notes of imaginary
තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2019-08-26
2019-08-09
මමත් - ඔහුත්.
notes of imaginary
2019-07-23
නී නාෂමා පෝ.........
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා බවට මේ ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙනි.
ඈ නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල කාන්තාවක මෙන් පිලිවෙලකට දෛණික කටයුතු සිදුකරයි. පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස අප බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට කොයි
තරම් විශාල මුදලක් වි හැකිද ?.
එකල ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා - මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම දුෂ්ඨ බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය.
කාලය ගත විය.
එක් උදෑසනක ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් ) සාප කරමින් වැලි අහුර අහසට විසි කලාය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දේශපාලන කීර්තිය පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුගේ නමින් දේපලක් නැත.
ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපල නැතිවෙලා ගොස් ඇත.
notes of imaginary
2019-07-07
කැකිල්ලේ කතා.
notes of imaginary
2019-06-16
අණ්ඩර දෙමල.
notes of imaginary
2019-06-07
අතීසාරයට අමුඩ ගැසීම.
මෙගා ටෙලියේ
ඊයේ පෙන්වනු ලැබු කොටස නරඹා අවසානයේ මට සිතුනේ මෝඩයා කට අරිනතුරු ප්‍රඥාවන්තයෙකු
බවය.
අද ටෙලියේ පෙන්වනු ලැබුවේ එහි තවත් කොටසකි.
පූරක කතාවක් කියමින් සිටී.
ඔහුට අනුව සෑම ගමකම වඩු මඩුවක් තිබුන යුගයක්
විය. අපේ ගෙවල් වල තිබු කොලොම්බුව නම් වු මිටි අසුනේ සිට මේස පුටු ඇද පවා නිපයුනේ
මේ වඩු මඩුවේ. වඩු බාස් උන්නැහේ නිවසට විත් උළුවහු දොර ජනේල් වැනි බර භාණ්ඩ සාදා
වහල සිවිලිම සකස් කර දු වින්නේය.
පූරකගේ මේ විවරනය අවසානයේ තිරයේ වඩු බාස්වරු පිරිසක් බෝර්ඩ් ලෑලි උස්සාගෙන පාරට බැස
උද්ඝෝෂණයක නිරතව සිටින දර්ශණ පෙලක් පෙන්වමින් සිටී.
කට වසා
සිටි ප්‍රඥාවන්තයෙකු කට ඇරි පමනින් වඩු මහත්වරුන් පාරට බැස්සාදැයි සිතිවිල්ලක මම
කිමිදෙන්නට විමි.
විල්පත්තුවේ අක්කර දහස් ගණණක් විනාශයට පත් කර
ඇතැයි මහා ඝෝෂාවක් පසු ගිය කාලයේ විකාශණය වු කොටසක පෙන්විනි. ඒ අතර හදිස්සියේ වාගේ “චේන් ෂෝ ” තබා ගෙන
ඇත් නම් ලගම ඇති පොලිසියේ ලියා පදිංචි කර ගැණීමට සිදුවිනි.
“චේන් ෂෝ ” අසු දහසක් මේ ශ්‍රී ලංකාව තුල විසිර තිබු බව
කියනු ලැබිනි.
මේ සමග විල්පත්තුවේ ගස් කැපීමට “චේන් ෂෝ ” නොමැතිව එම ව්‍යාපෘතිය ඇන හිටින්නට ඇත.
අතීසාරයට අමුඩ ගසන වෛද්‍ය ප්‍රතිකර්ම ගැනද අසා
ඇත්තේ මේ රටේදීමය. අපේ සමහර උදවිය ප්‍රඥාවෙන් යුතුවද අතීසාරයට අමුඩ ගසති.
මහා වන විනාශයක් කර ඇති රටක වඩු මඩු වසා දමන්න
සිතිවිල්ලක් පහල වෙන්නේ නම් එය වසා ගෙන සිටි කට ඇරි ප්‍රඥාවන්තයකුගේ සිතිවිල්ලකි
වඩු කර්මාන්තය මේ රටේ එක් වෘත්තියකි.
වඩුවන් හට
දැව නැතිව මෙම කර්මාන්තයේ නියලෙන්න නොහැක. වඩුවන් හට දැව
සපයා ගැණිමට විකල්ප සලස්වනු විනා වඩුමඩු
වසා දමන්න සිතනවා නම් එය අතීසාරයට අමුඩ ගැසීමකි.
notes of imaginary
2019-06-06
දැන් පෙන්නනවා.
2019-04-20
බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.
මට හමුවන බොහෝ දෙනා බෙලිහුල්ඔයෙන් දිය නා හවස් වන තෙක් කා බී පසුදා බෙලිහුල්ඔයෙන් නික්ම යන්නන්. එයත් සතුටක් යයි සිතන්නන්.
සබරගමුව පලාත් සභාව විසින් බෙලිහුල්ඔය සංචාරක කලාපයක් ලෙස නම් කරමින් ආයෝජනයන් කිහිපයක් කර තිබෙනවා. ඒත් ඒවා ගොඩනැගිලි පමනක් වෙලා.සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩ පිලිවෙලක් ඇත්තේම නැහැ. මෙය විශාල අඩුපාඩුවක්.
පෙරවදන ඉදිරියේ පලකරන වියමන් පෙලට අදාල නොවුනත් කා බී මත්ව ගෙවන දවස පලවත් දවසක් බවට පත්කරගන්න මග පෙන්වීමක් වෙයි කියලා මම හිතනවා.
බෙලිහුල්ඔය සංචාරක කලාපයක් කොට සලකන්නේ නම් මෑත ඉතිහාසයේ වළගම්බා , මායාදුන්න රාජ්‍ය යුගයන් , ඉංග්‍රීසි පාලන කාලයේ නටබුන් සහ සංස්කෘතිම වටිනාකම් අධ්‍යයන කිරීමට ඉතිරි කරමින් ඇති ස්ථාන බොහෝමයක් තිබෙනවා. බලංගොඩ ආදී මානවයා ගැවසුන ප්‍රදේශ හරහා අපට අතීත වටිනාකම් රැසක් හදුනාගන්න පුළුවන් වේවි.
අද කතාබහට තෝරා ගන්නේ සම්ප්‍රදායික ඇදහිලි පිලිබද කේන්ද්‍රස්ථාන කිහිපයක් ගැන. අළුත්නුවර කතරගම දේවාලය , බොල්තුබේ සමන් දේවාලය , ගලගම පත්තිනි දේවාලය, කුඹල්මුල්ල පත්තිනි දේවාලය යන සතර දේවාල ගැන බෙලිහුල්ඔයට ආ ගිය ඔබේ අවධානය කිසිදා යොමු වි ඇතිද ? .
අළුත්නුවර දේවාලය ඇසුරු කර මා මිත්‍රයෙක් වන එම්.පී.ජී.ගුණසිංහයන් ලියන sugv.wordpress.com බ්ලොග් අඩවිට පිවිසෙන්න.ඔබට දේව ඇදහිලි ආශ්‍රිත කරුණු කාරනා බොහොමයක් හමුවේවී.
https://www.facebook.com/search/top/?q=%E0%B6%87%E0%B6%B8%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80&epa
මේ පේස් බුක් ගිනුමත් ඔබට තොරතුරු සපයාවි.
notes of imaginary
2019-04-14
සිහිනයක්වු රැයක්.
http://www.rupavahini.lk/index.php?option=com_content&view=article&id=22676:2019-03-17&catid=168&Itemid=529
![]() |
| පරාක්‍රම කොඩිතුවක්කු. |
මතකය නිවරදි වන්නේ නම් ධාර්මිෂ්ඨ පාලන සමයේ තමයි මේ සිද්ධිය වෙන්නේ.
මේ ඔල මොට්ටල වැඩේට දායක වුන ඇත්තෝ බුද්ධිය සිරගත කලේ ඒ විදියටයි.
ධාර්මිෂ්ඨ පාලනයේ වැරද්දම නෙමෙයි ඔල මොට්ටල ප්‍රාදේශීය මොට්ටයන්ගේ බුද්ධියේ මහිමය.
මේ සොදුරු ගුරුතුමන් මට හමුවන්නේ එවකට අප ඇසුරු කල එරත්න පදිංචි කෘෂිකර්ම උපදේශක සෙනවිරත්න යන්ගේ මැදිහත් වීමෙන්.
දැන් අපි ඔක්කොම හැත්තෑවේ දශකයේ මුණුපුරන් දකින සීයලා.....
ඔහුගේ හඩට සවන් දෙන්න. එදා හඩමයි...........තවමත්.
notes of imaginary
2019-04-08
බෙලිහුල්ඔය - සටහනක් .
![]() |
| හාගල කන්ද මුදුනේ සිට |
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.
කාලගුණය
සෙල්සියස් අංශක 230-280 අතර වෙනස් වෙන පරිසර උෂ්නත්‍වය ක් පවතිනවා.
වැහි කාලගුණය සැප්තැම්බර් - ජනවාරි
මාර්තු- මැයි
වියලි කාලගුණය ජනවාරි 15 - මාර්තු අග දක්වා
ජුනි සිට සැප්තැම්බර් දක්වා
බෙලිහුල්ඔයට එන ඔබට හමුවන සුන්දරවු ස්ථාන
බෙලිහුල්ඔය - ඔයට
හිරිකටුඔයට දුර
සමනල වැව දුර
ඹමරකන්ද ඇල්ල
පහන්තුඩා ඇල්ල
දුවිලි ඇල්ල - තන්ජන්තැන්න
සුරතලී ඇල්ල
දියවිනි ඇල්ල - දියවින්න
ගැරඩි ඇල්ල - මස්වැන්න
වලවේ ගගේ අලිකට - යහලවෙල
ලංකා ඇල්ල
බේකර්ස් බෙන්ඩ්
රන්මුදු ඇල්ල
ගලගම ඇල්ල (කැතිගාන ඇල්ල )
ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන.
දියවින්න ( නයිගල )
කරගස්තලාව රජ මහා විහාරය
තුඹතැන්න පන්සල
කූරගල
බුදුගල රජ මහා විහාරය
හදගිරිය -බෙල්ලන්බැදි පෑලැස්ස
-බලංගොඩ මානවයා වාසය කල ප්‍රදේශ
ශාන්ත මුණිදුන්ගේ දේවස්ථානය
ශ්‍රී සුදර්ශන මහා විහාරය
භාවනා මධ්‍යස්ථානය
කල්තොට පුරා විද්‍යා භුමිය
ගල්ටැම්යාය පුරාන භුමිය -තන්ජන්තැන්න
දියවින්න දේවගිරි රජමහා විහාරය - දියවින්න
බෙලිගල රජ මහා විහාරය පල්ලෙකන්ද
මහවලතැන්න වලව්ව - මහවලතැන්න
වෙහෙරගල - මැදබැද්ද
ශෛලතලාරාමය - බලන්ගොඩ
කොට්ටිමුල්වල රජ මහා විහාරය
හල්දුම්මුල්ල පෘතුගීසි බලකොටුව
බෙලිහුල්ඔය නවාතැන් ගතහොත් මේ ස්ථාන වලටද ගොස් ආපසු එදිනම නවාතැනට ආ හැකිය.
ඇඩිසම් බංගලාව
හෝර්ටන් තැන්න
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය
හාගල කන්ද
පරෙයියන්ගල කන්ද
වවුල්පනේ - හුණුගල් නිධිය
උඩ වලව ජාතික වනෝද්‍යානය
පුස්සදේව සොහොන
සංකපාල රජමහා විහාරය
කන්දේවිහාරය - හපුතලේ
ඇත් අතුරු සෙවන
notes of imaginary
2019-03-30
ස්තුතියි !.
notes of imaginary
2019-01-08
දික්කාසාද වන්නට දෛවය නියම කර තිබේ.
සියල්ලටම වඩා ප්‍රේමය ප්‍රතික්‍ෂෙපවුවහොත් ..අවට සිටින සගයින්ගෙන් ලැබෙන අනුකම්පා විරහිත පරවශ උපහාස අපහාසයන් පිලිබද භිතිය මාස ගණනාවක් තිස්සේ එක දිගටම පැවතිනි.
ඇත්තටම ඒ කාලසීමාව තුලමට කෑමක්බීමක් ගන්නට හිතුනේවත් නැත.
" මොකෝ මේ මළපෙරේතයෙක් වගේ?.හැටි . එන්න එන්නම දිරලා යනවා. නාකි මිනිහෙක්වගේ.අසනීපයක් තියේනම් පුතේ බෙහෙත් ගනින්කෝ ........"
මගේ අම්මා මට එසේ කීවේ ආදරයට වන්නට ඇත. අම්මා මගේ ජීවිතයේ ප්‍රථම ආදරයයි. දැන් මගේජීවිතයේ ඊලග ආදරය සැදී පැහැදී සිටින වෙලාවය.අවිඥ්ඥාණිකව හෝ එය ඉව වැටී ඇය මට වහසි බස් දොඩවනවා ඇතැයි එවෙලේමට හිතුණි.
මේ අප මුණ ගැහෙන ප්‍රථමදිනයයි.
මම පැය භාගයකට කලින් ගොස් නගරයේ මහ බස් නැවතුමේ කෙලවරක ගාල් වෙලාය.
අවට ලෝකය හෝ අවට මිනිසුන් ගැන කිසිම හැගීමක් නැති පඹයෙකු සේ මා සිට ගෙනය.
නගරයේ මහා කලිකලහය හෝ ඝෝෂාව මට නෑසේ.
ඒ ඝෝෂාවල් සියල්ල මගේ සතුරන් වගේය.මා මල්කිව හමුවන බව දැන්නු විට අපේ කොළු කට්ටුව දැක්වු ප්‍රතිචාර මට ඒ තරම් ඇල්ලුවේ නැත.
අපෝ .........ඇත්තද බන් ?...........උබ කේන්දරේ එහෙම බලව ගත්තේනැද්ද බං................?. චාමර එසේ කීවේ ඇහැක් පුංචි කරමින්ය. ඔහුගේ දෑස්වල ඇතිවපරය මට මුල්වර පෙනුනේ එදාය.
''ආ..................උඹ මාර දියුණුයි නෙ...........................එහෙමතීරනේකට එන්න.........ඒත බං උඹ ඉල්ලන් කන්න යනවද කියලත්මට හිතෙනවා...................එසේකීවේ සූමල්.
ඔහුගේ දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගේ බොල්ලෑ බව තේරුනේ එදාය.
හරි.......හරි.....උබ වැඩේ කර ගනින්කෝ.....ඕනම සපෝට් එකකට මේ අපි ඉන්නවා හරිය.......!. එසේ කීවේ දමයන්තය.
මොනතරම් පැහැපත්පාටත් නොතිබුනත් " කළු යකා " යයි මිතුරන්ගෙන් උසුළු විසුළු ලැබුවත් ඔහුගේ හිත මොන තරම් සුදු දයයි කියා සිතුනේ එදාය.
දැන් නියමිත වෙලාව ඇවිල්ලාත් තව පැය භාගයක් ගිහිල්ලාය.
උදේ නවයට හමුවීමට මා අදාලතැනට ගියේ අටහමාරටය.දැන් නවය හමාරටත් ආසන්නය.
මගේ සිත කුහුල්බර වෙයි.
මේ ගෑණුන්ගේ හැටිද ?........ලණුදීම.........පොලුතැබීම ...............චපල කම්...............මේක උන්ගේ ජානවල පැල පදියම් වු දේවල් ද ?.
හිත කළකිරීමකට කලවම් වී ගෙනයද්දී ඉරේ රස්නය දැඩිව දැනෙමින් එද්දී .......... ලාරෝස පැහැතිවස්ත්‍රයක් ඇදි යුවතියක් මා අසලට එනවා පෙනුනේ ඇස්වල කදුළු අතරින්ය.
"ගුඩ් මෝර්නින්......ඔයා ඇවිල්ලා ගොඩක් වෙලාද ?.......පොඩි ප්‍රස්නයක්නේ!.මම පරක්කු වුනා. සොරි......
මල්කි එසේ කියද්දී මට මගේ කන් අදහා ගත නොහැකිවෙයි. සියල්ලටම වඩා ඇගේ රෑපයේ ලස්සන.
ලා හිරු රැස් වැදී බස් නැවතුම දිලිසෙමින් තිබුන බව මට තේරුනේ ඇගේ සුන්දර මූණ මත ලා සෙවනැල්ලක් පතිත වෙලා තිබෙනු දුටු විටය.
ඇයට ඇත්තේ ආකර්ෂණීය දෑස්ය. දෙතොල් පොපියා ඈ කතා කරන්නේ ලතා වකටය. මේ තරම් රෑමත් කෙනෙක්. මට මගේ රූපය ගැන කමකට නැතිසිතිවිලි එයි.නමුත් දැන් මම ඇගේ අදහසට උත්තර දිය යුතුය.
"ආනේ ..........කමක් නැහැ....මම ටිකක් කලින් ආවා..................අපි ඉතින්කොල්ලොනේ!................ඕන තරම් වෙලාවක්ඉන්න පුළුවන් නේ.ඔයා ඇවිත් රස්තියාදු කරන්න බෑනේ ..... . ඒකට කමක් නෑ......"
මා කියන කතාවට ඈ ලස්සන හිනාවක් පායි.ඇගේ හිනාව කොයිතරම් ආකර්ෂණියද ?
මගේ එකම යාළුවෙකුට මෙතරම් ගස්සන කෙල්ලක් නැත.උන්ට , මගේ මිතුරු කට්ටුවට මා ගැන ඉරිසියා හිතෙන එක අහන්න දෙයක්යෑ.......
මල්කි මා දෙස ඇස් දල්වා බලයි. ඒ මා කිවු කතාවට ඇගේ තුටු පහටුව පෙන්වීමට මා ආසන්නයට මදක් එමින්ය. මා සමීපයේ ඇයට යම් ආරක්‍ෂාවක් ඇති බව මගේ කතාවෙන් ඇයට වැටහුනා සේය.
ආරක්‍ෂාව පිලිබද හැගීමට ගැහැණු අය හුගක් ලොල් බව වරෙක මට කියා සිටියේ මගේ මිතුරෙකි.මම ඔහුට සිතින් සුතුතිවන්ත වෙමි. ඔවුන් මා මෙන් නොව ස්ත්‍රී විශේෂඥවරුන්ය.
මම අහිංසක විදියට සිනා සී ඈ දෙස බලමි.
මල්කි සාමාන්‍යයෙන් අහංකාර කෙල්ලෙකි.ඒ අහංකාර කමට මම බෙහෙවින් බයය.නමුත් අද ඇය මා හමුවට පැමිණ ඇත.දැන් මා ක්‍රියාත්මක විය යුතුය.
" අපි කැපේ එකකට යමුද මොනව හරි බොන්න ?."
"ඒ මොකටද කැපේ යන්නේ.... පිස්සුද ......අපි මෙතනම ඉදගෙන කතා කරමු ........" මම ගැස්සී ගියෙමි.
ඈ දෙස බලමි .ඈ මොකුත් කියා නැත .
"ඔව්........ඒක හොදයි නේද ?. හැබැයි මට බයයි අපේ අයියලා දෙන්නා......ඒ දෙන්නා ගේ යාලුවෝ.............හැමතැනම.
ඇගේ මුණට බියපත් පෙනුමක් ඇවිල්ලාය !
ඈතාතිගත් මුව පොව්වක මෙන්ය ඈ අහංකාර එකියෙකැයි ඇයට හිතින් කිව්වාම මටම දොසු පවරා ගනිමි. අහිංසකත්වයේ උපත ඇයයි.
"ඔ්යාට කරදරයක් නැත්නම් විතරක් යමු ....මල්කි."
" හා ....කමක් නෑ ...යමු..සුරාජ්..."
ඈ මගේ නම ලස්සනට ගායන කරයි.
දැන් අපි දෙදෙනා බස් නැවතුමින් මෑත්වී නගරය කෙළවරේ ඇති කැපේ එකට යන්නට යමු.
ඈ වට පිට බලන්නේ නැත. මාද වට පිට බලන්නේ නැත. මේ තැති ගැන්ම හරිම පුදුමය. මට හදවතක් ඇති බව තේරෙන්නේ මේ තැතිගැන්ම ඔස්සේය.ඒකත් හරිම මිහිරි වින්දනයකි.
මම ඉයෙන් යමි. ඈ මට මදක් පසු පසින් හෙමිහිට පිය නගා එයි.ඇගේ අඩි පාවහන්වල සද්දය මට ඇසෙයි. එය මගේ හදවතේ හඩ හා සමපාත වෙයි.
ඩග් ඩග් ඩග්
ටක් ටක් ටක්.
සංසාරේ මා පසුපස එන ගැහැණිය.....
සංසාරෙ කිසි භවයක් මා අත නොහරින පතිනිය........
මා හට කවි සංකල්පනා දොරේ ගලාගෙන එන හැටි.....
අපි දෙදෙනා යන මග දෙපසම තවත් අය මෙන්ම තවත් වාහන එහාට මෙහාට යයි.ඒ කිසිවක් අප දෙස බලන්නේ නැත.අප දෙදෙනා හරියට ගෙයක් බිදින්න යන පල් හොරු වගේද .......? එකවර මමහිස ඔසවා අපේ ඉදිරිය දෙස බලමි.කී දෙනෙක් යන ගමන් මල්කී දෙස බලයි.මම ඈ දෙස බලමි. ඈ බිම බලා ගෙනය.
" -සගවා ගනු මැන ඔබේ වත සොදුරියේ
අනෙකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි ......" මගේ සිත ගායනා කරයි.
අවන්හලට ඇතුළු වී පුටු දෙකකට බරවු පසු ඈ සුසුමක් හෙලයි. මටද සුසුමක් පිට වෙයි. ඒ සැනසුම් සුසුමන්ය.
අප දෙදෙනාගේ ප්‍රාශ්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් වායුවටට අමතරව තවත් වායුවක් ඇත. ඒ අපේ හදවත්වල කැකැරෙමින් කැටි ගැසෙමින් රත් වෙමින් වාෂ්ප වන ආදරයේ මිහිරි වායුවයි.
නිල ඇදුමක් ඇදගත් තරුන වේටර්වරයෙක් මද සිනා ඇතිව අප අභිමුවේ.
"යර්ස් සර් "
මොනවද මල්කි.....බොන්නේ ?.මොනවා හරි කමුද ?
"කන්න එපා ........බොමු......ඔයා කැමති දෙයක්"
මම ඈ දෙස බලන්නට නොලොස් වේටර් දිහා බලා මෙහෙම කියමි.
"අපිට ඔරේන්ජ් ජූස් දෙකක් "
මම බොන දෙයක් ඔයා බොන්නේ..මම වහ බිව්වොත් එයත් බොනවද ?
මට එහෙම හිතිනත් මම එය කියන්නේ නැත.මුල්ම දවසේ මොකටද අවකැපෙන කතා කියන්නේ.....වස් වදීවි.ඒවා භයානකය.
අපි ගොඩාක් වෙලා කතා කරමු.
නැත ඒ ඇස් වලින් විතරක් . වදන් වලින් කතා කලේ සීමිතවය.
එකිනෙකාගේ අදහස් ප්‍රකාශකරන හොදම මාධ්‍යය භාෂාව බව දැන සිටියෙමු.නමුත් ඒ භාෂාව වචන වලින් පුරුද්දන්නට බැරි කම අපේ දුර්වල කමක් බව අපටම ප්‍රත්‍යක්‍ෂ විය.
වට පිට බලා මම ඈ ලග අසුනට ලංව පුටුවේ වාඩිවි ඇගේ වමත මගේ දකුනත තබා එය මදක් එසවා සිප ගත්තෙමි.
ඈ මා වෙත හෙලන බැල්ම ඔස්සේ සදෙව් ලෝකවල ද්වාර විවර වනවා ඇසෙයි.මිණ බැදි සළඹ සල සලා දෙව්ලියෝ මා වෙත එනවා ඇසෙයි.ඇසි පිය නොහෙලා තව තවත් ඒ දෑස් දෙස බල සිටිමි.වෙව්ලන ඇගේ දෙතොල් මත මගේ අතැගිලි තැබෙයි..
හහ් .මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ ....හරි අපූරුයි. මේ මිනහට වගේ වගක් නැති හැටි කිසිම දේක. !.. උන් හටි ගමන් උල්කාපාතයක් කඩා වැටිනි.මහා හඩින් අහස ගුගුරා එකවරම මුරුගසන් වරුෂාවක් වසී. මගේ සියොලග දහඩියෙන් පෙගී යයි.
"ඔය ඩිවෝස් පේපරස් ටික දෙනවා මෙහාට............."ඒක උඩ ලැගගෙන ඉන්නේ .
මම දෑස් පිසදා බලමි.
මේ කෑ ගසා මට රවා ගෙන සිටින්නී.... මල්කිය
මා දිව්‍ය ලෝකයට කැදවා ගෙන ගිය ඇගේ දෑස් දැන් විසල් වී මට ඔරවා ගෙන මට නරකාදියට යන්න පාර කියා දෙයි.අපේ ආදරයට වසර පහක් බවත් අපේ කසාද දිවියට වසර තුනක් බවත් මට මෙනෙහි වන්නේ දැන්ය.
තව මාසයකින් අපට දික්කාසාද වන්නට දෛවය නියම කර තිබේ.
යමුනා මාලණි පෙරෙරාගේ "සේයා පරන මායා" කෙටි කතා සංග්‍රහයේ පලවුවකි.



















