ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්.
ඇය විසින් ත්‍රිපිටකය ආශ්‍රයෙන් කරනු ලබන ධර්ම දේශනා වසර හතරක පමණ කාලයක සිට අන්තර්ජාලයේ තිබෙනව.
බොහොමයක් හාමුදුරුවරුන්ගේ ධර්ම දේශනාවලට වඩා අර්ථවත්.
ඇයගේ ධර්ම දේශනාවකට සහභාගීවු පිරිස් පහලින් අසුන් ගෙන සිටින දර්ශන සමග මුහුණු පොතේ සටහනක් පල කරතිබුනා.
එම ඡායාරූපවල ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සහ මෙහෙණින් වහන්සේලා කිහිප නමක් ධර්මාශනයට පහලින් වැඩසිටින අයුරු දක්නට ලැබුනා.
මෙය මුණු පොතේ විවේචනයට ලක්ව තිබුනා.
අපි බොහෝම විට දකින්නේ අඩුපාඩුවු අවස්ථා විවේචනය කරන්නේ එම අවස්ථා.
එතුමියගේ දේශනාවන් ගැන නෙමෙයි කතාකරන්නේ.
දේශකයා කවරෙකුවුවත් ශ්‍රාවකයාට පැහැදිලිව දකින්නත් පැහැදිලිව අසන්නත් සිටිය යුතුයි.
මෙහිදී දේශකයා වේදිකාවකත් ශ්‍රාවකයා වේදිකාවට පහලින් සිටීමත් සාමාන්‍ය දෙයක්.
මෙහිදී ඈ වාඩිවි සිටිය පුටුව ඉහලින් තබා තිබෙනවා.
සුදු රෙද්දක් පුටුවට ආවරණය කර තිබෙනවා.
මෙය විවේචනයට හේතුවක්.
මේ එක් ප්‍රතිචාරයක්.
“ඕනෑම දෙයක්, සමාජ හර පද්ධතියට ගැලපෙන්න ඕනි නේද. මේක ඕනිවට වඩා වැඩියි වගෙ එකපාරටම දැණෙන්නැද්ද.
එච්චර උගත් කෙනෙක්ද මේච්චර මෝඩ වැඩ කරන්නේ. පොතට යට වෙච්ච දැනුම..
ඒකනේ අනික ඔතන වැරැද්ද කතිකාචාර්‍යවරියට තේරුනේ නැද්ද එතකොට“
මේ තවත් ප්‍රතිචාරයක්
“ඔතන වැරැද්ද කරල තියෙන්නෙ සංවිධානය කළ අය.
භික්ෂුන් වහන්සේලාට සුදුසු අසුන් පැනවීම ඒ අයට කරන්න තිබුණ.
එහෙම නැත්නම් එම භික්ෂුන් වහන්සේලාට එතැනට වඩින්නේ නැතිව ඉන්න තිබුණ.
ධර්ම දේශනා පැවැත්වීම කළයුත්තේ භික්ෂුන් වහන්සේලා පමණක් වියයුතු නැහැනෙ.“
මේ පින්තූරයට ලැබුණ ප්‍රතිචාරයක් .
මෙවැනි ප්‍රතිචාර බොහොමයක් තිබුනා.
ඒ අතර මෙවැනි ප්‍රතිචාරත් තිබුනා.
“උඔ සොවාන් සකෘදාගාමි අනාගාමී අර්හත් ඵලයට ඇවිල්ලා ද එතකොට මල්ලි?“
“හිනා පිනා විහිළු තහළු යහළු බයීස්කොප් විකට ඇඳුම් පැළඳුම් නැතුව කුම්භකර්ණ සින්ඩ්‍රෝමය නැතුව බිජුවට වල බිජූහිනතාවය නැතුව උත්තර නිශ්පාදනය කරන්න පුලූවන් ද එතකොට?
උඔ ට අනුව එතුමිය ධර්ම විකෘති කරණ එක කරපු තැන අංගුත්තර නිකායෙහි තික නිපාතයේ කෙස මුත්ත සුත්‍රය හැටියට විමංසක සුත්‍රය හැටියට උඔ වැඩ්ඩා නම් ප්‍රකෘති ය කියපං මල්ලි?
ෆක තමයි පින්වතුනි “ ………..
මේ වැනි ප්‍රතිචාර පළකිරීමට අදාලම නැති විකාර ……………..
උදාහරණයක් විදියට උදාහරණ අරන් නිශ්චිතවම කරුණු කාරණා ගෙන හැර දක්වමින් වරද පැහැදිලි කරන්න පුලූවන් ද එතකොට
මොනවා කරන්න ද දර්මය තේරෙන්නෙම උගත් බුද්දිමත් අයට
පින් කරනවා හැරෙන්නට විසදුමක් නැ
පිටින් බලලා එහෙම කියන්න එපා.ධර්ම දේශනාවක් කරන්න කලින් දේෂකයා දහම් ගෞරවය ඇතිවෙන විදිහට වඩා හිදාවන්න ඕනි.
සඟ කියන වචනේ තේරුම පිරිස කියන එක සඟ පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසම අයත්.ඒවන් අයකු ධර්මය දේශනා කරද්දී දහම් ගෞරවය ඇතිව කළ යුතුයි
.සුදු රෙද්ද මත වාඩිවී සිටින්නේ කාන්තාවක් නෙවෙයි ධර්ම දේශිකාවක් ඔය මොහොතේ.
මේ තවත් අදසක්.
බුදූන්ගෙ ධර්මය වෙනස් නොකර ඉමු.
ඔබ නිශ්චිතවම බුද්ධ නිර්වචනය කරන්න පුලුවන්ද ද එතකොට?
යෝ සොමං පස්සති ධම්මං පස්සති වක්කලි
කියලා බුද්ධ කිව්වේ එතකොට මොකක්ද අංගුත්තර නිකායෙහි තික නිපාතයේ කෙස මුත්ත සුත්‍රය හැටියට විමංසක සුත්‍රය හැටියට පොඩ්ඩක් කල්පනා කරලා උත්තර ප්‍රසම්පාදන කරන්න පුලුවන්ද ද?
එහෙනම් සාරියක් ඇදන් එන්නේ නැතිව සිවුරක් ඇදන් දස සිල්වත් අරන් එන්නනේ තිබුනේ ?.
ප්‍රශ්ණය තිබුනේ එතුමිය ඇද සිටි සුදු ඇදුමේ.
දේශණා කරන ලද කරුණු නෙමෙයි.
ඇය කාන්තාවක් වීම විවේචණයට හේතුවක් වෙලා තිබුනා .තාමත් අප සමාජය කාන්තාවට මුල්තැනක් දීමට සුදානම් නැහැ.
ස්වාමීන් වහන්සේලා වගේම ගිහියන් ධර්ම දේශනාකිරීම අමුත්තක් විය යුතු නැහැ.
ගමන් අවබෝද කරගත් කරුණු තවත් අයට අවබෝධ කරදීමට දරන උත්සහාය අගේ කළ යුතුයි.
කාන්තාවක්වීම නොවැදගත් සාධයක් විය යුතුද ?.

.jpg)






3 comments:
ඇත්තටම මේ පින්තූරය මමත් Facebook එකේ දැකලා තිබුණා. හැබැයි මේ සිද්ධිය මොකක්ද කියලා හරියට දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම මේ මහත්මියගේ බණ මම අහලාත් නැහැ. ඒ නිසා ඇය කියපු දේ ගැන හොඳයි හෝ නරකයි කියලා තීන්දුවක් දෙන්න මට පදනමක් නැහැ.
ඇත්ත කියනවා නම්, මුලින්ම Facebook එකේ මේ පින්තූරය දැක්කම මටත් හිතුණේ "තවත් එක අමුතු චරිතයක් වෙන්න ඇති" කියලා. හැබැයි පස්සේ දැනගත්තා ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් කියලා. ඒ නිසා ඇය කියන දේට යම් බුද්ධිමය පදනමක් හෝ ගැඹුරක් ඇති කියලා හිතෙනවා. ඒත් මම තවම ඇයගේ දේශනාව අහලා නැති නිසා ඒ ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න කැමති නැහැ.
පෞද්ගලිකව මට නම් මේ සිද්ධියේ ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. මට වඩා වැදගත් වෙන්නේ මේ ගැන බෞද්ධ සමාජය ප්‍රතිචාර දක්වන විදිහ බලන එක.
බුදුහාමුදුරුවන්ගේ දේශනය කියන්නේ ප්‍රශ්න අහන්නත්, විමසා බලන්නත්, සංවාද කරන්නත් ඉඩ දෙන චින්තන පද්ධතියක්. ඒ නිසා විවිධ අදහස් එක්ක ගැටෙනකොට ඒකෙන් බුදුදහමේ සාරය තවත් පැහැදිලි වෙනවා කියලයි මම හිතන්නේ.
ඒ නිසා මම කැමති සංවාදයට, විවේචනයට සහ විමර්ශනයට. හැබැයි බැනවැදීම, පරිභව කිරීම සහ බොරු ආක්‍රෝශයෙන් ප්‍රතිචාර දක්වන සංස්කෘතියට නම් මගේ එච්චර කැමැත්තක් නැහැ.
බොහෝ දෙනා සංවාදශීලීව අදහස් ඒකතු කරනවා. ඒය යහපත් ලක්ෂණයක්. ඒ්ත් සමහර උදවිය සංවාදශීලී නැහැ. අපහාසයට ලක්කරනවා.පරිභව කරනවා.මම මෙතුමියගේ ධර්ම කරුණු පැහැදිලි කර දීම අගේ කරනවා. දේශකයා උස් ස්ථානයක සිටීම සාමාන්‍ය දෙයක්. තවමත් අපි කාන්තාව දෙවෙනි ස්ථානයේ තබා හිතනවා. ඒසේ සිතිය යුතු නොවෙයැයි මගේ අදහස. අපි ගතාණුගතික විය යුතු නැහැ.
Post a Comment