තාර කරත්තේ.


මේ පරණ කථාවක් එතකොට අපි තනිකඩයෝ. අවුරුදු පනහක් විතර පරණ වුනත් තාමත් මතක තියෙනවා.

කොළඹ - අම්පාර බස් එක පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් ගමන් ආරම්භ කරන්නේ 19.30පැයට. මේ බස් රථය බෙලිහුල්ඔය පසු කරන්නේ 00.30 පැයට.

බෙලිහුල්ඔය අපේ ගම නේ !.

ඒ බස් එක ගැන.

හද නැති කරුවළ දවසක ආරි කතා කරනවා  “ මහත්තයෝ අපි දඩයමේ යමු “ කියලා.

ආරිත් එක්ක වැඩකරපු සෙට් එකක මමත් ආගන්තුක සාමාජීකයෙක්.

වැඩ බිමක තිබුන ට්‍රැක්ටර් , බේබි ඩම්පර් ,වගේ සැහැල්ලු යන්ත්‍රෝපකරණ තමයි අපේ වාහන.

ආරි පදිංචි වෙලා ඉන්නේ අපිට වඩා කිලෝ මීටර් 12 කටත් එහා දුරින් එයාගේ ගමේ.

ගම වළව ගගට මායිම් වෙලා තියෙන්නේ. එගෙඩ මහ වනන්තරේ.

මේ වනන්තරේ තමයි අපේ දඩබිම.

ආරිට තුවක්කුවක් තියෙනවා. බලපත්‍ර සහිත.

කිතුල් ගහක් දෙකක් මැදලා පැණි හදනවා කිව්වත් වැඩිපුර පැහෙන්නේ රා .

දැන් හිතා ගන්න පුළුවන්නේ මේ ගමනෙදී රා පොඩ්ඩකුත් රහ බලන්න පුළුවන් වෙනවා කියලා.

ආරිගේ මැණිකේ කටට රහට උයනවා. පොඩ්ඩක් පදම් වෙලා දඩයමෙත් ගිහින් රෑට බතට දඩ මස් එක්ක රතු හාලේ බතුත් සප්පායම් වෙලා එන්නයි අපේ අදහස.

ඔන්න හවස් යාමේ ඉර ගිලෙන්න තියෙද්දී බේබි ඩම්පර් දෙකක නැගිලා අපි හතර පස් දෙනා දඩ කෙළියට පිටත් වුනා.

පැයක් හමාරකින් පස්සේ ආරි අපිව පිළිගත්තා. දැන් හතට කිට්ටුයි.

ආරි කිව්වා.

අපි දැන් පිටත් වෙමු නේද ? කියලා.

කණ්ඩායමේ අණ දෙන්න ා ආරි කියන දෙයක් අහන්න එපාය.

ගගෙන් එගොඩ වෙලා කැලෑවට වැදුන .අපිට කතා බහ බෑ. සද්ද බද්ද බැහැ. කොළයක් වත් පොඩි නොවෙන තාලෙට අඩිය තියන්න ඕනි. ආරිගේ නියෝග.

ඔහොම පැය දෙ තුනක් ඇවිදලාත් ලොකු දඩයමක් කර ගන්න බැරිව පුංචි සත්තු දෙන්නෙක් එලා ගෙන ආපහු ආවා.

ආරිගේ පාටිය.ඇගපතේ රිදුම් යන්නත් එක්ක කිතුල් රා….කටගැස්මට උණු උණුවේ මස්, තම්බපු මයියොක්කා ….

ඒ අතර ආරි මැණිකෙට උදව්වට රෑට බත පිහිනවා….

දැන් රෑ …..එකට දෙකට කිට්ටුයි.

කාලා බීලා ආපහු හැරුනා බේබි ඩම්පර් දෙකේ යුද්දෙට ගිහින් ආපහු එනසොල්දාදුවො වගේ සිංදු කෑලිත් කිය කියා පල්ලම් බහිනවා..

ඒ එන අතර මග පාරේ තාර කරත්තයක්.

එකෙක් කියාපි “ අදිමුද පාර මැදට “ කියලා 

“හරි මචං අදිමු “ එක හඩින් අනුමැතිය.

දෙන්නෙක් ඉස්සරහින් අදිනවා. තුන් දෙනෙක් පස්සෙන් තල්ළු කරනවා.

පාර මැද්දේ තාර කරත්තේ….

ඇදලා තිබ්බට දැන් බයේ බෑ…හනි හනිකට ඩම්බර් දෙකට නැගිලා නවාතැන් වලට රිංගලා ගැහී ගැහී නින්දට තතනලා එළිය වට්ට ගත්තා.

එදා කරුමෙට රෑ අම්පාර බස් එක පැය දෙකක් විතර පමා වෙලා.

මේ හුටපටයට පස්සේ එතන පහුකරන්න ඇවිත් තියෙන්නේ..බස් එක මංකොල්ල කන්න පාර හරස් කරලා කියලා බය වෙලා.

ආ වේගෙන්ම ආපසු හරවා ගෙන පොලිසියට ගිහින් .පොලිසියත් එක්ක ඇවිත් පාර ඇරගෙන.

මළ කෙලියයි.පාන්දර කතා ගොඩයි.

අපි අවුරුදු ගානක් කට හෙල්ළුවේ නෑ මේ ගැන බකමූ‍නෝ වගේ



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

mr. Fernando.




මොබයිලය මොර දෙන්න පටන් ගති. 

වෙලාව 20.25. ලංකාවේ වෙලාවෙන්නම් උදේ 8.00 වත් වෙන්න ඇත.

මුහුණතේ “mr. Fernando.” ලෙස සටහන්ව ඇත. මේ යෝධයා කවදාවත් කතා කරන වෙලාවක් නම් නොවේ. ඔහුගේ කාලසටහන අනුව නම් ලංකාවේ    හවස් යාමයේ හයට හතට ඔහු අමතන වෙලාවයි.

කොයිකටත් සවන්දීමට සිතා.

මම “හෙලෝ”   කීවෙමි.

පිළිතුර mr. Fernando ගේ නොවේ. කාන්තා කඩ හඩකි. 

……..අංකල් නේද ? මම “ඔව්” කියා,  අසා සිටියෙමි.

අංකල් මේ තාත්තගේ පෝන් එක. මම “සිල්වි දුව”........................

mr. Fernandoත් මමත් එකම  වැවිලි සමාගමක කාලයක් සේවය කලෙමු. අනෙක් සගයා වුයේ “ජෙරාඩ්” ය.

සිරිමා බණ්ඩාරනායක පාලන සමයේ වතු ජනතා සන්තක කලේය. අපි යන එනමන් නොමැතිව රාජ්‍ය වැවිලි සමාගමක්වු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ගාල් වුනෙමු.වතු ජනසතුව සදහා නිකුත්වු ගැසට්පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට පෙර  මැතිණියට අයත්ව තිබු අක්කර පනහක වත්තක්  පැවරීම අයුතු සහගතව සිදුකලැයි පවසා Jr රජය එතුමියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කලේය. දැන් නම් එතරම් සාධාරණවන්නේ නැත. අධිකරණ කටයුතු අවසන් වන තුරු හිරබත් කන්න සිදුවන්නේය.

දේශපාලනයේ හැටි ස්වරූප එසේය.

මැතිණිය එලෙස දඩුවම් විදි අතර අපි තුන්දෙනාට සිදුවුයේ  වන්දි රැගෙන නන්නත්තාර වීමටය.

ජෙරාඩ් සහ mr. Fernando කොරළවැල්ල ප්‍රදේශයේ යාබද නිවාස ඉදිකරගෙන පදිංචිව සිටියාය. මේ අලකළංචි නිසා මම උපන් බිමට ආචාර කර විදේශගතව පදිංචි විය.

mr. Fernandoගේ බිරිද  -  සිල්වි කුඩා කාලයේදීම මියගියාය. දරුවා හදා වඩා ගැනීමේ අපහසුතා මතුවු බැවින් ඈ කන්‍යාරාමයකට භාරකාරිත්වයට පත්කලාය.ඈ කන්‍යා සොහොයුරික ලෙස හැදී වැඩි ආගමික ජීවිතයකට හුරුවිය.

අධ්‍යාපන කටයුතු අවසන්ව ගුරුවෘත්තිය තෝරාගත් ඈත් පියාත් අතර එතරම් සමීප සම්බන්ධතාවයත් තිබුනේ නැත.එහෙත් තනිව වසන පියා බැලීමට යාම් ඊම් සිදුවිය.

ප්‍රමානවත් ආදායම් මාර්ග තිබු mr. Fernando ට දුව ගැන විශේෂ අවධානයක් තිබුනේ ද නැත.

මේ හමුවීම් පටන් ගන්නේ “ ඇයි කරදර විදගෙන මාව බලන්න ආවේ” යන පොදු පිලිගැනීමකින් සහ “ ආයේ එන්න එපා මම ඔයා බලන්න එන්නම්” වැනි පොදු වචන පෙලක සමුගැනීමකින් විය.


අපි දැන් එකම වයසේ දෙවියන් වහන්සේගේ  මග පෙන්වීම ඔස්සේ ආලෝකය දකිමින් සිටින පිරිසක්ය.

ඉද හිට දවසක ජෙරාඩ් මට කතා කරයි.

ලංකාවේ තොරතුරු අපේ සැප සනීප කතා බහේ මාතෘකාය. පොදුවේ අපි ශරීර කූඩුව අලුත්වැඩියා කරගෙන නඩත්තු කරන්නට ගරාජ හිමියන්ට මිකැනික් වරුන්ට මිළ ගෙවමින් බලවත් පරිශ්‍රමයක් දරන්නෝ වෙමු. ඒ ගැන කතාබහ සාමාන්‍ය දේවල්ය.

“මචං අරූ කතා කලේ නැද්ද බං.”

ඒ අසන්නේ mr. Fernando ගැනය.

“නෑ මචං සති දෙක තුනකින් කතා කලේ නෑ.”  යයි  මම කී විට “ඒක තමයි හතර වටේ අපිට කනක් ඇහිලා ඉන්න නෑ.”

පොඩ්ඩක් දාගෙන දේශනාව පටන් ගන්නවා.


mr. Fernando ගේ මාතෘකාව දේශපාලනයයි. 

ඔහුට දන්නා කාලයක සිට පැවති ආණ්ඩු පිළිබදව යහපත් චිත්‍රයක් නොමැත.

සිරිමාවෝ ගේ ජනහිතකාමි ප්‍රතිපත්ති mr. Fernando ට Jr ට වඩා  ඇලජික්ය. Jr ගේ විවෘත ආර්ථිකය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හිතුවක්කාර ප්‍රතිපත්ති බරපතල විවේචන සහිතය.

ප්‍රේමදාස සහ විජේවීර සංවරයක් නැති මීණිමරුවන්ය. චන්ද්‍රිකා චෞර රැජින ලෙස වික්ටර් අයිවන්ට යටත්ය. මහින්ද යුද්ධයේ මෙන්ම සුද්ධයේද වීරයාය. සිරිසේන පාවුන සරුංගලයක්ය තඹුත්තේගම පුතා අප්‍රසන්නය.කතාව විතරක්ය.

කාලෙන් කාලෙට විවේචනයට භාජනය වන මේ දේශපාලකයෝ mr. Fernando දෙකක් දාගෙන බයිට් එකට ගන්නා විට අසල්වාසීන්ට හිරිහැරය.

සමහර දවසක කෝල් එකක් ගන්නේ දෙකක් දාගෙන මේ දෝස්මුරයන් දිය කර හරින්නටය.

මම පෝන් එක ස්පීකර මෝඩ් එකට දමා මගේ වැඩක් කරගනිමින් ඇහුම් කන් දෙන්නේ mr. Fernando ගේ හිත  සුවපත් කිරීමටය.

ඉද හිට mr. Fernando පිළිතුරු දෙන්නේය.

පැයක් හමාරක මේ චිත්ත විරේචනයෙන් පසු “ උබට වැඩත් ඇතිනේ  - මම පස්සේ කතාකරන්නම් “ කියා ඔහුම නිහඩ වන්නේය.

ජෙරාඩ්ගේ අදහස අනුව මට කතා කලාට පසු සතියක් හමාරක් යන තුරු අසල්වාසීන්ට හොදින් නිදාගන්නට හැකිවෙන්නේය.

අංකල් …………………..සිල්වියාගේ හඩ මම යලිත් මහ පොලොවට ගෙනාවේය.

අංකල් තාත්තා සනීප නැතිවුනා.

මේ දවස්වල ලංකාවේ තියෙන වෛරස් උණ හැදිලා.

මම දැන ගන්න කොට නිව්මෝනියා තත්වයට ඇවිල්ලා.

හොස්පිටල් ඇඩ්මිට් කලත්…………..

තාත්තා බේරා ගන්න බැරිවුනා………. වයස අවුරුදු 78 ක් ආයුවළදා mr. Fernando මෝක්ෂයේ ආලෝකය වැළද ගත්තාය

අංකල් ,

තාත්තා කවුරුත් වැඩිපුර ආශ්‍රය කලේ නැහැ. මම තාත්තගේ පෝන් එක අරගෙන history එක බැලුවා. සති තුන හතරකට සැරයක් අංකල්ට කතා කරලා තිබුනා.

ඒකයි අංකල්ට ගත්තේ !.

ඔව් මට කතා කරලා කාලයක් වුනා. 

එදා කිව්වෙත් වායු දූෂණය නිසා වෛරස් රෝග වැඩියි.මේ ආණ්ඩු පරිසර දූෂණය මැඩපවත්වන්න නිසි වැඩපිලිවෙලක් නෑ කියලා.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS