අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සපයන ධමනියක ලේ කැටියක් සිරවීම හෝ ධමනියක් පිපිරී යාම නිසා අංශභාගය ඇතිවේ. එවිට, එම ධමනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මියයයි.අංශභාගය යනු ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා බලපාන හේතු අතර තෙවන ස්ථානය ගන්නා රෝගය වන අතර, මිනිසුන් ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්කරන රෝග අතර ප්රමුඛස්ථානයක් ගනී.
Friday, July 18, 2025
අංශභාගය.
Thursday, July 17, 2025
වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා.
වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා. රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ඉතා සමීපයි.
මම හිතන්නෙ හැත්තෑවේ දශකයේ වගේ කාලයේ ඉදන් විවිධ රුසියන් සහ සෝවියට් පොත්පත් ,සගරා වල සිංහල අනුවාදයන් අපි ඇසුරු කරනවා. එකල “ සොවියට් දේශය “ කියලා සගරාවකට අපි දායක වෙලා හිටියා.
රුසියානු සාහිත්‍යය අපට සමීප කිරීමට විශාලම සේවයක් සිදුකළේ දැදිගම වී. රුද්‍රිගු මහතා බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණක්. ඔහු රුසියන් භාෂාවෙන් සිංහලයට පරිවර්තන කටයුතු කළ බවත්, සෝවියට් දේශයේ ජීවත් වූ බවත් බොහෝ දෙනෙකු දන්නවා.
දැදිගම වී. රුද්රිගුගේ මහතාගේ සැබෑ නම දොන් වින්සන්ට් රුද්‍රිගු වන අතර ඔහු ප්‍රකාශණ වල භාවිතා කලේ දැදිගම වි රුද්‍රිගු කියලා.
1929 ජූනි 25 වනදා උපන් රුද්‍රිගු කිරුලපන ප්‍රදේශයේ ජීවත් වූ බවත් එමෙන්ම ඔහු මරදාන සහිරා විද්‍යාලයෙන් සහ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද බවත් ද කියැවෙනවා. නමුත් මේ කිසිවක් හරිහැටි පැහැදිලි නැහැ.
ඔහු තරුණ සමයේ සිටම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර පක්ෂ ප්‍රකාශන සිංහලයට නැගීමේ යෙදුණා. පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ පීටර් කේනමන් මහතාගේ භාෂා පරිවර්තකයා ද වුණා. එමෙන්ම පක්ෂයේ තරුණ කටයුතුවල නිරත වූ ඔහු කොළඹ දිසාවේ තරුණ ලේකම්වරයා ද වුණා.
රුසියාවට පැමිණීම
රුද්‍රිගු පළමු වරට සෝවියට් දේශයට පැමිණියේ 1957 වසරේදී 6 වන ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවට සහභාගී වූ ශ්‍රී ලාංකික නියෝජිතයකු ලෙස යි.
ඔහුට තම බිරිඳ වූ ලුද්මිලා විෂ්නෙපොල්ස්කායා හමු වූයේ ද එම ගමනේ දී යි. ඔවුන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධය ඉතා විශේෂ වූවක්.
රුද්‍රිගු යළි රුසියාව බලා යාමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මෙම ප්‍රේම සම්බන්ධය බව යි කියැවෙන්නේ. ඇය මිලිටරි ගුවන් යානා සැලසුම් ශිල්පිණියක වූ අතර රුද්‍රිගු ආපසු රුසියාවට ගිය පසු ඔවුන් විවාහ වුණා. ඔහුගේ මරණය තෙක්ම ඔවුන් ඉතා සමීපව සිටි බව ප්‍රකට කරුණක්. ඔවුනට වික්තර් සහ දිමිත්‍රි නම් පුත්‍රයින් දෙදෙනකු ලැබුණා.
රුද්‍රිගු ආපසු රුසියාවට ගියේ 1960 දී යි.
එම වසරේ දී සෝවියට් දේශය විසින් මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ඇරඹූ විට, එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට රුද්‍රිගු ද ඇතුලත් වුණා. ඔහු එහිදී වෛද්‍ය විද්‍යාව හදාරා උපාධිය ලද පසු කෙටි කලක් වෛද්‍යවරයකු ලෙස ද සේවය කළා.
සාහිත්‍යය සහ නිවේදන කටයුතු කෙරෙහි ඇති ඔහුගේ උද්යෝගය සහ එකල වූ අවශ්‍යතාව මත මාධ්‍යවේදියෙක් බවට පත්වුනා.
1963 දී එවකට අගමැති සිරිමා බණ්ඩාරනායක සෝවියට් දේශයේ කළ සංචාරයට සමගාමීව “රේඩියෝ මොස්කව්” හි සිංහල අංශය ඇරඹි අතර ඔහු එහි කාර්යය මණ්ඩලයට ඇතුලු වුණා. එමෙන්ම සෝවියට් චිත්‍රපටවලට සිංහල දෙබස් කැවීමට ද ඔහුව දායක කර ගැනුණා. මේ අතර, සෝවියට් පත පොත සිංහලයට නැගීමේ කටයුතු ද මෙකල ඇරඹුණ අතර එයට ද ඔහුව දායක කරගැනුණා.
මුල් කාලීනව විවිධ කටයුතුවල නිරත වුණත් පසුව රුද්‍රිගු සම්පූර්ණයෙන්ම පාහේ පරිවර්තන කටයුතු වෙත අවධානය යොමු කළා. ඔහු විවිධ රුසියානු සහ සෝවියට් පොත් 250ක් පමණ පරිවර්තනය කර තිබෙනවා. ඒවා අතර දේශපාලන න්‍යායය, විද්‍යාව, ළමා කතා, සහ ප්‍රබන්ධ යනාදී විවිධ ක්ෂේත්‍ර ආවරණය කළ පොත් තිබුණා.
රුද්‍රිගු අතින් පරිවර්තනය වූ සෝවියට් දේශය බිහි වීමට පෙර ලියවුණු රුසියන් කෘති අතර මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ මෙන්ම ‘ළමා විය’, ‘මිනිසුන් අතර’ සහ ‘මගේ සරසවි’ යන තුන් ඈඳුතු කෘතින් ද, අලෙක්සාන්දර් පුෂ්කින්ගේ ‘කපිතාන්ගේ දියණියෝ’, ‘ඉස්කෝප්ප රැජිණ’, ‘දුබ්රොව්ස්කි’ ආදී කෘතීන් ද, නිකොලායි ගොගොල්ගේ ‘තරාස් බුල්බා’ ද, ලෙව් තොල්ස්තෝයිගේ ‘ඉවාන් ඉලීච්ගේ මරණය’ ද, ලෙර්මන්තොෆ්ගේ ‘අපේ කාලයේ වීරයෙක්’ ද ආදී වශයෙන් කෘතීන් රැසක් වනවා.
ඔහු විසින් සිංහලයට නැගූ සෝවියට් පොත් අතර බරිස් පලෙවෝයිගේ ‘සැබෑ මිනිසකුගේ කතාවක්’, නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’, චිංගිස් අයිත්මාතොෆ්ගේ ‘ගුරු ගීතය’, යූරි බොන්දරෙෆ්ගේ ‘උණු හිම’ ආදී කෘතීන් වනවා. මීට අමතරව ඔහු මාර්ක්ස්, එංගල්ස්, හා ලෙනින් ආදී කොමියුනිස්ට් චින්තකයන් ලියූ න්‍යායාත්මක කෘති ද සිංහලයට නැගුවා.
රුද්‍රිගු විසින් පරිවර්තිත ළමා කතා අතර නිකොලායි නෝසෆ්ගේ ‘වැඩ බැරි දාසගේ කතා’ මෙන්ම සුප්‍රකට ‘ලස්සන වසීලිස්සා’ ද, ‘හත් පෙති මල’, ‘වලසුන් තුන්දෙනා’ ආදී කතා ද වනවා.
එකල ප්‍රසිද්ධව පැවති එක්තරා කතාවක් “යාන් හෑල්ලක්” තිබුණා.
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතියේ ය. එහි තානාපතිවරු දෙදෙනකු ද සිටියෝ ය. ඉන් එක් කාර්යාලයක් පිහිටියේ මොස්කව් හි ඌලිත්සා පෙෂ්කිනා හෙවත් පෙෂ්කිනා වීදියේ අංක 24 දරන සුවිසල් දෙමහල් මන්දිරයේ ය. ඒ, ශ්‍රී ලංකා රජයේ නිල තානාපති කාර්යාලය යි. රජයේ නිල තානාපතිවරයා සිටියේ එහි ය. අනෙක පිහිටියේ මොස්කව්හි පෙයර්වි දිමිත්රොව්ස්කි ප්රොයේස්ද් හෙවත් පළමුවන දිමිත්රොව්ස්කි මාවතේ අංක 16 තට්ටු නිවාසයේ අංක 18 දරන නිවසේ ය.
ඒ අන් තැනක් නොව, දැදිගම වින්සන්ට් රුද්රිගුගේ නිවස්න යි. එය ලංකාවේ ‘නොනිල තානාපති කාර්යාලය’ වී ය. එපරිදිම, දැදිගම වී රුද්‍රිගු මොස්කව් හි ලංකාවේ ‘නොනිල තානාපති’ හෙවත් මහජන තානාපතිවරයා විය.”
බිරිඳ හේතුවෙන් ඔහු මොස්කව් දමා ලංකාවට පැමිණියේ නැහැ.
දශක තුනකට ආසන්න කාලයක් මොස්කව් හි ජීවත් වෙමින්, 25 වසරක් සාහිත්‍යකරණයේ නිරත වූ දැදිගම වී. රුද්‍රිගු 1988 නොවැම්බර් 27 වන දා මියගියා.
ඔහුගේ නිවසේ වූ පොත් එකතුව ලුමුම්බා සරසවිය වෙත ප්රදානය කෙරුණා.
සෝවියට් කාන්තාවක හා විවාහ වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වාස කෙරෙන්නේ දැදිගම වී රුද්‍රිගු මහතායි. එමෙන්ම පූර්ණ ගෞරව සහිතව සෝවියට් දේශයේ මිහිදන් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද සැලකෙන්නේ ඔහු යි.
– Roar media පලකිරීමක් ඇසුරෙන්.
A day in the life
Wednesday, July 16, 2025
ඉවසීම හා සැනසීම
එක්තරා කාලෙක සෙන්ටිනෝ නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු රස්සාව විදියට කලේ අලෙවිකරණය. නමුත් රස්සා ගණනාවක් නිතර නිතර වෙනස් කරපු හින්දා සෙන්ටිනෝ ගෙ අනාගතය ගැන ඔහුගෙ බිරිඳට බියක් දැනිලා තිබුනා." ඔහේ කරන්න හදන දේ ගැන මම නම් දන්නෙ නෑ.ඒත් මෙහෙම ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා "මීනා එහෙම කියද්දි සෙන්ටිනෝ කලේ තමන්ගෙ නිවසේ සාලය එක්ක තියෙන වීදුරු කවුළුවෙන් ඈත බලාගෙන කල්පනා කරපු එක.
Tuesday, July 15, 2025
බෆලෝ සෝල්ජර් -බොබ් මාලේ..
Bob Marley – Buffalo Soldier ගීතයේ සිංහලානුවාදයයි මේඅප්රිකාවෙන් සොරකම් කොටඇමරිකාවට ගෙනාමී හරක් සොල්දාදුවාආ දා සිට සටනේමරන්නට නොව නොමැරී ඉන්නටදනී නම් අයෙකු තම ඉතිහාසයදැන සිටියි ඔහු තමන් පැමිණියේ කොහෙන් ද කියාඑවැන්නෙක් කිසි දිනක නොකියයිමා දන්නේ නෑ මා කවුද යෑයිඒ වෙනුවට ඔහු කියයි මෙසේමං ඇමරිකාවේ සිටිනනිකම්ම මී හරක් සොල්දාදුවෙක්අප්රිකාවෙන් හොරකම් කරගෙනඇමරිකාවට අරං ආමී හරක් සොල්දාදුවෙක්මං සටන් කරන්නේ මරන්නට නොවනොමැරී ඉන්නටයිමගේ රටවත් ජාතියවත් වෙනුවෙන්වත් නොවසුද්දන්ට ජය ලබාදෙන්නයිමං මී හරක් සොල්දාදුවෙක්
Buffalo Soldier, dreadlock RastaThere was a Buffalo SoldierIn the heart of AmericaStolen from Africa, brought to AmericaFighting on arrival, fighting for survivalI mean it, when I analyze these thingsTo me, it makes a lot of senseHow the dreadlock Rasta was the Buffalo SoldierAnd he was taken from Africa, brought to AmericaFighting on arrival, fighting for survivalSaid he was a Buffalo Soldier, dreadlock RastaBuffalo Soldier, in the heart of AmericaIf you know your historyThen you would know where you coming fromThen you wouldn't have to ask meWho the heck do I think I amI'm just a Buffalo SoldierIn the heart of AmericaStolen from Africa, brought to AmericaSaid he was fighting on arrivalFighting for survivalSaid he was a Buffalo SoldierWin…
මේ බෆලෝ සෝල්ජර් නම් සුප්‍රසිද්ධ ගීතයේ අර්ථයයි. ඇමරිකාවේ ස්වදේශිකයන්ට එරෙහිව සටන් කිරීම සඳහා අප්‍රිකාවේ සිට සුද්දන් විසින් ඇමරිකාවට පැහැරගෙන විත් සාදන ලද බෆලෝ සෝල්ඡ්ර්ස් නමින් හඳුන්වන ලද සේනාංකයේ සෙබළුන් පිළිබඳව ගැයෙන මේ ගීතය අසා නැති කෙනෙක් ලොව නැති තරම්ය. මේ ගීතයේ ගැබ් වන්නේ බටහිර සංගීතයේ රිද්මය නොවේ. වර්ෂ දහස් ගණනක් පුරා ඉමක් කොනක් නැති වන පෙතේ නිදැල්ලේ සැරිසැරූ අප්‍රිකානු ආත්මයේ රිද්මයයි. ගහකොළ සතා සීපාවා සමග දුක සතුට බෙදා ගත් කලු අප්‍රිකානු රිද්මයයි. එපමණක් නොව එහි ගැබ්වන්නේ සුද්දන්ගේ කුරිරු උවමනාවන්හි ගොදුරක් වූ අහිංසක අප්‍රිකානු අධ්‍යාත්මයන් වෙතින් නැඟෙන විලාපයයි. සුද්දන්ගේ කෲර සංස්කෘතියට එරෙහිව ජීවිතයට ආදරය කරන අප්‍රිකානු සංස්කෘතියේ විරෝධයයි.වර්ෂ පන්සීයක් පමණ පුරා සුද්දන් විසින් මවා පාන ලද ව්‍යාජ ශිෂ්ටාචාරය එකම ගීතයකින් දෙපලු කළ ඔහු බොබ් මාලේය. ෂේක්ස්පීරියානු සම්භාව්‍ය සලු පිළි වලින් වසං කරන ලද, හාඩ් එලියට් ගතේ සාත්‍රේ සම්භාව්‍ය පුස්තකවලින් මුවා කරන ලද ගොරහැඬි සුදු ආත්මයේ නිරුවත එකම ගීතයක් මගින් හෙළිදරව් කළ ඔහු බොබ් මාලේය. වර්ෂ පන්සීයක් පමණ පුරා සුද්දන් විසින් මවා පාන ලද ව්‍යාජ ශිෂ්ටාචාරය එකම ගීතයකින් දෙපලු කළ ඔහු බොබ් මාලේය.මෙම ගීතය රචනා කරන ලද්දේ බොබ් මාර්ලේ විසිනි. ඔහුගේ දේශපාලන දැක්ම මෙම ගීතයෙන් මොනවට පැහැදිලි විය . 'අපේ රටේ සුද්දන් පසු පස යන ඇතැම් නාගරික තරුණයන් බොබ් මාලේගෙන් ගෙන ඇත්තේ ඔහු සුද්දන්ගේ ශිෂ්ටාචාරයට විරුද්ධව ගෙන ගිය , එයට එරෙහිව කළ අරගලය නොව , ගංජා සුරුට්ටුව පමණකි. . බොබ් මාලේගේ ගීත අසන ගයන අය විසින් ම බොබ් මාලේ පාවා දී ඇත්තේ එසේය. බොබ් මාලේගේ සුදු අධිරාජ්‍ය විරෝධී අරගලය ලංකාව තුළ දී බටහිර ගැති සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇත්තේ එසේය. එබැවින් ඔහු ගැන නිවැරදි තක්සේරුවකට පැමිණෙන්න ! ලෝකයේ ජනතාවාදී කලාකරුවන් අතරින් බොබ් ට හිමිවන්නේ අද්විතීය තැනකි. ඔහු තරම් අව්‍යාජ කලාකරුවෙක් මා මෙතෙක් දැක නැත.බොබ් මාලේ ස්වකීය එක් ගීතයක මෙසේ කියයි....."ඔබේ මානසික වහල් භාවයෙන් අත් මිදෙන්න කාලය ඇවිත්අපේ සිත් නිදහස් කරගැනීමට අපටමමඅ හැර වෙන කිසිවෙකුට නොහැක"බොබ් මාලේ අපට කියන්නේ කුමක්දැයි ඔබ නිවැරදි නිගමනයට එන්න ? මාලේගේ තවත් ගීතයක කොටසකින් මේ සටහන අවසන් කරමි."වෙඩි උණ්ඩයකට නතර කළ නොහැක අපඅපි බෑගෑපත් නොවෙ හිස පාත් නොකරමුඅපව මිලට ගැනීමටවත් විකිණීමටවත් නොහැකඔබේ ජීවිතය රත්තරන්වලට වඩා වටිනාකමින් බොහෝ ඉහළය"''
://youtu.be/S5FCdx7Dn0oRusell Bandarawatta
මුණු පොතට - මන්දාරම.
A day in the life
Monday, July 14, 2025
ප්‍රතිජීවක.
වසර_20ක් තිස්සෙ නව ප්‍රතිජීවකඖෂධ නිෂ්පාදනය කර නැහැ...
ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස..
ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධි වීම නිසා 2050දී මිලියන_50ක් මරුට
“මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ”
“මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම ගන්න. නවත්වන්න එපා.”
මෙම සංවාදය මගේ දෙසවනත වැකුණේ සිනමා පටයක හෝ ටෙලි නාට්‍ය ජවනිකාවකින් නොවේ. මා ඖෂධ කීපයක් මිල දී ගැනීම සඳහා ඖෂධ අලෙවිසැලකට ගොස් සිටියදී ඊට ගොඩ වැදුණු කෙනෙකු සහ වෙළෙඳ සහායකයකු අතර ඇති වූ සංවාදයකි එය.
එය කන වැකුණු විගස මා තුළ ඇති වුයේ විමතියකි. ඒ කඩයකින් ලොසින්ජර් ඉල්ලන ආකාරයට ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ පහසුවෙන් මිල දී ගැනීම ය. අනෙක් පුදුමය නම්, වෙළෙඳ සහායක ද එකී ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව සරල කටයුත්තක් සේ සලකා අලෙවි කිරීමය. රෝගියා සහ වෙළෙඳ සහායක අතින් සිදු වන මෙම වරදින් අනිටු ඵල අත් විඳින්නට සිදු වන්නේ ඔවුන්ට පමණක් නොවේ. මුළු මහත් ලෝකයටම ය. එය තවත් විදිහකින් පවසන්නේ නම් 2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවා ඇත.
මේ පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක දීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මෙය පැවැත්වූයේ නොවැ: 12 සිට නොවැ: 18 ( අද දින) දක්වා ඇති ප්‍රතිජීවක ඖෂධ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.
ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ ය. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා ය. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා ය.
ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගවලට පමණි. වෛරස් මඟින් වැළඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකෙරේ. එහෙත් වර්තමානයේ කැස්ස, හෙම්බිරිස්සාවටත් ඉවක් බවක් නැතිව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හට ගනී. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” යනුවෙනි. මෙය අද ලෝකය පුරා බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.
“අද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයක් සිදු වෙනවා. මෙය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු ආසියානු රටවල්වල. මේ ඖෂධ අවභාවිතයට රෝගීන්, ඖෂධ අලෙවි කරන ෆාමසි වගේම වෛද්‍යවරුනුන් වග කියන්න ඕනෑ. මොකද සමහර වෛද්‍යවරුන් වෛරස් ආසාදනවලටත් ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එවැනි ලෙඩ රෝගවලට ප්‍රතිජීවක ඖෂධ වැඩක් නැහැ. ඒ වගේම වෛද්‍ය නිර්දේශක් නැතිව ප්‍රතිජිවක ඖෂධ අලෙවි කිරීමට නොහැකි වුණත් අද ෆාමසිවලින් එය කරනවා. ඊළඟට රෝගියා කරන වැරදි කීපයක් තිබෙනවා. රෝගියා හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ගැනීම වරදක්. ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ වෛද්‍යවරයා විසින්. සමහරු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි. ඒ වගේම නියම කළ වෙලාවට ප්‍රතිජීවක ඖෂධ නියමිත ප්‍රමාණයෙන් ම ගන්න ඕනෑ. මෙවැනි හේතූන් නිසා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සිද්ධ වෙනවා. එයින් ප්‍රතිජීවක ඖෂධ ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙනවා. මෙය භයානක තත්වයක්.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ ජයවර්ධනපුර රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක ය.
මෙම භයානක තත්වය තවතවත් තීව්ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති බැවිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම පවසන්නේ ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති බව ය. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීමයි. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී ඇත. එමනිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පැවසුවාය.
එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම සඳහා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයකි. නමුදු ප්‍රතිජීවක ඖෂධ හෙම්බිරිස්සාවක් වැනි සුළු ලෙඩකදීත් ගත් විට බරපතළ රෝගයකට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වේ.
“ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. එය රටකට සුදුසු දෙයක් නෙවෙයි. අද අපේ රටේ ඖෂධවලට කරන වියදමෙන් 13%ක් වියදම් කරන්නේ ප්‍රතිජීවක ඖෂධවලට. අවසානයේදී ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා.
එයින් සිද්ධ වෙන්නේ රෝගින් මිය යෑම. 2050 වර්ෂයේ ලෝක ජනගහනයෙන් මිලියන 10 කට ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කිරීමට නොහැකිව මිය යෑමට සිද්ධ වීම බේදවාචකයක්.” යනුවෙන් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම ය.
මේ අනුව ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව හට ගැනෙන ප්රතිරෝධිතාව සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම නිසා විය හැකි වුවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව නොදන්නවා නොවේ. ඔවුහු මේ සම්බන්ධයෙන් හොඳාකාරව ම දනිති. එහෙත් ඉතා සුළු රෝගයකට පවා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන උගත් වෛද්‍යවරු අපේ රටේ සිටිති. ඇතැම් විට ඔවුන් විසින් එසේ සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ වෛද්‍යවරුන් අතර ඇති තරගය නිසා විය හැකිය. එහෙත් එවැනි පටු පරමාර්ථ මූලික කරගත් වෛද්‍යවරුන් නිසා අවදානමට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව නොවේද ? “වන්ෂොට්” වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සැලකිලිමත් විය යුත්තේ අද රට පුරා සුදුසුකම් නැති වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදී සිටින නිසාය. “අපේ සමහර වෛද්‍යවරුන් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ දෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අයගෙන් අපි ඇහුවා ඇයි ඒ විදියට කරන්නේ කියලා. ඒ වෛද්‍යවරුන් අපට දීපු උත්තරය වුණේ වෛරස් ආසාදනය සුව වූ පසුව බැක්ටීරියා ආසාදනයක් එන්න පුළුවන්. එය වැළැක්වීමටයි ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ කියලා. රෝගයක් වැළඳෙන්න පෙර ප්‍රතිජීවක ඖෂධ දීමෙන් ඵලක් නැහැ. බැක්ටීරියා මඟින් රෝගය හැදුණට පසුවයි ඒ බැක්ටීරියා මරන්න ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ. මෙහිදී වෛද්‍යවරුන් ලොකු වැරැද්දක් කරනවා. අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිද්ධ වෙන හානිය ඉහළයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති විස්තර කළාය.
මෙම අවදානමට මුහුණ දී සිටින්නේ මිනිසුන් පමණක් නොවේ. හරකුන්, කුකුළන්, ඌරන්, ඉස්සන්, මත්ස්‍යයින් වැනි සත්ව ගොවිපළවල ඇති කරන සත්වයෝ පවා මෙම අවදානමට මුහුණ දී සිටිති. එනම් සතුන්ට රෝග වැළඳීමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ රෝග සුව වූ බව පෙන්වන විට ප්‍රතිජීවක ඖෂධ අතරමග නවතා දැමීමෙන් ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධි බැක්ටීරියා එම සතුන්ගේ ශරීර තුළ හට ගැනීම මෙන් ම සත්ව නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන අවස්ථා ඇත.
ඒවා සෑම රටකින්ම ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී තිබේ. අද වන විට ගවයකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 45ක්ද කුකුළකුගේ කිලෝ එකක මිල ග්‍රෑම් 148ක් ද ඌරකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 172ක්ද වශයෙන් ප්‍රතිජීවක තැන්පත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.
“සතුන් තුළ තිබෙන ප්‍රතිරෝධි බැක්ටීරියා සතුන්ගේ මලපහ මඟින් පරිසරයට එකතු වෙනවා. ඒවා ගස්වලට එකතු වෙනවා. ඒ වගේම ගස්වලට යොදන දලීර නාශක වලිනුත් ප්‍රතිරෝධි බැක්ටීරියා ඇති වෙනවා. පරිසරයට එකතු වන ප්‍රතිරෝධි ජලයට එකතු වෙන්න පුළුවන්. මේ නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධ බැක්ටීරියා ව්‍යාප්තිය චක්‍රයක් ආකාරයට සිද්ධ වෙන බව දක්වන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රතිජීවක ඖෂධ නිසි පිළිවෙළට භාවිත කිරීම ගැන මිනිසුන්ගෙන් විතරක් පටන් අරං හරියන්නේ නැහැ. එය ශාක, සත්ව, ජලය, අවට පරිසරය යන සෑම අංශයකින්ම ආරම්භ කළ යුතුයි.” යනුවෙන් පැවසුවේ පේරාදෙණියේ පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පාලිකා ප්‍රනාන්දුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් One Health C0ncept හඳුන්වා දී තිබෙන්නේ ඊට පිළියමක් වශයෙනි. මීට වෛද්‍යවරුන්, ජනතාව, පශූ වෛද්‍ය, කෘෂිකර්මය, මත්ස්‍ය, පරිසරය යන සෑම අංශයක්ම සම්බන්ධ කරගෙන ජාතික ක්රමෝපායන් සැලසුම් කර ඇත. එසේ නොමැතිව ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්රතිරෝධයන් ඇති වීමෙන් මතු වන අර්බුදයට මුහුණ දිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගමගේ අදහස ය.
Sunday, July 13, 2025
නින්ද අංශභාගය Sleep Paralysis
විකාර නැතිව නිදා ගනින්..ඇදේ එහෙ මෙහෙ පෙරලන කොට අපි අනනත්තවත් අසා ඇති.නින්ද යන්නේ නැත්නම් පන්සිල් ගන්නත් උපදෙස් දෙන්නත් ඇති. සමහර ආතම්මලා පිරිත් පොත කොට්ටේ යට තියලා යනවා . දැන් නින්ද යයි.
එහෙම නින්ද යන වෙලාවල් අත්දැකලත් ඇති.
sleeping paralysis .ගැන කියන කතා අහල බලමු.
Saturday, July 12, 2025
සිංහල රාජ්‍ය භාෂාව
ලියන්නේ අනුරාධ කලුආරච්චි.
"ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා මතයක්.
මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා.
බණ්ඩාරනායක ඇවිත් 'නෑ තමුසෙලා අද ඉදන් සිංහල කතා කරනවා. ඉංග්‍රීසි අපේ' කියලා සිංහල රාජ්‍ය භාෂාව කළා කියලා.
1950 වෙනකම් ලංකාවේ ඉංග්‍රීසි කතා කළේ පවුල් අටයි. (පහතරට මුදලි පේරුව)
ඒ පවුල් අටේ දූලා පූතාලා උන්ගේ ඥාතියො මිතුරො තමයි රටේ රාජ්‍ය පාලනය කළේ. පොලීසියේ හිටියේ. නඩුකාරයො වුණේ. සිවිල් සේවයේ හිටියේ. පෙරකදෝරුවො වුණේ. මහ ඒජන්ත ලා වුණේ.
උන් ලංකාවේ ටිකක් ඉගෙන ගෙන ඉතිරි ටික එංගලන්තේ ගිහින් ඉගෙන ගත්තා.
රටේ නඩු ඇහුවේ ඉංග්‍රීසියෙන්. ඇප්ලිකේෂන් සියල්ල ඉංග්‍රීසියෙන්.
හැබැයි රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැහැ.
ඒක අවුලක් වුනෙත් නෑ. මිනිස්සු ගම් වල හේන් වලට කුඹුරු වලට වෙලා වහල්ලු වගේ හිටියා.
උන්ගේ ළමයි සිවිල් සේවයට යන්න යෑ. පාර්ලිමේන්තුවට යන්න යෑ. නඩුකාරවරු වෙන්න යෑ. මහ ඒජන්ත වෙන්න යෑ.
උන්ගේ ළමයින්ගෙන් 1% ක් විතර පිරිවෙනින් සිංහල අකුරු ඉගෙන ගත්තා. හැබැයි ඉංග්‍රීසි කියන්නේ පවුල් අටේ භාෂාව.
පාස්පෝර්ට් තිබුණේ ඒ පවුල් අටට. කොලීජි තිබුණේ ඒ පවුල් අටට. බිස්නස් කළේ ඒ පවුල් අට. පාර්ලිමේන්තුවේ හිටියෙත් උන්.
බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කළේ මෙන්න මේ ආධිපත්‍ය කඩන්න.
බණ්ඩාරනායකගේ තීරණයෙන් පස්සේ සිංහලෙන් නඩු ඇහුවා. සිංහලෙන් විභාග පැවැත්තුවා. සිංහලෙන් ඇප්ලිකේෂන් පිරවුණා.
අවසානයේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්නම සිංහල කතා කරන, ලියන අර හේන් වල ඉඳපු උන්ටත් සිවිල් සේවය, උසාවිය, පොලීසිය විවෘත වුණා.
පවුල් අටේ බූදලය රටටම විවෘත වුණා.
ගොවිගම, කරාව, සලාව, දුරාව උන් සිංහල අකුරු පුලුවන් උනුත් දිසාපති ලා, මහ ඒජන්තලා වුණා.
අර පවුල් අටේ නෂ්ටාවශේෂ අදටත් බණ්ඩාරනායකට බනිනවා.
ඒ 'ලෝ ක්ලාස් බගර්ස්ලට' ලොකු පුටු ඕපන් කළා කියලා. උන්ට අනුව රටට කෙලවීමට හේතුව ඒක.
හැබැයි බණ්ඩාරනායක නිසා දිසාපතිලා, දොස්තර ලා, ඉංජිනේරුවො, නඩුකාරයො, පෙරකදෝරුවො වෙච්ච උන්ගේ ළමයි තමන්ගේ තාත්තාලාගේ පසුබිමින් ඇවිත් බණ්ඩාරනායකට බැනීම තමයි මට තේරුම් ගන්න බැරි.
බණ්ඩාරනායක ඒ තීරණය නොගන්නට අදටත් උන් හේන් වල!
මම මුණු පොතෙන් එකතු කරගත්ත මේ වියමනට ලැබුන ප්‍රතිචාර බොහෝයි. සමහර ප්‍රතිචාර රාමුවෙන් එලියට පැනලා වර්තමාන මැති ඇමතිවරු ඉලක්ක වෙලා තිබුනා.
ඒවා අපිට වැඩක් නැහැ.
සරත් ප්‍රේමරත්න
---------------ඒක නොදන්න කමට කියපු මහ බොරු කතාවක්. ගමේ ගොඩේ පොඩි පවුල්වල මිනිස්සු හිටියා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. පිංදෙනිය කියන්නේ හද්දද පිරිසර ස්කෝලයක්. බඹරගල කියන්නේ ඒ පැත්තෙ තියෙන අමු පිටිසර ගමක් ඒ කාලේ. මම කියන්නේ පනස් හයට ඉස්සෙල්ලා කාලෙ තමයි. ඒ ගමේ හිටියා අර ඉස්කෝලෙට අටේ පන්තිය දක්වා ගිය හද්ද ගොඩේ මිනිස්සු ඉංග්‍රීසි හොදින් කතා කරන්න පුළුවන්. අපේ නෑ කෙනෙක් හිටියා. එයා කරන්නේ රස්සාව කොන්දෝත්තර කම. අපි පුංචි කාලේ එය අපේ ගෙදර තිබුන පරණ ඉංග්‍රීසි කතන්දර පොත් කියවලා සිංහලෙන් කතන්දරේ කියා දෙනවා අපිට. මේ කතාව ඇත්තද බොරුද කියලා ඒ කාලේ මිනිස්සුන්ගේන් පොඩ්ඩක් අහල බලන්න. මේ කියපු අයගේ නං ගං එක්කල විස්තර මට තාම මතකයි.
----------------
ප්රඥාරත්න බංඩාර
1956 ට පෙර තැපැල් කාර්යාල,රාජ්‍ය ආයතන ආදි,ස්ථාන අසල කෙනෙක් බලාගෙන හිටියා ඉංගිරිසියෙන් ලිපිනයක් ලියාදෙන්න,පෝරමයක් පුරවා දෙන්න. ගාස්තුවක් අයකලා.අපේ පළාතේ සිටි වෛද්‍යවරුන්,නීතිඥයන්,මිනින්දෝරුවන් ආදීන්ගෙන් 99% ක්ම යාපනයේ දමිළ අයයි. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල සංකල්පය මත මේතත්වය තරමක් සමහන්වුනා.ඛණ්ඩාරනායක මැතිතුමා රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන්පසු අධ්‍යාපනයේ විශාල පිබිදීමක් ඇතිවුනා.ගම්බදව මහා විද්‍යාල ඇති
කලා විදෝදය., විද්‍යාලංකාර ,විශ්වවිද්‍යාල ඇතිකලා. ඉංග්‍රීසි භාෂාවට කිසිම තහනමක් කලේ නැහැ.ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙරලෙසම පැවතුනා.උසස් අධ්‍යාපනය අහිමිවීසිටි ගම්බද දරැවනට උසස් අධ්‍යාපනයට මංපෙත් හෙලිවුනා.අද උසස් යැයි සම්මත රැකියාවන්වල නියුතු අයෙක් නැති ගමක් තියෙනවාද?මෙය පාලන තන්ත්රයේ ඉහළටම ඛලපා නැද්ද?
-------------------
ශ්‍රීයා ගැටනේවත්ත.
එහෙමම කියන්න බෑ . ලංකාවේ පරනම ගමේ ස්කෝලෙක හයට විතර ගිය අපේ පියාට ඉංග්‍රීසි දැනුමක් තිබුනා. ඒත් වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථ ලැබුනේ නම් පනශයේ පෙරලියෙන්. එදා පැවති තත්ත්වය අනුව සිංහලය රජ්‍ය භාසාව නොකලානම් අද වෙනකොට සිංහලයක් නෑ. ලංකාවේ බිහිවුන බොහෝ උගත් බුද්ධිමතුන් ඉන්නවා ගමේ පාසලෙන් සිංහලෙන් ඉගෙන ඉදිරියට ගිය. වරද පුද්ගලයාගේ මිස ක්රමයේ නොවෙයි.
--------------------
නාලක කටුපිටිය.
සිංහලකම දෝරෙගලපු නිසා තමයි එකිනෙකා මරාගන්න මිලේච්ඡ ජාතියක් රටට දායාදකලේ.
අපේ ගමත් හිටිය ගොවිතැන් කරන අහිංසක මනුස්සයෙක් ඒ මනුස්සයත් ඉංග්‍රීසි භාෂාව යන්නත් හෝ දැනගනහිටිය. ඒත් 1965 70 වනවිට ඉංග්‍රීසි භාෂා ව පැවතුනේ නගරයේ මිෂනාරි පාසල්වල පමනයි.ඒත් ඉහල වත්කම් සහිත අය පාසල්වලට දරුවන් යොමුකර ඒ අධ්‍යාපන ය ලබාදුන්නත් සිංහල පාසල්වල දරුවන්ට ඒ අවශ්තාවෙ නැතිවුනා. නමුත් දෙමල පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදුන් හෙයින් ඒ බොහෝදෙනා විදෙස්ගතවත් දේශීයවත් උසස් රුකියාවලට යොමුවුනා. නමුත් සිංහල අයට උසස්ම රුකියාව ලෙස යාමට හැකිවූයේ දිසාපති තනතුරට පමනයි.
A day in the life
Friday, July 11, 2025
දරුවෙක්ගේ අනාගතය
අද හිතේ රැදුන කතාවක් තියෙනවා.
මේක පහුගිය දවස් දෙක තුනේ මගේ හිතේ හොල්මන් කර කර තිබුනා.
රබර් බෝ ලයක් වතුරේ ඔබා ගෙන ඉදලා අතහැරියාම ආයේ උඩ එනවා වගේ.
කාට හරි කියලා හිත නිදහස් කර ගන්න කියලා හිතන කොට මතක් වුනේ අපේ ප්‍රදේශයේ තක්ෂිලාවේ දිසාපාමොක් ආචාර්ය තුමා.