notes of imaginary
Tuesday, June 18, 2013
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස - විශාරද නන්දා මාලණි
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
කුසින් අඩක් දල අහරින් සකසා
කෙසග සිරුරු රළු යහනේ සතපා
අනියත් හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප වන පොත් කරනා
මානව මනවිකාවන්ගේ
නලියන රුධිරයේ උණුසුම් සුසුම
ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන්
සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා
මානව මනවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා
පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ...............................
සුවද නොවේ.
notes of imaginary
Friday, June 14, 2013
ඔන්න බබෝ ඇතින්නියා.
මේ නැළවිලි ගීතද පුංචිත්තා
නිදිකරවීමට සීයෝ යොදා ගන්නේ ඒකාකාරි ශබ්ද
රටා ඇසීමෙන් පුංචිත්තා අසහනයට පත් නොකරන්නට සිතාගෙනය.
මේ නැලවිලි ගීත පදවැල් කාලීනව අදට
කොහොමවත් ගැලපෙන්නේ නැත.ද රට යන අම්මලා අද නැති තරම්ය.අම්මලා සුපර් මාකට් එකෙන්
පලා පලතුරු ගෑස් සිලින්ඩර් උස්සාගෙන ත්‍රිවිලරයෙන්
ගෙදර එන්නේ පඩි වැඩිකරන්න වෘත්තීය සමිති කාරයින්ට උපදෙස් දෙන සිතිවිල්ලේය.
මාත් පුංචිත්තාත් මේ වාද විවාද මායිම්
නොකර සුව නින්දකට දොර විවර කරගන්න තැත්
කරන්නේ ලෝකය සරල බවේ සිට සංකීර්නවීමට දරනා උත්සහාය ගැන සිතමින්ය.
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පුතුට බයේ දුවන්නියා
දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නුඹේ අම්මා කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් කොක්කු ගියා
අතට
වෙරළුඇහිද ගෙනේ
ඉනට
පලා නෙලා ගෙනේ
බරටම
දර කඩාගෙනේ
එයි
අම්මා විගසකිනේ
ලිඳ ළඟ මී අඹ අත්තේ
දසයකි ගෙඩි එක ඉත්තේ
ඉන් එකකුත් ඇත පුතාට
ඇත්නම් සැතපී ගත්තේ
දුවේ
නුබේ ලොකු අම්මා
අතේ
වලල්ලක් දැම්මා
නැතේ
අගය එහි නිම්මා
දුවේ
මගේ නිදි යම්මා
අතට
වළළු කොහෙන් දුවේ
කරට
මාල කොහෙන් දුවේ
ඉනට
සේද කොහෙන් දුවේ
නැළවී
නිදියන්න දුවේ.
නුබේ
අම්මා කොතන ගියේ
පතන
කැලේ දරට ගියේ
දර
අරගෙන එන්නට ගියේ
ඒ
එනකල් නුඹ දොයියේ.
නුබේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම්නැති
කිරිල්ලෝද සැතැපෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම්නැති
කිරිල්ලෝද සැතැපෙති
තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්න පුත රන් කිරී
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්න පුත රන් කිරී
කන්දක් ගිනි
ඇවිලෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දයි නුඹ නලවන්නේ
නින්දක් නිදියා ගන්නේ
නැන්දයි නුඹ නලවන්නේ
නින්දක් නිදියා ගන්නේ
ඔන්න බබෝ
ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්
පඩිකනවා
ඉන් පවුමක්
මට දෙනවා
උඹෙ අම්මත්
ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි
ලොවේ පුතුන් බොහොම ඇතා
ව ඩා නැලෙව්වත් අඩතා
මගේ පුතා එහෙම නැ තා
නාඩා නැලවියන් පු තා
දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බබෝ
ක න් ද ක් ගිනි ඇවීල ගෙනේ
හැ න් ද ක් කිරි බීපන්නේ
නැ න් ද ක් නුඹ නලවන් නේ
නි න් ද ක් නිදි යා ගන්නේ
දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බබෝ
ඔන්න බබෝ හොරුඑනවා
අඬන ලමයි අල්ලනවා
කරේ තියාගෙණ යනවා / ( අල්ල අල්ලා විකුනනවා )
උ න් විකුණා රා බොනවා / (විකුන විකුන රා බෙනවා)
notes of imaginary
Thursday, June 13, 2013
පුංචිත්තාට ගැයු ගී
පුංචිත්තා සමග දවස ගෙවන මීදුමට ඔහුගේ ක්‍රියාකාරකම් වලට
සහයෝගය දෙමින් දවස ගෙවා ගන්නට සිදුව ඇත. පාන්දර “ සීයෝ “ කියාගෙන අවදිවී සීයා සොයා ගෙන විත් අත්අඩංගුවට ගන්නා පුංචිත්තා
සීයා නැවත අත්අඩංගුවෙන් මුදවා හරින්නේ රාත්‍රීයේ නින්දට අම්මා තුරුලට යාමෙනි.
මීදුමට දවසේ ඇත්තේ එකම කාලසටහනකි. දහවල පැය දෙකක පමණ
විවේක කාලයක් කාලසටහනේ ඇතත් ඒ කාලය පුංචිත්තාගේ නින්ද කඩනොවීමට ඇද ඉද්දර සීරුවෙන්
සිටීමට සිදුවන බැවින් එයද stand by වර්ගයේ විවේක කාලයකි.
පුංචිත්තාට අවශ්‍ය නිසාම පාඩම් කරගත් ගීතිකා පුංචිත්තාට
නින්ද යන තෙක් ගායනා කිරීමද “සීයෝ ” ට පැවරී
ඇති රාජකාරියෙකි. මේ ගීතිකා සමහර ඒවා නැලවිලි ගීතය. තවත් සමහර ගීත නැලවිලි ගීත
ස්වරයෙන් ගායන කරන වෙනත් ගීතය. ආදරය සෙනහස ශබ්ද රසයට එක්ව ඇසෙන විට නැලවිලි ගීත නොවුවත්
ඒ ගී හඩ පුංචිත්තා නිදිසුවය කරා රැගෙන යාමට සමත්ය.
ඉතා ගැඹුරෙන් නැලවිලි ගීත කතා කරන්නට ඕනා වුනත් අද මේ වියමන වෙන් කරන්නේ පුංචිත්තා නිදිසුවය කරා කැදවා ගෙන යන්නට මීදුම යොදා ගන්නා අසම්මත නැලවිලි ගීයක පදවැලක් පලකරන්නටය.
මේ පදවැල චන්ද්‍රරත්න මානවසිංහයන්
විසින් රචිතය. එවකට ගුවන් විදුලියේ ගීතයක් ලෙසද ප්‍රචාරය වුවා මීදුමට මතකය. නවීන පද්‍ය සංග්‍රහය නම් පාඨග්‍රන්ත්‍රයේ මේ
ගී වැල පලවී තිබුනේ අපොසප සාමාන්‍ය පෙල සාහිත්‍ය විෂයය නිර්දේශය සදහා තෝරා ගත්
නිසාවෙනි.
පසුකාලයේ ( 1977 න් පසු )සාහිත්‍ය කන්න බැරි නිසා දරුවන්ට
ඉගැන්වීම අත්හිටවු බවත් සිහිපත් කලයුතුය.
මොනවද
අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී
මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී
මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
අම්මෙ
අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ
බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා
බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
notes of imaginaryකිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ
බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා
බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
Tuesday, June 11, 2013
Tuesday, June 04, 2013
සරසවියක මඩවනවා...........
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන් බදුල්ල - කොළඹ ඒ 04 ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්දිය (සරසවියට හැරෙන මං
සංදිය) අවහිරවනසේ මග හරස් කර උපවාසයක් අරඹා ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරොධතාවයක්
පැවත්වීය.
පැය පහ හමාරක් පමණ වේලාවක් මගී ජනතාව , සහ වාහන අත්අඩංගුවට ගෙන සිසුන් කටයුතු කලේ ඔවුනට
සරසවි පාලකයින්ගෙන් සිදුවුවායි පවසන ආසාධාරනයනට වගකිව යුත්තේ මගී ජනතාව යයි සිතා විය හැක.
නැත්නම් ඔවුනට උපවාස කරන්නට සත්‍යග්‍රහ කරන්නට සුදුසු ක්‍රිඩාපිටි
එළිමහන් භුමි ඔනෑවටත් වඩා සබරගමුව විශ්ව විද්‍යාලය සතුය.මේ රටේ පාලකයින්ට
විරුද්ධවන උද්ඝොෂකයේ බොහෝ දෙනා කිසිවකටත් අදාල නැති ජනතාව පීඩනයට පත්කරන්නේ ඔවුන් ලවා තම
ගැටළු ලිහා ගත හැකිවේයයි සිතා විය හැක.
මෙම ක්‍රියාදාමයට ප්‍රතික්‍රියා දක්වන පොලීසිය සිසුන්ගෙන්
මාර්ගය මුදවා ගැණිමට සාම සාකච්ඡා පවත්වා ඉන් ප්‍රතිපල අත්නොවු තැන අවම බලය
යොදන්නේය. කදුළු ගෑස් බැටන් පොළු දඩු මුගුරු
වලින් යුද්ධය අරඹා සිසුන් රෝහල්වලට ඇතුලත් කර තමුනුත් රෝහල් ගතවෙන්නේය.
ප්‍රශ්නය අවසන් වන්නේය. සිරකර සිටි මගී ජනතාව දවසක වැඩ
කටයුතු කඩාකප්පල් කරදමමින් නිදහස් වන්නේය. මේ අපේ රටේ විරෝධතාවල ස්වභාවය යි.
සබරගමුවේ සිසුන් තම ආචාර්යවරුන්ගේ වාහන කුඩු වෙන්න ගල් ගසන්නේත් නිවාස
කුඩුපට්ටම් කරන්නේ ගුරුවරුන්ට ඇති ගුරු ගෞරවයනිසාය. ඒතරමටම ගුරු ගෞරවය රකින වීනිත සිසුන් නිසාය.පාසලක සිටියත් පූජණිය ස්තානයක සිටියත් විශ්ව විද්‍යාලයක සිටියත් ගුරුවරුන් ගුරුවරුය.
විශ්ව විද්‍යාල පාලණාධිකාරිය මතු බුදුවන මෛත්‍රීය බුදුන් දැක නිවන් අවබෝධ කරගන්න පාරමිතා පුරන සැදැහැවත් පාලකයෝය.සිසුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා දමන්නට තරම් කාරුණිකය.කාටුනය බලන්න.
විශ්ව විද්‍යාල පාලණාධිකාරිය මතු බුදුවන මෛත්‍රීය බුදුන් දැක නිවන් අවබෝධ කරගන්න පාරමිතා පුරන සැදැහැවත් පාලකයෝය.සිසුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා දමන්නට තරම් කාරුණිකය.කාටුනය බලන්න.
ඉදින් කවර කතාද ?.
notes of imaginary
Subscribe to:
Posts (Atom)