අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-10-08

10/08/2025 10:00:00 pm

අන්දරේ මියගියේ නැත

ඔහුගේ භෞතික ශරීරය අප අතරින් වෙන්ව  ගියත් , තවමත් ජීවතුන් අතර සිටිමින් අපි අතීතයටත් වර්තමානයටත් කැදවා ගෙන එන්න 
ඔහුගේ බුද්ධිය සමත්ය.
ඔහුගේ චින්තනය සමත්ය. 
ඔහුගේ උපහාස අපහාස සදාකාලික වටිනාකමක් ඇත.
අන්දරෙගේ අවධානයට ලක්වු හේතු කාරනා අදත් සිදුවන්නේය. අනාගතයේද සිදුවනු ඇත.

රූපං ජීරති මච‍්චානං නාමගොත‍්තං න ජීරති,
රාගො උප‍්පථොති වුච‍්චති ලොභො ධම‍්මානං පරිපන්‍ථො
වයො රත‍්තින්‍දිවක‍්ඛයො ඉත්‍ථිමලං බ්‍රහ‍්මචරියස‍්ස එත්‍ථායං සජ‍්ජතෙ පජා,
තපො ච බ්‍රහ‍්මචරියඤ‍්ච තං සිනානමනොදකං.
සත්ත්වයන්ගේ රූපය දිරයි. නාමගොත්‍රය නො දිරයි. 
රාගය නොමග ය යි කියනු ලැබේ. 
ලෝභය දහමුන්ට උවදුර ය. 
වයස රෑදෙවෙහි ගෙවේ. 
 බඹසරට කිලුට ය. 
මේ සත්ත්වසමූහයා මෙහි ඇලේ, 
 ද බඹසර ද (යන) එය දිය රහිත නමැයි.
නජීරතී සූත්‍රයේ සදහන්ය . 

මෙහි පලමුවන පාඨය පමනක් අන්දරේ ගේ ජීවිතයේ පැවත්මට ආදේශ කර බලමු.
ඉතින් අන්දරේ මිය ගිය බවක් අපට හැගෙන්නේ නැහැ නේද ?.
මින් ශත වර්ෂ තුනකටත් එහා ජීවත්වු අන්දරේ ගැන අදද සිහිපත් කරන්නේය.

වයස්ගත වනතුරුම  රජුගේ හා රජ ගෙදර ඇත්තන්ගේ මුවට සිනා නංවමින් සිය රාජකාරිය අකුරටම ඉටු කර. 
කවටයෙකු, කවියෙකු හා අදිකාරම්වරයෙකු ලෙස අන්දරේ වාසළේ සිය භුමිකාව ඉටු කර ඇත.
සිය ජීවිතයේ අවසන් ගමන් උපන් ගමෙහිම යන්නට සිතූ අන්දරේ සෙංකඩගල රාජධානියෙන් සමුගෙන රුහුණට එන්නට පිටත් වූයේ සහයට පිරිසක් ද සමගිනි.

උණ රෝගයෙන් ද දුබලව සිටි අන්දරේ හම්බන්තොටට නුදුරු උඩමළල වැව් ඉස්මස්තේ දී පිපාසිතව දෝලාවෙන් බැස්සේය.
එම අවස්ථාව වන විට ඔහු බොහෝ විඩාපත්ව සිටියේය. 
එහෙත් තම සිතැගි කවි කර නොගයා සිටීමට එය හේතුවක් නොවීය.

රිදී කළේ රන් කොතලේ බීපු         මට
නිකම් කළේ පැන් නැතිවිය         පිපාසෙට
කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි ඇති     මෙමට
කෙසේ පසුවෙම්ද පළුවීර ගස්         යට


උඩමළල වැව ඉස්මත්තේදී සිය අවසන් මොහොත පැමිණ ඇති බව දැනගත් අන්දරේ දෑත් දෙපය දෙපසට විහිදුවා සැහැල්ලුවෙන් දිගාවිය.
එය ඔහුගේ අවසන් නින්ද විය.
ඔහු මිය ගිය ශෝක ජනක පුවත ඇසූ රජු වහා අන්දරේ මිය ගොස් සිටි ස්ථානයට පැමිණියේය.
රජතුමන් ඔහු වැතිර සිටි ඉරියව්ව දැක “ මළත් අපව හිනස්සන ඉරියව්වක් “ යැයි පැවසූ බව ජනවහරේ එයි.




A day in the life

0 ප්‍රතිචාර: