ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2010-12-31

දශාක්‍රමයෙන් පලාපල බලන්න.



ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ වියමන් කිරීමට මීදුම පෙරුම් පුරා සිටියත් විවේකය සහ ඒ සදහා නිරවුල් මනසක් නොවීමෙන් පසුගිය දින කිහිපයේ “යූ ටියුබ්” එකේ සිංදු ඇසීමට කාලය වෙන් කලේය.

අද සිට ඒ විරාමය අවසන් කර පුරුදු වියමන් පෙලට පිවිසීමට මීදුම අදහස් කරයි.

දසා ක්‍රමය පිලිබදව කරන වියමනේ ඔබත් සමග සංවාදශිලි වීම , මීදුමේ අපේක්‍ෂාව වන අතර මේ දත්තයන් ඔබේ කේන්දරයට ආදේශ කරගෙන වර්තමානයේ ඔබේ පලාපල හා ගලපා සත්‍ය හා සාවද්‍ය බව සාකච්ඡා කිරීමට හැකිවන්නේ නම් මීදුම එය අගේ කරන්නකි.

පළමුව ඔබේ කේන්දරය ගෙන එහි මෙවැනි හෝ මීට සමාන වන format එකක් ඇද්දැයි සොයා ගන්න . එහි “.....................ස්වස්ථි ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් .........යන්නෙන් පටන් ගෙන ........නැකතේ......වෘක්‍ෂ........පක්‍ෂි.........භූත.........
වැනි සටහන් අවසානයේ ----------------මහදශාවනු .........උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණටමද වශයෙන් අපහැරන හැර ..........වර්ෂ ..........මාස.........දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී . යනුවෙන් ඡෙදයක් ඇත.
එවැනි format එකක් ගෙන පහත සදහන් දත්තයන් ආදේශ කිරීම උදාහරනයකට ගනු ලැබේ. ..........
“උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණට මද වශයෙන් අපහැරන හැර ...04.......වර්ෂ .....0.....මාස....22.....දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී.
යන්නට දත්තයන් ආදේශ කිරීම මෙම ඉදිරි වියමන් පෙල දී ආදර්ශකයක් වශයෙන් යොදා ගනු ලබනු ඇත.
එතැන් සිට එම මුලාශ්‍රයට ඉදිරි‍යේදී පලවන දත්තයන් ආදේශ කිරීමෙන් වර්තමානයට ( අදට ) ගැ‍ලපෙන අන්දමින් පලාපල වියමන් කරමු.
ජ්‍යොතිශයේ අපේ ජීවිත කාලය අවුරුදු 120 ක් ලෙස සලකා එක් එක් මහා දශාවට කාලය වෙන්කර ඇත. ඉන් පසුව එම මහා දශා තවත් විග්‍රහ කිරීම සදහා අතුරු දශාවලට වෙන් කරඇත. මහා දශාවට වෙන් කරන ලද කාලය - අතුරු දශාවලට වෙන් කරමින් පලාපල විග්‍රහයන් කිරීම තවත් පහසු කර ඇත.
දශා පලාපල කියවීමේදී ආදේශ කළ යුතු දත්තයන් පිළිවෙලින් පල කිරීමත් ඉන්පසුව එම දත්තයන්ට අනුරූප පලාපල පලකරන බැවින් මේ වියමන් පෙල සම්පුර්නයෙන්ම කියවීමට ඔබට සිදුවනු ඇත. අද පළමු පියවර වශයෙන් අනු පිලිවෙලින් මහාදශා සහ ඒ ඒ මහ දශාවන්ට අයත්වන කාල පරාසය පල කිරීමට මිදුම අදහස් කරන්නේය.

රවි මහා දශාව - අවුරුදු 06
චන්ද්‍ර මහ දශාව - අවුරුදු 10
කුජ මහ දශාව - අවුරුදු 07
රාහු මහ දශාව - අවුරුදු 18
ගුරු මහ දශාව - අවුරුදු 16
ශනි මහ දශාව - අවුරුදු 19
කේතු මහ දශාව - අවුරුදු 07
සිකුරු මහ දශාව - අවුරුදු 20

අතුරු දශා වලට අයත් කාලය ඉදිරි වියමනේ පල කරනු ලැබේ.
මිදුම පල කර ඇති උදාහරනයට අනුව
කේතු මහා දශාවෙන් අවුරුදු 04 මාස 0 දින 22 ක් ඉදිරියට ඇතුව 1948 . 10. 27 දින උපන් පින්වත් කුමරා අද ගත කරන දශාව සොයමු.

එය ආදර්ශකයක් වශයෙන් ‍ගෙන ඒ අනුව ඔබ ගත කරන මහා දශාව සොයා ගන්න.

1948 . 10. 27 දින සිට ඉදිරියට කේතු මහ දශාව අවුරුදු 04 මාස 0 දින 22 කි.
1952. 11. 19 දින ඔහුගේ කේතු මහා දශාව ගෙවී ගියේය .
ඊලගට ඔහුට උදාවන්නේ සිකුරු මහා දශාවයි.
එය අවුරු දු 20කි.
1972. 11.19 දින සිකුරු ගෙවී රවි මහා දශාව ලැබුවේය.
රවි අවුරුදු 06ක් ගෙවී 1978.11.19 දින ඔහුට චන්ද්‍ර මහා දශාව ලැබුවේය.
අවුරුදු 10ක් වු චන්ද්‍ර මහා දශාව 1988.11.19 දින ගෙවී අවුරුදු 07ක ආයු කාලයක් ඇති කුජ මහා දශාව 1995.11.19 දින ගෙවෙන ලදී.
අනතුරුව ලැබුවේ රාහු මහ දශාවයි.
ඔහුගේ කේන්දරය අනුව රාහු මහ දශාව ගෙවී අවසන් වන්නේ අවුරුදු 18 කිනි.
එනම් 2013.11.19 දිනදීය.
එතෙක් ඔහු ඉදිරි අවුරුදු 2 මාස 11 දින 19 ක් තව රාහු මහ දශාව ගත කල යුතුය.

ඔබේ කේන්දරයේ උපතේ සිට ඉදිරියට කුජ මහදශාව ඉදිරියට යන්න දක්වා ඇත්නම් ඔබ කල යුත්තේ කුජට පසු අනු පිළිවෙලින්
රාහු
ගුරු
ශනි
කේතු
සිකුරු
රවි
චන්ද්‍ර

යනුවෙන් ඉදිරියට ආදේශ කිරීමය.


මේ අනු පිළිවෙල නොපැහැදිලි නම් කේන්දරයේ දශා ශේෂය සොයා ගෙන උපන් දිනයත් සමග ප්‍රතිචාර තුල පල කරන්න.
මීදුම ඔබ ගත කරන මහා දශාව පිලිතුරු තුල පලකරනවා ඇත.

ඉදිරි වියමන අතුරු දශා සදහා කාලය වෙන් කර ඇති අන්දම පැහැදිලි කිරීමටත් ඉන්පසුව ඒ ඒ දශා තුල ජීවිත පලාපල පලකිරීම සදහා වෙන් කරනු ඇත.

2011.Happy New Year - සුබ නව වසරක්















2010-12-30

මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ




මල්ලියේ නරක මිතුරන් 
- සුනිල් එදිරිසිංහ


මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා 
නංගියේ නොහොබිනා කම් -  හුරු වෙන්න එපා
‍බෝගම්බර සිපිරි ගෙදරට -  එන්න එපා 
හතුරෙකුටත් මට වන් දුක  - වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඩ - රැව් දෙනවා
කළ පවු මතක්වී දෑසම - තෙත් වෙනවා
සියක් වාරයක් මැරී මැරී - උපදිනවා
තිබහට වතුර වෙනුවට - කදුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින - ආරකය
දුදනන් නිසාවිය හෙනහුරු - මාරකය
මං පෙරගියේ වරදින් පිරි  - පාරක
ඒ ගිය මගේ අවසානය -  පෝරකය


2010-12-26

මලක් උනේ ඇයි ඔබ මට


මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 
විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්
පහන් තාරකාවක් සේ-  ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් -  දල්වනු කෙලෙසින්
කියන්න 
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 

විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බීමට තහනම්
සහන් ගීතිකාවක්සේ -  ජීවිතයේ  ගී ලිව්වද
ඒ ගීතයේ සොදුරු වදන් මුමුනනු කෙලෙසින්
මලක් උනේ ඇයි නුබ මට - ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්- 
විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් වන්නට තහනම්



2010-12-25

ගොළු හදවත තේමා වාදනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස




ගොළු හදවත තේමා වාදනය 
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 

- ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න. 






2010-12-24

ජය සිරි මහා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශණි.



ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ
……………
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිණිමැල ගහගෙන රැක සිටියා
-එහෙව් අපිට අද එන්න තහංචිද
ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ
……………

වැලි මළුවේ ඉද සාදු කියනකොට
අපිටත් නොහිතා ඉන්න හොදයි
ඉස්සර වාගෙම දවුදිය බුදුවරු
අපෙ දාන පිළිගන්න හොදයි
ජයසිරි මහා හාමුදුරුවනේ
……………
රන්වැට පාමුල සාදු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්න හොදයි
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොදයි.
- ජයසිරි මහා හාමුදුරුවනේ

……………
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිණිමැල ගහගෙන රැක සිටියා
-එහෙව් අපිට අද එන්න තහංචිද
ජයසිරි මහා හාමුදුරුවනේ
ජයසිරි මහා හාමුදුරුවනේ



2010-12-23

පාත මාලයට වඩින්න - වික්ටර් රත්නායක


පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න

පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න
හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න
ඇග පත කළු වුනත් අපේ - පිළිහුඩු නැති හිත බලන්න

දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න

මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න
මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න

ඒත් අපේ මල් සුවදයි -එපා බාර නොගෙන ඉන්න

දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න

දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න



2010-12-21

කුම්භ ලග්න හිමියන් වාසනාවන්තය.




ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළිබදව සියයට සියයක් විශ්වාසය පළ නොකරයි. ප්‍රවීනයෝ ලග්න පලාපල පැවසිමේදී යොදා ගන්නා සිද්ධාන්ත පීලිබදව ගොණු කළ වියමනක් ඉදිරි
දිනක වියමන් කිරීමට මීදුම අදහස් කරයි.

කුම්භ ලග්න හිමියා ස්වභාවිකත්වය අගේ කරයි.මිනිස් බව සුරකී. විධිමත්ව උසස් අධ්‍යාපනයට යොමු වෙයි.දේශපාලන ,සමාජ කටයුතු සදහා නැඹුරුවේ. ඉවසීම, ප්‍රවේසම,හිතේ ඒකාග්‍රතාවය ,මතකය උසස් පැවතුම්වේ.මහජනතාව උදෙසා කැපවේ. බාහිරට පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ සිත්තුල ඇතිව වැඩ කටයුතු ඉටුකරයි.

ආත්ම ලාභය අපේක්‍ෂා නොකරයි. ප්‍රධානත්වයට කැමැත්ත නොදක්වයි. එහෙත් ප්‍රධානත්වයට පත්වේ.ැන් සමාජයේ ප්‍රසාදයට පත්වේ.අසරණයනට උදව් පදව් කිරීමට වහා ඉදිරිපත්වේ. විවේකීව ජීවත්වීමට කැමත්ත දක්වයි.

2010-12-19

සබද අපි කදු නොවෙමු...


සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.


සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

වියරු ගිණිදැල් නොවෙමු - වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු - දැවෙන වනයට වැටෙන

සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

නපුරු හීනය නොවෙමු- ළමුන් නිදි සුව විදින
සොදුරු අඩහැරය වෙමු - දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

ගුණදාස කපුගේ ගායකයානන් විසින් ගායනා කළ මේ ගීතය පදවැල  රචකයානන් මීදුම හදුනාගෙන නැත. එහෙත් මේ ගීතය හා බැදුන කතාවක් මීදුමට තිබේ.
මීදුමට මේ ගිතය පළමු ඇසුවා නොව   පදවැල  කියවුවා පමනි. පදවැල දුටුදා සිට ගීයට පෙම් බැදි ඉන් බොහෝ කළකට පසු මේ ගීතය මීදුමට අසන්නට ලැබිනි. ඒ 1989 වසර විය හැක.
මිදුම එකල තිබු දේශපාලන භීෂණය සමග උඩුගම්බලා පිහිනමින් එවකට පැවති රජයට එරෙහිව මැතිවරණය ව්‍යාපාරය හා සම්බන්‍ධව සිටියාය.
එම අසීරු කටයුත්තේදී දහසක් ප්‍රතිවිරෝධතා හමුවේ ඇතිවු මානසික පීඩනය මේ ගීතය නිතර නිතර ඇසීමෙන් හා මිමිණිමෙන් සමනය කර ගත්තා මීදුමට මතකය.

2010-12-17

පරිත්‍යාගශීලී ධනු ලග්න හිමියන්.





අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය.

මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට ලග්න දොළහ සම්පුර්නවේ.





ධනු ලග්න හිමියෝ බොහෝ පරිත්‍යගශිලි ඇත්තන් බව සදහන්ය. උසස් විමේ බලාපොරොත්තු ඇති ,අවංක එමෙන්ම සෘජු ව කටයුතු කරන ක්‍රියාශීලි , නීතිය යුක්තිය අකුරටම සලකන ඒ වෙනුවෙන් තමනට මෙන්ම අනුන්ටද අවැඩක් වන්නේ නම් වහා ඉදිරිපත් වන ගති පැවතුම් ඇත්තේය.
තමන් ආරම්භ කරන ඕනෑම කටයුත්තක් පෙර පළපුරුදු නැති වුවද , එය නිවරදිව කරගෙන යාමට තරම් බුද්ධිමත්ය.

අරගලකාරී, ප්‍රශ්නකාරී අවස්ථා සදහා මුහුණ දෙන්නේ ප්‍රතිවාදියාට මුළික අවස්ථාව තබමින් තමන් දෙවනි අවස්ථාව ලබා ගනිමින්ය. උදාහරණයකට ගතහොත් මේ අසාධාරණයකට අධිකරණයට යාමට අවස්ථාව ලද හොත් තමන් පැමිණීළිකරුනොවී විත්තිකරුවීමට සුදානම්ය.එමෙන්ම ගොඩින් ප්‍රශ්න ගැටළු විසදා ගැණිමට ප්‍රයෝගකාරීව කටයුතු කිරීමට දක්‍ෂය.

තමන්ගේ මෙන්ම අන් අයගේද නිදහසට ගරු කරයි. සතුටින් දවස ගෙවා දැමීමට මං සලසා ගනී.
ඥාණවන්තව උපදෙස් දීමට දක්‍ෂ මෙන්ම ඒ උපදෙස් අඥාදායක ස්වරූපයකින් ඉදිරිපත් කරයි .වීනිත ,නිහතමාණි ගතිපැවතුම් සහ ක්‍රමාණුකූලව කටයුතු කිරීම වැනි උසස්  පැවතුම් ඇත්තෙක්වේ.
ගණුදෙනුවලදි පරිස්සමෙන් දෙවරක් සිතා කටයුතු කරයි. අප්‍රවේසමෙන් කටයුතු කිරීම නිසා හදිසි අනතුරු ඇතිකරගනී.

2010-12-16

මුතු කුඩ ඉහලන මල්වරුසාවේ

2010-12-14

සමබර සිතිවිලි ඇති තුලා ලග්න හිමියෝ.




තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ .
 තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව  දක්වන, නීතීයට යුක්තියට ගරුකරන, සහයෝගයෙන් වැඩ කිරීමට කැමැත්තක් දැක්වීම මෙම ලග්ණ හිමියන්ට උරුම ලක්‍ෂණයකි.
අනාගතය ගැන සිතා  නිවරදිව සැලසුම් කිරීමට දක්‍ෂවේ. අන් අයට කරුනු පැහැදිලි කර අබෝධ කරදීමට දක්‍ෂ වන අතරම කේන්තියක් අනවබෝධයක් ඇතිවුව හොත් වහා යථා තත්වයට පැමීණීමටත් යලිත් පෙර පරිද්දෙන්ම කටයුතු කිරීමටත් හැකියාව උපතින්ම පිහිටා ඇත.
තමන් උපයන , තමන් සතු දෑ අන් අයගේ සැප පහසුකම් උදෙසා නිර්ලෝභීව කැප කර ඉන් සතුටට පත්වේ. ආත්මාර්ථව කටයුතු කරනවාට වඩා පරාර්ථකාමිව කටයුතු කරයි. වාද විවාද කර ජයගන්නවාට වඩා උපේක්‍ෂාවෙන් යම් යම් ගැටළු ප්‍රශ්නකාරී අවස්ථා ජයගන්නට සිතයි. සමාජශිලිවේ. දේශ දේශයන් හී සංචාරයට ස්වභාව සෞන්දර්ය අත් විදීමට කැමැත්ත දක්වයි.
සිහින් ප්‍රියමනාප උස්වු සිරුරක්  තුලා ලග්න හිමියන් සතුවේ.

2010-12-07

කන්‍යා ලග්ණ හිමියෝ කඩවසම්ය.



ලග්ණය - 
ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු කර ගත හැකිවිනි.

ගීතවත් කඩහඩක් සියුමැලි කඩවසම් සිරුරුක් වියපත් නොවන තරුන පෙනුමක් කඩිසර පැවතුම් කන්‍යා ලග්න හිමියෝ උපතින් ම ලබන බව විස්තර වන්නකි.

විවේචන ශීලිව කටයුතු කිරීමත් ගැටළු ප්‍රශ්න සදහා සාධාරණ විසදුම් දීමටත් කන්‍යා ලග්න හිමියෝ දක්ෂය.තමා ගැන ඇති විශ්වාශය අවම වන අතර අන් අයගේ විශ්වාශයන් සහ උපදෙස් මත යැපීමට කැමැත්තක් දැක්වීම, නිතරම තම කටයුතු කාරණාවලදී දෙවරක් සිතීම ඒවා පිලිබදව මෙය මට සිදු කළ හැකිද යන්න විශ්වාශයක් නොමැතිව කටයුතු කිරීම, යම් යම් කාරනා ඉටු කළ පසුත් මෙය මම හරියට කලා දැයි නැවත නැවත සැකයෙන් යුතුව පසු විපරම් කිරීම චරිත ලක්ෂ ණ අතරට එක්වන කරුණු කාරනා වන්වේ.

අලි යන මං නොදකින කූඹින් ගිය මං දකින්නෝ කන්‍යා ලග්ණය හිමියන් අතර සුලබය. මිත්‍ර සමාගම් පවත්වාගෙන යාමට වැඩි නැඹුරුතාවයක් නොදක් වයි. මිත්‍රයෝද යාවජීව සාමාජිකයෝ නොවෙති. දත මැද ගත් පසු ඉවත දමන දැහැටි කූරු මෙන් මිත්‍රයින් අත්හරී.
නීරෝගි සම්පතක් හිමි වුවත් ලෙඩ රෝග වැලදේයයි බියෙන් නිතර නිතර ඖෂධ වර්ග භාවිතා කරයි.
වැවිලි , කෘෂිකර්මාන්තය වැනි වෟත්තින්ට ලැදියාව දක්වයි වියපැහැදම් කිරීමේදී අරපරිස්සම් වේ.

කන්‍යා ලග්ණ හමියෝ සිනහවෙන් කතාවෙන් අන් සමාජයේ හැසීරීමට දක්ෂයන්වේ.

2010-12-04

සිංහයෝ කවදත් එඩිතරය.



සිංහයෝ කවදත් එඩිතරය. බඩ ගින්නේ සිට මියගියත් තණ කොළ නම් නොකන තරමට ආඩම්බරකාරයෝ බව සිංහ ලග්ණය ගැණ කියවන විට හමු වු විශේෂම සදහනකි. ප්‍රතිපත්ති අකුරටම රැකීමට තරම් ආත්ම ශක්තියක් ඇති බවත් කියවෙන්නකි.

ඕනෑම තැනක ප්‍රධානත්වය ගැණිමටත් තම භාරයට පත්වන කටයුතු අකුරටම ඉටු කිරීමේ වගකීම දැරීමත්  සිංහ ලග්න හිමියන්ගේ උරුම ගතියකි. පුංචි පුංචි සැලසුම් ගැන අවධාණයක් නැති මහ පරිමාණ ව්‍යපෘති මෙහෙයවීමට කැමත්ත ඇති නොනැවතී ඉදිරියට යාමේ උනන්දුව ඇති නිසා ප්‍රසිද්ධයට පත්වීමත් දියුණුව ඇති කර ගැණිමත් කටයුතු  කැරණාවලදී  මුලිකත්වයට පත් විමත් සිදුවේ.

අන් අයට වරදක් කිරීමට සිත පොළබවන්නේ නැති වුවතු තමන්ට වරදක්  කළ හොත් ප්‍රතිප්‍රාහාර එල්ල කිරීමට නොපසුබට වේ. නීතී ගරුකවේ.

රාජ්‍ය ප්‍රධානීන් , රාජ්‍ය අංශයේ  පරිපාලනමය සේවකයන් වීමට හේතු වාසනා සිංහ ලග්න හිමියන්ට උරුමයි.

2010-11-26

ප්‍රඥාවත් බව ප්‍රකට කරන කටක ලග්නය






කටක ලග්නය හා සම්බන්‍ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. මානව හිතවාදී ගූණය, උසස් අධ්‍යාපනයට යොමුවීම, යහපත් සිතිවිලි ඇති චින්තකයෝ වීම, යමක් වහා අවබෝධ කර ගැණිමට ඇති හැකියාව, සෘජු සහ 
උදාර අදහස් ඇතිවීම, අවංක බව, කටක ලග්නහිමියන්ගේ උරුමයන් බව සදහන්ය.

ධනවත්වීම, තම දූ දරුවන් සහ පියබද කෙරෙහි    ආදර කරුණාවෙන් යුතුව ප්‍රිතිමත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව හිමිය.

යම් ආපදාවන් හිදි නොබියව මුහුණ දෙන්නේ ප්‍රඥාව මුල් කරගෙන බැවින් එය සමාජය දකින්නේ බියගුළු කමක් ලෙසය. එහෙත් පසු බාන්නෙක් නොවන බව හැගෙන්නේ කාලයත් සමගය.තමා වට සිටින මිත්‍ර සමාගම් තමාට එරෙහි කර ගන්නා සහ එරෙහි වන ස්වභාවයක් උරුමය.

සුරතල් සතුන් , දරුවන් තමාගෙන් උදව් ලබා ගත යුතු කොටස් කෙරෙහි අනුකම්පාව හිතවත් කම ආදරය දක්වන්නෙක් විම කටක ලග්න හිමියන්ගේ ස්වභාවයකි.
ජනසමාජය අතර ප්‍රසිද්ධියට පත්වෙන්නෙකි.ව්‍යාපාරිකයෙකු , උසස් රැකියාලාභියෙකු, පුර්වාදර්ශකයෙකු ජන නායකයෙකු වීමට භාග්‍යවන්තවේ.

මෙම තොරතුරු කටක ලග්නයත් කේන්දරයක අනෙක් ග්‍රහයන්ගේ බලපෑමත් අනුව අඩුවැඩි වශයෙන් ප්‍රතිඵල ලැබෙන බව සදහන්වේ.

2010-11-22

මිථුන ලග්නය


මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර  ගත්  තොරතුරු වියමනට එක් කිරීමටයි.  
යාළු මිත්‍රයෝ බොහෝ දෙනා එක් රැස්කර ගන්නා එම යාළු මිත්‍රයන්ගේ තරාතිරම නොබලන මානව හිතවාදී සිතුම් පැතුම් ඇත්තෝ වීම මිථුන ලග්න හිමියන්ගේ සුවිෂේශවු ලක්‍ෂනයකි. මිථුන ලග්න හිමියන් ට අදහස් උදහස් ප්‍රකාශ කිරීමේදී තමා බොහෝ ඇසු පීරු ඇති තැනැත්තෙක් බව අසන්නන්ට ඒත්තු ගන් වන  එහෙත් ප්‍රකාශවන මට්ටමට ඇසු පිරූ තැන් නැති  කථිකත්‍වයේ දක්‍ෂ පුද්ගලයෝ වෙති.
ආරම්භයේදී සැලසුම් සකස් කරන එහෙත්  සකස් කරන ඉලක්කයට යාමට උනන්දුවක් නැති,කිසිවක් ක්‍රමාණුකූලව නොකරන චරිත ලක්ෂණ පෙන්නුම් කරනු ලැබීමත්     මෙම ලග්න හිමියන්ගේ  ස්වභාවයකි. දක්ෂ කථිකයෝ  කලාකරුවෝ  නිර්මාණ කරුවෝ සංගීතඥයෝ මකර ලග්නයෙන් බිහි වෙති
විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් තම ධණය කාලය නොමසුරුව වියදම් කරයි. සංචාරයේ කැමත්තක් දක්වයි. අත් දැකීම් පළපුරුදු නොමැති වුනත් ඕනෑම වැඩකට නොබියව අත ගසයි. එහෙත් ඉලක්කයට යාමට පෙර ආරම්භ කළ  වැඩ අවසන් කිරීමට පෙර  ඒවා අත්හරී.

2010-11-18

නිහඩ සිතිවිල්ලේ කල්මරණ වෘෂභ ලග්නය.




අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට  කැමති විම  වෘෂභ ලග්න හිමිකාරයන්ගේ  චරිත ලක්‍ෂණයකි.තමන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අන් අයට හෙළිවනවාට මොවුන් කැමැත්තක් නොදක්වයි. සියල්ල හිත තුල රදවා ගෙන කටයුතු කිරීම දක්නට ලැබෙන ස්වභාවයකි.සමාජ ඇසුරේදී වැඩි කතාබහක් නොමැති නිහඩව සිතිවිල්ලේ සිටීමට දක්‍ෂයෝ වෙති.
මිත්‍රයන් ඇති කරගැණීමේදී සහ සමාජ සම්බන්‍ධතා ඇති කරගැණිමේදි බෝහෝ පරිස්සමින් සිතා බලා සම්බන්‍ධතා ඇති කරගනි.තම ඇසුරු කරන අයගෙන් ඈත්වීමට සිදුවන අවස්ථා වලදීද හිතා බලා  එසේ  සිදු කළ යුතුමනම් එම තීරණයට එළඹේ.
අභියෝගයන් ජයගෙන ඉදිරියට යාමට  වෙර දැරුවත් කඩිසරව එම කටයුතු වල  නියලීම නොකර හෙමින් සීරුවේ අරමුණු කරා ලංවීමට උත්සහා දරයි. මිළ මුදල් වියදම්   කිරිමේදී ලෝභ ගතියක් දරයි. තර්කාණුකූලව කතා කරයි. තමන් අන් අයට වඩා උසස් බව සිතමින් කැපී පෙනෙන්නට උත්සහා දරයි.

2010-11-15

මේෂ ලග්න හිමියෝ සටන් කාමී ය.


පිලිවෙළින් වියමන් කළ ලග්න හිමියන්ගේ ස්වභාවය දක්වන වියමන්  මින් පසු පිළිවෙළට ඉදිරිපත් කිරීමට මීදුම අදහස් කරයි. මෙම දත්තයන් මීදුම කියවු පොත් කිහිපයක් සහ සතිපතා පළවු  ජොතිෂ්‍ය පත්‍ර වල පළ කර තිබු දත්තයන් ආශ්‍රයෙන් නැවත වියමන් කරන ලද ඒවා බව සටහන් කරමි.

ඔබත් මෙම දත්තයන් ආදේශ කරමින් ඒවා පිළිබදව අධ්‍යයණයක් යෙදෙමින් ප්‍රතිචාර දක්වන්නේ නම් මැනවි.කේන්දරයක අනාවැකි කියවන ප්‍රවීණයෝ විවිධ කොණයන්ගෙන් කේන්දරය බලමින් තොරතුරු හෙලි කරන අතර මෙය සරලවු ශාස්ත්‍රයක් නොවන බව පොත පත අධ්‍යයණය කරන  විට පැහැදිළිවේ.ලිපියක් දෙකක් කියවීමෙන් අත්දැකීම් ලබා ගත නොහැකි අතර මීදුම ද එවැනි අත්දැකිම් නොමැති පර්යේෂකයෙකි. 

ඉඩකඩ ඇති විට සහ පාඨක ප්‍රතිචාරද නිරීක්‍ෂනය කරමින් දිගු වියමන් පෙළකට පිවීසීම මීදුම අදහස් කරන්නකි.

කැපී පෙනෙන පෞරුෂයක් හිමි  මේෂ ලග්න හිමියෝ සටන්කාමී අදහස් උදහස් දරන්නෝ වෙති. ඉලක්කයන් ඇති කරගැණිමටත් ඉලක්කයන් කරා යාමටත් දක්‍ෂයෝ වෙති. ආත්මාර්ථකාමි අදහස් ඇති මොවුන් තම සුඛ විහරණය අන් අයගේ සැපතට පැවරීමට මැළි වෙන ගති ලක්‍ෂන ඇත්තෝ වෙති.කඩිසර , කීර්ති ප්‍රසංශා අඹා යන සැම විටම මුල් තැන ගෙන කටයුතු කිරීමට උත්සහා කරන මේෂ ලග්න හිමියෝ ආඩම්බර යෙන් යුතුව ජීවත්වීමට කැමැත්ත දක්වන්නෝ වෙති.

වාද විවාද නොඉවසන හොදින් බැරිනම් නරකින් හරි තම ඉලක්කය ඉටු කර ගන්න  කැමති මේෂ ලත්න හිමියන් සණ්ඩු සරුවල් වල පැටලීම නම් සුදුසු නොවෙයි. “ තලා පෙලා හෝ දිනන්න බලයි.”එම ස්වරූපය නිසාම කරදරයන්ට මැදිවේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ස්වයං රැකියා ආදියේ යෙදීමට කැමැත්තක් දක්වන ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්ත දැක්වීම වැඩිහිටි වයසට පත්වක මේෂ ලග්න හිමියන්ගේ ලක්‍ෂණයකි.

2010-11-10

ධනවත් ලෝභ මකර ලග්න කාරයා.



මෙවර මීදුම අවධාණය යොමු කරන්නේ මකර ලග්න හිමියන්ගේ ගති ස්වරූප පිළිබදව තොරතුරු හෙළි කරන්න.

මකර ලග්න හිමියෝ බලයට බොහෝ කැමති පුද්ලගයන් බව සදහන් වනවා.නිසි අනිසි ලෙස බලය පාවිච්චි කිරීම මකර ලග්න හිමි යන්ගේ ගති ලක්‍ෂණයක් බවයි සදහන් කරන්නේ. මනසේ බලයට වඩා ශරීරයේ බලය පාවිච්චි කරන, තමන්ගේ වාසිය සැලකීම , අභියෝග වලට මුහුණ දී ජයග්‍රහණයම හිතන කම්මැලි නැති , පැවතුම් මේ අය තුල දක්කට ලැබෙන බව සදහන් වෙනවා.

අයවැය තුලනය කර කටයුතු කිිම මොවුන්ගේ ලක්‍ෂණයක්. මුදල් පිළිබද අශාව සහ බලය ලබා ගැණිමේ අශාව කැපී පෙනෙන චරිත ලක්‍ෂණයක්. ව්‍යාපාර කටයුතු හැසිරවීම, යහපත් කළමණාකරණය , අප්‍රතිහත ධෛර්ය, පරාජයේදී පවා උදව් නොඉල්ලන ස්වභාවය මකර ලග්න හිමියන්‍ගේ චරිත ස්වභාවයක්.

මිත්‍ර සමාගමට එතරම් කැමැත්තක් නොමැති වුනත් සීමිත මිත්‍ර සමාගම් පැවත්වීමට කැමැත්තක් දක්වන්න මකර ලග්න හිමියෝ සෑම දෙයකින්ම අය ( ලාභය ) ගැනම සිතන්නෝ බවයි සදහන් වෙන්නේ. ඉඩ කඩම් දේපල රැස් කරන්න කැමැත්ත දක්වනවා.

සිහින් පියකරු සිරුරක් මකර ලග්න හිමියන්ට තියනවා කියලා සදහන් කරනවා. ඔබත් මකර ලග්න හිමියෙක් නම් මේ ගති ලක්‍ෂණ තියෙනවාද කියලා ආදේශ කරලා බලන්න.

2010-11-03

වෘශ්චික ලග්න හිමියෝ මානව හිතවාදී ද ?.





ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ  වෘශ්චික ලග්න හිමියන්ගේ ගති ස්වරූපයන් පිළිබදව  මීදුම එකතු කර ගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. අපි අතර ඉන්න වෘශ්චික ලග්න හිමියන්ට මේ ගති ස්වභාවයන් ආදේශ කරලා කොයිතරම් නිවරදිද කියලා බලමු.

වෘශ්චික ලග්න හිමියෝ සෘජු ගතිගුණ ඇති එඩිතර අදහස් ඇති අය කියලයි සදහන් වන්නේ. හිතේ කිසිවක් ඉතිරි කරන්නේ නැතිව අදහස් ප්‍රකාශ කරන ඒ වාගේම කටයුතු කිරීමත්   අවංකව කටයුතු කිරීමත්  මේ අයගේ ලක්‍ෂණයක් බවයි සටහන් වන්නේ . ඕනෑම විෂයයක් පිළිබදව දක්වන අදහස්  ක්‍ෂණිකව අවබෝධ කරගන්නා ඥාණයක්  මේ අයට තියෙන බවත්  සදහන් වනවා.
වැඩ පල කඩිසරව  කරන ආඩම්බර ගතිපැවතුම් ඇති, විවේචනශිලි සිතිවිලි ඇතිව තර්කානුකූලව සිතන ස්වභාවයක් මේ අයට තියෙන බවත් , යමක් ඇසු  පමනින්ම පිළිගන්න කැමති නැති බවත්  සදහන්වු තවත් කරුනක්.
සමාජයේ කැපී පෙනෙන පෞරුෂයක් හිමි, මානව හිතවාදීව කටයුතු කරන  අන් අය හට ගරු කරන නිහතමාණි ගති පැවතුම් ඇති බවක් විෂේශිත ලක්‍ෂණයක්. දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කරන මොවුන් තම වැඩ කටයුතු පවා පසුවට කල් තැබුවත් ඉලක්ක ගත අවස්ථාව වන විට නිම කර සැහැල්ලු වනවා දක්නට පුළුවන්.

ඉක්මනින්ම කේන්ති යාම දුර්වල කමක් ලෙස සදහන් වුවත්  එ සැනින්ම යථා තත්වයට පත්වන්න මෙයාලට හැකි බවත්  සදහන් කරන සුවිශේෂ  ලක්‍ෂණයක්.

2010-11-01

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.......



ගමට කලින් හිරු මුළු තැන් ‍ගෙට වඩනා 
ඒ හරු එළියේ නැණ  මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලොවුතුරු  සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..........

රෑ කරුවල  අරගෙන
දරුවන් එනතුරු
සිත නෑ
නිවන් දකින්නේ

රෑ කරුවල ඇවිදින්
ඉකිබිද ඇඩුවත්
නෙත නෑ නිදි විද ගන්නේ

හෙට අරුනට සැරසෙන  
තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි,  
කවදාදෝ  ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ

වෙල් එළි වල ඇවිදින
දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා

බෝ මළුවක ඇවිලෙන
පහන් වැටක් සේ
තුන් සිත නිවි සැදේවා

මතු උපදින සසරේ
විශාඛාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියෙනි  
ඔබේ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා.........

ගමට කලින් හිරු මුළු තැන් ‍ගෙට වඩනා 
ඒ හරු එළියේ නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලොවුතුරු  සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

-          
ගාගායනය  කරුනාරත්න දිවුල්ගනේ