පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

පරවියන්ගල


මේ පින්තුර උපුටාගත්තේ මුහුණු පොතෙන්.
මම ස්තුතිවන්ත වෙනවා මුල් පලකිරීම කල පරිසරලෝලියාට.
පරෙයියන්ගල ගම්වාසින් හදුන්වන්නේ පඹහින්න කදු වැටිය කියලා.ඒත් පරෙයින්ගල කියලා හැදින්වීම නිවරදියි. 
පඹ - හින්න. යටත් විජිතවාදීන් අපි ආක්‍රමණය කරලා හිටපු කාලේ ඌවට උඩරටට එන සේනා පිළිබදව ඔත්තු බලන ලද ආරක්‍ෂක කපොල්ලක්. ඒ සදහා පරෙයියන්ගල යොදා ගන්න ඇති කියලා හිතනවා. පඹහින්න කියන නම ඇතිවෙලා තියෙන්නේ එකල පැවති සටන් වලදී සතුරු සේනා මුලා කරන්න පඹයින් ප්‍රදර්ශණය  කරලා තිබුනා කියන මතයෙන්.
පරෙයියන්ගල සිට බලාපුවහම හම්න්තොට දක්වා දකුණු ප්‍ර දේශය සහ පහල ඌව පැහැදිලි භුමි දර්ශණයක් පෙනෙනවා.
ස්වභාව සිරියෙන් පිරී නිදහසේ සිටි පරෙයියන්ගලට සබරගමුව විශ්ව විද්‍යාලීය සිසුන් චාරිකා කරන්නට පටන් ගත්තා.පේරාදෙණියට හන්තාන වුන නිදහස් පරිසරය සබරගමුවට ආදර කන්ද වුනා. දැන් වැඩියෙන් භාවිතයේ ඇත්තේ ආදර කන්ද නමින්.

දැන් පරෙයියන්ගලට නිදහස නැතිවෙලා. වන විනාශය හේතුවෙන් අඩවි වන ආරක්‍ෂකයොත් ගම්වැසියනුත් කන්ද නගින්න තහංචි දාලා.
නැත්නම් ජුනි  - සැප්තැම්බර් අතර කාලය මේ පරිසර සංචාරයට සුදුසුම කාලයයි.












 




No comments: