Friday, September 15, 2023
බා බා බා කිකිළී
නාදළු පැරයූ දෙතොලී මෝරා වියැලී හැකිලී
දසන් එදා කොඳ කැකුළී හිනැහේ මුවගේ නොදිලී
පෙර දින සක් සේම දිලී ගෙලවට වතළවු සරැළී
බිළිඳු ළමා දෙතොලෙ වෙලී තිසර පැටවු ඇත ඉගිලී
රියසක අගලෙහිම ගිලී සැඟවගියා පුළුලුකුලී
දඟයුග දිසි තැඹිලි මලී පෙනුනේ දඬු සේ වියැලී
කාලය ගිය හැටි පෙරලී අද නෑ පෙර දුටු කැකුළී
එකම යමක් වේ නොසැලී නුඹට බැඳුණු පෙම කොමළී
-- පී. ජී. ආරියපාල
Subscribe to:
Post Comments (Atom)
1 comments:
පද භාවිතයෙන් නාරි ලාලිත්‍යය පිළිබඳ හැඟීම නම් මතුවෙනවා. ඒත් යම් කෘතිම බවකුත් තියනවා වගේ දැනෙනවා.
Post a Comment