Showing posts with label සමාජ socially. Show all posts
Showing posts with label සමාජ socially. Show all posts

Monday, June 16, 2025

අර්තාපල් චිප්ස්




අර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්. 

මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු වෙනුවෙන් පිසූ අර්තාපල් පිඟානක් ඒවා ඕනෑවට වඩා ඝන සහ තෙත් බැවින් ආහාරයට ගත නොහැකි බව පවසමින් ඒවා නැවත සූපවේදී ජෝර්ජ් ක්‍රම් වෙත එව්වා.

Friday, June 13, 2025

පරම්පරා දෙකක වෙනස.


"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න
තරුණයෙක් තම පියාට මෙසේ කීය:
ඔබට
වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත.
Wifi නැත

Tuesday, June 10, 2025

උම්බලකඩ



අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය. 
ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.

Wednesday, May 28, 2025

ප්‍රාග් - ප්‍රොටෝ අවධියේ සිංහල භාෂාව


---ගාමිණි වසන්ත වැන්දකෝන් මුණු පොතට.

භාෂාව මනුෂ්‍ය සත්වයා අන්‍ය සත්වයන්ගෙන් වෙසෙසා දැක්‌වෙන ප්‍රධාන ලක්‌ෂණයකැයි පැවසිය හැකිය. අන්‍ය සත්වයන් ද මුඛ මාධ්‍යයෙන් නොයෙක්‌ පණිවුඩ හුවමාරු කරගන්නා නමුත් මනුෂ්‍ය භාෂාව එම පණිවුඩ හුවමාරු ක්‍රමයන්ට වඩා සංකීර්ණ අදහස්‌වලට වාහනයක්‌ බව කරුණු පරීක්‍ෂා කිරීමේදී පෙනේ. මනුෂ්‍යයා විසින් නිපදවාගත් මේ චින්තනයේ පිහිටෙන් ඔහුට ක්‍රමයෙන් අතිශය පෘථුල වූ මහත් ශිෂ්ටාචාරයක්‌ ගොඩන`ගා ගැනීමට හැකිවිය.
 

Tuesday, May 27, 2025

පපුවේ කැක්කුම


ඔයාලා හිතන්නේ හාට් ඇටෑක් එකක් ආවම අපට රෝග ලක්ෂණයක් විදියට දැනෙන්නේ පපුවේ කක්කුම විතරක් කියලද ?
නෑ..එහෙම නෑ..හාට් ඇටෑක් එකක් එන්න පුලුවන් නොයෙක් නොයෙක් විදි කීපයක් තියෙනවා.
ඔන්න අද කියන්න යන්නේ ඒ ගැන..

Monday, May 19, 2025

සෙනසුරා



එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට බෙදුවේය. කෙමෙන් එම ගමේ එක පැත්තක් සෞභාග්‍යය ලබා ගත්තේ, ගමේ අනෙක් පැත්තට හිටි අඩියේ දැවැන්ත වර්ෂාවක් කඩා වැටී, එහි තිබුණු වැවේ බැම්මද කැඩී ගියේය.
කාලකන්ණි යයි සලකන පවුලක් ගමේ ඒ පැත්තේ සිටී යයි සිතූ මිනිසුන්, මේ ආකාරයට ගමේ සිටිය හැකි අවාසනාවන්තම පවුල කෙමෙන් තේරුහ. ඒ පවුල තෝරන තුරාවට ගමෙන් එක් භාගයක් අවාසනාවෙන් පෙළුණි. අවසානයේ ඉතිරි වූයේ කණවැන්දුම් ගැහැනියක් සහ ඇයගේ කුඩා පුතා පමණි. මුළු ගමටම හෙණයක් වූ මේ අම්මා සහ පුතා ඒ ගම් පළාතෙන්ම නෙරපන ලද්දේය. දැන් ඔවුන් ජීවත් වන්නේ හිඟමන් යැදීමෙනි. එහෙත් හිඟමන් යැදීමට මේ දරුවා එකතු කරගෙන යනවිට කිසි දිනෙක මවටද හිඟමන් ලැබුනේ නැත.

Thursday, May 15, 2025

හොසෙ මුජිකා.- ජනාධිපති බොලිවීයා රාජ්‍යය.








 


 

 

මුණු පොතට වියමන් කලේ  :    
Shanaka Madhushan Liyanagama

Tuesday, April 29, 2025

අප විවාහ වී අවුරුදු පනහයි .




මහාචාර්ය නලින් ද සිල්වා  මැතිතුමා 2021 අප්රේල් 26 වෙනිදා මුණු පොතට යොමු කල ලිපියක්. 
එතුමන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. 💗💗💗

අප විවාහ වී අවුරුදු පනහයි .
අද 2021 අප්‍රේල් විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්‍රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්‍ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.
එය ජ වි පෙ කලබල නිසා සිදු වූ විවාහයක්. 1971 අප්‍රේල් පස්වැනි දා විශ්වවිද්‍යාලය වසා දැම්මා. සිසුවියක වූ ඇය ගෙදර ගියා. අපත් බොහොම අමාරුවෙන් ගෙදර ගියා. නුවර සිට පාණදුරේට ගියේ කුරුණෑගල හරහා. පාලම් බෝක්කු කඩා දමා තිබුණා. අවුරුද්දෙන් පසු ටික දිනකින් නැවත පේරාදෙණියට ආවා. විශ්වවිද්‍යාලයේ ලස්සන හැමදාම හැමට එක විධියට පේන්නෙ නැහැ. ඒ වසන්තය. සරසවි උයනේ මල් පිපිල තියෙන්න ඇති. ඒත් මා ඒ දැක්කෙ නැහැ. ඒ ජ වි පෙ ඊනියා විප්ලවය නිසා නොවෙයි. ජ වි පෙ ක්‍රියාකාරකම් නිසා සිදු වූ එක ම සාර්ථක විප්ලවය අපේ විවාහය වෙන්න ඇති. 
ඇය අන් සියල්ල අත්හැර මා සමග පැමිණියේ ඇයි. යම් පිරිමියකු හරි ගැහැණියක හරි වෙනත් ගැහැණියක හරි පිරිමියකු හරි වෙනුවෙන් අන් සියල්ල අත්හරින්න සූදානම් ඇයි? මෙය කිසි දා තේරුම් ගැනීමට බැරි දෙයක්. දැනෙන යමක් තේරුම් ගන්නවා කියන්නේ අඩු තරමෙන් මනසට හරි දැනෙන වෙනත් දේකින් ඒ විස්තර කිරීම. කළු කුහර මහා පිපිරුම තේරුම් ගන්න පුළුවන්. එහෙත් ප්‍රේමය එහෙම තේරුම් ගන්න බැහැ. කිසි දිනෙක තේරුම් ගන්න බැහැ. ඒ වෙනුවෙන් කවි ගීත කතා කොතරම් ලියැවුණත් එය සම්පූර්ණ වන්නේ නැහැ. වැඩියෙන් ම කවි ලියැවෙන්නෙ ගීත ලියැවෙන්නෙ ප්‍රේමය වෙනුවෙන්. ඒ එහි ඉවරයක් නැති නිසා. තේරුම් ගන්න බැරි නිසා. අනාගත ගීත රචකයන්ටත් වැඩ තියේවි. විරහවත් ප්‍රේමයේ ම කොටසක්. කොවිඩ් 19 ප්‍රේමය වගේ වෙන්න බැහැ. කවුරුන් හරි බොරුවක් ගොතාවි. 
කාට හරි කියන්න පුළුවන් මේ සංසාරගත බැඳීමක් කියා. සමහරුනට එය එහෙම වෙනවා ඇති. මා සම්බන්ධයෙන් එහෙම කියන්න බැහැ. එක් භවයක හරි මගේ භාර්යාව වෙලා සිටිය අයකු සසර වසන තුරු නැවත මගේ භාර්යාව වීමට පතන එකක් නැහැ. ඒත් සත්වයකුගේ භව සංඛ්‍යාවට වඩා සත්ව සංඛ්‍යාව දෙගුණයකට වඩා විශාල වන්න පුළුවන්. ඒ මට සුද්දන් පුරුදු කළ විධියට හිතන්න ගිහින් කියැවෙන කතන්දර. ගණන් ගන්න එපා.
සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි මෙහෙම කියනවා. අපොයි මා පඬියකු නොවෙයි. මෙය මතකයෙන් ලියන්නක් නොවෙයි. මිතුරන්ගේ උදවුවෙන් පොත බලාගෙන ලියැවෙන්නක්. 
අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා
වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා 
අපට සුප්පා දේවිට තරම් භෝග වස්තු ඉසුරු තිබුණේ නැහැ. ඒත් අප අන් සියල්ල අත්හැරියා. එය එසේ සිදු වූයේ ඇයි? මා දන්නේ නැහැ. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණියේ 1970 සැප්තැම්බරයේ පමණ. ඇය ඒ වසරේ ම ඔක්තෝම්බරයේ තෙවැනි වසර සිසුවියක ලෙස විශ්වවිද්‍යාලයට නැවත පැමිණියා. 1968 අවසාන කාර්තුවේ, එනම් විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ ඇය පළමු වසරේ සිසූුවියක වුණත් මා සහකාර කථිකාචාර්යවරයකු වුවත් මා ඇය දැක තිබුණේ නැහැ. සමහර විට පේන්න ඇති. ඒත් දැක්කේ නැහැ. 1970 වන විට තත්වය වෙනස්. ඇය ගණිතය විශේෂ උපාධිය හදාරමින් සිටියා. අපේ නෙත් ගැටීම වළක්වන්න විධියක් තිබුණේ නැහැ. 
මිට අවුරුදු හැත්තෑවකට පමණ පෙර අපි අනුරාධපුරයේ වන්දනා ගමනක් ගියා. බරකරත්තයෙන් නොවෙයි. හාමුදුරුවරු කිහිප නමක් ද අප සමග වැඩියා. තුන් සරණය කියමින් ඒ ගිය වන්දනා ගමන අද යන ට්‍රිප්වලට වඩා වෙනස්. අනුරාධපුරයේ විශ්‍රාම ශාලාවේ (මතක හැටියට දුටුගැමුණු) ඉන්න අතර එක් හාමුදුරු නමකට මගේ අත බලන්න ඕන වුණා. ඒ දිනවල බොහෝ දෙනා සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඉතා මෑත කාලයෙහි ජාතික කඳවුරේ හාමුදුරුවරු තුන් හතර නමක් හැරෙන්න අනෙක් හාමුදුරුවරුත් ගුණදාස අමරසේකර ප්‍රමුඛ නායකයනුත් විජාතික කඳවුරේ කාලෝ ෆොන්සේකා වැන්නවුණුත් ඒ මතය බිඳ දමා තියෙනවා. 
වීමට බැරි ව ආපසු පැමිණියත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මගේ උපදේශක වූ මහාචාර්ය බිල් මැක්රේත් සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඔහු මට ආපසු ඒමට පෙර ලිපියක් දුන්නා. එහි කියා තිබුණා ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි (your country will be proud of you) කියා. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. අමරසේකර කාලෝ වැන්නවුන් මගේ අදක්‍ෂකම දැක්කා. මගේ රටට මා ගැන ඇත්තේ අවිශ්වාසයක්. 
මහාචාර්ය මැක්රේ මගේ වැඩ බලා කී අනාවැකිය සඵල නොවූවත් අර හාමුදුරුවන් මගේ අත බලා කී අනාවැකියක් සියයට සියයක් හරි ගියා. උන්වහන්සේ මගේ ජීවන රේඛාවට සමාන්තර ව ඇති රේඛාවක් අනුව සඳහන් කෙළේ මට හොඳ භාර්යාවක් ලැබෙන බවයි. ඒ සමග උන්වහන්සේ ප්‍රකාශ කළා ඔය ළමයට දැන් ම ඕව තේරෙන්නෙ නැහැ කියාත්. මට පසුව එය හොඳ හැටි තේරුණා. ඒත් අවාසනාව මගේ භාර්යාවගේ අතේ එවැනි රේඛාවක් නොතිබීම. 
ඇය කොත්මලේ. මා හා ගැමුණු කුමරු අතර සමාන කමක් තියෙනවා. අප දෙදෙනාම පෙළවහක් කරගෙන ඇත්තේ කොත්මලෙන්. සංසන්දනය එතැනින් අවසන්.
මාත් ඇයත් අහසට පොළොව වගෙයි. අහස කවුද පොළොව කවුද කියල ගීී රචකයකුගෙන් අහන්න ඕන. ඒ කුමක් වුවත් අපේ දරුවන් නම් කරල තියෙන්නෙ ආකාශ වස්තු නමින්. ඇය ඉතාමත් කාරුණිකයි. ඇය දක්‍ෂ ගුරුවරියක් බව මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටිි අයගෙන් අසා තිබෙනවා. එමෙන් ම සිසුන්ට කාරුණික ව මග පෙන්වූ බවත් අවශ්‍ය ප්‍රමාණයට සිසුන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉගැන් වූ බවත් ඇගෙන් ඉගෙන ගත් සිසුන්ගේ මා හඳුනන දෙමවුපියන් කියා තියෙනවා. 
එහෙත් මා සිසුන්ට ඉගැන්වූයේ නැහැ. මා ඔවුන්ට කතන්දර කිවුවා පමණයි. ජී එල් එයට කිවුවේ ජාතික චින්තනය ඉගැන්වීම කියා. ඔහු හා ඔහුගේ පිරිස මා කොළඹින් අස්කිරීමට සැලසුම් සහගත ව ක්‍රියා කළා. මා අස්කිරීමෙන් පසුව ඇතැම් සිසුන් රෑ එකට දෙකට දුරකතනයෙන් කතා කර මට කුණුහරුපයෙන් බැණ වැදුනා. ඔවුන් මගෙන් හොඳවයින් දෙකක් අහගත්තා. 
සිංහයා අඩු තරමෙන් සුප්පා දේවිට හා දරුවන්ට කන්න අඳින්න දෙන්න ඇති. ගල් ලෙනක් ඉදි කරන්න ඇති. දරුවන් ගල් ලෙනේ කොටු කරන්න ඇති. මා ඒ එකක්වත් කර නැහැ. විවාහ වන අවධියේ මා ලංකා සමසමාජ පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්. මා අතින් ගෙදර වැඩ අතපසු වුණා. එකල වතු කම්කරුවන් ඇතුළු ඊනියා කම්කරු පංතියක් ගැන මගේ ද බලාපොරොත්තුවක් තිබුණා. 
ලොකු පුතා ඉපදී වසරක් ගත වන විට බිරිඳට ඕස්ත්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇය ඉතාමත් ධෛර්යවන්තයි. ආත්ම විශ්වාසයෙන් යුක්තයි. ඇය පුතාත් කැටුව මොනෑෂ් විශ්වවිද්‍යාලයට ගියා. මට යෑමට ලැබුණේ ඉන් මසකට පමණ පසුව. මට පේරාදෙණියෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වුණා. මා අස් වී ගියේ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට බලාපොරොත්තු වන බව අස්වීමේ ලිපියේ සඳහන් කිරීමෙන් පසුව. 
ඕස්ත්‍රේලියාවේ දී මට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙහි රැකියාවක් ලැබුණා. ඒහෙත් අවුරුද්දකින් පමණ පසුව මා දරුණු මෝටර් රිය අනතුරකට ගොදුරු වුණා. අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පුතාත් බිරියත් වාහනයේ සිටි මුත් දෙයියන්නෙ පිහිටෙන් ඔවුන්ට කිසිවක් සිදු වුණේ නැහැ. එහෙත් මට ඩැංඩිනොන් රෝහලේ මාස තුනක් පමණ ඉන්න සිදු වුණේ දකුණු ඉල ඇටය බිඳී යෑම නිසා. රෝහලේ සිටි සෑම දිනක ම බිරිය පුතා අර කුඩා කරත්තයේ දමා ගෙන බසයේ රෝහලට පැමිණියා. ඇගේ අධ්‍යයන කටයුතු අඩාල වුණා. සුව වී ගෙදර ගොස් ටික දිනකින් ඇය ආචාර්ය උපාධිය පැත්තකට දමා විද්‍යාපති උපාධියක් සමග 1977 අවසන් කාර්තුවේ ලංකාවට අපත් සමග ගියා. ඇය විශ්වවිද්‍යාලයේ රැකියාවේ ස්ථිර වුණා. 
එහෙත් මට රැකියාවක් ලැබුණේ නැහැ. පීඨාධිපති තීරණය කර තිබුණා මා විප්ලවවාදියකු බව. ඒ කාලයේ මා නව සමසමාජ පක්‍ෂයේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව අප 1978 පෙබරවාරි හතරවැනි දා කළුකොඩි දැම්මා. වික්‍රමබාහුට රැකියාව අහිමි වුණා. මට රැකියාවක් ලැබුණේ නැහැ. පුතා රැක බලා ගැනීමත් මට කන්න අඳින්න දීමත් බිරියට බැර වුණා. අවුරුදු දෙකක් ඇවෑමෙන් මට කොළඹ රැකියාවක් ලැබුණා. අප ලොකු පුතාත් පසුව දෙවැනි පුතාත් රාජකීය විදහලට ඇතුල් කළා. ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කිරීම සඳහා ඉල්ලුම්පත යැවුවේ නුවර ලිපිනයකින් ඒ එකල පදිංචිය නුවර වටපුළුවේ වූ නිසා. මා අදත් කියනවා රාජකීය විදුහල මට හැමදාමත් හොඳින් සලකා තියෙනවා. නුවර ලිපිනයකින් පුතා පාසලට ඇතුල් කිරීමට සැමට හැකි වන්නේ නැහැ. අදාළ පරීක්‍ෂණයේ දී මගෙන් ඇසුවේ එක ම එක ප්‍රශ්නයයි. පුතා පාසල් එවන්නේ කොහේ සිට ද? පුතා පාසල් යැවුවේ පාණදුරේ මහගෙදර සිට. මාත් පුතාත් සිකුරාදා සවස මාතලේ ගියා. බිරිය හිටියේ ඇගේ මහ ගෙදර දෙවැනි පුතා කුස දරාගෙන. 
ඇය නොබෝ කලකින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරුවක් ලබා ගත්තා. 1981 ජනවාරියේ අප මහරගම නිවසට පැමිණියා. දෙවැනි පුතා උපන්නේ 1980 දී. 1980 මාර්තු මස මා නව සමසමජ පක්‍ෂයෙන් අස්වුණා. සුවාදීනයන් අමතක කළාට ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කෙළේ මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී. ඒත් චින්තනය ගැන කතා කිරීමට 1983 පමණ පටන්ගත් පසු මා ඔහු අස්කර වෙනත් විදුහලකට ඇතුල් කෙළේ නැහැ. පළමු පංතියේ අනුකාරක අධ්‍යාපනයක් වෙනුවට තුන්වැනි පංතියේ අනුකාරක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට මට වුවමනා වූයේ නැහැ. 
කොළඹ අවුරුදු දොළහක් පමණ කතන්දර කීමෙන් පසුව මා අස්කෙරුණා. ජී එල් පීරිස් පී ඩබ් ඈපාසිංහ වී කේ සමරනායක එහි මූලිකත්වය ගත්තා. මට විරුද්ධ චෝදනා වූයේ වෙනත් ඇදුරන්ට බැණ වැදීම හා උසස් අධ්‍යාපන ඇමති හමීඩ් බොරු ප්‍රකාශ කළා යැයි කීම. ජී එල් පීරිස් එකල ප්‍රේමදාස පාක්‍ෂිකයෙක්. මට විරුද්ධ ව ගෘහස්ථ පරීක්‍ෂණය කිරීමට පත්කළ මණ්ඩලයේ සභාපති වූයේ හර්ෂ ද සිල්වාගේ පියා හැරිස් ද සිලවා. මාස ගණනක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන ලද ඊනියා පරීක්‍ෂණයකින් පසු මා අස්කෙරුණා. ඒ පරීක්‍ෂණයට කොපමණ මුදලක් වියදම් කළා ද කියන එක අදටත් රහසක්. වත්මන් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් එ ගැන පරීක්‍ෂණයක් කරනවා ද?
මෙහි දී කිවයුතු කරුණු බොහෝමයක් තියෙනවා. පී ඩබ් ඈපාසිංහ විද්‍යොදය සමයේ සිට මහින්ද රාජපක්‍ෂගේ මිත්‍රයෙක්. ඔහුටත් සමරනායකටත් ප්‍රශ්න තිබුණා. ඒ දිනවල විද්‍යා පීඨ සිසුන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. සිසුන් ඉල්ලා සිටියේ කලබලවලින් පසු ඉදිරිපත් කෙරුණු කඩිනම් පාඨමාලාව නිසා විභාග නිර්ණායකත් වෙනස් කළ යුතු ය කියා. මාත් තවත් කිහිප දෙනකුත් සිසුන්ගේ ඉල්ලීමේ සාධාරණත්වයක් දැක්කා. ඈපාසිංහ සමරනායක ආදීන් ඒ ඉල්ලීමට විරුද්ධ වුණා. සිසුන් පංති වර්ජනය කළා. උපවාසයක් ද කෙරුණා.
ඇතැම් ගුරුවරුන් හා මා අතර බහින්බස් වීම් ද සිදු වුණා. ඒ අතර හමීඩ් වැරදි ප්‍රකාශයක් ද කළා. ජී එල් ඈපාසිංහ ආදීන් මට විරුද්ධ ව අනෙක් කිහිප දෙනකුට බැණ වැදුණේය යන චෝදනාව ද මා හමිඩ් බොරු කීව් යැයි කී චෝදනාවද කළා. එකල මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. අප වැටුප් අරගලයක යෙදී සිටියා. මා අස් කිරීමෙන් පසුව මට කොළඹ ආචාර්ය සමිතිවල සාමාජිකත්වය අහිමි වුණා. ඇපාසිංහලාට වැටුප් අරගලය අවශ්‍ය වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ මා අස්කිරීම පමණයි. ජී එල් මට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. ඒත් වෘත්තීය සමිති ආඥා පනත අනුව මට වෙනත් ආචාර්ය සමිතියක බාහිර නියෝජිතයකු ලෙස ආචාර්ය සමිති සම්මේලනයට සහභාගි වීමට හැකි වුණා. මා ඉංගිරිසි උපදේශක සංගමයේ නියෝජිතයා ලෙස දිගට ම ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළා. අප ඇපාසිංහලා ජී එල්ලා සමරනායකලා පරාජය කර වැටුප් සටන ජයගත්තා. ඒ සමග මා සභාපති ධුරයෙන් අස්වුණා. 
වැටුප් අරගලයේ ජයග්‍රහණය මට පෞද්ගලික ව හිමි වුණේ නැහැ. එහෙත් බිරියට හිමි වුණා. ඇ තම වැටුපෙන් මට තවත් අවුරුදු දහයක් කන්න අඳින්න දුන්නා පමණක් නොව දරුවන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙළා ඉටු කළා. ආචාර්ය සමිති සම්මේලනය ඉංගිරිසි උපදේශක සංගමයට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළා.
ආචාර්ය සමිති සම්මේලනය තම හිටපු සභාපති වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. එහෙත් අදටත් තියෙන්නේ එදා සකස් කළ වැටුප් ව්‍යුහ. විනිසුරුවන්ගේ වැටුප් වැඩි වෙන විට ඇදුරන්ගේ ද වැටුප් වැඩි වන්න ඕන. මේ ජයග්‍රහණ අත්කර ගත්තේ 1993 මුල. වයස අවුරුදු පනහට අඩු ආචාර්යවරු ඒ ගැන කිසිවක් නොදන්නවා වෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මා වෙනුවෙන් සටන් කිරීමට සූදානමින් සිටි නමුත් චම්පකගේ අනුගාමිකයන් ඒ සියල්ල කඩාකප්පල් කළා. චම්පකලාටත් අවශ්‍ය ව තිබුණේ මා අස්කරනු දැකීමට. අද චින්තනයේ ජාතිකත්වය ගැන විවිධ පඬි මත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් එහි ගමන බාල කෙළේ චම්පකලා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජාතිකත්වය බලයට ඒමට යොදා ගැනීම පමණයි. 
මා අවුරුදු දහයක් නඩු කිවුවා. ගෘහස්ථ පරීක්‍ෂණයේ දී මට සහාය වුණෙ ආචාර්ය අර්ජුන සොයිසා. කම්කරු උසාවියේ, ඉහළ අධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ මා වෙනුවෙන් පෙනී සිටියේ එස් එල් ගුණසේකර තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ. ඒ සියළු දෙනා ම පෙනී සිටියේ නොමිළයේ. අවසානයේ දී බැණුම් චෝදනාවලින් මා නිදහස් වුණා. එහෙත් හමීඩ් අසත්‍ය ප්‍රකාශයක් කළේයැයි කීම වරදක් ලෙස තීරණය කෙරුණා. ශ්‍රෙෂ්ඨාධිකරණය මට ලක්‍ෂ පහක් ගෙවීමට කොළඹ විශ්වවිද්‍යාලයට නියම කර මා නිදහස් කළා. 
ඒ අතර වෙනත් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මා ඒ විශ්වවිද්‍යාලවලට විරුද්ධ ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය ඉදිරියට ගියා. මා ජයග්‍රහණය කළා. මා කැලණියට ගියේ එහෙමයි. ඒත් අවුරුදු දහයක් සතයක් හම්බ කරන්නෙ නැතිව ඉඳලා. මේ සියල්ල මැද පළමුව අවුරුදු දෙකකුත් දෙවනුව අවුරුදු දහයකුත් බිරිඳ මගේත් දරුවන්ගේත් වැඩ කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මට එතරම් දෙයක් කරන්න බැරි වුණා. එහෙත් මගෙන් මිනිසුන් ඇහුවේ ඔවුන් රාජකීය විදුහලට යෑම ගැන. ඔවුන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනීම ගැන. ඔවුන්ගේ මවට ඔවුන් පිටරට යැවීමට තරම් මුදලක් වියදම් කිරීමට නොහැකි බව මිනිසුන් නොදැන සිටින්න ඇති. අපේ දුවගේ පාසල ගැන කිසිවකු ප්‍රශ්න කෙළේ නැහැ. ඇගේ මව කොළඹ පාසලක ඉගෙන ගෙන තිබුණේ නැහැ. අප දුව මියුසියස් විදුහලට ඇතුල් කළා. එය පෞද්ගලික පාසලක්. අප කනවාද බොනවාද කියා ඉඳහිටවත් සොයා බැලුවේ මගේ පාසල් මිතුරන් කිහිප දෙනකු පමණයි. 
මේ සියලු දුක් පීඩා මැද ඇණුම් බැණුම් චෝදනා මැද බොහෝ විට මගේත් බැණුම් මැද බිරිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී හිටියා. ඇය සමහර විට රහසින් වැළපෙන්න ඇති. එහෙත් කිසි දා මට රැකියාවක් හොයා ගන්න කියා නැහැ. කිවුවත් හොයා ගන්න බැහැ. දරුවන් ද තම උත්සාහයෙන් ඉගෙන ගත්තා. මා හෝ බිරිය හෝ ඔවුන් පසුපස සිට පාඩම් කරන්න කිවුවෙ නැහැ. ඔවුන්ට බිඳින්න ගල්ලෙනක් තිබුණෙ නැහැ. අප දෙදෙනාට මෙන් ම ඔවුන් තිදෙනාටත් ප්‍රථම පංතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි තියෙනවා. මා එය කියන්නේ ඒ උසස් ලෙස සලකන නිසා නො වේ. ඔවුන්ට බිඳින්න ගල් ලෙනක් තිබුණෙ නැහැ කියන්න. කිසි ම බලපෑමක් නැතිව ඔවුන් තම වැඩ කටයුතු කළා. ඔවුන්ගේ දෙමවුපියන් මෙන් ම සීයලා ආච්චිලා හතර දෙනාත් ගුරුවරු. එහෙත් ගුරු පරපුර ඉදිරියට යන පාටක් නැහැ. 
මේ නහින දෙහින කාලයේ අප මියන්මාහි ඉන්නවා. අපට එරට දෙවැනි නිවසක් වගේ. ඒ සංස්කෘතික සමානත්වය නිසා. මා ප්‍රසිද්ධ වී ඇත්තේ ලයෙහි කිසිම තෙතමනයක් නැති මිනිසුන්ට බැණ වදින පුද්ගලයකු හැටියට. මා කර ඇති දෙයක් නැහැ. ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික චින්තකයන් හා හාමුදුරුවරුන් එයට සාක්‍ෂි දරණවා. අද හාමුදුරුවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මට වඩා හොඳ බෞද්ධයකු මියන්මාහි තානාපති ලෙස යවන්න. අප දෙදෙනා මේ සියල්ල මැද ජීවත්වෙනවා. අප දෙදෙනාට ම දැන් හැත්තෑව පැනලා. අප තව ටික කලකින් වෙන් වේවි. 
අවුරුදු පනහක් එකට හිටියේ මගේ හොඳ කමකට නම් නො වෙයි.
A day in the life

Saturday, April 19, 2025

1815 උඩරට ගිවිසුම



1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට යොදාගත් මේසය සහ පුටුව කෝ ?

 -  ප්‍රියන්ත පෙරේරා - අතීතාවර්ජනා.

අජීවී වස්තුන්වල වටිනාකම තීරණය කෙරෙන්නාවූ සාධක කිහිපයක් තිබේ. එකක් එහි මූල්‍යමය වටිනාකමය. එහි දුර්ලභත්වය තවත් කරුණකි. අදාළ අජීවි වස්තුව අයත් කාලසීමාව, පරිහරණය කළ පුද්ගලයින් මෙන්ම එය භාවත කළ අවස්ථා එහි වටිනාකම තිව්ර කිරීමට හේතු‍ෙවනු ඇත. මෙලෙස අතීතයේ භාවිත කළ ඇතැම් අජීවී වස්තූන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තූන් ලෙස නම්කරනු ලබන අතර ඒ සඳහා එහි ආයු කාලය වසර 100 ක් ඉක්මවා තිබීම එක් නිර්නායකයකි. අනෙක් නිර්නායකය එය ඓතිහාසික සිද්ධීන් හා බැඳී තිබුණු අකාරයයි. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුවක් ලෙස හඳුනාගත් යමක් විකිණීම, විනාශ කිරීම සපුරා තහනම්ය. එවැනි පුරාවිද්‍යාත්මක විටිනාකමක් ඇති මේසයක් හා පුටුවක් පිළිබඳව කතාබහ දැන් කරළියට පැමිණ තිබේ. ඒ මෙරට නිදහස වෙනුවෙන් ඌව වෙල්ලස්ස කැරැල්ලට එක්ව දිවි හිමියෙන් සටන් කළ අතීත විරුවන්ට ඉංග්‍රීසීන් විසින් එදා ඇලවූ දේශද්‍රොහී ලේබලය ගලවා දමා ඔවුන් දේශ ප්‍රේමීන් ලෙස නම් කිරීමට තීරණය කිරීමත් සමඟය. 
ඉංග්‍රීසීන් විසින් මෙරට අත්පත් කර ගැනීම තහවුරු කෙරුණු උඩරට ගිවිසුම වගන්ති 12 කින් සමන්විතවූ අතර මෙරට වෙනුවෙන් එයට කැප්පෙටිපොළ, ඇහැලේපොළ, ගලබොඩ, ගලගම, නිල්ලව, රත්වත්තේ, පිළිමතලව්වේ ඇතුළු නිලමේවරු 12 දෙනකුද ඉංග්‍රීසීන් වෙනුවෙන් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හා දිසාපති ජෝන් ඩොයිලිද අත්සන් තැබූහ. එම ඓතිහාසික ලියවිල්ල අත්සන් තැබුණු මේසය හා පු‍ටුව ඇති තැන පිළිබඳ මුල්ම හෝඩුවාව ගෙන ආවේ ලේක්හවුස් ආයතනයේ හිටපු මහනුවර ප්‍රාදේශීය කර්තෘ ඩී. ඔලිවර් සිල්වා මහතාය. ඒ මහතාගේ තොරතුරු මත අදාළ ස්ථානයට ගියවිට ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් තැබුණු බව කියන මේසය හා පුටුව සුරක්ෂිතව එහි තිබුණේය. 
.
අතීතයේ පටන් මෙරට නිදහස වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදුකළ මහ සංඝරත්නය සතුව එහි හිමිකාරිත්වය අදටත් පවතී. අස්ගිරි පාර්ශවයේ වත්මන් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහියන්ගේ අස්ගිරි විජයසුන්දරාරාමයේ මෙම මේසය හා පුටුව සුරකිව පවතින අතර එය මුළුමනින්ම කළුවර දැවයෙන් නිමකර මනා කැටයමින් විචිත්‍රවත් කර තිබේ.
 
මෙම පුටුව හා මේසය අස්ගිරි මහ විහාරයට හිමිවීම සම්බන්ධව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමි මෙසේ පැවසූහ. “පැරණි රජ දවස පටන් රාජ්‍යය පාලනය සඳහා අනුශාසනා කිරීම මහා සංඝරත්නයේ මූලීකත්වයෙන් සිදුකෙරුණා. ඉංග්‍රීසීන් විසින් උඩරට අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ රට, ජාතිය, ආගම ආරක්ෂා කර ගැනීමට කැපවී ක්‍රියාකළ බව ඉතිහාසයේ ලියවී තිබෙනවා. උඩරට ගිවිසුම අත්සන් කිරීමට කළින් ඉංග්‍රීසි කතිර කොඩිය ඔසවද්දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වාරියපොළ සුමංගල හිමි එදා උඹලට තාම මේරට යටත්වෙලා නැහැ.
තව වෙලාව තියෙනවා කියලා කතිර කොඩිය පහළට දාලා පෑගුවා.
 
උන්වහන්සේගේ කාර්යභාරය ඒකට පමණක් ලඝු කරන්න හොඳ නැහැ. ඉන් පසුවත් සුමංගල හිමියෝ ජාතියේ නිදහස වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළා. එදා ඉංග්‍රීසීන් සිංහලේ අවසන් රජු අල්ලා ගත්තට පස්සේ අපේ නිලමේ වරුන්ටවත් ඉංග්‍රිසීන්ටවත් ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාවක් තිබිලා නැහැ. මහසංඝරත්නය තමයි ඒකට පසුබිම සකස් කරලා බුද්ධාගම නොකෙලෙසිය යුතුයි, එහි අයිතිය ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන යායුතුයි කියන වගන්තිය ඇතුළු තවත් යෝජනා ගිවිසුමට ඇතුළත් කරලා තියෙන්නේ. දළදා මාලිගාවේ තේවා කටයුතු ඒ වෙනකොට අස්ගිරි පාර්ශවය විසින් සිදුකර ගෙන ගොස් තිබෙන්නේ. මඟුල් මඩුවේ පැවැති උත්සවයට අවශ්‍යය මේසය හා පුටුව මහා සංඝරත්නයේ මුල්වී සපයන්න ඇති. මොකද ඒවෙන කොට දැන උගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ ඉදිරියෙන්ම හිටියා. මෙම ඓතිහාසික පසුබිමත් සමඟ ගිවිසුම අත්සන් කළ මේසය හා පුටුව අස්ගිරි පාර්ශවයට හිමිවී තිබෙනවා...” 

මේ මේසය මේ රටේ ඓතිහාසික ලියවිල්ලක් අත්සන් කළ එකක්. උඩරට ගිවිසුම 1815 මාර්තු 02 ඉඳලා 10 වෙනිදා වෙනකල් අත්සන් කරලා තිබෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේකට අපේ ඇතැම් නිලමේවරු කැමැත්තෙන් අත්සන් නොකළ බවයි. ඒ නිසා තමයි දවස් 10 ක් දුරට මේක ඇදිලා ගියේ. 
අපේ නිලමේවරුන්ගේ සහයෝගය ඇතිව 1815 පෙබරවාරි 14 දා තමයි ඉංග්‍රීසීන් රජු අල්ලන මෙහෙයුම ආරම්භ කළේ. ඊට දින හතරකට පස්සේ මැද මහනුවර බෝමුරේ ආරච්චිලගේ ගෙදරදී ඉංග්‍රීසීන් රජුව පණ පිටින් අල්ලා ගත්තා. කිසිම ලේ වැගිරීමක් නැතිව තමයි සුද්දෝ උඩරට අල්ලා ගන්නේ. 
අපේම කලා ශිල්පීන් නිර්මාණය කළ මේසයක් හා පුටුවක් තමයි එදා ගිවිසුම අත්සන් කරන්න පාවිච්චි කළේ. මේ මේසය හා පුටුවට දැන් අවුරුදු 200 කට වැඩි බව කවුරුත් පිළිගන්නවා. මෙහි අපේ පාරම්පරික කලා ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරනවා. මෙහි පෞරාණික බව, භාවිත කළ සිද්ධිය හා භාවිත කළ පුද්ගලයින් පිළිබඳ සැලකුවහම එය පුරාවිද්‍යාත්මක විටිනාකමක් ඇති ආරක්ෂා කළ යුතු භාණ්ඩයක් බව පැහැදිලියි. 
අනෙක් කාරණය ඌව වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධවූ අපේ විරුවන් දේශද්‍රෝහීන් ලෙස නම් කිරීම හා මෙම මේසය අතර සම්බන්ධයක් නැහැ. ඒ සිද්ධිය වන්නේ 1818 ජනවාරි 10 වෙනදා. උඩරට කැරල්ලට 1817 සැප්තැම්බර් 16 ඉඳාලා 1818 නොවැම්බර් 26 දක්වා තිබුණා. මේ සටනේදී අපේ දස දහසක් පමණ මරණයට පත්ව තිබෙන බව වධක පිටිය භාරව සිටි ජර්මන් ජාතික හෙන්රි මාෂල් පවසා තිබෙනවා...” පුරා විද්‍යා ගවේෂක, ජනශ්‍රැති පර්යේෂක, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික විරාජ් විරංජන බාලසූරිය මහතා පවසයි. 
.දිනමිණ පුවත්පතේ පළවු ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමකි
මෙලෙස පලවී තිබුණි.
උපුටා ගැනීමකි .


A day in the life

Sunday, April 13, 2025

මතක අතර ඩඩ්ලි .



අදවන් දිනෙක සැමරෙන මතක අතර ඩඩ්ලි....
73 අප්‍රේල් වෙද්දි මට වයස අවුරුදු 13, ඒක හරි සුන්දර සමයක් අප්‍රේල් 1 වැනිදා ඉඳලම ගැමියෝ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් 1 දා දවස පත්තරේ මුල් පිටුවෙ තිබුනු පුවතකින් මුලු රටම කැලඹුනා මතක විදියට එහි සටහන්ව තිබුනේ විශාල ගෝරිල්ලෙකු දෙහිවල සත්ව උද්‍යානයට රැගෙන යමින් සිටියදී හෝ වෙනත් විදියකින් හෝ අදාල ස්ථානයෙන් පලා ගොස් ඇතිබවයි. මුලු කොලඹම කලබල වුනා . ගෝරිල්ලාගෙ විශාල ප්‍රමණයේ ඡායාරූපයක් ද පුවත්පතේ පලවී තිබුනා.
ඒ කාලෙ වෙනකොට පුවත්පත් හා පොත් කියන්නෙ මගේ හුස්ම ගැනීමේ ප්‍රධාන මාධ්‍ය වෙලා තිබුනු කාලයක්.ඇඟිලි තුඩක් එබූ සැනෙන් මුලු ලොවම එකම මොහොතක එකට ඈඳෙන තාක්ෂණයක් එකල තිබුනේ නෑ. පුවත්පත හා ගුවන් විදුලිය පමණයි තොරතුරු ප්‍රභවයකට තිබුනෙත්.
ඊට පසුවදා දවස පුවත්පතේ මුල් පිටුවේ ලොකු අකුරින් මුද්‍රණය කරල තිබ්බ, ඊයේ ගෝරිල්ලෙකු ගේ පැන යෑම පිලිබඳ ප්‍රවෘත්තිය අප්‍රේල් 1දා මෝඩයාගේ දිනය වෙනුවෙන් කල විහිලුවක් බවට.
ඒ ආසන්නයේ තවත් අවුරුද්දක අප්‍රේල්1දා දවස පුවත්පතේ මුල්පිටුවෙ ප්‍රධාන ශීර්ෂය වුනේ නිරුවත් විදෙස් කතක් කොලඹ ප්‍රධාන වීදියක දුවගියේයැයි ප්‍රවෘත්තියයි. එහිද පින්තූරයක් දමා තිබුනා. ගිය අවුරුද්දේ අප්‍රේල් 1 දා මෝඩ වූ ජනතාව ට ආයිමත් ඊලඟ වසරේ මෝඩයාට ඇන්ඳේ එලෙසිනුයි.
මගේ නිවස පිහිටා තිබුනෙ දකුනු පැත්තට පොලොන්නරුව කොලඹ බස් මාර්ගයත් වම් පැත්‍තට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන බස් මාර්ගයත් විහිදෙන ලෙස වූ ප්‍රධාන මාර්ගය ආසන්නයේම ඊට මුහුන ලායි.
ඔය කියන අවදියේ කොලඹට නැව් මඟින් හෝ ගුවන් මඟින් ගොඩ බසින විදේශ සංචාරකයෝ මහා පිරිසක් උදේ සවස මේ ප්‍රධාන මාර්ගයේ සුඛෝපභෝගී රථවල නැගී පොලොන්නරුව පැරැණි නගරය බලන්නට ආව. එවකට ඔවුන් සඳහා නවාතැන් පහසුකම්සැපයූ ප්‍රධානතම ආයතනයවූයේ පරාක්‍රම සමුද්‍ර ජලාශයට මුහුන ලා ඉදිකල තානායම පමණයි.
මේ වයස වෙනකොට නම් මම ළමා ලෝකයෙන් ගැටවර ලොවට අයිතිවෙලා හිටියත් ඔය කියන වයසෙදි තරුණ කෙල්ලන් හෝ ළමාවියේ කෙල්ලන්ද මා ඔවුන්ගේ සමාගම්වලට ගත්තේ නෑ.හරියට කියනවනම් එහාටත් මෙහාටත් නැති ගන්දබ්බ අවදියක්.
කලිසම් කෑලි ගවුම් කෑලි එල්ලාගත් එක්කෝ උඩුකය නිරුවත් කුඩා එවුන් විදේශීය සංචාරකයින් රැගත් බස් හෝ කාර් වලට අත් වැනීම විනෝදාංශයක් කරගෙන තිබුනා.
"සුද්දෝ සුද්දෝ...."උන් කෑගැහුවෙ එහෙමයි. ඉඳහිට මේ හිඟන පැටවු ගැන අනුකම්පා කරන එවැනි බස් රථයක් නවත්වා ඉන් සුදෝ සුදු ඉතාම පිරිසිදු පෙනිමැති බටහිර සුදු ජාතික කන්ඩායම් බිමට බහිනව..
පෙර කී කුඩා හමුදාව සංචාරකයින් වට කරගන්නේ ඔවුන්ට අතපාමින්. වැඩිහිටියෙකුගෙන් අහගෙනදෝ එකෙක් "සර් මනි මනි..."යි අයදියි.
ඔය කියන කාලෙ ඩොලර් වලින් ගණං නොබැලූ කාරකදීන් හිටි කාලයක් නිසා කුඩා උන්ටත් ඩොලර් දී පලක් නැති බව වටහාගත් සංචාරකයෝ ඒ වෙනුවට ටොෆි මලු හෝ පිටුපසින් තෙරපූ කල පෑන් තුඩ පිටතට එන වර්ගයේ කාබන් පෑන් ආදි තෑගි දරුවන්ට ලබාදෙති. බැරිම තැන සුද්දෙකු හෝ සුද්දියක පෑන් අහුරු හෝ ටොෆි අහුරු වශයෙන් කොලු කුරුට්ටෝ වෙත විසි කරති.
13 වියැති මම දොරකඩ අඹ සෙවන යට සිට මේ හෙයියම්මාරුව දෙස බලා සිටින්නේ එහාටත් නැති මෙහාටත් නැති වයසේ ලැජ්ජාවකිනුයි. එදා බටහිර උදවියට අපේ රටේ ජනතාව පෙනෙන්නට ඇති විදිය ගැන අද මම මනසින් චිත්‍රයක් ඇඳගනිමි.
තෙල් පොහොර වලින් අද තරම් දූෂණය නොවූ කුඹුරුවල යල මහ බුසලට සීය බැගින්‍ රන් කරල් පීදෙද්දි අපි කවුරුවත් වැරැදිලාවත් වේලක් වත් බඩගින්නෙ ඉඳල නෑ. මුලු ගමේම තත්වත් ඒකයි.
ඔය කියන සමයේ අගමැති ධුරයේ හිටියේ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියයි.හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ කල සිට සතියකට පවුලකට හාල් සේරු 2ක් සමූපකාරයෙන් නොමිළේ දුන්නා. ( ඒවා තමා ජාතියක් විදියට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න බැරි ජනතාවක් බිහිකරන්නට මුල් වුනුපලමු වරද)
ගම්මු ඒ හාල හැඳින්වුනේ කූපන් හාල් කියල. යකඩ වගේ වියළි පොත්තේ රතු බතික් මෝස්තරයක් තිබුනු ඒ හාලෙන් උයන බත හරි බරයි.
ඉතින් මේ අවුරුදු සමයට මගේ තාත්තත් වී බුසල් 3 ගෝනි පිරවූ වී මිටි පුරවාගත්තු කරත්තයක ඉහලම ඉඳගෙන එන්නෙ රජෙක් වගේ. මඩ සෝදාගත් කල ගොවියා රජෙක් කියලනෙ. ( ගොවිකුලය අන්ඳා තිබුනේ එහෙමනේ) මගේ තාත්තා නම් වයස අවුරුදු 80 ක් ආයු වලඳා මිය පරලොව ගියේ හෘදයාබාධයකින්.මිය නොගොස් ඉතිරිවූ බහුතරයක් රජවරු දැන් වකුගඩු රෝහලේ රුධිර කාන්දු පෙරණයට ලක්වෙමින් ජීවිතය ඉල්ලමින් ඉන්නව.
අපේ අම්මා 6 දෙනෙකුගෙන් යුත් දරු මල්ලන්ට ඇඳුම් මැහුවෙ එයාගෙම අතින් 13 දා පරණ අවුරුද්දට එක ඇඳුමක් 14 දා අලුත් අවුරුද්දට තව ඇඳුමක් බැගින් අපට ලැබෙනවාමය.
ඔය කියන 1973 අවුරුද්දෙ අප්‍රේල් 12 දත් අපි නින්දට ගියෙ "හෙට අලුත් ගවුමක් අඳින්න තියෙනවනේ "කියන සතුටින්,
අම්මානම් ඒ රෑත් ඩිහ් ඩිහ් හඬින් කැකුලු හාල් පොඟවල වංගෙඩියෙලා කෙටුව අම්ම අතිරස හදනකොට තාත්ත බනිනව.
"ඇයි ඕයි ඔය චප්ප චපස් කෑහැක්ද කොණ්ඩ කැවුම් ටිකකුත් හදනව.."
13 දා අපි අලුත් ගවුම් අඳින්න ඕන හන්දා පාන්දරම නැගිට්ට. රතිඤ්ඤ සද්දෙ හතර වටින් ඇහෙනව.කොහෙදෝ ඈතකින් රබන් හඬත් ඇහුනා අම්ම නම් කීවෙ ඒ පොඩි විජේලාගෙ කොලණිය පැත්තෙ නැන්දලා කියලයි.
අපෙ අම්මට කවදටත් ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති අහන්න ඕන. ඒ ප්‍රවෘත්ති වලින් ඇහුනද විශේෂ නිවේදනයකින් ඇහුනද මංදා
" හිටපු අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.." කියල තමා ප්‍රචාරය උනේ
"අයියෝ....ඩඩ්ලි මහත්තයා..."
අපේ අම්මා අඬා වැටුනා.මට මැවිල පෙනුන මැදින් බෙදු හිසැකේ මෝස්තරයෙන් යුතු ටයි.කෝට් අඳින ඔහුගේ ප්‍රතාපවත් පෙනුම.
අද වගේ ජනතාවගෙන් අම්මා මෝ නැතිව බැනුම් අහන දේශපාලකයො.ඔය කියන යුගයෙ හිටියෙ නෑ. අම්මා වගේම ගමේ වැඩිහිටි මවු පියවරු වහාම අලුත් අවුරුද්ද අවලංගු කලා.තාත්තා ජාතික කොඩිය අඩ කුඹු කරල වහලය මත සවිකලා.
ඒ දවසෙ පුවත්පතකත් ඩඩ්ලි සේනානායක මහතාගේ අවමඟුල වෙනුවෙන් අවුරුදු සැණකෙලි නවත්තමු ශීර්ෂයෙන් ලිපියක් තිබ්බා මතකයි. බලයේ හුන් සිරිමා මැතිනියත් රාජ්‍ය උත්සව අවළංගු කල බව පට්ට සිරිලංකා කාරයෙකු වූ ඉස්සරහ ගෙදර කලු මාමා කීවා මතකය.
අඹ ගහ ලඟ අසල්වැසි වැඩිහිටියන් හා ශෝකබරිත මුහුනෙන් කතා බස් කරන තාත්තා ඩඩ්ලි සේනානායක මහතාගෙ පියා ඩී එස්.සේනානායක මහතා මියගියේ අශ්වයා මතින් වැටී බව කියනු මට ඇහුනා. තව දුරටත් ඒ තොරතුරුවලට කන්දෙනු රිසි මට තාත්තා, පියසේන මාමා, ජයතිලක මාමා, ගංගා සයිකල් මාමා, ඇතුලු ගමේ ජ්‍යේෂ්ඨ පරම්පරාවෙ වැඩිහිටියන් ඩඩ්ලි මහතා ගැන කියූ කතා බස් අතරින් ඇසී තවමත් මතකයේ තිබෙන්නේ බෝතලේ වලව්වේ අටේ දහයේ දැවැන්ත පිරිමි සහෝදරයින් අතුරින් ඩඩ්ලි හාමු මියයන තෙක්ම විවාහ වී සිටියේ නැති බවයි.
සේවාමුක්ත භටයෙකු වූ මගේ තාත්තා පොලොන්නරුව ගොවිජනපදයට පැමින තිබුනේ ඩී එස් සේනානායකයන් විසින් දියත්කල ඒ මහා ගොවි ව්‍යාපාරයට සම්බන්ධ වීමටයි.
ගම්මු බස් පිටින් ඩඩ්ලි මහතාගෙ දේහයට ගෞරව කරන්නට කොලඹ බලා ගියා.ශෝකය දරාගත නොහැකි අම්මාත් ඒ ගමෙන් පිටත්වූ බස් රියක නැගී එතුමන්ගේ දේහයට ගෞරව කිරීමට කොලඹ ගියා. ලක්ෂ 10ක් 15ක ජනතාවක් කොලඹට රැස්ව සිටියා එතුමන්ට අවසන් ආචාරය පිරිනමන්නට පුරා දෙදිනක්. පෝලිමේ ඉඳීමෙන් අනතුරුව යි අම්මාටත් එතුමන් වෙත තම ගෞරවය පලකරන්නට ලැබී තිබුනේ.
පත්තර පොත් ලෝකයක් කරගත් මට එකල දේශපානඥයෝ ගැන හීනෙකින් හෝ අහිතක් හට ගැනී තිබුනේ නැත.සමහරවිට ඒ දෙමවුපියන්ගේ කතා බස් අසා වන්නට ඇත.
කොයි හැටි උනත් එතුමාගෙ මරණයෙන් පසුවත් සිරිමා මැතිනියගේ රජය යටතේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රචාරයේදි එහි තේමාවාදනය ඩඩ්ලි ඩඩ්ලි ඩඩ්ලි ගෙදර හඬින් වැයෙන බෙරවාදනය13 හැවිරිදි මගේ හිතට තරම අපහසුවක්ගෙන දී තිබුනා.
මීරිගම බෝතලේ වලව්වේ ඉපැද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු උගතෙකු වූ ( බැරිස්ටර්) හෙතෙම මෙරටේ තෙවරක්ම අගමැති ධුරය හෙබැවීය.
1973 වසරේ 61 වියේදි අදවන් දිනෙක අභාවප්‍රාප්ත ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාට උතුම් නිරවාණයම වේවා
ඉන්දුමතී ජයසේන
A day in the life

Tuesday, April 08, 2025

බුලතේ කතාව




අදටත් කතාවටත් කියනවනේ බත බුලතින් සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.ඒ කියන්නේ එදා ගැමියා බතට වගේම බුලතටත් ලොකු වැදගත් කමක් දීලා තිබුනා.බුලත් කියන්නේ ශශ්‍රීකත්වයේ සංකේතය විදිහට ඇදටත් භාවිතා කරන දෙයක්. බුලත් උපන් ආකාරය වගේම ජනවහරේ බුලත් ගැන තිබෙන දෑ පිළිබද කෙටියෙන් කතා කරන්නයි මේ සූදානම.
 
අතීතයේ ගෙදරකට ගොඩවෙන පුද්ගලයෙකුට බුලතින් සංග්‍රහ නොකරොත් ඒක මදි පුංචික්මක් ලෙසයි ඔවුන් සිතුවේ ඒ නිසාම සෑම ගෙදරකම බුලත් හෙප්පුවක් අනිවාර්‍ය අංගයක් උනා.බුලත ගැමියාට කොයිතරම් සමීපද කීවොත්.එදිනදා ජීවිතයේ ගමනේ බිමනේ පවා බුලත් හැබිලියක් බුලත් මල්ලක් ඉනේ ගහගෙනයි බොහෝ දෙනා ඒ ගමන පිටත් උනේ බුලත් විට කනවාට වඩා බුලතට ලැබුනේ සංස්කෘතිය තුලත් වටිනාකමක්. 
පයිබර් බීට්ල් ලෙස උද්භිත විද්‍යාත්ම්ක නාමයෙන් හදුන්වන බුලත් සිංහල ගැමි සමාජයේ විවිධ නම්වලින් හදුන්වනවා.මල් බුලත්,හීං බුලත්,ගැටතවාළු,නාගවල්ලි ,දලු බුලත්,කොරිකං,දලුමුර ,තාම්බූල ආදීය බුලතට වහරන නම්‍ වේ. 
එමෙන්ම බුලත් වර්ගද කීපයක් ඇත. 
නාගවල්ලී,මහ මානේරු,රට බුලත් ගල් දලු බුලත්,වැල් බුලත්,මැටි පලා බුලත්,කහකිරිය බුලත්,ගැටකෝටු බුලත්,ගස් බුලත්,ගැරඩි මානේරු ඒ බුලත් වර්ගයි.
එදා මංගල්ලෙට පිරිතට,පිංකමට බුලත් නැතිවම බැරිවිය එදා සෑම සංස්කෘතික උස්සවයකම මුල්තැන බුලතට හිමිවිය."බුලත් දීම"යනු එදා වැඩිහිටියන් පිදීම.නෑයන් පිළිගැනීම,යමකට ආරාධනා කිරීම,ආදියේදී සිදුකලේය.මෙම ආරාධනාවේදී භාවිතා කරන බුලත් කොළ ප්‍රමානය ගැනද ගැමියා අතර පිළිගැනීමක් ඇත. එහිදී බුලත් අතකට කොළ 40ක් සේ සලකයි.එයට හේතු වූයේ චූලෝදර මහෝදර ගැටුමේදී එය සමතයකට පත් කිරීමට එක් පාර්ශ්වයකට බුලත් කොළ 20 බැගින් දුන් බැවින් බුලත් අතකට කොළ 40ක් යොදාගන්නා බව ගැමියන්නේ මතයයි.
 
බුලත් පිරි නැමීමේදී එම බුලත් කොළ ප්‍රමානය අවස්තා අනුව වෙනස්වේ.එහිදී බුලත් අත් බාගයක් දිමක්ද දක්නට ඇත ඒසදහා කොළ 20ක් භාවිතා කරයි.බුද්ධ පූජාවට බුලත් කොළ 40කී.දෙමාපියන්ට බුලත් 40ක් දිය යුතුය.ගුරුවරුන්ට බුලත් 30කී,දේව පූජාවට කොළ 35කී.ග්‍රහ පූජාවක කොළ 27කී.මගුල් හෙප්පුවට කොළ 21කී. 
බුලත් දීමේද ක්‍රම කීපයකී.වැඩිහිටි උතුමන්ට දීමේදී නටුව ලබන්නාගේ දිශාවට විය යුතුය.සම වයස් අයටනම් බුලත් හරහටය.පහත් අයට තුඩ පැත්තට බුලත් දීම එදා සිදුවිය.නමුත් පූජ්‍යපක්ෂයට බුලත් දීම දැහැත් පිළිගැන්වීම ලෙස හදුන්වයි.එය තට්ටුවක තබා සුදු රෙද්දෙන් වසා පිළිගන්වයි.බුලත් බෙහෙතට මෙන්ම අවැඩ සදහාද භාවිතා කර ඇත ඒ අතර බෙර පැලීම හදි කිරීම වැනි බොහෝදේට යොදාගෙන ඇත. 
බුලත් කොළයේ සුභ මෙන්ම අසුභ ඒවාද ඇත.කලු පාට කහ පැල්ලම් ඇති වූ කඩතොලු වූ සිදුරු වූ පිලිස්සුම් වූ කොළ අසුභ වන අතර මතුපිට දිලෙසෙන කඩතොලු නොවූ කහ පැහ නොවූ කෙලින් නටුව ඇති බුලත් සුභ ඒවා වේ.මේවා අතර මැද සුදු රත් පැහැය වූ බුලත් නාගවල්ලී වන අතර ඒවාද කෑමට නොගයි.මෙමෙ නාගවල්ලී නිවසක පැලකිරීම දේව ආරක්ශාව ලැවෙන බව විශ්වාස කරයි.පුරුෂ බුලත් කොළේ නැට්ට කෙලින් ද ස්ත්‍රී බුලත් කොළේ නැට්ට දකුනටද නපුංසක කොළේ නැට්ට වමටද පිහිටන අතර ඒ කොළේ හැඩේද එකකට එකක් වෙනස්‍ වේ. 
මුක රෝග වාපිත් රෝග සුවවීම,වාත රෝග,හිසරදය,පනු රෝග,සර්පවිෂ නැතිකිරීම මෙන්ම කාම ශක්තිය වැඩි කිරීමටද බුලත් වටිනා ඖෂධයකී. 
මෙම බුලත් උපත සිදු වූ ආකාරය පිළබද ජනවහරේ පුරා කතාවක් දක්නට ලැබේ.මෙම බුලත් උපත් ශාන්තිකර්ම ගායනාවලද දක්නට ලැබේ.එම ගායනා අපට ඉගැන්වූ ගුරුවරුන්ද මෙහිදී සිහිකිරීම වටී.මහාසම්මත රජ කාලයට දිවෙන මෙම බුලත් උපතද අපූරු කතාවකී.මෙම කතාව ජාතක් කතා සාහිත්‍යට සම්බන්දකමක් දක්වනු පෙනේ. 
පුරාන කතා අනුව බුලත් උපත පහත පරිදීවේ.
අප බොධිසත්වයන් වහන්සේ සාවෙකුව උපන් ආත්මයක කරන ලද ජීවිත පූජා පරමිතාව දුටු සක්‍ර දෙවිදු එය ලෝකයට කියනු වස් සාවා ගෙන සදෙහි අදින ලදී.එසේ ඇදි තෙලි තුඩ සක්දෙව් අතින් ගිලිහී දෙරණ පලාගෙන නාග ලොවට වැටුණී.එය දුටු නා රජු ගොදුරකැයි සිතා එම තෙලි තුඩ ගිල දැමූ අතර එයින් නා රජු දැවී පිලිස්සී ගියේය.නා රජු දැවී ගිය අලු ගොඩින් බුලත් දල්ලක් හටගෙන බුලත් වැලක් බිහිවූ බවත් එයින් බුලත් උපන් බවත් මෙම පුරා කතාවේ කියවේ.මෙලෙස නා ලොව උපන් බුලත් මහාසම්මත රජුගේ බිසවට හටගත් දොළ දුකක් සංසිදවීමට නා රජු විසින් කොළය දෙකට නවා කටින් සපාගෙන මනු ලොවට ගෙනා බවද එහි වැඩි දුරටත් සදහන්වේ.එනිසාම බුලත් කෑමට පෙර බුලත් කොළේ දෙපැත්ත කඩා කෑමට ගනීම ගැමියාගේ සිරිතයි.එහි නාග විෂ ඇතිබව ඔවුන් විශ්වාස කරයි.
 
මෙසේ අලුවූ නාරජුගේ භෂ්ම නාගයන් 4දෙනකු මුර කරන කල්හී බුලත් උපන් බැවින් ඒ හටගත් දල්ල නාගයන් මුර කල නිසාත් මුල හටගත් දලුව නිසාත් බුලත් දලුමුර ලෙස හදුන්වයි.නාග පෙනේවන් කොළ ඇතිනිසා නාගවල්ලි කියතී.බුලත් භූමියේ උපන් නිසා බුලත් යැයි කියතී. 
උපුටාගැනීමකි ජනවහර පිටුවෙන් .

ප්‍රියන්ත පෙරේරා - ජනවහර 

A day in the life

Sunday, March 30, 2025

ඌවේ කතා.




හුවේ දුරයි මීදුමට ඌවට යන්න. 
කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම.
ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ඩබල් බ්‍රිජ් තියෙන්නේ කලුපහන ඌවත් සබරගමුවත් මායිමේ.
කොළඹ - මඩකලපුව ඒ 04 මාර්ගයේ 181 කිමි.පටන්ගන්නේ මේ මායිමෙන්.
සති අන්තයක් ගෙවා දමන්න ....යකාගේ පඩිපෙල ඔස්සේ හෝටන්තැන්නට යන්න. මේ ඌව මායිමෙන් පුලුවන්.
ඌවේ ඇත්තෝ හමුවුනොත් කතාබහත් ටිකක් අමුතු අත්දැකීමක් වේවි.
අහලා බලමුකෝ එහෙනම්......

1.පාන් කළුව/පාන්දර/පාන්දොඩ =අඳුර නැතිකරගෙන ආලෝකය ඇතිවීම

2. වෛතාලෙ/ඉරිමාඋදේ =උදෑසනින්

3.කනිසම =වේලාව

4. කිරිවේලාව =උදෑසන සිට අට පමණ වනතෙක්වේ

5.ඇටබගව්ව =ඉර මුදූන් වන වේලාව

6. හීම්පීර/හිටිපියර/හිටිබීරම =මද්දහන

7. ඉරගල වැටුණා=ඉර බැසිම

8. වවුලන් බඩගගන ජාමය =ඉර බැසගෙන යන වේලාව

9. ගොංමං වේලාව/කුකුළන් ගස්යන යාමය =ඉර බසින වේලාව

10.බසමන්ද කළුවර =ඉර බැසගෙන ගොස් ටිකවේලාවයි

11. කිතයියා =හඳ

12.ගජරා/බොටකඳා/ අල්ලිස්අප්පු/අලි‍බොටා =අලියා

13. බණ්ඩාර හඳ =කිරි බැබළෙන හඳ

14. හෙවන් බෑම =හිරු රැස් ආවරණය වීම

15. සාක්කුලය =පෑවිල්ල

16.බීරනීබාලා =වැහි වළාකුළු මුදූන්වීම

17.නිල්ල =පොද වැස්ස

18.වැහි නිල්ල =වැස්ස පෑයු වේලාව

19.කුලන්තරය =මහවැස්ස

20.අන්දන් බුරුවා/කරකොළයා =ගෝනා

21.පරියා/සෝමා =වළහා

22.පරියාපුල්ලියා/දීයා/කොටිහපුවා =කොටියා

23හොටබරියා/මඩවල පසිම්බුවා= ඌරා

24. කෑටා/කුඩුවා/ඇදූරුකුක්කා =බල්ලා

25. කුංචා/පොන්නා =පුසා

26.අප්පල්ලෑවා =හෝතම්බුවා(මුගටියා)

27.තඹරැණියා =සැළලිහිණියා

28.ගම්පාළුවා =උළමා(ඔගම්පාළුවා)

29.ගස්බෝදා =කටුස්සා

30.ගම්බලයා =කොට්ටෝරුවා

31.ගොන්කඩුවා =මයිනා

32.මීච්චා =පොල්කිච්චා

33.දියකුකුළා =ඉබ්බා

34.ගස්ගෝනා =වඳුරා

35.පුක්ගැටයා =කිඹුලා

36.කම්බැල්ලා දේහිනී =සමුහයක් එක්ව කරන ගෝෂාව

37කොම්බා =දඟකාර කොල්ලා

38.කීකල බා‍සෙට නෑ =අකීකරු කොල්ලා

39.කුකාඩියා =හිතුවක්කාරයා

40.කුඩුම්බරයා =කොල්ලා

41. කෙලිගහ/කෙල්ලී/ කෙලී =දියණිය

42.කෝනමා =නිරුවතින් සිටින්නා

43.කෙලිහැලේ කරනවා =කුඩා ළමයින් සෙල්ලම් කිරිම

44.නට්ටාලී =සෙල්ලම

45.පුන්නනවා =නිදිකරනවා(නිදාගන්නවා

46කිස්කනවා =කෝටුවෙන් තැලීම


 



A day in the life

Monday, March 24, 2025

සබරගමුවේ පුරාණ නින්දගම් .



 


පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින්දගම් ප්‍රමාණයක් තිබූ ප්‍රදේශය ලෙස සබරගමුව සැලකේ. රත්නපුර දිස්ත්‍රික්කයම නින්දගමක් ලෙස හැඳින්වුවද එහි වැරැද්දක් නැත. මේ නින්දගම්වල ජීවත් වූ ප්‍රභූවරුන් සහ ඔවුන්ට මෙහෙ කළ ජනපදවාසීන් අතර තිබූ සංස්කෘතිකාංග කිහිපයක් අදටද ජන සමාජයට ආගන්තුකය. දික්ගෙයි නැටුම එදා වලව් සමාජයේ තිබූ එවැනි නර්තනයකි. වලව්වාසී ප්‍රභූවරුන් සතුටු කිරීම සඳහා නින්දගම්වාසී කාන්තාවන් මෙම නැටුම නටන්නේ උඩුකය නිරුවත්වය. එය අද ඇතැම් ඉහළ පෙළේ හෝටල්වල සිදු කෙරෙන කැබරේ නැටුමට සමානය. 
සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනකුට නින්දගම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසි බළකොටුව වටලා විනාශ කිරීමේ ජයග්‍රහණය වෙනුවෙනි. උඩරට රාජ්‍යයට අයත් සීමාවේ පිහිටි එකම ලන්දේසි බළකොටුව වූයේ මෙම කටුවන කොටුවය. අනෙක් සියලුම ලන්දේසි බළකොටු තිබුණේ පහත රටය. මේ නිසා කටුවන විනාශ කිරීම උඩරට මහ වාසලට අවශ්‍ය වී තිබුණත් එයට නිසි නායකත්වයක් ලබාදී සටන මෙහෙයවීමේ හැකියාවෙන් යුතු රණකාමී නිලමේවරුන් උඩරට හමුදාවේ සිටියේ නැත. මේ නිසා රාජසිංහ රජ්ජුරුවන් සිටියේ බලවත් කනගාටුවෙනි. සබරගමුවේ ප්‍රභූවරුන් පිරිසක් කටුවන කොටුව වටලා පහරදීමට තීරණය කරන්නේ මේ අතරවාරයේය.
කටුවන සටන යනු සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන විය. මෙම සටනට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආශිර්වාදය ලැබූ මුත් රජතුමා සටනට සහභාගි වූයේ නැත. ඒ වෙනුවට රජතුමාගෙන් ලැබුණේ තම ආශිර්වාදයත් දිසාවේලා දෙදෙනකු සහ භට පිරිසකුත්ය. මෙම සටනට සබරගමු ප්‍රභූවරුන් යටතේ පන්දහස් පන්සියයක හමුදාවක් ද දකුණු පළාතෙන් තිස් දහසක හමුදාවක් ද සහභාගි වූ බව කියැවේ.
දිගු සටනකින් පසු සටන ජයග්‍රාහීව අවසන් විය. එහි සිටි ලන්දේසි හමුදාව සමූල ඝාතනය කළ සබරගමු හමුදාව මාතර දිසාවේ පිහිටුවා තිබූ සෙසු ලන්දේසි බළකොටු වූ හක්මන, මාතර, මාර කඩේ ආදී මාතර සියලු ලන්දේසි බළකොටුවලටද පහර දුන්හ. ලන්දේසීන් දිවි බේරා ගත්තේ මාතර කොටුවට ඒකරාශිවීමෙනි. 
මෙම ජයග්‍රහණයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසි බළකොටු බිඳ දමා එම ප්‍රදේශ තම රාජ්‍යයට ඈඳා දුන් සබරගමු ප්‍රධානීන් දහතුන්දෙනා කන්ද උඩරට මහ වාසලට කැඳවා ගරු බුහුමන් දක්වා ගම්වරද පිරිනැමීය.
ඔවුන්ට නිලමේවරුන් ලෙස උසස්වීම් ද පිරිනමා රාජකීය වරප්‍රසාද ද පිරිනැමීය. රාජකීය වරප්‍රසාද යනු රජකු ජීවත්වන ලෙසම ජීවත්වීම සඳහා නිලමේවරුන්ට ලබාදෙන අවසරයයි. රජු වෙනුවෙන් අයබදු අයකිරීම, නින්දගම් පාලනය කරමින් රජු වෙනුවෙන් අවශ්‍ය වේලාවට සටන් සඳහා සේනාංක කැඳවාගෙන ඒම, ජීවත්වීම සඳහා උළු සෙවිලි කළ වලව්වක් ඉදිකර ගැනීම ඒ රාජකීය වරප්‍රසාද අතරට ඇතුළත් වෙයි. 
රජවාසලට ගිය නිලමෙලාට උණුසුම් පිළිගැනීමක් රජතුමාගෙන් ලැබිණි. එතෙක් සතුරා සමග සටන් කර හෙම්බත් වී සිටි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ්ජුරුවන් ලන්දේසි බළකොටුවක් අල්ලා ගත් නිලමෙලා පිළිගත්තේ උණුසුම් ලෙසය. මඩුවන්වෙල දිසාවේ තමන් කළ සටන විස්තර කරමින් රජතුමා නොමැතිව සටනට යෑම ගැන රජතුමාගේ සමාවද අයැද සිටියේය. රජතුමා සටනට ​ෙස්නාව එව්වා වුවත් රජු නොමැතිව සටන් කිරීම රාජ උදහසට ලක්විය හැකි හේතුවකි.
පළමු වරට තමාගේ සංවිධානයකින් තොරව නිලමේවරුන් පිරිසක් එක්ව සතුරු බළකොටුවක් අල්ලාගෙන ඇත. එම බළකොටුවේ සිටි සියලු ඕලන්ද සතුරන්ද මරා දමා එහි සිංහල කොඩිය ඔසවා තිබේ. උඩරට රාජධානියට අයත් කටුවන නමැති ප‍්‍රත්‍යන්ත දේශය සතුරාගෙන් මුදාගෙන උඩරට කිරීටයට යළිත් ලබා දී තිබේ. මෙය නම් මහත් වීරකමකි. ‘ 
‘හහ්.. හහ්.. තමුන් එහෙනම් තනියම සටනක් කළා.. ඈ..’’ රජතුමා රදළයන් දෙස බලා විමසුවේය.
“මගේ රාජධානියේ කවුරු වුණත් කමක් නෑ සතුරු බළකොටු බිඳිනව නම් මං ගම්වර පුදනවා.. ඔව් ගම්වර පුදනවා..’’ රජතුමා හිස ඔසවා මහ හඬින් ගුගුළේය. 
ඒ හඬ අසහාය ය. කිසිදා කිසිවකුට යටත් නොවූ රණ හඬකි. කීර්ති ශ්‍රී රාජසිංහ යනු එසේ මෙසේ බලවතකු නොවේ. සතුරා බියෙන් මුසපත් කළ රණ ශූරයෙකි. නුඹලා වැනි වීරයෝ තමයි මගේ රාජ්‍යයට අවශ්‍ය.. මේ කළ වීර වික‍්‍රමාන්විත සටන වෙනුවෙන් මම අදම නුඹලා නිලමේවරුන් ලෙස ඔසවා තබනවා.. නුඹලාට ගම්වර පුදනවා.. මා මෙන්ම සතුටින් ජීවත්වීම සඳහා වලව්වක් සාදා ගැනීම සඳහා අවසරය දෙනවා..’’ රජතුමා එසේ කියද්දී රදළවරු ප්‍රීතියෙන් පිනා ගියහ. 
ඉන්පසු උදාවූයේ රජතුමාගේ ලාංඡනය එබ්බවූ තඹ උළු කැටය බැගින් රදළවරුන් අතර බෙදාදීමය. එය රදළකමේ සංකේතය ය. සුදු හුණු කපරාරු කළ වලව්වක් තනා ගැනීමටත් තඹ උළු කැටය මැදිකර උළුවලින් වහලය සෙවිලි කර ගැනීමටත් එමගින් අවසර ලැබේ. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවකුට උළු වහලයක හිමිකම නැත. ඒ මොහොතේ සිට නිලමේවරුන්ට එම හිමිකම ලැබේ. එවක් පටන් නිලමේවරු හැම දෙනා සබරගමුවේ ප‍්‍රභූවරු වූහ. ඔවුන්ට ගම්බිම්ද වලව් සාදා ගැනීමේ අවසරයද ලැබිණි. මඩුවන්වෙල, ඇමිටියගොඩ, කිරිඇල්ල ඇතුළු නිලමෙලා රජුගෙන් තෑගි ලැබුණු තඹ උළු කැට තබා තම වලව් පිහිටුවා ගත්හ. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් ද කටුවන ලන්දේසි බළකොටුවෙන් ගලවා ගෙන ආ ස්මාරක ඔබ්බවා වලව්වේ බිත්ති බැඳගත්තේය. කළුගල් පලා බිමට ඇතිරුවේ කිසිදා ගිලා නොබසින අංගණයක් වලව්වට උරුම කර දෙමිනි. 
“ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් තමයි මෙසේ රාජසිංහ රජ්ජුරුවන්ගෙන් රදළයකු ලෙස වරප්‍රසාද ලබා ගත්ත අපේ මීමුත්තා. මේ රාජ අනුග්‍රහයයත් සමග සබරගමු පළාතේ වලව් 13ක් ඉදිකර තිබෙනවා. මෙම වලව් සඳහා රාජකාරි වැඩ ලේඛන ද පවරා තිබෙන බව බ්‍රිතාන්‍යයන් යටතේ 1870 ලියවුණු කොමසාරිස් ලේඛණයේ සඳහන් වෙනවා.” අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සඳහන් කරයි. ඔහු ඇමටියගොඩ වලව්වේ වත්මන් හිමිකරුය. 
මෙම කටුවන සටන කෙරුණේ එවකට සංඝරාජ ධුරය දැරූ වැලිවිට අසරණසරණ සිරි සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුවය. වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සීයයක භික්ෂු පිරිසක් ද කටුවන සටන් බිමට ගියහ. මේ මහා සංඝරත්නයට උපහාරයක් ලෙස සටන් දිනූ ප්‍රභූවරු තමන්ට ලැබුණු නින්දගම් තුළ විහාරස්ථාන ද ඉදිකළහ. ඇමටියගොඩ නින්දගම තුළ ඇමිටියගොඩ විහාරයද මඩුවන්වෙල නින්දගම තුළ මඩුවන්වෙල විහාරය ද ඉදිකරන ලදී

එක්දහස් පන්සිය පහේදී පළමු යුරෝපීය හමුදා සෙබළා ගාලු වෙරළට පය තැබූ තැන් පටන් ලක්දිව පාලන රටාවද වෙනස් වන්නට පටන් ගත්තේය. ගැමියාගේ සිරිත් විරිත්ද රදළ පාලකයන්ගේ සිරිත් විරිත්ද අතරට අලුතෙන් ආ සුදු ජාතික පාලකයන්ගේ රටවල සිරිත් විරිත්ද මුසුවෙන්නට පටන් ගත්තේය. පැරණි ලක්දිව ඉඩම් හිමිකම පැවැතියේ දෙයියන් හෙවත් රාජ්‍ය පාලකයා අතය. රට වැසියන්ට තිබුණේ ‘දෙයියන්ගේ’ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ගැනීමේ හිමිකම පමණකි. ‘දෙයියන්’ හෙවත් රජුගේ රාජ්‍ය පාලන නීති රීති රට වැසියන් වෙත ගෙන යන නිලමේවරුන්ට ‘දෙයියන්ගෙන්’ ලැබුණු ඉඩම් කොටසක් විය. මේවා නම් කෙරුණේ නින්දගම් නමිනි. ජනයා පදිංචිව සිටි ගම්බිම් පිටින්ම නිලමේවරුන්ට නින්ද හිමිකම් කොට පවරා දීම සිදු විය. 
එදා පටන් මේ ගැමියන් රදළ නිලමේවරයාට සේවය කළ යුතු විය. නින්දගම් වාසීන්ට තමා පදිංචි ඉඩමේ හිමිකමක් තිබුණේ නැත. එහි සම්පූර්ණ හිමිකම රදළ හාම්පුතා සතු වූ අතර නින්දගම්වාසීන්ට තිබුණේ තමාගේ ඉහට සෙවනක් ලබාදීම වෙනුවෙන් තම රදළ හාම්පුතාට සේවය ලබාදීමය. නින්දගම් යායක ඒ ඒ කුල සඳහා වෙන වෙනම ඉඩම් යාය වෙන්ව තිබිණි. වළං සාදන අය සඳහා බඩහැල ගොඩැල්ලද යකඩ තලන්නන් සඳහා ආචාරි ගොඩැල්ලද ආදී වශයෙනි. තමා පදිංචිව සිටින ඉඩමේ වළක් කැපීමට පවා නින්දගම් හිමියාගෙන් අවසර ගැනීමට ඔවුනට සිදුවිය. 
දික්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදළයන්ගේ නේත‍්‍ර සංතර්පණය පිණිස නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් දික්ගෙයි නැටුමට පැමිණිය යුතුය. ඒ සඳහා හිලව්වට ගොඩ මඩ ඉඩම් කට්ටියක් නින්දගමෙන් ලැබෙයි. එම ඉඩම් කට්ටියේ ගෙපැලක් හදාගත හැකිය. ගොඩ ඉඩමේ ගොඩ ගොවිතැන්ද මඩ ඉඩමේ මඩ ගොවිතැන්ද කළ හැකිය. එහෙත් පොළොවේ වෙනත් කිසිම ඉදිකිරීමක් හෝ පොළොව හෑරීමක් හෝ කළ නොහැකිය.


දික්ගේ නටන්නේ මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන්ය. මාණික්‍ය මහගේ පවුල් හතර වරිගයක් සබරගමුවේ ජීවත් වූහ. සබරගමුව මාණික්‍ය මහගේ ඉන් එක් පිරිසකි. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයටය. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනු නැටිය යුතුය. ඊළඟට එගොඩ කුට්ටමේ මාණික්‍ය මහගේලා ය. හුණුවල මාණික්‍ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්‍ය මහගේලා ඉතිරි පවුල් දෙකය. මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්‍රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු විය. ඉතා රූමත් මෙම කතුන් ඉලන්දාරින් පමණක් නොව මහල්ලන් පවා වශීකරගන්නා සුලු ය. 
ඇමිටියගොඩ සන්නසට අක්කර නවදහසක් අයත්ව තිබූ බව කියති. ඇමිටියගොඩ නින්දගමද පුරාණ රාජකාරි ක‍්‍රමයට අනුව හැඩ ගැසුණු ගංගොඩැලි ගණනාවකින් යුතු භූමි ප‍්‍රදේශයක් විය. වලව්වේ හිමිකාරයෝ අක්කර නව දහසක භුමියේ ජීවත් වන ගැමියන්ගේ ප‍්‍රධානියාය. ප‍්‍රධානියාට වඩා හිමිකාරයාය. ඔවුන්ගේ සියලු ආවාහ, විවාහ සිදු කෙරෙන්නේ වලව්වේ ප‍්‍රධානියාට පවසා ඔහුගේ අවසරය ලැබුණොතිනි. 
ගෙවල් කීපයක් ඇති තැන ගංගොඩය. වලව්වක් වටා මෙවැනි ගං ගොඩැලි කීපයක් තිබේ. මේ ගොඩැලිවල ජීවත් වන අය බණ්ඩර හාංදුරුවන්ගේත් වලව්වේ හාංදුරුවන්ගේ හා ඩිංගිරි අප්පොලාගේත් ප‍්‍රයෝජනයට තමාගේ රාජකාරි ඉටු කර දිය යුතුය. වලව්වේ හාංදුරුවන් කියන්නේ බණ්ඩර හාංදුරුවන්ගේ බිරිඳය. ඩිංගිරි අප්පෝ කියන්නේ වලව් හිමිකරුගේ නැගණියන් හෝ දියණියන්ය. මේ කාට කාටත් අවශ්‍ය දේ ඉටුකර දීම නින්දගම්වාසීන්ගේ රාජකාරිය ය. නින්දගමක් යනු කුඩා රාජ්‍යයකි. යටත් වැසියන් පිරිවරා ගෙන සිටින රජකමට සමානය.
සබරගමුවේ බිහිවූ මුල්ම වලව් දහතුනේම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙයි. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිතව පවතී.
දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. බාහිර පුද්ගලයන්ට එය නැරඹීම තහනම්ය. සමහර වලව්වල දික්ගෙයි නැටුම් කාමරය ලෙස භාවිත වූයේ සුදු තිරවලින් වට කළ කාමරයකි. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහාය. 
ප්‍රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස දික්ගෙයි නැටුම් නැටීම සිදුවිය. අද මෙන් ගුවන්විදුලි, රූපවාහිනී හෝ සංගීතමය වැඩසටහන් නොවූ එකල වලව්වලට පැමිණෙන අමුත්තන් සතුටු කළේ ගැමියන් ඒකරාශි කර පවත්වන උත්සව මගිනි. එයට සහභාගි වන ගැමියෝ වලව්වේ නින්දගම්වල ජීවත් වන අය වෙති.

වලව්වට එන අමුත්තා බොහෝ විට තවත් ප්‍රභූවරයකු හෝ ආණ්ඩුවේ නිලධාරියෙකි. වලව්වේ හිමිකාරයා වන බණ්ඩර හාංදුරුවන් මෙවැනි රාජ්‍ය ප්‍රභූවරයකුගෙන් බලාපොරොත්තු වන වරප්‍රසාද ද තිබිය හැකිය. මේ නිසා රාජ්‍ය අමුත්තා සතුටු කළ හැකි ආකාරයේ නිවාඩුවක් තම වලව්වේදී ගත කිරීමට දීම බණ්ඩර හාංදුරුවන්ගේ අපේක්ෂාවය. මේ නිසා දඩමස් ඇතුළු රසමසවුලෙන් යුතු ආහාර ද කන පිනවන සංගීතය සහ නෙතු පිනවන නර්තනවලින් රාජ්‍ය අමුත්තා සතුටු කිරීමට නින්දගම් වලව් හිමි බණ්ඩර හාංදුරුවරු සැදී පැහැදී සිටියහ.
කනට සංගීතය ද නෙතට නර්තනය ද සපයන්නේ නින්දගම් වාසී ජනයාය. ගීත ගැයීම සඳහා පිරිමි ද නර්තන කටයුතු සඳහා කාන්තාවන්ද සහභාගි වෙති. මෙය එක් අතකින් අද භාවිත වන ආකාරයේ පැදුරු සාජ්ජයක් ලෙස ද සැලකිය හැකිය. පළමුව පිරිමි සීප ද කියති. එයට තාලය අල්ලති. සමහරු පැල්කවි කියති. කාන්තාවන්ගේ නැටුම එන්නේ ඉන්පසුවය. මෙම කාන්තාවන්ගේ ඇඳුමකින් වැසී ඇත්තේ යටිකය පමණි. උඩුකයට ඇඳුමක් නැත. 
‘‘මෙම නැටුම තිබිල තියෙන්නේ මැද මිදුල අයිනේ කොටසක. සුදු රෙදිවලින් ආවරණය කරලයි මෙම කුටිය හදාගෙන තිබෙන්නේ. දේවාලවල දෙවියන් සතුටු කිරීම සඳහාත් රජුන් හා රදළයන් සතුටු කිරීම සඳහාත් දික්ගේ නැටුම නටා තිබෙනවා. දෙවියන් වර්ණනා කරමින් තමයි දේවාලවලදී නටල තියෙන්නේ. අදටත් ඒ වචන යොදා කරන ගීතිකා දේවාලවල ගැයෙනවා. අපේ ඇමිටියගොඩ වලව්වේ ආදි මුතුන් මිත්තන් දික්ගේ නැටුම නැරඹුව කියා සංකේතවත් වන ගිරයක් අදත් වලව්වේ තිබෙනවා’’ උදය ඇමිටියගොඩ මහතා සඳහන් කරයි.
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon