ඒ ශ්‍රේෂ්ඨ කලාකාරිනිය වෙනුවෙන් ලියමි
අම්මාවරුනේ
බුදුහිමි අබියසෙහි වෙන්නට සමන් `` මලක්
පතමින් පැමිණ ගතකර විය කෙටිම කලක්
සිනමා පසුබිමට එක්කර "ගලන ගඟක්"
හෙළ ගී කෙතට වූවා නුඹ මහරු මිණක්
සරලද ශාස්ත්‍රීයද ඈ නෙක ආරේ
සිනමා ගීතයද ගැයූ අමරස බේරේ
පිනවා රසික දන කලගෙවනා වාරේ
සිතුනෙම පුරුද්දකි ලද පෙර සංසාරේ
ඇගයුම් සම්මාන නිරතුරුවම ලැබුනා
මෝරන වී කරල ලෙස සිරසද නැමුනා
පීඩිත පංතියේ දුක නිරතුරුවම හඳුනා
ගැයු ගී නිසා උන් හදවත පිරිමැදුනා
කලකදි "සත්‍යයේ ගීතය" නමින් ගයා
එරෙහිව අයුත්තට ඉන්නට "පවන" කියා
කළ ඒ මෙහෙවරෙහි ගීපද අරුත සොයා
අමතක නොවන ලෙස ඇත හදවතෙහි ලියා
පූජාසනේ ඔබ හිඳුවා පුදන දනා
ඔබටම එරෙහිවී එනබව හොඳින දැනා
දිවිගෙවු මැතිනියනි එය අද නිසැක වුනා
අපි සිහිකරමු නෙතගට එයි කඳුළු උනා
නොදැමුන අමන දන අද කෙරුවද නින්දා
ලොව පවතින තුරුම ඇත නුඹෙ නම රන්දා
කළගුණ සිහිව දෙඅතම එක්කොට වැන්දා
නිවනට යනු මැනවි අප මැතිනිය නන්දා
පී. ජී. ආරියපාල







No comments:
Post a Comment