ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2026-06-11

දෙව් මවු තුරුලේ .......






දුරකථනයේ ජෙනි අක්කාගේ කඩහඩය.

වෙනදා කතා කරන්නේ පැට්රික් අයියාය. එහෙත් අද ?

මල්ලි , අයියා ගියා. 

පපුව රිදෙනවා කියලා කිව්වා ….ආයෙත් ඇහැරලා බැළුවේ නෑ.

පැට්රික් අයියා සුවදායක සිහිනයක් සමගින් අවසන් ගමන් යන්න ඇත.

මානවහිතවාදියෙක්වු අයියා පෙරලිකාරයෙක්ය. ඔහු අසාධාරණය ඉවසුවේ නැත.

මේ නොඉවසීම ඥාති සමුහයා අතහැර ජෙනි අක්කාත් සමග තනිවෙන්න තරම් දුර දිග ගියේය.

තමන් සතු දේපල විකුණා දමා අරමුදලක් ඇති කර ගෙන බැංකුවේ තැන්පත් කර එහි පොලිය ඔහුගේ ආදායම කරගත්තේය.

දූ දරුවන් නොසිටි මේ දෙපල වැඩිහිටි නිවාස නිවහන කරගත්තේය.

වරින් වර නවාතැන් වෙනස් කරමින් සිටි මේ දෙපල පසුගියදාක කිඹුලාපිටිය ප්‍රෙද්ශයේ නවාතැනකට මාරුවිය.

නිවෙස මැරුවී පැළපදියම්ව දෙවන දවසේ හදිසි හෘදයාබාදයෙකින් දෙව් මවු තුරුලේ සැනසීමට නික්ම ගියාය.

ජෙනි අක්කා තනිවිය.....

ජෙනි අක්කාගේ කඩහඩ හැගීම්බරය දශක හයක් පමන ගහට පොත්තමෙන් බැදී සිටි පැට්රික් අයියා නැති ජීවිතය ජෙනි අක්කාට මහත් බරක් වනු ඇත.

2009 සැප්තැම්බරයේ නවවෙනිදා කල සටහනක ඔහු ගැන ‍මෙසේ ලීවේය


“මතකය අවදිවන්න කිසියම් උත්තේජකයක් අවශ්‍යවේ .  

අපි වෙන්ව ගොස් බොහෝ කලකට පසු  සහෘද මුහුණක්  මුහුණු පොතේ මතුවී ඇති බව දිනක දුටුවෙමු . මම වහා ඇරයුමක් සටහන් කලෙමි. 

එවිටම පාහේ  අප යලිත්  සහෘදයන් බවට  පත්වුනෙමු.

මගේ මතකය යලිත් අවදි වන්නට පටන් ගනී.

කාලය පනහේ දශකය දක්වා දිවයයි.

ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිට ඔහු මගේ ලොකු අයියා විය. 

මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ප්‍රධානියා ඔහු විය.විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැදගන්නා ගන්නා ලදී. අසූවිය එලිපත්තේ සිටද අපි මෙන් නොවී අදත් අසාධාරනය උදෙසා ඔහු සටන් කරයි.


ඔහුත් අපත් අතර  ඇති වෙනස පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. සහෘදයෝ වමු.

1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.

අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. 

මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. 

මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අප සමාජය තුල නායයෙකු බවට පත්වීනි.

අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. මේ නිසා අප ඔවුන්ගේ වෛරයට ද ඔවුන් අපගේ වෛරයටද භාජනය විනි.

අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. 

වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. 

දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු 


මෙම ක්‍රියාකාරකම් තුලින් අපගේ සමාජ පරතෙරය අවම කරගත්තෙමු. එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය අද වන විට පලදරා ඇති වුවත් අප සහෘදයා අප අතහැර තනිව විමුක්තිය , නිදහස  සොයා ගිය බවකි.

1975 වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.


මම ඉන් පසුව මගේ දේශපාලන ධාරාව වෙනස් කිරීමට මට සිදුවිනි.   එම වෙනස් වීම නිසා  කිසියම් ප්‍රමානයක සමාජ සත්කාරක කටයුතු සිදුකිරීමටද මට හැකිවිනි. දැන් අප වයෝවෘදියටත් අපේ කාලයේ අප ඇසුරු කල සමාජය අප සමග වියපත්ව වියකී යන විට නව සමාජය තුල අමතක වන චරිත බවට පත් වෙමින් සිටීමු.


එහෙත් ඔහු නිහඩ නැත. තවමත් සමාජයේ යහ පැවත්ම උදෙසා සටන් කරයි.

මම උපේක්‍ෂා වෙන් බලා සිටිමි. “


මේ 08.09 2009’ දා පලකල මේ විට සටහන 

2024 වන විට මගේ දේශපාලන කෝනයෙන් ඔහුු මගෙන්  බොහෝ ඈත්වී සිටින්නෙක් බවට පත්වී සිටියේය.

එහෙත් මා ඔහුගෙනුත් ඔහු මගෙනුත් ඈත්වුයේ නැත

නිතර නිතර කතා බහ කලත් දේශපාලන සංවාදයන්ට පැටලීම මම උවමනාවෙන්ම මග හැරීයේය.

මා  දැක්කේ පැට්රික් අයියා සමාජයෙන් සහ තම පවුලෙන් ලත් පීඩිත අත්දෑකීම් විසින් මුවහත් කර ,  එයට ගැලපෙන දේශපාලන සිතිවිලි සමග මං මුලාවට පත්වු බවක් ලෙසින්ය

බෙලිහුල්ඔයට අසීමිතව පෙම් කල පැට්රික් අයියා බෙලිහුල්ඔයෙන් වෙන්ව දශක තුනක් පමනවු කාලයේ නැවතත් බෙලිහුල්ඔයට පැමිණියේ නැත.

ඔහුගෙන් විමසුවිට උනන්දුවක් දැක්වුයේද නැත.




A day in the life 
ජීවිතයෙන් දවසක් .

0 ප්‍රතිචාර: