අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Sunday, October 05, 2025

10/05/2025 10:00:00 pm


අද වප් පුර පසොලොස්වක පෝය.

ලංසි අවුරුද්ද ගෙවෙන්න තියෙන්නේ තව මාස දෙකයි

 - නැත්නම් පෝය දෙකයි.

 ලංසි අවුරුද්ද කියලා කලක් භාවිතා උනේ ක්‍රිස්තු වර්ෂ වලට .

කලින් අප භාවිතා කලේ බුද්ධ වර්ෂ.

ඔන්න සිස්ටම් චේන්ජ් එකක්.


මහින්දාගමනයෙන් පසු ලක්දිව උපාසක උපාසිකවෝ පෝය දිනයන්හි මෙලොව පරලොව සැප පිණිස විවිධ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදුනා. 

කාය වාග් සංයමය හා චිත්ත පාරිශුද්ධිය උදෙසා අටසිල්, දසසිල් සමාදන් වූනා. 

සද්ධාතිස්ස රජතුමා එක් දිනෙක මුළු රැයක්ම බණ අසන පිරිස් අතර සිටගෙනම බණ ඇසූ බවත්, වසභ, උපතිස්ස, දාඨෝපතිස්ස, ධාතුසේන වැනි අපේ රජ දරුවෝ ද පෝය දිනයන්හි අටසිල් සමාදන්ව  ආගමික කටයුතු වල යෙදුනු බවත්, වංශ කථාවන්ගෙන් හෙළිවේ.පෝදින වර්තමාන පාලකයොත් එහෙම ආගමික වත්පිලිවෙත් ප්‍රදර්ශණය කල කාලයක් තිබුනා.

දැන් දැන් ආගම අබිං වන තැනට යමින් තියෙනවා කියලා මීදුම හිතනවා.

පෝය කතාව නොගැලපෙන තැනකට යමින් තියෙනවා. 


අපි වප් පෝය ගැන කතා කරමු.

වප් පුර පසළොස්වක පෝය දිනය ද එම මාසය ද කරුණු කීපයක් නිසාම සුවිශේෂ කොට සැලකනවා.


බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩමවීම, 


එක් වස් සමයක බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි සත් වන මාතෘ දිව්‍ය පුත‍්‍රයා ප්‍රමුඛ දෙව්, බමුණට අභිධර්මය දේශනා කරමින් වැඩහුන් සේක. 

ඒ වස් අවසානයේ මහා වස් පවාරණයට සත් දවසක් පමණ තිබියදී සැවැත් නුවර වැසියෝ මුගලන් මහතෙරුන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට කවර දවසක මිනිස් ලොවට වඩින්නේ දැයි විමසූහ. 

එවිට මුගලන් මහතෙරුන් වහන්සේ  දෙව්ලොව වැඩම කර බුදුන් වෙත එළඹ ”මුළු දඹදිව වැසියෝ තුන් මසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දකිනු රිසිව අද දකින්නෙමු හෙට දකින්නෙමු” යි සිත සිතා ම`ග බල බලා සිටිතියි දන්වා මිනිස් ලොව වඩින්නේ කවර දවසකදැයි විචාළහ. 

එවිට බුදුරජාණන් වහන්සේ මෙයින් සත් දවසක් ගිය තැන වප් මස මැදි පෝය දින සංකස්ස පුරයට වඩින බව දන්වා වදාළ සේක. 

 මුගලන් මහතෙරුන් වහන්සේ පෙරළා මිනිස් ලොවට වැඩම කොට මෙයින් සත් දවසක් ගිය තැන බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වඩින බැවින් සියලූ දෙනාට එහි රැස්වන ලෙස දැන්වූහ.

මෙසේ සත් වන වස් අවසානයේ දිව්‍ය පෙරහැරින් මිනිස් ලොව වැඩියේ වප් මස පුර පසළොස්වක පෝය දිනයකදීය. 


මතු බුදුවන මෛත්‍ර  බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලැබූයේ ද වප් පුන් පොහෝ දිනයකය.


වස්සානය අවසානයේ මහාපවාරණ දිනය යෙදීම,


පෙරවස් සමාදන් වී තුන්මස ගතවීමෙන් පසු මහාපවාරණය යෙදෙන්නේ ද වප් මස පුර පසළොස්වක දිනයටය. ”අනුජානමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට දඹදිව මධ්‍ය දේශයට ධාරානිපාත වර්ෂාව පවතින ඇසළ, නිකිණි, බිනර, වප් යන සතර මාසය වස් කාලය ලෙස එක් තැනක වාසය කරමින් ප්‍රතිපත්ති පිරීමේ වැදගත්කම පිළිබඳව අනුදැන වදාළ සේක.

එතැන් සිට එම සිරිිත   අදත් පවත්වාගෙන එයි.


වස් සමාදන්වන සිල්වත් භික්ෂූන් වහන්සේ සිහි කල්පනාවෙන් යුතුව (සතිකරණයෙන්) වස්සාන පටිපදාවන් පුරමින් කාලය ගත කරති. දෙමාපියන් රෝගාතුර වීම, මහා සංඝරත්නයේ කැඳවීම, අසාධ්‍ය භික්ෂූන් වහන්සේ නමකගේ කැඳවීම වැනි අතිශය වැදගත් කරුණකදී ”හත් වෙනි දින අරුණ නැගෙන්නට පෙර ජීවිතයට අනතුරක් නොවුනි නම් පැමිණෙන බව දන්වා ආරාමයෙන් බැහැරට යා හැකි වුව ද හයවන දින රාත‍්‍රියෙහි හෝ ආපසු පැමිණිය යුතුය. එතරම්ම දැඩිව පිළිවෙත් රැකීම වස් වසන භික්ෂූන් වහන්සේගෙන් අපේක්ෂා කෙරිණ.

වස්සානය නිසි ලෙස සමාදන්ව පිළිපැදි භික්ෂූන් වහන්සේ නමකට පමණක් කඨින චීවරයක් පිළිගත හැකිය.


පාර්ල්‍යෙිය නුවර සිට භික්ෂූන් වහන්සේලා තිස් නමක් සැවැත්නුවර වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේ දකිනු රිසිව ධාරානිපාත මහ වැස්සේම තෙමී තෙමී පාගමනින් සැවැත්නුවර ජේතවන විහාරයට වැඩම කළහ. වැඩම කළ එම භික්ෂූන් වහන්සේ හා පිළිසඳර කථාවේදී උන්වහන්සේලා සාකේත නුවරදී වස් සමාදන් වී වස් පවාරණය කොට එන අතරමගදී වැස්සට හසුවී තෙමී තෙත බරිතව පැමිණි බව දැන, වෙනත් සිවුරක් ද නොමැති බැවින් තෙත බරිතව සිටින්නට සිදුවූ අයුරු දැක කඨිනාස්තරණාය අනු දැන වදාළ සේක. 

එතැන් පටන් කඨින චීවර පූජාව උතුම් පූජාවක් කොට සලකා ලොකු කුඩා තරුණ මහළු හැම දෙනාම මහත ශ්‍රද්ධාවෙන් ් එයට සහභාගි වෙති. 

වප් අවපෑලවියේ සිට ඉල් පසළොස්වක දක්වා කඨින චීවර පූජා පින්කම් පැවැත්වීම සිරිතය. 


ධර්මාශෝක රජු වෙත පණිවිඩ යවා  ශ්‍රී මහාබෝධි ශාඛාවක් වැඩමවා ගැනීමට කටයුතු සංවිධානය කිරීම, 


ලක්දිවට  ශ්‍රී  මහාබෝධීන් වහන්සේ හා භික්ෂුණින් වහන්සේ මෙරටට වැඩමවා ගැනීම සඳහා මහින්ද මහතෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි දඹදිව ධර්මාශෝක රජු වෙත අරිට්ඨ කුමරු අත සංදේශයක් යවා කටයුතු සංවිධානය කර එහි ගමනාරම්භය සිදුවූයේ ද වප් මස මැදි පෝය දිනයකදීය. 

එසේම මහින්ද මහතෙරුන් වහන්සේගේ අනුදැනුම ඇතිව අරිට්ඨ තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් විනය පිටකය සංගායනා කරවීම ද වප් පෝය දිනකදී සිදුවී ඇත.


A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: