පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, September 02, 2023

කුකුලන් ඉණ්දියාවෙන් ආනයනය කරමු.

සුගිය දිනවල බිත්තර හිගයක් පැවතිනි. ඉන්දියවෙන් බිත්තර ආනයනය කෙරිනි. බිත්තර හිගය පහව ගියේය.

බිත්තර මෙරට අවශ්‍යතාවයට මෙරටදී නිෂ්පාදනය කර ගත හැකිව තිබියදී ඉන්දියාවෙන් ආනයනය කරල ලදී. එය වෙළද ඇමතිතුමාගේ වැඩක් වුවද සත්ව පාලනය.සංවර්ධණය කෘෂිකර්ම ඇමතිතුමාගේ වැඩකි.. නිෂ්පාදනයට අතහිත දීම නිසියාකාරයෙන් නොසිදුවීම නිසා බිත්තර ආනයනය  කිරීමට සිදුවිනි. වරද ඇත්තේ නිෂ්පාදයා අතද නැත්නම් වෙලෙන්දා අතද යන්න විමසා බැලිය යුත්තකි.

ඒ බිත්තර ගැනය. දැන් කුකුල් මස් ආනයනය කිරිමට වෙළද ඇමතිවරයා සුදානම් වෙයි. අපිට නිෂ්පාදන ආර්ථිකයක් නැත. අපේ ආර්ථිකය පාලනයෙන් තොරව විවෘතය. නැවෙන් ගෙනත් බඩට දාගන්නා සුව පහසු  ආර්ථිකයක මානසිකත්වයෙන් අපි ජීවත්වමු.   

කුකුල් මස් නිෂ්පාදනය සදහා වැය වන කාලය  උපරීම දින හතලිස් පහකි. බිත්තර නිෂ්පාදනය සදහා මාස හයකි. යටිතල පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා පහසු මිළ ගනන් ඇත්නම් නිෂ්පාදන පිරිවැය අඩුවේ . කුකුල් ගොවීන්ට අවශ්‍ය මුලධනය සපයා ගැනීමට රාජ්‍ය බැකු හෝ රජයේ මැදිහත් වීම ඇත්නම් ගොවීන් නිෂ්පාදනය සදහා යොමු වනු ඇති.

වර්තමානයේ සිදුව ඇත්තේ ගොවීන් අ‍ධෛර්මත් කිරීමයි. එසේ සිදු කරමින් ඉන්දියාණු ගොවීන් ‍පොහොසත් කිරීමයි. අනියම් ලෙස  ඉණ්දියාව පොහොසත් කිරීමයි. බිත්තර ආනයනය කිරීම සදහා යොදවන ඩොලර් කුකල් ගොවිපලවලට අවශ්‍ය පහසුකම් , ආහාර ද්‍රව්‍ය , ඹෟෂධ සදහා යොදවන්න කෟෂිකර්ම දෙපාර්මේන්තුවත් වෙළද අමාත්‍යාංශයටත් කැබිනට් මණ්ඩලය තුල විසදා ගැණීමට බුද්ධිය පහල නොවේ.


notes of imaginary

3 comments:

දුමින්ද අබේසේකර said...

රටක් කරන්නට කිව්වත් අමුතු කතා
ගොඩක් දෙනෙක් ඇත තමන්ම ගැනම සිතා....

රටේ හැම තැනකම ගැටලුවට විසදුම හොයන්නෙ පිට රටින්. එහෙත් රටේ තුළ ආර්ථික් නිර්මාණය කරන්න උනන්දු වීම අඩුයි..

ජයවේවා !!!

දුමින්ද අබේසේකර said...

රටක් කරන්නට කිව්වත් අමුතු කතා
ගොඩක් දෙනෙක් ඇත තමන්ම ගැනම සිතා....

රටේ හැම තැනකම ගැටලුවට විසදුම හොයන්නෙ පිට රටින්. එහෙත් රටේ තුළ ආර්ථික් නිර්මාණය කරන්න උනන්දු වීම අඩුයි..

ජයවේවා !!!

නමියගෙ වීදිය said...

තව ඉස්සරහට... කෑමට ඉන්දියාවටම ගිහින් එන්ට වෙයි වාගේ 😅