ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2016-11-21

ඕපනායක පුංචි කෝච්චිය.



ඕපනායක පුංචි කෝච්චිය.
පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා නෙමෙයි.දැන් කාලේ පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට කෝච්චි පාරක් අළුතින් හදනවා කියන එකත් ලොකු ම ලොකු හීනයක්

ඕපනායක පොලිස් ස්ටේෂමේ තියෙනවා සංරක්‍ෂිත කරන ලද දුම්රිය මැදිරි වල බර කිරන තරාදියක් . මේ තරාදිය දැකපුවම ආයෙත් මට පුංචි කෝච්චිය මතක් වුනා කීවාම නිවරදියි. දැන් කාලේ ඕපනායක පොලිස් ස්ටේෂම පිහිටා තියෙන්නේ - ඒ කාලේ පුංචි කෝච්චියේ අවසාන ගමනාන්තය වු ඕපනායක කෝච්චි ස්ටේෂමේ. ඒ කාලේ ඕපනායක ස්ටේෂමේ ප්‍රධානියා “ ස්ටේෂන් මහත්තයා” - අද කාලේ නම් “ ඉනිස්පැට්ටර් මහත්තයා ! .”

1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන ‘රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට” ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා . ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා.

සුද්දන්ගේ හිරු නොබසින යටත් විජිතයේ රටින් රට ඔවුන්ගේ ලාභාංශ තරකර ගැණිම පිණිස සංවර්ධණ කටයුතු සිදුවිය. මෙම සංවර්ධනයේ අතුරු පලයක් ලෙස දකුණු අප්‍රිකාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුද්දො සැලසුම් කරනව.

මෙම සැලසුම අනුව ලන්ඩනයේ සමාගමකට කිලෝ මිටර් 100 ක පමණ දුම්රිය මගක් ඇතුළු දුම්රිය පද්ධතියක් සැදීම සදහා ඇනවුමක් ලැබෙනවා . මෙම ඇනවුම සම්පුර්ණ කර දකුණු අප්‍රිකාවේ ස්ථාන ගත කරන්නට ගිය විට අප්‍රිකාණුවෝ සහ එවකට සිටි යටත් විජිත ආණ්ඩුකාරයා එම දුම්රිය මග ස්ථාපනය කිරීමට විරුද්ධ වෙනවා. අප්‍රිකාණුවන් බලාපොරොත්තුවු යේ පුළුල් අමාන දුම්රිය ව්‍යාපෘතියක්. එහෙත් ඔවුන්ට ලැබුනේ පටු අමාන දුම්රිය ව්‍යාපෘතියක්. කර කියා ගත නොහැකිව අතරමංවු ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.



1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි රේල්පාර හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර් මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය ගමනාන්තය වෙන ඕපනායකටම ආවා. කැළණී වැලි ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට ක්‍රියාශිලි මගී ගමනාගමන සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.
1919 මැයි මාසේ 02 දා ඉදන් ඕපනායකට ආපු පුංචි කෝච්චිය 1997 පමණ වන විට අවට ගියාට එන ගමනක් වී වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් සමග ඕපනායක ඉදන් ආපසු කොළඹ ගියාට පස්සේ තාමත් ආපසු ආවේ නැහැ.




පැරණි කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය ඕපනායක දුම්රිය ස්ථානයයි. වර්තමාණයේ ඕපනායක පොලිස් ස්ථානය මෙම ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටා තිබේ. මෙම පින්තූර වලින් දැක්වෙන්නේ මෙම පරිශ්‍රය තුල පිහිටුවා සංරක්‍ෂණ කර ඇති 1901 වර්ෂයේ නිෂ්පාදිත බිම් තරාදියකි. එහි දර්ශක පුවරුව විනාශවී ඇති අතර අනෙක් රක්‍ෂිත කොටස් මෙම පොලිස් ස්ථාන බිමේදී ඔබට නැරඹීමට පහසුකම් සලස්වා ඇත.
ස්තුතිය - ඕපනායක පොලිසිය වෙත.
මම පුංචි කෝච්චිය දකින්නේ පැල්මඩුල්ලේ ගන්කන්දේ ඉගනා ගන්නා කාලයේ. ( එකල පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය ) සති අන්තයට ගෙදර යන එන අතර වාරයේ. තනියෙන් ගමනක් බිමනක් යන්න හිතේ වාරු නැති ඒ වයසේ පුංචි කෝච්චියේ සවාරියක් යන්න හේතුවාසනා තිබුනේ නෑ. බස් එකේ යන එන අතර වාරේ හුණුවල ඉදලා ඕපනායක දක්වා මහා මාර්ගයට සමාන්තරව පිහිටලා තියෙන කොටසේ මම ගිය බස් එකත් එක්ක ( ඒ කාලේ බසුත් දැන් වගේ කගවේනා පිම්මේ ගියේ නෑ ) ඉබි ගමනේ තරගයක ගියා මට මතකයි.
“දවස පත්‍රයේ සති අන්ත පත්‍රය වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙනවා. පසු කාලෙක මේ කවිය ඕපනායක කෝච්චියේ ගමන ගැන හොද උදාහරනයක් වුනා.





“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්
කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ - අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ - යකාට ගියදෙන් ටයිම් ටේබලේ....,...”
notes of imaginary

2016-11-18

වැට් ගැහුවේ ඔය මගුලටද ?.




notes of imaginary

2016-11-16

සජිත් තියරිය.





notes of imaginary

2016-11-15

සවිය.



උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්.
ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට ( පොලිස් ස්ථානයේ නම සදහන් කරමින් ) එන්න.
පොලිස් කොස්තාපල් මහත්තෙක් ගෙන් මගේ ජංගම දුරකතනයට ඇමතුමක්.
මොකක්ද මේ පැමිණිල්ල ?.
මම විමසනවා.

“පාරක් වසමින් කම්බි වැටක් ඉදිකරලා ඔබ” . උත්තරය ලැබෙනවා. මගේ මනසේ නැගෙන්නේ පැමිණිල්ලේ බරපතල තත්වය. පාන්දර 5.57ට මට දැනුම් දෙන්න තරම් ?.

පොලිස් සේවය කොයිතරම් කාර්යක්‍ෂමද ? . මම හිතනවා. “ඇත්තෙන්ම මම අද කාර්ය බහුලයි. යොදා ගත්ත වැඩ තියෙනවා . මට වෙන දවසක් දෙන්න බැරිද ?.” මගෙන් කාරුණික ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා. දුරකතනය අනිත් කෙළවර කාරුණික නැහැ. පොලිස් සේවයේ බල පරාක්‍රමය විසිරෙන ගමන් දුරකතනය විසංධි වනවා.

මේ පොලිසිය මා පදිංචි පොලිස් කොට්ඨාශයට අයත් නැහැ. පදිංචි ප්‍රදේශයේ සිට තවත් ප්‍රධාන පොලිස් ස්ථානයක්ද පසු කරමින් කිලෝමීටර් 25 කට එහායින් පිහිටි පොලිස් ස්ථානයක්. එහෙත් පාරක් වසමින් කම්බි වැටක් ඉදිකලායයි පැවසෙන ඉඩම පිහිටා තිබුනේ මේ කියන පොලිස් වසමේ. මම හිතන විධියට නම් මෙවැනි අවස්ථාවකදී විය යුත්තේ මා පදිංචි පොලිස් වසම මගින් මෙම පණිවිඩය මට ලබා දීමයි. නමුත් සිදුවූයේ පැමිණිලිකරු ලබා දුන් මගේ ජංගම දුරකතනයට වහාම කැදවීමක් කිරීමයි.

මට මැවෙන්නේ බරපතල තත්වයකට මා පත්වී - බරපතල පැමිණිලි පාර්ශ්වයක් මට එරෙහිව ඇති බව .

ඇනවුම ලැබු සැණින් මට පොලිස් ස්ථානයට වාර්තා කරන්න බැරිවෙනවා. දිගටම මගේ ජංගම දුර කතනය අදාල නිළධාරිමහතා ගෙන් ඇමතුම් ලැබෙනවා. අදාල නිළධාරිමහතාගේ උනන්දුව මට නම් පුදුමයි. අන්තිමට මම චකිතයකින් යුතුව පොලිස් ස්ථානයට යනවා.

පැමිණිල්ල මේ ඉඩමට පසුකරගෙන යමින් ඊට යාව තිබුන ඉඩමට මා සංවර්ධණය කරමින් ඉඩම මැදින් පාරක් ලබා ගැණිමේ අරමුණින් කරන ලද්දක්.මම මගේ ඉඩමේ එක් කෙළවරකින් ඒ සදහා ඉඩකඩ ලබා දී තිබෙනවා. එය ඔවුනට ප්‍රමානවත් නැහැ. මේ ඉඩම සංවර්ධණ කටයුතු සදහා මම මිනුම් සැලැස්මට අනුව මායිම් ඉදිකලත් පැමිණිල්ලේ සදහන් අයුරින් වසා දමන්නට පාරක් ඉඩම මැදින් තිබුනෙත් නැහැ.

පොලිසිය පැමිණිල්ල විභාග කරන්නේ පැමිණිලිකරුවන්ගේ අභිප්‍රාය ඉෂ්ඨ සිද්ද කරදෙන පුර්ව නිගමනයක් ඇතිව. නිහඩ බව වැදගත් බව නිසා මම නිහඩව කතා කරන්නට ඉඩ හැර අසා සිටිනවා. මගේ වාරය එනතෙක්. මා පෙන්වන මිණුම් පිඹුරු ඔවුනට වැදගත් බවක් නැහැ. ඒවා පිළිගන්න සුදානම් නැහැ. මා කරන පැහැදිලි කිරීම් ඔවුන්ට තේරුම් ගන්න බැහැ.

මම අන්තිමට තීරණය කලා කිලෝමීටර් 25ක් ඈත පොලිසියේ නිළදාරි මහතාට මගේ පෞද්ගලික අනන්න්‍යතාවය දිගහරින්ට. මගේ සුදු කොණ්ඩය , උස , මහත . පෞරුෂත්‍වය ඔවුන් දකින්නට පටන් ගත්තා . මගේ මිණුම් පිඹුර , ඉඩම මැදින් පාරක් නොතිබු බව . ඉදිකර ඇති වැට අයිනෙන් ඔවුන්ගේ ඉඩමට යා හැකි බව තේරුම් යන්න පටන් ගත්තා.

ඉඩම මැදින් තිබුන පාරේ පැමිණිල්ල යාන්තම් සිවිල් නඩුවකට යොමු කරමින් පැමිණිලි පාර්ශවය සතුටට පත් කලා. යන්තම් මාව නිදහස් වුනා කාර්යක්‍ෂම පොලිසියෙන්. තව පොඩ්ඩෙන් මට සිද්ධවෙන්නේ ගහපු කම්බි වැට ගලවලා පැමිණිලි පාර්ශවයට පාර විවෘත කර දෙන්න.

සිවිල් නඩුවක් කියන්නේ තව අවුරුදු පහලොවක් විතර නීතිඥයන්ට කැඹිරීමක්. ඒ යන වියදමින් මගේ ඉඩම මිළට අරන් කාෆට් පාරක් හදා ගන්න යා බද ඉඩමේ හිමිකරුවන්ට පුළුවන්. මම පැමිණිලි විභාගේ අතර යොජනා කලා ඔය ගොල්ල මගේ ඉඩම මිළට ගන්න එතකොට පාරේ ප්‍රශ්නෙත් ඉවරයි. ඉඩමේ ප්‍රශ්නෙත් මට ඉවරයි. කියලා.

මම බොහෝම සුහදශිලීව පැමිණිලි පාර්ශවයෙනුයි පොලිස් මහත්තුරුන්ගෙනුයි සමුගත්තා.මේ ශ්‍රී ලංකාවේ පොලිසි නන්නාදුන අයට කොයිතරම් කාරයක්‍ෂමද කියලා ආවර්ජණය කරමින්.


notes of imaginary

ණය උගුල.



notes of imaginary

2016-11-11

මීදුම.: රවිගේ වැය අය

මීදුම.: රවිගේ වැය අය: රවිගේ වැය අය notes of imaginary

notes of imaginary

රවිගේ වැය අය

රවිගේ වැය අය


notes of imaginary

2016-11-09

සන්නිවේදනය බාලයි.


notes of imaginary

2016-11-08

විවාහ මංගල්‍යයක්.



"මැද්ද සූරිය - මුනිඳු වැඩසිටි - වේළුවන ජය මංගලම්
සුද්ද සුන් නරනිඳුන් සහ - සෙස්‌ රජුන් නම් කළ මංගලම්
ඇද්ද මෙකුමරු- පාපු විස්‌මය - සියලු සත හට මංගලම්
බුද්ද රත්නේ බෙලෙන් - ඔබහට වේය ජයසිරි මංගලම්"
පෝරුවෙන් ඇසෙන්නනේ අෂ්ඨක කියනා ගුරුන්නාසේගේ හඩයි.
පෙරදා හවස පැමිනී මනාලියගේ පාර්ශවයේ උදවිය පෝරුවත් , සෙටිබෑක් එකත් ස්ථාන ගත කිරීමට සැරසිලි කරුවන් හා කටයුතු කල අයුරු මගේ සිහියට ඒ. මේස සැරසිලි කරන අතර පැමිණි එක් තලතුනා මහතෙකු “ ජාතික කොඩි ටික මග දෙපස දානවා නේද ? ” යයි විමසුවා මතකය. “ ඔව් .. ඔව් ඒත් මම අදි මදි කරන විට ඇයි මහත්තයා කොඩි නැද්ද ?. මම තියනවා කියමි. මගේ මතකය ආපසු යමින් ජාතික කොඩිය භාවිතා කළ යුතු අන්දම පිළිබද උපදෙස් මටම සිහිපත් කරමි. විවාහ මංගල්‍ය උත්සවය ජාතික උත්සවයක්ද ?. යන්න නිරාකරනය කර ගැණිමට මගේ මනස තුල මහත් සාකච්ඡාවකි. අනුග්‍රාහක භවතාට ඒ සාකච්ඡාවෙන් පලක් නැත.
මම ජාතික ධජයන් ගෙන් උත්සව ශාලාවේ මිදුලත් මග දෙපසත් සරසා දීමට එකග වෙමි.
ජාතික ධජ විවාහ මගුල් උත්සව සදහා සැරසිල්ලක් ලෙස භාවිතය සුදුසු නැත. මගුල් උත්සවයක් යනු ජාතික උත්සවයක් නොවේ. මේ බව උත්සවකරුවන්ට පැවසුවත් එය පිලිගන්නා කෙනෙක් නැත. බොහෝ දෙනා උත්සව සැරසිලි පිළිබදව අවධානය යොමු කරන එක් අංගයක් වන්නේ ජාතික කොඩි පාර දිගේ දැමීමයි. සිංහයන් පේලියක් ලනුවක එල්ලී මග හරහාට කඩු අමෝරා සිටී. ඉන්පසු සිංහයා උත්සව ශාලාවට යන මග දෙපස ගැල්වනයිස් කණුවල පේලි ගැසී බලාසිටී.සමහර විටක සිංහයා කකුල් හතර උඩ දමා ගෙන උඩුබැල්මෙන් එල්ලී සිටි.





“නිම්ම නැති සංසාර දුක - සිදුහත් කුමරු දැක සිතු පෙමින්
දැම්ම යමු - අපි මහණවීමට - අසුන් පනවැයි කී තොසින්
මංම පනිමිය - පහුරු මත්තෙන් - තුරඟ සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බෙලෙන් - ඔබ හට වේය - ජයසිරි මංගලම් ”
අමුත්තන් සම්භාෂණ ශාලාවේ අසුන්ගෙන සිටී. තවත් අමුත්තන් උත්සවශාලාවට එමින් අසුන් ගන්නට සුදුසු තැන් සොයයි. අමුත්තන් පිරිසක් වටකර ගෙන මනාල යුවල පෝරුමස්‌තකව සිටී.සුදෝ සුදු ජාතික බැනියමෙන් සැරසී සුදු පැහැති වේට්ටියකින් සැරසුන අෂ්ටක ගුරුන්නාන්සේ කෙනෙක් ජයමංගල ගාථා ගායනය කරනවා මගේ සිතේඇදේ.

“අංග පෙරදැරි තුමා - සිදුහත් එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පව්වට උඩින් පැන - වසවතුගෙ ඔද බිඳ තොසින්
නැංග අසුපිට ගෙවා - තිස්‌ යොදුනක්‌ ගොසින් - ගං තෙරට වන්
සංඝ රත්නේ බෙලෙන් - ඔබ හට වේය - ජයසිරි මංගලම්..."
අෂ්ඨක ගුරුන්නාන්සේගේ පිළිබද චිත්ත රූපය මට සිතිවිල්ලක් පමනක් විනි.
දවසකට රජ වී පෝරු මස්තකයේ සිට සිර ගතවන මනාල මහතා සහ නුවර විලාසිතාවට සැරසුන මනාලියට යුරෝපීය ඇදුමෙන් සැරසුන අෂ්ඨක කියන ගුරුන්නාන්සේ මැදිවිය අහල මායිමකවත් නැති තරුණයෙකි. ඔහු මෙම යුවලට ආශිවාද පතා ගායනා කරන්නේ සිදුහත් කුමරු ගිහි ගෙය කළකිරී මාළිගාවෙන් නික්ම ගිය කතා පුවත බව ඔහු නොදනී. සිදුහත් කුමරු මෙන් මේ මනාළ මහතාද ගිහිගෙය කළකිරී මහණ දම් පුරන්නට ගියහොත් දහසක් බලාපොරොත්තු ඇතිව සිටින මනාළියගේ දෙමව්පියන්ට කාගේ සරනදෑයි මගේ සිතිවිලි අතරට එක්විනි.
notes of imaginary

2016-11-07

දා ගත්ත බැටරි මදැයි !.



notes of imaginary

2016-11-06

අළුත් අදහසක්.



මට ලස්සනට අදින්න බැහැ. ඒත් මට හිතෙනවා දවසේ සමහර වැදගත් සිද්ධීන් වලට මගේ හිතට එන ප්‍රතිචාරය කෙටියෙන් පවසන්න. ඒ අදහසට මගක් ලෙස  “ සතියේ සටහනට ” පුංචි චරිත දෙක තුනක් එකතු කර ගන්නවා.
බුරුවාගේ පිටේ තියෙන බර අපිව සුරා ගෙන ගොඩ කර ගත් ධනය  - සම්පත්.
අපි ඉතින් හැමදාමත් සටන් කාමියි. එත් වැඩක් නැහැ.කරන්නේ මෝඩ වැඩ. හැමදාමත් වරද්දගෙන කම්පා වෙනවා.


බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. දවසින් දවස චරිත එකතු කරගන්න හිතනවා ඒ චරිතත් එක්ක මගේ අදහස්  පළකරන්න  පුළුවන් වෙයිද කියලා උත්සහා කරනවා.

notes of imaginary

2016-11-04

දැයෙන් සමුගන්නා ගාන්ධර්වයා.



දැයේ සංගීතයත් දැයේ සුගායනයත් සේම දැයේ සංස්‌කෘතික ආත්මයේ පරම පිළිබිඹුවද වූ අමරදේව අප්‍රමාණ කලාකරුවාණෝ ස්‌වකීය අමරණීය නාමය හැම ජන හදවතක්‌ තුළම ඉතිරි කරවමින් ඊයේ දැයෙන් සමුගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් පිරිසක්‌ විසින් මීට දශක කීපයකට පෙර සම්පාදනය කරන ලද "අමරදේව ප්‍රතිසංවේදය" නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කොටස්‌ ඇසුරෙන් සකස්‌ කෙරුණු පහත සඳහන් ලිපිය පණ්‌ඩිත් අමරදේවයන්ගේ ළමා කාලයත් එතුමන් " "අමරදේවයන්" බවට පත්වූ ආකාරයත් විචිත්‍ර ලෙස විස්‌තර කෙරෙන්නක්‌ වේ. - නොවැ 04 දා දිවයින.
ගාන්ධර්වයා අමරදේව වූ හැටි. භාරතීය මහා සංගීත සම්ප්‍රදාය පිළිබඳ විශාරදත්ත්වයක්‌ ඇතිව අවශේෂ සංගීත සම්ප්‍රදායයන්ගේද ආභාෂයත් ප්‍රභාවත් ලබා ගැනීමට තරම් සුඛනම්‍ය මනසකින් සංගීත නිර්මාණ ව්‍යාපාරය අර්ථවත් කළ අමරදේව අප සංස්‌කෘතියේ අන්තර් අංග කවරේද? ජාතික අවශ්‍යතා කවරේද? අපේ අනන්‍යතාව කවරේදැයි සැක හැර දැන ගත්තේය. මෙරට සංගීතයත් අමරදේවත් අතර, අවියෝජනීය සම්බන්ධතාවක්‌ ඇති වූයේ මේ අවබෝධයත් අධ්‍යයනයත් හේතුවෙනි. සුසංගත ස්‌වර චලන මඟින් ජාතියේ හද වෙණ පහරා නිනාද දෙවන්නට හැකි වූයේද මේ හේතුවෙන්මය.

අමරදේව මේ අවබෝධයත් අධ්‍යයනයත් ලැබුවේ මෙරට පොදු ජනතාවගේ පුත්‍රයෙකු වශයෙනි. දිගු ගමනකට සෑහෙන ජන්ම බලයක්‌ ඔහුට නොවීය. වඩුබාස්‌ කෙනෙකුගේ පුතකුට ජන්මයෙන් උරුම විය හැකි බලය කුමක්‌ද? මේ වඩු පුත්‍රයා සිංහාසන යෝගයක්‌ ඇතිව උපන්නේ නම් ඔහු අතිශූර වඩුවකු විය යුතුය. මාලා කර්ම ලතාකර්මාදියෙන් දැව දඬු හැඩ ගැන්මෙහි ශුරත්වයක්‌ ඔහුට හිමි විය යුතුය.

එක්‌තරා රිද්මයකට මිටි පහර නියනට වදී. වට මට කළ කළු මැදිරිය ලීයට හෝ සියඹලා ලීයට වදින මේ මිටි පහරින් මතුවී මැවෙන්නේ අපූරු ලිය වැලෙකි. මිටි පහර වදින හඬ වියෑකෙත්ම කොරළවැල්ලේ වෙරළ බඩින් නැගෙන රළ බිඳෙන හඬ මේ වඩු පුත්‍රයාගේ සවනට වැටේ. ඈත සිතිජයෙන් ඇරඹී නැග බැස රළ පෙළ විසල් සුදු සේලයක්‌ මෙන් වැල්ලෙහි තුනීවී මැකී යයි.

පියාගේ මිටි පහරින් වැටෙන ලියවැලෙහි රිද්මයත් නිබඳ කන වැකෙන මුහුදේ රළ බිඳෙන රිද්මයත් ස්‌වකීය සවන් බඳුනින් ගන්නා " වඩු පුත්‍රයා" ගේ ගමන කිමෙක්‌දැයි නැකැත් ඇදුරන් පළ කළ බවක්‌ දැන ගන්නට නැත. මොරටුවේ කොරළවැල්ලේ වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස්‌ බාස්‌ට දරුවන් සයදෙනෙකි.

බලාපු වඩුගේ මැගී වෙස්‌ලියානු මැන්දිස්‌, ජිනෝරිස්‌ බාස්‌ උන්නැහැගේ බිරිඳ සිය සය වැනි දරුවා ප්‍රසුත කළේ 1927 දෙසැම්බර් 5 වැනිදාය. දූ පුතුන් පස්‌ දෙනකු සිටින පවුලක සවැන්නාගේ උපත එතරම් සුවිශේෂි දෙයක්‌ විය නොහැකිය. මෙතොදිස්‌ත ආගම ඇදහූ ඇය ඡේසු පිහිටෙන් සිය සයවැනි දරුවා බිහි කළාය. සෙසු දරුවන් උපදින කාලයේ මෙන්ම සයවැනි දරුවා උපන් පසුවද ඇය දෙවියන්ට ස්‌තෝත්‍ර ගීතිකා ගායනා කළාය.

සාමාන්‍ය වඩු පවුලක දරුවන්ට කිරෙන් කා තෙලෙන් අත සේදීමේ වරමක්‌ නැත. මේ වඩුරාල ගමේ සෙසු වඩුවන්ගෙන් මඳක්‌ වෙනස්‌ විය. ඔහු සියුම් වැඩට දක්‌ෂයෙකි. ගමේ වටපිට ඇති වයලීන අලුත්වැඩියා කිරීමට ගෙන ආවේ ජිනෝරිස්‌ බාස්‌ උන්නැහේ වෙතය. වැඩ අවසන් කර තබන වයලීනය අතින් ගෙන තත් පහරා එහි කම්පනයෙන් ප්‍රකම්පනය වීමට පවුලේ බාල දරුවා වන්නකුවඩුගේ දොන් ඇල්බට්‌ පෙරේරා පුරුදු විය. මව ගීතිකා පොත දිගහැර දෙවියන් වෙනුවෙන් ගායනා කරද්දී හේ වයලීනය වයන්නට තැත් කළේය.

පියා අලුත්වැඩියා කරන වයලීනය වයන්නටත් මවගේ ගීතිකා ගායනය අනුව ගයන්නටත් පුරුදු වූ මේ බඩපිස්‌සා ගායනයෙහි ලා දැක්‌වූ සමත්කම දැනගත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, ඔහු ලවා දොරකඩ අස්‌නක්‌ කියවිය යුතු යෑයි යෝජනා කළහ. ගමේ පන්සල අතුරු සිදුරු නැති පිරුණු දා කුඩා ඇල්බට්‌ මධුර ස්‌වරයෙන් දොරකඩ අස්‌න කීය. ඇල්බට්‌ගේ ගායනා මාධූර්යය දැනගත් ගමේ පල්ලියේ ස්‌වාමි, ඔහුගේ මවට කතා කොට ඇල්බට්‌ ප්‍රධාන ළමුන් පිරිසක්‌ යොදවා නත්තල් කැරොල් කණ්‌ඩායමක්‌ තැනීමට යෝජනා කළේය. ඇල්බට්‌ ප්‍රමුඛ කැරොල් කණ්‌ඩායම සිය මධුර ගායනයෙන් ගම පතළ විය.

සිය මෑණියන්ගේ වැඩිමහල් සහෝදරයා වූ ඉඳිබැද්දේ ආරොන් බාස්‌ කලාකාමියෙකි. ගමේ නාඩගම්වල රඟපෑ ඔහු කවි ගීත ගායනයටත් සමර්ථයෙක්‌ විය. සිය නැඟණියගේ පුතු ගායනයටත්, වාදනයටත් සමත්කම් දක්‌වනු දුටු මාමා අතිශයින් පැහැදුණේය.

කුඩා ඇල්බට්‌ කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලට ඇතුළත් කරනු ලැබීය. මුල් ගුරුතුමා හෙළ හවුලේ කු. ජෝ. ප්‍රනාන්දුය. මුනිදාස කුමාරතුංග පඬිවරයාට හේ දෙවියකුට මෙන් සැලකුවේය. ඔහු බොහෝ විට සැන්දැව ගත කළේ කුමාරතුංගයන්ගේ හෙවණේය. ඔහු ගඟේ තොටුපළින් ඔරුවෙන් එගොඩ වන්නේ කුඩා ඇල්බට්‌ ද සමඟිනි. කුමාරතුංගයන්ගේ හෙවණ කුඩා ඇල්බට්‌ට රසෝඝයක්‌ විය. කුමාරතුංග, කු. ජෝ. ප්‍රනාන්දු ප්‍රමුඛ වියතුන් කරන වාද විවාද අසා සිටීම ඔහුට ආස්‌වාදජනක විය. ඇතැම් විට කුමාරතුංගයන් හමුවේ කවි ගායනා කිරීමට ඔහුට සිදු විය. මෙම හෙවණේ ඇසුර නිසා කුඩා ඇල්බට්‌ රස හඳුනන්නෙක්‌ විය. ලොකු අයියා ඩබ්ලිව්. ඩී. චාල්ස්‌ පෙරේරා ද වඩුකම් කරන්නෙකි. ඔහු ලද අවසරයෙන් මරදානේ ඇම්. ජී. පෙරේරා වෙතින් සංගීතය හදාළේය. එහිදී හදාරන කමාඡ්, බිලාවල්, යමන් ආදී රාග රෑ මැදියම වනතුරු ගායනා කරද්දී කුඩා ඇල්බට්‌ නෙත නිදි නොලබා අසා සිටී. ඔහුගේ ආසාව දුටු අයියා සංගීතයට මෙතරම් ලැදි මලයණ්‌ඩියටද තමා උගත් පාඩම් ගෙදරදී කියා දුන්නේය.

ඇල්බට්‌ පුතා කෙමෙන් සංගීත ලෝකයට ඇදෙනු දුටු ජිනෝරිස්‌ බාස්‌ උන්නැහේ පුතුගේ හත්වැනි උපන් දිනේදී සියතින්ම තැනූ වයලීනයක්‌ තෑගි කළේය. කුඩා ඇල්බට්‌ සිය පියාගේ වයලීනය අරගත්තේ කෙබඳු අධිෂ්ඨාන ශක්‌තියකින් දැයි මතකයක්‌ හෝ සඳහනක්‌ නැත. මෙකල තවත් හිතෛෂී ගුරුවරයෙක්‌ පාසලේ විය. ඩැනිස්‌ටර් තෝමස්‌ ප්‍රනාන්දු පාසලේ කලා කටයුතුවල නියෑළෙමින් කුඩා ඇල්බට්‌ටද වගකීම් පැවරුවේය. ජීවන ප්‍රභා, ශුද්ධ නුවරට බලා යන නාට්‍ය රඟ දැක්‌විය. පාසල් ගීත, වෙසක්‌ ගීත ගැයිණි. පාසලට සම්බන්ධව ඇරඹුණු කල්‍යාණ මිත්‍ර සංගමයේ කොළඹ කලා සංගමය මෙහෙයවූ ගායනා තරගයෙන් ඇල්බට්‌ ප්‍රධාන ගායක පිරිසට රන් පදක්‌කම් හිමි විය. සෙසු තෑගි ගණනාවක්‌ද පාසලට අත්විණි. අයියාගේ ගුරුහරුකම් ලබමින් කුඩා ඇල්බට්‌ වයලීනය සිය සුරතලා බවට පත් කර ගත්තේය.

ඔහු නින්දට වැටෙන්නේ අයියා වයලීනය වයන හඬ අසමිනි. අවදි වන්නේද වයලීනයේ නාදයෙනි. ඇල්බට්‌ගේ පරම මිත්‍රයා වයලීනය විය. හෙතෙම පස්‌වැන්නේ උගනිද්දී කළුතර ඩබ්ලිව්. ජී. ප්‍රනාන්දු සංගීත ගුරුවරයා වශයෙන් පාසලට ආවේය. දේවිකාරානි, අශෝක්‌ කුමාර් රඟපෑ චිත්‍රපට බැලීමට ඔහු සමඟ ගියේ ජපන් මැන්ඩලීනයද රැගෙනය. එහි කන්කළු ගීත ගයද්දී සිනමා ශාලාවේදී මැන්ඩලීනය වයන්ට ඇල්බට්‌ පුරුදු විය. ඔහු කොතරම් දක්‌ෂ වීද යත් ගුරුතුමා නැති අවස්‌ථාවලදී කුඩා ඇල්බට්‌ සංගීත පන්තිය කරගෙන ගියේය.

කුමාරතුංග පඬිවරයා සංගීතය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සමයේ ඇල්බට්‌ 15 හැවිරිදි කොලු ගැටයෙකි. පානදුරේ සරික්‌කාමුල්ලේ වින්සන්ට්‌ සෝමපාල මීයෑසියට ස්‌වර සම්පාදනය කළේය. මෙකල බස්‌ සටනට උරදුන් මනුවෙල් පෙරේරා කවි පෙළක්‌ ලීවේය.

වැලපෙව වැලපෙව මදුරු තතේ
තනිවම වැලපෙව අඳුරු පෙතේ
අලුවද නොරැඳෙයි සැලෙන අතේ
එකද කතෙක්‌ නොරැඳෙයි මසිතේ

කුඩා ඇල්බට්‌ භාෂා රසයෙන්ද මත් විය. ආශා සංවේදිතා තියුණු විය.
කුඩා ඇල්බට්‌ගේ ගායන, වාදන හපන්කම් මේ වන විට ගමින් ඔබ්බට පැතිර ගියේය. මේ හපනාට ශිෂ්‍යත්ව දීමට පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලය සහ මොරටුවේ විද්‍යාලයද ඉදිරිපත් විය. පානදුරේ ශ්‍රී සුමංගලයේ සිටියදී ශිෂ්‍ය වැඩ වර්ජනයක්‌ සිදු විය. මේ නිසා විභාගයට වාඩිවන සිසුන්ට සිදු වන පාඩුව මඟ හැරවීමට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පැමිණ රෙජි පෙරේරාගේ නිවසට ගෙන්වූ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වූ අයුරු කුඩා ඇල්බට්‌ගේ මතකයේ රැඳිණි. ඉන්පසු ඔහු මොරටුව විද්‍යාලයට අවේය. එහිදී ඉතා සුවිශේෂ සිද්ධියක්‌ විය. ඇල්බට්‌ ප්‍රථම වරට "වයර්ලස්‌" කන්තෝරුවට ගියේ මොරටු විද්‍යාලය මැදිනි. මොරටු විද්‍යාලයේ කවි තරගයෙන් මුල් තැන් ගත් ඔහුට වයර්ලස්‌ එකෙන් ඒ කවි ගායනය ඉදිරිපත් කිරීමට ගුරු මණ්‌ඩලය ඉඩ ලබා දුන්නේය. ඔහු වයර්ලස්‌ එකෙන් ප්‍රථම වරට රටටම ඇසෙන්නට කවි කීවේය. ඔහු මුල්වරට නාට්‍යයකට සංගීතය සම්පාදනය කළේය. ඒ විද්‍යාලය ඉදිරිපත් කළ කිරිහාමි නාට්‍යයටය.

වයලීනයට ආදරය කළ කුඩා ඇල්බට්‌ ජීවිතයේ ප්‍රථම වරට අංග සම්පූර්ණ වාදක මණ්‌ඩලයක්‌ දුටුවේ එදාය. මොරටුවේ ජෙරාඩ් ඡේ. පීරිස්‌, ගවුස්‌ මාස්‌ටර්ට ඇල්බට්‌ හඳුන්වා දුන්නේය. ගවුස්‌ මාස්‌ටර් නොබෝ වේලාවකින් ඔහුගේ කුසලතා හැඳින ගත්තේය. වාදක මණ්‌ඩලයේ ප්‍රධාන වයලීන ශිල්පියා වශයෙන් කුඩා ඇල්බට්‌ පත් කර ගත්තේය. එදින වයලීනය අතට ගනිත්ම පාසල අතහැර දැමීමට ගේ තීරණය කළේය. මයිකල් සන්නස්‌ ලියනගේ, එමලින් දිඹුලාන, දොන් එඩ්වඩ්, මොහිදීන් බෙග් ආදීහුද එවකට ගවුස්‌ මාස්‌ටර් වෙතින් ශිල්ප හදාළහ.

1953 දී ඇල්බට්‌ පෙරේරාගේ ජීවිතයේ පෙරැළියකට මඟ පාදන තවත් පඬිවරයකු වෙත ඔහු කැඳවාගෙන යනු ලැබුවේ ගුවන් විදුලියේ කුලසිරි අමරතුංග විසිනි. එවකට ගුවන් විදුලියේ යෞවන සමාජය මෙහෙයවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇල්බට්‌ පෙරේරාට තමන්ගේ "පබාවතී" නාට්‍යයේ සංගීත සම්පාදනය භාර කළේය. ඇල්බට්‌ පෙරේරා යන ගමන ඉසිවරයකු මෙන් ඔහු දුටුවේය. භාරතීය මහා සංගීත සම්ප්‍රදායේ ආශිර්වාදය මොහුට ලබා දීමට අවශ්‍ය පියවර ඔහුට පෙනිණි. සිය කල්‍යාණ මිත්‍ර පත්‍ර කලා ගුරු ඩී. බී. ධනපාල මහතාගේ "ලංකාදීප" පත්‍රයේ ඇල්බට්‌ පෙරේරා අරමුදලක්‌ ආරම්භ කරවීමෙහිලා ප්‍රොaත්සාහී විය. මහජන ආධාර ගලා ආවේය. නාට්‍ය ශිල්පීහු ඔහු වෙනුවෙන් රැඟුහ. ගායක ගායිකාවෝ ගැයූහ. වාද්‍ය ශිල්පීහු වැයූහ. ජනතා ආධාරද, ආශිර්වාද ද මධ්‍යයේ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ඇල්බට්‌ පෙරේරා අමරදේව නම් අමරණීය නාමයෙන් අභිෂේක කළහ.

- දිවයින නොවැම්බර් මස 04 දින පලකරන ලද්දකි.



notes of imaginary

2016-10-19

මල්වර වෙලා.


අද ඔක්තෝම්බර් මාසේ 19 වෙනිදාය.පාන්දරින්ම මා හමුවන්නට පාරිභෝගිකයෙකු පැමිණ ඇත. ඔහුගේ උවමනාව මගේ සේවය ලබා ගැණීමයි. මම සුව පහසු අසුනක් පෙන්වා වාඩි ගන්වා පිලිසදරට එක්වෙමි. සේවකයෙකු තේ එකක් පිලි ගන්වා ඇත් වෙයි. මම සිරිත් පරිද්දෙන් පාරිභෝගිකයාට සවන් දෙන්නට සුදානමින් ඔහු ආ කාර්යයට පිවිසෙන්නට ඉඩ ඇරියෙමි. වටින් ගොඩින් කියනා පරිද්දෙන් මංගල්‍යයක් විය යුතුයයි මම සිතුවෙමි. මගේ මනසේ ඇදෙන්නේ විවාහ මංගල්‍යයක් පැවත්වීමට අප ශාලාවත් පහසුකමුත් පාරිභොගිකයාට අවශ්‍ය බවයි . මම ආහාර ලැයිස්තුත් බීම වර්ග වල මිළ ගනන් කට ගැස්ම පිලිබදවත් ශාලා සැරසිලි පෝරුව සෙටි බැග් ආදිය ගැන දැනුම්වත් කරන්නට පටන් ගතිමි. “ නෑ නෑ මහත්තයා මට ඕන මේ පුංචි මගුල් ගෙයක් පවත්වන්න ” පාරිභෝගික මහතා මා ඔහුගේ ධාවන පථයට ගෙන එයි.

දවස කවද්ද ? . මම අසමි. නොවැම්බර් 02 දා. මගේ කාර්ය සටහන අනුව ශාලාව වෙන් කරදිය හැකි බව පවසමි. ඒ ගමන්ම මගේ සිතට නැගී ආයේ තවත් කරුනකි. දවස් දොලහක් දහතුනක් සිරකර තබන දියණියක ගැන මම සිතමි. ඔක්තෝම්බර් මාසේ උත්සව නැකත් හෙටින් පසු ඇති බව මගේ කාර්ය සටහන අනුවම කිව හැකිය. එබැවින් “ ඇයි ? මේ මාසේ නැකත් තියෙනවා නේ මම කියමි.”
ඔව් . ඒ වුනත් නොවැම්බර් 02 තමයි නැකත් ගත්තේ

මල්වර උත්සවය නිවසින් බැහැරව උත්සව ශාලාවක පැවත්වීම දක්වා අද කාලය විකෘතිව ඇත. මගේ පාරිභොගිකයාගේ ආරාධිතයන් ප්‍රමානය තුන්සියයකි. ඔහු මෙතරම් වියදමක් දරන්න සුදානම් වන්නේ ඇයිදැයි මට ප්‍රශ්න කල නොහැක.මම උපදේශකයෙකු නොවෙමි. මම මගේ ආයතනික පැත්ත ගැන සිතන්නෙක් වෙමි. පසුගිය දිනක සහභාගීවු මල්වර උත්සවයකට එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල ගැන සිතූවිට පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැක.කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.

අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්‍ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.

ශබ්ද නඟා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන අංග මල්වරය හා සම්බන්ධ සිරිත් විරිත් අතර ඇතුළත් වේ. නැවුම් බදුනමැටික ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමට සිදුවේ.

සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් චාරිත්‍රයක්‌ තිබේ. මෙම චාරිත්‍රයේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ද කුල්ලක අතුරා පහනක්‌ තබනු ලැබේ

මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්‌ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්‍රීය නම් සංකීර්ණවී ඇත. මගේ පාරිභෝගිකයාට සිදුව ඇත්තේ උත්සවශ්‍රීය සංකීර්ණවීමයි.

notes of imaginary

2016-10-14

අල මහත්තයා.



ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට අනියුක්තව කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරි නමින් තනතුරු ලාභි රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද රාජකාරියේ නිරතය. එමෙන්ම 1970 – 1977 පාලන යුගයේ වගා නිලධාරින් යයි කොටසක් බිහිවු අතර මේ දෙපිරිසම කරන ලද්දේ එකම සේවාවක්ය.මොවුන් දෙපාර්ශයේම කරන ලද රාජ්‍ය සේවය විවාදිතය. එමෙන්ම කරන සේවාව කුමක්දැයි අවිනිශ්චිතය.

මොවුන් ජනතාවගේ සූරා ගන්නා බදු මුදලින් වැටුප් ලබා යැපෙන්නෝය.අදාල විෂයය වන කෘෂිකර්මය ගැන නිසි අවබෝධයක් නැති ඒ පිලිබද පත් කිරීමෙන් පසුව වුවද නිසි පුහුණුවක් නොලැබු පිරිසක් ලෙස මා දකින මොවුන් ගෙන් පලදායි සේවාවක් ලබා නො.ැණීම අවධානයට ලක් විය යුතුය.


මොවුන්ගේ පත්වීම් දේශපාලන පත්වීම්ය. මහින්ද රාජපක්‍ෂ මුල් යුගයේ එක්සත් නිදහස් සන්ධාණයේ මැතිවරණ ප්‍රචාරක නිලධාරින් ලෙස කටයුතු කර ඒ වෙනුවෙන් ප්‍රතිලාභ වශයෙන් මේ පිරිසෙන් කෘෂිකර්ම සංවර්ධන පර්යේෂණ නිලධාරින් ලෙස පත්වීම් ලද්දේය. 1970 ජයග්‍රහණය සදහා උර දුන් මැතිවරණ ප්‍රචාරක නිලධාරින් හට එවකට ධාර්මිෂ්ඨ පාලනය විසින් වගා නිලධාරින් ලෙස පත් කර ගත්තාය. පසු කාලයක වගා නිලධාරි තනතුර අහෝසි කර එම තනතුරුලාභින් ග්‍රාම සේවා නිලධාරින් ලෙස පත් කලේය.මේ දෙගොල්ලම කෘෂිකර්මය නගා සිටුවීම පසෙකලා ගම් මට්ටමින් තමන් නියෝජනය කල දේශපාලන ධාරාව වගා කිරීමට කටයුතු කලේය.


1970 ට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජකාරි කල කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් කොටසක් ගම්වලට අනියුක්තව සිටියේය. එවකට පැවති ගම්මුලාදෑණි / ග්‍රාම සේවක කොට්ඨාශ කිහිපයකට එක් නිලධාරියෙකු බැගින් පත්ව සිටි මෙම රාජ්‍ය සේවකයෝ ගම්වාසීන් විසින් හැදුන්වුයේ “ ගොවි මහත්තයා ” නමිනි. ගොවි මහත්තයා - වහරේදී “ගොයි මහත්තයා ” විය. මේ ගොයි මහත්තයා ස්කොලේ මහත්තයා මෙන් ගමට ප්‍රභු වරයෙක් විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය ,ගන්නොරුව වැනි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන වල පුහුණුව ලබාදී ගමට එවු මේ ගොවි මහත්වරු ගමේ ගොවිපල වල ගොවින්ට උපදෙස් සැපයු නියම උපදේශක වරු විය


1965 – 1970 ඩඩ්ලි සේනානායක යුගයේ දියත්වු වගා සංග්‍රාමය “ 71 මෙන්ම 89 දරුවන්ට මතක නැතිවා වෙන්න පුළුවන. මේ යුගයේ ප්‍රථම වරට ලක් පොලොවේ වානිජ පදනමින් අර්තාපල් වගා කිරීම ඇරඹු යුගය විය. අර්තාපල් වගා කිරීම සදහා ගොවීන්ට බීජ , පොහොර . වගා උපදෙස් සැපයීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදු කල අතර ක්‍ෂෙත්‍රයේදී දෙපාර්තමේන්තුවේ කටයුතු මෙහෙය වන ලද්දේ ගමේ කෘෂිකර්ම නිලධාරියා වු ගොයි මහත්තයා විසින්ය.


මගේ කතානායකයා තම පලමු පත්වීම රැගෙන අර්තාපල් වගාව පිලිබද පුහුණුවකුත් සමග වැලිමඩ ප්‍රදේශයට යනු ලබන්නේ මේ වකවාණුවේය. එළවළු වගා බිම් වල අර්තාපල් වගාව ප්‍රචලිත කිරීමට වගා බිමෙන් - වගා බිමට උපදෙස් දීමට ගිය නිසා වෙන් සහ ආර්ථික බෝගයක් ලෙස අර්තාපල් වගාව තහවුරු වීම නිසා ඔහු වැසියනට ගොවි මහත්තයා නොවී ඔහු “අල මහත්තයා ”විය.


වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වු ඔවුන්ගේ ආදරණීය අල මහත්තයා අවුරුදු හැත්තෑ නවයක් ආයු විද කම්වු පරිද් දෙන් පසුගිය 10 වෙනිදා සවස් භාගයේ අප අතරින් වියෝවිය. වැලිමඩින් කිලෝමීටර් හැත්තෑවක් පමන දුර බලංගොඩ / ඉඹුල්පේ අ.මු.ස.මු ජයසේකර බණ්ඩාර නමින් උපතේදී නම් ලබා වැඩිදුර අධ්‍යාපනයෙන් පසු වැලිමඩ රැකියාවට ගිය ඔහු එහිදී විවාහව දූ දරුවන් සමග පදිංචිව සිටි දශක පහක් පමණ කාලයේ උපයා ගත් අභිමානය අපට නම් කිසිදා ලබා ගත නොහැක. ඒ සියල්ල ඔහුට හිමිකර දී තිබුනේ තමන් පලදායී රාජ්‍ය සේවයක නිරත වෙමින් ජනතාවත් සමග ඉදිරිපෙල සිටි නියමුවෙකු නිසා වෙන්යයි මට සිතුනි.
වැලිමඩ ප්‍රදේශවාසී ජනතාවගේ ආදරණීය අල මහත්තයාට අජරාමර නිවන් සුවය අත්වේවායි එසේ පැතූ ජනතාව සමග එක්ව මමද ප්‍රාර්ථනය කරමි !.






notes of imaginary

2016-10-11

මරණය සැපයි - ජීවත් වනවාට වඩා.


සිරුර හමුවු  දෙගිනි වල. 

 1970 – 1977 සිරිමාවෝ මැතිණියගේ පාලන සමය යහපාලන සමය මෙන් දුෂ්කර ආරථිකයකයකට රට මුහුණ පෑ යුගයක් විය. බහුතර බලය යොදා ගනිමින් පාර්ලිමේන්තු කාලයද දීර්ඝ කරගනිමින් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් සිටි ආණ්ඩුව ගෙදර යවමින් “ ධාර්මිෂ්ඨ පාලනය ” බිහි විය.
සිරිමාවො මැතිණියගේ යුගය මෙරටට හාල් පොලු මිරිස් පොලු සතියේ දින දෙකක් බත් නොකෑ යුතුයයි නියමයක් පැනවු කාලයක් විය. මේ තත්වය රට පුරා පාලනය කිරීමට ගම් මට්ටමේ රජයට හිතවත් කණ්ඩායම් යොදවමින් ජනතා කමිටු පිහුටුවීය. වගා කටයුතු සංවර්ධනය කිරීමට පලදා වර්ධන කමිටු බිහි කලේය. මේ සියළු කමිටු මගින් අමතරව කල එක් කටයුත්තක් ලෙස විරුද්ධවාදීන් ගෙන් දේශපාලන පලි ගැණිම් කිරීමත් සිදුවිය.

මේ ජනතා කමිටු වෙත මිළ පාලන බලතල , ආහාර පාලන බලතල මෙන්ම සමාජයේ සිදුවන අනීතිමය කටයුතු පාලනය කරගැණිමට පොලිසීය ඇතුළු රාජ්‍ය ආයාතන දැනුම්වත් කිරීමේ සම්බන්‍ධතා ජාලයක්ද තිබු බව මතකය. මේ නිසා ජනතාව මේ කමිටු වෙත “ කේළම් කමිටු “ යයි හැදීන්වීම කරන ලද්දේය.
මේ කේළම් කමිටු විසින් තම බල පරාක්‍රමයන් අසල්වාසී ගම්වාසීන් වෙත පලකරන විට ඔවුන් අතර ඇතිවු ප්‍රතිවිරොධතා හේතුවෙන් අසල්වාසීන් කේළම් කමිටු ගම්වාසීන් අතර අප්‍රසාදයටත් පිළිකුලටත් පත්විය.

“කඩවත කෝරළේ යටගියාව ” කියවන විට මට මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු කුඩාමහත්මයා මහත්මයා මතකයට ආවේය. ඔහු මගේ වයසින් සමකාලිනයෙක් විය. පාසල් අධ්‍යාපනයේ එගොඩ වීමට නොහැකිවුවත් ඔහු කවියෙක් විය. සමිති සමාගම් වල කථා පැවත්වීමට රුසියෙක්විය. කථාවක් අවසානයේ කවියක් දෙකක් කීමෙන් තව දුරටත් එකල ගැමි සමාජය තම වසගයට ගැණිමට සමත්වු අයෙකු විය.
කවියෙකු සංවේදී හදවතක් ඇත්තෙක් විය යුතු නමුත් මේ කේළම් කමිටුවක සභාපතිවරයෙක්වු පසු ඔහුගේ සංවේදී බව විකෘතියකට පත්ව අසල්වාසීන්ගේ සුළු සුළු අඩුපාඩු පවා මහත් සමාජ ව්‍යාසනයන් ලෙස දකින්නට මනස විවර විය.

මෙයින් උපන් බලවේගය අසල්වැසි සමාජය පුංචි දේටත් රාජ්‍ය පීඩනයට යොමු කරන්නට මොහු කටයුතු කලේය. එකල ඊට උඩ ‍ගෙඩි දුන් පලාතේ මංත්‍රී තුමියකද අපට ලැබී තිබුනේය.

කාලය ගෙවී ගියේය. අසල්වැසි සමාජය පෙරලා මේ කේළම් කමිටුවක සභාපතිවරයාව පිලිකෙව් කරන්නට පටන් ගත්තේය. සමාජය විසින් ඔහු බැහැර කර ගමේ තනිකරන ලද්දේය. අවසානයට මේ තනිකම දරා ගත නොහැකිවු කුඩාමහත්මයා නම් සභාපතිවරයා එක් අදුරු රැයක “ බෙලිහුල්ඔය පහන්තුඩා ” වලට පැන සිය දිවිනසා ගත්තේය.ඔහුගෙන් පුංචි තමට සිදුවු පීඩනය කාලයත් සමග අමතක කරන්නට හැකිවුවත් ඔහුගේ කවිත්‍වය තවමත් අපට ඉතිරිව ඇත්තේ දියට පැන සිය දිවි නසා ගන්නට පෙර ඔහු දියට පැන්න ගල් තලාව මත මේ කවි සටහන කොටා තබන්නට තරම් කාලයක් මරණය ගැන මෙනෙහි කරමින් හිත ගල් කර ගෙන බැස යන බෙලිහුල්ඔය දෙස බලා සිටින්නට ඔහුට හැකිවු නිසාය.




පහන්තුඩා වල.


“මිනිසුන් අතර සිටියත් ලේ කදුළු කඩා
මරණය සැපයි ජීවත් වනවාට වඩා.”

පසු කාලයක තවත් කවියෙක් මේ පද දෙකට යටින් 
මේ පද දෙක යටින් ගලේ කොටමින්

“ජනතා කොමිටියේ ලේකම් - පුංචි කුඩා
පැන්නා වලට බෙලිහුල්ඔයේ පහන්තුඩා.”

යයි සටහන් කරමින් පදපූරනය කර තිබුනේය.
notes of imaginary

2016-10-08

කඩවත කොරලේ කතා.



අද කෝරලේ භාවිතාවේ නැත. රත්නපුර දිසාවට අයත්ව කුරුවිට, නවදුන්, කුකුළු, අටකලං, කඩවත මැද දෙකෝරලය සහ කොලොන්නකෝරලය යනු වෙන් මහනුවර යුගයේ පරිපාලනය සමන්විත විය. ආරච්චි වසම් කිහිපයක් එකතුවී පත්තුවත් පත්තු කිහිපයක් එකතුවී කෝරලේත් කෝරල කිහිපයක් එකතුව දිසාව හැදුන බවයි ප්‍රජා පාලන ඉතිහාසය සදහන් කරන්නේ. මා උපන් සහ ජීවත් වෙන කඩවත කෝරලේ ඉතිහාසකතාව ලියු මා සහෘදයෙකු ඒ ග්‍රන්ථයට “ කඩවත කෝරලේ යටගියාව” යයි නම් තැබුවේය. මේ පොත දොරට වැඩු සාහිත්‍ය මාසයේ දිනක සොදුරු සහෘද එකමුතුවට මා හටද එක්වීමට පින් පිරී තිබිනි.

මේ හමුවේ කතා බහ අතර මගේ මතකයද අවදි විය.

වර්තමානය වන විට පැරණි ග්‍රාම නාමයන් වෙනස් වී ආරච්චි වසම දහයක් දොළහකට බෙදී අද ග්‍රාමසේවා වසම දක්වා ලඝු වී ඇත. අප නිවෙස් කර සිටින ග්‍රාම සේවා වසම” යක්දෙහිවෙල ”නම් වී ඇත්තේ යක් දෙස්සන්ට වෙන්වු වෙල් යායක් වු හෙයිනි. අදත් පැරණි පත්තිනි දේවාලයක් මේ ගමෙහි පිහිටා ඇත.අප තලාපිට ගම්පත්තුවේ වැසියන්වු අතර කඩවත කොරලේට උඩුවග්ගම් පත්තුව නමින් තවත් ගම්පත්තුවක් ඈදී තිබුනේය.

ආරච්චි මහත්තයා ගම් තුලානට මහත් බලවන්තයෙකි. පනහේ දශකයේ අවසන් භාගයේ මේ ආරච්චි තනතුර අහෝසිවී ග්‍රාම සේවක බිහිවන විට තනතුරු දෙකේ බලවන්තකම අන්ත දෙකක පිහිටියේය. සැමියා ගෙට ගොඩ වදින විට ඇද යටට රිංගු ආරච්චි මහත්තයා ගෙන් “ මොකද රාළහාමි ඇද යට ?. ” යයි විමසු ගෙහිමියාට “ බොල මගේ වසමේ මට කොහෙත් එකයි ” යයි උත්තර බැන්ද ආරච්චි මහත්තයාගේ පෞරස්ථවය හා ග්‍රාම සේවක මහතාගේ චරිතයත් භුමිකාවත් හාත් පසින්ම වෙනස් විය.නොයෙක් නොයෙක් වෙනස් වීමි වලට භාජනය වු ග්‍රාම සේවක නිල නාමයද ග්‍රාම නිලධාරී දක්වා අදට වෙනස් ඇත.

ප්‍රාදේශිය සභා උපදින්නට පෙර ගම් සභා තිබුන අතර, කඩවත කෝරලේට තලාපිට ගම්පත්තුවේ ගම් සභාව සහ උඩුවග්ගම් පත්තුව නමින් ගම් සභා දෙකක් තිබුනේය ප්‍රාදේශිය සභාවේ උපතත් සමග මේ ගම් සභා දෙක එකතු වී ඉඹුල්පෙ ප්‍රාදේශීය සභාව බිහිවිය.

අපේ අසල්වාසී ආරච්චි වසමවු මුත්තෙට්ටුවේගම වසමේ ආරචිචිල මහා බලවන්තයෙක් විය. ඇස් දිෂ්ඨියක් මානේ ඉඩ කඩම් වලට හිමිකරුවෙක් විය. ආරච්චි පයිංඩය අහිමුවු පනහ දශකයේ අවසන් භාගයේ “ස්කෝඩා” වර්ගයේ බ්‍රැන්ඩ් නිව් කාරයක හිමිකරුවෙක්විය. එක් දවසක මේ ආරච්චිල විලියම් අප්පුහාමි නම් ගැමියෙකුට “උබ හැමොටම කවි කියනවා කියාපන්කො බන් මටත් කවියක් ” යයි කල ආරධනයට ලුණු ඇඹුල් සහිතව“ උස්තට්ටුවේ සිටියත් ජන සමාජයේ - මුත්තෙට්ටුවේ උබ මැරුනම අවීචියේ ” යයි කිවු බව අදත් ප්‍රචලිතය. එදා ආරච්චි උෂ්නය සහිතව සිටි ආරච්චිලගෙන් විලියම් අප්පුහාමිට ලැබු ප්‍රතිචාරය කුමක් වන්න ඇත්දැයි අප උපකල්පනය කර ගත යුතුය
.




තනිකඩයෙක්වු විලියම් අප්පුහාමි ගේ ඥාති පරපුරේ අය අදත් අපේ අසල්වාසීන්ය. ඔහුගේ අතීත මතකයන් අහුලා ගතහොත් එය රසගුලාවක් වනු ඇත. එකල ජීවත්වූ එක් කාන්තාවක හා ඇසුරකට පත්ව සිටි මේ රසවතා හට ඇගේ එක් නරක පුරුද්දක්වු තැන තැන දකින දෑ සොරකම් කරන පුරුද්ද මකා දමන්නට ඕනෑ විය. ඒ සදහා අපුරු උපක්‍රමයක් යෙදු ඔහු ගෙම්බෙකු දවටනයක අසුරා ඇහැ ගැහෙන තැනක තබා සැගවී බලා සිටියේය. කාන්තාවද පැමිණ තම කාර්යයන් නිමවා යන අතර ගෙම්බා සහිත දවටනය කම්බා පොට අස්සේ සගවා ගත්තේය. මෙය නිරීක්‍ෂණය කරමින් සිටි අප රසවතා රැල් බුරුල් හැර මෙසේ කීවා යයි ප්‍රවාදයට එක්ව ඇත.

“එම්බා සොදුර කල දෙයනම් බලු නොවටී - හම්බා කරන හැටි ඔහොමයි කාලේ හැටි
කම්බා පොටට යට කරගෙන ගහපු හැටි - ගෙම්බා ගෙදර ගෙන යන්නට හදපු හැටි”

මේවන් කටක් ඇතිව සිටි ඔහු අයුක්තියට එරෙහිව නැගී සිටි චරිතයක්විය. ඔහුට සතුරුවු පාර්ශවයක් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලදුව මහ වනන්තරේ මල සිරුර දමා ගොස් තිබු ඇට සැකිල්ල පමනක් හමුවු බව එදා මගේ පුංචි මතකයට එක්ව තිබුනේය.

මේදොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමින් සිටින මට තවත් අතීත සිද්ධීන් මතකයට නැගුනත් මේ වියමනේ සම්බන්‍ධයට හානිවන හෙයින් ඊලග වියමන තවත් කතාවකට මුල පුරමින් නතරවෙමි.

notes of imaginary

2016-10-05

කුණු කතාවක්.



කුණු කන්දක්.
දුම්රිය මා ර්ගයේ , මහ පාරේ දෙපස වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් පාර දෙපස දකින්නට ලැබෙනව ඇත්ද ? . අපේ ඇත්තෝ වන්දනාවේ යනවා .විනෝද චාරිකා යනවා . වට පිට නොබලාම සිද්ධස්ථාන, පොදු ස්ථාන කොයිතරම් අපිරිසිදු කරලා එනවද ?. මේ තැන්වලට විදේශිකයොත් යනවා. ඒ අය ලංකාව ලෝකෙන් උතුම් ම රට ලෙස දකින ලංකාවේ ජනතාවගේ කුණු වැඩ දැක්කම අපි ඉතා අපිරිසිදු මිනිසුන් කොට්ඨාශයක් කියලා හිතනවා ඇති කියලා මට හිතෙනවා. ඉන්දියාවේ ( දඹදිව ) වන්දනාවේ ගිහින් එන ලාංකීකයෝ ඉන්දියාවේ කුණු සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන කතා කරන්නේ බොහොමත් පිළිකුලෙන් . ඒ තරම් අපේ අපිරිසිදුකම නැති වුනත් අපේ කසල බැහැර කිරීමේ ක්‍රමවේදයත් අක්‍රමවත් කියලා පිලිගන්න වෙනවා.

ලංකාවේ දේශපාලනයට මේ කුණු අදාල නැතිවුනත් ඊට වඩා කුණු ඕන තරම් දේශපාලනේ තියෙනවා. ඒත් බැහැර කරන කුණු ගැන ආකල්පමය වෙනසක් ඇති කරන්නවත් දේශපාලනේ අදාළ කර ගත යුතු යි කියලා මට හිතෙනවා. සමාජ වෙනසක් ඇති කරන්න කයිවාරු හලන යහපාලන ඇත්තන්ට අපේ කුණු වලට වඩා පේන්නේ ප්‍රතිවාදීන්ගේ කුණු. ඒ හින්දනේ FCID වගේ ආයතන බිහිවෙලා තියෙන්නේ. ගොඩ ගැහෙන කදු ගැනත් , ඒ කුණු වලින් මුදල් හොයන්න පුළුවන් කියලවත් හිතන්න මේ ඇත්තන්ට ඉස්පාසුවක් නැහැ. එහෙම හිතෙනවා නම් පලාත් පාලන ආයතන, ප්‍රාදේශිය සභා මේ ආයෝජනයන් සදහා යහපත් ලෙස යොදවා ලන්න පුළුවන්.

අපි නාගරිකයෝ නෙමෙයි. අර්ධ නාගරිකයොත් නෙමෙයි. ප්‍රාදේශීය සබාවට අයත් ප්‍රදේශයේම තියෙන කුණු එකතු කරලා ගෙනත් අපේ නිවෙස් අසල බිමකට හලන්න අපේ ප්‍රාදේශීය සභාව පටන් ගත්ත. කුණු වත්තට ගවි ගානක් ඈතින් ඉන්න අපිට මැස්සොයි මදුරුවොයි ඕනවට වඩා ලැබුනා.කුණු කන්ද ගෙනත් හැළුවට කුණු කන්ද කළමනාකරණය කරන්න වත්කම නැති ප්‍රාදේශීය සභාව - පාරම්පරික විධියට කුණු බැහැර කරපු ජනතාවට නවීකරණය කරපු අපද්‍රව්‍ය බැහැර කරන්න ගිහින් නාගත්තා. කොහොම හරි නැති ලෙඩක් දා ගත්ත. අන්තිමට අයුතු ජනරාශියක් ඇති කරලා අපි කුණු කන්දදෙන් බේරුනත් ප්‍රදේශීය සභාව අදත් ජනශූන්‍ය ඉඩකඩ ඇති තැනක කුණු හලනවා. එකතු කරගෙන දගලනවා.මේ ගමක කුණු කතාවක්. නිසි කළමනාකරණයක් තියෙනවා නම් අපිට පොහොර කන්දක් දෙන්න පුළුවන් උනත් මේ ඇත්තෝ කුණු කන්දක් ගොඩ කරගෙන ලෙඩ රෝග කන්දක් රටට බෙදනවා.

කොළඹ කුණු කියන්නේ මහම ගැටළුවක්. කොළඹ නගර සීමාවේ හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව කියවෙනවා . මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ කොළඹ පරිසරයට මුදා හරිනවා. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද කොළම ගියාම මම දැකලා තියෙනවා. පුංචි ගමක අපිට හිරිහැර කරපු කුණු ‍මේ කුණු කඳු දැක්කම මොකක්ද කියලා හිතෙනවා. ටික කාලයක් අපිට වුන හිරිහැරය ගැන හිතෙන කොට ඒ අවට ජනයාට නිර්මානය කරලා දීලා තියෙන්නේ අපායක ජීවිතයක් කියලයි මට හිතුනේ.

මිනිස්සු හැම බිම් අගලෙම ජීවත් වෙනවා. තමන්ට තමන් නිපදවන කුනුම බැහැර කරන්න ඉඩ කඩ නැහැ.බිමක් නැහැ.සුළු ප්‍රමානයෙන් කසල කළමනාකරනය කරගන්න ප්‍රතිචක්‍රීය කරගන්න දැනුම සහ උවමනාව නැහැ. කිසිවෙකුත් තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට හින්නේ නැහැ. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ තැනකට ගෙන ගොස් දැමිය යුතු ය. ඒ වෙන කොහේවත් තැන්වල ද වෙනත් මිනිස්සු ජීවත් වෙනවා. ඔවුන්ට අනුන්ගේ කුණු සමග ජීවත් වීමට උවමනාවක් ඇතිවිය හැකිද ? . එහෙම හිතන්නේ නැහැ.

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක් නැහැ. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේත් නැහැ. එහෙම ආයෝජනය කරන්න තියෙනවා නම් මේ තරම් බදු ගහලා අපි සූරන එකක් නැහැනේ.
කසල යනු මුදල් ප්‍රභවයක් කියලා සැලසුම් හදන විශේෂඥයෝ හිතලා නැහැ . එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තියෙනවා.කෘතිම කෘෂි පොහොර වෙනුවට හොද ආදේශකයක් මේ කුණු කදු වලින් නිර්මානය කරගන්න අපේ අයට බුද්ධිය නැහැ. කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනය කරලා බලපුවහම ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැහැ .

වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි යි. පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු යි. කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතුයි.




notes of imaginary

2016-06-18

ජරමරයක්.


 

මහ රෑ මගේ ජංගම දුර කතනය මට කරදර කරන්න පටන් ගෙන තිබේ. අනිත් කොනෙහි වසන්තය.
ඇයි වසන්ත ?
සර් ! අර හවස කාමරේට ආපු කපල් එක ......
ඔව් , වසන්ත
ඒ නෝනාගේ තොල පුපුරලා ලේ ගලනවා.
වැටිලාද ?
අයිස් ටිකක් දෙනවා ලේ ගලන එක නතර වෙයි.
මම නිදිමතේ ඔරලෝසුව දෙස බලමි .වෙලාව රාත්‍රී එකයි තිහ පසුවෙමින් තිබේ.මේ මහ රෑ රොහල් යන්නද ? පොලිසියට කෝල් කරනවද ? .යන සිතිවිල්ලට මාරුවෙමි.
වසන්ත ., ගොඩක් අමාරුද ?.
ඔව් සර්. කාමරේ පුරාවට ලේ . රෙදි පෙරදි ලේ වලින් තෙමිලා.
මොකද ? මහත්තයා කියන්නේ ?
තරහෙන් පිපිරි පිපිරී එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා.
ඇයි ? ප්‍රථමාධාරයකටවත් මැදිහත් වෙන්නේ නැද්ද ?
නෑ සර් ........මැරුනත් කමක් නැතිළු.
ඉතින් වසන්ත ............ඔයා මහ රෑ ඒ නෝනා අරගෙන රෝහලට යන්නද හදන්නේ?
බැරෑරුම් කරුනක් වුනත් වසන්තට සැහැල්ලු කතාවක් කිව්වා.
සර්ට විහිළු. සොලියුෂන් එකක් දෙන්න .
නැත්නම් මම අමාරුවේ.
මම එන්නද ?. මේ මහ රෑ නිවසින් පිටවීම මහත්ම අපහසු වැඩක්වුවද මා මැදිහත් විය යුතුය. මගේ ප්‍රධාන ආරක්‍ෂිකාවගේ අවසරයෙන් මීටර් හයසියයක පමණ දුර මහ රෑ වීරයෙකු මෙන් යන අතර මා කුමන විසදුමකට එලබිය යුතුදැයි සිතන්නට විමි. අනන්‍යතාවය පමනක් තහවුරු කර ගන්නා පිලිගැණිමේ කවුන්ටරයේ කටයුතු කරන්නා හට විවාහ සහතිකයත් මින් පසු පරීක්‍ෂා කර නවාතැන් පහසුකම් සැපයීමට උපදෙස් දෙන මෙන් මගේ හිත බලකලත් මාසේ අන්තිමට එකතු වන පිරිවැය කන්දරාව හමුවේ නිරුත්තර වීමට සිදුවිය.
මා දුටු විට වසන්තගේ මුහුණට වසන්තය උදාවිය.
මොකක්ද ? සර් කරන්නේ ?
නෝනා සමග කතාවට නොගොස් මම මහත්තයා ගෙන් උත්තර සොයන්න තීරණය කලෙමි.
මා දුටු විට ගිණි කන්දක් මෙන් පිපිරෙන මහත්තයාගේ මුහුණට ගලන ලාවා ගග මිදුනාක් මෙන් ගල් වන අන්දම නිරීක්‍ෂණය කරමින් බැරෑරුම් ලෙස ප්‍රශ්ණයට පිවිසියෙමි.
මොකද ? මේ රෑ අරගලේ ?.
නෑ අන්කල් මේ පට්ට ....................... මාව රැවට්ටුවා.
මම පුතාගේ කතාව අහන්නම්............. මේ දුවට මොනවද කරන්න ඕන ප්‍රතිකාර.දුරින් බිත්ති කණුවකට මුවාවී ලේ ගලන තඩ ස්සිවු මුහුණුන් ඉකි ගසනා යුවතිය විමසු මම වසන්ත සහ කාර්ය මණ්ඩලයම මේ මහ රෑ කරන්න සිදුවු අමතර රාජකාරිය පිලිබද කණගාටුව පල කලා. නැතිත්නම් හෙට හිරු නැගිලත් කාර්ය මණ්ඩලය අවදි කරවා ගන්න අසීරු වෙයි කියලා කල්පනාවක් ඇතිවුනා.
ප්‍රථමාධාර පෙට්ටියෙන් සුළු තුවාල සදහා ප්‍රතිකාර කර ගන්නට සලස්වා. වහා වෛද්‍ය ප්‍රතිකාර ගැණිමට ලගම ඇති රෝහලේ වෛද්‍ය වරයා ගේ නින්ද නැති කලා.
හෙටට උත්තර දෙන්න වෙයි කියන සිතිවිල්ලෙන් ආගන්තුකයන්ගේ පොතේ නිවරදි සටහන් ඇතුලත්ව ඇත්දැයි පරීක්‍ෂාවෙන් නිසි පරිදි බිල්පත පියවා ගෙන ආදරණිය පුත්‍රයා කාමරයෙන් පිටමන් කරන්න වසන්තට උපදෙස් දුන් මම මගේ ආරක්‍ෂිකාවගේ දුර කතනයට ඇහුම් කන් දුන්නා
ගෙදර එන්නේ නැද්ද ?
මේ එනවා............
අවුරුදු හතලිහයක් නිය පිටින් සුරන්නේ නැතිව මාව ආරක්‍ෂා කරපු මනුස්ස දුවට සමාන කරන්න පුළුවන්ද මේ දූ පුතුන්. මම යලිත් නිවසට ආවා.
notes of imaginary

2016-06-14

පුංචි පෙම් යුවලක් .





අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර පායනවා.
මගේ කල්පනා ලෝකය බිද වැටුනේ පුංචි පෙම් යුවලක් දැකලා.
සතියේ දවස් ගැන හිතලා බලන විට අද සෙනසුරාදා .

බිද වැටුන මගේ කල්පනා ලෝකය පියවි ලෝකය හා යා වෙන විට සති අන්ත අතිරේක පන්ති තියෙන දවසක් නේද කියලා අවබෝධවුනා.
ආසන්න පොලිස් මුලස්ථානය මාස දෙක තුනකට වරක්වත් සංචාරක ව්‍යාපාරයේ මතුවෙන ගැටළු ගැන කළමනාකරුවන්ගේ සහ හිමිකරුවන් සමග සාකච්ඡා වෙනවා .සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින බොහෝම කළමනාකරුවන් , ව්‍යාපාරිකයින් හට ගැටළු ඇතිකරන්නේ දේශීය සංචාරකයින්. 

ව්‍යාපාරිකයෝ කවුරුත් ව්‍යාපාර වල යෙදෙන්නේ ලාභ අපේක්‍ෂා වෙන්. එහෙත් ලාබ ලබන ගමන් ව්‍යාපාරයේ වැදගත් කම ආරක්‍ෂා කරගන්න උත්සහා දරන ව්‍යාපාරිකයොත් ඉන්නවා. පුද්ගල වැදගත් කමත් ඒත් එක්කම ආරක්‍ෂා වෙනවා.
ලාබම අපේක්‍ෂාවෙන් මෙම ව්‍යාපාරයේ යෙදී සිටින්නන් සිටින බවත් අපි අමතක කරන්න හොද නැහැ.ඉතාමත් අඩු මිලට පැයට දෙකට නේවාසික පහසුකම් සපයන ආයතනත් දැන් ග්‍රාමීය පෙදෙස් වලට පවා පැතිරිලා.සමහර ටියුෂන් මාස්ටර්ලා ටියුෂන් කඩ පවත්වා ගෙන යන ගමන් නේවාසික පහසුකම් සලස්වන්න විවිධ නම් වලින් rest inn , restureant නුත් පටන් අරන්.
 “ මම උගන්නම උපන් අයෙක්මි “ කියලා රටට ම උගනනපු ගුරුන්නාන්සේලා හිටපු රටේ මේ ඇත්තෝ ටියුෂන් කඩ වගේම ඊට ගැලපෙන මල්ශාලාත් කාලේකදී පටන් ගනී. ටියුෂන් එකේදීම අහවල් Hotel එකේ තරගකාරී මිළකට කාමරයක් ගන්න පුළුවන් කියලා පුංචි ප්‍රොමෝෂන් එකක් දුන්නම ව්‍යපාරේ න් ගොඩ යන්න පුළුවන්.

පොලිසිය ටියුසන් මාස්ටර්ලා ගා ගත්ත හින්දා පුංචි පෙම් යුවල අමතක වුනා.
Reception ගේ කවුන්ටරයට යාන්තම් උස ඇති මේ යුවතියගේ හැඩ රුව දැක්කම නීතිය, මගේ යුතුකම මට සිහිපත් වුනා. Intercom එකෙන් Reception එක සම්බන්ධ වෙලා දෙපලට ආසන පනවලා ජාතික හැදුනුම් පත් දෙක ගෙන්වා ගත්තා.
යන්තම් දහසය වත් ඉක්මවා ගන්න බැරි යුවතියකුත් දෙවිසි හැවිරිදි ගැටයෙකුත් ඇවිත් තියෙන්නේ නවාතැන් සදහා කාමරයක් සොයා ගෙන.

කොණ්ඩේ සුදු වුනත් අවවාද අණුශාසනා කල නොහැකි බව මට දැණුනේ මේ තරම් වික්‍රමාන්විතයක් කළ හැකි යුවලක් “ චමින්දගේ වැඩක් බලා ගෙන ඉන්න “ යයි පෙරලා අනුශාසනාවක් මට කරාවියැයි දැනුන නිසා වෙන් . Reception අතම ඉතියක් ලෙසින් “බාලවයස්කාර යනට නවාතැන් පහසුකම් සැලස්විය නොහැක “යයි පණවිඩයක් යවමින් මා නිදහස් වුවත් බාලවයස්කාරයනගේ හැසිරීම් රටාව ගැන මගේ හිතේ ඇදුනේ බියකරු සිතුවමක්.

මීට දශක පහකට හයකට පෙරවු අපේ තරුන කාලය සිහිපත් වුනා. එදා බියෙන් හා සැකයෙන් ලියු පෙම් පතකට සීමාවු අපේ ප්‍රේම කතා අද වන විට කොයිතරම් නිදහසේ දුර ගොස් ඇත්දැයි හිතන්නට සීමා මායිම් නැහැ. දෙමව්පියන් අතිරේක පන්ති යවමින් අනාගතය ගොඩ නගා දෙන්න දරන උත්සහාය මෙවැනි පිරිස් යොමු වෙන්නේ අකටයුතු කම් වලට නම් අධ්‍යාපනයෙන් ලබා ගත යුතු අනාගතය ඔවුන්ට උරුමවේයැයි හිතන්නට බැහැ.

notes of imaginary

2016-06-12

ජෝන් බාස්ලා .....



වහා ගිණි ගන්නා සුළුපරිසරයක් වුනත් මම ඉන්නෙ   කතා උල්පතක. එක එක මාදිලියේ ඇත්තෝ මධු විතට පදම් වෙන කොට කියන කතා අපුරුයි. පසුගිය දවසක හතර පස් දෙනෙක්ගේ සංවාදයකින් මතුවුන වර්තමාන දේශපාලන  සංවාදයකට ඇහුම් කන් දෙන්න අවස්ථාව ලැබුනා. මේ සංවාදයේ ඉන්න අය මම චරිත වශයෙන් හදුනන්නේ නැහැ. මේසේ වටේ ඔරලෝසුව කැරකෙන පැත්තට අංක එක දෙක තුන කියලා හදුන්වාගමු.
ස්ටුවර්ට් කෙනෙක් වුනානම් මේ කතා එහ එහ වටේ කැරකෙන්න පුළුවන් කියලා කල්පනා වුනත් මම එතනින් එහා නිසා ඇහුනු කතා ටික ලියන්නම්.

වැඩේ ජෝන් බාස්ට ගියොත් ඉවරම තමයි කියලයි කවුරුත් කියන්නේ. බයිසිකල් කටුව විකුනලා කාර් පොඩ්ඩක් ගන්න හිතා ඉන්න අදහසත්.......... ඕන් ජෝන් බාස්ට ගියා .!

  විතරක් යැ  සිමෙන්ති බෑග් එකටත් රුපියල් හැටක් වැඩියිළු.

ආ  ඒ .................. අනවශ්‍ය අය ගෙවල් හදන්න පටන් අරන්. නිවාස තදබදයක් නිසා පරිසරය දූෂණය වෙනවා කියලයි මම හිතන්නේ.

වැට් 15% දක්වා ඉහල ගියාම 4% කුයි, ජාතිය ගොඩ ගන්න 2%කුයි එකතු වුනාම 6%කින් භාණ්ඩ සහ සේවා මිල ඉහල යනවා.

ඒ මදිවට මේගොල්ලෝ 10% ක සේවා ගාස්තුවකුත් ගන්නවා ස්ටුවර්ට් ලමයට චෝදනාවක්.
.කොස්ගම හමුදා කදවුරේ ආමරියත් පිපුරුනා .

හොදම විශ්ලේශකයා ජෝන් බාස්. වුනත් කෝකටත් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද සිහිපත් කරන අධ්‍යාපන අමාත්‍යතුමා  වගකීම පවරලා තියෙන්නේ මහින්දටයි ගෝඨාටයි.

ජෝන් බාස්ලා දෙපිලේම ඉන්නවා. යන එන මන් නැතිවේගන යන මේ වයසක ඇත්තන්ගේ මොලේ අලකලංචි වේගන යනවා කියලයි මට හිතෙන්නේ.

 තව ජෝන් බාස්  කෙනෙක් ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජ්‍ය නායකයෙක් කරන්න හදනවා.
එය මොනවත් සිද්ධ වෙන්නේ ටැමිල් ඩයස්පෝරාවට ඕන හැටියට.

මහින්ද එලෙව්වෙත් ඒ ගොල්ලෝ නේ.

හරියට කාලවකවානු මතක නැතිවුනත් රාජපක්‍ෂ පාලන සමයේ අවසන් කොටසේදී  රාජපක්‍ෂ පාලනය පිලිබදව අප්‍රසාදට පත් වෙන කරුනු කාරනා රට පුරා වැපුරුනා.දූෂණය හොරකම මුලික තේමාව කරගත්ත මේ මත වැපිරිම ඉතාම සාර්ථක ලෙස රාජපක්‍ෂ පාලනය අවසන් කරන්න හේතු වුනා

කොළඔ - බදුල්ල මහාමාර්ගයේ. තාමත් නිම නැති අධිබල විදුලි රැහැන් පද්ධතියක් සංවරධණය වෙමින් පවතිනවා  මේ විදුලි රැහැන් පද්ධතිය යන්නේ රාජපක්‍ෂවරුන්ගේ අක්කර පන්සීයයකින් යුතු හෝටල් සංකීර්ණයකට කියලයි එදා කිව්වේ.

ඔය තාමත් ඒක හදන්නේ ?

 අවුරුදු දෙකකට පසුවත් අඛන්ඩව ඒ සංවර්ධණ ව්‍යාපෘති තාමත් ක්‍රියාත්මක වෙනවා  . මට හිතෙන්නේ  හෝටල් සංකීර්ණය මේ ආණ්ඩුවේ කාට හරි විකුණන්න ඇති කියලා

කාලයක් එකමදේක නිරත වෙලා ඉන්න කොට ඇතිවන්නේ නීරස අත්දැකීම්. ඕනම දෙයක් අළුත් වෙන්න ඕනි. රටක පාලනයක් වුනත් එහෙමයි. නැත්නම් වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් දකින්නෙත් නැහැ.
ආශාවට මට පුළුවන් කියලා හිතාගත්තත්  බදා ගත්තම තමයි රගේ තේරෙන්නේ.බැරි දේවල් කරට අරන් රටක් අපහසුවට පත් කරන එක ශාප වදින පාපයක්

.අපිට ජාතික ප්‍රතිපත්තියක් කියලා එකක් නැහැනේ. එන එන එකාගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට රට කරවන්න යනවා. මහින්දගේ වැඩ නතර කරලා දැන් රණිල්ගේ වැඩ පටන් අරන්.රණිල්ටත් අවුරුදු දහයක් දොළහක් පාලනයේ ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් කරපු තොවිලෙකුත් නැහැ නටාපු නැටුමකුත් නැතිව බෙරේ පළුවකුත් නැතිවේවි.

දැනටමත් බෙරේ පළු ගැලවෙන විත්තිය විග්නේෂ්වරම්ලා ගේ නැගණහිර මුස්ලිම් වරුන්ගේ සද්ද වලින් අදුරගන්න පුළුවන්. මුස්ලිම්වරුන්ට රටවල් තියෙනවා. විග්නේෂ්වරම්ලට ත් රටවල් තියෙනවා.  සිංහල කියන සුළු ජාතියට තියෙන්නේ දකුණ විතරයි
.
මේ කතාවේ  ජාතිවාදී වර්ගවාදී  වුනත්  පුංචි ඇත්තකුත් තියෙනවා.

හැමදේම විකෘතියක්. අපි අමතකවුනා වගේ හිටියත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවුනේ ශ්‍රිලනිපයට එරෙහි ජනබලයකින්. එතුමාගේ කැමත්ත ඇතිවෙලා තියෙන්නේ එජාප ප්‍රධාන කොට ගත් ශ්‍රිලනිපයට එරෙහිවු බලවේග විසින් ඇති කරන ලද නිර්මාණයකින්. මේ ශ්‍රිලනිපයට එරෙහි බලවේග පාර්ලිමේන්තු මැතිවරනයේදී හිටගත්තේ ජනාධිපතිවරයා සමග නෙමෙයි. මැතිවරණයෙන් පසු ශ්‍රිලනිපයේ පිරිසක් සහ ජන බලයෙන් ප්‍රතික්‍ෂෙපිත පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගෙන පිලක් හදා ගෙන ආණ්ඩුවට පූට්ටු කරගෙන පවත්වා ගෙන යන මේ ආණ්ඩුවේ මහජන මතය නිරූපනය වෙන්නේ නැහැ.

මේක කොල්ලකාර පාලනයක්.

මිනිස්සු දිවා රෑ කරන ශාප වස්කවි කියනවාටත්   පොල් ගහනවාටත්  වඩා දරුනූ පල විපාක දෙනවා.කල දසාව නරක් වෙන කම් බලා ගෙන ඉදලා පව් පල දෙනවා.මහින්ද රාජපක්‍ෂ රජයට වගේම මේ ඇත්තන්ටත් ඒක නියතයක්.

 කොල්ලකාර පාලනය වුනත් යහ ගුණ පිරියෙන් පවත්වා ගෙන ගියොත් අඩු තරමින් මරනෙන් පසුව වත් යහපත් භවයක උත්පත්තිය ලැබෙන්න හේතු වාසනා වේවි.

සංවාදය දිගින් දිගට ඇදිලා යනවා. මුලින් කීවා වගේ වහා ගිණි ගන්නා පරිසරයක වුනත් සංවර සීලී ඇත්තන්ගේ ඉවසීම නම් අපූරුයි කියලා  මට හිතුනේ සමහරක් දවසක සාමහමුදා මෙවන් පිරිස් අතරට යොමු කරන්න සිදුවන අවස්ථාත් ඇතිවන නිසා.





notes of imaginary

2016-05-30

සර් ! පුංචි මගුලක්.



ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?.
මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය.
කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ මනසට වඩා  ගතට විවේකයක් බලාපොරොත්තුවෙන්.  මගේ වයසත් එක්ක අබලන් වන සිරුර යලි ප්‍රකෘතිමත් වෙන්න  විවේකය ඕනා වන නිසා  මම අත පය දිගහැර වැතිරෙනවා. දකින සිහිනත් සමග යලි හිරු එළිය දකින කොට  දවස පටන් අරන් කියලා වාර්තා වෙනවා . කාලයක් මට ලියන්න විවේක තිබුනා. මම පුංචි එකත් එක්ක තුන් අවුරුද්දක් සතුටින් අන් සියළු කටයුතු අත්හැර සෙල්ලම් කර කර හිටියා. නියම විශ්‍රාමිකයෙක් වගේ. දන්නෙම නැතිව ඒ විශ්‍රාම ජීවිතය ගිහින් හිර වුනා යලිත් පුරුදු තැනක.
ගත වුන සති කිහිපය මම දුටුවේ විවාහ මංගල්‍ය රැසක්. සමහර දින වල පස්වරු පහට අවසන් වන උත්සව ශාලාව නැවත හැඩ වෙන්නේ පස්වරු හතට පටන් ගන්න හෝම් කමින් උත්සවයක් සදහා සුදානම් වෙමින් .
කා බී නටන ඥාති මිත්‍රාදීන් දෙස විසිතුරු සෙටි බෑක් එක විරාජමාන වෙමින් බලා සිටින මනාල යුවලකගේ දුක් ගින්දර මේ නැටුම් නටන ඥාති මිත්‍රා හිතවත් අයගේ මනසේ සටහන් වෙනවද කියලා මට හිතා ගන්නවත් බැහැ. 
පසු ගිය වසරේ ජුලි මාසේ ඉදන් 2016 වසරේ වෙඩින් ප්‍රොගෑම් එක සටහන් වන  උත්සව ශාලා පොත්පත්වල  සැප්තැම්බර් මාසේ දක්වා සටහන් තියෙනවා. මාස කීයක ඉදන්ද විවාහ මංගල්‍යකට ලක ලෑස්ති වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් ඒ කෙන්.
මා පසුගිය වසරේ දකින ලද උත්සව වලින් දෙමව්පියන් මැදිහත්ව උත්සව සංවිධාන කරන ලද ඒවා දැක්කේ ඉතා සුළු ප්‍රමානයයි.  වැඩි ප්‍රමානයක් මනාල මනාලියන් විසින් ආයෝජනය කරන ලද උත්සව . උත්සව ඇණවුම් කරන අය  ගැටළු කාර අත්දැකීම් වලට මුහුන දෙන්නේ උත්සව ශාලාවේ බිල ගෙවන්න ගියාම. නටා ප්‍රීතියෙන් සුබ පතා විසිර යන ඥාති මිත්‍රාදීන් බිල ගෙවන කවුන්ටරය ලග  නැහැ. බොහෝ දවසක බිල ගෙවන්න ගෙන එන මුදල් ගොනු කර  ඇති    අක්‍රමවත්බව දුටුවාම හිතාගන්න පුළුවන් ඒ මුදල් ගෙදරින්  හෝ  බැංකුවකින් නොගෙනා  මුදල් නොවන බව.
මෙවැනි අවිනිශ්චිත දවසක් ගෙවන සංවිධායක යුවලක් යාන්තම් සැනසුමක් ලබන්නේ උත්සව ශාලාවෙන් එළියට බැස්සාම විතරක් කියලා මට හිතුන දවස් බොහොමයි.
මේ අතර පසුගිය නැකත් දිනයක සාමාන්‍ය ඇදුමින් සැරසුන යුවලක් සමග භෝජනාගාරයට පැමිණි විස්සක් පමණ පිරිසකගේ  දිවා ආහාර ඇණවුමක් රැගෙන ආ සේවක මහත්තෙක්  “සර් පුංචි මගුලක්!  ”කියන උත්තරය ලැබුනම මට හිතුනේ ඥාණවන්තොයෝත් අප අතර සිටිනවා කියන සිතිවිල්ලක්.


notes of imaginary

2016-05-16

VAT




සමහර අය මේකට කියන්නේ “ රාජපක්‍ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන් නම් වැඩිවුන පඩිය දිනපතා මහා භාණ්ඩාගාරයට ආපහු ගෙවන එකට 15% දක්වා වැඩිවුන වටිනාකම මත ගෙවන බද්ද හෙවත් වැට් බද්ද කියලා කියනවා ඇති. ඒත් අපි........................ .!.රජයෙන් යැපෙන්නේ නැතිව රජය කරවන ඇත්තන් වෙනුවෙන් උහුලන දුක් කන්දරාවට තමයි වැටි බද්ද කියලා කියන්නේ.
මැයි  දෙවෙනිදා මේක ප්‍රකාශ කරන කොට  නොදැනුනාට දැන් වෙන කොට 15% වුන වැට් සාක්කුවට විතරක් නෙමෙයි ඇගටත් දැනෙනවා.කඩේ ඉදන් සුපර් මාකට් එක දක්වා බඩු බිලේ එකතුව අගට   15% ක් එකතු කලේ නැතිවට “ හැම භාණ්ඩයකටම , හැම සේවාවකටම සැගවුන ගාස්තු බවට පත්වෙලා  එකතු වෙලා.
යහපාලන ආණ්ඩුවට මම කියන්නේ රණිල්ගේ මහත්තයාගේ  ආණ්ඩුව කියලා. මෛත්‍රී මහත්තයට ආණ්ඩුවක් නැහැ කියලයි මම හිතන්නේ. එතුමාගේ කාරිය  මාධ්‍යයෙන් අපිට  කතාකර කර ඉන්න එක විතරයි කියලයි මම දකින්නේ.ඒක මගේ අනුමානයක් විතරයි. අනෙක් අය කළබල වෙන්න එපා ඒ ගැන.මගේ මතේ වරදින්න පුළුවන් .
කෝටි තුන හතර ගෙවලා ගේන වාහනෙකට බද්ද රුපියල් එක් දහකට ආසන්න ගානක් කියලා මාධ්‍ය කාරයෝ කියනවා. මා ගාව තියෙන කැල්ක්‍යුලේටරයට ඇනලා 225 න් වැඩිකරපුවමත් 225000.00වැඩිය බද්දක් ආණ්ඩුවට අයවෙලා. ඉතින් කන්න බොන්න අදින්න මාසෙකට අපි වියදම් කරන පුංචි සොච්චමෙන් 15% ක් දූෂන බද්දට ගෙවුවහම අපිට හෙන ගහනවද ?. කියලා සැප ඇත්තෙක් කියනවා.
ආර්ථික විද්‍යාව නොදන්නා අපි ඇගට දැනෙන දේ විතරක් කතා කරන එක වැරදියි. රාජපක්‍ෂ මහත්තයා මහා ණය උගුලක රට තියලා ණයෙන් කොමිස් ගහලා ගෙදර ගියයි කියලා කියනවා.ඉතින් මේ ණය පොලියත් එක්ක ගෙවන්න ලොකු ලොකු බොරු කියලා බදා ගත්ත මරාලේ අපේ මහත්තයා අපිටම දමලා ගහලා එතුමා සැප ගන්නවා. ඕකට කේන්ති ගන්න හොද නැහැ. වැට් හරි වෙනත් නමකින් හරි එන බද්ද  ගෙවලා එතුමන්ලා සතුටින් තියමු.
මට කතාවක් මතක් වෙනවා.
 එන්න එකෝමත් එක රටක කළු අප්පු කියලා මෝඩ පහේ ගැමියෙක් හිටියා. එයාට ලස්සන දුවෙක් හිටියා. දවසක් කළු අප්පුට නොකියා මේ දුවට පෙම් බැන්ද තරුනයෙක්  එක්ක ගෙදරින් පියමන් වුනා. කළු අප්පුගේ කළු අස්සයා පිට නැගුන කළු අප්පු මේ දෙන්නා හොයා ගෙන හොයා ගෙන යන කොට මේ දෙන්නා සැගවෙනවා.  දැන් කළු අප්පු උස ගහක් උඩට නැගලා මේ දෙන්නා ගැන විපරම් කරනවා. ජෝඩුව හැංගිලා තියෙන්නේ කළු අප්පු නැගලා හිටපු ගහ පාමුලමයි. කළු අප්පු ගහට නැග්ග අවකාශයෙන් ජෝඩුව  කළු අප්පුගේ අශ්වයා පිට නැගලා පලා යනවා.
කළු අප්පුට දැන් කරන්න දෙයක් නැහැ.
කළු අප්පු අප්පුඩි ගහලා කතා කරලා  “ දෑවැද්දට මගෙන් අශ්වයා “ කියලා කියනවා.
ඉතින් අපිත්  වැට් එක දෙමු . වෙනසක් නැහැනේ.






notes of imaginary