ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2011-01-28

සදු මහ දසාව - ඉතිරි කොටස.








සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි  යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින්  එම අතුරු දසා පලාපල  මෙම වියමනට ඇතුලත් කලෙමි.
සදු මහා දසාව ගෙවී යත්ම උදාවන්නේ කුජ මහ දසාවයි. කුජ මහ දසාව  බලපවත්නා කාල සීමාව   අවුරුදු 07කි. මීලග වියමන  කුජ මහ දසාව පිළිබදව දත්තයන් දැක්වීමට වෙන් කරමු.

සදුගේ බුධ අතුරු දශාව.( අවුරුදු 01යි මාස05යි)

අධ්‍යාපන කටයුතු දියුණු කරයි තරග විභාග ආදියෙන් සමත්වේ. ව්‍යාපාරික කටයුතු දියුණු කරයි. උසස් වීම්,නිලතල ලැබීමට මෙම කාලය හේතුයි. සදු සහ බුධ දෙදෙනාම අසුබ ලෙස පිහිටා ඇත්නම් සෙඛ්‍ය තත්වයට බාධා පමුණුවයි.

සදුගේ කේතු අතුරු දශාව. ( මාස 07 කි. )

සෞඛ්‍ය පිරිහේ. අප්‍රකටව ජීවත්වීමට සිදුවේ. ආර්ථිකය අඩපන කරයි. අපහාස නින්දා සොයා එයි.

සදුගේ සිකුරු අතුරු දශාව ( අවුරුදු 01 යි මාස 08 කි)

කේතු අතුරු දශාවේදී අසීරුවට පත් කල ජීවිතය යථා ස්වරූපයට පත් කරයි. සමාජයේ පිළිගැණිමක් ඇති කරයි. ආර්ථිකය දියුණු කරයි.

සදුගේ රවි අතුරු දශාව.  (මාස 06කි)

හි‍ස සහඇස් සම්බන්‍ධ සෞඛ්‍ය පීඩා ඇති කරයි. රවි සහ සදු යහපත් පිහිටීමක සිටී නම් සුබ පල ඇති කරයි. රවි අයහපත්ව පිහිටා ඇත්නම් අලාභ හාණිසිදු කරයි.

2011-01-27

රවිගෙන් පසු උදාවන්නේ සදු මහා දශාවයි



රවිගෙන් පසු  උදාවන්නේ සදු මහා දශාවයි (චන්ද්‍ර මහා දශාව) . සදු අවුරුදු දහයක් පල පවත්වයි. මීදුම උදාහරණයට ගෙන ඇති ( පෙර පළකල වියමන් කියවන්න.) කේන්දර හිමියා ගේ වයස අවුරුදු 30 යි මාස 1 දින 21 කදී (1978.11.21 දිනදී ) සදු මස දශාව ලබා ඇත.
සදු සුබ පල දෙන්නෙක් වශයෙන් සදහන්ය. එහෙත් සදු අවපස පිහිටියේ නම් අශුබ පල දෙන බව සදහන්ය. පුර පස සදු අනෙකුත් ග්‍රහයන්ගෙන් වන අපල උපද්‍රව වලින් ජන්මියා ආරක්‍ෂා කරමින්  - ආරක්‍ෂකයෙකු මෙන් කටයුතු කරන බවත්  නිරෝගී බවත් සමාජයේ විශේෂ අවධානයට ලක් කරවීමටත් කටයුතු කරන බවත් කියනු ලැබේ. අව පස සදු මීට විරුද්ධ ගති ස්වරූප දායාද කරන බව  සදහන් කල යුතුය.
තමන්ගේ ජීවිතය, මව/බිරිද/සහෝදරියන්ගේජීවිතයන්ගෙන්  වියෝවීම් සදහා බලපෑම් කරනබවත් පළවේ. මේ නිසා සදු මහා දශා කාලය පිලිබදව නිරීක්‍ෂණය කිරීමේදී සදුගේ පිහිටීම පිළිබදව නිසි අවබෝධයක් ලබා ගත යුතුය.

සදුගේ සදු අතුරු දශාව (මාස 10කි).

විවාහ විය යුතු වයසේ සිටී නම් විවාහ වන්නේය. ආර්ථිකය සංවර්ධණයවේ. සෞඛ්‍යමත් ජීවිතයක් සමාජ පිලිගැණිමත් ඇති කරයි නැත්නම් වර්ධණය වේ.චංචල සිත් ඇතිවේ. සිතිවිලි යහපත්වේ. අව සදු මීට විරුද්ධ ස්වරුපයේ සිට හැසිරේ.

සදුගේ කුජ අතුරු දශාව (මාස 07)

විය පැහැදම් අධික වන කාලයකි  සෞඛ්‍ය තත්වය දියුණුවේ.

සදුගේ රාහු අතුරු දශාව (අවුරුදු 01 මාස 06කි ).

වියපැහැදම් අධිකවේ. නිකරුනේ මුදල් නාස්තිවේ. ආයෝජනයන් පල නොදරයි. අප්‍රසාදය ලබයි. විවාහ සහකරුගේ සෞඛ්‍ය පිරිහේ. සදු සහ රාහු අසුබ ලෙස පිහිටියේ නම් මෙම තත්වයන් දෙගුණ ලෙස බල පවත්වයි.

සදුගේ ගුරු අතුරු දශාව ( අවුරුදු 01යි මාස 04යි)
ඉහතකී තත්වයන් සමනයට පත්කරන්නාවු කාලයකි.ආයෝජනයන්ගෙන් ලාභ උපයයි.නෑදෑ හිතවතුන් අතර සැලකීම් ලබයි ප්‍රසාදයට පත්වේ .ප්‍රසිද්ධිය ලබයි. නව පදිංචි ස්ථාන වෙත යයි. නිවාස ඉදිකීරීමට සිතයි. එම අවස්ථා පල දරයි.

සදුගේ ශනි අතුරු දශාව (අවුරුදු 01යි මාස07කි)
යහපත් කාලයක් නොවේ බිරිදගේ නැත්නම් සහකරුගේ සෙඛ්‍ය තත්වයට අහිතකර බලපෑම් ඇතිකරයි.තමන් අරගල කල කෝලහාල වලට පොළඹවයි.  එවැනි අවස්ථාවල පාර්ශවකරුවන් කරයි.තමන්ගේසෞඛ්‍ය තත්වය පිරිහිමට පත් කරයි. සදු හා ශනි දෙදෙනාම අසුබ ලෙස පිහිටා තිබෙන විට  පීඩාකාරී බව වැඩිවේ.

සදුගේ බුධ , කේතු ,සිකුරු සහ රවි අතුරු දසා කාලවලදී ඇතිවන ප්‍රතිපල මීලග වියමනෙන් කියවන්න
Enhanced by Zemanta

2011-01-25

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි



මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි

වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතිවත් තව දළු ලනවා

වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතිවත් තව දළු ලනවා

සරසවි බිම කදු රැල්ලෙන්  එතෙර පෙනෙවා ම
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය

ඔබ අතගෙන ගිය වීදිය ඈ හා යනවා 
සිගිති පුතා අතගිල්ලක එල්ලී එනවා

ඔබ අතගෙන ගිය වීදිය ඈ හා යනවා 
සිගිති පුතා අතගිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි සිතා සිතනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය
මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරය


2011-01-14

නීලා වික්‍රමසිංහ - මාස්ටර් සර් 1983




පනම් අටෙන් මට වැඩි කරදුන්න
නැති වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ 

නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ

මට මතක් වෙනවා සුද්දා තැළු පෙළු   හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගේ  හිමි තැන මට දෙන්න 
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ 
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ

අප අත රේ  ඒ කඹ ඇදිල්ලේ තරගේ මේ 
නිම වෙන්නට කල් ගතවේයිදෝ
අනේ සර් අප මිතුරන් වේවිදෝ
එදා දවස උදාවේවිදෝ ‍‍////


මුල් ගායනය නෙවිල් පෙරේරා

2011-01-11

රවි මහ දශාව සහ ඔබ ........







කේන්දරයක පලාපල කියවීමේදී අවධානය යොමු කල යුතු දත්තයන් සහ කෝනයන් බොහෝ ඇති බැවින් ලග්නය සහ ‍මෙම ලිපි පෙලින් පලවන ග්‍රහයන් පිළිබදව දත්තයන් පමනක් ආදේශ කිරිම ප්‍රමානවත් නොවේ.

රවි ග්‍රහයා කේන්දරයක සුබ පල දෙන ස්ථානයක සිටින විට සුබ පලද අසුබ ස්ථානයක සිටින විට ඊට විරුද්ධවු ප්‍රතිපලද ලබා දෙන්නෙකි.රවිට මිතුරු  වන්නේ චන්ද්‍ර ,කුජ ,ගුරු සහ කේතුය.සතුරු ලෙස සිකුරු ශනි රාහු හදුන්වයි. බුධ සම ලෙස හදුන්වනු ලැබේ.
රවි නිලතල ,ඉඩකඩම්, මිළමුදල්, කීර්තිය ,ප්‍රසිද්ධිය , අත්පත් කරවනවා මෙන්ම රවි අසුබ අන්දමින් පිහිටීම නිසා මෙම තත්වයන් ආපසු කැදවා ගැණිමද කරනු ලබන ග්‍රහයෙකි.

රවි මහ දශාව අවුරුදු හයකි. 
මා මුල් ලිපියෙන් හදුන්වා දුන් කේන්දර හිමි කරුට රවි මහදශාව ලැබුයේ 1973 වසරේ නොවැම්බර් මස 19 දිනදීය.  එවිට ඔහුගේ වයස අවුරදු 24යි මාස 0යි දින 22 කි . ඔහුගේ කේන්දරයේ රවි අසුබව පිහිටා තිබිනි. වර්මානයේ සන්සුන් ජීවිතයක් ගෙවන ඔහුට රවිගේ කාලයේ මීන් පසු විස්තර වන තොරතුරු වලට බොහෝ විට අනුරුප ජීවිතයක් ගත කිරීමට සිදුවිනි.

රවිගේ රවි අන්තර් දශාව
මාස 03යි දින 18ක කාලයක් පවතී. රවි මහදශාවේ පොදු ප්‍රතිපල මේ කාලයේ උපරීමව ප්‍රතිපලදේ. රවි සුබ නම් සුබ ප්‍රතිපලද අසුබ නම් අසුබ විපාකද ලබාදේ.

රවිගේ සදු අන්තර් දශාව
මාස 06ක් බලපවත්වයි. සැනසිලි දායක මාස හයකි. සුබ හෝ අසුබ ප්‍රතිපල නොදේ.යම් යම් ව්‍යාපාර කටයුතු පිළිබදව අවධානය යොමුවේ.

රවිගේ කුජ අන්තර් දශාව
මාස 04යි දින 06 කි. බෝවෙන රෝග වැළදිමේ සම්භාවිතාවයක් ඇතිවේ. අර්බූදකාරි පරිසරයක් මැවේ. රණ්ඩු සරුවල්වලට යොමුවේ. පාඩු සිදුවේ. අධික වියදම් ඇතිවේ. රවි සුභ ස්ථානයක නම් පාඩු සිදුනොවේ .ලාභ ලැබේ. රෝග පීඩා ඇති නොවේ.

රවිගේ රාහු අන්තරය.
මාස 10 යි දින 24 කි .ජීවිතයේ හිරිහැර සහිත කාලයකි.ගමන් බිමන් අධිකවේ.පවලේ අසහනකාරි තත්වයන් අවුල් වියවුල් ඇති කරයි.රාහු සහ රවි කේන්දරයක සුබ ස්ථානයක සිටී නම් මෙම ප්‍රතිපල නෙලැබේ .සුබ ප්‍රතිපල ලැබේ.

රවිගේ ගුරු අන්තරය.
මාස 09යි දින 12 කි. යහපත් කාලයකි. අධිකරණම කටයුතු වලට පසුගිය වකවානුවේ පැටලි සිටියේ නම් ඒවායින් ජය ලබයි.
මීදුම උදාහරණය ලෙස යොදා ගන්නා කේන්දර හිමියා රවිගේම රවි අන්තරයේ සිදුවු අධිකරණමය අවුල් වියවුල් සියල්ල ඔහුගේ ගුරු අන්තර කාලයේදී සමනය කර ගෙන තිබිනි.

රවිගේ ශනි අන්තරය
මැස 11යි දින 11කි. රෝග පීඩා ඇතිවේ සියළු සැලසුම් කටයුතු බිද වැටේ. සමීප ඥාතිවරයෙකුගේ මරණයක් සිදුවේ. මානසික අසහණකාරි තත්වයක් ගොඩ නැගේ. රවි සහ ශනි දෙදෙනාම යහපත් ස්ථානයක නම් මෙම 
ප්‍රතිපල නොලැබේ.යහපත් ප්‍රතිපල ලැබේ.

රවිගේ බුධ අන්තරය
මාස 10යි දින 06කි. අධිකරණමය ආරවුල් තත්වයන්ට මුහුණදීමට සිදුවේ. එක්තැන් වීම් - රොහල් ගතවීම් බන්ධනාගාරතවීම් වැනි අතවර වලට මුහුණපෑමට සිදුවේ.නිකරුනේ කරදරවලට මැදිවේ. අවලාද අවනම්බු නිනිදා අපහාස විදීමට සිදුවේ.  .
මීදුම උදාහරණය ලෙස යොදා ගන්නා කේන්දර හිමියාට මෙම වකවානුවේදී රක්‍ෂිත බන්ධනාගාරවීමට සිදුවුයේ අනපේක්‍ෂිත රණ්ඩුවකට මැදිහත්වීමෙනි. ඉන් ඔහුගේ  ජීවිතය බොහෝ ලෙස වෙනස් වීම ඇරඹි ඇත.  එම වකවානුවේ නින්දා  අපහාස චෝදනා  විද ඇති ඔහුගේ ජීවිතය පසු කාලීනව යලිත් සන්සුන් වුවත් ඉතාමත් අසීරු වකවානුවක් මෙම කාලය තුල ගත කර ඇත.
රවි යහපත් නම් මෙම අව ප්‍රතිපල නොලැබෙන බව සලකන්න.

රවිගේ කේතු අන්තරය
මාස 04යි දින 06 කි. සෙඛ්‍ය තත්වය පිරිහේ. මානසික වියවුල් ඇති කරයි. නිකරුනේ නෑ හිතවතුන් අතරින් අපවාද ,තම තත්වය පිරිහෙන අවලාද අසන්නට සිදුවේ . නිවසින් බැහැරව යයි.

රවිගේ සිකුරු අන්තරය.
යහපත්වු කාලයකි. විවාහ වන වයසේ මෙම කාලය පසුකරන්නෙක් නම් විවාහ ජීවිතයට ඇතුලත්වේ.  නැත්නම් අඩු තරමින් විවාහ වීමේ පරිසරය හෝ  සකස් කර ගනී. මෙතෙක් සිදුවු ජීවිතයේ අකටයුතු කම් වලින් අස්වැසිල්ලක් ලබයි. හිතමිතුරන් අවට සමාජය අතර පිලිගැණිමක් ඇති කර ගනී. තම අලංකාරය උදෙසා වියපැහැදම් වැඩිවේ.
රවි අසුබව පිහිටා ඇතත් මේ ප්‍රතිපල සිකුරු අන්තරයේදී  යම් තරමකින් හෝ ලැබේ. සුබව පිහිටා ඇත්නම් එලෙසම ප්‍රතිපල ලැබේ.

2011-01-07

බමරකන්ද දියඇල්ල




කොළඹ - බදුල්ල ( ඒ4 ) මාර්ගයේ 174 කි.මි කළුපහණ නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ කි.මි පහක් පමනදුරින් බමරකන්ද දියඇල්ල පිහිටා තිබේ.
ලංකාවේ උසම දිය ඇල්ල වන බමර කන්ද දියඇල්ල උසින් මීටර් 241කි. හෝර්ටන්තැන්න ආශ්‍රිත හපුතලය කදුපංතියේ උඩවේරිය හරහා ගලන කුඩාඔය බමර කන්ද දියඇල්ල ලෙසින් කඩා හැලේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම භූමි ප්‍රදේශය අයත්ය.
වීරකෝන්ගමට යන මාර්ගය ටික දුරක් වාහන ගමනා ගමනයට සුදුසු වුවද දියඇල්ල ලගටම යාමට නම් ජීප්රථයක් වැනි වාහනයක් අවශ්‍යවේ.
Enhanced by Zemanta