රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2026-07-27

වතුකරයේ අවමගුල් සිරිත්.



අද හිණ්දු ආගමික ද්‍රවිඩ ජනතාව සෙයා ගිය ගමනක්.

මට වඩාත්ම සමීප වතුකරයේ ද්‍රවිඩ ජනතාව. ඔවුන් අසල්වාසීන් සහ නිතර නිතර කාර්ය කටයුතු සදහා සම්බන්‍ධවන්නන්. මේ නිසා අසල්වාසීන් ලෙස සලකා විවිධ අවස්ථාවල සම්බන්ධ වී අත්දැකීම් තියෙනවා.

.උතුරේ ද්‍රවිඩ ජනතාව සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතර අවමගුල් චාරිත්‍රවල පොදු හා හිණ්දු ආගමික ලක්ෂණ තියෙනවා.ඒත් ප්‍රාෙද්ශීය සංස්කෘතිය ,ජීවන රටාව සහ කුල ක්‍රමයේ බලපෑම් මත අවමගුල් සිරිත් විරිත් වල නොයෙක් වෙනස් කමුත් තියෙනවා. 

නිවසේදී මරණයක් සිදුවු පසු මෘතදේහය ද දකුණට හිස දමා නිවයේ තැන්පත් කරනවා. රෝහලකදී නම් සිදුවන්නේ මරණය නිවසට ගෙන  ආපසු එසේ සිදුකිරීමයි. දේහය තැන්පත් කිරීමට පෙර  දේහය නාවා පිරිසිදු කිරීමට  කහ සහ සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර ජලය බහුලව භාවිත කෙරේ.  නළලේ තිරුනීරු තැබීම සිදු කරන අතර, ඉන්පසු සිරුරේ හිස දකුණු දිශාවට හැරෙනසේ නිවසේ තැන්පත් කෙරේ.

ඉන්පසු අවමඟුල් පෙරහැර ආරම්භ වන තෙක් මියගිය අය වෙනුවෙන් විශේෂ ධාන්‍ය වර්ග හෝ කාසි පඬුරු ලෙස වෙන් කිරීමේ සිරිතක් පවතී. දේහය නිවසින් පිටතට ගන්නා විට වතුකරයේ "කොල්ලි වයිත්තල්" චාරිත්‍රය සඳහා ගිනි කූඩයක් (ගිනි අඟුරු සහිත මැටි බඳුනක්) රැගෙන යාම පවුලේ ප්‍රධානියා විසින් සිදු කරයි. අවමඟුල් පෙරහැර යන අතරතුර පාර දිගේ "පොරි" (බැදපු වී/ඉරිඟු) සහ කාසි ඉසීම වතුකරයේ ඉතා ජනප්‍රිය සිරිතකි.

වතුකරයේ ආර්ථික අපහසුතා සහ දර හිඟකම නිසා බහුලවම සිදු කරන්නේ භූමදානය කිරීමයි. බොහෝ වතුවල  වෙන් කර ඇති පොදු සුසාන භූමියක මෙය සිදු කෙරේ. වළ දැමීමට පෙර මියගිය අයගේ මුඛයට නෑදෑයින් විසින් අවසන් වරට සහල් ඇට දැමීමේ (වායිකිරිසි) චාරිත්‍රය මෙහිදී ඉතා භක්තිමත්ව සිදු කරති.

වතුකරයේ මරණයෙන් පසු "කරුමාදි" (Karumathi) නමැති ප්‍රධාන චාරිත්‍රය සාමාන්‍යයෙන් සිදු කරන්නේ 8 වන හෝ 16 වන දිනයේදීය. මෙහිදී මියගිය අය වෙනුවෙන් "පිණ්ඩම්" (බත් පිඬු) සාදා ගඟකට හෝ ගලායන ජලයකට දැමීම සිදු කරයි. එදින රාත්‍රියේ මියගිය අය වෙනුවෙන් ඔවුන් ප්‍රිය කළ ආහාර වර්ග (සමහර විට මාංශමය ආහාරද ඇතුළුව) පිළියෙල කර පූජා කිරීමේ සිරිතක් වතුකරයේ පවතී.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-25

මතක පූජා දිව්‍ය පූජා යාගය



මල්ලී,

දුරකථනයේ ජෙනී අක්කාගේ ඇමතුම.

හෙටට පැට්රික් අයියා නැතිවෙලා දවස් හතලිස් පහයි.

බෞද්ධයෙකු වන මට කතෝලික ආගමේ මළවුන් වෙනුවෙන් කරන ආශිර්වාද ගැන ඒතරම් අවබෝධයක් නැහැ.

මම පදිංචි බෙලිහුල්ඔය මධ්‍යම කදුකරේ බස්ණාහිර බෑවුමේ.පැට්රික් අයියා පදිංචිව සිටියේ මීගමුවේ. මම පදිංචිමේ ප්‍රෙද්ශයේ සියයට අණුවක්ම බෞද්ධ ජනතාව.

මම හොයලා බැළුවා මෙදිනට කෙරෙන ගුණානුස්මරණය පිලිබදව මගේ කතෝලික මිත්‍රෙයක් ගෙන්

ප්‍රධනාතම ආගමික චාරිත්‍ර යේදී  මළවුන් අතරට එක්වු තැනැත්තාගේ ආත්මයට සෙත් පතා  දේවස්ථානයේදී සිදුකරන"මතක පූජා දිව්‍ය පූජා යාගය “  කතෝලික 

බැතිමතුන්ගේ එක් චාරිත්‍රයක්.

පසුව පවු කමාව යැදීම සිදුකරනවා.

බැතිමතුන්ගේ විශ්වාශය මියගිය අයගේ ආත්මය ශුද්ධීකරන ස්ථානයේ  (Purgatory) පවතී නම් පව්වලට සමාව ලබා දී සදාකාලික මෝක්ෂ සුවය අත්කරදෙන මෙන් දෙවියන් වහන්සේගෙන් අයද සීටීම මෙම කටයුත්තේ අරමුණයි.

දිව්‍ය පූජාවෙන් පසුව පවුලේ ඥාතීන් සහ හිත මිතුරන් සමග සෙහොන් බිමට විත් සොහොන මල්වලින් සරසා පහන් දල්වා පියතුමා විසින් සොහොනට පැන් ආශිර්වාද කර මළවුන් උදෙසා යාච්ඥා ගායනා කරති.

පින් පැමිණවීම පිණිස දුප්පත් අයට දානමාන දීම හෝ අනාථ නිවාස/වැඩිහිටි නිවාසවලට ආධාර කිරීම බොහෝ දෙනෙක් සිදු කරති.

නිවසට පැමිණෙන ඥාති හිතමිතුරන් වෙනුවෙන් දිවා ආහාරය හෝ තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබේ.මෙම දිනයේදී කතෝලික පවුල් එකට එකතු වී මියගිය අය සමාජයට සහ පවුලට සිදුකළ සේවය අගය කරමින් ඔහුව/ඇයව ආදරයෙන් සිහිපත් කරති.

මෙම චාරිත්‍රය මගින් මියගිය තැනැත්තාගේ ආත්මයට සැනසීම ලැබෙනවා සේම, ශෝකයෙන් පසුවන පවුලේ අයට ආත්මික ශක්තියක් සහ සහනයක් ද උදාවේ.

ඒ කතෝලික ආගමික සිරිත් විරිත්ය.

මේ සටහන සමග මට වෙනත් ආගම් අදහන ජනතාවගේ අවමගුල් සිරිත් විරිත් ගැන වියමන් කරන්න හේතුවක් ඇති කලා.

ඊලග වියමන් කිහිපයක් ඒ වෙනුවෙන් වෙන් වේවි.

පැට්රික් අයියාට  සදාකාලික මෝක්ෂ සුවය අත්කරදෙන මෙන්  මම දෙවියන් වහන්සේගෙන් අයදිමි.







A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-21

පීරිසි කෝප්පයක් - සංඝාඥාවක්


පසුගිය සති අන්තය තනිවු දියණියක නැසීගිය තම ස්වාමි පුත්‍රයා වෙනුවෙන් ඉටු කරන ලද බණ සහ දානමය පුණ්‍යනුමෝදනාවකට මැදිව ගෙවීගියේ පහන් සිතකිනි.

එක අතකින් හතරපේරුවේ ඥාති මිත්‍රාදීන්ගේ එකතුවක්.

සම්භාෂාණයක්.

මතුලක් තුලාවක් දානයක්  අවසන කැඩී බිදී ගිය පීරිසියක් කෝප්පයක් නොතිබුනොත් එය අඩුපාඩුවක්.

අද කතාව එවැනි පීරිසියක් සහිත කෝප්පයක් ගැන.

වර්තමානයේ වැඩිවුන ජනගහණයත් එක්ක පන්සල් ප්‍රමාණයත් වැඩිවෙලා.

එක ගමකට පන්සල් දෙක තුනක්. !.

දායකයින්ට මේ හැම පන්සලක් එක්කම සම්බන්ධකම් තියාගන්න ඕනි.

නැත්නම් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ සිත් සතුටු වෙන්නේ නැහැ.

රජරට පැත්තේ පන්සල්වලට ගොදුරු බිම් තියෙනවා කියලා මම අහගත්තේ දවසක පිදුරංගල විහාරයේ නවාතැන් ගත් දිනක පුංචි හාමුදුරුකෙනෙක් එක්ක කල කතා බහකදී.

ඒ අනුව නම් අපේ පැත්තේ  පන්සල් කිහිපයක ගොදුරු බිම වෙලා තියෙන්නේ එක ගමක්.

දායකයින්ටත් බොහෝම සීරුමාරුවෙන් තමයි පින් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ.

නැත්නම් එක් එක් පන්සල් දායකයින් මට අඩුවෙන් සැලකුවා කියලා තක්සේරු කරනවා. හිත් අමනාප කම් ඇති කරගන්නවා.

මේ දියණිය එක් පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේට ආරධනා කරනවා මම අහවල් දවසේ දානයක් දෙනවා. කලින් දා බණක් අසාගන්නත් ඕන කියලා.

හාමුදුරුවෝ අහනවා කී නමකට ආරධනා කරන්න ඕන ද ? 

බලාපොරොත්තුවු ස්වාමීන් වහන්සේලා ගාන දැණුම් දෙනවා.

ඇගේ ආරධනාව පිලිගන්න හාමුදුරුවෝ අනෙක් පන්සල්වල ස්වාමීන් වහන්සේලාට ආරධනා කරමින් ,දානමය කටයුතු සංවිධාණය කරනවා.

ආරාධිත දියණිය වෙනුවෙන්.

එයයි සම්ප්‍රදාය….. පන්සලක් පන්සලක් ගානේ ගොස් ආරධනා කරන්න ඕන නැහැ.

දියණිය දානෙට සමීප දිනක යලිත් පන්සලට ගිහින් ප්‍රවාහණ පහසුකම් සපයන්න උපදෙස් ගන්නවා .ඒ අනුව දානේ දවසේ එක් එක් පන්සලට ස්වාමීන් වහන්සේලා වඩම්මා ගෙන ඒමට වාහන පිටත් කරනවා.

එක පන්සලකට ගිය වාහනේ හිස්ව එනවා.

බිදුන පීරිසි කෝප්පේ එතන…..?

ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ මේ වගේ කතාවක් කියනවා.

හාමුදුරුවන්ගේ “ අණ ගුණ සහ බණ “ කියන ග්‍රණ්ථයේ 29 වෙනි කතාවේ.

ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානෙකට ආරාධනා කරනවා.

ආරධනාව බාර ගන්නවා.

සියළු කටයුතු සුදානම් කරලා යාන වාහනත් පන්සලට යවුවට පස්සේ හාමුදුරුවේ කියනවා දානෙට වඩින්න බැහැ කියලා. 

හේතුව වෙනත් පන්සලක් ලග තියෙන ඉඩමක් පිලිබදව එම පන්සලේ හාමුදුරුවන් සමග දායක මහත්තයාත් සමග තියෙන ආරවුලක් !

එතනත් බිදුන පීරිසි කෝප්පයක් - සංඝාඥාවක් පනවලා.





A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-20

සියදිවි නසා ගැණීම



මියයති .

නන් අයුරින් මිය යති.

ස්වභාවිකව , රෝගාතුරව, වයෝවෘදව මියයති.

මිණිමැරීම් සිදුවේ. මිණිමැරීම් නොවන මිණිමැරීම් ද සිදුවේ. ( ආයුධ පෙන්වීමට ගොස් වගේ )

දැන් අමුතු මෝස්තරයක මියයාම් වාර්තා වෙයි. 

ඒවාට සියදිවි නසාගැණීම් යයි කියති.

මේ සටහන සියදිවි නසාගැනීම් ගැන උවත් වර්තමානයට අදාල නොවන සටහනකි.

බොහෝමයක් ආගමික දර්ශණයන්ට අනුව සියදිවි නසාගැනීම පරපන නැසීමට සමානය.එයත් මිණීමැරීමකි.

දැන් නම් නව දේශපාලන ප්‍රවණතා අනුව සියදිවිනසා ගැනීමත් මිණිමැරීමක් ලෙස මාධ්‍ය හම ගසයි.

අතීත එස්කිමෝ Eskimo නෝස්වරු Norse  සමෝආන් Samoan සහ ක්‍රව්න් ඉන්දියා crown India වරු සියදිවිනසාගැනීම සිරිතක් , සම්ප්‍රදායක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ.වයස්ගතවුවන් ,අසාධ්‍ය රෝගීන් සියදිවි නසාගැනීම සමාජයට කරන සේවවාක් සත්කාරයක්යැයි පිලිගැනීමක් ඔවුන් අතර තිබිනි.සමහර එස්කිමෝවරු අතර සියදිවිනසාගන්නැයි බාහිර පාර්ශවයක් විසින් තුන්වරක් ඉල්ලා සිටීම සිය දිවිනසාගැණීමට හේතුවක්වේ.

මෙම සිරිත සමාජය වෙනුවෙන් කරන සේවාවකි.

( මෙවැනි සිරිත් අපි අනුගමනය කල යුතු නොවේ. )

අපිට මතක කාලේ සියදිවිනසාගන්න උනන්දු කරපු නායකයෙක් තමයි. ප්‍රභාකරන්. එයා තම කාඩර්වරුන්ගේ බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලුවා හමුදාව අතට පත්වුනොත් ඒක කාලා මැරෙන්න. මිනිස් බෝම්බ වලිනුත් කලේ මරාගෙන මැරෙන එක.

හවායි සහ සෑන්ඩ්විච් දූපත්වාසීන් අතර තිබු සිරිතක් තමයි රජතුමා මැරුන විට ඔහුට ගෞරව කිරිමක් වශයෙන් රාජ්‍ය නිලධාරීන් සිය දිවි නසාගැනීම.

පැරණි ග්‍රීක සමාජයද සියදිවි නසාගැණීම සැලකුවේ රජුන්ට කරන බුහුමනක් ලෙසයි.

බෙංගාලයේ සහ ඉණ්දියාවේ සමහරක් ප්‍රාන්තවල තම සැමියන් මියගිය පසු එම චිතකයන්ට පැන සියදිවිනසා ගන්නා චාරත්‍රයක් තිබුනා.

මේවා ඉංග්‍රීසි ආධිපත්‍ය යටතේ වෙනස් වුනා.

තමන්ගේ බඩ පාගෙන දිවි තොර කරගැනීම තවත් සියදිවි හාණිකරගැණීමක්.

දෙවෙනි ලෝක යුද්ධ සමයේ ජපන් යුද හමුදාවේ විශාල පිරිසක් සතුරාට අහුවෙන්න පෙර මෙසේ කර ගෙන තියෙනවා. ජපනුන් මේ ක්‍රමය හරාකිරි ( Harakiri ) සෙප්පුකි (seppuki) යන නම්වලින් හදුන්වනවා.

ඇතෑන්ස්වැසියන් සියදිවිතොරකර ගැණීම නීතී විරෝධී කටයුත්තක් ලෙස සැලකුවේ නැහැ. එහෙත් ගෞරවණීය ලෙස අවමගුල් චාරිත්‍ර පැවත්වීම තහංචියක් වුනා.

යුදෙව්වන් ප්‍රසිද්ධ සුසානභුමිවල අවසන් කටයුතු කිරීමට අවස්ථාව දුන්නේ නැහැ. පාළු හුදකලා ස්ථාන භුමදාන කටයුතුවල යොදා ගත්තා.

ප්‍රංශයේදී සිදුව ඇත්තේ අවමන් ලෙස පාරදිගේ ඇදගෙනවිත් පෝරකයේ එල්ලා තැබීමයි. ජර්මනියේදී සිරුර නිර්වසුත්‍ර කර ගගේ පා කර හැර තිබෙනවා.

නෝර්වේ වැසියන් කැළයට ගෙනවිත් දමා පුළුස්සා දෑමීමයි කර ඇත්තේ.

මේ චාරිත්‍ර විධි වලන් හැගෙන්නේ සියදිවිනසා ගැණීම මරණයේ ගෞරවත්වය හාණිකර ගැණීමක් ලෙසයි.










A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-16

කරුමය



“හත් වසක ප්‍රේමය

බොඳවුණු  අයුරු  අරුමය

මේ  අපේ කරුමය

හිත හදාගත්තෙ 

මං  ඔන්න ඔහොමය“

මූණු පොතේ සටහනක් තිබුනා. ඒ අහිමි ප්‍රේමයක් ගැන.

අපේ රටටම අහිමිවුන ප්‍රේමයක් තියෙනවා.

අපි අවංකවම එයාලට ප්‍රේම කරනවා ආදරේ කරනවා. ඒත් ඔවුන් බොරු පූචානම් කිව්ව බව අපිට පස්සේ තේරෙන්නේ.

මේ එබදු බලාපොරොත්තු කඩවුන සමයක්.........අපේ කරුමය ?.

කරුමය - කිව්වාම මතක් වෙන්නේ —-------------

නොවුන දෙයක් පිලිබද පසුතැවීමක්. වේදනාවට පත්ව පශ්චාප්තාත්වීමක්.

ඒත් කර්මය කිව්වාම මතක් වෙන්නේ වෙන අර්ථයක්.

ඇත්තෙන්ම කරුම සිද්ධවන්නේ කර්මය නිසා කියලයි මට හිතෙන්නේ.

කර්ම පලදෙනවා. යහපත් විදියට මෙන්ම අයහපත් විදියට.

හත්වසරක ප්‍රේමය කරුමයක් වෙලා නිමවෙනවා.

පස්සේ ඇතිවන පෙු්මයක් ජීවිත කාලයම පවතිනවා

සතුටින් සාමදානයෙන්.

ඒකත් කරුමයක් ?.

කර්මය කියන්නේ “ චේතනාවක් “ 

බුදුහාමුදුරුවෝ හාමුදුරුවරුන්ට කියනවා.“ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියලා.

මේ අනුව සිතන චේතනා සිදුකරන කරන කර්මයන් යහපත් හෝ අයහපත් විය හැකියි.එසේ ම යහපත් කර්ම හේතුවෙන් සැප දායක සැනසුම් ඵලවන යහපත් විපාක ද, අයහපත් කර්ම හේතුවෙන් දෙනෙත් කඳුලින් තෙත් කරවන දුක් විපාක ද ගෙන දෙනු ලැබේ. යහපත් කර්ම වලට .ගෙන දෙන සැප විපාක ආනිසංස නමින් ද දක්වා ඇත. යහපත් කර්මයන් ගේ දායාදය ද එය ම වේ

බණ කියනවා……

ගිණි පත්තුවෙලා ඉන්න වෙලාවක.

බණ අහන්න ඕනි ඒ වෙලාවට තමයි.

යහපත් චේතනාවෙන් සහ අයහපත් චේතනාවෙන් කරන

කුසල අකුසල කර්ම වලට විපාක දෙනවා..

කාලය අනුව වර්තමානයේම අනාගතයේ මතු ආත්ම වල විපාක දෙන ක්‍රම විවිධයි

(1) දිට්ඨධම්මවේදනීය

(2) උපපජ්ජවේදනීය

(3) අපරාපරියවේදනීය

(4) අහෝසි කර්ම කියා . බුදු බණෙ කොටස් හතරකට බෙදෙනවා.

තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොවදීම විපාක ලැබෙනවා. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත වීථියෙහි පළමු ජවනයේ ශක්තියෙනි) - දිට්ඨධම්මවේදනීය. එසේම අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. (එහි පහළ වූ චිත්ත වීථියෙහි සත්වන ජවනයාගේ ශක්තියෙනි) මේවා උපපජ්ජවේදනීය කර්ම යැ යි කියනු ලබනවා අපරාපරියවේදනීය නම් මේ ජීවිතය ද මතු මීළග ජීවිතය ද හැරුනු කළ දිගු සසර දී විපාක දෙන කර්ම වේ. 

මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නො ලැබුණොත් මතු විපාක නො දෙනු ලැබේ. ඒ විපාක කොටස අහෝසි වී යයි. පරලොව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් නො පැමිණිය හොත් අහෝසි වී යයි. - අහෝසි කර්ම

එහෙයින් අයහපත් කර්ම කළ යුතු නොවේ. කරුමයක් වන්නේ එවිටයි.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-15

දේශපාලන සාක්ෂරතාවය.




පඩුකරඳ ගහ , රාජංගතයේ ගොවීන්ගේ ජලහිගය සහ තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ……………..තව තවත් විරෝධතා සහ අද සිදුවන කලින් වෙන් කල මුදලින් කරන ව්‍යාපෘති   මතක් කර ගත් විට බලය සදහා කරන දහජරා වැඩ ගැන පිළිකුලක් ඇති වන්නේ නැද්ද   ?.

පරිසරය , සමාජය වෙනුවෙන් පෙනී සිටීම වැදගත්ය. 

එහෙත්  අන්තවාදය ඔස්සේ පමණක් ප්‍රශ්න දෙස බලන්නට යාම නුසුදුසු වන්නේ සෑම විටම සංවර්ධන ක්‍රියාවලීන් හා පරිසරය අතර අනිවාර්ය ගැටුම් මතුවන නිසාය.

ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ වංචාකාරී ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් පරිසර හා සමාජ  ප්‍රේමය අවභාවිත කිරීමය.

එකම ප්‍රශ්නයක් වෙනුවෙන් පාලකයන් දෙදෙනෙක් යටතේ සපුරා දෙවිදිහකට ප්‍රතිචාර දැක්වීම ඒ වංචනික බව පිළිබඳ එක් උදාහරණයක් පමණි.

එහෙත් දේශපාලනය පමණක් දූෂිත බවත් පරිසර හා සමාජ ප්‍රේමය ඉතා අහිංසක පිවිතුරු දෙයක් බවත් බොහෝ දෙනා විශ්වාස කරති.

නමුත් ලංකාවේ සහ නූතන ලෝකයේ වඩාත්ම වංචනික දේශපාලන මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වඩාත්ම සුන්දර හා අහිංසක යැයි පෙනෙන ලේබල් යටතේ බව අප අමතක කළ යුතු නැත.

කළ යුත්තේ කිසිවෙකුට පුද්ගලිකව බැණ අඬගැසීම නොව මේ පුංචි සිදුවීම් පසුපස ඇති ලෝක දේශපාලනයේ මහා පින්තූරය නිවැරදිව තේරුම් ගැනීමය.

ඊට අවැසි සාක්ෂරතාව අප තුළ නොමැති වීම නිසා කලින් කලට විවිධාකාර වංචාකරුවන් වීරයන් බවට පත් කරගැනීම අපේ විනෝදාංශයක්  බවට පත්වී තිබේ.


- Next page.






A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-12

අස්වැසුම ජනතාවගේ මාතෘකාවක්.



අස්වැසුම  ප්‍රතිලාභීන්ගෙන්  කිසියම් සේවයක් ලබාගත යුතුයැයි මතයක් පලවෙනවා.

නිකම්ම ප්‍රතිලාභ ලබාගැණීමෙන් යැපීම ප්‍රතිලාභ නොලබන්නන්ගේ දෝෂ දර්ශණයට ලක්වෙන්නක්.

 ප්‍රතිලාභවලට සරිලන්න වැඩක යොදවනවනම් කියලා එයාලා හිතනවා. ඒ නිකම්ම සල්ලි දෙන්න ඕනිි ද කියන මානසිකත්වයෙන්.

අස්වැසුම - අස්වැසුමක් පමනක් විය යුතුයැයි කියලා මම හිතනවා. අස්වැසුම්ලාභියා හැමදාමත් අස්වසමින් ඉන්න ඕන නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක තියෙන්න ඕන ඡණ්දෙන් බඩ තර කර ගන්න දගලන කපටින්ට විතරයි.

අස්වසමින් අර්ථපතියෙක් ගොඩ නගන ක්‍රමවේදයක් තිබිය යුතුයි. එය සිදුවෙන්නේ නැහැ.

1977 විවෘත ආර්ථිකය ආරම්භවීම සහණාධාර ලබාදීම පරිණාමයට ලක්වුනා. ඉලක්කගතව දුප්පත්කම පිටු දැකීමේ ක්‍රමයන් වෙත සහණාධාර ක්‍රමවේදයන් මාරුවුනා.

එතෙක් පැවති සහල් සලාකය , වැනි ප්‍රධාණයන් අත්හිටවුනා.

ඒ වෙනුවට ආහාර මුද්දරය , ජණසවිය 1989 , සමෘද්ධි ව්‍යාපාරය 1995 ,ඉන්පසුව අස්වැසුම ඇතිවුනා.

මේ මොන නම් වලින් හැදුන්වුවත් මේවායේ ප්‍රතිපත්තිමය කාර්යභාරය එකක්වුනා.

මෙය දුප්පතුන්ට දීමනාවක් ගෙවීමේ ව්‍යාපෘතියක් නොව දුප්පතුන් නගා සිටුවීමේ ව්‍යාපෘතියක්.

ආරම්භවු යුගයේ සිට මේ වනතුරු ප්‍රතිපත්ති රාමුව තුල ක්‍රියාත්මක වුනානම් මේ වනවිට  ගතවු කාලය අනුව අපේ රටේ දුප්පතුන් සිටිය නොහැකියි. 

ඒත් දුප්පතුන් දිනෙන් දින වැඩිවෙනවා.

එසේනම් එහි අඩුපාඩු තිබිය හැකියි.

අස්වැසුම යටතේ යටතේ දිළිදු පවුල් කාණ්ඩ හතරකට බෙදා ප්‍රතිලාභ සලසනවා.

අතිශය දිළිදු , දිළිදු , අවධානමට ලක්විය හැකි, සහ තාවකාලික මේ කාණ්ඩ හතරයි.

අවධානමට ලක්විය හැකි , සහ තාවකාලික කාණ්ඩ ඉක්මණින් පුනරුත්ථාපනයට ලක්කල හැකි කාණ්ඩ ලෙසයි දකින්නේ.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩ පිලිවෙලක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක අංශ තුල නැහැ කියලා හිතනවා.මොවුන් උපයන්නන් බවට පත්කල හැකි ක්‍ෂෙත්‍ර තිබුනත් යොමු කිරීම ,උනන්දු කිරීම වෙනුවට මාසිකව සහණාධාර සැපයීම සිදුකරනවා.

ඒ වෙනුවට ප්‍රාග්ධණය සැපයීම  ,මගපෙන්වීම සිදුවන්නේ නැහැ. 

ග්‍රාමීය මට්ටමෙන් උපදේශකයෝ රැසක් ඉන්නවා.

සමෘද්ධි සංවර්ධණ , කෘෂිකර්ම සංවර්ධණ හා පර්යේෂණ , ආර්ථික සංවර්ධන ………යන විවිධ තනතුරු ලාභින් වාර්තා , ලිපි ලේඛණ සකස්කරන ලිපිකරු සේවාවක් පමනයි. මොවුන් තම තනතුරට අයත් කාර්යභාරයට පුහුණුවක් වත් ලබා නැති පිරිසක්.

අඩුම තරමින් ගම සමෘද්ධිමත් කිරීමටවත් මොවුන් මෙහෙවන්න රජය  කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. 

සමාජ සුභසාධනය අප සමාජයට අළුත් දෙයක් නෙමෙයි.

එය විවිධ ස්වරූපයෙන් සමාජයට ප්‍රතිලාභ සපයනවා.

සෞඛ්‍ය , අධ්‍යාපන ,සහනාධාර ,මංමාවත් …………ඔය වගේ ලැබෙන සහනාධාරත් අස්වැසුමට සමානයි.

රාජාණ්ඩුකාලයේත් මෙවැනි කටයුතු පැවතුනා. ගැමි සමාජය අත්තම් ක්‍රමය වැනි එකිනෙකාට උදව් කර ගන්නා සුභසාධනයක් අනුගමනය කලා.

පෘතුගීසි ලන්දේසි සමයන්හි සමාජ සුභසාධනය නොතිබුනත් එකල්හි ඔවුන්ගේ සුභසාධනයට ැපේ සමාජය යොදා ගත්තා.

ඉංග්‍රීසින් ගේ සමයේ බිද වැටී තිබුන සම්ප්‍රදායික සුභ සාධන කටයුතු වෙනුවට ඔවුන්ගේ වාසිය සදහා  සුබ සාධනයක් ඇරඹුනා.

වතුවගාව නිසා සංක්‍රමණයවු ඉණ්දියානු ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් නිවාස සෞඛ්‍ය ගැටළු විසදීමට අනපනත් නීතී පැනවීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සිදුවුනා.ඒවා පොදු ජනතාවටත් බලපෑවා.

1930 මැලේරිය වසංගතය රජය සෘජුවම සුබ සාධනයට මැදිහත් වීම - සුබ සාධනය ආරම්භවිමේ ප්‍රෙව්ශයක් !

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඡණ්ද බලය ලැබුනා. දේශපාලකයින් හට  සුබ සාධන කටයුතු මැදිහත් වීම සදහා අවස්ථාව ලැබුනා.

1948 නිදහසින් පසුව රජය ගොඩනැගුනේ සුබ සාධන රාජ්‍යයක් ලෙසයි.

නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞඛ්‍ය , ආහාර සහනාධාර රටේ සහ දේශපාලකයන්ගේ පැවත්මේ අත්තිවාරම වුනා.














A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-08

වෘත්තීය සමිති සහ ව්‍යාපාර.


යුනිලිවර් සමාගම යටතේ තිබුණු walls කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වල ක්‍රියාකාරකම් නිසා වැසී ගිය තවත් එක් සමාගමක් පමණයි..
අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී වෘත්තීය සමිති නිසා වැසී ගිය කර්මාන්ත ශාලා ගණන කොපමණදැයි ඔබ දන්නවාද???
WALLS කියන්නේ UNILEVER සමාගමට අයත් රටවල් 100 වැඩිය තියෙන අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක්. WALLS තමයි ලංකාවට ආපු පලමු සහ එකම ජාත්‍යන්තර අයිස්ක්‍රීම් ආයතනය. එතෙක් තිබුණේ Elephant House, Alerics , Woodlands පමණයි.
WALLS ලංකාවට අළුත් රස සහිත අයිස්ක්‍රීම් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ වගේම වේපස් කෝන් එක වෙනුවට වේෆල් අයිස්ක්‍රීම් කෝන් එක හඳුන්වා දුන්නේ WALLS. යුනිලීවර් කියන්නේ ලෝකයේ රටවල් 100 අධික ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිත අති දැවැන්ත බහු ජාතික සමාගමක්.
ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත සබන්, මාගරින්, ෂැම්පු, ටුත් පේස්ට්, නෝර් ඇතුළු ආහාර රසකාරක, සුප් කැට වර්ග, අයිස්ක්‍රීම් වෙළඳපොළ මුලුමනින්ම අයිති කර ගෙන තියෙන්නේ UNILEVER සමාගම.
යුනිලීවර් සමාගම රත්නපුර දිස්ත්‍රික්කයේ WALLS ෆැක්ටරිය රුපියල් මිලියන ගණනක විදේශ ආයෝජන සහිතව ආරම්භ කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ව දහසකට ආසන්න පිරිසකට ඉතාමත් උසස් වැටුප් සහ දීමනා සහිතව සියලු ප්‍රමිතීන්ට ෆැක්ටරිය ආරම්භ කලා.
පළමු වරට බයිසිකලයේ ශීතකරණ සහිතව රටපුරා ස්වයං රැකියා ලක්ෂ ගණනක් තරුණයන් කලා. ඔය චුන් පාන් වෑන් වල සංගීත ඛණ්ඩය පටන් ගත්තේ WALLS බයිසිකල්. WALLS ආයතනය ආරම්භ කලේ 2000 වසර කිට්ටුව. රුපියල් මිලියන ගණනක් ආයෝජනය කල ඔවුන් ශුද්ධ ලාභ බලාපොරොත්තු (NET PROFIT) වුනේ වසර දහයකින් පමණ.
එතෙක් විදුලි බිල්, යන්ත්‍ර උපකරණ වලට යට කල කෝටි ගණනක මුදල්, මාස් පතා කෝටියක් ඉක්මවු සේවක වැටුප්, වැනි සියළු වියදම් සහිතව WALLS ආයතනයට තිබුණේ නිෂ්පාදන ලාභයක් (Operating Profit) පමණයි.
WALLS ආයතනය පටන් අරං අවුරුදු දෙකකට පසු ජවිපෙ වෘත්තීය සමිතිය WALLS ආයතනයේ සේවකයන් කීප දෙනෙක් අල්ලා ගෙන වෘත්තීය සමිතියක් ආරම්භ කලා. ටික දවසකින් ජවිපෙ වෘත්තීය සමිතිය ආයතනය ලාබ ලබන බව කියමින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගත්තා.
ආයතනයේ පාලන අධිකාරිය තේරුම් කර දුන්නා ඔවුන් ආයතනය පාලනය කරන්නේ නිෂ්පාදන ලාබය හෙවත් OPERATING PROFIT මත මිස ශුද්ධ ලාභයකින් NET PROFIT නොවන බවත්, ලාබ ලබන්න තවත් වසර ගණනාවක් යන බවත්, කෙසේ වෙතත් ලංකාවේ තිබෙන උසස්ම සහ රජයේ නියමිත වැටුප් තල ඉක්මවා වැටුප් හා දීමනා ලබා දෙන බව.
නමුත් ජවිපෙ වෘත්තීය සමිතිය උද්ඝෝෂණ නවත්වන්න කැමති වුණේ නැහැ. ඔවුන් ඊ ලඟට වර්ජන ක්‍රියා මාර්ගයට යොමු වුණා. ජවිපෙ ලණුව කාපු සේවකයන් කිසිම දවසක හිතුවේ නැහැ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කරපු සමාගමක් වහයි කියලා. ලොව පුරා රටවල් 100 වඩා තිබෙන WALLS ආයතනය කිසිම හේතුවකට එක් රටක තිබෙන ෆැක්ටරියකට වෙනත් රටවල තියෙන ෆැක්ටරිවලට වඩා වෙනස් විදියට වැටුප්, දීමනා සහ ආහාර දෙන්නේ නැහැ.
යුනි ලිවර් තීරණය කලා WALLS වහන්න. ඔවුන්ට තිබෙන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය ශක්තිය හැටියට ලංකාවේ ෆැක්ටරිය වහන එක සුළු දෙයක් සහ එම පාඩුව රක්ෂණ වන්දි හැටියට ඇමරිකානු මව් සමාගමට ලබා ගන්න පුළුවන්. WALLS ආයතනය වහන කොට එහි සේවය කළ දහසකට ආසන්න තරුණයන්ගේ දෙමව්පියන් ආයතනයේ පාලකයන්ට වැඳ වැටී සමාව ඉල්ලුවා තමන්ගේ දරුවන් නොමග ගොස් කරපු දේට සමාවී ආයතනය වහන්න එපා කියලා.
නමුත් ආයතන ප්‍රධානීන් ෆැක්ටරිය වසා රටින් පිට වුණා. මේ නිසා ෆැක්ටරියේ සේවය කල දහසකට ආසන්න සේවකයන්ට සහ රටපුරා බයිසිකල් වලින් අයිස්ක්‍රීම් විකුණපු ලක්ෂ ගණනක් ස්වයං රැකියා කළ තරුණයන්ට රැකියා අවස්ථා නැති වුණා. දිගු කාලයක් වසා තිබු WALLS කර්මාන්ත ශාලාව වසර දහයකට පමණ පසුව Cargills සමාගම මිලදී ගෙන CARGILLS MAGIC නමින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය පටන් ගත්තා.




Nilan Wettasinghe විසින් සම්පාදිත ලිපියකි.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-07

අදත් ජුලි හතයි.





මේ දවස් වල කතා බහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ගේ කැරළි ගැසීම .

මරණ සංඛ්‍යාව විසි පහක්. රැදවියන් දහඅටක් සහ නිිලයන් හතක්.

හේතු භුත වුන කරුණු කාරනා දන්නේ නැතිව ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

බණ්ධනාගාර තුල ඇති ඉඩ කඩත් , බණ්ධනාගාර තුල සිටින රැදවියන් ප්‍රාමනයත් ගැන හිතුවොත් 

රැදවියනුත් පාලක නිලයනුත් ඉන්නේ මහත් අසහනකින් කියලා මට හිිතෙනවා.

මේ අසහනකාරීත්වය දෙගොල්ලන්ගෙන්ම පිපිරිලා යන එක පුදුමයක් නෙමෙයි.

අපේ දේශපාලකයින්ට පැතුරුන විෂයය බුද්ධියක් නැහැ.

ඇමති කියලා වෙන් කරලා විෂයය බාරදුන්නත් දීර්ඝකාලීන දැක්මක් නැහැ.

හොදම උදාහරණය වර්තමාන ඇමති තුමා තොරතුරු අධ්‍යයනය කරන්නේ සමාජ මාධ්‍ය තුලින් යයි පැවසීම.

ඒක සීනී බොම්බයි මොටයි උත්තරයක් !.

ජූලි හත 

මට තියෙනවා අතීත සැමරුමක්.

1978 මීට අවුරුදු හතලිස් අටකට ඉස්සර ගිය චාරිකාවක්.

වැලිකඩ නේවාසිකාගාරයේ නවාතැන් ගත් රාත්‍රීන් සමග.

ගොඩාක් අවුරුදු වල ජුලි හත්වෙනිදාට “මීදුම ‘ට ලියන පුරාජේරුවක මේ චාරිකාව ගැන ලියනවා.

ඒවා නැති තොරතුරු ටිකක් මේ සටහනේ තියෙයි කියලා මම හිතනවා.

මේ සිද්ධිය වෙන කොට මට අවුරුදු තිහයි.

මගේ කේන්දරේ කියවපු ජොතීස වරයෙක් මට කියනවා.

මහත්තයා මේ වකවානුවේ බොහෝම අපලයි.

දින කිහිපයක් රොහල් ගතවෙලා ඉන්න සිද්ධ වෙනවා. නැත්නම් හිරේ යන්නවත් සිද්ධ වෙනවා කියලා.

ඉහෙන් බහින්න ලෙඩක් මට තිබුනේ නෑ..

හිරේ යන්න හේතු සාධක වෙන ජීවන රටාවක් මට තිබුනෙත් නෑ.

මට නිතර නිතර හිරිහැර කරපු එවකට තිබූ මිල පාලන නීතී වලින් මම හිරේ යන්න තරම් පීඩනයක් තිබුනේ නැහැ.

ජනතා කමිටු  එහෙම බලවත්ව තිබූ යුගයක නිතර නිතර දේශපාලන උවදුරු වලට අපේ පවුල ඉලක්කවුන යුගයක්.

අධිකරණයට දඩයක් ගෙවීමෙන් වගේ ඒ නඩු නිරාකරණය වන නිසා බයකුත් තිබුනේ නැහැ.

එතුමා කියපු අපල ජීවිතයට සිදුවෙමින් තිබුනත් ඒවාට මුහුණ දෙනවා හැරෙන්න වෙන විකල්පයක් එකල තිබුනේ නැහැ.

ජොතීෂවරයාගේ අදහස වුයේ මේ අවුරුද්දෙන් පසුව උදාවන ඉදිරි අවුරුදු දහය ජීවිතයට සහනදායි කාලයක් බවයි.

අතීතය වමාරන ගමන් මේ ටික මතක් වුනේ.

ඔන්න එතුමාගේ මතය.

මේ සටහන කියවන්නකෝ චාරිකාව ගැන තොරතුරු දැන ගන්න.

https://miduma.blogspot.com/2025/07/blog-post_7.html


චාරිකාව එසේ නිමවුනා.

රත්නපුර බන්ධනාගාර සිරමැදිරියේ මානසික වේදනා සහිතව ගෙවුනත් එදින ගත කරන්න සිදුවුනේ මහාධිකරණයෙන් මරණ දඩුවම නියමවු සිරකරුවෙක් සමග.

ඔහුගේ වේදනාව තේරුම් ගන්න එදා මම බොළද වැඩිවුනා.

නැත්නම් ඒකත් අත්දැකීම් ගොන්නට එකතු වෙන සිද්ධියක්.

හොදම හරිය බොරැල්ල හිරගෙදර 180ක් හිටපු හොල් එකක සාමාජිකයෙක්. ශාරීරික අවශ්‍යතා ඉටුකරගැනීමේ සිට ලැබුනේ දඩුවම්.

රාත්‍රීන් දෙකකින් නැවත රත්නපුරයටත් එතනින් අධිකරණයටත් ඇප ලැබීමෙන් ගෙදරටත් ආව මම රෝහල් / බණ්ධනාගාර අපලය නිමකලා.

පසු කාලයක මට තිබු අධිකරණ කටයුත්තෙන් “ නිදොස් කර “ නිදහස් වුනා











A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-06

අග මුල නැති වැල්



රෑ එළිවෙනකම් වැස්ස. අද නම් පොඩ්ඩක් පායල.
හුණ්ඩුවක් විතර රාමුවක කොටුවෙලා ඉන්නකොට
වැස්සකින් පස්සෙ එළියට බහින්නවත් හිතෙන්නෑ.
මිදුලෙ හැමතැනම වතුර තාම.

මහගෙදර ඉන්නකාලෙ නම් රෑට වහිනව
කියන්නෙ උදේට මගුල්. පහුවදා ඉස්කෝලෙ නිවාඩු
නම් රජ මගුල්.
උදේට අතුපතු ගාල ,මුණ කට
සෝදල,ටිකක් ජල ක්‍රීඩා කරන්න පුළුවන් එදාට තමයි.
අපේ ගෙදරට හැරෙනකොටම කෙනෙක්
දකින්නෙ ,කළුගල් වලින් හදපු පාලමක්.ගෙදර පඩිපෙළ
පාමුලින් පටන්ගන්න ක්‍රෝටන් වැටිය ,එක පැත්තකින්
පාලම ගාවින් නතරවෙලා ආයෙත් ,පාලම පටන්ගන්න
තැන ඉඳල දෙපැත්තට බෙදිල යනව .
හොරගොල්ලෙ මිසි නැන්ද ගෙ ඉඩම ගාවට යනකම්ම රතු, කහ ,කොළ
මෙරුන් පාට ක්‍රෝටන් පඳුරු ගාණට කප්පාදු කළාම ;
අද කාලෙ තාප්පවලට වැඩිය පෙනුමයි. වම්පැත්තෙ
ක්‍රෝටන් වැටිය ගලපල්ලෙහේන ගෙදරට යන ගුරුපාර
ළඟින් නවතිනව.

නිල්පාට වතුර කන්දරාවක් අරගෙන ,බොහොම
නැළවිල්ලෙ ගලාගෙන යන ඇළ , අපි හැමෝගෙම රජ
දහන වගේ.මහ වැස්සකින් පස්සෙ ,ඇලට බහින තැන දිගට
දිගේ සිනිඳු වැලි කන්දක් හැදිල . නිල්පාට හීන්වැල්ලක්
හැමතැනම විසිරිලා .හරි සිනිඳුයි.

“ වතුර වැඩි ඇති...හොඳද?
පරෙස්සමෙන් බහින්නෙ .
චූටි පුතේ ,ඇහුනද?”
අම්ම ගෙ කටහඬ මැන්ගුස් ගහ පැත්තෙන් . එයා ඒ පැත්ත
අතුගානව.කූඩැල්ලන්ට බයේ ,මං ඒ ටික අතුගාන්න යන්නෙ
නෑ . ලොකු මල්ලියි ,මායි ,චුටිමල්ලිත් එක්ක ඇලට ගිහිං
ඇලේ නටන බව අම්ම දන්නව. ජෑම් බෝතල් දෙකක් අරගෙන
ඒ දෙන්නගෙ ආසාව තමයි ඇලට බැහැල මාළු අල්ලන එක.
ගල්පාඬි තමා වැඩිපුරම ඉන්නෙ. සාරිගප්පි ,බුලත් හපයො
එහෙමත් ඉන්නව .
රෙදි හෝදන ගල ත් තරමක් යටවෙලා .ඒ
තරමටවතුර වැඩියි.ඒත් වතුරෙම ගල උඩ වාඩිවෙලා කකුල් දෙක
වතුරට දාපු ගමන් ඉවරයි.ගල්පාඩි රොත්තක් ඇවිත් යටිපතුල්
කනව.
“ අම්මෝ !! මුන් එක්ක නම් බෑ .”
“ බහින්න ,වතුරට .” ලොකූ , මාළුවෙක් බෝතලේට
දාගන්න දඟලන ගමන් කෑගහනව. ගප්පින්ගෙ රතු,නිල් වරල්
හරි ලස්සණයි.හරියට සරුංගල් අහසෙ පාවෙනකොට වගේ .
ඇලට බැහැල අත්දෙක ගොටුවක් වගේ එකතුකලාම පොඩි
මාළු පැටව් අහුරක් අතට එනවා.
ඇලට බහින තැන දිග පොල් කොටේ උඩින් කකුල
තියාගන , ඇලට බහින දෙපැත්තෙ වැස්සට එකතුවුණු
නිල්පාට මිනිරන් වැල්ලෙන් කකුලෙ නියපොතු මදිනව මං .
මාළු therapy එකෙන් පස්සෙ scrub කරන්නෙ එහෙමයි.
ඒ කාලෙ අද වගේ නෙවෙයි.foot care solutions ගම්බද දරුවන්ට
සොබාදහමෙන්ම ලැබුණ. දත් මැද්දෙ අඟුරු කෑල්ලක්
ගලේ අතුල්ලල .

කළුපාට උකු දියරයෙන් අපූරුවට දත් සුදු උණා. අද signal charcoal
හරි colgate charcoal toothpaste හරි ගන්න සල්ලි ඕනෙ කළාට
එදා ලිපේ අළු අස්කරනකොට අඟුරු වෙනම තියල තියෙන නිසා ;
ගියා...ගත්ත ...ආව. මොනතරම් සරලද? වෙනදට ඇළ ඉවුර දිගේත්
සිනිඳු ,නිල්පාට මිනිරන් වැලි තියෙනව. වතුර වැඩිනිසා ඒව යටවෙලා .

ගොඩපර ගෙඩි දෙකක් ඇලේ ඉහළ ඉඳල ගහගෙන එනව.
ගමේ කට්ටිය කොණ්ඩෙට සාත්තුකරන්න මේ ගෙඩි තම්බල ,දෙහි
උළුහාල් එක්ක ඔළුවෙ ගානව. ඒව අමුවෙන් හරි ලොකුයි. ඉවුර
දෙපැත්තෙ යායට වැවිල .ඇලේ හැංගිලා වගේ ඉන්න පුළුවන් ,
ගෙදරට නොපෙනි,ඇළ දිගේ උඩහට ගියාම.. . ගොඩපර පඳුරු නිසා.
හැම ගහකම ,සුදුපාට ලොකු මල් පිපෙනව, සුවඳේ බෑ.පෙති පහයි. මැ
ද බට්ටෙකුයි ,රේණුයි තියෙනව.ඉර එළියට දිස්නෙ දිදී ,හුළං තාලෙට
නැළවෙනව .ගිරව් ඇවිත් රන්ඩුවෙවී මද කන්නෙ.

මං පොඩ්ඩක් ඇළ දිගේ ඉහළට ගියා .වතුර පාර සැරයි.
යන්න ටිකක් අමාරුයි.බට පඳුරු දෙපැත්තෙන්ම ඇළට නැවිල .ආරුක්කු
වගේ .හොරගොල්ලෙ ගේ ගාව වෙරළු ගහේ ගෙඩි වකාරෙට.ඉදුණු ගෙඩි
ඔඩොක්කුවක් දිය රෙද්දෙ ඔතාගෙන දඟයො දෙන්නටත් දුන්න.

එයාල මාළු දාපු බෝතල් දෙක ගල් උඩින් තියල ,ලොකු කතාවක් .
“ නානවද දුවේ ...”
නෑකමක් නැති උණාට අපි කියන්නෙ එයාට මිසි නැන්ද කියල .
එයා පාලම උඩ අපි දිහා බලාගෙන .
“ ආ ! ඔව් නැන්දෙ .”
“ පුතාල මාළු අල්ලලද ඔය”
“ ඔව්.මේ සෙල්ලමට.
“ ඔව්.මේ සෙල්ලමට.ආපහු ඇලට දානව.”
“ ඒක මිසක්. පව් වැඩ ...”
“මාත් සමුපෙට යන ගමන් .ගිහිං එන්නං.”
“ එහෙමද ? හා ..හා . හොඳයි.”
අපේ දෙන්නට පොඩ්ඩක් තරහ ගිහිං .
“ උන්දැටත් ඕනෙනැති කෙහෙම්මලක් නෑ .”

අපි වෙරළු කකා ,තරඟෙට බෝල ගල් අහුලනව.වතුර වැඩි උණාට
පාළමෙන් පහළට වතුර ගලන්නෙ පොඩ්ඩක් හෙමිහිට .අඩුවෙන්. ඇලේ
පාලම යට ඉඳල එහාට යනකොට ,අල ගෙඩි වගේ රවුම් ,ගල් හරියට .
මට වඩා හොඳ ,රවුම් ගල් ලොකූ අහුලලා තිබුණ . අපි ඒව මිදුලෙ
ෆාර්ම්ස් ගස් වටේ තියනව.

“හරි ,බඩගිනියි .නාමු ! නාමු!!”
“ අපෝ ,පොඩ්ඩක් ඉන්නවකො ..”
පොඩි දෙන්න පාලම උඩට දිව්ව. මං දන්නව , ඒ සෙල්ලම . දැන් වරුවකට
ගෙදර යන්න වෙන්නෙ නෑ .අද ඇලේ වතුර හොඳටම පිරිල .ඝෝෂාවත්
වැඩියි. දෙන්න ලෑස්ති වෙන්නෙ පාලම උඩට ගිහිං වතුරට පනින්න.
හුඟ කාලෙකින් මේ තරම් පිරෙන්නෙ. ඒක බලන් ඉන්න ආසයි.
හැබැයි අම්ම දැක්ක නම් ,මටයි බැණුම්.ඔළුව වදින්න තරම් අනතුරු දායක
ලොකු ගල් ,ඇළ මැද්දෙ නෑ . තටාකෙ වගේ බැඳල නිසා ,පහළට වතුර
අඩුවෙන් ගලන්නෙ.යන්තම් ජල ක්‍රීඩා ඉවරකරල ,නාගත්ත.

පඩිපෙළ පටන්ගන්න තැන ලොකු පැණි වරක ගහේ
බිම ඉඳලම ගෙඩි හැදෙනව. අපි නාගෙන ගෙදර යනකොට සුවඳක්
දැනුන නිසා නිකමට ,මං ගහ ළඟට ගියා . කුරුල්ලෙක් හොට ගහපු
වරකයක් ! පාතම තියෙන්නෙ .
“ වැස්සට ඉදෙන්නැති .වතුර රස ඇති ද දන්නෙ නෑ.”
චූටි මල්ලි අදිමදි කළා . මං නටුව හෙමින් කැරකුවා .
එදා අතුරුපසට ,පැණි බේරෙන පැණි වරක .!

අපි අද කොහේද මේ .කොන්ක්‍රීට් වනාන්තරේ ,ගුහාවක හිරවෙලා .
අග මුල නැති වැල් වගේ. දුවනවා ,දුවනවා ,දුවනවා .
නවතින්නෙ කොහොමද?

රෝ.සී ට





A day in the life 
ජීවිතයෙන් දවසක් .