බෙලිහුල්ඔය සිට නොන්පෙරියල් මාර්ගයේ නාගරක් ඩිවිෂන් ( කොටස) යන ගමනත් සෞන්දර්ය චාරිකාවක්.
බෙලිහුල්ඔය 1700 මුහුදු මට්ටමේ සිට මුහුදු මට්ටමේ අඩි 4000 කට පමන පිහිටීමකට සැතපුම් 19ක් දුර ගෙවමින් දිවෙන මාර්ගය වාහනයක යන්නේ නම් ක්‍රියාන්විතයක්.
බේකර්”ස් බෙන්ඩ් නැරඹිමට පිරිස විශාලයි.මෙම මාර්ගයේ නොන්පෙරියල් තේ කර්මාන්ත ශාලවේ සිට නාගරක් කොටසට මාර්ගය කි.මි08 ක් පමණ වැඩි දියුණු කල වතු කළමනාකරවෙකු වන වින්සන්ට් සී බේකර් මහතා නමින් මෙම වංගුව නම් කර තිබෙනවා. ඊට පෙර මෙම කොටසේ තේ දළු ප්‍රවාහනය කර තිබුනේ කම්බියක් මගින්. ද්‍රවිඩ වතු වාසීන් තේ දළු ඇසුරුම් කම්බි මාර්ගයට පටවන ස්ථානයත් බාගන්නා ස්ථානයත් හදුන්වනු ලැබුවේ “ කම්බි අඩිය “ නමින්. මෙම ස්ථාන මේ වන විට නටබුන් බවට පත්ව තිබෙනවා.
බේකර්ස් බෙන්ඩ් පසු කර කි.මි 02ක් පමණ ගිය විට හෝර්ටන් තැන්න එක් මායිමකට පිවිසෙනවා. මේ මගින් හෝර්ටන් තැන්නට යා හැකිවුනත් වන ජීවි දෙපාර්තමේන්තුව විසින් මෙම පැරණි මාර්ගය වසා දමලා.
ඉංග්‍රීසින්ගේ සමයේ මෙම මාර්ගය බෙලිහුල්ඔය සිට නුවරඑලිය දක්වා අශ්වයින් පිට ගමන් ගත් ප්‍රසිද්ධ මාර්ගයක්.
ජීවිතයෙන් දවසක් .







No comments:
Post a Comment