ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-10-31

ගෝඨාභය


ගෝඨාභය සැබෑ නායකයෙක් ද?.....

නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You're not really a leader until you've lost.” “ඔබ පරදින තුරු ඔබ සැබෑ නායකයෙකු නොවේ.” මේක මම ඇහුවේ The Core නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ දෙබසක. මේ කියන්නේ කුමක්ද? මේ වැකියෙන් කියවෙන ගැඹුරු අර්ථය කුමක්ද?
අපි සාමාන්‍යයෙන් හිතන්නේ හැම වෙලාවෙම දිනන කෙනා තමයි නායකයා කියලයි. එහෙම තමයි අපව කුඩා කල ඉඳලා හදන්නේ. පන්තියේ පළමු වැනියා තමයි නායකයා. ක්‍රීඩා පිටියේ දුවලා දිනන කෙනා තමයි නායකයා. කථික තරගවලින් දිනන කෙනා තමයි නායකයා. ඒ නිසා සමාජයේ බොහෝ අය හදන්නේ කොහොම හරි දිනන්න. ආයතනයේ ලොක්කා වෙලා දිනන්න. ජනප්‍රියම නළුවා වෙලා දිනන්න. 
නමුත් ඒ දිනනවා කියන්නේ පුද්ගලික දෙයක්.

මේක තේරුම් ගන්න පුළුවන් සරත් ෆොන්සේකා කියන චරිතය දෙස බැලීමෙන්. ඔහුම නිතරම කියන හැටියට ඔහුට ඕනා හැම වෙලාවෙම දිනන්න. ඔහු කිසිසේත්ම පරදින්න කැමති කෙනෙකු නොවෙයි. අද වනවිට සම වැහැරුණු මහල්ලෙකු වුවත් ඔහු ඉතාම තරගකාරියි. ඔහුට වැදගත් වෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඔහුගේ පුද්ගලික දිනුම. ඔහු කතා කරන්නේ “මම”, “මම” සහ “මම” ගැනම විතරයි. සරත් ෆොන්සේකා වැරදිලා හරි ජනාධිපතිව සිටි අවස්ථාවක ඊනියා අරගලය වගේ දෙයක් වුනා නම් මේ රටට කුමක් වෙලා තියෙයිද කියා අපට හිතා ගන්න පුළුවන්. 
මට මතකයි ෆොන්සේකා කිසියම් අවස්ථාවක කියනවා යාපනයේ හිරවී සිටි හමුදා කණ්ඩායමක් මුදවා ගැනීමට ගෝඨාභය සහ ඔහු කළ මෙහෙයුම ගැන.
ඔහු එහිදී කියනවා ගෝඨාභය සහ ඔහු එකල සමාන නිලයේ හමුදා නිලධාරීන් හැටියට එකිනෙකා අතර තරගයක් තිබුණාය කියා. ගෝඨාභය ඉදිරියට යනකොට ඊට නොදෙවෙනිව ෆොන්සේකාත් ඉදිරියට ගිය හැටි ඔහු කියනවා. ඒ තමයි අර දිනන්න තියෙන දැඩි උවමනාව. තරගකාරී ස්වභාවය. 
ඒකත් අවශ්‍යයි. 
නමුත් අර හිරවෙලා ඉන්න මිනිස්සු බේරා ගන්නවාට වඩා ඒ බේරාගැනීම තමන් විසින් කිරීමෙන් ලබන දිනුම තමයි එතැනදී ඉස්මතු වෙන්නේ. අර චිත්‍රපටයේ සංවාදය පටන් ගන්නේ “Being a leader isn't about ability. It's about responsibility.” “නායකයෙක් වීම යනු හැකියාව පිලිබඳ දෙයක් නොවෙයි. එය වගවීම පිලිබඳ දෙයක්.” යුද්ධයේ අවසාන සටනට ඒ දෙන්නාම නැවත සම්බන්ධ වීම අහම්බයක් නොවන කර්ම විපාකයක්. ෆොන්සේකා යුද්ධය දිනනවා. ගෝඨාභය යුද්ධය අවසාන කරනවා.

ගෝඨාභයටත් දිනන්න ඕනෑකම තියෙනවා. ඔහුත් පරදින්න කැමති කෙනෙකු නොවෙයි. නමුත් වර්ෂ 2015 න් පසුව මා නිරීක්ෂණය කළ දෙයක් තමයි ඔහුගේ ඒ කෙසේ හෝ තමන් දිනන තරගකාරී ගතිය ක්‍රමයෙන් අඩුවෙලා පරිණත මිනිසෙකු බවට පත්වෙන ආකාරය. ජීවිත කාලයක් ලද මහා අත්දැකීම් සහ පතපොත කියවීමෙන් ලද දැනුම වගේම ඒ සියල්ල දෙස නිවී හැනහිල්ලේ අවලෝකනය කිරීම එයට හේතු වන්නට ඇතැයි මා සිතනවා. මිනිහෙක් වයසට යනකොට තමයි ඒ රිෆ්ලෙක්ෂන් එක කරන්න නිදහස ලැබෙන්නේ. 
ගෝඨාභය රාජපක්ෂ ජනරජයේ ජනපති වීමට වඩාත්ම සුදුස්සා කියා මා එදා කීවේත් අද කියන්නෙත් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය මතයි. මොකද කෙසේ හෝ දිනන ස්වභාවය තියෙන කෙනෙකු රාජ්‍යයක නායකයා වීම ඉතාම භයානක දෙයක්. අවස්ථාව පැමිණි විට තමා පරදින තීරණය ගන්න බැරි නම් ඔහු සැබෑ නායකයෙකු නොවෙයි. 

මොකක්ද ඒ තීරණාත්මක අවස්ථාව?

ඊනියා අරගලය මුලදී හෝ මැදදී හෝ අගදී හෝ හමුදා බලය යොදා පාලනය කළා නම් එය නොනවතින භීෂණ රැල්ලක් බවට පත් වෙනවා. එහෙනම් මේ රට දැන් අමු සොහොනක්. ඒකම තමයි ජවිපෙ/පෙසප, කාඩිනල් සහ කොටි ඩයස්පෝරාව ඇතුළු වෛරයෙන් පිරුණු සතුරාටත් ඕන වුණේ. ඒ අවබෝධය තියෙන්නේ එවැනි ව්‍යසනයක් සැබැවින්ම අත්විඳපු අයට පමණයි. 87/89 අවිචාර සමය විකසනය වූ ආකාරය ගැන ගෝඨාභය මහතා මා සමග පැය ගණන් කතා කරලා තිබෙනවා. පොහොට්ටුවේ ආවේගශීලී අපරිණත ඇතැමුන් හරි ලේසියට කියනවා “ගහන්න තිබුණා” කියා. නමුත් පරිණත මනුස්සයාට පේනවා එහි විපාකය. සැබෑ නායකයාට එතැනදී ගන්න වෙනවා ඉතාම අපහසු තීරණයක්. 
අර චිත්‍රපටයේ අභ්‍යවකාශ යානාව පදවන කැප්ටන් කියන්නේ “You've got to be ready to make the shitty call.” කියලයි. “ඉතාම අපහසු තීරණය ගැනීමට ඔබ සූදානම්ව සිටිය යුතුයි.” කියලා ඔහු කියන්නේ ඔහුගේ තරගකාරී දෙවැනියට.

ධූරයෙන් නික්ම යෑම ඉතාම shitty call එකක්. අතිශය බරපතල තීරණයක්. ඒක ඔහුගේ හැකියාව ගැන ප්‍රශ්නයක් ඇති කරනවා කියා ඔහු දන්නවා. නමුත් නායකත්වය කියන්නේ හැකියාව නොව වගවීම පිලිබඳ දෙයක් කියාත් ඔහු දන්නවා. ඒක ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික පැරදුමක්. නමුත් ගෝඨාභය දන්නවා ඒකෙන් ඔහු ආදරය කරන ඔහුගේ රටට වෙන්න යන මහා විනාශයක් ඔහු වළක්වනවා කියා. 
ඒක තමයි ඔහුගේ අර තීරණාත්මක “අවස්ථාව”. ආත්මාර්ථය වෙනුවට පරාර්ථය අවශ්‍යම කරන අවස්ථාව. තමන්ගේ තීරණය විසින් ජීවිත බේරා දෙන මිනිසුන් ඒ බව නොදැන තමාට “දුර්වලයා” කියා බනින බව දැන දැනත් ඔවුන් වෙනුවෙන්ම අපහසුම තීරණය ගන්න වෙන අවස්ථාව.

ඒක තමයි ගෝඨාභය “සැබෑ නායකයා” වුණ අවස්ථාව...

රුක්මාල් සමරකෝන් මුණු පොතට.
- උපුටා ගැනීමකි


2025-10-30

උරහිස ඉදිරිපස කටුවකින් අනිනවා ද ?.



උරහිස ඉදිරිපස කටුවකින් අනිනවා වැනි වේදනාවක් ඔබ අත්විද තිබේද?
එම වේදනාව හිරිවැටීම සමග අතදිගේ ගමන් කරනවාද?
බොහොවිට උරහිස් වේදනාව සමග අපට අසන්නට ලැබෙන පොදු රෝගය වන්නේ Frozen Shoulder හෙවත් උරහිස් සන්ධියේ කැප්සියුලය ප්‍රදාහයට පත්වීම යන තත්වයයි. උරහිස් වේදනාව සදහා ප්‍රතිකාර කිරීමට යෑමේදී ස්නායු තෙරපීමක්, බෙල්ලේ කශේරුකා අතර වෙනස්කම් වැනි නොයෙකුත් හේතු ඉදිරිපත් වෙයි. නමුත් ඔබගේ උරහිස් වේදනාවට හේතුවන එතරම් ප්‍රසිද්ධ නැති රෝග තත්වයක් ලෙස Bicipital tendinitis හැදින්විය හැකිය.
Bicipital tendinitis යනු බයිසෙප් මාංශ පේශි වල කණ්ඩරාව ප්‍රදාහය නිසා ඇතිවන වේදනාවයි. එය බොහෝ විට වසර ගණනාවක සිට ඔබ නිරතවන්නා වූ පුණරාවර්ත ක්‍රියාකාරකම් වලින් සිදුවූ කුඩා ඉරීයෑම් හෝ වෙනත් පිරිහෙන වෙනස්කම් වල ප්‍රතිපලයක් ලෙස ඇතිවිය හැකි නමුත් හදිසි තුවාලයක්/ අනතුරක් නිසාද විය හැකිය.
ඔබට එය දැනෙන්නේ කෙසේද?
ඔබ ඔබගේ උරහිස උරහිස් මට්ටමට උඩින්, පිටුපසට හෝ ඔබේ සිරුර හරහා ගෙනියන විට විට ඔබේ උරහිසේ ඉදිරිපස තියුණු වේදනාවක් ඇතිවීම.
ඔබේ උරහිසේ ඉදිරිපස ස්පර්ශ කිරීමේදී ඇති මුදු මොළොක් බව හා වේදනාව
බෙල්ල දෙසට හෝ අතෙහි ඉදිරිපසින් පහළට යොමුවූ විය හැකි වේදනාව
උරහිස් සන්ධිය වටා ඇති දුර්වලතාවය, සාමාන්‍යයෙන් වස්තූන් එසවීමේදී හෝ රැගෙන යන විට හෝ ඉහළට ළඟා වන විට අත්විඳිය හැකිය
චලනය සමඟ උරහිස ඉදිරිපස අල්ලා ගන්නවා මෙන් දැනීම.
බෝලයක් විසි කිරීමේදී,ඔබේ කමිසය ගැලවීමේදී ඔබේ පිටුපසට ළඟාවීම හෝ උඩිස් කැබිනට්ටුවක පිඟන් කෝප්ප දැමීම වැනි දෛනික ක්‍රියාකාරකම් වල දුෂ්කරතා
ඇතිවීම.
එය හඳුනා ගන්නේ කෙසේද?
ඔබ මුලින්ම ඔබේ භෞත චිකිත්සකවරයා වෙත ගිය විට, චිකිත්සකවරයා ඔබේ වෛද්‍ය ඉතිහාසය සමාලෝචනය කර, ඔබේ උරහිස් තත්ත්වය විස්තර කිරීමට ඔබෙන් ඉල්ලා සිටින අතර, ඔබේ උරහිස සහ ඉහළ කඳ පිළිබඳ සවිස්තරාත්මක ශාරීරික පරීක්ෂණයක් සිදු කරයි. ඔබේ භෞත චිකිත්සකවරයා සංවේදීතාව, චලිතය, ශක්තිය සහ නම්යතාවය වැනි විවිධ ක්‍රියාමාර්ග තක්සේරු කරනු ඇති අතර ඔබේ වේදනාවට හේතු වන ක්‍රියාකාරකම් කෙටියෙන් සිදු කිරීමට ඔබෙන් ඉල්ලා සිටිය හැකිය.
ඔබේ භෞත චිකිත්සකවරයා විසින් වේදනාකාරී බවක් පෙනෙන්නට තිබෙන ඔබගේ උරහිස මත විවිධ ප්‍රදේශ සොයාගැනීම කරනු ඇත. ඔබේ උරහිස් වේදනාවට දායක විය හැකිද යන්න තීරණය කිරීම සඳහා ඔබේ බෙල්ල සහ කොන්දේ ඉහළ පිටුපසට වන්නට ඇති අනෙකුත් ප්‍රදේශ ද පරීක්ෂා කරනු ලැබේ.
බයිසෙප් ටෙන්ඩිනයිටිස් රෝග විනිශ්චය සඳහා Xray/ එක්ස් කිරණ හෝ MRI වැනි රූපකරණ ක්‍රම සාමාන්‍යයෙන් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, ඔබේ භෞත චිකිත්සකවරයා ඔබේ උරහිසේ වෙනත් තත්වයන් ඇති බවට සැක කරන්නේ නම්, වැඩිදුර පරීක්ෂණ සඳහා ඔබව විකලාංග වෛද්‍යවරයකු වෙත යොමු කරනු ඇත.
මෙම තත්වය වළක්වා ගත හැකිද?
උරහිස් වේදනාව ඇති කරන පුනරාවර්තන පොදු කාර්ය වලින් වළකින්න. ඔබේ රැකියාව හෝ ක්‍රීඩාව සඳහා ඔබ මෙම ක්‍රියාකාරකම් කළ යුතු නම්, ඔබේ උරහිස වැඩිපුර වැඩ කිරීමෙන් වළකින්න, එය නිසි ලෙස විවේක ගැනීමට කාලය වෙන් කරන්න.
ඔබේ ඉරියව්ව පරීක්ෂා කරන්න. උරහිස, බෙල්ල සහ පිටුපසට දිගු වේලාවක් දුර්වල ඉරියව්වක රඳවාගෙන සිටින විට තුවාල වීමේ අවදානම පවතී
ඔබේ ශරීරයෙන් බර වස්තූන් එසවීම හෝ රැගෙන යාමට උරහිස භාවිතා කිරීමෙන් වළකින්න. භාණ්ඩ ශරීරයට සමීපව තබා ගන්න, හැකි සෑම විටම බර වස්තුවක් රැගෙන යාම සඳහා අත් සහ අත් දෙකම භාවිතා කරන්න.
උරහිස් සන්ධියට අදාල මාංශ පේශි ඇදීමේ ව්‍යායාම වල නිරත වන්න.
ඉහත උපදෙස් අනුගමනය කිරීමෙන් සතියකට පසු වේදනාවෙහි වෙනසක් සිදු නොවන්නේ නම් භෞත චිකිත්සකවරයකු හමුවීම යෝග්‍යවේ.
Kasun Basnayake
MSc. Physiotherapy
BSc.Physiotherapy (Hons)
Dip.Exercise and Sports SciencesPhysiotherapist (Sri Lankan Medical Council Registered)
University Hospital KDU
SLMC Reg No : 1066
day in the life


2025-10-29

පරසතු මල්




'බටහිර අහසේ රතු සිත්තම්         මැකුණාවේ
දෙනිපෙත හඬන හිරියා මල්         පිපුණාවේ
මා ආදරය දුටු බව නොම             හැඟුනාවේ
මා නැති කලෙක සිත් සුවඳක්     දැනුනාවේ'

කවිය මෙතරම් සංවේදීව හදවත තුළට දැනෙන්නට , එය ලියූ නිර්මාණ කරුවා මොනතරම් කලාකාමි රසවතෙක් විය යුතුද?.කලාව යනු රසයකි. රොණට ඇදෙන බඹරෙකු සේ කලාවට ඇදෙනුයේ එහී ඇති රසය නිසාමය.

බොනී මහත්තයා කලාවට ඇලුනේ පමණද ඉක්මවාය. කලාවෙන් ඔබ්බට ඇත්තේ මධු මීවිතයි, ඉන් පසු ස්ත්‍රියයි, එතැනිනුත් ඔබ්බට ශෘංගාරයයි. ඔමාර් කායිම් ගේ දර්ශනය බොනී මහත්තයාටද අනුගත වූවකි. 'කවිය, සිංදුව, ගැහැනුන්ගෙ තොල් පට වලට , වයින් වලට ජීවීතේ වුනත් දෙන කෙනෙක් මම' කියා වරක් බොනී මහත්තයා සිරිසේනට කීවේ එසේ අනුගත වූ නිසාය. ඔහුට එහී ඇලී ගැලී සිටින්නට හැකි වුයේ ඔහුගේ ආර්ථීක පසුබිමයි. ආර්ථීකව ඔහු සවිමත් නොවුනා නම්, ඔමාර් කායිම් ගේ දර්ශනය තුළ ඔහුට නිදහසේ, රිසිසේ හැසිරීමට නොහැක.
 
⁣පි.කේ.ඩී.සෙනවිරත්න බොනී මහත්තයාගේ වෘත්තාන්තය ලියා, තිරනාටකයකට පරිවර්තනය කර භාර දුන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ටය. බොනී මහත්තයා ලෙස්ටර්ට නොගැලපුනා නොව, එය චිත්‍රපටයකට නගන්නට කාල වේලාව සොයා ගැන්මට ඔහුට නොහැකි විය.
ගාමිණී ෆොන්සේකාව මෙය අධ්‍යක්ෂනය කිරීමට නිර්දේශ කළේ ලෙස්ටර්ය. ඩේවිඩ් ලීන්ගේ 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' වැනි දැවැන්ත චිත්‍රපටයක සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස තිබූ පලපුරුද්ද නම් ගාමිණිට චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කිරීමට හිසටත් උඩින්ය. 
මෙහි මුදල් යොදවන චිත්‍රා බාලසූරියට හා රචක පී.කේ.ඩී.සෙනවිරත්නට මෙම මැදිවියට එළඹෙන බොනී මහත්තයාගේ චරිතය කලයුතුව තිබුනේ එවකට තාරුණ්‍යය යේ පසුවන ගාමිණී ෆොන්සේකාමයයි, එක පයින් කියා සිටියහ. ආනන්ද ජයරත්නව බොනී මහත්තයාගේ චරිතයට ගාමිණී විසින් තෝරා ගත්තද,පී⁣.කේ.ඩී. හා චිත්‍රාගේ බල කිරීමට ගාමිණී බොනී මහත්තයා විය.

ඇත්තටම මේ බොනී කව්ද?. 
ගාමිණී මෙය අධ්‍යනය කරන්නට විය. ඔහුට මෙහි බොහෝ රස තැන් අසුවුනි. ඒ රසතැන් අමුතුවෙන් උද්දීපනය කරන්නට ගාමිණීට අවශ්‍ය වූයේ නැත. හේතුව, ගාමිණීගේ මුළු සිරුර පුරාම දුව ගියේ රසය නිසාය. කවිය, ගීතය, සංගීතය, චිත්‍රය, ප්‍රේමය, ආදරය පමනක් නොව ශෘංගාරය ද නොඅඩුව ගාමිණීගේ ඇඟ තුල ගබඩා වී තිබුණි. පි.කේ.ඩී. මැවූ බොනී මහත්තයා ගේ සත්‍ය ප්‍රතිරූපනය තිබුණේ ගාමිණී තුලමය. එහෙයින් ගාමිණීට තම මුල්ම අධ්‍යක්ෂනයෙදී මේ අභියෝගය ගන්නට සිදුවිය. 
ඒ බොනී මහත්තයාගේ චරිතය රඟපාමින් මෙය අධ්‍යක්ෂණය කිරීමය.

මැදිවියට එළෙඹී එන බොනී විවාහයක් නොකර, තනිකඩව විසුවේ අර ඔමාර් කායිම්ගේ දර්ශනයේ ඇලී ගැලී සිටින්නටය. හැම දිනම එම නිවස තුල සංගීත සාජ්ජයන්ය. මධු මීවිත ගලා යයි. ස්ත්‍රී පහසද නොඅඩුවේ. කොටින්ම බොනී යනු සල්ලාලයෙකි.
එහෙත් අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකාට බොනීව පෙනුනේ, මේ සල්ලාලයා ඇතුලත තවත් චරිත කීපයක්ය. ඔහු බොනී තුලින් දර්ශණවාදියෙක් දුටුවේය. සෞන්දර්යවාදියෙක් දුටුවේය. උසස් සංගීත රසවින්දකයෙක් දුටුවේය. එමෙන්ම ඉහල තලයේ කලාකාමියෙක් දුටුවේය.

 එහෙයින් බොනී සල්ලාලයෙක් වූවද අර ඉහත කී චරිතාංගයන් බොනී තුලින් ඉස්මතු වන්නට ගාමිණී ඉඩ හැරියේය. එම චරිත තැනින් තැනින් ඉස්මතු වී අර සල්ලාල බොනීව යටපත් වන්නට උත්සහ දැරීය.

පී.කේ.ඩී. සෙනවිරත්න ගේ තිරනාටකය තුලින් ගාමිණී, පි.කේ.ඩී.ට වඩා බොහෝ දේවල් දුටුවේය. බොනීගේ හදවත කොනක සැගවී තිබූ ගැඹුරු ප්‍රේමනීය වූ ආදරය, පි.කේ.ඩීට වඩා හඳුනා ගත්තේ ගාමිණීය. බොනී කමලාට පුදන්නට තැත් කළේ ඒ ආදරයයි. චිත්‍ර ශිල්පියෙකු ලවා කමලා, කලයක් උකුලේ තබාගෙන යන දර්ශනය, සිතුවම් කර ගත්තේ, අර ප්‍රේමනීය වූ ආදරය නිසාය. කමලාගේ පෙම්වතා වූ සිරිසේනව කමලාගෙන් වෙන් කරවන්නට, හැකි හැම උප්පරවැට්ටියක්ම බොනී දැම්මෙ අර ප්‍රේමනීය වූ ආදරය නිසාය. 
ඒ ආදරය මැගීට වත්, නෝනෙටවත්, අන් ස්ත්‍රියන්ටවත් තිබුණේ නැත. අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකා ට පී.කේ.ඩීගේ තිරනාටකයට එහා ගිය මිනිසුන්ගේ නහර වලට කාවදින සියුම් තැන් හසුවුනේ එලෙසය. 

"පෙම්වතුන්ගේ ලෝකය" ගාමිණී ෆොන්සේකා අතින් චිත්‍රපටයකට නැගෙන්නට ගියේ ඔය අයුරිනි. අන්සතු වන්නට තිබු තරුණියකට හිත යන මෙම කථා වස්තුවට, "පෙම්වතුන්ගේ ලෝකය" යයි පී.කේ.ඩී. නම් කෙරුවද, එහී මොකක්දෝ නොගැලපෙන බවක්, චිත්‍රා බාලසූරිය, ගාමිණී, ලයනල් අල්ගම මෙන්ම පී.කේ.ඩීටද වැටහුණි. මොවුන් මානවසිංහව සොයා ගෙන ගියේ කුමක් හෝ විසඳුමක් දෙනු ඇතැයි විශ්වාස කරමිනි. මානවසිංහට මොවුන් චිත්‍රපටයේ කථාව කීය. මේක කියවෙන්නෙ අන්සතු වෙන තරුණියක් ගැන. අපි මේකට පරසතු කියා දාමු යැයි මානවසිංහ කියනවිට ලයනල් අල්ගම 'මල්' කියා වචනයක් එකතු කළේය.
පෙම්වතුන්ගේ ලෝකය එළෙස "පරසතු මල්" බවට පරිවර්තනය විය.
 
තම බංගලාවට ගමේ සිටින රූමත් තරුණියන්ව ⁣ බොනී මහත්තයා විසින් ගෙන්වා ගන්නේ බංගලාව සුද්ධ පවිත්‍ර කර ගැන්මටය. ඉන්පසු ඔවුන්ව යහනට කැඳවා ගැනීමේ තියරිය බොනී මහත්තයා දනී. දරුවෙකු පිළිසදෙන්නට ලක්ෂණ පහලවූ පසු, ඔහුගේ ඈත වතුවල මුර කරුවන්ට, නොඑසේ නම් ඔහු යටතේ වැඩ කරන කෙනෙකුට විවාහ කරදී එයින් ගැලවීමට බොනී මහත්තයා දක්ෂය. නමුත් ඔහුට ගැලවීමක් නොමැති වූයේ නෝනෙ ගෙන්ය. නෝනේ දරු ගැබත් සමඟම බොනී මහත්තයාගේ නිවසේ බලෙන්ම බින්න බැස්සාය. එය බොනී මහත්තයාට මුලින් ප්‍රශ්නයක් වූවද, පසුව ඔහු එය තුරුම්පුවක් ලෙස පාවිච්චි කරන්නට උත්සහා කළේය. 
ඒ සිරිසේන හා කමලා වෙනුවෙනි.

නෝනෙ බොනී මහත්තයාගේ තියරියට අහුවූ කෙනෙකි. එහෙත් නෝනේ එසේ අහුවුනේ උවමනාවෙන්ම යයි සිතේ. මුලු ගමම බොනි මහත්තයා කව්දැයි දන්නා විට,එම ගමේ ජීවත්වෙන නෝනෙ නොදැන ඉන්න විදහක් නැත. තනියෙන් බොනී මහත්තයා සිටින බංගලාවට යෑම, හුඹසේ නයා ඉන්න බව දැන දැන අත දානවා වගේ වැඩක්ය. නෝනේට සැලැස්මක් තිබූ බවක් පෙනුණි. ඒ බොනී මහත්මයාගේ අතින් අනාථ වී, දරු ගැඹක් හදාගෙන එය හේතුවක් කර ගෙන එහී බින්න බැස කවදා හෝ බොනීගේ 'ඔෆීෂියල්' බිරිඳ වී මේ විශාල වූ දේපල වලට අයිතිය කීමටය. එහෙත් බොනී මහත්තයා ඊට වඩා කට්ටය. ඔහු බැලුවේ කුරුල්ලෝ දෙන්නෙක්ව එක ගලකින් විනාශ කිරීමටය.
 
බොනී මහත්තයාගේ බංගලාවේ රැජිණ වීමට නෝනේ උත්සහ කරන විට, තම බංගලාවට කමලාව ගෙනත් රැජිණක් කිරීමට බොනී මහත්තයා සිහින මවන්නට විය. නෝනෙගෙන් තම සිරුරේ රාගය පිරිමසා ගත්තද, තම හදවත සෙනෙහසින් පුරවන්නට හැක්කේ කමලාට බව බොනී ⁣දැනගෙන සිටියේය.
නෝනෙ ගැබ්බර වූ පසු එය සිදුවුයේ සිරිසේනගේ අතින් බව ඒත්තු ගන්වන්නට බොනී උත්සහ ගත්තේ එයින් බොහෝ ප්‍රශ්න විසඳෙන නිසාය. බොනී මහත්තයා තමාව කරකාරෙට නොගන්නා බව සක්සුදක්සේ දැනගත් නෝනේ, බොනීගේ දෙවනි 'ඔප්ෂන්'එකට හිත යොමු කළාය. ඒ බොනීගේ වතුවල සුපවයිසර් වරයෙකු වූ සිරිසේනව බොනී විසින් තමන්ට පැටලවීමය. ඒ 'ඔප්ෂන්' එකත් නරකම නැතැයි නෝනෙට සිතුනි. හේතුව, සිරිසේනගේ කඩවසම් තාරුන්‍යයයි. සිරිසේන කමලාගේ පෙම්වතා බව දැනගත්තද, බොනීගේ කීමට සිරිසේන යටත් වන බව නෝනේ දැන ගතී. අන්අතකට බොනී ගැසූ 'ප්ලෑන්' එකෙන් සිරිසේනට පිට පනින්නට බැරි වන බවද නෝනේට වැටහුණි.

නෝනේ ගේ දරු ගැඹ ඇතිවුනේ සිරිසේන නිසා යයි, බොනී හා නෝනෙ විසින් මුලු ගමේම පතුරුවා හරින්නට සැලැස්සීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ අපේක්ෂාවන් කීපයක් ඉටු කර ගන්නට බොනී උත්සහ ගතී. මෙය කණ වැකුණු පසු කමලා සිරිසේනව සඳහටම අත්හරින බවත්, කමලාගේ දෙමාපියන් කිසිසේත් කමලාව සිරිසේනට නොදෙන බවත් බොනී මහත්තයා සක්සුදක්සේ දැනගති.

එලෙසම එය හේතුවක් කරගෙන බොනීට කමලාව විවාහ කරගැන්මට මග පාදා ගත හැකි බවක්ද බොනී දැන ගෙන සිටියා පමණක් නොව, ඔහු කමලාගේ ගෙදරට ⁣විවාහ යෝජනාවද ඉදිරිපත් කළේය. සතාගේ තරම දන්නා කමලාගේ පියා කීවේ මගෙ කෙල්ලව කෑලි කපලා ගඟක, මුහුදක දැම්මත් බොනී මහත්තයට නම් දෙන්නේ නැති බවය.

මේ අතර, නෝනේද නොයෙක් අයුරින් සිරිසේනගේ සිත දිනා ගැන්මට හැකි හැම උත්සහයක් ගත්තද, ඒවා ව්‍යවර්ථ විය. මුළු ගමම මෙම කථාව විශ්වාස කරද , සිරිසේන අතින් මෙවැනි දෙයක් කිසිදු දිනයක සිදු නොවන බව කමලා දැඩිව විශ්වාස කිරීම,හේතුවෙන් නොනේ ගේ හා බොනීගේ 'ප්ලෑනය' බකල් වන්නට විය. නෝනෙට, බොනී මහත්තයාගේ නිවස තුලම, දරුවා ප්‍රසුත කරන්නට සිදුවිය. ඒ දරුවාගේ පියා බොනී මහත්තයා වූවද, එය 'ඔෆීෂියල්' නොවූ හෙයින් නෝනේගේ දරුවාට පියෙක් නොවිය.

'අතට වළලු මං කොහෙන්         සොයම්දෝ
පයට ගිගිරි මං කොහෙන්         සොයම් දෝ
ඉනට හවඩි මං කොහෙන්         සොයම් දෝ
දුවට මවක මිස පියෙකු             කොහින්දෝ'

කමලා එක හඬින් තම දෙමාපියන්ට සිරිසේනගේ නිර්දෝෂභාවය ⁣ඔප්පු කළද, ඇගේ දෙමාපියන් සිරිසේන නිර්දෝෂ බව පිළිගන්නට කැමති වූයේ නැත. මෙයින් සිරිසේනත්, කමලාත් වැටුනේ විශාලවූ උකතෝටික ප්‍රශ්නයකටය. එලෙසම සිරිසේනත් කමලාත් තම ජීවිතයන් විනාශ කල බොනී මහත්තයාට සාප කළෝය.
කමලාව නොලැබෙන බව දැන දැන වුවද බොනී මහත්තයා කමලාට දැඩිව ආදරය කරන්නට විය. බොනී මොන තරම් වලත්තයෙක් වූවද, ඔහු සිතනා අන්දමට මේ ඔහුගේ සිතේ පිළිසිදී තිබෙන්නේ පිරිසිදු ආදරයකි. මෙතෙක් කල් ස්ත්‍රීන් ගනනාවක් ඇසුරු කළද, කමලාට බැඳී මෙවන් වූ ආදරයක් කිසිදිනෙක ඔහුගේ සිතේ ඇතිවූයේ නැත. එහෙත් එය තමා සතු කරගැන්ම⁣ට නොහැකි වී ඇත.

පී.කේ.ඩී.සෙනවිරත්න මෙම කථාව තුළින් කියා පෑ හරය එයයි. එය අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකා මනා ලෙස අවබෝධ කරගෙන තිබුණි. ඔහු චිත්‍රපටය උච්ච අවස්ථාවට ගෙන ආවේ මෙතැන් සිටය. එතෙක් සල්ලාලයෙක්, සුරා සොඩෙක්, වී සිටි බොනී මහත්තයා, ප්‍රේමවන්තයෙක් වූයේය. චිත්‍රයට, කවියට, උසස් ගීතයට, සංගීතයට ඇළුම් කළ මේ මිනිසාගේ එකී හැඟුම් සමුද්‍රය එළියට ආයේ මේ ප්‍රේමවන්තයා හරහාය. ආදරය යනු කිම, එය නොලැබෙන විට දැනෙන වේදනාව කිම, යනු බොනී මහත්තයාට වැටහුණේ කමලාගෙන් ඔහුව ප්‍රතික්ෂ්‍යප වූ පසුවය. 
බොනී සිතුවේ තමාගේ මුදල් වලට බලයට, තත්වයට සියල්ලම ගත හැකි බවය. එහෙත් ඒ කිසිවකටත් බොනීට කමලාගේ ආදරය ලබා ගත නොහැකි විය. 

බොනී මහත්තයාගෙ හදවත ඇතුලාන්තය ප්‍රේම විප්පයෝගයෙන් ඉකිබිඳින්නට විය.
"සඳකත් පිණි දිය, දියවී ගලනා
සීතල කඳු අතරේ-හද ගොළුවී ඉකි බිඳ
ඔබ හඩනා හඩ-මා සවනේ පෑදේ
නිසංසලේ රෑ අහසේ-
නිසං"සලේ රෑ ඝන බොල් අහසේ
මිළාන වූ බොල් එළියේ-
ඔබේ නුවන් මිණිපහන් නැගී
ඇවිලේ මා දැසේ "

ඒ බොනී මහත්තයාගේ ⁣ආත්මීය රාවයයි. 
නමුත් ඔහුට නොකැළැල්ව එය ඒ අයුරින් පිටාරය කිරීමට නොහැක්කේ ඔහු කැළැල් වූ චරිතයක් හෙයින්. අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකත්, රංගන ශිල්පී
ගාමිණී ෆොන්සේකාත් මේ බොනී මහත්තයාගේ ආත්මීය රාවය මෙන්ම, කැළැල් වූ පෞරුෂත්වයත් හොද හැටි හඳුනා ගෙන තිබුණි.
 
බොනී මහත්තයා, මානසීකවත්, ශරීරිකවත් වැහැරෙන්න පටන් ගත්තෙත්, තව තවත් සුරාවට ගිජු වන්නට පටන් ගත්තේද මෙතැන් සිටය. එයින් ඔහු රෝගී විය. නෝනේ තමාට බොනී මහත්තයාගෙන් වූ අකටයුතු වලට,බොනී මහත්තයාට රිඳවන්නට පටන් ගත්තේද මෙතැන් සිටය. අවසනයේ බොනී , නෝනෙගෙන් බොන්නට වතුර ටිකක් හෝ ඉල්ලුවද ඇය එය නොදෙන තත්වයට පත්වන්නට තරම් දරුණු විය.
 
කමලාගේ දෙමාපියන් හමුවී සිරිසේනගේ නිර්දෝෂ භාවය කියා කමලා හා සිරිසේනගේ විවාහය නැවත සකස් කිරීම තමාගේ යුතුකම බව බොනී මහත්තයාට ලෙඩ ඇඳේ සිටම සිහිව්ය. ඔහු ලෙඩ පිටින්ම කමලාගේ නිවසෙට ගොස් ඒ යුතුකම ඉටු කළේය. එයින් පසු කමලා හා සිරිසේන තම දෙමාපියන් නෑදෑ හිත මිතුරන් සමඟ විවාහයට ලෑස්තිවූ අතර, බොනී මහත්තයා ලෙඩ ඇදේ තම මරණය එනතෙක් බලා සිටියේය.

නෝනේ ඔහුව අතහැර ගියාය. එය සාධාරණය. නෝනේ තම ආත්මයත්, ශරීරයත් බොනී මහත්තයා වෙනුවෙන් උගසට තිබ්බද, ඇයට අවජාතක දරුවෙක් හැරෙන්නට ඔහුගෙන් ලැබුණු දෙයක් නැත.

මැගීවද බොනී මහත්තයා විසින් අනාථ කෙරුවද පසුව ඇයව තම වත්තක වැඩ කරන මුරකරවෙකුට විවාහ කර දුන්නෙ ඉඩ කඩම් සහිතවය. මැගී කවදත් බොනීට පක්ෂපාත වී සිට්යාය. නිවසේ බොනීගේ සෙවනැල්ල මෙන් සිටි සේවක අමාරිස්ද මැගී මෙන්ය. මොන දේ සිදුවුනද, ඔවුන් දෙදෙනා, බොනී මහත්තයාගේ හදවතේ සැගවී තිබූ නොකිලිටිවූ තැන් හඳුනා ගෙන තිබුණී. ඔවුන් බොනී මහත්තයාව අත් නොහැරියේ ඒ නිසාය. රජෙක් මෙන් හිත මිතුරන් පිරිවරාගෙන සිටි බොනී මහත්තයාගේ අවසාන මොහොතේ ඔහු සමඟ සිට්යේද මැගී හා අමාරිස් පමණී.

සල්ලාලයෙකුගේ ආත්ම විවරනයක් වූවත්, මෙම කථාව තුළ බොහෝ සිනමාත්මක අහු මුලු ඇති බවක් ගාමිණී ෆොන්සේකා දුටුවේය.
'කවියට, සින්දුවට, ගැහැනුන්ගේ තොල් පට වලට, වයින් වලට මම ජීවිතය වුනත් දෙන මිනිහෙක්' කියා බොනී මහත්තයා සිරිසේනට එදා කී දෙය චිත්‍රපටයේ තේමාව විය. බැලූ බැල්මට ඒ තේමාව තුල අශ්ලීය බවක් දැනුනද, බොනී මහත්තයා යනු කලාවේ, රස, ගැඹුර හඳුනා ගත් පුද්ගලයෙක් බව ගාමිණී ෆොන්සේකාට වැටහුණී. ඔහු තම සිනමා භාෂාව මෙහෙය වූයේ ඒමංතීරුවේ සිටය. 

ලංකාවෙ බිහිවූ හොඳම චිත්‍රපට 10ට "පරසතුමල්" එකතු වූයේ ගාමිණී විසින් පී.කේ.ඩී.ගේ ⁣තිර රචනයේ බොනී මහත්තයාව හොඳ හැටි හඳුනා ගත් නිසාය.
චිත්‍රපටයට ලංකාවේ සිටි දක්ෂතම නළු නිළි කැලක් එක් විය. බොනී මහත්තයා වූ ගාමිණී ෆොන්සේකා සමඟ ටෝනී රණසිංහ සිරිසේන ලෙසින්ද, ඩී.ආර් නානායක්කාර අමාරිස් ලෙසින්ද, පුණ්‍යා හීන්දෙණිය කමලා ලෙසින්ද, අනුලා කරුණාතිලක නෝනෙ ලෙසින්ද, සිරිමති රසාදරී, මැගී ලෙසින්ද එක්විය.
ජෝ අබේවික්‍රම, ශාන්ති ලේඛා, එස්.ඒ.ජේම්ස්, නෙල්සන් කරුණාගම, විජේරත්න වරකාගොඩ, ඩී.ඒ.බාලසූරිය, ප්‍රැන්සිස් පෙරේරා, බන්ධු ගුණසේකර,චම්පා ලියනගේ, ෂෙල්ටන් පෙරේරා, සෙසු චරිත රඟපෑහ.
සුමිත්ත අමරසිංහ අද්විතීය ලෙස කැමරාව හැසිරීය. ටයිටස් තොටවත්ත සංස්කාරක වරයාය. ලයනල් අල්ගමගේ සංගීතයට, මහගම සේකර ලියූ ගීත ගැයුවේ ඩබ්.ඩී.අමරදේව,හා සුජාතා අත්තනායකය.
 
1967 වසරේ සරසවිය සම්මාන උළේලදී, පී.කේ.ඩී සෙනවිරත්න හොඳම තිරනාටකය ලෙස ද, ගාමිණී ෆොන්සේකා හොඳම නළුවා ලෙසද 'පරසතු මල්' වෙනුවෙන් සම්මාන ලැබීය. මතකයේ හැටියට පරවනු මල් වල සුවඳ අතීතේ" ගීතය ගැයූ සුජාතා අත්තනායක එම උළෙලදී හොඳම ගායිකාව වූවාය.

'පරසතු මල්' චිත්‍රා බාලසූරියගේ නිශ්පාදනයකි. එය තිරගත කිරීම ආරම්භ කළේ 1966 සැප්තැම්බර් 26 වන දිනයේදීය.














-ශෝන් මැක්ස්මස් දිසානායක
-A day in the life

2025-10-28

මනසින් පරාජය නොවන්න.



එක්තරා දාර්ශනිකයෙකුට..රජු විසින් පළමු මට්ටමේ තනතුරක් ලබා දීම ගැන පුද්ගලයෙක් කනස්සලු වූ වේ ය.
එම තනතුර ඔහුට වඩා තමන්ට සුදුසු බව සිතුවේ ය.....,
රජු හෙළා දුටු ඔහු තමා ඔහුටත් වඩා ඒ සඳහා සුදුසුකම් ඇති බව රජුට කියා සිටියේය...
රජු තමා පත් කල දාර්ශනිකයාට වඩා ඔහු දක්ෂ බව ඔප්පු කිරීමට ක්‍රමයක් ඉල්ලා සිටියේය, එවිට ඔහුට එම පදවිය පිරිනැමිය හැකි බව කිව්වේ ය..
,"මම ඔහුට වස දෙන්නමි, ඔහු මට වස දෙයි.., තමාට ප්‍රතිකාර කරගන්නා දෙදෙනාගෙන් අයෙකු එම පදවියේ හිමිකරු වනු ඇත."

දාර්ශනිකයා එයට එකඟ විය..,
රජු දින හතළිහකින් සටන සඳහා දිනයක් නියම කළේය.
දාර්ශනිකයා ශක්තිමත් මිනිසුන් තිදෙනෙකු ගෙනැවිත් අනෙක් පුද්ගලයා ඉදිරියේ සෑම දිනකම භාජනවලට වතුර වත් කර ඒවා තලා දමන ලෙස නියෝග කළේය!
නිර්දේශ කළ දින, දාර්ශනිකයා තම ප්‍රතිවාදියා දුන් විෂ පානය කලේ ය. ඔහු කහ පැහැයට හැරී උණ වැළඳුණි. කෙසේ වෙතත්, ඔහු පැයක් ඇතුළත සුවය ලැබීය!
පසුව දාර්ශනිකයා තම ප්‍රතිවාදියාට වස බෝතලය ලබා දුන්නේය, එය මිනිසුන් දින හතළිහක් ඔහු ඉදිරියේ ගණන් කරමින් සිටියේය .
එය පානය කළ විට, ඔහු මිය ගියේය!
එවිට දාර්ශනිකයා රජුට මෙසේ පැවසීය.
"මම ඔහුට බොන්න දුන්නේ නැවුම් වතුර පමණයි,
මම ඔබ ඉදිරියේ එයින් පානය කර පෙන්වන්නම්...!
මගේ රජතුමනි, මම ඔහුව මැරුවේ නැහැ.
ඔහුව මැරුවේ ඔහුගේ මායාව සහ බියයි!"

ගැසල් මුවෙකුගේ වේගය පැයට කිලෝමීටර 90 ක් වන අතර, සිංහයෙකුගේ වේගය පැයට කිලෝමීටර 58 කි, නමුත් ගැසල් සිංහයන්ට ගොදුරු වේ!
බිය හැර වෙන කිසිවක් මෙහි නැත...
සිංහයන්ට බියෙන් වෙළුනු ගැසල් පැටවුන් පමණක් ගොදුරු වෙයි..
මිනිස් ලෝකයේ එය බොහෝ සෙයින් සමාන ය.
පරාජයන් ආරම්භ වන්නේ ඇතුළතින් වන අතර ජයග්‍රහණයද එසේමය!
කෙටියෙන් කිවහොත් කාරණය
ඇතුළත පරාජයට පත් වූ තැනැත්තාට කුමන හේතු තිබුණත් කිසි විටෙකත් ජයග්‍රහණය කළ නොහැක.
ඇතුළතින් ජයග්‍රහණය කරන තැනැත්තා සැබවින්ම ජයග්‍රහණය කරනු ඇත,
එයට කොපමණ කාලයක් ගත වුවත්...
A day in the life

2025-10-27

සාදරයෙන් පිලිගනිමි. - හැත්තෑ අට.




මටත් අදට අවුරුදු හැත්තෑ හතක් පිරෙනවා.

හෙට ඉදන් හැත්තෑ අටයි. කියන්න වෙනවා.

ඉදහිට ජීවිතය මීදුමේ දිය කර අරින්න පුලුවන් නම් හොදයි.

ඒත් කොටලා කොටලා ආපහු බලපුවම පල කරන්න හිතෙන්නේ නෑ. මේ වල් පල් කාටවත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද  කියලා හිතෙනවා. අන්තිමට වෙන්නේ වමාරපු මතක පිටුවේම  Delete  යතුර ඔබන එක.

එතකොට ලස්සනයි.

ලස්සන ජීවිත කතාන්දරයක් ලියවෙලා තියෙන්නේ.

හිස් පිටුවක් කොහොම පලකරන්නද ?. 

ඉතින් කවරදාවකවත් කියවන්නත් පලකරන්නත් නොලැබෙන 

මේ කතාව 

අද නැවත කියවන්නේ නැතිව පලකරනවා  කියලා හිත හදාගත්තා.

මේ ලියවිල්ල 2014. 09 මාසේ 08 වෙනිදා ත් පලකරලා තියෙනවා.

ඒකත් එක්ක පොඩ්ඩක් පොඩ්ඩක් අලුත් අනම් මනම් ටිකක් එකතු වෙයි.

කාලය තව ටිකක් .................ගෙවිලා නේ.

පසුගිය දවසක මහ රූ වෙනකම් සීතලේ ගැහි ගැහී ....

සහෝදර සමාගමත් එක්ක ජීවිතය ගැන විවරණයක් වුනා.

මධු විත ගෙවෙන්න ගෙවෙන්න එක එක්කෙනා ගැන විවෘත මනසින් විවේචනය වෙනවා. 

අපි අතර ඉන්න සාමාජිකයෙක් එක එක්කෙනා

විචාරණයට ලක්වෙන අතර මෙහෙම කියනවා.

මීට අවුරුදු හැටකට විතර ඉස්සෙල්ලා අපේ තාත්තා කිව්ව " ලොකු එකා සෙල්ලක්කාරයා " කියලා.

එහෙම තීරණය කරලා ලොකු එකා වගකීම් වලින් නිදහස් කරලා.

ලොකු එකා ආයාලේ හැදිලා පැලපදියම් වුනා. 

එහෙමයි මට හිතුනේ.

සියල්ල අත්හරින්න  පුලුවන් මනසක්  ලොකු එකාට ඇතිවුනා.

ඒකත් පිනක්.


ජීවිතය කියන්නේ අමුතු දෙයක්.

බුදුහාමුදුරැවෝ කියලා තියෙනවා කර්මය අනුව සියල්ල සිද්ධ වෙනවා කියලා.

අපිත් වැරදුනාම විතරක් කියනවා " කරුමේ තමයි " කියලා.

හරි ගියාම මොන කරුමයක් වත් මතක් වෙන්නේ නැහැ.

මම ජොතිශය සම්බන්ධ පොත් පත් කියවලා තියෙනවා. ඒවයෙත් ජීවිතය එක එක කාලවකවානුවට බෙදලා තියෙනවා. 

සරු කල් නිසරු කල් ජීවිතයට උදාවෙනවා. 

ඒවා කළමනාකරනය කරගෙන අපි ජීවත් වෙනවා. වලක්වන්න බැරි දේවල් වලට මුහුණ පාන්න වෙනවා.

උපේක්ෂාවෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ජීවිතය මේ මැදින් ගලා යනවා. 

ඒක එක එක්කෙනා විග්‍රහ කරන විදිය වෙනස්.

මම ඒ වට කම්පා වුනේ නැහැ.

" අත් හැරීමත් නොවෙ ද ?. ප්‍රේමය නෙමෙයි  අත්හැරීමත් සැනසීමට හේතු වෙනවා.


මා ලග රිදියෙන් හදාපු කන් හැද්දක් තියෙනවා.

ඒක විතරයි මට උරුම ,මගේ පන්ගුව.

ඒ හින්දා කන් හැන්දක් තරම් වත් මට ලැබුනේ නෑ කියලා මට කියන්න බැහැ.


සංස්කරණය නොකරන්න හිතා ගත්ත මේ ලියවිල්ල පිස්සු මරගාතයක් වේවි.

එත් එහෙමම පලකරනවා.

ලයනල් මහත්තයා...... 

පිය බිරිද මා අමතන හැටියි. 

එතකොට මම සීරුවෙන්. 

මට මේ ඇමතීම ටිකක් අමුතුයි. කාලයක් යන විට මේ ඇමතීමට මම පුරුදු වුනා. 

අවුරුදු හතලිස් අටක් විතර අහන මේ  ඇමතීම රාජකාරී ස්වරූපයක ,රිද්මයක් තිබුනත් ඒ හඩට මම ආදරෙයි. 

එහෙම සටහන් නොකර තිබුනොත් මේ ලියවිල්ල දැකපු දා ඉදන් මට වෙන නවාතැනක් හොයා ගන්න සිද්ධ වෙනවා.

ඈ ගුරුවරියක්.

 අවුරුදු තිහක් වගේ කාලයක් එකම පාසලේ .  

ලමයි ආවා ගියා. 

ඒ ලමයින්ගේ දූ දරුවොත් පාසලට ආවා ගියා. 

ඒ දරුවන්ගේ දූ දරුවෝ එක දෙක වසර පන්තිවලට එනකනුත් ස්කොලේ හාමිනේ පරම්පරා තුනකට සමාජ අධ්‍යයනය සහ ඉතිහාසය පරිසරය කියන විෂයයන් උගන්වමින් ඉදලා විශ්‍රාම යන්න පස් වසරක් තියෙද්දී අධ්‍යාපන පරිපාලනයට එකතු වුනා.

මේ තිස් වසර  තිස්සේ වෙනස් නොවුනේ ස්කෝලේ හාමිනේ  විතරයි. අවුරුද්දෙන් අවුරුද්ද ලමයි ගුරුවරු .

විදුහල්පතිවරු , 

පාසල් ගොඩනැගිලි , පාසලේ  පරිසරය පාසල් වත්තේ ගහ කොල වෙනස් වුනා.  

දෙමව්පියෝ දරුවෝ කලින් කලට හිටි විදුහල්පතිවරු , ගුරුවරු ඈ හට කොයිතරම් කැමතිද අකමැතිද කියන එක කිසිම විරෝධයක් නැතිව දශක තුනක් එකම පාසලේ සිටිය නිසා මැන ගන්න පුළුවන්.

ඈ පන්ති කාමරේට ගියේ “ ආයුබෝවන්"   කියලා ලමයින්ට අත් දෙක එකතු කරලා ආශිර්වාද කරගෙන . 

“ගන්න බලන්න පොත් ටික“  පලමු විධාණය. 

දෙවනි ප්‍රශ්ණය “අපි ඊයේ නතර කලේ...................... ?.“  

පංතියට ප්‍රශ්නයක්. 

ඒ ටික අවුරුදු තිහක් තිස්සේ හැමදාමත් මේ වාක්‍ය පේලි දෙක තුන පන්ති කාමර වලට  අහන්න  සිද්ධවුනා. 

දශක තුනක් තිස්සේ  ඈ ඇසුරු කල සිසු දරුවෝ අදත් වැඩිහිටියන්වෙලා.  ඈ හමුවු  විට මතක අවදි කරන්නේ ,  සිහිපත් කරන්නේ  “ඊයේ අපි නතර කලේ........... “ ටීචර් කියාගෙන.

එක දවසක කට කාර සිසුවෙක් - 

අපි ඊයේ නතර කලේ...................... ?

කියන ප්‍රශ්නයට දීලා තිබුන උත්තරේ

“ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා“ ................ කියලයි . 

“ ඔව්, "ඊට පස්සේ විජයානන්ද දහනායක මහත්තයා අගමැති වුනා"

කියලා ඈ සිසුවාගෙන් ෂේප් වෙලා.එතැන් සිට පාඩම පටන් ගත්තා කියලා ගෙදර ඇවිත් වමාරන්නේ බොහොම සැහැල්ලළුවෙන්  සහ විනෝදයෙන්.

ගෙදර ජීවිතය නම්  හරි කරදරයක්.

අවුරුද්දටම ගන්න නිවාඩු ගාන වසර තිහක් තිස්සේ දහයට පහතයි

මම මෙවට උදව් උනාද නැද්ද කියන එකත් තීරණය කරන්න ඔබටම බාරයි.

මම උදව් උනා නම් අපේ  එකම දරුවා බලා ගෙන තමයි උදව් වුනේ.


ඈ ගෙදර ඇවිදින් කලෙත් උගන්නන එක. 

ගෙදර පංතියේ එකම සිසුවා මම. 

මට තාමත් ඈ උගන්නනවා. මම තාමත් ඉගණ ගන්නවා. “ ලයනල් මහත්තයා ........ “ කී පමණනින් මම උත්තර දෙන්න ඕනී. 

නැත්නම් ඒ කටත් සද්දේ දානවා. 

මම “ඉන්නවා .............. . කියලා උත්තර දෙන්න මුලින්ම පුරුදු වුනේ ඔලොක්කුවට. 

ඒත් දැන් ඒක පුරුද්දක් සාමාන්‍ය දෙයක් වෙලා. 

ටීචර් නම් අඩ ගහනවා - පංති කාමරෙන් ඇහෙන්නේ "ඉන්නවා " හඩ විතරයි.

ජීවිතයේ හොදයයි සම්මත පුරුදු සියල්ලම  මට පුහුණු  කලේ ටීචර්. 

ඇගේ හොදම ශිෂ්‍යායා මම කියලා ඈ හිතනවා ඇති.

දැන් අපේ පංතියේ මුණුපුරාලා දෙන්නත්  එක්ක හය දෙනයි. 

අපි හය දෙනාගේම ටීචර් වෙලා ඈ  සතුටු වෙනවා.


අදට මේ ලියවිල්ල නතර කරනවා. 


නැත්නම් වෙන්නේ හැත්තෑ අට පිලිගන්න බැරිවෙන එක.

ආරවුලක් ඇතිවුනොත් ...................

A day in the life

2025-10-26

නස්රුදීන් - පංගු පේරුව

අපි පිරිසක් එක්ක වැඩකට බැස්සම අනිත් එක්කෙනා කරනකම් බලා ඉන්නවා.

එයා කලොත් තමයි මම කරන්නේ කියලා කල් අරිනවා.

එයාට හොදනම් මට මොකද කියලා හිතනවා.

ඔය සිස්ටම් එක අද විතරක් නෙමෙයි.

පුරානේ ඉදන්ම පැවත එන ජණ්ම ගතියක්.

අරයා කරන කොට අද කුද දකිනවා.

තමන් කරන කොට ඒ දේම එලෙසම කරනවා.

ඇද පලුදු දකින්නේ නැහැ.

දවසක් නස්රුදීන් යාලුවෙක් එක්ක දුර ගමනක් යනවා.

 යන අතරමග අවන්හලක් දැකලා මොනවා හරි බීලා යමු කියලා එතනට ගොඩ වෙනවා.

බැලුවහම ඇහැ කඩාහැලෙන ,  විසිතුරු අවහන් හල ඇතුලත් පිලිවෙලයි . තරු හතයි.

වට පිට බලලා හුලං වදින ආලෝකමත් කෙළවරක මේසෙක දෙන්නා අසුන් ගන්නවා.

වේටර් සියුමැලියක් ඇවිත් මෙනු කාඩ්පතක් දික්කරනවා.

කටට කෙල උනන ආහාර ලේඛනයේ එක් එක් ආහාර මිළ ගනන් සදහන් වෙලා.

නස්රුදීන් මෙනුව කියවනවා.

කටට උනන කෙළ හිදිලා නස්රුදීන්ගේ ඉහ මොළ රත්වෙනවා.

සාක්කුව අත ගලා බලපුවහම තියෙන්නේ එක කිරි වීදුරුවක් ගන්න සල්ලි විතරයි. 

යාලුවා අතේ සල්ලි ඇත්තෙම නෑ.

දෙන්නෙක් ඉන්නවා.

එක කිරි වීදුරුවට.

අන්තිමේ ඔවුන් දෙන්නා තීරණය කරනවා එක කිරි වීදුරුවක් අරගෙන  බෙදා ගෙන බොන්න. 

නස්රුදින් කිරි වීදුරුවක්  අර ගත්තා.

යාලුවා කියනවා ‘‘තමුසෙ බොනව ඉස්සෙල්ල තමුසෙගෙ බාගෙ.’’ 

නස්රුදීන් කියනවා " නෑ නෑ ඔයා මුලින්ම ඔයාගේ බාගේ බොන්න " කියලා.

දැන් වාදයක්..

නසුරුදීන් අහනවා  " ඇයි ඔයා එහෙම කියන්නේ " කියලා.

එතකොට යාලුවා කියනවා

‘‘ මං ගාව සීනි ටිකක් තියෙනව.

ඒත් ඒක එක් කෙනකුට විතරයි සෑහෙන්නෙ. 

මං මගෙ බාගෙට ඒක එකතු කරල බොනව.’’

කියලා.

නස්රුදීන් කියනවා " ඉතින් දැන් දානවා. මං බොන්නේ මගේ බාගේ විතරයි කියලා 

‘‘එක නං බෑ. 

ඒ සීනි ටික  ප්‍රමාණවත් වන්නෙ කිරී වීදුරුවෙන් බාගයක් රහ කරන්න විතරයි.’’ 

යාළුවා කියනවා.

නස්රුදීන්ට මතක් වෙනවා. තමන් මුදල් ගෙවලා ගත්ත කිරි එක නේ  කියලා.

මම මූට හොද පාඩමක් උගන්නන් කියලා හිතාගෙන කිසි කතාවක් නැතුව නස්රුදින් නැඟිටල ගියා. 

ඔහු කෙළින් ම ගියේ සියුමැලි වේටර් යුවතිය හොයා ගෙන.   

මොනවාදෝ කතා කරල ආපහු ආවා. 

ඒ ආවේ ලුණු ටිකක්  අරගෙන.

‘‘හොඳ ආරංචියක් මිත්‍රයා’’ 

යළිත් සිය අසුනේ වාඩිවෙමින් නස්රුදින් කිව්වා. 

‘තමුසෙ යෝජනා කරපු විදියට මං ඉස්සෙල්ලා බොන්න කැමති වෙනව.
හැබැයි මං ඒක බොන්නෙ ලුණුත් එක්ක.’’













One day in the life

2025-10-25

ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ




ජනතාව අකමැති කිසිම දෙයක් කරන්නේ නෑ 
- එක තමයි ලොකුම බොරුව....
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇතුලේ වැඩ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද ?
ආහ්, ඒක තමයි බහුතර කැමැත්ත.
මේ බහුතර කැමැත්ත කියන්නේ ආසන්නව 51% යි. 
අනිත් 49% ය අකමැති උනත් ඒ වැඩේ කරන්න පුළුවන්.
2/3 ක බලයක් කියන්නේ ආසන්නව 65% ක් වගේ. 
ඒ ප්‍රමාණයක් ජනතාවගේ කැමැත්ත තියෙනවා නම් මුළු රටම උනත් වෙනස් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සිට වෙනස් කරන්න පුළුවන්.
ජනමත විචාරණයක් තිබුනොත් ජනතාවගේ සෘජු ඡන්දයෙන් 51% ක් ගත්තොත් ඒකත් ගොඩ.
ඒ කියන්නේ මේ සෑම අවස්ථාවකදීම අකමැති ජනතාවක් ඉන්න පුළුවන්. හැමෝම එකඟ වෙන දේවල් පවතින්නේ නැති තරම්.
දැන් මේක මනින්නේ කොහොමද ?
ඒකට තමයි ඡන්ද තියෙන්නේ.

ස්විස්ටර්ලන්තයේ වගේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන රටවල නම් වාර්ෂිකව පැවැත්වෙන ඡන්ද වලින් විවිධ ප්‍රතිපත්ති වලට ජනතාවගේම කැමැත්ත අහනවා. 
ඇමෙරිකාවේ උනත් හැම අවුරුද්දේම නොවැම්බරයේදී ඡන්දයක් තියන්න පුළුවන්.
 
අපේ රටේ ඕක කෙරෙන්න ඡන්ද ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා ඡන්ද වලින්.
ජනමත විචාරණයක් තිබිලා තියෙන්නේ එක පාරයි. 
ඒ ජේ ආර් ගේ කාලේ.
කොච්චර ඡන්දයක් උනත් වෙනත් කෙනෙකුගේ මානව හිමිකමක් උල්ලංඝනය වෙන අන පනත් හදන්න රජයකට බෑ. විශේෂයෙන් සුළු ජාතීන්ගේ අයිතීන් මහ ජනතාවගේ බහුතර බලයෙන් ආරක්ෂා වෙන්නේ එහෙම.
ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සැකැස්ම.

දැන් විධායකයයි, 2/3 කුයි තියෙන ආණ්ඩුව කියනවා නම් ජනතාවගේ කැමැත්ත නැති කිසිම දෙයක් කරන්නේනෑ කියලා, ඒ අය මේ කැමැත්ත මැන්නේ කොහොමද ? ඒක මනින්න නම් ඡන්දයක් ඕනේ. ඒ ඡන්දය තියලා අවශ්‍ය බලය අරගෙන්ත් ඉවරයි.
දැන් මේ එන පොඩි පොඩි ප්‍රතිරෝධ වලට මුහුණ දෙන කොට ඒ අණ පනත් අකුල ගන්න හදන්නේ ඇයි? 
කොහොමත් විරුද්ධ පිරිසක් ඉන්නවා. 
ඒක 49% ක් වෙන්නත් පුළුවන්. ඒත් කරන්න පුළුවන්.
එහෙනම් නොකර ඉන්නේ?
එක්කෝ බොරු කියන ස්ට්‍රැටජිය දිගටම ක්‍රියාත්මක කරනවා. දැන් බොරු කියලා පස්සේ කරනවා. 
විශේෂයෙන් එළැඹෙන පළාත් සභා ඡන්දයට පස්සේ.
නැත්නම් ජනප්‍රියවාදීන් හෙවත් populist culture එකේ දේශපාලකයෝ පොඩි ජන ප්‍රතිරෝධයටත් බයයි. 
අර තමන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන අය නැති වෙනවට බයයි. 
මේ අයට කවදාවත් ප්‍රතිසංස්කරණ කරන්න ලැබෙන්නේ නෑ. 
මොකද ප්‍රතිරෝධයක් දරන්න බෑ.
රට තියෙන්නේ ඓතිහාසික මංසන්ධියක. 
අභ්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කල යුතු මංසන්ධියක. ඒකට තිබෙන සුබ මොහොත උදා වෙලා පහුවෙමින් යනවා. 
නැකැත පහු වෙලා පහන දල්වලා වැඩක් නෑ. 
අසුභයි.
 
ඉතිං අවසානයේ මම නිතර කියපු කතාවක් මතක් වෙනවා.
' ඔබ කිසිවක් වෙනස් කරන තුරු කිසිවක් වෙනස් නොවේ '
Meaningful change එකක් මේ රටට අවශ්‍යයි. 
Populist culture එකෙන් මිදිලා ඒ වෙනස් කම් කරන්න ඔබට ධෛර්යය තිබිය යුතුයි.
Great Transformation එක කරන්න පුළුවන් වෙන්නේ එතකොට. 
නැතිනම් කුණු බක්කියේ ඉඩ තියෙනවා.














පැතුම් කර්නර්
A day in the life

2025-10-24

නස්රුදීන් - ඉරට වඩා හද ප්‍රයෝජනවත්.


මුල්ලා නස්රුදීන් ගේ කතා බොහොමයක් උපහාසයට බරයි.

පුංචි කතාවක් ඇතුලේ ලොකු කතාවක් කියනවා.

බොරුවකට එහා ගිය තර්කාණුකුල සත්‍යය ඒ කතාතුල තියෙනවා.

අපේ රටේ වර්තමානයට ගලපා ගන්න පුලුවන් වන තේමා එමටයි.

දවසක් ගම් මැද්දේ තම බූරු වාහනෙන් ඇවිද ගෙන යන නස්රුදීන්ට  හිතෙනවා තේ එකක් බොන්න.

වට පිට බලමින් යන කොට තේ කඩයක් දකිනවා.

තේ කඩ ගම්වැසියෝ පාලු කපන තැන්නේ.

වාඩි වෙලා ප්‍රිය සල්ලාපයේ යෙදෙන අය , දාම් අතක් ඇදලා සතුටු වෙන අය 

තේ කඩේ පිරිලා.

නස්රුදීන්ට සෙනග දැක්කම සතුටුයි. සතුට වැඩිකමට වාඩි වෙන්න ආසනයක් හොයන ගමන් කාටත් ඇහෙන්න

" ඉරට වඩා හද අපට ප්‍රයෝජනවත් නේ " කියලා කිව්වා

නස්රුදීන්ට ඕන උනේ වෙහෙස නිමා ගන්නත් එක්ක පුංචි සංවාදයක් ඇති කර ගන්න.

අපිත් ඔය මොනවත් මාතෘකාවක් නැතිව ඉන්න කොට හාගන්න මාතෘකා වේදිකාවේ පණ්ඩිතයෝ වගේ දිගාරලා දාන්නේ ?.

දැන් එක එක්කෙනා කසු කුසුව.

එතන හිටපු ඉහ නිකට පැහුණු වයසක පොරක් 

ඇයි ? . මුල්ලා එහෙම කියන්නේ  .

නස්රුදීන්ටම ප්‍රශ්නේ හරවා යොමු කලා.

“ඇයි ?.  ඉතින් අපට දවාලට වඩා රෑටනේ එළිය ඕනෑ කරන්නේ” කියලා නස්රුදීන් පිළිතුරු දුන්නා.

ඇත්ත නේන්නම් රෑට නේ කරුවල .....කවුරුත් හිතන්න පටන් ගත්තා.


******අපිත් ඉර එළිය යට කාලයක් ගත කරලා හදපාන යට ජීවත් වෙන්න පටන් ගත්ත ජාතියක් නේ.

A day in the life