Thursday, August 31, 2023

මූට නමක් තියාපියෝ.



ජාතීන් අතර සංහිදියාව නැති බව අපේ දියුණුව ඇණ හිටීමට එක් හේතුවකි. දේශපාලකයෝ තම පැවැත්ම උදෙසා බෙදී සිටීම ප්‍රවර්ධණය කරයි. බෙදී සිටින තාක් ඔවුන්ගේ පැවැත්ම ස්ථාවරවන බව ඔවුන් දනී.

පූජක පක්‍ෂය තම තමන්ගේ සාශ්තෘවරුන් අනුව ගමන් නොගනී. සැම ආගමකම පූජ්‍ය පක්‍ෂයට ආගමික අරමුණු අභිබවා යන පෞද්ගලික  අරමුණු බොහොමයකි. මේවා මානසික සංවර්ධණ අරමුනු ඉක්මවා භෞතික සංවර්ධණ වලට මුල් තැන් දෙමින් කටයුතුකරන නිසා වෙන් ගැටුම් ඇති කරගන්නා තත්වයන් ඇති කර ගනී.

ත්‍රීකුණාමලය සංවර්ධණ කමිටුවට නොයා මුලින්ම මුස්ලිම් හිණ්දු සහ වෙනත් ආගමිකයන් සමග  සාකච්ඡා කර සංහිදියාවෙන් මේ ගැටළුව විසදා නොගැණීම බෞද්ධයින් සහ හිමිව
රුන් නෙපෙළඹීම කනගාටුදායක තත්වයකි. රජයේ සේවක නිළධාරින්ට ඇත්තේ විවිධ චක්‍රෙල්ඛ . නීති රෙගුලාසි අණපනතත් ඔස්සේ සලකා බැලීමයි. පරගණකයකට දී ඇති දත්ත මත නිකුත් කරණ වාර්තා මෙන් ඔවුන් මානුෂික හැගීමෙන් කටයුතු නොකරයි. ඔවුන් ඉහලින් ඇතැයි සිතන දේශපාලකයන් ගැන බහුමානයෙන් සිතයි. දේශපාලකයින් තම බලය රැක ගැණීම සදහා වැඩි ඡන්ද ගොඩ මිස ගැටළු සාධාරන ලෙස සමනයකට පත් කිරීමට නොසිතයි.සියළු වර්ගයාද ආගමිකයන්ද සංහිදියා සිතින් දවස ගෙවන්නේ නම් වාර්ගික අර්බුධයන් මතු නොවේ.
notes of imaginary

5 comments:

අජිත් කීර්තිධර්ම said...

ලයනල් මහත්මයා එවකට එක්සත් ජාතික පක්ෂ සපරගමුව මහ ඇමති ජී වී පුංචිනිලමේ මහතාගේ සන්නද්ධ අතුරු හමුදාවක ප්‍රධානියෙකි. 88/89 භීෂණ සමයේදී පළාත්සභා පැජරෝ වල නැගී ගිනි අවි අමෝරාගෙන විදුලි වේගයෙන් මොවුන් එහෙ මෙහෙ ගමන් කරනවා අපට දැක හුරු පුරුදුය.

බෙලිහුල්ඔය තානායම ඇති ස්ථානයේ මොහු නවාතැන් ගෙන සිටි බවද මතකය.

එවකට තරුණ වියේ පසුවූ සුසන්ත පුංචිනිලමේද ලයනල් මහතාගේ මිතුරෙකි. අතුරුදහන් වූ ටයර් සෑයන් හී අවසන් ගමන් ගිය තරුණ තරුණියන් ප්‍රමාණය දහස් ගණනකි.

miduma said...

අජිත් මහත්තයා. මම ගැන පෞද්ගලික තොරතුරු කියවීමෙන් වැලකී සිටියා ඒත් දැන් කියන්න වෙලා. මම සුසන්ත සමයේ විපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී වරයෙකුව සිටි හීන්මහත්මයා ලියනගේ මහතාගේ සහෝදරයෙක්. වර්තමාන පාර්ලිමේන්තු මංත්‍රී වරුන ලියනගේ ගේ ලොකු මමා. ඉතින් දැන්වත් හිතන්න ඔබේ කැටගරියට මම අයත් නොවන බව.

අජිත් කීර්තිධර්ම said...

ලයනල් මහත්මයා, ඔබට අමතකද මේ වෙන විට වරුණ ලියනගේ මන්ත්‍රීවරයා සිටින්නේ එවකට 88/89 භීෂණ සමයේ එජාප ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වෙන සජිත් ප්‍රේමදාසගේ පක්ෂයට සහය දක්වමින් බව.

miduma said...

වරුන සජිත් සමග සිටිම ඔබගේ නිරීක්‍ෂණයට හේතුවක් වන්නේ කෙසේද යන්න මට ගැටළුවක්.

miduma said...

අජිත් කීර්ති ධර්ම මහතාණනි.
ඔබතුමාගේ අදහස් දැක්වීම පරිදි ඔබ තුමා මා හොදින් දන්නා පුද්ගලයෙකි.
“ලයනල් මහත්මයා එවකට එක්සත් ජාතික පක්ෂ සපරගමුව මහ ඇමති ජී වී පුංචිනිලමේ මහතාගේ සන්නද්ධ අතුරු හමුදාවක ප්‍රධානියෙකි. 88/89 භීෂණ සමයේදී පළාත්සභා පැජරෝ වල නැගී ගිනි අවි අමෝරාගෙන විදුලි වේගයෙන් මොවුන් එහෙ මෙහෙ ගමන් කරනවා අපට දැක හුරු පුරුදුය.““.
මා ජී වී පුංචිනිලමේගේ ආධාර කරුවෙකුව ඔහුගේ වාහන වල ආ ගිය කෙනෙකු නොවේ .ඔබතුමා වැරදි නිගමනයක සිටින බවක් මට විශ්වාස කලහැකිය. මා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. “සන්නද්ධ අතුරු හමුදාවක ප්‍රධානියෙකි. යන්නත් නිවරදි කර ගත යුතුවේ.
මා එවැනි භුමිකාවක සිටින්නට තරම් සවිමත් පුද්ගලයෙකු නොවේ. එමෙන්ම මගේ ඥාතියෙකු වෙනුවෙන් ඉදිරිපත් වන්නෙකු හැර කොහේවත් සිටින බත් බැලයෙකුට කඩේ යාමට මට උවමනාවක් නැති බව මා හොදින් දන්නවා නම් මට කර ඇත්තේ බරපතල චෝදනාවකි.නැත්නම් මා යයි වෙනත් පුද්ගලයෙකු පිලිබදව කරන විවරණයකි.
1980 කාලයේ සිට ශ්‍රීලනිපයට සම්බන්‍ධව මගේ සහෝදරයා සමගත් වරුණ එජාපයට සම්බන්ධ වන තෙක් ශ්‍රීලනිපයටත් පොදුජන පෙරමුණටත් සම්බන‍්ධ දේශපාලන අදහස් දැරුවෙමි.
පුංචි නිළමේ සමග දේශපාලන පයුරු පාසනමක් මට කිසිදා නොතිබුනෙමි. ඔබ කැමති නම් සම්බන්ධ කරගෙන කතා කිරීමට කැමැත්තෙමි.
071 44 20 883 මගේ දුර කතන අංකයයි.