රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

2026-08-18

විසදුමක් නැහැ .





මළ ගෙදරක ගෙවුන සතියක්.

අද පෙර මෙන් අවමගුල්  කටයුතු සදහා කාලය ගන්නවා අඩුයි.

කොරෝනා අපට ලබා දුන් ආදර්ශයක් කියලයි හිතෙන්නේ…

සිරිත් විරිත් සිදු කලත් අවසන් ගෞරව දැක්වීමට තියා ගන්නා කාලය දවසක් දෙකක් වෙලා.

පැය හතලිස් අටක් .

සංනිවේදනය දියුණුයි . පැයක් දෙකක් ගත වෙන කොට දැන ගත යුතු ඥාති හිතමිත්‍රාදීන් ප්‍රවෘත්තිය දැනගන්නවා. දුර බැහැර අද ප්‍රශ්නයක් නෙමෙයි.

ගමන් බිමන් පහසුව තියෙනවා.

ඒ නිසා සියල්ලන්ට සහභාගීවීම දුෂ්කර නැහැ.

තාමත් බැහැර නොවු සිරිත් වුනත් නැත්තෙම නැහැ.

සරල කෑම වේලක් වෙනුවට බරපතල මෙනුවකින් යන එන අයට සංග්‍රහ නොකොලොත් මදි කමක්.

නිවසියන්ට භාරධුර කටයුත්තක්.

සමහරක් අවස්ථාවල ඥාතී හිතමිත්‍රාදීන් , අසල්වාසීන් බරපැන දරාගෙන මේ කටයුත්තට උර දෙනවා.

ආදාහණාගාර පිහිටුවා තිබීමත් තවත් පහසුවක් වෙලා.

මේ අනම් මනම් කියන්න නෙමෙයි හිතුවේ.

ඒත් කියවුනා කියමුකෝ.

මරණය පිලිබදව සංනිවේදන සිද්ධීන් තුනක අත්දැකීම් මට තියෙනවා.

මේවා විශ්මය සහගතයි. 

විශ්වාශ කරන්න අපහසු අත්භූත සිදුවීම්.

ගෙවුන සතියේ සිදුවුන සිද්ධියෙන් පටන් ගන්නම්කෝ.

දැන් මළ ගෙදර අවසන් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන වෙලාව.

ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවන අවස්ථාව.

පළමු ස්වාමීන් වහන්සේත් කැටුව නිවසට පා තැබුවා විතරයි.

නිවස ඉදිරිපිට තිබුන මහ දෙල් වෘක්ෂයක්.

ඒකේ වට අඩියක විතර විශාල අත්තක් මහත් ශබ්දයක් දෙමින් පිරිස මැදට කඩා වැටෙනවා.

කළබලවු පිරිස ඒ වටා රොක් වෙනවා.

කිසිවෙකුටත් අණතුරක් නැහැ.

වායු ගොලයේ කිසිදු කැළඹීමක් නැහැ නිශ්චලයි.


තවත් දිනක තිස්සමහාරාමයේ ඥාතිවරියකගේ මළ ගෙදරක සහභාගි වෙනවා.

දැන්  ආගමික කටයුතු අවසන් වෙලා . දෙන නිවසින් එළියට ගන්නවා.

නිවස ඉස්සරහ ලස්සනට වවලා තිබුන අඹ ගහක් .

ගහ වටේට බැම්මක් බැදලා මිදුලට ආභරණයක් වගේ .

ඒ දවස් අඹ වාරේ ගහ පිරෙන්න අඹ.

මෙන්න චර බර සද්දෙත් එක්ක විශාල අඹ අත්තක් සෙනග මැදට කඩා වැටෙනවා.

අඹත් පිරිලා…

කාටවත් අණතුරක් නැහැ.

එදත් පුංචි හුළගක්වත් තිබුනේ නැහැ.

නිසල පරිසරයේ ඇහුනේ අඹ අත්ත කඩා වැටුන සද්දේ විතරයි.


මේ අත්දැකීම වෙනස්….

අම්මා හෘදාබාදයක් සමග සටන් කරමින් ජයවර්ධණපුර රෝහලේ.

මම අම්මා ලග සිට පැමින නැවතත් අම්මා බලන්න යන්න බොරලැස්ගමුව නංගීගේ නිවසේ.

මමත් නංගිගේ පුතත් විතරක් එවෙලේ හිටියේ.

අනික් අය බැහැර ගිහින්.

මම වාඩිවෙලා ඉදලා නැගිටලා ආලින්දයට එන අදහසින්.

විදුලියක් වැදුනා වගේ කම්පනයකුත් සමග මගේ ඇස් අදුරු වෙලා නැවතත් පුටුව උඩට.

පුතා ඇවිත් අත දෙක අල්ලා ගෙන මොකද වුනේ කියලා බලනවා.

එවලේම ලැබුන දුර කතන පණිවිඩය පුතාට කියලා තියෙන්නේ.

ආතම්මා මිය ගිය බව.


මේවා අහුඹු සිදුවීම් ද ?

මම තාමත් කල්පනා කරනවා.

විසදුමක් නැහැ.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-08-09

අපේ ආදරේ ඉරුණු තැන්



ලිහිනු ගැලවුනු නූල් තදකොට

තබන ලෙස  පෙර එළිය දුන්

මසාගන්නට සොයමු ඉදිකටු

අපේ ආදරේ ඉරුණු තැන්


වැළදු කල නිති මහරු මැදුරක

මිහිරි රසවුළු බොජුන්

වෙනස සොයනට පිළුනු අහරක

රසය නුඹ පැතුවේද කියන්


තරුද සදමඩලද එළිය ලැබු

හිරුට තතු සගවා හොරෙන්

හැකිද පෙම් බදිනට දිවාකල

පිපුණු වන මලකට ඉතින් 


-පී.ජී ආරියපාල



A day in the life
 ජීවිතයෙන් දවසක් .

2026-07-21

පීරිසි කෝප්පයක් - සංඝාඥාවක්


පසුගිය සති අන්තය තනිවු දියණියක නැසීගිය තම ස්වාමි පුත්‍රයා වෙනුවෙන් ඉටු කරන ලද බණ සහ දානමය පුණ්‍යනුමෝදනාවකට මැදිව ගෙවීගියේ පහන් සිතකිනි.

එක අතකින් හතරපේරුවේ ඥාති මිත්‍රාදීන්ගේ එකතුවක්.

සම්භාෂාණයක්.

මතුලක් තුලාවක් දානයක්  අවසන කැඩී බිදී ගිය පීරිසියක් කෝප්පයක් නොතිබුනොත් එය අඩුපාඩුවක්.

අද කතාව එවැනි පීරිසියක් සහිත කෝප්පයක් ගැන.

වර්තමානයේ වැඩිවුන ජනගහණයත් එක්ක පන්සල් ප්‍රමාණයත් වැඩිවෙලා.

එක ගමකට පන්සල් දෙක තුනක්. !.

දායකයින්ට මේ හැම පන්සලක් එක්කම සම්බන්ධකම් තියාගන්න ඕනි.

නැත්නම් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ සිත් සතුටු වෙන්නේ නැහැ.

රජරට පැත්තේ පන්සල්වලට ගොදුරු බිම් තියෙනවා කියලා මම අහගත්තේ දවසක පිදුරංගල විහාරයේ නවාතැන් ගත් දිනක පුංචි හාමුදුරුකෙනෙක් එක්ක කල කතා බහකදී.

ඒ අනුව නම් අපේ පැත්තේ  පන්සල් කිහිපයක ගොදුරු බිම වෙලා තියෙන්නේ එක ගමක්.

දායකයින්ටත් බොහෝම සීරුමාරුවෙන් තමයි පින් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ.

නැත්නම් එක් එක් පන්සල් දායකයින් මට අඩුවෙන් සැලකුවා කියලා තක්සේරු කරනවා. හිත් අමනාප කම් ඇති කරගන්නවා.

මේ දියණිය එක් පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේට ආරධනා කරනවා මම අහවල් දවසේ දානයක් දෙනවා. කලින් දා බණක් අසාගන්නත් ඕන කියලා.

හාමුදුරුවෝ අහනවා කී නමකට ආරධනා කරන්න ඕන ද ? 

බලාපොරොත්තුවු ස්වාමීන් වහන්සේලා ගාන දැණුම් දෙනවා.

ඇගේ ආරධනාව පිලිගන්න හාමුදුරුවෝ අනෙක් පන්සල්වල ස්වාමීන් වහන්සේලාට ආරධනා කරමින් ,දානමය කටයුතු සංවිධාණය කරනවා.

ආරාධිත දියණිය වෙනුවෙන්.

එයයි සම්ප්‍රදාය….. පන්සලක් පන්සලක් ගානේ ගොස් ආරධනා කරන්න ඕන නැහැ.

දියණිය දානෙට සමීප දිනක යලිත් පන්සලට ගිහින් ප්‍රවාහණ පහසුකම් සපයන්න උපදෙස් ගන්නවා .ඒ අනුව දානේ දවසේ එක් එක් පන්සලට ස්වාමීන් වහන්සේලා වඩම්මා ගෙන ඒමට වාහන පිටත් කරනවා.

එක පන්සලකට ගිය වාහනේ හිස්ව එනවා.

බිදුන පීරිසි කෝප්පේ එතන…..?

ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මේ වගේ කතාවක් කියනවා.

හාමුදුරුවන්ගේ “ අණ ගුණ සහ බණ “ කියන ග්‍රණ්ථයේ 29 වෙනි කතාවේ.

ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානෙකට ආරාධනා කරනවා.

ආරධනාව බාර ගන්නවා.

සියළු කටයුතු සුදානම් කරලා යාන වාහනත් පන්සලට යවුවට පස්සේ හාමුදුරුවේ කියනවා දානෙට වඩින්න බැහැ කියලා. 

හේතුව වෙනත් පන්සලක් ලග තියෙන ඉඩමක් පිලිබදව එම පන්සලේ හාමුදුරුවන් සමග දායක මහත්තයාත් සමග තියෙන ආරවුලක් !

එතනත් බිදුන පීරිසි කෝප්පයක් - සංඝාඥාවක් පනවලා.





A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-07

අදත් ජුලි හතයි.





මේ දවස් වල කතා බහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ගේ කැරළි ගැසීම .

මරණ සංඛ්‍යාව විසි පහක්. රැදවියන් දහඅටක් සහ නිිලයන් හතක්.

හේතු භුත වුන කරුණු කාරනා දන්නේ නැතිව ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

බණ්ධනාගාර තුල ඇති ඉඩ කඩත් , බණ්ධනාගාර තුල සිටින රැදවියන් ප්‍රාමනයත් ගැන හිතුවොත් 

රැදවියනුත් පාලක නිලයනුත් ඉන්නේ මහත් අසහනකින් කියලා මට හිිතෙනවා.

මේ අසහනකාරීත්වය දෙගොල්ලන්ගෙන්ම පිපිරිලා යන එක පුදුමයක් නෙමෙයි.

අපේ දේශපාලකයින්ට පැතුරුන විෂයය බුද්ධියක් නැහැ.

ඇමති කියලා වෙන් කරලා විෂයය බාරදුන්නත් දීර්ඝකාලීන දැක්මක් නැහැ.

හොදම උදාහරණය වර්තමාන ඇමති තුමා තොරතුරු අධ්‍යයනය කරන්නේ සමාජ මාධ්‍ය තුලින් යයි පැවසීම.

ඒක සීනී බොම්බයි මොටයි උත්තරයක් !.

ජූලි හත 

මට තියෙනවා අතීත සැමරුමක්.

1978 මීට අවුරුදු හතලිස් අටකට ඉස්සර ගිය චාරිකාවක්.

වැලිකඩ නේවාසිකාගාරයේ නවාතැන් ගත් රාත්‍රීන් සමග.

ගොඩාක් අවුරුදු වල ජුලි හත්වෙනිදාට “මීදුම ‘ට ලියන පුරාජේරුවක මේ චාරිකාව ගැන ලියනවා.

ඒවා නැති තොරතුරු ටිකක් මේ සටහනේ තියෙයි කියලා මම හිතනවා.

මේ සිද්ධිය වෙන කොට මට අවුරුදු තිහයි.

මගේ කේන්දරේ කියවපු ජොතීස වරයෙක් මට කියනවා.

මහත්තයා මේ වකවානුවේ බොහෝම අපලයි.

දින කිහිපයක් රොහල් ගතවෙලා ඉන්න සිද්ධ වෙනවා. නැත්නම් හිරේ යන්නවත් සිද්ධ වෙනවා කියලා.

ඉහෙන් බහින්න ලෙඩක් මට තිබුනේ නෑ..

හිරේ යන්න හේතු සාධක වෙන ජීවන රටාවක් මට තිබුනෙත් නෑ.

මට නිතර නිතර හිරිහැර කරපු එවකට තිබූ මිල පාලන නීතී වලින් මම හිරේ යන්න තරම් පීඩනයක් තිබුනේ නැහැ.

ජනතා කමිටු  එහෙම බලවත්ව තිබූ යුගයක නිතර නිතර දේශපාලන උවදුරු වලට අපේ පවුල ඉලක්කවුන යුගයක්.

අධිකරණයට දඩයක් ගෙවීමෙන් වගේ ඒ නඩු නිරාකරණය වන නිසා බයකුත් තිබුනේ නැහැ.

එතුමා කියපු අපල ජීවිතයට සිදුවෙමින් තිබුනත් ඒවාට මුහුණ දෙනවා හැරෙන්න වෙන විකල්පයක් එකල තිබුනේ නැහැ.

ජොතීෂවරයාගේ අදහස වුයේ මේ අවුරුද්දෙන් පසුව උදාවන ඉදිරි අවුරුදු දහය ජීවිතයට සහනදායි කාලයක් බවයි.

අතීතය වමාරන ගමන් මේ ටික මතක් වුනේ.

ඔන්න එතුමාගේ මතය.

මේ සටහන කියවන්නකෝ චාරිකාව ගැන තොරතුරු දැන ගන්න.

https://miduma.blogspot.com/2025/07/blog-post_7.html


චාරිකාව එසේ නිමවුනා.

රත්නපුර බන්ධනාගාර සිරමැදිරියේ මානසික වේදනා සහිතව ගෙවුනත් එදින ගත කරන්න සිදුවුනේ මහාධිකරණයෙන් මරණ දඩුවම නියමවු සිරකරුවෙක් සමග.

ඔහුගේ වේදනාව තේරුම් ගන්න එදා මම බොළද වැඩිවුනා.

නැත්නම් ඒකත් අත්දැකීම් ගොන්නට එකතු වෙන සිද්ධියක්.

හොදම හරිය බොරැල්ල හිරගෙදර 180ක් හිටපු හොල් එකක සාමාජිකයෙක්. ශාරීරික අවශ්‍යතා ඉටුකරගැනීමේ සිට ලැබුනේ දඩුවම්.

රාත්‍රීන් දෙකකින් නැවත රත්නපුරයටත් එතනින් අධිකරණයටත් ඇප ලැබීමෙන් ගෙදරටත් ආව මම රෝහල් / බණ්ධනාගාර අපලය නිමකලා.

පසු කාලයක මට තිබු අධිකරණ කටයුත්තෙන් “ නිදොස් කර “ නිදහස් වුනා











A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-06

අග මුල නැති වැල්



රෑ එළිවෙනකම් වැස්ස. අද නම් පොඩ්ඩක් පායල.
හුණ්ඩුවක් විතර රාමුවක කොටුවෙලා ඉන්නකොට
වැස්සකින් පස්සෙ එළියට බහින්නවත් හිතෙන්නෑ.
මිදුලෙ හැමතැනම වතුර තාම.

මහගෙදර ඉන්නකාලෙ නම් රෑට වහිනව
කියන්නෙ උදේට මගුල්. පහුවදා ඉස්කෝලෙ නිවාඩු
නම් රජ මගුල්.
උදේට අතුපතු ගාල ,මුණ කට
සෝදල,ටිකක් ජල ක්‍රීඩා කරන්න පුළුවන් එදාට තමයි.
අපේ ගෙදරට හැරෙනකොටම කෙනෙක්
දකින්නෙ ,කළුගල් වලින් හදපු පාලමක්.ගෙදර පඩිපෙළ
පාමුලින් පටන්ගන්න ක්‍රෝටන් වැටිය ,එක පැත්තකින්
පාලම ගාවින් නතරවෙලා ආයෙත් ,පාලම පටන්ගන්න
තැන ඉඳල දෙපැත්තට බෙදිල යනව .
හොරගොල්ලෙ මිසි නැන්ද ගෙ ඉඩම ගාවට යනකම්ම රතු, කහ ,කොළ
මෙරුන් පාට ක්‍රෝටන් පඳුරු ගාණට කප්පාදු කළාම ;
අද කාලෙ තාප්පවලට වැඩිය පෙනුමයි. වම්පැත්තෙ
ක්‍රෝටන් වැටිය ගලපල්ලෙහේන ගෙදරට යන ගුරුපාර
ළඟින් නවතිනව.

නිල්පාට වතුර කන්දරාවක් අරගෙන ,බොහොම
නැළවිල්ලෙ ගලාගෙන යන ඇළ , අපි හැමෝගෙම රජ
දහන වගේ.මහ වැස්සකින් පස්සෙ ,ඇලට බහින තැන දිගට
දිගේ සිනිඳු වැලි කන්දක් හැදිල . නිල්පාට හීන්වැල්ලක්
හැමතැනම විසිරිලා .හරි සිනිඳුයි.

“ වතුර වැඩි ඇති...හොඳද?
පරෙස්සමෙන් බහින්නෙ .
චූටි පුතේ ,ඇහුනද?”
අම්ම ගෙ කටහඬ මැන්ගුස් ගහ පැත්තෙන් . එයා ඒ පැත්ත
අතුගානව.කූඩැල්ලන්ට බයේ ,මං ඒ ටික අතුගාන්න යන්නෙ
නෑ . ලොකු මල්ලියි ,මායි ,චුටිමල්ලිත් එක්ක ඇලට ගිහිං
ඇලේ නටන බව අම්ම දන්නව. ජෑම් බෝතල් දෙකක් අරගෙන
ඒ දෙන්නගෙ ආසාව තමයි ඇලට බැහැල මාළු අල්ලන එක.
ගල්පාඬි තමා වැඩිපුරම ඉන්නෙ. සාරිගප්පි ,බුලත් හපයො
එහෙමත් ඉන්නව .
රෙදි හෝදන ගල ත් තරමක් යටවෙලා .ඒ
තරමටවතුර වැඩියි.ඒත් වතුරෙම ගල උඩ වාඩිවෙලා කකුල් දෙක
වතුරට දාපු ගමන් ඉවරයි.ගල්පාඩි රොත්තක් ඇවිත් යටිපතුල්
කනව.
“ අම්මෝ !! මුන් එක්ක නම් බෑ .”
“ බහින්න ,වතුරට .” ලොකූ , මාළුවෙක් බෝතලේට
දාගන්න දඟලන ගමන් කෑගහනව. ගප්පින්ගෙ රතු,නිල් වරල්
හරි ලස්සණයි.හරියට සරුංගල් අහසෙ පාවෙනකොට වගේ .
ඇලට බැහැල අත්දෙක ගොටුවක් වගේ එකතුකලාම පොඩි
මාළු පැටව් අහුරක් අතට එනවා.
ඇලට බහින තැන දිග පොල් කොටේ උඩින් කකුල
තියාගන , ඇලට බහින දෙපැත්තෙ වැස්සට එකතුවුණු
නිල්පාට මිනිරන් වැල්ලෙන් කකුලෙ නියපොතු මදිනව මං .
මාළු therapy එකෙන් පස්සෙ scrub කරන්නෙ එහෙමයි.
ඒ කාලෙ අද වගේ නෙවෙයි.foot care solutions ගම්බද දරුවන්ට
සොබාදහමෙන්ම ලැබුණ. දත් මැද්දෙ අඟුරු කෑල්ලක්
ගලේ අතුල්ලල .

කළුපාට උකු දියරයෙන් අපූරුවට දත් සුදු උණා. අද signal charcoal
හරි colgate charcoal toothpaste හරි ගන්න සල්ලි ඕනෙ කළාට
එදා ලිපේ අළු අස්කරනකොට අඟුරු වෙනම තියල තියෙන නිසා ;
ගියා...ගත්ත ...ආව. මොනතරම් සරලද? වෙනදට ඇළ ඉවුර දිගේත්
සිනිඳු ,නිල්පාට මිනිරන් වැලි තියෙනව. වතුර වැඩිනිසා ඒව යටවෙලා .

ගොඩපර ගෙඩි දෙකක් ඇලේ ඉහළ ඉඳල ගහගෙන එනව.
ගමේ කට්ටිය කොණ්ඩෙට සාත්තුකරන්න මේ ගෙඩි තම්බල ,දෙහි
උළුහාල් එක්ක ඔළුවෙ ගානව. ඒව අමුවෙන් හරි ලොකුයි. ඉවුර
දෙපැත්තෙ යායට වැවිල .ඇලේ හැංගිලා වගේ ඉන්න පුළුවන් ,
ගෙදරට නොපෙනි,ඇළ දිගේ උඩහට ගියාම.. . ගොඩපර පඳුරු නිසා.
හැම ගහකම ,සුදුපාට ලොකු මල් පිපෙනව, සුවඳේ බෑ.පෙති පහයි. මැ
ද බට්ටෙකුයි ,රේණුයි තියෙනව.ඉර එළියට දිස්නෙ දිදී ,හුළං තාලෙට
නැළවෙනව .ගිරව් ඇවිත් රන්ඩුවෙවී මද කන්නෙ.

මං පොඩ්ඩක් ඇළ දිගේ ඉහළට ගියා .වතුර පාර සැරයි.
යන්න ටිකක් අමාරුයි.බට පඳුරු දෙපැත්තෙන්ම ඇළට නැවිල .ආරුක්කු
වගේ .හොරගොල්ලෙ ගේ ගාව වෙරළු ගහේ ගෙඩි වකාරෙට.ඉදුණු ගෙඩි
ඔඩොක්කුවක් දිය රෙද්දෙ ඔතාගෙන දඟයො දෙන්නටත් දුන්න.

එයාල මාළු දාපු බෝතල් දෙක ගල් උඩින් තියල ,ලොකු කතාවක් .
“ නානවද දුවේ ...”
නෑකමක් නැති උණාට අපි කියන්නෙ එයාට මිසි නැන්ද කියල .
එයා පාලම උඩ අපි දිහා බලාගෙන .
“ ආ ! ඔව් නැන්දෙ .”
“ පුතාල මාළු අල්ලලද ඔය”
“ ඔව්.මේ සෙල්ලමට.
“ ඔව්.මේ සෙල්ලමට.ආපහු ඇලට දානව.”
“ ඒක මිසක්. පව් වැඩ ...”
“මාත් සමුපෙට යන ගමන් .ගිහිං එන්නං.”
“ එහෙමද ? හා ..හා . හොඳයි.”
අපේ දෙන්නට පොඩ්ඩක් තරහ ගිහිං .
“ උන්දැටත් ඕනෙනැති කෙහෙම්මලක් නෑ .”

අපි වෙරළු කකා ,තරඟෙට බෝල ගල් අහුලනව.වතුර වැඩි උණාට
පාළමෙන් පහළට වතුර ගලන්නෙ පොඩ්ඩක් හෙමිහිට .අඩුවෙන්. ඇලේ
පාලම යට ඉඳල එහාට යනකොට ,අල ගෙඩි වගේ රවුම් ,ගල් හරියට .
මට වඩා හොඳ ,රවුම් ගල් ලොකූ අහුලලා තිබුණ . අපි ඒව මිදුලෙ
ෆාර්ම්ස් ගස් වටේ තියනව.

“හරි ,බඩගිනියි .නාමු ! නාමු!!”
“ අපෝ ,පොඩ්ඩක් ඉන්නවකො ..”
පොඩි දෙන්න පාලම උඩට දිව්ව. මං දන්නව , ඒ සෙල්ලම . දැන් වරුවකට
ගෙදර යන්න වෙන්නෙ නෑ .අද ඇලේ වතුර හොඳටම පිරිල .ඝෝෂාවත්
වැඩියි. දෙන්න ලෑස්ති වෙන්නෙ පාලම උඩට ගිහිං වතුරට පනින්න.
හුඟ කාලෙකින් මේ තරම් පිරෙන්නෙ. ඒක බලන් ඉන්න ආසයි.
හැබැයි අම්ම දැක්ක නම් ,මටයි බැණුම්.ඔළුව වදින්න තරම් අනතුරු දායක
ලොකු ගල් ,ඇළ මැද්දෙ නෑ . තටාකෙ වගේ බැඳල නිසා ,පහළට වතුර
අඩුවෙන් ගලන්නෙ.යන්තම් ජල ක්‍රීඩා ඉවරකරල ,නාගත්ත.

පඩිපෙළ පටන්ගන්න තැන ලොකු පැණි වරක ගහේ
බිම ඉඳලම ගෙඩි හැදෙනව. අපි නාගෙන ගෙදර යනකොට සුවඳක්
දැනුන නිසා නිකමට ,මං ගහ ළඟට ගියා . කුරුල්ලෙක් හොට ගහපු
වරකයක් ! පාතම තියෙන්නෙ .
“ වැස්සට ඉදෙන්නැති .වතුර රස ඇති ද දන්නෙ නෑ.”
චූටි මල්ලි අදිමදි කළා . මං නටුව හෙමින් කැරකුවා .
එදා අතුරුපසට ,පැණි බේරෙන පැණි වරක .!

අපි අද කොහේද මේ .කොන්ක්‍රීට් වනාන්තරේ ,ගුහාවක හිරවෙලා .
අග මුල නැති වැල් වගේ. දුවනවා ,දුවනවා ,දුවනවා .
නවතින්නෙ කොහොමද?

රෝ.සී ට





A day in the life 
ජීවිතයෙන් දවසක් .




2026-07-04

සංවර්ධණයට කතාවක්


මහනුවර යුගයේ තමයි බෙලිහුල්ඔය ජනාවාස සංවර්ධණය පටන් අරන් තියෙන්නේ.

මුල්ම යුගයේ ගොවිතැන් කරන්න පුළුවන් බිම් ආශ්‍රිතව පොඩි පොඩි කණ්ඩායම් පදිංචි වෙලා ඉදලා තියෙනවා.

මේ කාලයේ වී ගොවිතැන් සංවර්ධණය සදහා ඇළ වේලි සකස් කරන්න මහනුවරින් ගම් නායකයින් අවා කියලා මතයක් තියෙනවා. මෙහේ ඉන්න ගම්වැසියන් බොහොමයක්. සෙනවිරත්න මුදියන්සේලාගේ ,හේරත් මුදියන්සේලාගේ , ඉපිටවෙල විදානෙලාගේ වගේ වාසගම් ඇත්තෝ.

ගොවිතැන හැර වෙනත් වෘත්තීන්වල යෙදුන අයත් ඉන්නවා. ඒ අය ජන සංඛ්‍යාෙවන් අඩුයි.

බෙලිහුල්ඔයෙන් වතුර අරගෙන සකස් කල ඇළක් තියෙනවා. 

මේ ඇළට කියන්නේ“ මහ ඇළ“ කියලා. මේ ඇලෙන් හෙල්මැලි ක්‍රමයට සකස්වුන වෙල්යායන් ගනනාවකට වතුර සපයනවා.

අක්කර හය හත්සීයයක් භුමි බාගයක් මේ වතුරෙන් පෝෂණය වෙනවා . අවසානයේ වතුර යලිත් බෙලිහුල්ඔයටම එකතු වෙනවා.

අපේ වාසනාවට අපේ ගෙවල් මායිමෙන් බෙලිහුල්ඔයට යන ගමන් මගේදී අපිව එකතු කරගන්නවා.

මීට අවුරුදු හැත්තෑවකට අසූවට පෙර මේ දියකද අපේ වික්‍රමාන්විතයන් සදහා යොදාගත්ත බිමක්. අපි මාළු අල්ලනවා. ඉබ්බෝ හොයනවා.දිය බල්ලෝ දකිනවා. නානවා අම්මලා තාත්තලාගෙන් බැණුම් අහනවා ගුටි කනවා.

කාලයත් එක්ක කොන්ක්‍රීට් සංවර්ධණය නිසා ඇලේ ස්වභාවික බව වෙනස් වුනා. මාළු ,ඉබ්බෝ නැතිවුනා. මාළු නැති නිසාද කොහෙද දිය බල්ලොත් නැහැ.

අඩි දෙකක විතර පලල ගැඹුර ඇලක් අන්තිමට ඉතිරි වුනා.

අළුත් පරපුර මේකට කියන්නේ කාණුව කියලා !.

අපේ වික්‍රමාන්විතයන් දැන් ඉන්න පරපුරට නැහැ. 

සංවර්ධණය කියන්නෙත් අමුතු දෙයක්.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-24

මග වියදම් .


“ මග වියදමට තේකක් බොන්නවත් අතේ
කීයක් හරි තියෙනවද ..?”
ඇය දුක්මුසු ස්වරයෙන් විමසන්නිය .
“ හ්ම්!! තේකක් බොන්න බැරියැ .”
කලිසම් සාක්කුවට යැවූ අත එළියට ගනිමින් ඔහු
පවසන්නේ ඇගේ සිත නොරිදෙන අයුරිණි.
රැකියාවක් සොයා කොළඹ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකු
මුණගැසෙන්නට කතිකා කරගෙන ඇත.
ඒ කුඩා කළ මා කියැවූ පොතක සටහන්වූ කොටසකි .
ගමනක් යන ඕනෑම කෙනෙකුට මග වියදම් නැතුවම බැරිය.එය
මුදල්ම විය යුතු නොවේ. අතරමග වෙහෙස නිවාගන්නට වතුර
බෝතලයක් රස කැවිල්ලක් හෝ අඩුම වශයෙන් බුලත් විටක්
තිබුණොත් ; විඩාව සංසිඳවා ගත හැක.
ඉස්සර කාලයේ සිරිපාදය වඳින්නට සමනොළ කන්ද නගින
හැම කෙනෙක්ම වාගේ අග්ගලා පසුම්බියක් ගෙනයෑමට අමතක
කළේ නැත. අදත් බොහෝ අය අතර ඒ පුරුද්ද පවතී .
රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව” පොතේ පවා මේ
කැවිලි වර්ගය මග වියදම් ලෙස සිංහලයින් භාවිතා කළ බව පෙනී
යයි.
“...............අග්ගලා නමින් තවත් අළුමුසුවක් වෙයි.බැදිහාල් පිටි
පැණියෙන් අනා ගම්මිරිස් ,කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන්
මුසු කොට මෙම ගුලි සාදා ගනී.මේ ගුලි ,ගුලිකිරීමෙන් පසු තද වෙයි.
ගමන් බිමන් යාමේදී සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමා
ගෙනයන්නේ මේ අග්ගලාය .”
(පිටුව260 )
පෙර කළ මග වියදම් සඳහා අග්ගලා පැසක් රැගෙන ගිය දුගියෙකුගේ
පැසතුලට රිංගා ගත් නාගයෙකු නිසා සිදුවෙන්නට ගිය මහ විනාශයක්
දුටු දේවතාවියක් ....
“ මග සිටියොත් තෝ නසී
ගෙදර ගියොත් අඹු නසී ...”
යැයි පැවසූ ගැටපදය මහෞෂධ පඬිතුමා විසින් විසඳූ බවක් මතකයට
නැගේ.
මග වියදම් කාලයෙන් කාලයට මෙන්ම පරිසරයෙන් පරිසරයට
වෙනස් වේ. අද කාලයේ චීස් හා මස් පෙති දමා සකසා ගත් සැන්විච් හෝ
බිස්කට් වර්ග ..පළතුරු යුෂ ආදිය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.එමෙන්ම
දිය ඇල්ලක්, කඳු කරයේ සීත වන අරණක් හෝ නිල් පැහැ වෙරළ තීරයක්
ආශ්‍රිතව විනෝදය සඳහා ගමන්බිමන් යාමත් ,සංචාරක කර්මාන්තය දියුණු
වීමත් නිසා අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතී. මුදල් වෙනුවට
Electronic card සහ Rail warrants ආදිය භාවිතා වීමෙන් මගවියදම් අඩු වීමත්
පහසුවත් සැලසේ .
ගෙදර දොරේ හෝ රැකියාවේ ඒකාකාරී බවින් මිදී මොහොතක්
සැනසිල්ලේ අලසව ඔහේ වැතිරී ; සොබා සෞන්දර්යයෙන් මත්වීමට අප
කවුරුත් කැමතිය . ඒ නිසාම ගමන්බිමන් යෑමටද දැඩි ඇල්මක් ඇත. ඓතිහාසික
ස්ථාන නැරඹීමටත් ; ගඟක හෝ මුහුදක පැන යහළුවන් හා විනෝද වීමටත්
අපි කැමැත්තෙමු. ගමන් වියදම් දරා ගැනීමට හැකි නම් ; රටින් පිට වෙනත්
දේශයකට යෑමටද ඉතා කැමැත්තෙමු. අත මිට හිඟ වූවිට මග වියදම් ; පසුම්බියට
බරක් වේ . එවිට හිතේ සතුට නැතිවේ . බුම්මාගෙන සිටිමින් කල්පනා ලොව
සැරිසරයි. කේන්ති යයි.
අතීතයේ මෙහි විසූ වැදි ජනයා ද තමන් ගේ වැදි යුවතිය හා පෙමින්
බැඳුණු මුල් අවදියේ ; මේ අයුරින් වනවදුලේ දුව පැන නටමින් ; පොකුණු වලට බැස
දිය කෙළි කළ ආකාරය ; R.L Spitle ගේ Savage Sanctuary (වන සරණ ) පොතේ
ඉතා රසවත්ව සටහන් වි ඇත.
“...............පැය එකහමාරක් පමණ ඉහළට නැගීමෙන් ඔවුන්ට
කන්දට නැගගත හැකිවිය.තැන තැන වූ කඳු ගැටවලින් පුල්ලි ගැසී ගිය එකම නිල්
තලාවක් වැනිවූ සීමා රහිතව අවට පැතිරී සිටි මහවනය මනහර විය..........මොවුනට
හමුවූයේ ඉතා සිහිල් පෑදී දිය ඇති ගල් කෙමකි.( පොකුණකි )....
“දැන් අපි නාන්ට ඕනෑ” යයි ඉණකඩ ගලවා දමා දියට පනිමින් තිසාහාමි
කීවේය.....දියේ ගිලුණු තිසාහාමි දියබිඳු වගුරුවමින් දිය මතුපිටට ආවේය. මුහුණත්
කටත් ඇත් වසුරුවලින් පිරී තිබුණි....වල්ලී හූ කියා සිනාසුණාය .
“ වල් සතා දියබීල යනවා මදිවාට ඒකෙ බෙටි ලාල කැත කරලත් යනවා.”
යයි ඔහු අලියාට සාප කළේය.
“එන්ට එන්ට බැහැල නාගන්ට .”යයි ඔහු ඈට කතා කළේය.
“අනේ මට බයයි. මේක ජඹුරයි.”ඈ කීවාය.
“ජඹුර නෑ බහින්ට ;මේ හැමතැනම මා පොව්වනවා.”
ඔහු පොකුණ මැදට ගොස් කර වටක් දියේ සිට ගත්තේය.
“ බයවෙන්ට එපා.හොඳ සීතලයි , සනීපයි.කෝ මං අල්ලාගන්ට .” යයි ඔහු ඈට
ලංවුණේය .
ඉනකඩ ගලවා දමා ගල් කෙම කෙළවරේ වාඩිගත් දැරිය සෙමින් ,බියෙන්
බියෙන් දියට බැස තන මත්තක් දියේ ගිලුණාය .....” (පිටු අංක 60)
ඉතා අපූරු ,සිතුවම්පටක මෙන් ඒ දර්ශනය රස විඳින්නට පුළුවන් වන්නේ
පරිවර්තක , ඒ .පී. ගුණරත්න මහතාගේ රසවත් ශෛලිය නිසාය. වල්ලිටත් ,තිසාහාමිටත්
මග වියදම් තිබුණේම නැත. සොබාදහම ඔවුන්ට අවශ්‍ය සියල්ල මහ වනයෙන් ලබා
දුන්නාය.
අරමුණක් ඇති විට , යායුතු දිසාව පැහැදිළිව දන්නේ නම්..මගට අවශ්‍ය
බොහෝ කළමනා අප විසින් සුදානම් කරගනු ලැබේ.
විවාහවූ අළුත දහඅට වංගුව ඔස්සේ දෙණියාය දක්වා ගිය සුන්දර ගමනක්
සිහියට නැඟේ . Husband ගේ අම්මා බත් ගෙඩියක් බැඳ දුන්නේ දෙදෙනාටම සෑහෙන්න ය.
හොඳින් තවාගත් කෙසෙල් කොළය ඇතුලේ , ගෙදරම කොටා ගත් සුදු හාල් බතට , පරිප්පු
තෙම්පරාදුවත් ,කීරමින් බැදුමත් , කොට්ටපොල් සම්බෝලය හා ඉඳලෝළු හතු වැංජනයත් විය .
අතරමග පීල්ලකින් නා ,ඇටඹ ගස් හෙවනක සිට බත් මුල දිග අරිනවිට දැනුණු ඒ සුවඳ
දැනුදු සිහියට නැගේ. කුස පිරෙන්නට රසට කෑවේ ,අම්මාට පිං දෙමිනි.
අප විසින් මේ ජීවිත කාලය පුරාවට මග වියදම් සකසා ගෙන ගමන් බිමන් ගිය
නමුත් ,එසේ නොමැති වූ විටෙක ,කිසිවෙකුගෙන් මුදලක් ඉල්ලා ගෙන හෝ එම ගමන
ගොස් ආපසු පැමිණියෙමු. 

එහෙත් අපට යම් දිනෙක නොගොසින්ම ඉන්නට බැරි ගමනක්
ඇත. ඒ සඳහා මග වියදම් සපයා ගත යුත්තේම අප විසින්මය . මග වියදම් නැතැයි කල් දමන්නට නො හැක. ගියපසු ,නැවත නිවසට නො පැමිණෙනු ඇත.
“පන්ඩු පලා සෝවදානීසී - යම පුරිසාපි ච තං උපට්ටිතා
උය්යෝග මුඛේච තිට්ටසී -පාථෙය්යම්පි ච තේ නවිජ්ජති .”
(ධම්මපදය
- මල වග්ගය )
“ඔබ දැන් පඬු පැහැ ගත් ඉදුණු කොළයක් වගෙයි.
යම දූතයන් ඔබ කැඳවාගෙන යාමට ඇවිදින් සිටී.
නික්මීමේ දොරටුවට නුඹ ලංවී ඇත.එහෙත් නුඹට
පරලොව ගෙනයෑමට මග වියදම් නැත.”
එසේ නම් ,මගවියදම් සපයාගැනීමට ප්‍රමාදවන්නේ ඇයි?






රෝ.සි.

A day in the life
 ජීවිතයෙන් දවසක් .

2026-06-19

පහන්තුඩා ඇල්ල - බෙලිහුල්ඔය.



හැමදාමත් එක ඇදුම ඇදගෙන ඉන්න කොට කිළිටි වෙනවා.

ඇදුම අළුත් කලා.

ඇදුම ඇතුලේ ඉන්න මනුස්සයා නම් වෙනස් කරන්න අමාරු වෙයි නේ ?

දශක අටකට ආසන්න කාලයක් පදම් වුන ජීවිතය එහෙම වෙනස් කරන එක පහසු කටයුත්තක් නෙමෙයිනේ.

බෙලිහුල්ඔයේම හතර වටේ තියෙන කදු වලල්ල බලා ගෙන 

අම්මාගෙන් කිරි උරා බිව් දවසේ ඉදන්………….

ඒ කදු වලල්ල බලාගෙනම දෑස පියවෙලා යාවි.

එතෙක් මෙතෙක් කල මෝඩකම්, පුරාජේරු මීදුම ඇතුලේ වරින් වර දියවෙනවා.

ඔයාලත් කියවනවා.

ස්තුතියි.

මේ වියමන අළුත්වුන හෙඩිමේ පින්තූරයක් ගැන.

පහන් තුඩා වල  , පහන්තුඩා ඇල්ල.

තොරතුරු අනුව නම් මේ තඩාගය අඩි තිහක් විතර ගැඹුර ඇති.

මෙය මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.ද

ක්‍ෂ කිමිදුම්කරුවෙකුට පිහිනන්න දන්න කෙනෙකුට බය නැතිව තටාගයට බහින්න පුළුවන් ඒත් සංචාරය පිණිස එන අය නම් තටාගයට බහින්න උත්සහා දැරීම අනතුරු දායකයි.

පසුගිය අවුරුදු වල නොසැකිලිමත්ව හැසුරුනු තරුනයින් විශ්ව විද්‍යාලීය සිසුන් කිහිප දෙනෙක් මෙතනදී දියේ ගිලි මිය ගියා. 

ප්‍ර දේශයේ කිහිප දෙනෙක් සියදිවි නසා ගන්නත් මේ ස්වභාවධර්මයේ අපූරු නිරිමානය යොදා ගත්තා.

මීදුම ඇතුලේ තියෙන ලිපිවල මේ කතාත් ලියවුන වියමන් තියෙනවා.

අනිත් පිටුවත් සමග හමුවෙමු.


2026-06-11

දෙව් මවු තුරුලේ .......





දුරකථනයේ ජෙනි අක්කාගේ කඩහඩය.

වෙනදා කතා කරන්නේ පැට්රික් අයියාය. එහෙත් අද ?

මල්ලි , අයියා ගියා. 

පපුව රිදෙනවා කියලා කිව්වා ….ආයෙත් ඇහැරලා බැළුවේ නෑ.

පැට්රික් අයියා සුවදායක සිහිනයක් සමගින් අවසන් ගමන් යන්න ඇත.

මානවහිතවාදියෙක්වු අයියා පෙරලිකාරයෙක්ය. ඔහු අසාධාරණය ඉවසුවේ නැත.

මේ නොඉවසීම ඥාති සමුහයා අතහැර ජෙනි අක්කාත් සමග තනිවෙන්න තරම් දුර දිග ගියේය.

තමන් සතු දේපල විකුණා දමා අරමුදලක් ඇති කර ගෙන බැංකුවේ තැන්පත් කර එහි පොලිය ඔහුගේ ආදායම කරගත්තේය.

දූ දරුවන් නොසිටි මේ දෙපල වැඩිහිටි නිවාස නිවහන කරගත්තේය.

වරින් වර නවාතැන් වෙනස් කරමින් සිටි මේ දෙපල පසුගියදාක කිඹුලාපිටිය ප්‍රෙද්ශයේ නවාතැනකට මාරුවිය.

නිවෙස මැරුවී පැළපදියම්ව දෙවන දවසේ පට්රික් අයියා හදිසි හෘදයාබාදයෙකින් දෙව් මවු තුරුලේ සැනසීමට නික්ම ගිය බව මා ඇසුවේ ජෙනි අක්කාගේ බිදුණු කඩහඩිනි.

ජෙනි අක්කා තනිවිය.

ජෙනි අක්කාගේ කඩහඩ හැගීම්බරය.

 දශක හයක් පමන ගහට පොත්තමෙන් බැදී සිටි පැට්රික් අයියා නැති ජීවිතය ජෙනි අක්කාට මහත් බරක් වනු ඇත.

මල්ලි , අයියා ගැන මොනවත් ලියන්න. එය සිහිවටනයක් වේවි ජෙනි අක්කා කියන්නීය.

මම මගේ මතකය ඔස්සේ ඔහුත් සමග ……….

අම්පාර කොළඹ බස් එකේ කාර්ය මණ්ඩලය

විශ්‍රාම යන තුරු මහවැලි සංවර්ධණ මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකරු,

ජෙනි අක්කා සමග විවාහය.

දූ දරුවන් නොමැති දෙදෙනාගේ සෙනහස

බෙලිහුල්ඔයට නැවත පැමිණීම …….සහ සුවිසල් වත්කමක් බැංකුවේ තැන්පත් කර ඒ ආදායමෙන් විශ්‍රාම ජීවිතය සකස් කර ගැණිම 

බෙලිහුල්ඔයෙන් පිටත්ව යාම ………

මතකයේ හමුවු නවාතැන්ය. 

බෙලිහුල්ඔයෙන් පිටත්ව ගියපසු අවුරුදු ගනනාවක් අප හමුවුනේ නැත.තොරතුරක්ද තිබුනේ නැත.

එක් දිනක මුහුණු පොත පීරන විට පැට්රික් අයියා මතුවිය.

මම වහා ඇරයුමක් සටහන් කලෙමි. 

එවිටම පාහේ  අප යලිත්  අතීත සහෘදයන් බවට  යලිත් පත්වුනෙමු.

කාලය පනහේ දශකය දක්වා දිවයයි.

ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිටඅපි එකට වැඩුනොවිමු.

ඔහු මට ලොකු අයියා විය. 

මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ලොකු අයියාද  ඔහු විය.

විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැද ගත්තෝ බවට පත්විය .

අසූවිය එලිපත්තේ සිටදීද  අපි මෙන් නොවී  අසාධාරනය උදෙසා ඔහු සටන් කරන්නේ තරුන ජවයෙනි.

මම උපේක්ෂාවෙන් බලන විට ඔහු සටන් බිමේය.

ඔහුත් මමත් අතර  ඇති වෙනස් වු පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. 

සහෘදයෝ වමු.

1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. 

මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.

අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. 

මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. 

මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අපේ ගැමි සමාජය තුල ඔහු නායයෙකු බවට පත්වීනි.

අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් හට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. 

මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. 

මේ නිසා අප ඔවුන්ගේ වෛරයට ද ඔවුන් අපගේ වෛරයටද භාජනය විනි.

මේ නිසා ඇතිවු ගැටුම් නිසා අප බොහෝ විට පීඩාවට පත්විමු.

අපේ නඩය 

අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. 

වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. 

දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු .

මෙම ක්‍රියාකාරකම් අපගේ සමාජ පරතෙරය අවම කරගත්තෙමු. 

එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය වසර ගනනාවත් අප බාල සහෝදරයින් පවත්වා ගෙන ගියත් අද එය දියවි ගොස් ඇත.

1975 වසර වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.

2024 වන විට මගේ දේශපාලන කෝනයෙන් ඔහුු මගෙන්  බොහෝ ඈත්වී සිටින්නෙක් බවට පත්වී සිටියේය.

එහෙත් මා ඔහුගෙනුත් ඔහු මගෙනුත් ඈත්වුයේ නැත

නිතර නිතර කතා බහ කලත් දේශපාලන සංවාදයන්ට පැටලීම මම උවමනාවෙන්ම මග හැරීයේය.

මා  දැක්කේ පැට්රික් අයියා සමාජයෙන් සහ තම පවුලෙන් ලත් පීඩිත අත්දෑකීම් විසින් මුවහත් කර ,  එයට ගැලපෙන දේශපාලන සිතිවිලි සමග මං මුලාවට පත්වු බවක් ලෙසය.

බෙලිහුල්ඔයට අසීමිතව පෙම් කල පැට්රික් අයියා බෙලිහුල්ඔයෙන් වෙන්ව දශක තුනක් පමනවු කාලයේ නැවතත් බෙලිහුල්ඔයට පැමිණියේ නැත.

ඔහුගෙන් විමසුවිට ඒ තැන කතාකිරීමට උනන්දුවක් දැක්වුයේද නැත.

දෑඩි ආගම් භක්තිකයෙකුවු පැට්රික් අයියාට ආගම සැනසිල්ලකට හේතුවිය.

ප්‍රාර්ථණය කරනා පරිද්දෙන් මෝක්‍ෂ සුව අත්වෙන බව ඒකාන්තය.




A day in the life 
ජීවිතයෙන් දවසක් .