අද පාන්දර අවදි වුනේ හීන ගොඩක් බලලා ..මතක තියෙන්නේ එකයි දෙකයි.
පාන්දර 04.00ට විතර ලොකු මුණුපුරා
“ සීයේ සුබ උපන් දිනයක් “ කියාපි.
නිදි මරගාතේ වුනත් ඌට තැන්කිව් ..තැන්කිව් කියන්න එපාය.
ස්කොලේ යන්න බස්එකට දුවන උගේ හිතනරක් කරන්න මට හිත දුන්නේ නෑ. තැන්කිව් එක අහගෙන කොල්ලා බස් එකට දිව්වා.
හීතලේට පොරෝනෙට ගුලිවුන මට ආයෙත් නින්ද ගියා
ආයෙත් හීන පේන්න පටන් ගත්තා.සල්ලි යන්නෙත් නැති හින්දා මම හීන බලන්න ආසයි. පරණ කතන්දර සජීවීව…….
ආදර කතා , සටන් ජවනිකා,කම්පා වෙන ශෝචනීය දර්ශන , ජීවිතයට ආපු සුනාමි බල බලා ඉන්න කොට ආයෙත් පොඩි එකාට ස්කොලේ යන්න වෙලාව ඇවිත්.
සපත්තු දෙක මැදලා , ස්කූල් බස් එකට නග්ගලා ….
බස් එකට නගින ගමන්..“ සීයේ සුබ උපන් දිනයක් “ අහගත්තා පොඩි කොල්ලගෙන්.
ඌ ලොකු එකා වගේ නෙමෙයි . හතරේ පන්තියේ වුනාට ඉන්නේ විශ්ව විද්යාලේ.
බෙඩ් ටී එක මතක් වුනේ ඔන්න එතකොට…වතුර කේතලේ ලිපේ තියලා ආපහු හැරෙන කොට “ සුබ උපන් දිනයක් ලයනල් මහත්තයා “ රාජකාරි ඇමතුමක් වගේ ලතාවට මගේ අවුරුදු හතලිස් අටක් ලග දැවටුන පිය සබදිණිය.
ඒකට තැන්කිව් කියලා ප්රතිචාර දක්වලා බේරෙන්න බෑ නේ.
ඔන්න ඕන දෙයක් හිතාගන්නකෝ.
සිරිත් පරිද්දෙන් හදාගන්න තේ එක අදත් හදා ගෙන බොන්න ලෑස්තිවෙන කොට…“ සුබ උපන් දිනයක් තාත්තේ “
එයත් දුවන ගමන් රාජකාරියට….කිලෝ මීටර් හැට හැත්තෑවක් යන්න එපාය.
තැන්කිව් තැන්කිව් කියන්න හිත නැමෙන්නේ නෑ කරන උදව් කන්දරාවට. කෘතඥපුර්වක හිනාවකින් “ හරි පුතේ “ කියලා තේ එක බොන්න පටන් ගත්තා.
එකම දුව, ( දුවටයි පුතාටයි ඉන්නේ එකයි නේ ) …..සති අන්තයේ සීමාසහිත ලියනගමගේ සමාගම රැස් කරලා ඩිනර් එකක් තාත්තගේ උපන් දිනය සර්ප්රයිස් කරලා. උපන් දිනෙත් සීසර් කරපු එයත් තාත්තේ , සුබ උපන් දිනයක් කියාපි. උදේ වැඩ කටයුතු එකලාසයක් කරන ගමන්.
ඒකත් අහගත්තම ගෙදරින් ලැබෙන ඔක්කොම අහලා ඉවරයි.
මොබයිලයයි, ලැන්ඩ් ලයින් එකයි “ ටිං “ ගාපුවම මුණු පොතයි.
උපන් දිනේට විෂ් කරනවා.
ඒ අතරේ ඊයේ දැකපු හීනෙක අර වස්කවියේ ඉන්නවා වගේ චරිතයක් ඇවිත්
මෙහෙම කිව්වා කියලා මතක් වුනා…
අද 27 වෙනිදා.
1948 ඔක්තෝම්බර 27 වෙනිදා හිරු උදාවෙන් 05.27 ට උපන් පින්වත් කුළකුමරාට
අදට 78 වරක් ගෙවෙනවා.
හෙට ඉදන් -79 කියලා කියන්න වෙනවා.
මදැයි මෙච්චර කාලයක් නානාප්රකාර විගඩම් කලා.
උබට මතකයි නේ අර යාළුවා.
සිල්වා….
මහගම සේකරයන්ගෙ නොමියෙමි පොතේ ඉන්න “ අයි.ඕ.යව්දිව් සිල්වා. “
ඔව්
‘මම ඌට කිව්වා හත් දාහේ පෙට්ටියට උබෙන් හැත්තෑපන්දහක් ගන්න එපා සාධාරණ වෙයන්“ කියලා .
එතකොට මටත් මතක් වුනා දවසක ඔය කතාවම සිල්වා මල්ලිට කිව්වා කියලා.
මම ඌට කියලා තියෙන්නේ “ආරංචි වුන හැටියේ වරෙන්“ කියලා.
“අපි දෙන්නගෙන් කලින් කවුරු යයිද දන්නේ නෑ නේ අයියේ කියලා “ ඌ කිව්වනේ …..
බොරු කියලා නැති හින්දා මට වස්කවිය නම් වැඩ කරන එකක් නෑ…..මට බොරු කරපු අය නම් පරිස්සම් වෙන්න වෙයි.
එහෙනම් ඔක්කොටම තැන්ක්කිවු….







