕනේ නේද කියල හිතාගෙන එහෙම අනුගත වෙන්න හෙන ගේමක් දෙනවා .
ඉතින් ගැලපෙන දේ නොගැලපෙන දේ හරි දේ වැරදි දේ මොකක්ද කියල අවබෝධයක් නැහැ ,මේන්ටේන් වෙන්න ඕනේ කියල හිතාගෙන දකින දකින හැමදේම කරන්න පටන් ගන්නවා .
හිටපු තැනයි ඉන්න තැනයි අතර ගැප් එක වැඩිවෙන්න වැඩිවෙන්න තත්වය තව තවත් භයානක වෙනවා.
(උගත්කම සහ බුද්ධිමත් කමත් යම් තාක් දුරට බලපානවා)
උදාහරණයක් විදිහට ,
ජීවිතේට බ්‍රෑන්ඩඩ් බෑග් එකක් පාවිච්චි නොකරපු කෙනෙක් ලුවී විටෝන් බෑග් එකක් ගත්තම , එයා තේ බොන්නත් යන්නෙ හිල්ටන් එකට , මොකද බෑග් එකට අනුගත වෙන්න ඕනේ නිසා .
ඒකම තමයි මොන්ඩාල් ටත් උනේ ,
ජීවිතේට ප්‍රසිද්ධ පුද්ගලයෙක් නළුවෙක් ගායකයෙක් ඇහැට නොදැකපු , දන්නා කාලෙක මේසෙක ඉඳගෙන හොඳ කෑම වේලක් නොකාපු ,ග්‍රැනයිට් පොළවක පය නොගහපු මොන්ඩාල් ට එක පාරටම ලැබිච්ච සල්ලි වස්තුව ජනප්‍රියත්වය කියන දේවල් වලට මූණ දෙන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා ,
ඉස්සර හිඟා කන කාලේ කාගෙහරි අතින් අල්ලලා සල්ලි ඉල්ලුවහම බැනුම් අහපු විදිහ විතරයි එයාට මතක ,
ඉතිං ජනප්‍රිය කෙනෙක්ගේ චරිතෙට ආරූඩ වෙලා ඒක හරියටම ප්ලේ කරන්න පුරුදු වෙන්න එයා ට්‍රයි කළා , ඉන්දියාවේ දේවත්වයෙන් සලකන අමිතාබ් භච්චන් උනත් ඕන තරම් මිනිස්සු එක්ක සෙල්ෆි ගන්න බව එයා දැකලා තිබ්බේ නැහැ ,
මොන්ඩාල් ට බැන්නට එයාගේ උත්සාහය සාදාරණයි . කූඩෑල්ලන්ට මෙට්ටේ සෙට් වෙන්න ටිකක් කල් යනවා , සල්ලි නැති අයට සල්ලි ලැබුනත් , බලය නැති අයට බලය ලැබුනත් වෙන්නේ එච්චරම තමයි .
හෙට උදේ වෙනකොට මට ලෝකෙ වටිනාම මැණික හම්බෙලා අම්බානිලගේ ලිස්ට් එකට වැටුනොත්, මේ ඉන්න තත්වෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මුකේෂ් අම්බානිලා වගේ හැසිරෙන්න ට්‍රයි කරන්න ඕනෙ කියලා මටත් හිතෙන්න පුළුවන්.
රනූ මොන්ඩාල් ගෙ ඔලුව ඉදිමිලා කියලා බැන්නට, ඔයාට මට අපි කාටත්, අද අපි ළඟ නැති හිතා ගන්නත් බැරි වටිනා දෙයක්, තනතුරක් හෙට ලැබුනොත් ඒකට අනුගත වෙන්න ටිකක් කල් යනවා .
ඒ සංක්‍රාන්ති කාලේ වටේ ඉන්න ඒ දේවල් දැකපු විඳපු මිනිස්සුන්ට අපිව විහිළුවක් විදිහට පේන්න පටන් ගන්නවා තමයි
ඉතින් , ඒකට කරන්න දෙයක් නැහැ .
අපි ඕකට ඔලුව ඉදිමිලා , ලොකු කම ඉහට ගහලා කියලා කිව්වට ඇත්තටම වෙන්නෙ තනතුරට අනුගත වීමට උත්සාහ කරන එක මිසක් වෙන දෙයක් නෙමයි .
බුකියේ උඩ පහල යනකොටත් එක පාරට ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා එක එක අලුත් දේවල් වලට අනුගත වෙන්න ලොකු ට්‍රයි එකක් දෙන ජීවියෝ ඕනතරම් ඔයාලට හම්බෙනවා ඇති ,
යකෝ මුගේ ලොකුකම , පිස්සුද මුට,මැස්සෙක් ගිය උඩ ,ඔලුව ඉදිමිලා , අරවා මෙව්වා කියලා ඒ අහිංසකයින්ට කෝචෝක් කරන්න යන්න එපා , ඒක හරි සාමාන්‍යයි ,
ටික කාලෙකින් ඔය තත්වය යථාතත්වෙට පත්වෙනවා,එහෙම නැත්තම් ඔවුන් විසින්ම ඔවුන්ව විනාස කරගන්නවා .
අනුගත වීම කියන්නෙ මනෝ විද්‍යාත්මක කාරාණාවක්


අනිශා ජයකොඩි
Anisha Jayakody




A day in the life

2024-07-27

රහස් (රහස්‍ය භාවය සුරකිනු ලැබේ )












 

(රහස්‍ය භාවය සුරකිනු ලැබේ )
_ බැංකුවේ නිල වැකිය .

 

සේප්පුවක දා රකින්ට හැකිනම්
රත්තරන් බඩු අපි හැමෝගෙම ...
රහස් ඔක්කොම ඒ විදියටම
බැංකුවෙ තියන්න බැරිවෙයිද අපිට...??
වෙස් මූණක් අලෝගෙන ඇවිත්
හිත ඇතුලෙ පැටවු ගහන දුක් දොම්නස්
එක එක සේප්පුවට දාල වැහුවොත්
පුළුවනිද ඒ රහස් රැක ගන්න .??
ඉරුණු යට ගවුමක
අණ්ඩ දාල එළලපු
මැකිල ගිය හීන ඔක්කොම
සුදු ඇඳුමකින් වහගෙන
පෝරුවෙ හිටගන්න වෑයම් දරාපු
ආදරවන්තයින්ගෙ රහස් පසුම්බි
බැංකුවෙ දාල රැකගන්න පුළුවන්ද ??

පඩි දිනේ දවසකින් පරක්කු උණොත්
කරාමෙට කට තියල බඩ පුරෝගෙන
හිල් වෙච්චි සාක්කුවට අත දාගෙන
උජාරුවට අඩිතියන් ඇවිදයන
කී දෙනෙක් ගෙ බඩ ඇතුලෙ
මහ බඩවැලේ මොනා තියෙනවද
කවුරු දන්නවද ,ඒ රහස් .??
රෝ.සි.

A day in the life

2024-07-26

වැරදි රටක ඉපදුන වටින මනුස්සයෙක් - බාහුු






ඔහුගේ දේශපාලනික නොවන ජීවිතය පිළිබද කෙටි පිළිසඳරකටය.

 ‘මගෙ මවුපියො ගුරුවරු. මං උපදිනකොට මගෙ අම්මයි තාත්තයි උගන්වමින් හිටියෙ ඌව පළාතෙ දුෂ්කර ගමක. මම ඉපදුණේ ලුණුගල ඉස්පිරිතාලෙ. මට අවුරුදු හතරෙදි අම්මලා මාරුවක් අරන් මතුගමට ඇවිත් පදිංචි වුණා. මූලික අධ්‍යාපනය ලැබුවෙ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන්. ඒ කාලෙ හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්න කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තරග විභාගයක් තිබුණා. 1953 අවුරුද්දෙ මම මේ තරග විභාගයට ලියලා සමත් වුණා. ඒ වෙනකොට කොළඹ ආනන්දය රජයේ විදුහලක් නොවෙයි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් ඉස්කෝලයක්.

ලංකාවෙ මුල්ම වරට සිංහල භාෂාවෙන් එස්.එස්.සී ලියපු කණ්ඩායම වුණේ අපේ කණ්ඩායම. සාමාන්‍ය පෙළ විදිහට තිබුණ එස්.එස්.සී වගේම උසස් පෙළ වෙනුවට තිබුණ එච්.එස්.සී විභාගත් පළමු පන්තියේ සම්මාන සහිතව මං සමත් වුණා. මම සරසවියට යන්නේ 1962දි. මාව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තේරුණා.
අවසන් වසරෙදි අපි හිටියෙ පේරාදෙණිය සරසවියෙ. මා උපාධිය ඉහළින්ම සමත් වුණා. මගෙ ප්‍රතිඵල අනුව 1965දී මා කනිෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට පත්කර ගත්තා. මාත් සමඟ පළමු පන්තියේ සාමාර්ථ ගත්තු හයදෙනෙක් හිටියා. අපි හැමෝටම ආචාර්ය උපාධිය සඳහා විදේශ ශිෂ්‍යත්ව ලැබුණා. මම පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයකට මගෙ ආචාර්ය උපාධිය හදාරන්න කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ගියා. ඒ ශිෂ්‍යත්වය ලැබුණේ වර්ෂ 1967දී.
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල ජීවිතය
කේම්බ්‍රිජ් එකට යන ඕනෑම කෙනෙක් යන්නෙ කොලේජ් එකකට. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කොලේජ් එකක් කියන්නෙ සරසවි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නොවන ජීවිතය කළමනාකරණය කරන තැන. ඔවුන්ගෙ කෑම බීම ගැන, දුක්ගැනවිලි ගැන, සමාජ ජීවිතය ගැන, ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන, සොයා බලන ශිෂ්‍ය නිවාසය. කේම්බ්‍රිජ් සරසවියෙ කොලේජ් එකක් කියන්නෙ නේවාසිකාගාරයකට වඩා වැඩි තැනක්.
ශිෂ්‍යයෙක් අධ්‍යාපනය ලබන තැන ඩිපාර්ට්මන්ට් එක. මගේ ඩිපාට්මන්ට් එක තමයි ඇප්ලයිඩ් මැතමැටික්ස් ඔෆ් තියරිටිකල් ෆිසික්ස්. සිංහලෙන් කියනවා නම් න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිත අංශය. මගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ස්ටීවන් හෝකින් හිටියෙ. අපි ඔක්කොම 25කට වැඩිය හිටියෙ නෑ. මම යනකොට හෝකින් පර්යේෂණ ශිෂ්‍යයෙක්. මමත් පර්යේෂණ ශිෂ්‍යයෙක් විදිහට සම්බන්ධ වුණේ.
යුනිවර්සිටි එකේ තිබුණා කොලේජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ටෙක්නොලොජි කියලා තැනක්. එතන හවස හා සෙනසුරාදා පන්ති තියනවා. ඒවට ගොඩක් අය යනවා. මට මූර්ති කලාව පුළුවන් නිසා මං එතන පොටරි ඇන්ඩ් මොඩලින් කියන ක්ලාස් එකට. අපි දහයක්වත් හිටියෙ නෑ.
චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එක
එතැනින් එහා තියන පොටරි ක්ලාස් එකට චාල්ස් කුමාරය එනවා. චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එකට ළමයි සිය ගණන් එන්න පොරකනවා. චාල්ස් කුමාරය එක්ක පොටරි කළා කියලා කියන්න කැමති හින්ද වෙන්න ඇති. යුනිවර්සිටි එකේදි මට ගොඩක් වෙලාවට චාල්ස් කුමාරය හම්බවුණා. ඔහු එන්නෙ ආරක්ෂකයොත් එක්ක. සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන්, ලෝ ප්‍රකට මහාචාර්ය ඩවුටි ඒ කාලෙ කේම්බ්‍රිජ් එකේ හිටියා. ජාන විද්‍යාව සම්බන්ධ විශිෂ්ටම පර්යේෂණ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෙරෙමින් තිබුණෙ මං අධ්‍යාපනය හදාරන වකවානුවෙ.
අපි විසිපහකට වඩා නොඅඩු කණ්ඩායමක් හිටියට අපි කළ පර්යේෂණ වෙනස්. හෝකින්ගේ කණ්ඩායම හිටියෙ වෙනත් කාමරයක. ඔවුන් විශ්වය සම්බන්ධ පුළුල් ක්ෂේත්‍රයක පර්යේෂණ කළා. ඔහුගෙ කණ්ඩායමේම පර්යේෂණ සගයෙක් තමයි ලාංකිකයෙක් වූ ආචාර්ය ශාන්ත ද අල්විස්. ශාන්ත මේ වනවිට ඉන්නෙ ඇමරිකාවෙ. ඔහු විශිෂ්ට විද්‍යාඥයෙක්. මට වඩා ගොඩක් හොඳට ශාන්ත හෝකින්ව දන්නවා.
මම හිටියෙ හෝකින්ගෙ පර්යේෂණ කණ්ඩායමේ නෙමෙයි. තරංගවලට බාධක ඇතිවන ආකාරය ගැන තමයි මා ඇතුළු මගේ කණ්ඩායම පර්යේෂණ කළේ. කණ්ඩායම භාරව හිටියෙ ආචාර්ය ක්ලෙමෝ. ආචාර්ය ක්ලෙමෝ කටයුතු කළේ ලෝකයේ සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන් යටතේ.
සූර්යයාගෙන් පිටවන වලාකුළු වගේ දෙයක් තියනවා. ඒවා පාවෙලා යනවා. එහි ඇතිවන යම් යම් තරංගවලින් පිපිරීම් ප්‍රමාණයක් ඇති වෙනවා. අපි ඒ පිපිරීම් ගැන පරීක්ෂණ කළා. ඒක නිශ්චිත විෂයයක්. හෝකින්ස්ලාගෙ පර්යේෂණ ක්ෂේත්‍රය ඊට වඩා පැතිරිලා තිබුණා. ඔවුන් විශ්වයේ විවිධ පැතිවලට බලපාන කරුණු ගැන පර්යේෂණ කළා.
අපි හැමෝම හැමදාම එකට හම්බවෙනවා. කතාබහ කරනවා. ශාන්ත ද අල්විස් හෝකින්ගේ මිතුරෙක් වීම නිසාම අපි අතර හොඳ සබඳතාවක් ගොඩනැඟෙනවා. ඔහුගෙ මුල් බිරිය ජේන් වයිල්ඩ් හෝකින්ගෙ සමීපම මිතුරිය විදිහට තමයි ඒ කාලයෙ හිටියෙ. ඒත් මං දැනගෙන හිටියෙ නෑ ඒ වෙනකොට ඔවුන් විවාහ ගිවිසගෙන හිටියෙ කියලා.
මා දන්න කාලෙ හෝකින් හොඳට හිටියා. ඇවිද්දා. හොඳට කතාබහ කළා. ඔහු ගොඩක් කඩා වැටිලා රෝද පුටුවක යන තත්ත්වයට පත්වුණේ අවුරුදු දෙකක් ඇතුළතදී. එයා රෝද පුටුවකට වැටුණෙ මම බලාගෙන ඉද්දි. ඒ වෙනකොට ජේන් තමයි එයාව රෝද පුටුවෙ තියලා තල්ලු කරගෙන ආවෙ. ඇය සාමාන්‍ය උපාධියක් කළේ. ඇය ඔහු හා විවාහ ගිවිසගෙන තිබුණේ ඔහුගෙ බරපතළ රෝගී තත්ත්වය ගැන දැනගෙන. ඇයට හෝකින් වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වුණා.
හෝකින් ප්‍රියමනාප කෙනෙක්. ඔහු තුළ කිසිම කුහකකමක් තිබුණෙ නෑ. යමක් ඇහුවොත් වුවමනාවෙන් කියලා දෙන්න හදනවා. එයාගෙ අදහස පැහැදිලි කරනවා. හිනාවෙන්න පුළුවන් දේවල් කියනවා. ඔහුගෙ තිබුණ විශේෂම ලක්ෂණය තමයි ලේසියෙන් කෙනෙක්ව හිනස්සවන්න හැකි වීම. ඔහු විටෙක හාස්‍යයෙන් පිරුණු කෙනෙක්. ඒවගේම හෝකින් කැමැති වුණේ නෑ එයාට අමාරුකම් තියනවා කියලා පෙන්වන්න. ඔහු හැම වෙලාවෙම කිව්වෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔහුට හැකි වුණා. ඔහුගෙ දර්ශනයත් හැදෙන්නෙ එහෙමයි. “ඔබ මනුස්සයෙක් නම් ඔබ නොපසුබස්නා වීර්යයෙන් යමක් කළ යුතුයි. ඔබ ලෝකයට වටිනා කෙනෙක්. ලැබුණු ජීවිතේ පුළුවන් තරම් ප්‍රයෝජනයට ගන්න”. ඔහු හැම විටම කිව්වෙ ඒක.
ඒ කාලෙත් හෝකින් දෙවියන් ගැන සැක පහළ කළා. පර්යේෂණ තුළත් ඔහු එය ගොඩනැඟුවා. අවසාන කාලයෙදී ඔහු මුළුමනින්ම දෙවියන්ව ප්‍රතික්ෂේප කළා. ඔහු ගොඩනඟපු දර්ශනය බෞද්ධ දර්ශනයට අතිශයින් සමීප වුණා.
ජේන් සහ හෝකින්
විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි
මෑත කාලයේදී විශ්වය පිළිබඳ ඇති වූ මතය තමයි එහි සීමාවක් තියනවා කියන එක. ඒත් විශ්වය පුළුල් වෙනවා, පැතිරීගෙන යනවා, කියලා ඔවුන් කීවා. ඒ නිසා අපි අතරෙ දුරස් භාවය වැඩි වෙනවා කියලා ඔවුන් කීවා. ඒ මතවාදය අනුව විශ්වයට සීමාවක් තියනවා. එහෙම නම් විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි. විශ්වයේ විකාශනයෙන්මයි විශ්වය ඇතිවෙන්නෙ.
විශ්වය තුළම තිබෙනවා කළු කුහර. ඒ කළු කුහරය තුළට ද්‍රව්‍ය ගමන් ගන්නවා. ඒ ගමන් කරන ද්‍රව්‍ය නැවත එන්නෙ නෑ. හෝකින් මේ විෂය සම්බන්ධව විශේෂ පර්යේෂණ කළා. ඔහු කිව්වා කළු කුහරයත් මේ විශ්වයේම ද්විත්වතාවක් කියලා. ඒක තියෙන්නෙ කොහෙද කියලා ඔහු ගණිතමය සිද්ධාන්ත හරහා පෙන්නුවා. ඔහුට අනුව කළු කුහරයෙන් අර්ථවත් වෙන්නෙ අඳුරු විශ්වයක්. ඒකට ඇතුළු වන ද්‍රව්‍ය නැති වෙන්නෙ නෑ. ඒවා අඳුරු වෙනවා.
හෝකින් කිව්වෙ හැම දෙයකම ප්‍රතිවිරුද්ධ දෙයක් තියනවා කියලා. ආලෝකවත් විශ්වයේ ප්‍රතිවිරුද්ධත්වය තමයි අඳුරු විශ්වය. අඳුරු විශ්වය හා ආලෝකවත් විශ්වය එකට බැඳිලා තිබෙන්නෙ. මේ ද්විත්ව විශ්වය පැතිරෙනවා නම් ඒ පැතිරෙන්නෙ කොහෙද. අපේ විශ්වය වාගේ විශ්ව අනන්ත ප්‍රමාණයක් තියන මහා විශ්වයක් තුළ. එහි ඉමක් නෑ. බුදුන් වහන්සේ කිව්වා ලෝක විෂය අචින්ත්‍යයි කියලා. විශ්වයේ ස්වරූපය ගැන හෝකින් පෙන්නපු මේ සංකල්පය බෞද්ධ දර්ශනයට සපුරා එකඟයි.
මහාචාර්‍ය අල්විස් සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාව
මා ආචාර්ය උපාධිය නිම කර කේම්බ්‍රිජ් සරසවියෙන් පිට වුණා අවුරුදු තුනකින්. මගේ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් මුද්‍රණය කරන සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාවෙ පළ වුණා. පස්සෙ මම ලංකාවට ආවා. අවුරුදු 18ක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. 1978 දී යූ.එන්.පී ආණ්ඩුව මාව සරසවියෙන් ඉවත් කළා. එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු 40කට පස්සෙ රනිල් වික්‍රමසිංහ අගමැතිගෙ ආණ්ඩුව යළිත් මාව සේවයේ පිහිටෙව්වා.
විශ්වවිද්‍යාලයෙන් නෙරපා සිටි වකවානුවේ විවෘත විශ්ව විද්‍යාලයේ උපදේශකවරයෙක් විදිහට වැඩ කළා. පර්යේෂණ කණ්ඩායමක් එක්ක බුදු දහමේ දර්ශනවාදය පිළිබඳ පර්යේෂණයක් කළා. මගෙ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ බුදු දහම, විද්‍යාව හා මාක්ස්වාදී දර්ශනය. මේ දර්ශනවාද තුනෙන්ම ලෝක විෂය පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙන්නෙ එකම කරුණු. මා මේ සම්බන්ධව නිබන්ධනයක් ඉදිරිපත් කළා.
මේ අදහස පදනම් කරගෙන මහාචාර්ය වයි. කරුණාදාස හා මම මේ වනවිටත් ඒ පිළිබඳව තවදුරටත් හදාරමින් ඉන්නවා. ඒ හැදෑරීම පදනම් කරගෙන ෆිලෝසොෆි ඔෆ් බුඩිසම් ඇන්ඩ් සයන්ස් කියන පර්යේෂණ කෘතිය ගොඩනන්වනවා.

නැවත හෝකින් ජීවමානව සිටි කාලයේ මා වෙනුවෙන් එක් අවස්ථාවක පෙනී සිටියා. මට කැනඩාවෙ සරසවියකින් විශේෂ දේශනයකට ආරාධනා ලැබුණා. සියල්ල සැකසෙමින් තිබෙද්දි කැනඩාව මගෙ වීසා නැවැත්තුවා. ඒ මම කොටි සංවිධානය එක්ක සම්බන්ධකම් තියන පුද්ගලයෙක් කියලා. මට ආරාධනා කළ පාර්ශ්වය මේ සම්බන්ධව ලෝකය තුළ සංවාදයක් ඇති කළා. අනතුරුව ලෝක විද්වතුන්ගෙ අස්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සමට ස්ටීවන් හෝකින් අස්සන් කළා. නෝම් චොම්ස්කි අස්සන් කළා. කැනඩා රජයට විරුද්ධව ඒ සංවිධානය නඩු කියලා කැනඩා රජය පැරදුණා. පස්සෙ කැනඩා එම්බසියෙන් මාව හොයාගෙන ගෙදරට ආවා. ඇවිත් සොරි කියලා කැනඩාවට යන්න වීසා අනුමත කළා කියන පණිවුඩය කිව්වා. මං ඒ අයට කියලා යැව්වා – උඹලගෙ ජරා රටට මට ආයෙ කිසි දවසක එන්න ඕන නෑ කියලා.’

බාහු සහෝදරයා සදය සිනහවකින් මුව සරසා ගත්තේය. අප විශ්වාස කරන පරිදි ඔහු අපට ශ්‍රී ලාංකිකත්වයේ චමත්කාරය කියා දෙන දර්ශකයක්ය. ඔහු ස්ටීවන් හෝකින්ලා සමඟ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය කළේය. සූර්ය තරංග පිළිබඳ කළ ඔහුගේ පර්යේෂණයට අදාළ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් සරසවියෙන් ප්‍රකාශයට පත් කළේය. අනතුරුව ඔහු ලංකාවට ආවේය. කේම්බ්‍රිජ් සරසවිය ස්ටීවන් හෝකින්ව නිවුටන්ටත් ඉහළින් තබා සම්භාවනාවට ලක් කළේය. රෝදපුටුවට සීමා වුණු ඔහු වෙනුවෙන් ඉන්ටෙල් සමාගම විශේෂ පරිගණකයක් නිර්මාණය කර ඔහුගේ විශ්මයාම දැනුම අවසාන මොහොත වනතුරු ලෝකයට ලබා ගන්නට කටයුතු කළේය. බාහුගේ සමකාලීන ශ්‍රී ලාංකික සගයා ශාන්ත ද අල්විස් ඇමෙරිකාවට ගියේය. ඔහු මේ වනවිට ඇමෙරිකාවේ විශිෂ්ට විද්‍යාඥයෙක්ය.

ලෝකය පිළිගත් විද්‍යඥයෙක් ලෙස ලංකාවට පැමිණි ආචාර්ය වික්‍රමබාහු 1978 දී පේරාදෙණිය සරසවියෙන් පන්නා දැම්මේය. ඉන් අනතුරුව ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළේය. ඉඩ ලැබෙන අතරේ පර්යේෂණ කටයුතුවල නිරත විය. දශක හතරකින් අනතුරුව එනම් බාහුට අවුරුදු හැත්තෑවත් ඉක්ම ගිය පසු ඔහුව යළි හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටෙව්වේය. දැන් ආචාර්ය වික්‍රමබාහු මහාචාර්ය වික්‍රමබාහුය. හැබැයි මහාචාර්ය වික්‍රමබාහු දැන් පෙන්ෂන්ය. අප ලෝකයේ වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාය.


සටහන-
ජානක ලියනආරච්චි
A day in the life

2024-07-25

ෆිදෙල් ක්‍රැස්තෝ


ලෝක ඉතිහාසෙ මට හිටපු අවසාන වීරයා.
"ෆිදෙල් ක්‍රැස්තෝ"
අවජාතක දරුවෙක් විදිහට ඉපදිලා
තමන්ගෙ රටේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසෙත් වෙනස් කරපු
සද්දන්ත පුරුෂයා.
එතුමා අපිට වීරයෙක්,වෙනකොට
අමරිකාව ප්‍රධානකොටගත් ධනපති ලෝකෙට
"පරම සතුරෙක්" වුණා.
ක්‍රැස්තෝව ඉවරයක් කරගන්න එක අමෙරිකානු සී අයි ඒ එකේ
ප්‍රධානතම වුවමනාව වෙලා තිබුණා.
ඒ සඳහා ඔවුන් කුමන්ත්‍රණ හයසිය තිස් අටක්" ක්‍රියාත්මක කළා.
ක්‍රියාත්මක කළේ 638 ක් වෙනකොට
"තව කීයක් නම් සැළසුම් තනන්නට ඇත්ද? "කියා සිතා ගත හැකියි.
මේ කුමන්ත්‍රණ සියල්ල කෙසේ වෙතත්,
සමහර ඒවා පුදුමාකාරයි..
හාස්‍යජනකයි.
වරක් ඔවුන් ක්‍රස්තෝගේ හවානා සුරුට්ටුවක මැදට
හීනි බෝම්බයක් ඇටෙවුවා.
අඩුමගානෙ රැවුල හරි පිච්චෙන්නෙ නැතැයි,කියලා වෙන්නැති !
ක්‍රැස්තොගෙ විනෝදාංශයක් මුහුදෙ කිමිදෙන එක.
සහ සිප්පි කටු එකතු කරන එක.
එහෙම තැනක මුහුදු පතුලේ
වර්ණවත් සිප්පි කටු තැන්පත්,කළා
බොම්බ අටවපු.....!
කිමිදුම් කට්ටලේ ඇතලට දිලීරයක් දැම්මා
අසාදනය වෙන්ට.
පෙම්වතියක් ලවා වස පොවුවන්ට තැත් කළා වරක්.
ඇය එම වස පෙත්ත සඟවාගෙන හිටියෙ මේකප් බඳුනක.
ඒක දියවෙලා ගිහින් තිබුණා.
ඒක අහුවෙච්ච වෙලාවෙ ෆිදෙල්
"උඹට ඕන මාව මරාදාන්ටද?
වෙඩි තියපන්"කියලා පිස්තෝලෙ දුන්නලු ඇය අතට.
"මට ඒක කරන්ට බෑ ෆිදෙල්!"ඇය කීවලු.
ක්‍රස්තෝගෙ ලේන්සුවට බැක්ටීරියාවක් එකතු කරන්ට වරක් උත්සාහ ගත්තා.
තවත් විටෙක කෝපි කෝප්පෙට වහ දාන්ට ට්‍රයි කළා.
නාන තටාකෙට වස දැම්මා.
පේරු රටේදි කිලෝ පණහක බොම්බයක් ඇටෙවුවා.
මහ මඟදි වෙඩි තබා ඝාතනය කරන්ට සැළසුම් කළා.
කැසිනෝ ශලා වලදි,සුපිරි,හෝටලවලදි
විවිධාකාර ක්‍රම යෙදුවා.
ස්නයිපර් ප්‍රහාර......
තැගි භෝග වල බෝම්බ සවි කරලා හරහා උත්සාහ කළා.
විෂ ද්‍රව්‍යය ⁣යොද නිපදවූ සිගරට් හරහා උත්සාහ කළා.
මේ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක වුණා..
සී.අයි.ඒ.එක පච වුණා.
අන්තිමට සහෝදරයට රට බාර දීලා
ස්වභාවිකව මරණයට පත්,වෙනකල්
බම්බු ගහගන්ටවත්,බැරි වුණා
අමරිකාව ට.!
සී අයි ඒ එක ට.!
A day in the life


2024-07-24

සැතපෙන කුටියේ පොකුණ.









ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ.

මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය වන්දනාවේ යන කාගේවත් ඇස ගැටෙන්නේ නැහැ. මේ පොකුණක්. නිකම්ම පොකුණක් නොව රාජකීය පොකුණක්.
දැන් මෙය දළදා මාලිගා භුමියේ තිබෙනවා වගේ අපිට පෙනුනට රජසමයේ මේ භූමිය රජ මාලිගාවේ පරිශ්‍රය.

දළදා මාලිගාවට ගියාම රාජා ඇතා ගේ අනුරුව තියෙන කෞතුකාගාරයට ආසන්නව තියෙන රජ මාලිගාව ඔබ දන්නවා.ඒ අපිට දකින්න ලැබෙන්නේ අවසන් රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගාව වුණාට මහනුවර සිටි බොහෝ අපි දන්නා නොදන්නා රජවරුන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඒ ස්ථානයේම තමයි.
දළදා මාලිගාව කියන්නේ රජතුමාගේ බුදුමැදුර. එය ඉස්සර තිබු⁣ණේ දළදා වහන්සේ වැඩසිටින කුටිය පමණයි. පස්සේ තමයි එක එක කොටස් එකතු වෙන්නේ.

ඉතින් දළදා මාලිගාවත් රජ මාලිගාවේම කොටසක්.1815 මහනුවර නගර සැලැස්ම බලනවිට රජ මාලිගාව යනු ගොඩනැගිලි සංකීර්ණයක්. රජතුමාගේ මාලිගාව වෙනම, රජතුමා සැතපෙන කුටිය වෙනම, එතුමා බෙහෙත් ගන්න.කුටිය වෙනම, සළු පළඳින කුටිය වෙනම. එහෙම තමයි මේ සියල්ල තිබිලා තියෙන්නේ. ඒ දැන් දකින රජ මාලිගාව පිටිපස්සට වෙන්න තමයි සියල්ල තිබිලා තියෙන්නෙ.

ඒ වගේම රජතුමා හමුවෙන්න එන රටවැසියා බොහෝම දුර ඉඳලා ආවම මහන්සිනේ.. ඒ නිසා ඒ අයට ගිමන් හැරලා රජතුමා හමුවෙනතුරු රැඳී ඉන්න රජ මාලිගාව අසලම මඩුවක් තිබුණා ඒකට කියන්නේ වෛසෙලියේ මඩුව කියලා. ඒ වගේම ඒ අසලම ළිඳක් තිබුණා. ඒ ළිඳට කියන්නේ වෛසේලියේ ළිඳ කියලා. මේ ළිඳ තවමත් රජමාලිගාව අසලම තියෙනවා. හැබැයි ඒක උඩින් වහලා තියෙන්නේ.

ඉතින් මේ සමග ඇති පොකුණ තියෙන්නේ මගුල් මඩුව පිටිපස්සේ. ඒ කියන්නෙ වර්තමානයේ රන් ආයුධ මණ්ඩපය අසල ඒ ඉදිරියේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයට වැඩි දෙනෙක් නොයන නිසා මේ පොකුණ ඇස නොගැටෙන්න පුළුවන්. ඔබ මගුල් මඩුව පිටිපස්සෙන් ජාත්‍යන්තර කෞතුකාගාරයට පිවිසෙනවානම් ඉන් වම් පැත්තට ගියාම රන් ආයුධ මණ්ඩපය ඉදිරිපිට මේ පොකුණ දැකගන්න පුළුවන්.

ඉතින් මේ පොකුණ අසලම තමයි රජතුමාගේ සැතපෙන ගේ තිබුණේ. සැතපෙන ගේ එක්කම තමයි රජතුමාගෙ සළු කුටිය තිබු⁣ණේ. ඒ කියන්නේ රජතුමා ඇදුම් අඳින තැන. ඒ කිට්ටුවම තමයි රජතුමාට ශාන්ති කර්ම කරපු ශාන්ති මණඩපය තිබුණේ..
ඉතින් මේ පොකුණ අද මෙහෙම තිබුණාට මෙය රජතුමා පාවිච්චි කරපු පොකුණක්. රජ තුමාගේ සැතපෙන කුටිය ඇතුලේම සිහිල ගේන්න මේ පොකුණ තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැතපෙන කුටිය ඉදිරිපිට මෙය තියෙන්නත් ඇති.ඒ කොහොම වුණත් රජතුමා මෙය පාවිච්චි කරපු පොකුණක්.

ඒ මාලිගාවට ගියාම වැඳල පුදලා දුවල එන්නේ නැතිව ඔය වගේ පෞරාණික දේවල් ගැනත් අවධානය යොමුකරලා බලලා එන්න


වජිර උඩුනුවර

උපුටා පළකිරීමකි..
ස්තූතිය. ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට
මනුසත් හෙළ දෙරණේ පුනරාගමනය Manushath Hela Derane Punaragamanaya
A day in the life

2024-07-23

දෙමෝදර රේල් පාලම





9 Arch හෙවත් දෙමෝදර රේල් පාලමේ ඔබ කිසි දිනක නොඇසූ සත්‍ය ඉතිහාස කතාව මෙන්න..
1885 වසරේ ප්‍රංශයේ Marseille හිදී Alphonse Laurent උපත ලබනවා. කුඩා කාලයේ සිටම වාස්තු ක්‍රමවේදයන් සහ ඉදිකිරීම් කෙරෙහි කෙරෙහි ආසාවකින් සිටි අල්​පොන්සු ඒ පිළිබඳව ඉහළටම ඉගෙනීමට තීරණය කරනවා..
වැඩිවියට පත්වෙද්දී ඔහු ප්‍රංශයේ ඉදිකිරීම් පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව ප්‍රංශයේ නොමැති ​එහෙත් ඊටත් වඩා වෙනස් ක්‍රමවේදයන් පිළිබඳව ඉගෙනීමට කැමැත්තක් දක්වනවා. ඒ අනුව ඔහුගේ අවධානය යොමුවන්නේ ආසියාව කෙරෙහි.. ඒ වෙද්දී බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ තිබුණු ආසියානු කලාපයට මේ අල්පොන්සෝ සිය හැකියාවන් දියුණු කරගැනීමටත් වෙනස් අත්දැකීමක් ලබාගැනීමටත් පැමි​ණෙනවා..



මේ පැමිණීමේ දී ඔහුගේ අවධානය යොමු වන්නේ එකළ සිලෝන් ලෙසින් නම් කර තිබූ ශ්‍රී ලංකාවටයි. ඒකට හේතුව වුණේ කළු ගල් කපා කළ ඒ මහ නිර්මාණයන්ය. අඟලක බැස්මක් තිබූ ඇල මාර්ගයන්ය..
බ්‍රිතාන්‍යයන් උඩරට කලාපයට පහසුවෙන් ගමන් කිරීමට දුම්රිය මාර්ගයන් ඉදි කරමින් සිටි නමුත් ඔවුන්ට දෙමෝදර, ඇල්ල අතර ප්‍රදේශයේ තිබූ දැඩි ප්‍රපාතය සහ අභියෝගාත්මක භූගෝලීය පිහිටීම හමුවේ පාලමක් නිර්මාණය කිරීම තරමක අපහසු කටයුත්තක් වූ බව සඳහන් වෙනවා.
අල්පොන්සුගේ අවධානයත් මේ දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම කෙරෙහි ඒ වෙද්දී යොමුවෙලා තිබුණේ.. ප්‍රංශ සිසුවෙකු වීම නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් බාධාවක් නොමැතිව වැඩබිම් බැලීමටත් අල්පොන්සුට අවස්ථාව උදාවී තිබුණා..
දෙමෝදර සහ ඇල්ල මාර්ගය අතර පාලම නිර්මාණය කිරීම අභියෝගයක් වී ඉංග්‍රීසි ඉදිකිරීම්කරුවන් අභියෝගයකට මුහුණ දී සිටින විටත් ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටිම පිළිබඳව දැඩිව අධ්‍යයනයක නිරත වෙලා හිටපු අල්පොන්සු මේ සඳහා සිය දායකත්වය ලබාදෙන්න තීරණය කරනවා.



බ්‍රිතාන්‍යයෙන් කෙතරම් කෙළින් පාලම් සදා නිර්මාණය කළත් නැම්මක් සහිත පාලමක් ඉදිකිරීම ඔවුන්ට දැඩි අභියෝගයක් වුණා. මොකද භූමියේ පිහිටීම පාලමක් නිර්මාණය කිරීමට තරම් සුදුසු එකක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. අනික විදේශීයෙන් මෙය නිර්මාණය කිරීමට උපකරණ ගෙන ඒමටත් බ්‍රිතාන්‍යයන්ට හැකියාවක් තිබුණේ නැහැ.
නමුත් ශ්‍රී ලංකාවේ කළුගල් කපා භූමි දෝෂ මඟ හැරවාගෙන ඉදිකිරීම් කළ හැටි අල්පොන්සෝ දැන සිටි අතර ඔහුට ඒ පිළිබඳව ඉංග්‍රීසින්ට වඩා ඉහළ දැනුමක් තිබුණා.
අල්පොන්සෝ විසින් වහාම පාලම නිර්මාණය කරන ප්‍රදේශය පරික්ෂා කොට සැලැස්මක් සදා ඉංග්‍රීසින් අතට පත් කළා.. මවිතයට පත්වූ ඉංග්‍රීසින් වහාම පාලම හදන කටයුත්ත අල්පොන්සෝගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළා..
ප්‍රධාන ඉංජිනේරුවරයා වූ අල්පොන්සෝ එවකට පාලමේ වැඩවල නිරතව සිටි සිංහලයන් සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නඟා ගත්ත බවයි වාර්තාවල සඳහන් වන්නේ. ඒ නිසාම මේ පාලම මෙලෙස නිර්මාණය කිරීමටත් පහසු වී තිබුණා.
අල්පොන්සෝ නම උච්චාරණය එවකට සිංහලයන්ට තරමක් සමීප නොවන ගතියක් තිබුණු නිසා ඔහුට අප්පු කියන්නත් ගෞරවයක් එකතු කිරීම සඳහා හාමි ලෙසත් පැවසූ බව සඳහන්.. ඒ අනුව ඔහු අල්පොන්සෝ නමට වඩා අප්පු+හාමි හෙවත් අප්පුහාමි නමින් නම් වූ බව සඳහන්.
1921 වසර වෙද්දී අඩි 300ක නැවුමක් සහිතව අඩි 100ක උසින් යුතු 9 Arch හෙවත් දෙමෝදර ආරක්කු පාලම ඉදිවන්නේ මෙරට ඉතිහාසයේ අතිවිශිෂ්ඨතම ඉදිකිරීමක් ලෝකයාට දායක කරමින්.
අල්පොන්සෝ හෙවත් අප්පුහාමි සිංහලයන් සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නිසා ඔහු අවසානයේ ශ්‍රී ලංකාවේම ජීවත් වෙන්න තීරණය කළ අතර මෙරට ඉදිකිරීම් රැසකටම අප්‍රසිද්ධියේ උදව් උපකාර කළ බව සඳහන් වෙනවා.
තමන්ව මෙරට ඉතිහාසයේ කටකතා අතර පමණක් තබමින්, අවසානයේ ඔහු 1957 වසරේ දී වයස අවුරුදු 72ක් පමණ විට ජීවිතයෙන් සමුගෙන ගිය බව සඳහන් වෙනවා.



මේ ඉහළ තියෙන්නේ අල්පොන්සෝ හෙවත් අප්පුහාමිගේ ඡායාරූපයක්, එවකට තිබූ දැඩි කාෂ්ටක අව්වට ඔහුගේ සුදුහම අවර්ණ වී තිබුණේ ඔහුත් ශ්‍රී ලාංකිකයෙකු ලෙසටම පරිවර්තනය වූ ආකාරය පෙන්වන්න.

හරිනේ දැන් ඔන්න අප්පු තමා පාලම හැදුවේ, ප්‍රශ්නය ඉවරයිනේ.

Ceylon Government Railway Magazine
#සංජේ
#sarcasmquote


මේ තවත් කතාවක් සුජීව ප්‍රේමරත්න මෙටාවට වියමන් කරලා තිබුුනා. කරුණු සෙයන්නත් හදාරන්නත් පලකරනවා.

අප්පුහාමි නිසා දෙමෝදර ස්ටේෂන් මාස්ටර් වෙලා හිටි මිත්‍රයා Nawin Chinthana Wimalsiri ඉන්ටඩික් වෙන්නත් ඉඩ තිබිලා

මේ නවීන් කියපු කතාව
"Harold Marwood තමයි ninearches හදද්දී හිටපු engineer. එයාගෙ report එකේ තියෙනවා labourer supply කරේ local contractor කෙනෙක් කියල. අනිවාර්යයෙන්ම අප්පුහාමි කියන්නෙ ඔය contractor වෙන්න ඕන.
මම 2014 Demodara station එකේ වැඩ බාර ගනිද්දී අප්පුහාමිගෙ photo එකක් station එකේ එල්ලලා තිබුනා. හරි විස්තර දන්න නිසා ඒක ගලවල දැම්මා.
පස්සේ අප්පුහාමි මුණුබුරාද කොහෙද ඒක complain කරල ප්‍රාලේ උපදෙස් මත ග්‍රාම නිලධාරී ඇවිල්ලා පරීක්ෂණයකට.
තව ටිකෙන් inquiry එකකුත් සෙට් වෙනවා. Harold Marwood ගෙ report එක පෙන්නුවම තමයි වැඩේ shape උනේ


A day in the life

2024-07-22

අම්මඩුව







{හීයකින් උපන් දෙවොල }
ගොඩකවෙලින් වමට හැරිල කි.මී. 5ක් විතර ගියහම ඇමිටියගොඩ හංදියෙන්, අම්මඩුවට යන්න පුලුවන්.
ටිකක් පිටිසර පෙනුමක් එක්ක පටු පාර දිගේ අලුත යන කෙනෙක්ට නම් දකින්න මනරම් දසුන් එමටයි.
හදිස්සියේ එහා මෙහා යන ඉත්තෑවෙක්, මුගටියෙක්, හෝතඹුවෙක් ඇරුනහම කලාතුරකින් ඕලුවෙක් එහෙමත් මේ පාරෙ දකින්න ඇහැකි.
සුලු අපනයන බෝග ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගත් ජන ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගෙවා දමන මෙම ගමේ ගැමියන් පුද පූජා කරන්නෙ විහාරස්ථානය මුල් කර ගෙනයි. කතරගම දෙවියන් හට බාර වෙන්න යන්නෙ අම්මඩුව කුඩා කතරගම දෙවාලයටයි.



 

මෙය ක්‍රිස්තු වර්ෂ 1452 පමණ ආරම්භ කරන ලද්දක් ‍‍‍‍‍බවයි සදහන් වෙන්නෙ.
කො‍‍හොම නමුත් ක්‍රි.ව. 1410 සිට ක්‍රි.ව. 1467 දක්වා පුරා වසර 57ක පමණ කාලයක් කෝට්ටේ රජ කළ හය වැනි ශ්‍රී පරාක්‍රමබාහු පාලන සමයේ දී මෙම දේවාලය ඉදිව ඇති බවත් සදහන් වෙනවා.
එමෙන්ම මෙහි ආරම්භය පිළිබද මෙවැනි සටහනක්ද ගොනුකර තියෙනවා.ඒකත් කියවල බලමු නේ.
තමාට දෙවියන් ඇදහීම සඳහා කෝවිලක් නොවූයෙන් භාරහාර ඔප්පු කිරීම හා දේවාශිර්වාද ලබාගැනීම සඳහා කොලොන්න, අටකලන් දෙකෝරළයේ වැසියෝ ඒ සඳහා අලුත්නුවර දේවාලයට යෑමට පුරුදුව සිටියලු.



 

ඔය එක්කම ගම්වැසියන් සඳහා දේවාල භූමියෙහි වෙනම වීදියක් වෙන් කර තිබුණ කියල තමයි කියන්නෙ.
කොහොම නමුත් ඇමටියගොඩ ගම තුළ පදිංචිව සිටි රාමගිරි බ්‍රාහ්මණ රාල හා දේවගිරි බ්‍රාහ්මණ රාල යන දෙදෙනා තමයි මෙම වන්දනා ගමනට මූලිකත්වය දීල තියෙන්නෙ.
කොහොම හරි මෙහිදී සිදු වූ සිද්ධියක් නිසාවෙන් ඔවුන්ට ආපසු ඒමට සිදුවෙලා තියනවා.
පුරා රාත්‍රියක් කළ දේව කන්නලව්වකට පසු ගමට ඇවිත් නිදා උන් රාමගිරි බ්‍රාහ්මණ රාල වෙත කිසියම් අයකු සිහිනයෙන් පැමිණ ඔබ ගමන් කළ මාර්ගය අසල දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත්, එය රැගෙන තමන්ට රිසි පරිදි පුද පූජා පවත්වන ලෙසත් පවසා නොපෙනී ගොස් තියෙනවා.
පහුවදා උදෑසන නින්දෙන් අවදි වූ රාමගිරි බ්‍රාහ්මණ රාල මෙම සිද්ධිය දේවගිරි බ්‍රාහ්මණ රාලට පවසා මෙම ස්ථානය සෙවීම සඳහා ආ මග දෙපස පරික්ෂා කරමින් ගමන් කරලා තියෙනවා.එවිටයි දැක්කෙ දෙල් ගසක් මුදුනේ අත්තක රන් ඊතලයක් ඇටවිලා තියෙනවා.ඊතලය දැක්ක වහාම එම ගස මුලට ගොස් දෙවියන්ට යාච්ඤා කළ විට එම රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණරාලගේ ජටාව මතම වැටිල තියනවා.
එම දේවාභරණ තමයි වත්මන් දේවාල බිමේ තැන්පත් කරල තියනවා කියන්නෙ.



කො‍‍හොම වුණත්
නොයෙක් නොයෙක් කතාන්දරත් එක්ක පළමුව දකින ඕනෑම කෙනෙක් හට මහ ගුප්ත බවක් ඇති ස්ථානයක් ලෙසටයි මේ දෙවොල පේන්නෙ.
අසවල් කාලයට අසවල් ක්‍රියාව නිම කළ හැකි බව පැවසුවත් එය එයාකාරයෙන් ඉටු කල නොහැකිය යන්න ජනප්‍රවාදවල සදහන් වෙනවා.
කතාකරුත් එක්තරා කාලවකවානුවක මේ අත්දැකීමට මුහුණ දුන් අතර එය ඇත්තක්ද නැතහොත් ඔහු අතින් වුණ අතපසුවීමක්ද යන්න දැනටත් විසදා ගත නොහැකි වුණ ගැටලුවක් විදියටයි තියෙන්නෙ.
කොනකින් රංවලටත්, කොනකින් ගොඩකවෙලටත් මායිම් වන දෙවොල් සීමාවෙ වාර්ෂික පෙරහර මංගල්‍යය කුඹල් පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්ත පෙරහැර සැප්තැම්බර් මසෙ පැවැත්වෙනවා.
මෙම පුරාණ පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර වලට අනුව ක්‍රි.ව. 14 වන සියවසට අයත් ලෙස සැලකෙන්නෙ.
තොරතුරු හා ජනප්රවාද අන්තර්ජාලයෙන් තමයි උපුටා ගත්තෙ.
#රුවන්පුරේ අපි

 Dhanushka Priyadarshana


Kanthi Epalawaththa, Nilu Walawage and 2 others


1



A day in the life

2024-07-21

හුණුුුවටයේ පුරක.




කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ 
සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
නන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු  වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු

දිනිය යුුතු සේම ගම් බිම්.

අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන 
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන් 
යුක්ති ධර්මය සැමට බෙදු එදා 
පිටවුු විනිසුරු ඒ යළිත් නැත 
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.














A day in the life

දරුවන්ගේ කේන්තිය…..




අවුරුදු 2, 2.1/5, 3 වෙද්දී දරුවන් තමන්ගේ කේන්තිය ප්‍රකාශ කරන්න අන් ළමුන්ට මෙන්ම දෙමව්පියන්ට අත උස්සනවා. පහර දෙනවා.


මේක සාමාන්‍ය දෙයක්ද? යැයි ඔබ ඇසුවොත් “ඔව් මේක සාමාන්‍ය දෙයක්!”
ඔබේ දරුවා, මගේ දරුවා කියල වෙනසක් නැහැ. මේ ලෝකේ බහුතරයක් පුංචි දරුවන්ගේ හැසිරීම එහෙම තමයි.
ඔබේ දරුවා කේන්තියෙන් ඔබට ගැහුවොත්, ඔබව හැපුවොත්, ඔබ මොනාද කරන්නේ ?
සමහර විට ඔබ කියනවා,

“මමත් ඔයාට ගහනවා, එතකොට ඔයාට තේරෙයි ඒක කොච්චර රිදෙනවාද කියලා”
ඔබත් දරුවට පහරක් ගහනවා, විය හැකියි.
ඔබේ දරුවා අන් දරුවෙකුට පහර දුන්නොත්, ඔබ මොනාද කරන්න ?
ඔබ කියනවා ඒ දරුවාගෙන් සමාව ගන්න කියලා. සමාව ගන්න ප්‍රතික්ෂේප කලොත් ඔබ දරුවට නැවත පහර දෙනවා. දරුවට දඬුවම් කරනවා, විය හැකියි.
ඔබ හිතනවා ඔබ මේ දේවල් කලොත් මීට පසු දරුවා ඒ දේවල් නොකර ඉඳියි කියලා.

හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ.
මොකද, ‘කේන්තිය පාලනය කරන්න බැරිම තැන පහර දිය යුතුයි‘ කියන වැරදි ආදර්ශයක් දරුවන් ඔබ තුලින්ම ඉගෙන ගන්නවා.
‘දරුවන් කෙසේ හැසිරිය යුතුයි ද’ යන දේට විරුද්ද හැසිරීමක් ඔබ දරුවට පෙන්වා දෙනවා.
‘ඔයා නරක ළමයෙක්’ කියලා දරුවාව මානසිකව බිඳ වට්ටනවා.
මම නරක ළමයෙක් කියන හැඟීම දරුවා තුල ඇති කරනවා.
දරුවාගේ එම හැසිරීමට පිටුපස තියෙන හේතුව අපි තේරුම් ගන්නේ නැහැ.

ආදරණීය දෙමව්පියනී,

  • දරුවන් පහර දීම ආවේගශීලී ක්‍රියාවකි.
  • ඔවුන්ට තමන්ව පාලනය කරන්නට තරම් ශක්තියක් තවම නැහැ.
  • වගේම ඔවුන්ගේ භාෂාව සහ සමාජ කුසලතා එතරම් දියුණු නැහැ.
  • ඒ නිසා එම නිෂේධාත්මක හැඟීම් සහ දැනීම් ප්‍රකාශ කරන ආකාරය ඔවුන් දන්නේ නැහැ.
  • ඔවුන්ට උපකාර කිරීම අපගේ කාර්යයයි.
  • එම හැඟීම් තේරුම් ගැනීමට සහ වඩා හොඳ ආකාරයෙන් ඒවා ප්‍රකාශ කිරීමට ක්‍රම අපට ඔවුන්ට උගන්වන්න පුළුවන්.
  • එම ක්‍රම දැන ගැනීමට පෙර, කරුණු කිහිපයක් මතක තබා ගැනීම වැදගත්:
  • මෙම වයස්වලදී දරුවන්ගේ මෙවන් හැසිරීම දෙමාපියන්ගේ පිළිබිඹුවක් නොවේ.
  • ඔබ නරක අම්මෙක් හෝ නරක තාත්තෙක් නොවේ.
  • දරුවන්ගේ වර්ධනයේදී එය සාමාන්‍ය දෙයකි.
  • ඔවුන්ගේ හැසිරීම පෞද්ගලිකව නොසලකන්න. සන්සුන්ව සිටින්න සහ ඔවුන් මේ මොහොතේ කොතරම් කලකිරීමට / බිඳීමට පත්ව ඇත්දැයි සිතන්න.
  • අපිට අගෞරව කිරීම / අපව ලැජ්ජාවට පත් කිරීම ඔවුන්ගේ අරමුණ නොවේ.
  • ඔවුන් නියාමනය කරන්නේ කෙසේදැයි තමන්ව පාලනය කරගන්නේ කෙසේදැයි ඉගෙන ගෙන නැත.

ඔබ කල යුත්තේ,
1. ඔවුන්ගේ හැඟීම් වැඩිහිටියෙකුට වාචිකව ප්‍රකාශ කිරීමට උගන්වන්න.
උදා:
“ඔහුගේ සෙල්ලම් බඩු මා සමඟ බෙදා නොගන්න නිසා මට තරහක් ඇතිවිය”
2.ඔවුන්ගේ කේන්තිය ප්‍රකාශ කිරීමට විකල්ප ක්‍රම උගන්වන්න.
උදා:
පහර දීමට හැඟෙන විට පිටුපසට අත තබා ගැඹුරු හුස්මක් ගන්න.
අන් කෙනාව මෘදුව ස්පර්ශ කරන්න.
3. දරුවන් බොහෝ විට ඔවුන් දකින දේ අනුකරණය කරයි. කලකිරීම හෝ කෝපය, පහර දීමකින් තොරව සහ සන්සුන්ව හැසිරවිය යුතු ආකාරය ඔවුන්ට පෙන්වන්න.
4. පැහැදිලි සීමා මායිම් සකසන්න: පහර දීම පිළිගත හැකි හැසිරීමක් නොවන බව පැහැදිලි කරන්න. පහර දීම වැරදි වන්නේ ඇයිද යන්න (කතන්දරයක් මගින් හෝ) සරලව කියාදෙන්න. පහර දීමේ ප්‍රතිවිපාක, ඔවුන්ට අවාසියක් වන ලෙසට සකසන්න.
උදා:
TV බැලීමට අවසර නැතැයි කියන්න.
සෙල්ලම් කරන්න උද්‍යානයට රැගෙන යන්නේ නැතැයි කියන්න.
5. ධනාත්මක ශක්තිමත් කිරීමක් ලබා දෙන්න: ඔබේ දරුවා පහර දීම වෙනුවට සුදුසු හැසිරීම් භාවිතා කරන විට ඔවුන්ව අගය කරන්න සහ විපාක දෙන්න (ස්ටිකරයක්/ තරු ලකුණක්). මෙම හැසිරීම් දිගටම භාවිතා කිරීමට ඔවුන් දිරිමත් කළ හැකිය.
6. සන්සුන්ව සහ ස්ථාවරව ප්‍රතිචාර දක්වන්න. කෑගැසීමෙන් හෝ ආපසු පහර දීමෙන් වළකින්න, මෙය තත්වය උත්සන්න කළ හැකි අතර දරුවා තවත් අකීකරු ලෙස හැසිරිය හැකිය.
7. අවධානය වෙනතකට යොමු කරන්න: ඔබේ දරුවා කලකිරීමට හෝ කෝපයට පත් වන බව ඔබ දුටුවහොත්, ඔවුන් සතුටු වන හෝ සන්සුන් වන වෙනත් දෙයකට ඔවුන්ගේ අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න. ඔවුන් කැමතිම සෙල්ලම් බඩුවක් සම්බන්ධව හෝ කැමතිම TV වැඩසටහනක් සම්බන්ධව කතාකරන්න. ඔවුන් සමඟ සතුටින් ගිය ගමනක් ගැන මතක් කරන්න.

  • නින්ද නොමැතිකම,
  • කාලසටහන වෙනස් වීම,
  • අධික වෙහෙස,
  • නිවසේ කටුක පරිසරය,
  • දෙමාපියන්ගෙන් ධනාත්මක අවධානයක් නොමැතිකම,
  • යන මේ දේවල්, දරුවාගේ හැසිරීම නරක අතට හැරවිය හැක.
  • තරහින් ඉන්න දරුවාව සන්සුන් කරන්න,
  • ඔබ සන්සුන්ව කතාකරන්න:
  • "තරහ ගියාට කමක් නෑ. ඔයා කැමතිද මොකද වුණේ කියලා මට හරියටම කියන්න?"
  • අවධානය වෙනතකට යොමු කරන්න:
  • "ඔයාගේ හැඟීම් මට තේරෙනවා, අපට මෙය නිවැරදි කරන්න පුළුවන්. එන්න මාව වැලඳ ගන්න, නැතහොත් ඔබේ ප්‍රියතම ගීතය ගායනා කරමු" යනුවෙන් පවසා ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කළ හැකිය.
  • සමාව ගැනීමට දරුවාට කියන්න, හැබැයි බල නොකරන්න. ඒ වෙනුවට තුවාල වූ දරුවා ගැන පරීක්ෂා කිරීමට ඔවුන්ට යෝජනා කරන්න.
"බලන්න මෙයා අඬනවා, අපි ගිහින් එයාට උදව් කරමු"
(පොඩ්ඩෝ හරි කැමතියි උදව් කරන්න)
අනාගතය සඳහා ඔවුන්ව සූදානම් කරන්න. ඊළඟ වතාවේ එවැනි දෙයක් සිදු වුවහොත් ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ඔවුන්ට උගන්වන්න.


කවිතා සෙල්වරාජ්
Happy Baby and Mom 
 කතෘ අයිතිය සුරකින්න 


A day in the life

2024-07-20

වැසිකිළි භාවිතය 12 වන සියවසට




 

ඇටෑච් ටොයිලට් හෝ වැසිකිළි භාවිතය අපිට පුරුදු කලේ සුද්දා නොව අපේම මුතුන්මිත්තන්ය !
පඬුවස්නුවර ‍රාජධානියේ ඇති ගොඩනැගීම් ආදියේ නටඹුන් 12 වන සියවසට හා පොළොන්නරු යුගයට අයත් වන බවට පුරාවිද්‍යාඥයින් හඳුනාගැනීමත් සමඟ එහි පැවති රාජ මාළිගය පඬුවස්දෙව් රජුගේ මාළිඟාව බවට පවතින ජනප්‍රවාදය යම්තාක් බිඳ වැටෙනවා. ඒ අනුව නිශ්චිතව කවරෙකු ඉදිකලාදැයි පැහැදිලි නැතත් රාජධානී භූමියෙන් හමුවන ශිලා ලේඛණ (නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිය) මගින් මේ මාළිඟය එවකට දක්ෂිණ දේශකයේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් සිටි පළමු වන පරාක්‍රමබාහු රජුගේ මාළිඟය බවට සනාථ කරලා තිබෙනවා.





අංග සම්පූර්ණ තෙමහල් රජ මාළිඟාවක් වූ එහි එක් විශේෂත්වයක් තමයි මාළිඟාව ඇතුළත රජු වෙනුවෙන් ගොඩනඟා තිබූ සනීපාරක්ෂක පද්ධතිය.
කළුගලින් කපා ඇති කැසිකිළි ගල අඩි 7ක් ගැඹුරු මලාපවහන පද්ධතියකට ඌරාකැට වළලු ලෙස හඳුන්වන මැටි වළලු බැස්සූ වලට පිළිස්සු මැටි ගඩොල් ස්ථර ඇතුළත හා පිටත තැම්පත් කර සකසා කරමින්. පරිසරයට අපිරිසිදු මල ජලය මුදා හැරීමට වැළැක්වීම වෙනුවෙන් ගල්, බොරළු, වැලි, අඟුරු සහිත බණිජ ස්ථර කිහිපයක් ඔස්සේ ඒවා පෙරීමට ලක්වී පිරිසිදු ජලය පමණක් මහ පොළවට එක්වන ලෙසටයි මෙම සනීපාරක්ෂක තාක්ෂණය භාවිතා කරමින් වැසිකිළි පද්ධතිය මාළිගය තුළම සකස් කර තිබෙන්නේ.



රාජකීය වැසිකිළි වලින් අඩි 40/50 එහායින් පොකුණ පැවතෙන්නේ වර්තමානයේ පිරිසිදු ජලයට අපජලය එක්වීම වැළැක්වීමට ලිඳ සහ වැසිකිළි වල අතර දුරපරතරය පවත්වා ගෙන යාමේ සෞඛ්‍ය සම්පන්න හේතුව වෙනුවෙන්ම විය යුතුයි.




Rasa - රස මෙටාවට යොමු කල වියමනක්
day in the life

2024-07-19

වැසි සළුව හා චීවරය




වැසි සළුව හා චීවරය 

චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට අනුව චීර යනු කැබැල්ලයි. ඒ අනුව කැබලි එකතු කර සකස් කර ගත් වස්ත්‍රය චීවර නමින් හඳුන්වයි
බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් උදෙසා අනුමත කළ සිවුරු වර්ග තුනක් වේ.
1.පාංසුකූල චීවරය
2. ගහපති චීවරය
3. කඨින චීවරය
තැන තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන අයිති කරුවන් නැති රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට අමුණා මසාගත් සිවුරු මූලික වසයෙන් පංශුකූල සිවුරු නමින් හඳුන්වයි. මුල් යුගයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා මෙම සිවුරු පරිහරණය කළහ.
ගිහියන් විසින් මසා පූජා කරන සිවුර හා නොමසා පුජා කරනලද රෙදිවලින් සකසාගත් සිවුරු මේ නමින් හඳුන්වයි.
භික්ෂුවක් වස් සමාදන් වී මහා පවාරණය කළ පසු තුන් සිවුරට අමතරව භාර ගැනීමට අනුමැතිය ලැබී ඇති සිවුරයි. මෙය පිළිබඳව ඊළඟ පරිච්ඡේදයෙහි කරුණු දැක්වෙන හෙයින් මෙහි සංක්ෂිප්තව තොරතුරු දක්වමු.
මහා වග්ගපාළියට අනුව බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් පාංසුකූලික වස්ත්‍ර සිවුරු වශයෙන් පරිභෝග කළ බව පෙනේ.
“භගවා භන්තේ,පංසුකූලිකො, භික්ඛු, සංඝොච”
මේ අනුව සිවුර පිළිබඳව කිසිදු හැඟීමක් නූපදවා හුදෙක්ම සිවුර පරිහරණයෙහි මූලික අරමුණ ගැන පමණක් අවධානය යොමු කරමින් පාංසුකූලික වස්ත්‍ර පරිහරණයට යොමු වූ බව පෙනේ. ලජ්ජා භය සහිත වූයෙන් විලිබිය වසාගනු සඳහා ද උෂ්ණයෙන් වන පීඩාවන් දුරුකිරීම සඳහාද සීතලෙන් වන පීඩා දුරු කිරීම සඳහා ද මැසි මදුරු ආදි සතුන්ගෙන් වන කරදර නසනු සඳහාද සිවුරු පරිභෝග කළහ. එමගින් කිසිසේත්ම ලෞකික අරමුණක් ප්‍රකට වූයේ නැත. එහෙත් කලියෙන්ම බුදුරජාණන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. දිනක් ජීවක කෝමාරභච්ච තෙමේ බුදුන් වහන්සේ වෙත පැමිණ වරයක් ඉල්ලුවේය. තමාගේ රෝගීන් සුවපත් කිරීමේ කුශලතාවය ඇගයීම සඳහා චන්ඩ පජ්ජෝත රජු විසින් සීවේ‍ය්ය වස්ත්‍ර යුගලයක් දෙන ලදී. එය බොහෝ වස්ත්‍රයන්ට ලක්ෂ ගණන් වස්ත්‍ර යුගලයන්ට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ද උතුම් ද වේ. එම වස්ත්‍ර යුගලය පිළිගන්න අනුමැතිය ලබා දෙන ලෙස ජීවක කෝමාරභච්ච විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එම කාරණය ගැන අවධානය යොමු කළ උන්වහන්සේ එය අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවේ, ගහපති චීවරං යො ඉච්ඡති පංසුකූලිකො
හොතු, යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු. යනුවෙන් බුදුන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. යමෙක් කැමැති නම් පංසූකූලික වේවා යමෙක් කැමති නම් ගහපති චීවරය ඉවසාවා, මහණෙනි, කුදු මහණ අගය ඇති යම් කිසිවකින් ලද දෙයම සතුටු වීම වර්ණනා කරම් යැයි තවදුරටත් පැහැදිලි කළහ. මෙයත් සමඟම භික්ෂූන් වහන්සේලාට ගහපති චීවර බහුලව ලැබුණේය. එයට අමතරව පොරෝණා සළු, පටපණු නූලෙන් කළ පොරෝණ, සළු හා කොඳු පලස් ආදියද ලැබුණේය.මෙසේ භික්ෂූන් වහන්සේලා තම රුචිකත්වය අනුව ගහපතී චීවර හෝ පංසුකූලික වස්ත්‍ර හෝ දැරීමට නිදහස ලැබුණේය. මෙම ප්‍රඥප්තින් සමඟ භික්ෂූන් වහන්සේට අගය ඇති නැති සිවුුරු ලැබුණේය. එසේම කවරක් සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දක්නා ලද කවර සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනු දක්නා ලදැයි ගැටලුවක් ඇති විය. එම කරුණු බුදුරදුන් වහන්සේට දන්වන ලද අතර එහිදී සිවුරු වස්ත්‍ර හයක් අනුමාන කළහ.
”අනුජානාමි භික්ඛවෙ. ඛ්චීවරානි, ඛොමං තප්පාසිතං කොසෙය්‍යං කමබලං සාණං භංගං ති”
මෙම ශික්ෂාපදයට අනුව සිවුරු වස්ත්‍ර හය මෙසේය.
1.ඛොමං –කොමු පිළි
2.කප්පාසිකං – කපු පිළි
3.කොසෙය්‍යං –පට පිළි
4.කමබලං – කම්බිලි
5.සාණං – හණවැහැරී පිළි
6. භංගං –මේ පස් නූලෙන් මුසු පිළි
මෙම වස්ත්‍ර වලින් කළ සිවුරු ද ගහපති සිවුරුද, පංසුකූල සිවුරුද වශයෙන් සිවුර වර්ග කිහිපයක් උපන්නේය. එහිදී උද්ගත වූ ගැටලුව වූයේ කවර සිවුරක් දැරීම උචිත ද නොඑසේ නම් යමෙක් සිවුර වර්ග දෙකක් පරිභෝග කිරීම ගැළපේද යන්නයි. ඒ අනුව බුදුන් වහන්සේ වදාළේ යමෙක් ගෘහපති චීවරය ඉවසන්නාහු විසින් පංසුකූල සිවුරු ඉවසන්නටද සුදුසු බවත් ඒ දෙකින්ම සතුටු වීම අනුමත කරන බවත්ය.
සිවුරේ සැකැසීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවධානය යොමුවිය. ඒ අනුව දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණාගිරිය දක්වා චාරිකාවෙහි වැඩියහ. ඒ අතරතුර මගධ ක්ෂේත්‍රය දුටහ. එහි ස්වභාවය සිවුරෙහි සැකැස්මට ඉතාම යෝග්‍ය වූයෙන් මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ හෙයිනි.
”අද්දසා ඛො භගවා මගධකේඛනහං අචවිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධං”
ඒ අනුව මගධ ක්ෂේත්‍රය ඝනරැස් ලියදි බැන්දා වු දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩා මියර බැන්දා වු සතර හන්දි බැන්දා වූ එකක් විය.එය ආනන්ද තෙරුන්ට පෙන්නුවේය. ඒ අනුව සිවුරු කපා මැසීමට මෙසේ උපදෙස් දුන්හ.
“උස්සහසි ත්වං ආනන්ද, භික්ඛුනං එවරූපානි චීවරානි සංවිදහිතුනනි” උසස්හාමි භගවානි “
එසේම සිවුරක තිබිය යුතු විවිධ කොටස් ද තවදුරටත් මෙසේ පැහැදිලි කර ඇත.
”කුසිමපි නාම කරිස්සති, අඩඨකුසිටම්පි නාම කරිස්සති,මණ්ඩලමවි නාම කරිස්සති, අඩඨමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටමපි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගී වෙය්‍යකම්පි නාම කරිස්සති, ජඬෙඝය්‍යමකම්පි කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති”
1 .දීගනුවාව -දිග් අතට ඇති සිවුරෙහි වාටිය
2. කෙටිනුවාව – පහළට ඇති සිවුරෙහි වාටිය
3. ලොකුකඩ – සිවුරෙහි ඇති විශාල කොටු
4. කුඩා කඩ – සිවුරෙහි ඇති කුඩා කොටු
5. වස් අන්ත – සිවුරෙහි මැද කොටස
6. ඇළ අතු –වසා අන්තේ දෙපස ඇති කොටස්
7. ගී වෙය්‍ය – ගෙළ පටි හෙවත් බෙල්ල ආසන්නව සිටින කොටස
8. ජඩෙගය්‍ය – පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසෙහි පිහිටි පටිය
9. බාහන්න – නූවා අතු හෙවත් බාහුව මත සිටින කොටස
මෙසේ සිවුර සැකසීමේ අරමුණ කිහිපයක් දැක්විය හැකිය
1. ඡන්නකං – කැබලි වලට කැපීම
2. සත්ථලුඛං – ආයුධයෙන් කැපු හෙයින් රළු වීම
3. සමණසාරුප්පං – පැවිද්දන්ට සුදුසු වීම
4. පච්චත්ථික්‍යාංච අනභිජක්ධිතං පසමිතුරන් විසින් නොපැතීම
මෙම කරුණු සතරින් ගම්‍යමාන වන්නේ සිවුරේ විවිධ කොටස් ඇතිව සකස් කරන ලද්දේ එහි ආරක්ෂාව සඳහා බවයි. කැබලිවලට වෙන් කිරීමෙන් එහි අගය හීන වේ. එමගින් සිවුර පරිහරණය කරන්නාට එහි ඇලීමක් ඇති නොවන අතර අන් අයකුට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ. සුවපහසු වස්ත්‍රයක් හැදීමෙන් භික්ෂූ ජීවිතයේ අරමුණට බාධා පැමිණේ. ආයුධයකින් කැපවීමෙන් වස්ත්‍රයෙහි සුව පහසුව නැති වීමෙන් එහි හුදෙක්ම රළු බව ඇතිවේ. මේ නිසා වස්ත්‍ර පරිභෝග කරන්නාට ඒ පිළිබඳව ආශාවක් ඇති නොවේ. එහෙයින්ම එම වස්ත්‍රය සියලු දුක් නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කරන භික්ෂුවට ඉතාමත් යෝග්‍යය. මෙය දැරිමෙන් එම ගමන තවදුරටත් වහා අවසන් කළ හැකිය.
භික්ෂූන් වහන්සේලාට බහුල වශයෙන් සිවුරු ලැබෙන්නට විය. මිනිස්සු සිවුරු ගෙන ආරාමවලට පැමිණියහ. එම සිවුරු පිළිගන්නෙකු නොවුයෙන් යළිත් සිවුරු රැගෙන නිවෙස්වලට ගියහ. ඒ නිසා සිවුරු පරිභෝගයන් සමඟ විවිධ තනතුරු ඇති විය. එය හුදෙක්ම සිවුරු පරිභෝගයේ ආරක්ෂාව සඳහා විය. එම විවිධ තනතුරු ස්ථාන හා ඒවායෙහි ස්වභාවය මෙසේ දැක්විය හැකිය.
1. චීවර පටිග්ගාහක
යම් භික්ෂුවක් ඡන්දයෙන් අගතියට නොයන්නේ ද ද්වේශයෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේ ද බියෙන් අගතියට නොයන්නේද ගත් නොගත් දෙය දන්නේද එබඳු කරුණු පහකින් යුක්ත භික්ෂුව චීවර පටිග්ගාහක හෙවත් සිවුරු පිළිගන්නකු බවට පැමිණීම අනුකූලය.
2. චීවර නිදහකට
චීවර පටිග්ගාහක භික්ෂුව සිවුරු පිළිගෙන සිවුරු එහිම හැර දාම ගියේය. ඒවා තැන්පත් කිරීමක් නොවුයෙන් සිවුරු තැන්පත් කරන්නෙකු අනුමත කළ අතර ඔහුද කරුණු පහකින් යුක්ත විය යුතුය. ඔහුද ඡන්දයෙන් අගතියට නොයන්නේද ද්වේශයෙන් අගතියට නොයන්නේද, බියෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේද තැන්පත් කළ නොකළ දෙය දන්නේද එබඳු වූ භික්ෂුව සිවුරු තැන්පත් කරන තනතුරට සුදුසුය.
3. භාණ්ඩාගාරයක් සම්මත කිරීම
සිවුරු තැන්පත් කරන භික්ෂුවට ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් නොවීය. ඒ නිසා භාරගත් සිවුරු මණ්ඩපවල , රුක් මුල්වල, අගුවල තැන්පත් කළ අතර ඒ නිසා එම සිවුරු වේයන්, මීයන් කෑහ. ඒ නිසා බුදුන් වහන්සේ වෙහෙරක්, අඩ පියසි ගෙයක් හෝ සිවුු ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ භාණ්ඩාගාරයක් වශයෙන් අනුමත කළහ.
4. භාණ්ඩාගාරික තනතුර
භාණ්ඩාගාරියෙහි සිවුරු ආරක්ෂිත නොවුයෙන් ඡන්ද දෝස භයාදි සතර අගතියට නොපැමිණි රකින නොරකින ලද දේ දන්නා වු භික්ෂුව භාණ්ඩාගාරික තනතුරට පත්විය. සමහර භික්ෂූහු භාණ්ඩාගාරිකයා පහ කළේය.යමෙක් ඔහු පහකරන්නේ ද එම භික්ෂුවට දුකුලා ඇවැත් වේ. මින් පසු ලැබූ සිවුරු බෙදාගන්නටද භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දුන්හ.
5. චීවර භාජක තනතුර
එසේ භාණ්ඩාගාරයට ලැබුණූ සිවුරු බෙදීම සඳහා සතර අගතියට නොපැමිණි බෙදු නොබෙදු දෙය දන්නා වූ භික්ෂුව ඒ සිවුරු බෙදන්නකු හෙවත් චීවර භාජක තනතුරට සුදුසු බව දැක්වූහ. එකළ භික්ෂූන් වහන්සේලා තමාට ලැබුණු වස්ත්‍ර ගොම හා පඬු වර්ණ මැටියෙන් පඬු පෙවීමෙන් වහා දුර්වර්ණ වූයෙන් සිවුර සඳහා වර්ණයක් නියම කරන්නට සිදු විය. කැබලි එකතු කර සකස් කර ගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා එකම වර්ණයක් ගැන්වීම සඳහා පඬු පොවනු ලැබේ .සිවුර පඬු පෙවීම සඳහා පඬු වර්ග හයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කර ඇත්තාහ.
“අනුජානාමි භික්ඛවෙ. ඛ් රජනානි, මූල රජනජ ඛන්ධරජනං
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”
එනම්, 1.මුල් පඬු, 2. දඬු පඬු 3.පොතු පඬු 4. කොළ පඬු 54. මල් පඬු 6. ගෙඩි පඬු
එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.
1.නිල්, 2.දම් 3.කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ
මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි.සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. සිවුර පඬු පෙවීමත් උපකරණ භික්ෂූන් වහන්සේලාගේ පරිහානියට යෝග්‍ය බව අනුමත කළහ.
1.පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4.පඬු හැන්දක් 5.පඬු කළයක් 6.පඬු ඔරුවක්
ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.
මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුටහ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙස් අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං
එකචචියං උත්තරාසංගං, එකවචියං අන්තරාවාසකං”
මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.
එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.
1.අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර
3. එක් පටක් ඇති අඳනා සිවුර
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර
6.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර
7.පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.
1.අග්ගළං – අණ්ඩලිම
2.තුන්නං – නූලෙන් එල්ලීම
3.ඔවට්ටිකං – වැට් කොට මැසීම
4.කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම
5.දැළහී කම්මං – දැඩි කිරීම
මෙසේ සිවුරු පරිහරණ කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්
1. නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම
2. දික් දාවලු ඇති සිවුරු දැරීම
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම
5. සැට්ට දැරීම
6. හිස් වෙළුම් දැරීම
මෙහිදි බුදුරජාණන් වහන්සේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.
”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න
සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්‍ය ආපන්හි දුක්කටස්ස”
මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්
1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි
7. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි
10. මල් දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
11ත. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
12.අඟිය නො දැරිය යුතියි
13. සැට්ය නො දැරිය යුතුයි
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි
යමේ මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.
සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අට්ක ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.
මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය
1. දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම
2. දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම
3. දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම
5. දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි
6.පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි. එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.
යහපතක් ම වේවා.
නිවන් මඟ පිණිසම වේවා.

 

(සටහන - අමිල රුවන්)

A day in the life