නස්රුදීන් සුල්තාන්වරයාගේ සේවකයෙක්ව හිටි කාලේ ,සුල්තාන්වරයා තීරණය කලා “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතුයි කියලා.
හරියට අවරුදු හැත්තෑ හයක් තිස්සේ රට විනාශ කලායයි ස්ලෝගන් එකක් හදලා නීති අන පනත් හරියට තිතටම අවුරුදු හැත්තෑ හයක් තිස්සේ රට විනාශ කරපු පාර්ශවයට ක්‍රියාත්මක කරනවා වගේ.
ක්‍රියාත්මක කරන පාර්ශවය පුංචි පුංචි විනාශ කරාට ගනන් ගන්න දෙයක් නැහැ.
කතාව වැරදි පාරක යනවා.
අපි සුල්තාන්වරයාගෙයි නස්රුදීන් ගෙයි කතාවට හැරෙමු.
සුල්තාන්වරයාගේ සංකල්පය අනුව හිතුවා බොරු කියන අයටත් මරණ දඩුවම පමුනුවන්න ඕන කියලා.
නස්රුදීන් මේ මතයට එකග වුනේ නැහැ. .
එහෙම වුනොත් බොරුවෙන්ම ජීවත් වෙන නසුරූදීන්ට කලින්ම පරලොව යන්න වෙනවනේ.
අපේ රටේ නම්..........එකෙක් ඉතිරි වෙන්නේ නෑ.
නගරයත් පිටත ජනාවාසත් මායිම් වෙලා තිබුනේ ගගකින්. නගරයට ඇතුල්වෙන කඩවත පාලමක් පිහිටලා තිබුනා. මේ පාළමෙන් විතරයි නගරයට ඇතුල් වෙන්න පුලුවන් වුනේ.
සුල්තාන්වරයා පාලමෙන් එගොඩ නගරයට ඇතුල් වෙන තැන එල්ලුම් ගහක් ස්ථාපනය කලා.
කාර්ය මණ්ඩලයකුත් කාර්යාලයකුත් පිහිටෙව්වා.
අල්ලස් දූෂණ කොමිසම ,CID , FCID වගේ තියෙන ආයතන වලට වගේ බලතල දුන්නා.
ඔන්න දැන් වැඩේ ක්‍රියාත්මකයි.
දැන් නගරයට ඇතුල්වන පිටවන හැමදෙනාගෙන්ම ප්‍රශ්න කරනවා.
බොරු කියනවද ? නැද්ද ?කියලා.
හොද වෙලාවට සුල්තාන්වරයාට පක්ෂපාත උදවිය ගැන දන්නා කාර්ය මණ්ඩලය ඒ අය ෂේප් කරලා ඇරියා.
අනිත් අයට වුනේ මේ උගුලට මූණ දෙන්න.
කවුරු හරි බොරුවක් කිව්වොත් , අනන්‍යතාව සැඟවුවහොත් ඔහුට හෝ ඇයට හිමි වුණේ මරණ දඬුවම.
නස්රුදීන් මේ තීරණයට විරුද්ධ වුණ බව මුලින්ම කිව්වනේ.
විරුද්ධ වෙලා නිකම්ම හිටියේ නෑ. මේ තීරණය ආපහු අකුලා ගන්න මොකක් හෝ උප්පරවැට්ටියක් යොදන්න ඕනි කියලා දහ අතේ කල්පනා කලා.
අපෙත් ඔය සමරිසි වගේ පනත් හෝල්ඩ් වෙන්නේ.
නසුරුදීන් හිතුවේ වරදේ පරිමාණයට අනුව දඬුවම් නියම කළ යුතු බවයි. නීතිය හැම වරදකටම සමානව දඩුවම් නියම නොකළ යුතු බවයි.
වැරදි සහමුලින් ඉවත් කළ නොහැකි බවත් පාලනය කිරීම පමණක් කළ හැකි බව නස්රුදීන්ගේ මතය වුනා.
මිනිසුන් යහපත් වීම, “සියලු දෙනාගේ යහපත උදෙසා තම ඇතැම් හැසිරීම් පාලනය හා වෙනස් කර ගැනීමේ වැදගත්කම” ගැන ඔවුන්ගේ ආකල්පමය වර්ධනයකින් හා සදාචාරාත්මක සංස්කෘතියක් ජනිත කරගෙන පවත්වා ගැනීමෙන් පමණක් කළ හැකි බව, නීතිය – ආගම- අධ්‍යාපනය ආදිය ඊට මග පෙන්වීම පමණක් සිදු කළ යුතු බව නස්රුදීන් හිතුවා..
තවද ඥානවන්ත ගුරුවරුන්ගේ මග පෙන්වීමෙන්, භාවනාව ආදී යම් ක්‍රියාපිළිවෙත් අනුගමනයෙන්, තම අන්තර්ඥානය අවධි කර ගැනීමෙන් සත්‍යය දකින මිනිසා ස්වභාවයෙන්ම යහපත් තත්වයට ලඟා වන බවත්, එසේ නොමැතිව යහපත මිනිසුන් මත බලෙන් පැටවීම කළ නොහැකි බව නස්රුදීන් පැවසුවා
.
සුල්තාන්වරයා සමුප්‍රදායික නායකයෙක්.
නායකයෝ නායකත්වය සමගම උද්දච්චකම අහංකාරකම ආරෝපනය කර ගන්නා අයනේ.
සුල්තාන් වරයා නස්රුදීන්ගේ උපදෙසට සවන් දුන්නේ නැහැ.
තම තීරණය ක්‍රියාත්මක කළා.
දිනක් නස්රුදීන් නගරයෙන් පිටතට ගියා.
හොද වෙලාවට සුල්තාන්වරයාගේ කාර්ය මණ්ඩලයට නස්රුදීන් අවධානයට ලක්වුනේ නැහැ.
එහෙත් ආපසු එනවිට නම් බේරුමක් නැති වුනා.
එල්ලුම් ගස අසල දී සුල්තාන්වරයාගේ කාර්ය මණ්ඩලය ඔහුගෙන් ප්‍රශ්න කළා.
කොහෙද තමුන් යන්නේ?
“මම එල්ලුම් ගහට යනවා.”
නස්රුදීන් උත්තර දුන්නා..
“ඒක බොරුවක්.”
“එහෙනම් මාව එල්ලපල්ලා.”
“එත් තමුන්ව එල්ලුවොත් ඒ කියපු එක ඇත්තක් වෙනවා.”
මේ සංවාදය නිරාකරණය කර ගන්න අන්තිමට සුල්තාන්වරයා ලගටම යන්න සිද්ධවුනා.
නස්රුදීන් කරුණු කාරනා ඉදිරිපත් කරමින් සුල්තාන්වරයාට මෙහෙම කිව්වා.
“ ඇත්ත හා බොරුව කියන දෙකේ ස්වභාවය දැන් ටිකක් වැටහෙනවා නේ ? කියලා.
සුල්තාන්වරයා නිතීය රිවස් කර ගත්තා.
කාර්ය මණ්ඩලය ආපසු කැදෙව්වා.
කාර්යාලය වසා දැම්මා.
ඒත් ජනතා මුදල් අපතේ හැරියා කියලා චෝදනාවක් .....
0 ප්‍රතිචාර:
Post a Comment