wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label චරිත කතා. Show all posts
Showing posts with label චරිත කතා. Show all posts

2026-04-01

මහගම සේකර ගේ කථා.



මෑතක චරණ ටීවී එකේ ප්‍රචාරයවු සිනමා පටයක් බැළුවා. එය ගාන්ධි අනුගාමියෙකුගේ චරිතයක් වටා ගෙතුන කතාවක්.

සිනමා පටය පටන්ගන්නේ සුදු වතින් සැරසුන ඔහු බසයකින් පැමින බහිනවා.

බැහැලා ප්‍රසිද්ධ වැසිකිලි යට යනවා.

ගිහින් එන අයගේ අප්‍රසන්න මුහුණු දකිනවා. ඔහුත්  ගියාම දකින්නේ අප්‍රසන්න දර්ශනයක්.

ආපහු එන ඔහු ප්ලාස්ටික් බාල්දි , මුස්න වැනි වැසිකිලිය පවිත්‍ර කිරීමට අවශ්‍ය උපකරන කිහිපයක් මිළදී ගන්නවා.

ඒවත් රැගෙන යන ඔහු නැවත වැසිකිළියට ගොස් පිරිසිදු කර පිටව යනවා.

මට මේ කතාවත් එක්ක සිහිපත් වුනේ මහගම සේකරයන් පිලිබද පුවතක්.

මේ කියන කාලේ මහගම ලලිත කලා විද්‍යාලයේ විදුහල්පති.

වර්තමානයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය. තනතුර - උප කුළපති

සවදක් මහගමයන් කාර්යාලයට එන කොට සිසුවෝ වර්ජණයක. කාර්යාලය වටලලා 

මහගමයන් සන්සුන්ව මේ සිසුන් ගෙන් අහනවා 

 “මොකද මේ ළමයි………?” 

“සර්..අපෙ වැසිකිළි සෝදලා නෑ! ඒවා සෝදනකල් අපි පංතිවලට යන්නෙ නෑ!” කාරනාව පහදනවා.

“හ්ම්…….” මහගමයන් කාර්යාලය  ඇතුලට ගියා. 

ශිෂ්‍යයයො බලාන හිටියා.

විසදුමක් දෙනකම්.

 “දැන් මොකක්හරි ක්‍රියා මාර්ගයක් ගනී…..” නැත්නම් අපි දිගටම වර්ජනේ..

කාලය ගෙවීයනවා …. පැයක් දෙකක්..

ඔන්න මහගමයන් කාර්යාලයෙන් එළියට විත් සිසුන් හමුවෙනවා 

ලේන්සුවෙන් අත් පිහිදමින්…………….. 

“හරි……අන්න මම ඒවා සේදුවා…! 

දැන් ඔය ළමයි පංති වලට යන්න…….”

වර්ජණය ඉවරයි…








A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-02-28

සුනිල් මාධව - ජයලාල් රෝහණ කියූ කතාව





1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-
-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.
එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.
"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.
මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.
"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.
"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."
"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.
"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.
මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.
"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"
"ඔව් මල්ලි"
"ඔයා .... සුනිල් මාධව ද?"
"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"
සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.
"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"
"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"
"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."
රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්
"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.
"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.
"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.
"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"
එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?
* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ "රාවය" සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ "යුක්තිය" පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්
මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?
ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?
ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ 'දෙසතිය' සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. "සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා."
මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.
විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]
කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.
ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.
වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.
ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.
2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.
වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.
නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා 'ජනතා කලාකරුවෝ' නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට 'සුනිල් අයියා' ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. "මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන" හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. 'අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ' කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. 'සුනිල් අයියා' ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍
ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.
"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...
"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"
"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"
"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."
'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.
දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.
"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."
අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.
‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.











Jayalal Rohana | ජයලාල් රෝහණ
බූන්දි, අඟහරුවාදා, මැයි 18, 2010

ප්‍රේමලාල් කුමාර - මුණු පොතට.
A day in the life

2026-01-31

මාටින් වික්‍රමසිංහ - සාහිත්‍ය මහා වංශය




හෙළයේ මහා ප්‍රාඥයාගේ අකුරු සක්මන
මාටින් වික්‍රමසිංහ සාහිත්‍ය මහා වංශය


සිංහල සාහිත්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හැඳින්විය හැක්කේ මාටින් වික්‍රමසිංහයන්ගේ චින්තනයයි. දකුණු ලක කොග්ගල මුහුදු තීරයේ රළ හඬින් පන්නරය ලබා, හෙළ සංස්කෘතියේ මුල් සොයා ගිය මේ මහා පඬිවරයා, අපේ අතීතය, වර්තමානය සහ අනාගතය අකුරු කළේය.
ඔහුගේ පෑනෙන් ලියවුණු සෑම කෘතියක්ම හුදු පොතක් නොව, සිංහල අනන්‍යතාවය පිළිබඳ ලියවුණු සජීවී සාක්ෂියකි. සාහිත්‍යය, විද්‍යාව, මානව විද්‍යාව සහ දර්ශනය යන ක්ෂේත්‍රයන් ඔස්සේ එතුමා කළ ඒ මහා සාහිත්‍ය ආමන්ත්‍රණය ගැන මේ ලිපියෙන් අදහසක් ගත් හැක.

විෂය අනුව වෙන් කළ පොත් ලැයිස්තුව (මීට අමතරව තවත් පොත් ඇත, මේ ප්‍රධාන ලැයිස්තුව පමණයි)

නවකතා (Novels)
01. ලීලා (1914)
02. සෝමා (1920)
03. අයිරාංගනී (1923)
04. සීතා (1923)
05. මිරිඟුව (1925)
06. රෝහිණී (1929)
07. ගම්පෙරළිය (1944)
08. යුගාන්තය (1949)
09. විරාගය (1956)
10. කලියුගය (1957)
12. බවතරණය (1973)

කෙටිකතා සංග්‍රහ (Short Stories)
13. ගැහැනියක් (1924)
14. මඟුල් ගෙදර (1927)
15. පව්කාරයාට ගල් ගැසීම (1936)
16. අපේ විත්ති (1946)
17. වහල්ලු (1951)
18. මගේ කතාව (1947)
19. කරත්තය (1969)
20. කරුවල ගෙදර (1963)

ළමා සාහිත්‍යය සහ ස්වයං ලිඛිත අපදාන

21. අපේ ගම (1940)
22. මඩොල් දූව (1947)
23. උපන් දා සිට (1961)

සාහිත්‍ය විචාරය සහ ශාස්ත්‍රීය (Criticism)

24. ශාස්ත්‍රීය ලේඛන (1919)
25. සිංහල සාහිත්‍යයේ නැගීම (1945)
26. සාහිත්‍ය කලා (1950)
27. කාව්‍ය විචාරය (1952)
28. සිංහල නවකතාව හා ජපන් කාමකතා සෙවණැල්ල (1969)
29. සිංහල නාට්‍යය හා සඳැස් ලකුණ (1970)
30. විචාර ලිපි
31. ගුත්තිල ගීතය (විචාරය)
32. නූතන පද්‍ය සංග්‍රහය
33. සාහිත්‍යෝදය
34. විචාර පර්යේෂණ
35. පරිණාමවාදය හා සිංහල සාහිත්‍යය

මානව විද්‍යාව සහ සංස්කෘතිය (Anthropology)

36. සිංහල ලකුණ (1947)
37. සංස්කෘතිය හා ඇදහීම
38. මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය
39. සිංහල සිරිත් විරිත්
40. පාරම්පරික සිරිත් විරිත්
41. සංස්කෘතික විප්ලවය
විද්‍යාව සහ පරිණාමවාදය (Science)
42. සත්ත්ව සන්තතිය (1934)
43. විද්‍යා විනෝද කථා
44. සත්ත්ව ලෝකය

දර්ශනය සහ ආගම (Philosophy & Religion)
45. බුදු සමය හා සමාජ දර්ශනය
46. නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය
47. ජෛන ධර්මය හා බුදු දහම
48. බුදු සමය හා මානව විද්‍යාව
49. බවතරණ විමර්ශනය (පැමිණි මඟ)

පරිවර්තන සහ චාරිකා සටහන්

50. තෙරණී ගී (පරිවර්තන)
51. සෝවියට් දේශයේ චාරිකාව (1956)

ඉංග්‍රීසි කෘති (English Works)
52. Aspects of Sinhalese Culture
53. The Buddhist Jataka Stories and the Russian Novel
54. The Mysticism of Lawrence
55. Buddhism and Culture
56. Sinhala Language and Culture
57. Buddhism and Art
58. Revolution and Evolution

අනිවාර්යයෙන්ම කියවිය යුතු ප්‍රධාන කෘති 9ක් පිළිබඳ විවරණය

1. ගම්පෙරළිය (1944):
 
සිංහල නවකතා කලාව සම්භාව්‍ය තත්ත්වයට ඔසවා තැබූ මහාර්ඝ කෘතිය මෙයයි. වැඩවසම් ක්‍රමය මත පදනම් වූ කොග්ගල කයිසාරුවත්ත වලව්වේ බිඳ වැටීමත්, පියල් වැනි වාණිජ පන්තියට අයත් චරිතයන්ගේ නැගී ඒමත් මෙහි ඉතා සියුම් ලෙස නිරූපණය වේ. නන්දා සහ පියල් අතර ඇති වන ප්‍රේමයත්, කුල ගෞරවය නිසා එයට එල්ල වන බාධාත් හරහා ලාංකික සමාජයේ සිදුවූ මහා පරිවර්තනය වික්‍රමසිංහයන් පෑනට නගන්නේ සමාජ විද්‍යාඥයෙකුගේ දෘෂ්ටියෙනි. මානව සබඳතා සහ ගැමි පරිසරය විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් සිනමාවට ද නැගුණි. එය සිංහල නවකතාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස විචාරකයෝ හඳුන්වති.

2. විරාගය (1956):
 
සිංහල සාහිත්‍යයේ මනෝවිද්‍යාත්මක නවකතාවේ උච්චතම අවස්ථාව ලෙස 'විරාගය' සැලකේ. අරවින්ද නම් මධ්‍යම පාන්තික තරුණයාගේ අභ්‍යන්තර මානසික ගැටුම, ඔහුගේ අකර්මණ්‍ය ස්වභාවය සහ සරෝජිනී කෙරෙහි වූ ප්‍රේමයත්, බතී කෙරෙහි වූ සෙනෙහසත් අතර දෝලනය වන ජීවිතය මෙහි විග්‍රහ කෙරේ. හුදු කතාවකට එහා ගිය ගැඹුරු දාර්ශනික ස්වරූපයක් ගන්නා මෙම නවකතාව, මිනිස් සිතේ පවත්නා අසීමිත සංකීර්ණත්වයත්, පරාජිත බවත් ප්‍රබල ලෙස පාඨකයාට දැනෙන්නට හරියි. සිංහල නවකතාවේ "අරවින්ද" යනු අමරණීය චරිතයකි. මෙම පොත සිංහල නවකතාව නව මාවතකට යොමු කළ නිර්මාණයකි.

3. මඩොල් දූව (1947): 
ළමා සාහිත්‍යයේ අසමසම නිර්මාණය ලෙස සැලකෙන මඩොල් දූව, උපාලි සහ ජින්නා නම් වූ දඩබ්බර එහෙත් නිර්භීත කොල්ලන් දෙදෙනෙකුගේ වික්‍රමාන්විත කතාවයි. ගතානුගතික අධ්‍යාපනයෙන් සහ වැඩිහිටි පීඩනයෙන් මිදී ස්වාධීනව ජීවත් වීමට වෙර දරන ඔවුන්, පාළු දූපතක් ජනාවාස කරමින් කරන අරගලය ඉතා ආශ්වාදජනක ලෙස රචනා වී ඇත. මෙය ලෝකයේ භාෂා රැසකට පරිවර්තනය වී ඇති අතර, ඕනෑම වයසක පාඨකයෙකුට කියවිය හැකි සදාකාලික රසයක් සහිත කෘතියකි. ප්‍රායෝගික ජීවිතය ජය ගැනීම සහ පරිසරය සමඟ එකඟව ජීවත් වීම පිළිබඳව මෙය අපූරු පාඩමක් කියා දෙයි.

4. අපේ ගම (1940): 
මාටින් වික්‍රමසිංහයන්ගේ ළමා කාලය සහ ඔහු හැදී වැඩුණු කොග්ගල ගම්මානයේ පාරිසරික සහ සංස්කෘතික පසුබිම මෙහි මනාව විස්තර වේ. මෙය ස්වයං ලිඛිත අපදානයක ස්වරූපය ගත්තද, ඊට එහා ගිය සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත කෘතියකි. පැරණි ගැමි සිරිත් විරිත්, ගැමි මිනිසුන්ගේ අව්‍යාජ බව සහ සොබාදහම සමඟ ඔවුන් පැවැත්වූ සබඳතාවය වික්‍රමසිංහයන් ඉතාමත් සුන්දර බස් වහරකින් විස්තර කරයි. සිංහල ජන ජීවිතයේ මුල් සොයා යන ඕනෑම කෙනෙකු කියවිය යුතුම පොතකි. මෙය අතීත ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතය පිළිබඳව ලියවුණු අගනා ලිඛිත සාක්ෂියකි.

5. බවතරණය (1973): 
සිද්ධාර්ථ ගෞතමයන්ගේ චරිතය මානව විද්‍යාත්මක හා ලෞකික ඇසකින් විග්‍රහ කිරීමට වික්‍රමසිංහයන් දැරූ උත්සාහය බවතරණයයි. බුදුසිරිත දේවත්වයෙන් තොරව, මිනිසෙකු ලෙස එතුමා මුහුණ දුන් අභ්‍යන්තර ගැටුම් සහ සමාජයීය බලපෑම් මෙහි සාකච්ඡා වේ. මෙය ප්‍රකාශයට පත් වූ කාලයේදී දැඩි සංවාදයකට සහ විවේචනයට ලක් වුවද, බුද්ධ චරිතය පිළිබඳ නවමු කියවීමක් ඉදිරිපත් කිරීමට මෙම කෘතිය සමත් විය. මිනිස් ගති පැවතුම් සහ අධ්‍යාත්මික ගවේෂණය පිළිබඳව ලියවුණු ඉතා නිර්භීත නවකතාවක් ලෙස මෙය සැලකේ. සාම්ප්‍රදායික බුදුසිරිතට එහා ගිය දාර්ශනික විග්‍රහයක් මෙහි අන්තර්ගත වේ.

6. සත්ත්ව සන්තතිය (1934): 
සිංහල පාඨකයාට විද්‍යාත්මක චින්තනය හඳුන්වා දීමේලා වික්‍රමසිංහයන් කළ මෙහෙවර අතිවිශාලය. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳව සහ ජීවීන්ගේ සම්භවය ගැන ඉතා සරලව මෙන්ම ගැඹුරින් මෙම කෘතියෙන් පැහැදිලි කෙරේ. විද්‍යාව සහ දර්ශනය අතර ඇති සබඳතාවය විමර්ශනය කරන මෙවැනි කෘතියක් එකල සිංහලෙන් ලියැවීම වික්‍රමසිංහයන් සතු වූ පුළුල් දැනුම මැනවින් කියාපාන්නකි. ලොව පවතින සත්ත්ව සහ ශාක ප්‍රජාවගේ විකාශනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙය මග පෙන්වයි. මෙය ලාංකික විද්‍යා සාහිත්‍යයේ නොමැකෙන සලකුණකි.

7. සිංහල ලකුණ (1947): 
සිංහල සංස්කෘතියේ සහ සාහිත්‍යයේ පදනම කුමක්ද يන්න විමර්ශනය කෙරෙන විශිෂ්ට ශාස්ත්‍රීය නිබන්ධනයකි. අපේ රටට ආවේණික වූ සිරිත් විරිත්, කලා ශිල්ප සහ ඇදහිලි පද්ධතීන් බිහිවූ ආකාරය පිළිබඳව මානව විද්‍යාත්මක පදනමක සිට ඔහු තර්ක කරයි. සිංහල ජාතියේ අනන්‍යතාවය විදේශීය බලපෑම් හමුවේ වෙනස් නොවී රැකගත යුතු ආකාරයත්, අපේම වූ "සිංහල ලකුණ" හඳුනා ගැනීමත් මෙහි ප්‍රධාන අරමුණයි. ශාස්ත්‍රීය ලෝකයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ මෙම කෘතිය, ජාතිකත්වය පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීමට සමත් විය.

8. යුගාන්තය (1949): 
ගම්පෙරළියෙන් ඇරඹි "තුන් ඇඳුත්තේ" අවසාන කොටස ලෙස මෙය සැලකේ. මෙහිදී අවධානය යොමු වන්නේ ධනපති පන්තිය සහ කම්කරු පන්තිය අතර ඇති වන ගැටුම කෙරෙහිය. ටයිටස් වැනි නව පරපුරේ චරිත හරහා පැරණි සමාජ ක්‍රමය වෙනුවට නව සමාජවාදී අදහස් ලාංකීය සමාජයට කාන්දු වන ආකාරය මෙහි මනාව නිරූපණය වේ. දේශපාලනික සහ ආර්ථික වෙනස්කම් මිනිස් සබඳතාවලට බලපාන ආකාරය විග්‍රහ කරන මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය සහ සමාජ පරිණාමය අවබෝධ කර ගැනීමට මහඟු උපකාරයක් ලබා දෙයි.

9. උපන් දා සිට (1961): 
මෙය වික්‍රමසිංහයන්ගේ ස්වයං ලිඛිත අපදානයයි. ඔහුගේ උපතේ සිට සාහිත්‍යධරයෙකු ලෙස පරිනත වන තෙක් වූ ජීවන ගමන් මග මෙහි විස්තර වේ. හුදෙක් පෞද්ගලික තොරතුරුවලට සීමා නොවී, එකල පැවති දේශපාලන, සාමාජික සහ සාහිත්‍යමය වටපිටාව පිළිබඳව පුළුල් විග්‍රහයක් ද මෙයට ඇතුළත්ය. පොත පත කියවීමෙන් මිනිසෙකුට තම චින්තනය කෙතරම් දුරට දියුණු කරගත හැකිද යන්නට මාටින් වික්‍රමසිංහයන් හොඳම නිදසුනකි. එම ජීවන අරගලය සහ බුද්ධිමය වර්ධනය කියවීම ඕනෑම කෙනෙකුට පූර්වාදර්ශයකි.

ඉතින් ඔබ සිතන විදිහට හෙළයේ මහා ගත්කරු යන නාමය මාටින් වික්‍රමසිංහයන්ට ලැබීම සාදාරණ ද. ඔබට පුලුවන් ඒ ගැන ඔබේ අදහස් දක්වන්න.
කෙසේ නමුත්, මේ මේ මහා සාහිත්‍ය උරුමය අනාගත පරපුරටත් දායාද කිරීම වඩාත් යෝග්‍ය බව මට සිතෙයි. ඔබ වඩාත්ම ප්‍රිය කරන වික්‍රමසිංහයන්ගේ පොත කුමක්ද? ඔබ ලබාගත් අත්දැකීම් පහතින් Comment කරන්න .
මෙහි වෙනස් විය යුතු තැන් තිබේ නම් ඒවාද දක්වීමට සාහිත්‍යලෝලී ඔබට ඇරයුම් කරමි 

පහුගියදාක ටියුෂන් ගුරුවරයෙක් මාර්ටින් වික්‍රමසිංහයන් කවුරුන්ද ? යන්න විසමින් එතුමන්ට අපහාස මුඛයෙන් දරුවන්ට දේශණයක් කරන වීඩියෝවක් වයිරල්වනු දුටිමි.
එතුමන්ද මහින්ද ජයසිංහ අනුගමනය කරන බඩියෙක් දෝයි සිතිනි.
නමින් “ චේ ගුරා යයි හදුන්වා ගෙන තිබු අතර ඔහු chemistry අතිරේක පන්ති පවත්වන්නෙකි.
මාර්ටින් වික්‍රමසිංහයන්ට අපහාස කරන මෙවැන්නන්ගේ  නව ප්‍රවාහයක් බිහිවී ඇති සෙයකි.


A day in the life

2025-11-24

රන්ජන් විජේරත්න


දැනෙන ගින්නට ඇවිද ගිය මිනිසා -
රන්ජන් විජේරත්න.
ප්‍රවෘත්තිවලට වඩා බිය වේගයෙන් ගමන් කළ කාලයක් ශ්‍රී ලංකාවේ තිබුණි.
කතා කිරීම වෙනුවට මිනිසුන් මුමුණති.
හිරු බැස යාමට පෙර සාප්පු වසා දමන ලදී. සෑම මවක්ම තම දරුවන් ආරක්ෂිතව නිවසට පැමිණෙන තෙක් දොරකඩ බලා සිටියහ.
ත්‍රස්තවාදය ප්‍රධාන මාතෘකාවක් නොවූ කාලයක් වුවද එය දෛනික යථාර්ථය විය.
මේ අන්ධකාරය මැද, පසුබැසීම ප්‍රතික්ෂේප කළ මිනිසෙක් සිටියේය.
ඔහුගේ නම රන්ජන් විජේරත්න.
සෑම රටකම ඉතිහාසය තුළ, එක වාක්‍යයකින් විස්තර කළ නොහැකි නායකයින් සිටී. නිර්භීත සහ අධිෂ්ඨානශීලී - නමුත් විවේචනය කරන, ප්‍රශ්න කරන සහ වරදවා වටහා ගන්නා නායකයින් සිටී. රන්ජන් විජේරත්න ඔවුන්ගෙන් කෙනෙකි.
- රට වෙව්ලන විට, ඔහු එසේ කළේ නැත.
ඔහු ඔප දැමූ හෝ කාව්‍යමය කෙනෙන් නොවීය. ඔහු මිනිසුන්ගේ අත්පොළසන් සඳහා මෘදු ලෙස පෙනී සිටියේ නැත.
ඔහු හමුදා විනය, තියුණු තීරණ සහ රට සටන් කිරීමට වටින බව විශ්වාස කිරීමෙන් ඇති වූ ධෛර්යයෙන් හැඩගැසුණු තද මිනිසෙකි.
අනෙක් අය දුර සිට අනතුර විශ්ලේෂණය කළද, ඔහු කෙලින්ම එයට ඇතුළු විය.
බෝම්බ පිපිරීම් දේශය සෙලවූ විට, ඔහු සැඟවී සිටියේ නැත. ඔහු ස්ථිරව එහි සිටගෙන සිටියේය.
සමහරුන්ට මෙය නිර්භීතකමක් ලෙස පෙනුනි. අනෙක් අයට මෙය අවදානමක් ලෙස පෙනුනි.සමහරුන්ට එය මෝඩ උද්ධඡ්ඡ කමක් ලෙස පෙනිනි. නමුත් ඔහුට එය රාජකාරියක් විය.
ඔහු දේශපාලනඥයෙකු පමණක් නොවේ. ඔහු සොල්දාදුවෙකුගේ මනසක් ඇති පරිපාලකයෙකු, විනයගරුක සංවිධායකයෙකු, ශ්‍රී ලංකාවේ අඳුරුතම කාලවලදී නිර්භීත සටන්කරුවෙකු ද විය. ඒ සමඟම, ඔහුගේ අදහස් හා ක්‍රියාවන් පිළිබද මතකයද විවාදිතව, තවමත් සාකච්ඡාවට භාජනය වන තීරණ ගත් මිනිසෙක් විය ඔහු.
රන්ජන් විජේරත්න ජීවත් වූයේ නායකයින්ට ප්‍රවේශම් වීම සහ ධෛර්යය අතර තෝරා ගැනීමට සිදු වූ කාලයකයි.
ඔහු ධෛර්යය තෝරා ගත්තේය .
සමහර විට ප්‍රශංසා කරන ලද, සමහර විට ප්‍රශ්න කරන ලද, නමුත් සෑම විටම ස්ථිරව තම මතයේ සිටි අයෙකි ඔහු.
ඔහුව තේරුම් ගැනීමට නම්, අපි ඔහු දෙස සම්පූර්ණයෙන්ම සමබරතාවයෙන් බැලිය යුතුය.
ශ්‍රී ලංකාව බියෙන්, ප්‍රචණ්ඩත්වයෙන් සහ අවිනිශ්චිතතාවයෙන් ගිලී තිබුණි.
බෝම්බ, ඝාතන සහ ත්‍රස්ත ප්‍රහාර සුලභ විය. පසුදා අවදි වේදැයි සැකයෙන් මිනිසුන් නින්දට ගියේය.
මේ කාලය තුළ, රන්ජන් විජේරත්න ධෛර්යයේ කුළුණක් බවට පත් විය.
• ඔහු වසා දැමූ දොරවල් පිටුපස සැඟවී සිටියේ නැත.
• ඔහු කෙලින්ම ගියේ ඉදිරි පෙළට ය, එහිදී අනතුර ඉහළම විය.
• හරි හෝ වැරදි, ජාතික ආරක්ෂාවට අවශ්‍ය වන්නේ දුර්වල සම්මුති නොව නිර්භීත තීරණ බව ඔහු දැඩිව විශ්වාස කළේය.
සමහරු පැවසුවේ ඔහු ඕනෑවට වඩා දැඩි බවයි. ඔහුගේ ක්‍රම දැඩි බවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සුළු ඉඩක් ඉතිරි කළ යුතුව තිබූ බවත් ඔවුන් පවසති.
එහෙත් ඔහු තමාගේම විනිශ්චය මත දැඩි ලෙස විශ්වාසය තබා දැඩි පාලනයකට කටයුතු කලේය.
ඔහු සීමාවන් තල්ලු කර විරුද්ධවාදීන් අතර බිය ඇති කළ බව සත්‍යයකි. එසේම ඔහු තම පාර්ශවයටද අවිනිස්චිත බවක චකිතයක් ඇති කර තිබුනි.
නිල ඇඳුමක් නැති ජෙනරාල්වරයා.
ඔහු පෙරහන් නොමැතිව කතා කළේය.
ඔහු ප්‍රමාදයකින් තොරව ක්‍රියා කළේය.
ඔහු සාමාන්‍ය ඇඳුමක් ඇඳ සිටිමින්, සොල්දාදුවෙකු මෙන් තමාව පෙරට රැගෙන ගියේය.
ඔහු ඉක්මනින් තීරණ ගත්තේය.
ඔහු තමාටම දැඩි වූ අතර රටේ සාමයට තර්ජනයක් වූ අයට ද වඩා දැඩිව ක්‍රියාත්මක විය.
ඔහුගේ තීරණ වේගවත්, තියුණු සහ පැහැදිලි විය.
ඔහුගේ ආධාරකරුවන් පැවසුවේ ඔහු “දේවල් ඉටු කරන” නායකයෙකු බවයි.
සමහරුන්ට මතභේදාත්මක වීරයා.
සෑම ශක්තිමත් නායකයෙකුටම සෙවනැල්ලක් සමඟ ගමන් කළ හැකිය.
රන්ජන් විජේරත්න ද ඊට වෙනස් නොවේ.
සමහරු ඔහුට ඕනෑවට වඩා දැඩි යැයි චෝදනා කළහ.
එහෙත් ඔහුව විවේචනය කළ අය පවා එක දෙයකට එකඟ වූහ..,
ඔහු කිසි විටෙකත් බිය වූයේ නැති බව.
දෙපාර්ශවයක ත්‍රස්තවාදීන්ට බිය නොවුනු බව.
දේශපාලනයට බිය නොවුනු බව.
ඔහු ප්‍රතිවාදියාට මෙන්ම තමා ලග සිටින අයට ද බිය ගෙන ආවේය..
එසේම තර්ජනවලට බිය නොවිනි.
ප්‍රතිවිපාකවලට ද බිය නොවිනි.
බිය කිසිවිටකත් ඔහු තුළ ජීවත් වූයේ ම නැති බව කියැවේ.
ජාතියක් දැවෙන විට, ආරක්ෂා කරන එම ගින්නටම විවාදයක් ද ඇවිලවිය හැකිය. ශක්තිමත් නායකයින් ස්වභාවයෙන්ම දැඩි විවේචන ආකර්ෂණය කරනන්ය.
නිශ්ශබ්දතාවය බිඳුණු දිනය.
ඊට පසු සියල්ල වෙනස් කළ දිනය පැමිණියේය. භීෂනය ලැගුම්ගත් උදෑසනක පිපිරීමක්..කාගෙන් කුමන ලෙසක ආවද,
ජීවිතයක් අවසන් කළ සහ පුරාවෘත්තයක් ආරම්භ කළ එක් මොහොතක්.
දහස් ගණනින් ජනතාව රැස් වූහ. සමහරු කඳුළු සලමින්, සමහරු කම්පනයෙන්, සමහරු අවිශ්වාසයෙන්.
සහ සමහරු සතුටින් මෙන්ම ප්‍රිතීයෙන් ද සිටියෝය, ඔහු වපුරපු දේ නෙලා ගත් බව සමහර කිවේය.
ඔවුන් ඔහු සමඟ එකඟ වුවත් නැතත්, කලු හැදගත් භීෂනයේ කුණාටුව අතර හිටගෙන සිටි මිනිසෙකු අහිමි වූ බව නම් කා අතරත් කතාව වුනි.
ඔහුගේ මරණය හුදෙක් දේශපාලන ඝාතනයක් නොවේ. එය ඝාතනයක් නොවන්නේ ද නොවේ.
එහෙත් එය ධෛර්යයට මිලක් ඇති බව කාටත් මතක් කිරීමක් විය. හරි හෝ වැරදි වුවද, බොහෝ විට එය නිර්භීත අය විසින් ගෙවනු ලැබූ එකකි..
ඔහුගේ මරණය දේශපාලනඥයෙකුගේ අහිමි වීම පමණක් නොවේ.
ශක්තිමත් වුවද නොනැමෙන නායකයින් බොහෝ විට විශාලතම අනතුරුවලට මුහුණ දෙන බව එය මතක් කිරීමක් ද විය.
අප ඉගෙන ගත යුතු උරුමය.
අද, වසර ගණනාවකට පසුවත්, ඔහුගේ කතාව තවමත් මතයන් වියිධ දෙසට බෙදී යයි .
නමුත් එය අපට බලවත් දෙයක් උගන්වයි.
නායකත්වය පරිපූර්ණත්වය නොවේ.
නායකත්වය ජනප්‍රියත්වය ද නොවේ.
නායකත්වය යනු ඝෝෂාකාරී කතා හෝ දේශපාලන පොරොන්දු ද නොවේ.
අනෙක් සියල්ලන්ම පසුබසින විට අනතුරට යාමට ඇති කැමැත්ත නිර්භීත නායකත්වයයි. එය රංජන් විජේරත්නට තිබුනු බව ඔහුව ඝාතනය කර වසර ගනනකට පසුව වුවද අපට පිලිගැනීමට සිදුවෙයි.
මිනිසුන් ඔබව වරදවා වටහා ගන්නා විට පවා ජාතියක් ආරක්ෂා කිරීමට ඇති ධෛර්යය නායකත්වයයි.
සත්‍යවශයෙන්ම රන්ජන් විජේරත්න සාන්තුවරයෙකු නොවේ.
එසේම ඔහු සමහරුන්ට අනුව දුෂ්ටයෙකු ද නොවීය.
ඔහු මිනිසෙක් - ශක්තිමත්, නමුත් දෝෂ සහිත, අධිෂ්ඨානශීලී සහ අමතක නොවන ගනයේ මිනිසෙක්..
ධෛර්යය සහ මතභේද දෙකම එකම උරහිස මත දරාගත් මිනිසෙක්.

අවසාන අදහස

රන්ජන් විජේරත්න පරිපූර්ණ මිනිසෙක් නොවේ - එසේම කිසිම නායකයෙක් කිසිදා පරිපූර්ණ නොවේ.
නමුත් ඔහු භයානක කාලයක නැගී සිටි, ප්‍රශංසාව සහ දොස් දෙකම දරාගත්, අපගේ පරම්පරාව තේරුම් ගත යුතු පාඩම් ඉතිරි කළ මිනිසෙකි.
එවැනි නායකයින්ට ගෞරව කිරීම නොකිරීම සඳහා, ධෛර්යය මනුෂ්‍යත්වය සමඟ සමතුලිත වන සහ ශක්තිය ප්‍රඥාවෙන් මෙහෙයවනු ලබන අනාගතයක් අප ගොඩනඟා ගත යුතුය.
කෝපයෙන් නොව, අන්ධ ප්‍රශංසාවෙන් නොව, පරිණතභාවයෙන් - ඉතිහාසයේ සෑම පරිච්ඡේදයකින්ම ඉගෙන ගන්නා ජාතියක් බවට අපි වර්ධනය විය යුතුයි..
එසේම ඉන් අපි ඉගෙන ගන්නේ නම්, රන්ජන් විජේරත්නගේ කතාව ඉතිහාසය පමණක් නොවනු ඇත. එය අපගේ අනාගතයට ද මඟ පෙන්වීමක් ද වනු ඇති බවයි මගේ අදහස.

- සකුපෙරේරා

A day in the life

2025-11-16

පරසතු මලේ සේදිරිස් මතකද?



‘පරසතු මල්’ චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයින්ට එහි රඟපෑ බොනී මහත්තයා, කමලා, සිරිසේන, නෝනේ, අමාරිස් වගේම අමතක නොවන චරිතයකි සේදිරිස්. මැදි වියේ සිටි ඔහු ධනවත්, වංශවත්, වලව්කාරයකු වූ බොනී මහත්තයාගේ විශාල වතුයායක් බලා ගන්නා මුරකාරයා. බොනී මහත්තයා තකහනියේම සේදිරිස්ට එන්න පණිවිඩයක් එව්වේ මොකටද කියලා සේදිරිස්ට නම් විමතියකි.
බොනී මහත්තයා සේදිරිස්ට කතා කළේය.
‘සේදිරිස් මෙහෙ ආවොත්’
සේදිරිස් කාමරයට දිව්වේය.
‘ඉඳගම්මු පුටුවකින්’
‘නෑ නෑ රාළහාමි . . . . . . . . ඉඳ ගන්නේ නැහැ’
‘අද වාඩිවෙන්න ඕනෑ තේරුණාදැයි’ බොනී මහත්තයා කරුණාවෙන් කීවේය.
මැගී ලස්සනට සැරසී බුලත් හෙප්පුවක් ගෙනවිත් සේදිරිස් අතට දුන්නයා. ඔහු නැගිට එය පුදුමයෙන් ගත්තේය.
‘මැගී’ යි යළිත් බොනී මහත්තයා කතා කළේය.
‘සුරුට්ටු’ ඇය සේදිරිස්ව පුදුම කරවමින් වීදුරු බඳුනක ලූ සුරුට්ටු ගෙනවිත් දුන්නේය.
‘අනේ මේ මොනවටද, මං කුස්සිය දිහාට ගිහිල්ල තේ එකක් බොන්නම්’ යි සේදිරිස් හිරිකිතිය පෑවේය.
‘ඒක නොවෙයි සේදිරිස් එන්න කිව්වේ මේකටයි, ඔය වත්ත බලන කොට කසාද නොබදින එකත් පාඩුවක්’ යි බොනී මහත්තයා කතාවට මුල පිරුවේය.
සේදිරිස් තුෂ්නිම්භූත විය.
‘අනික තමන්ගේ කියල බස්තමක් හරි තියෙන්ඩ ඕනෑ මිනිහෙකුට. මාත් බඳිනව කවද හරි . . .’
‘රාළහාමි එහෙම දෙයක් ගැන මං හිතලවත් නෑ, වත්තෙ පොල් ගස් දිහා බැලුව මිසක’යි සේදිරිස් අවංකවම කියා සිටියේය.
‘දැන් කල්පනාවක් දානව බලන්න. මේ මැගී ගැන කොහොමද? එයා සේදිරිස්ට කැමතියි. මිනිහෙකුට සැප දෙන ගෑනියෙක්. මට කියන්න පුළුවන් ඒ ටික. ඒ වගේම තමුසෙට ඒක නම්බුවක්. මගේ කීම අහක දානවද සේදිරිස්’.
සේදිරිස් බිම බලාගෙන කාමරයෙන් පිට විය. මිදුලට බැස තණකොල සීමාව දක්වා ගොස් කට පුරවා ගෙන සිටි බුලත් විටෙන් නිදහස් විය. යළිත් කාමරයට ආවේය.
‘මහත්තයා මං ඒක කරනවා’
මීට වසර 52 කට ඉහත ‘පරසතු මල්’ චිත්‍රපටය නැරැඹූ වැඩිහිටි ප්‍රේක්ෂකයකුට මේ දර්ශනය නම් අමතක නොවනු ඇති. මහා පෞරුෂයකට, ආධිපත්‍යයකට හිමිකම් කී පුරුෂයකු වූ බොනී මහත්තයා තම ජීවිතයේ හුදකලා වූ ද අසරණ වූ ද මුල්ම අවස්ථාව මෙයයි.
සේදිරිස් ලෙස ‘පරසතු මල්’ චිත්‍රපටයේ රඟපෑවේ එතෙක් වේදිකා නාට්‍යය ලෝකයේ නමක් දිනූ කලාකරුවකු වූ ධර්මදාස කුරුප්පුය. ඔහුට ටවර් හෝල් යුගයේ ද අත්දැකීම් රැසක්ම මතකයේ තිබුණි. කුඩා කල සිටම ඔහු තමා දුටු මුල්ම නාට්‍යය ගැන මට විස්තර කර තිබුණේ මෙසේය. 70 දසකයේ කුරුප්පු මහතා හෙවත් එදා ‘කුරුප්පු අංකල්’ ද පසුව ‘කුරුප්පු මහත්තයා’ නමින් ද ආදරයෙන් ඇමතූ ඔහු වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම කාරුණික, හිත හොඳ මිනිසෙකි. යහපත් මිනිසෙකි. කුණු බින්දුවක් නැති සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී ලේක්හවුසියේ සරසවිය කර්තෘ මණ්ඩලයට එන ඔහුට විශේෂ ගෞරවයක් තිබුණි. එයට හේතු වූයේ ඔහු පැරැණි නාට්‍ය කලාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති වැඩිහිටි කලාකරුවකු වීමය. ඔහු පැලඳ සිටි ධර්ම චක්‍රය මට කිසිදා අමතක නොවේ.
‘මම හාපුරා කියලා නාට්‍යයක් දැක්කේ 1927 වසරේ මීගමුවේ නාට්‍ය ශාලාවක වේදිකා ගත කළ ‘බැලසන්ත හෙවත් ‘ඔරිසෙන් පාලෙන්තෙන්’ කියන නාට්‍යය. මට එතකොට වයස අවුරුදු 8 ක් විතර ඇති.’ දිනක් කුරුප්පු මහතා කතාව පටන් ගත්තේය.
‘බැලසන්ත නාට්‍යයේ මගේ වීරයා වූයේ එහි ප්‍රධාන චරිතය බැලසන්ත කුමාරි ලෙස රඟපෑ සී. බෙන්ජමින් ප්‍රනාන්දු. ඒ කාලේ ගැහැනු චරිත රඟපෑවේ පිරිමි. ඒ නාට්‍යයේ සිට බැලසන්ත කුමාරි, වැළහින්න, පාලෙන්තෙන් කුමරු ආදී චරිත මට යාන්තමට මතකයි. එදා මම නාට්‍ය බැලුවේ නාට්‍ය කලාවට ඇති ආදරය නිසා නොවෙයි. පොඩි කාලේ පුංචි කොලුවෙකු තුළ තිබුණ බොළඳ ආසාවට හා විනෝදයට. නාට්‍යවල රඟපෑමට මා තුළ ආශාව දියුණු වුණා. හැබැයි නාට්‍ය බැලීමට දෙමාපියන්ගේ අවසරය නම් ලැබුණේ නෑ. රාත්‍රී කෑමෙන් පසු දෙමාපියන් නිදා ගත් පසු ඇඳේ කොට්ටෙට රෙදි පොරවා හොරෙන් යාළුවන් එක්ක බයිසිකල්වල නැඟී දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, ඌරාපොළ ආදී ප්‍රදේශවලට ගොස් නාට්‍යය බලා පාන්දර තුනට පමණ ගෙදර විත් නිදා ගත් හැටි මම අද සිහි කරන්නේ සතුටින්.’
කුරුප්පුගේ ප්‍රියතම නළු නිළියන් වූයේ රොම්ලස් ද සිල්වා, ලක්ෂ්මී බායි, ටී. පී. අල්මේදා, ඩබ්ලිව්. සිල්වෙස්ටර්, ඇනී බොතේජු, ටී. ඩී. ඇඩ්වින් පෙරේරා, ඩී. සී. සේනානායක ආදීන්ය.
1919 පෙබරවාරි 06 වැනිදා වේයන්ගොඩ උපත ලැබූ ධර්මදාස කුරුප්පු කුරිකොටුව සිංහල පාසල, ශාන්ත මේරි විද්‍යාලවල ඉගෙනීම ලබා නාට්‍ය කලාවට එක් වූයේ 1952 වසරේදීය.
‘ඒ කාලයේ තැපැල් හා විදුලි සන්දේශ කටයුතු භාර ඇමතිවරයා වූ එන්. එච්. කීර්තිරත්න මහතාගේ පුද්ගලික ලිපිකරු මමයි. කීර්තිරත්න මහතා කෑගල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දවසක් මම කාර්යාලයේදී පත්තරයක් බලමින් හිටියා. මැති ඇමතිවරුනුත් සිරිසඟබෝ නාටකයේ රඟපාන බව කියවෙන ප්‍රවෘත්තියක් පත්තරේ පළ වෙලා තිබුණා. ටික වේලාවකට පස්සේ කීර්තිරත්න මහතා මම ඉන්න තැනට ආවා.
‘සර්, මැති ඇමතිවරුන් නාට්‍යවල රඟපානවා කියලා පත්තරේ දාල තියෙන්නේ’ මම කිව්වා.
‘හොඳයි, තමුසෙට රඟපාන්න ඕනෑ නම් එනවා මාත් එක්ක’ උන්නැහෙ කිව්වා.
උන්නැහේ මාව එවකට අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ ටී. ඩී. ජයසූරිය මහතා ළඟට එක්ක ගියා. ‘සිරිසඟබෝ’ නාට්‍යය කරන කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා මහතා ජයසූරිය මහතාගේ ගජ යාළුවා. ජයසූරිය මහතාගේ හඳුන්වාදීමෙන් තමයි මම ‘සිරිසඟබෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම සහභාගි වුණේ රජ සභාවේ සමූහ ගායනා කිරීමටය. එතකොට මම දරු දෙන්නෙකුගේ පියෙක්. මගේ බිරියගේ සහාය නිසා මට රඟපාන්න පුළුවන් වුණා. මම වේදිකාවේ පේවිලා. මොකද වස් දොස් වදියි කියලා. ආර්. ජෝන් පෙරේරාගේ ‘සේනක’ නාට්‍යයේ සක් දෙව් රජුගේ චරිතය රඟපෑවේ. මම රඟපානවා දැකලා කාන්තාවන් පිරිසක් මෙහෙම කිව්වා.
‘බලන්නකෝ ධර්මදාස අයියා රන් රූපයක් වගේ නේද, මෙහෙම රඟපාන්න ගොඩන් පින් කරන්න ඕනෑ නේ’ කියලා.
මට වස් වැදුණා. මට ඉක්මනට දෙහි ටිකක් කප්පවා ගන්න කියලා යාළුවෙක් කිව්වා. ඊට පස්සේ ඉඳලා ටවර් ශාලාව ඉදිරිපිට තියෙන අභයසිංහාරාමයට ගිහින් බදුන් වැඳලා, දෙවියන්ට පින් දීලා තමයි රඟපෑවේ’ කුරුප්පු කලාකරුවා මට කීවේය.
ජේ. ඒ. ඩී. පෙරේරාගේ වෙස්සන්තර, හරිශ්චන්ද්‍ර, ශ්‍රී වික්‍රම, ඉලංගරත්නගේ ‘හඳහන’ නාට්‍යවල රඟපෑ ඔහු හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාව, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ හොට බරි යුද්දේ, තහංචි, ෂෙල්්ටන් ප්‍රේමරත්නගේ ‘ඩුං ඩුං බෙරේ’ නාට්‍යවල වේදිකා පරිපාලනය කරමින් චරිත ද රඟපෑවේය. 1970 වසරේ මා සරසවිය පත්‍රයේදී හඳුනාගන්නා විට කුරුප්පු මහත්තයා සිංහල නාට්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට නාඩගම් යුගයත්, නූර්ති යුගයත්, ටවර් යුගයත්, නූතන යුගයත් එක් කරන අපූරු සන්දර්ශයක් සංවිධානය කොට තිබුණි. එකල ඒ ඒ යුගයට අයත් ජීවතුන් අතර සිටි නළු නිළියන් හැකිතාක් සම්බන්ධ කරගත් අතර ඒ අසීරු කාර්යයට ඇප කැප වී කටයුතු කළ බව මම දනිමි. ඔහුගේ මේ අප්‍රතිහත ධෛර්යට අපි හැකි උපරිම සහාය සරසවිය පත්‍රයෙන් දුනිමු.
එකල කුරුප්පු මහතා තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවකු ලෙස කටයුතු කළ අතර කොතරම් කලා කටයුතුවල යෙදුණත් රාජකාරිය දේව කාරියක් ලෙස ඉටු කළේය. කුරුප්පු මුලදී සිනමාවට එක්වන්නේ නළුවකු වශයෙන් නොවේ.
‘මගේ හොඳම මිත්‍රයා හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න. එයා හොඳ කවියෙක්. ඒ වගේම හොඳ ඉස්කෝලේ මහත්තයෙක්. ලස්සන කතා ලියන ලේඛකයෙක්. ගුවන් විදුලිය ඔහු ලියපු ‘කුරුලු බැද්ද’ ගුවන් විදුලි නාට්‍යය ශ්‍රාවකයන් කුතුහලයෙන් ඇහැව්වේ. පී. කේ. ඩී. ඒ කතාව සිනමාවට නඟන කොට නිෂ්පාදන අංශයට මාව සම්බන්ධ කර ගත්තට චරිතයක් රඟපාන්න දුන්නේ නැහැ. ඊට පස්සේ පී කේ. ඩී. ලිව්ව ‘සිකුරු තරුව‘ හා ‘පරසතු මල්’ චිත්‍රපටවලත් මම නිෂ්පාදන අංශයේ වැඩ කළේ’ කුරුප්පු කිවේය.
පරසතු මල් චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය ධර්මදාස කුරුප්පු ගැන කියන්නේ මේ කතාවය.
‘ධර්මදාස කුරුප්පු මගේ නෑයෙක්. මම පදිංචිව හිටියේ ගම්පහ. කුරුප්පු වේයන්ගොඩ. පී. කේ. ඩී. හිටියේ පල්ලෙවෙල. මම චිත්‍රපටයකට කතාවක් හොයන බව දවසක් මම කුරුප්පුට කිව්වා.
‘ඕකට හොඳම මිනිහා පී. කේ. ඩී. මිනිහා අපූරු කතාකාරයා. අපි යමු මිනිහා හම්බවෙන්න’ කුරුප්පු මට කිව්වා.
එතකොට පී. කේ. ඩී. හිටියේ පල්ලෙවෙල. අපි එහෙ ගියා. ඔහු හිටියේ වෙලක් ගාව, සරම කැහැපට ගහගෙන. එයා නියර දිගේ ඇවිදගෙන එනවා.
‘ධර්මෙ, උඹ මේ කෙහේද යන්නේ’ පී. කේ. ඩී. කුරුප්පුගෙන් ඇහැව්වා. මාවත් ඔහු අඳුන්වලා දුන්නා.
‘මට සති දෙකක් කල් දියන්, කතාවක් ලියලා දෙන්නම්’ පී. කේ. ඩී. කිව්වා.
‘පරසතු මල්’ කතාව උපන්නේ එහෙම’
චිත්‍රා අතීත කතාව කිව්වා.
චිත්‍රා කියන්නේ ඩඩ්ලි සේනානායක මහතාට සිංහල ඉගැන්නුුවේ පී. කේ. ඩී. බවය. ඒ කාලේ පී. කේ. ඩී. සමඟ ඩඩ්ලි සේනානායක මහතා පදිංචිව සිටි මීරිගම බෝතලේ වලව්වට කුරුප්පු මහතා ද ගොස් ඇත. මීරිගම මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සේනානායක මහතාත් පී. කේ. ඩී. ගේ ඇසුරට කුරුප්පු ද සම්බන්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස අමරතුංග මහතා කුරුලු බැද්ද හා සිකුරු තරුව නිෂ්පාදනය කර ඇත්තේ. ‘පරසතු මල්’ චිත්‍රපයට ගම්පහ අග්‍රා නිවස (බොනී මහත්තයාගේ නිවස) එහි අයිතිකරු දානපති ජී. ඩී. කරුණාරත්න මහතාගෙන් ලබා ගැනීමට උපකාර කර ඇත්තේ ද ඩඩ්ලි සේනානායක මහතා බව කියන චිත්‍රා බාලසූරිය ඒ සඳහා පී. කේ. ඩී. හා කුරුප්පු ගෙන් වූ සේවය ඉමහත් බව පවසයි.
‘කුරුප්පු ධනවතෙක් නොවෙයි. යහපත් මනුෂ්‍යයෙක්. ඔහු හදවතින් පොහොසත් . සැමට උපකාර කළ සත්ගුණවත් පුද්ගලයෙක්. පරසතු මල්වල සේදිරිස්ගේ චරිතයට ගාමිණී ෆොන්සේකා තෝරා ගන්නා විට මමත් ඔහුට අනුබල දුන්නා. මේ ඇත්තටම මගේම යෝජනාවක්. අද කුරුප්පු අප අතරින් වෙන් වුණාට ඔහුගේ මානව දයාව, කළගුණ සැලකීම ඔහුගේ පුත්‍ර රංජිත් කුරුප්පුටත් (සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ හා චිත්‍රපට තිර නාටක රචක) නොඅඩුව තියෙනවා.’
චිත්‍රා බාලසූරිය නිෂ්පාදනය කළ මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුං මං හන්දිය’ චිත්‍රපටයේ කුරුප්පුු සේතන්ගේ චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රම හා ස්වර්ණා මල්ලවාරච්චි සමඟය. රන්සළු, වෙස් ගත්තෝ, මාතර ආච්චි, තිලක හා තිලකා, ශ්‍රී මදාරා, අරුණට පෙර, සෙයිලම චිත්‍රපටවල ඔහු රඟපෑ චිත්‍රපට චරිත විශේෂය. ගොළු හදවත, චණ්ඩියා, තෙවත, පූජිතයෝ, රන් ඔන්චිල්ලා, සිහින ලොවක්, කල්‍යාණි ගංගා, පෙම්බර මධු, වදුල, චූඩා මාණික්‍යය, සිල්වා, විසි හතර පැය, ඇර සොයිසා, ප්‍රාර්ථනා, මංගල තෑග්ග, අංගුලිමාල, කෙළිමඬල, රජ කෙල්ලෝ, පවන රළු විය, අරගලය, යුවතිපති, බව දුක, පොරොන්දුව චිත්‍රපටවල රඟපෑ ඔහු ‘කපුටු කාක්’ වාර්තා චිත්‍රපටයෙත්, ලෝක පූජිත අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ගේ චිත්‍රපටයකද රඟපෑවේය.
චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඔහු තම පුත් රංජිත් කුරුප්පු අධ්‍යක්ෂණය කළ ‘පවන රළු විය’ චිත්‍රපටයට එච්. ඩී. ප්‍රේමසිරි සමඟ සමඟ නිෂ්පාදනයට හවුල් විය. රංජිත් දැනට ජර්මනියේ පදිංචිව සිටින අතර ඔහු දක්ෂ පරිවර්තන ලේඛකයෙකි. මරණයේ දොරටුව, හිට්ලර්ගේ අවසානය, යුද්ධයේ අතුරු කතාවක්, කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ, ගිමැද සක්මන, ගිම්හානයේ ගීතය, සාතන්ගේ දියණියෝ, දෑත යොමා අහස දෙස, ප්‍රේම සදෑවෝ මේ පරිවර්තන කෘතියි. මෙරට පරිවර්තන සාහිත්‍යයේ ඉහළම වර්තාගත අලෙවියක් සටහන් කර ඇත්තේ ඔහු විසින් පරිවර්තිත ‘කාන්තාරයේ කුසුම’ හා කොටස් පහකින් දැනට නිකුත් කොට ඇති ‘ප්‍රේම සැදෑවෝ’ නවකතාය. කුරුප්පු මහතාගේ දියණියක් වූ පද්මා මාලිනී කුරුප්පු ප්‍රංශයේ පදිංචිව සිටින අතර ඇය ද නවකතා කතුවරියක් මෙන්ම කිවිඳියක් ද වන්නීය.
නිතර ධර්ම චක්‍රයකින් සැරසී සිටි ධර්මදාස කුරුප්පු නම් මේ යහපත් මනුෂ්‍යයාගේ ආගමික ජීවිතය ද අගය කළ යුතුය . හවසට පැයක් පමණ බුදුන් වඳින ඔහු තම ජීවිතයට අත හිත දුන් සත් පුරුෂයන්ගේ නම් කියමින් පින් අනුමෝදන් කරයි. එම ලේඛනය දිග එකකි. මට මතක හැටියට ඒ ලේඛනයේ ජේ. ඩී. ඒ. පෙරේරා, පී. කේ. ඩී. සෙනෙවිරත්න, ඩඩ්ලි සේනානායක, ගාමිණී ෆොන්සේකා, ජෝන් අමරතුංගගේ නම් තිබුණා මට මතකය.
මේ යහපත් මනුෂ්‍යයා, උතුම් කලාකරුවා 1998 මාර්තු 19 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

ඩී රන්ජිත් කුමාර මහතා විසින් සරසවිය පුවත්පතට ලියු ලිපියකී
උපුටා ගැනිම
සිනමා රූ සේයා
Ranjith Kuruppu

A day in the life

2025-11-13

ඉල් මහ සමරුව - රෝහණ විජේවීර






1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත් කළේය. නමුත් මරණය සිදු වූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි.

1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ.

ශ්‍රී ලංකාවේ දකුණු දිග පිහිටි කුඩා ගම්මානයක් වන කෝට්ටෙගොඩ විසූ දිළිඳු පවුලක උපන් ඔහුගේ ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර සහ මව නැසිනෝනා වික්‍රම කළතොට නම් වූහ.

"ඔහු පොහොසත් කෙනෙකු හෝ උසස් යැයි සැලකෙන කුලයකට අයත් අයෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් දුප්පත්, සාමාන්‍යය මිනිස්සු," යැයි කලෙක විජේවීරගේ සමීප මිතුරෙකු වූ වික්ටර් අයිවන් ඔහුගේ මරණින් පසු ලියූ ලිපියක සඳහන් වේ.

ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.

1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය.

වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.

ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.

"රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ මාතර ගමක ඉතා දුප්පත් පවුලක උපත ලැබූ පුද්ගලයෙක්. ඔහු සිය අරමුණ වෙනුවෙන් දැඩි ලෙස කැපවුණ, දැඩි අධිෂ්ඨානයක් තිබූ කෙනෙක්. ලුලුම්බා විශ්වවිද්‍යාලයට ලැබුණු ශිෂ්‍යත්වයත් සමග වෛද්‍යවරයෙකු වෙන්න ඉගෙන ගත්තත්, එය හැර දමා සමාජය වෙනුවෙන් කැපවෙන්න ඔහු තීරණය කළා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මත ගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට පිවිසෙමින් තිබිණි. රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී සමාජවාදී ක්‍රමයකට අනුගත වෙමින් පැවතුණි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්විය.

නමුත් පසු කලක එය රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස බෙදී ගියේය.

වාමාංශික දේශපාලනයට නැඹුරු වූ විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළේය.

රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර චීන කොමියුනිස්ට් පිළෙහි දේශපාලනයට සම්බන්ධ වූයේය. මේ අතර, ශ්‍රී ලංකාවේ පැවති රුසියානු හිතවාදී වාමාංශික දේශපාලනය ද ඔහු දැඩි ලෙස විවේචනය කරන්නට විය.

නිවාඩුව අවසන් වී නැවත රුසියාව බලා පිටත් වීමට සැරසෙන විජේවීරගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය ක්‍රියා කළේය. මෙතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහය දැක්වූ විජේවීර, මෙයින් පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය.

කෙසේනමුත්, වැඩි කල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියා කලාපය හේතුවෙන් කලකිරුණු විජේවීර, එය තුළ 'ප්‍රති කණ්ඩායමක්' ගොඩනැගීමට කටයුතු කළේය. මෙම කණ්ඩායම පසු කලක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය විය.

කැරලි ගැසුණු දිගු කොණ්ඩය සහ හිස පැළඳි තරු ලකුණ ඇති තොප්පිය නිසා ඔහු කියුබානු විප්ලවයේ 'වීරයෙකු' ලෙස සලකන චේ ගුවේරා අනුගාමිකයෙකු යැයි බොහෝ දෙනෙක් සිතූහ.

සමහරු මෙම විප්ලවාදීන් හැඳින්වූයේ "චේ ගුවේරාකාරයෝ," ලෙසය.
ක්‍රියාකාරී දේශපාලනය සහ 'විප්ලවය'

1965 වර්ෂයේ දී ගාල්ලේ පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි. පැරණි වාමාංශික පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ, සමගි රජය සමග එක් වීම මෙම නව පක්ෂය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව විය.

'ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම' මෙම පක්ෂයේ අරමුණ විය.

"ධනපති ක්‍රමය තිබෙන තාක් කල්, ධනේශ්වර සූරාකෑම තිබෙන තාක් කල්, ධනේශ්වර පාලන පංතීන් තිබෙන තාක් කල්, ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණු ඇත. කළ හැකි සෑම සටකපට උපක්‍රමයක්ම යොදනු ඇත" ලෙස රෝහණ විජේවීර රචනා කළ 'අත්දැකීම් කිහිපයක්' නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

විජේවීර ඇතුළු තරුණ කණ්ඩායම් මෙම දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා රට පුරා රැස්වීම පැවැත් වූ අතර, ඔහු දක්ෂ කථිකයෙකු ලෙස ප්‍රචලිත විය.

"ඔහු ඉතා ජනකාන්ත, බලවත් කථිකයෙක්. සටහන් නැතුව ඔහුට පැය තුනක් හෝ හතරක් එක දිගට කතා කරන්න පුළුවන්" යැයි විජේවීරගේ නීතීඥවරයෙකුව සිටි පී. රාජනායගම් මින් වසර කීපයකට පෙර බීබීසී සේවයේ පළ වූ ලිපියකට සිය අදහස් දක්වමින් පැවසීය.

1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ආරම්භ කෙරිණි. විප්ලවවාදී කණ්ඩායම්වලට අයත් තරුණයන් සෙවීමට 'චේගුවේරා බියුරෝව' නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිටිටුවීමට ද ආණ්ඩුව පියවර ගත්තේය. ‌

එම වසරේ අගෝස්තු වන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලා සිටි අතර, හදිසි නීතිය පැනවීමට ක්‍රියා කරන ලදී.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සඳහා රහසේ ආයුධ එක්රැස් කරන බව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබිණි.

1971 මාර්තු මස රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, පසුව යාපනය බන්ධනාගාරයට මාරු කර යැවිණි.

කෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණේ පොඩි අතුල ලෙස හැදින්වූ වික්ටර් අයිවන් ඇතුළු සෙසු නායකයන් '71 කැරැල්ල' ආරම්භ කර ඒ තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සැලසුම් කළහ.

මේ අනුව, 1971 අප්‍රේල් 05 වෙනි දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එකම වේලාවක දී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේ දී පහර දීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම වෙනස්වීම මොනරාගල දිස්ත්‍රික්කයට දැනුම් දීමට අසමත් විය.

මේ හේතුවෙන්, අප්‍රේල් 05 අලුයම වැල්ලවාය පොලිසියට පහරදීම සිදු විය. මෙම ආරම්භයත් සමග ජනතා විමුක්ති පෙරමුණ සගයන් පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පහර එල්ල කළ අතර සමහර ගොඩනැගිලිවලට දැඩි හානි සිදු විය.

නමුත්, සැලසුම්කරණයේ දී සිදු වූ වැරදි හේතුවෙන් කැරැල්ල අසාර්ථක විය. මෙයින් පසු, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දහස් ගණනක් තරුණ තරුණියන් එවක පැවති ආණ්ඩුව විසින් ඝාතනය කළ අතර, තවත් විශාල පිරිසක් සිරගත කෙරිණි.

කැරැල්ලට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින්1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය.

එවක රාජ්‍ය නායිකාව වූ මහ රැජිනට විරුද්ධව වීම, ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවල යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු විජේවීර ඇතුළු පක්ෂ කැරැල්ලට සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයන්ට එල්ල වූ චෝදනා ය.

මෙහි එක් සැකකරුවෙකු වූ විජේවීර සිය නඩුව සඳහා නීතිඥයෙකුගේ ලබා නොගෙන තනිව ඉදිරිපත් වූයේය. නඩු විභාගයේ දී සැකකරුවන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක්‌ අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස්‌ කෙරුණු අතර තවත් හාරසියයකට ආසන්න පිරිසකට සිරදඬුවම් නියම කරන ලදී.

රෝහණ විජේවීර ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම විය.

කෙසේවෙතත්, විජේවීර බන්ධනාගාරයේ සිට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කළේය.
කැරැල්ල අසාර්ථක වුණේ ඇයි?

1971 සහ 1989 කැරැල්ල අසාර්ථක වීමට හේතු ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් විජිත හේරත් පැවසුවේ, "ඒ වසර දෙක තුළ ම සන්නද්ධ අරගලයකට යෑමට සුදුසු තත්වයක් තිබුණේ නැහැ. ආණ්ඩුවෙන් දැඩි මර්දනකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ වගේ වෙලාවක සන්නද්ධ කැරැල්ලකට ඉඩක් ලැබෙන්නේ නැහැ," යනුවෙනි.
විජේවීර නිදහස්

1976 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය එතෙක් ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබූ තහනම ඉවත් කළේය. ඒ අනුව පක්ෂය නීත්‍යානුකූල විය.

ඉන්පසු 1977 දී ජේ ආර් ජයවර්ධන රජය බලයට පත් වීමත් සමග අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කළ අතර, ඒ යටතේ සිරදඬුවම් නියම වූ රෝහණ විජේවීර ඇතුළු සියල්ලන් නිදහස්‌ වූහ.

යුග දිවියට

1980 මාර්තු මස රෝහණ විජේවීර මොරටුව විල්ලෝරාවත්තේ පදිංචිව සිටි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග යුග දිවියට එළබුණි.

සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ශ්‍රීමතී චිත්‍රාංගනී මෙම විවාහයට අකමැතිව සිටියත්, සිය සහෝදරයා වන චන්ද්‍රා ප්‍රනාන්දුගේ දැඩි බලකිරීම මත කැමැත්ත ලබා දුන් බව ඇය සඳහන් කර තිබේ.

විල්ලෝරාවත්තේ පිහිටි ශ්‍රීමති චිත්‍රාංගනීගේ නිවසේ දී විවාහ උත්සවය පැවැත්වුණි.

මෙම යුවලට දරුවන් සය දෙනෙකු සිටි අතර, විජේවීර ඉතා දයාබර පියෙකු වූ බව ශ්‍රීමති චිත්‍රාංගනී වරෙක පැවසුවාය.



විජේවීර ජනාධිපතිවරණයට

1981 දී පැවති දිස්ත්‍රික් සභා ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් විය.

ඡන්දය වෙනුවෙන් රට වටා පැවති රැස්වීම් ගණනාවකින් පසු සිය නියෝජිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික් සභාවට පත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 වර්ෂයේදී ය.

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.

මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය.

"ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා" යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි.
නැවත තහනම් වූ ජවිපෙ

1983 ඇති වූ කළු ජූලියත් සමග අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය යන වාමාංශික පක්ෂ තහනම් කළ බව ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් ආයුධ ලබා ගන්නා බවට චෝදනා ලැබ තිබිණි.

කෙසේනමුත්, විජේවීර පසු කලක දී සිය පොත් පත් මගින් එල්ටීටීඊ සංවිධානය විවේචනය කර තිබෙනු දක්නට හැකිය.

උතුරේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත් වීමත් සමග දෙමළ විරෝධී ජාතීවාදී පිරිස් රට පුරා කලබල ඇති කළහ. මෙහි දී දේපළ හානි සිදුවූ අතර, විශාල පිරිසක් මරණයට පත් වූහ. කළු ජූලියට සම්බන්ධ යැයි චෝදනා නගමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ තහනම් කළේය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට යන වග සැල වූ වහාම රෝහණ විජේවීර සිය බිරිඳ සහ දරුවන් සමග මොරටුවේ නිවස හැරදමා තංගල්ල බලා පිටත් විය.

එහිදී චිත්‍රාංගනී සහ දරුවන් විජේවීරගේ මවට බාර කර එම නිවසින් පිට වී වෙනත් ආරක්‍ෂිත ස්ථානයක සැඟවීමට පිටත් වී තිබේ.

දෙමසකට ආසන්න කාලයක දී කොම්යුනිස්ට් පක්ෂය තහනමෙන් මිදුනත්, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි තහනම දිගටම ක්‍රියාත්මක විය.

ඒ අතර ආණ්ඩුවට භාර වන ලෙස කෙරුණු ඉල්ලීම් ඉවත ලූ විජේවීර සැඟවී සිට සිය සගයන් ද සමග යටි බිම් ගත දේශපාලන කටයුතුවල නියැලිණි.
1987 - 1989 සන්නද්ධ අරගල

1987 දී එළැඹුණු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම දේශපාලනික පියවරට විරුද්ධව ජනතාව නැගී සිටීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ ද සිය අරගල කිරීම් ආරම්භ කළේය. විජේවීර ඇතුළු සාමාජිකයන් පිරිසක් රට පුරා විවිධ ස්ථානවල සැඟවී සිය සැලසුම් ක්‍රියාත්මක කළහ.

මෙය සන්නද්ධ අරගලයක් වූ අතර, එවක සිදුවූ දෙපළ හානි මෙන්ම මනුෂ්‍ය ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට විමුක්ති පෙරමුණ ද වගකිව යුතු විය.

මේ අතර එවක පැවති ආණ්ඩුව ද දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි සැක කළ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය කෙරුණු අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වූහ.

මෙම කාලය තුළ රටපුරා වීදිවල ටයර් සෑ මත තරුණ මළසිරුරු පිළිස්සෙමින් තිබූ අතර ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.
විජේවීර ඝාතනය

මේ අතර, 1989 වසරේ උලපනේ ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අත්තනායක නම් ව්‍යාජ නමකින් සැඟවී සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට රජයට හැකිවිණි. එම අවස්ථාවේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටි රෝහණ විජේවීර අවසාන වශයෙන් ඉල්ලා ඇත්තේ සිය දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන ලෙස බව ශ්‍රීමති චිත්‍රාංගනී පසුව හෙළි කර තිබිණි.

අදටත් අභිරහසක්ව පවතින මෙම මරණය සිදු වූ ආකාරය ගැන සමාජයේ මත දෙකක් පවතී.

විජේවීර බේරා ගැනීමට දැරූ උත්සාහයක දී පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවක දී ඔහුට වෙඩිවැදී මියගිය බව ඉන් එක් මතයකි. නමුත් වඩාත් ප්‍රසිද්ධ මතය නම්, ඔහු අත්අඩංගුවට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කර, වධහිංසා පමුණුවා, බොරැල්ල කනත්තේ දී වෙඩි තබා මියයන තෙක් පුළුස්සා දැමූ බවය.

"මට මරණය ගැන දැනගන්න ලැබුණා. එය ඇත්තෙන්ම බලාපොරොත්තු නොවූ දෙයක් නොවෙයි. එය කෙදිනක හෝ පැමිණෙනවා කියලා මම දැනගෙන හිටියා" යැයි එකල විජේවීරගේ මිතුරෙකු වූ නීතීඥ ප්‍රින්ස් ගුණසේකර වසර කීපයකට පෙර බීබීසී ඉතිහාස වැඩසටහනක දී පවසා තිබිණි.

"මේ අරගලයට හේතුව ජනාධිපති රටේ ආරක්ෂක අංශවලට දන්වා තිබුණා විප්ලවකාරීන් මරා දමන්න කියලා. එයින් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට ඇදලා දැම්මා."

"ජවිපෙට සම්බන්ධ යැයි සැක කළ තරුණයන් අත්අඩංගුවට ගත්තා, හිස ගසා දමලා ඒ හිස් කණුවල එල්ලලා තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන වැව වටේ ඒ කණු හිටවල තියෙනවා මම දැකලා තියෙනවා. ඒ අයට ඕනේ වුණේ අරගලයට සම්බන්ධ අයට වෙන දේ ගැන පණිවිඩයක් දෙන්න," ප්‍රින්ස් ගුණසේකර තවදුරත් සඳහන් කර තිබිණි.

1971 පළමු කැරැල්ලේ ප්‍රමුඛයකු වූ වික්ටර් අයිවන් 2014 වර්ෂයේ දී බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ, හිංසාවේ විකෘති චක්‍රයෙන් මිදී රට ප්‍රකෘති තත්වයකට ගෙන ඒමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමාජය තවමත් අසමත් වී ඇති බවය.

විජේවීරගේ මරණින් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් සය දෙනා නාවික හමුදා කඳවුරක රඳවා තැබිණි.

මිය යන විට 46 වෙනි වියේ පසු වූ විජේවීරගේ දිවි ගමන එසේ අවසන් වුවත්, ඔහු නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනය තුළ තෙවන ප්‍රධාන පක්ෂය ලෙස දිගු ගමනක් පැමිණ තිබේ.

1971 සිට 1989 අවසානය දක්වා අතරින් පතර සිදු වූ මෙම අරගලවලින් 70,000කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇත.



2025-11-01

මරාදැමූ තේ වගාවේ පියා.

.
මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනා
මගේ පියා හොද ගොවියෙක් ඔහු තමා මට අලස නොවී මහන්සිවී වැඩකිරීම සහ විනයක් ඇතිව වැඩකිරීම මට පුරුදු පුහුණු කලේ
අපේ දුප්පත්කම නිසා වෙන්න ඇති මම ලැබුවේ මූලික අධ්‍යාපනයක් විතරයි උසස් අධ්‍යාපනයක් මට ලබන්න බැරි උනත් මම හොද මහන්සිවී වැඩකරන්නෙක් බවට පත්වුනා.
"ඉතිං කොහොමද ඔබ ලංකාවට ආවෙ"
මට මතක විදිහට ඒ 1852 අව්රුද්ද සිලෝන් යටත්විජිත ආංඩුව සහ වැවිලි සමාගම් හොද ශක්තිමත් තරුණ සේවකයින්ව සොයමින් හිටියා ලංකාවේ කෝපි වතු පරිපාලනය කිරීම සදහා මමත් ඕකට ඉල්ලුම් කලා ඉතින් සම්මුඛ පරීක්ශනවලින් අනතුරුව මාව තෝරාගත්තා එතකොට මම වයස දාසයක ශක්තිමත් තරුණයෙක්
එතකොටත් මට වගාව ගැන හොද දැනුමක් තිබුනා
මම ලංකාවට එනකොට මට වයස දාහතක් ලූල්කඳුර වතුයායට තමයි මම ආවෙ එතකොට ඒක අයිතිවෙලා තිබ්බෙ බ්‍රිතාන්‍යට අයිති කෝපි වගාකරන කොම්පැනියකට
මම රැකියාව පටන්ගත්තේ සහකාර වතු අධිකාරීවරයා වශයෙන් ටික කාලයක් යනකොට මගේ වගාව පිලිබද දැනුම කැපවීම සහ අවංකභාවය නිසා මගේ කරමත ටිකින් ටික ගොඩාක් වගකීම් පැවරෙන්න ගත්තා
මම ලූල්කඳුරට ආවට පස්සෙ මේ ප්‍රදේශය එක්ක මම ආත්මීයව බැඳුනා ඇත්තටම මෙච්චර ලස්සන රටක් මම සිහිනෙකින්වත් දැකල තිබ්බෙ නෑ ඔය මගේ ගේ කෑල්ල තිබ්බ තැන පිටිපස්සෙ තියන ගල් පර්වතය උඩට නැග්ගම පේන දර්ශනයම ඇති මේ රටේ නවතින්න.
"ඉතිං ඊටපස්සෙ මොකද උනේ ටේලර් මහත්මයා"
1860 දී දිලීර රෝගයක් නිසා ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන්ම විනාශවෙලා ගියා
ගොඩාක් කෝපි වතුහිමියෝ විශාල පාඩු ලබමින් බංකොලොත් භාවයටත් පත්වුනා සෑහෙන වැවිලිකරුවන් පිරිසක් කෝපිවතු අතඇරල ආපහු ලන්ඩනයට ගියා
මට මේ රටදාල යන්න හිතුනෙ නෑ මේක තමයි මගේ රට ඉතිං මම තනියම උත්සාහකලා කෝපි වෙනුවට වෙනත් වැවිල්ලක් ආදේශ කරන්න පුලුවන්ද කියල මගෙ ඔළුවට ආවෙ තේ
"ඉතින් වැවිලි සමාගමේ නිලධාරීන් ඒකට ඔබතුමාට සහයෝගය දුන්නද"
ඔවුන් මට පර්‍යේශනය සදහා වතුයාය පාවිච්චිකරන්න ඉඩදුන්නා උදව්වට කුඩා සේවක පිරිසකුත් දුන්නා ඔවුන්ට එච්චර ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ ඒ ගැන
මම ඉන්දියාවෙන් තේ ඇට ගෙනල්ලා මෙහෙ පැල කරල පර්‍යේශන කරල 1867 දී අක්කර දහනමයක ප්‍රථම වානිජයමය තේ වත්ත පටන්ගත්තා ඒක මේ කටින් කියන තරම් ලේසිවැඩක් උනේ නෑ
මම ප්‍රාථමික දේවල් උපයෝගී කරගෙන පොඩි තේ ෆැක්ටරියකුත් හැදුවා පස්සෙ
1872 දී මම ලොකු තේ කර්මාන්ත ශාලවක් ඉදිකෙරුවා මගේම රෝලින් ක්‍රමයක් මම භාවිතා කලා තේ කොල නිපදවන්න
අන්තිමේ 1873 දී මං හදපු තේ ලංඩනයට ගියා එතන ඉදන් තමයි මුලු ඉතිහාසෙම වෙනස් උනේ මගේ තේ ලංඩනයේදී ඉහලම ඇගැයීමට ගෞරවයට පාත්‍ර උනා
එදා තමයි කෝපිවගාව ඉවරෙටම ඉවරවෙලා ඒ වෙනුවට ලංකාවේ තේ වගාව සදාකාලික වෙන්න අඩිතාලම වැටුනේ.
"ඉතිං ඉතිං ඊට පස්සෙ මොකද උනේ"
මම හදපු පලමු තේ තොගය වික්කේ ලන්ඩන්වල වෙලෙන්දන්ට
වැඩිකලක් ගියේ නෑ 1880 දී අද කව්රුත් දන්න එකල හොද ව්‍යාපාරිකයෙක් වෙච්ච තෝමස් ලිප්ටන් මහත්තයා ලංකාවට ආව
ඔහුට ඕනෙ උනා ඉතා උසස් තත්වයේ තේ කොල නිශ්පාදකයාගෙන්ම මිලදීගෙන වෙලඳපලට දාන්න
ඔහු ලූල්කඳුර වතුයායට ආපු වෙලාවෙ තමයි මාව මුණගැහුනේ ඔහු මම නිශ්පාදනය කරපු තේ දැකල පුදුම උනා ඒව ඔහු බලාපොරොත්තු උන තත්වයටත් ඉහලින් තිබ්බා
"මම අහල තියනවා තෝමස් ලිප්ටන් ඔහුගේ ලිප්ටන් නම යටතේ ලංකාවෙ තේ අලෙවිකරන්න තීරණය කලේ ඔබගේ තේ වල ඉස්තරම් බව ඔබගේ දැනුම සහ කැපවීම ගැන විස්වාසය තියල කියල"
"එහෙම වෙන්න ඇති මොකද ඔහුට ඕනෙ උනේ උසස්ම තේ."
තෝමස් ලිප්ටන් සිලෝන් ටී ලිප්ටන් නමින් වෙළඳපොළට දැම්මට පස්සෙ තමයි හරියටම විප්ලවය සිද්ද උනේ ලංකාවෙ තේ ලෝකයේම බබළන්න ගත්තා.
"ඒකෙ මූලාරම්භකයා ඔබයි ටේලර් මහත්මයා"
"හරි දැන් මට කියන්න ඇයි බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් සහ යටත්විජිත පාලකයින් ඔබව නොසලකා ඇරියේ විශේශයෙන් ඔබ සේවය සපයපු ලූල්කඳුරේ පාලනාධිකාරිය.. ඔවුන් ඔබට කරපු හිරිහැර මිනිසත්කමටත් නිගාවක් ...ඇයි එහෙම උනේ"
ප්‍රධානම හේතුව මම ඔවුන්ට මෙරට පුරවැසියෙක් ලෙස පෙනීම ඒ මම ප්‍රදේශයේ සිංහල දෙමළ අය එක්ක මිතශීලී වීම ඔවුන්ට කාරුණිකව සැලකීම සහ ඔවුන් පෙරලා මට කල ගෞරවය
ඉංග්‍රීසි වැවිලිකරුවන් ඉහල පංතිවලින් ආපු අය ඔවුන් ළඟ ජාතිවාදයත් තිබුණා මම ඉංග්‍රීසි ජාතිකයෙක් නෙමෙයි මම දුප්පත් පව්ලකින් පැවතෙන ස්කොට්ලන්ත ජාතිකයෙක් ඉතින් මම ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා කියල හඳුන්වන්න ඔවුන්ට ඕනෙ උනේ නෑ ඔවුන්ගේ බලය එක්ක බලනකොට මම ඉතා පොඩි ඔවුන්ගේ සේවකයෙක් විතරයි
"ඔබට සිංහල දෙමළ භාශා කතාකරන්න හැකි බවත් ජීවත් උනේ මෙරටේ වැසියෙක් විදිහට බවත් කෑවෙ බිව්වෙ මෙරටේ කෑම බවත් අසා තිබෙනවා ඒක ඇත්තද"
ඔව් ඒ නිසාත් ඔවුන් මාව පිලිකුල් කලා මම සේවකයින්ට මෘදු වැඩී කියල ඔවුන් චෝදනා කලා ඔවුන්ට ඕනෙ උනේ මිනිස්සුන්ගෙන් වහල්ලු වගේ වැඩගන්න විතරයි කිසිම සැලකීමක් කලේ නෑ මම කරුනාවන්ත වැඩි බවට ඔවුන් චෝදනා කලා
මම ඉංග්‍රීසි ජාතිකයෙක් නොවුන නිසා මාව මහත්මයෙක් වගේ නෙමෙයි නිකම් සේවකයෙක් ලෙසයි ඔවුන් දැක්කේ
"ඔබට කිසියම් බලපෑමක් කරන්න බැරි උනාද ඔබයි තේ වගාව ආරම්භ කලේ ඔවුන් සියල්ල ආදායම් උපද්දවන්න ගත්තෙ ඔබනිසා"
"වැඩක් නෑ මහත්මයා මම තේ වගාව ආරම්භ කලාට මට ඒකෙ අයිතියක් නෑ. මම වතුසමාගමේ සේවකයෙක් උනා පමණයි මට පේටන්ට් එකක් නෑ මම මේ මුලු තේ රාජධානියම ගොඩනැගුවත් නීත්‍යනුකූලව මට සත පහක් අයිති උනේ නෑ අඩු තරමේ තේ වගාවේ ආරම්භකයා කියන තත්වය දෙන්නවත් තේ වගාකරුවන් හෝ ඉංග්‍රීසි යටත්විජිත ආංඩුව උනන්දු උනේ නෑ.
ටික කාලයක් යනකොට මුලු උඩරට කදුකරයම තේ වලින් වැහිල යද්දී තේ විශාල ආදායම් උපදවන වගාවක් බවට පත් උනා ඔන්න එතකොට විශාල කොම්පැනි මේ තරගකාරී වෙළඳාමට ආවා ලංඩන්වල ධනවත් ආයෝජකයෝ උඩරට වතුයායවල් මිලදීගෙන හැමදේකම පාලනය අතට ගත්තා ඔවුන්ට මගෙන් වැඩක් නැතුව ගියා මේ වගේ විශාල ආදායමක් සහ කීර්තියක් තියන ව්‍යාපාරයක ගෞරවය ඔවුන් අකමැති ස්කොටිශ් සේවකයෙකුට දෙන්න ඔවුන් කැමති උනේ නෑ"
"අවසානයේ ඔබට වතුයායෙන් ඉවත්වෙන්න බලකරල පසුව ඔබව රැකියාවෙන් දොට්ට දාපු බව තමයි මම අහල තියෙන්නෙ"
ඔව් මම මේ සුන්දර රටට ආවට පස්සෙ මගේ නියම මව්බිම මේක කියල මට දැනුනා මම මේ රටේ මිනිස්සු එක්කයි හිටියේ.. මගේ හම සුදු උනාට මමත් දුප්පත් පව්ලක මිනිහෙක් මම සිංහල දෙමළ මිනිස්සු විදින දුක දැක්කා මම ඔවුන්ට කරුණාවන්ත උනා ඉතින් වතු පරිපාලනය මට චෝදනාකලා මම සේවකයන්ට මෘදුව කරුනාවන්තව සැලකීම නිසා අනිත් වතු පරිපාලකයෝ ඔවුන්ව සූරාකන බව ඔවුන් හිතනවා කියලා
මිනිසුන් සමග මගේ තිබ්බ සබඳතාවය ඔවුන් රිස්සුවේ නෑ ඒක ඔවුන්ට අනතුරක් ලෙසයි ඔවුන් දැක්කෙ
"ඔබ සේවකයන්ගේ සුභසාධනය ගැන සොයාබැලූබවත් ඔවුන්ට වැඩ කිරීමේදී විවේකයක් දුන් බවත් සාධාරන වැටුපක් ඔවුන්ට ලැබිය යුතුබවත් මානුශීයව වැඩකිරීමේ අවස්ථාවක් ඔවුන්ට ලැබිය යුතුයැයි සිතූ බවත් එමනිසා ඉංග්‍රීසි පාලනාදිකාරය ඔබ සමග උරන වූ බව අසා තිබෙනවා එය ඇත්තක්ද?"
ඔව් අනිත් වැවිලිකරුවන් සහ යටත්විජිත අදිකාරීවරුන්ගේ ක්‍රමය උනේ ඔවුන්ව දැඩිව සූරාකමින් දැඩි පාලනයකින් තබාගන්න මම ලෙඩ වෙච්ච අයට සනීපවෙනතුරු විවේකයක් දුන්නා,පිරිසිදු ජලය සහ ආහාර ඔවුන්ට ලබාදෙන්නැයි ඉල්ලීම් කලා මම කිසිදා ඔවුන්ව නරක විදිහට මෙහෙයවෙව්වෙ නෑ ඔවුන් මත මිනිසෙකුට නොකලැකි අදික වැඩ පැටෙව්වෙත් නෑ ඔවුන් අතර වෙච්ච ආරවුල් කතාකරල විසදුවේ කිසිම දඬුවමක් නොකර හැබැයි ගොඩාක් වැවිලිකරුවෝ කලේ මේකෙ අනිත්පැත්ත ඔවුන්ට මාව එපා උනා
ඔවුන් නිතරම කිව්වේ
"සේවකයින් පාලනය කල යුතුයි ඔවුන්ට කරුනාවෙන් නොසැලකිය යුතුයි"
ඒත් මම කිව්වේ
ප්‍රීතිමත් සේවකයින් හොදම තේ නිශ්පාදනය කරන බවයි
ඔවුන්ගේ ක්‍රමය වහල් ක්‍රමයක් උනා මම ඊට එරෙහිව ගිය නිසා මට අවසානේ මේ කරදරවලට මූණදෙන්න සිද්ද උනා
මම විස්වාස කලා ලාභය සම්පූර්ණයෙන්ම ලන්ඩන් සමාගම්වලට පමනක් නොයා යුතුබවත් සේවකයින්ට ගරුත්වයක් සහ සාධාරන ජීවිතයක් ලැබිය යුතුබවත් වතුයායක් යනු එක් සමාජයක් මිස ෆැක්ටරියක් නොවන බවත් සහ නිශ්පාදන ඉලක්කවලට වඩා මිනිසුන් වැදගත් බවත්.
ඉතින් ඔවුන්ට මාව පෙනුනේ විප්ලවකාරයෙක් වගේ ඔවුන්ට ශ්‍රමය කියනදේ හරි ලාභ දෙයක් වෙලා තිබ්බෙ මම ශ්‍රම සූරාකෑමට එතරම් කැමති උනේ නෑ
"ඉතින් ඔබේ මිතුරා තෝමස් ලිප්ටන්ටවත් බැරි උනාද ඔබට පිහිටක් වෙන්න"
ඔහු උත්සාහ කලා ඒත් විශාල බලයක් තිබූ වැවිලි කරුවන් ඔහු කියනදේට සවන් දුන්නෙ නෑ අනෙක් අතට ලංකාවෙ තේ නිසා ඔහු ලෝකේ කීර්තිමත් කාර්‍යබහුල පුද්ගලයෙක් බවට පත් උනා ව්‍යාපාර මුදල් කීර්තිය මැද ටිකින් ටික ඔහුටත් මාව අමතක උනා"
"ඒ කියන්නෙ ටේලර් මහත්තයා.. තේ හැමෝටම ධන උල්පතක් වෙද්දි ඒක පාදපු ඔබව කාටත් අමතකවෙලා ගියා"
ඔව් එහෙම උනා අන්තිමට ඔවුන් මට ලිපියක් එව්වා මට සියලු දේ බාරදීල වතුයායෙන් ඉවත්වෙන්න කියල මම සේවකයින්ට මෘදුලෙස කරුණාවන්ත ලෙස සැලකීම ආයතනයට ගැටලු ඇතිකරන බවට ඔවුන් මට නිතරම චෝදනා කලා
මගේ මුලු ජීවිතයම කඩාවැටුන වගේ උනා මගේ ජිවිතයම උනේ මේ වතුයාය මගේ ජීවිතය දියකලේ මේකට මේ මගේ මව්බිම මම ලංකාවට ආපු දා ඉදං කිසිදාක ආපහු මගේ රටට ගියේ නෑ..
ඉතිං මං කොහේ කියල යන්නද?
මම ජීවත් වෙච්ච බංගලාව නැවත බාරදෙන ලෙසත් වතු අධිකාරී තනතුරෙන් ඉවත්වෙන ලෙසත් තේ කර්මාන්තශාලාවේ කටයුතු අත් හරින ලෙසත් එම ලිපියෙන් නියෝග කොට තිබුණා හතලිස් වසරක් මා කල සේවයට ස්තූති කිරීමක් හෝ එහි තිබුණේ නෑ.
මට කරන්න කිසිදෙයක් තිබ්බෙ නෑ විශාල ඉංග්‍රීසි කොම්පැනි එක්කවත් යටත්විජිත රජය සමගවත් හැප්පෙන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ
"ඉතින් ඔබ මොකද්ද කලේ ඊට පස්සෙ'
ඔක්කොම අතහැරල මම ලූල්කඳුර වතුයායෙ මායිමක තියන පුංචි ගේ කෑල්ලක පදිංචියට ගියා මට වැටුපක්වත් කිසිදෙයක් ලැබුනෙ නෑ අන්තිමට ඉංග්‍රීසි වතු පාලනය විසින් ලංකාවෙ මම තේ වගාව පටන්ගත්ත වතුයායට ඇතුල්වීම පවා මට තහනම් කලා ...
හදවත ඊයම්බරු එල්ලුවාක් මෙන් බරවී මගෙ දෙනෙතට කඳුලු කැට දෙකක් ආවෙ මටත් නොදැනීමයි....ඉතින් එතනින් එහාට මම ඔහු එක්ක කතාකරන්න ගියේ නෑ....
ඔහුව සේවයෙන් පහ කරල අව්රුද්දකට විතර පස්සෙ 1892 මාර්තු මස 2 දා ලූල්කඳුර වතුයායේ මායිමක ඉදිකළ කුඩා ගේ කෑල්ලක ඔහු මිය යන්නෙ ඉංග්‍රීසීන් විසින් අතහැර දැමූ කිසිවක් හිමි නැති අන්ත දිලින්ඳෙක් ලෙසයි එවකට ඔහු 57 වැනි වියේ පසු උනා..
ඉංග්‍රීසි වතු පාලනාධිකාරිය විසින් තම නිවසින් පන්නාදැමීමෙන් ඇතිවූ ආතතිය නිසා වෙහෙසට පත්වීමෙන් ඔහුගේ රෝග තත්වය උත්සන්නවී ඔහු මියගොස් තිබෙනවා
ඔහු වැඩිපුර කතා නොකල පරිසරයට ආදරය කල නිහඩව සිටීමට ප්‍රියකල පූජකයෙකුමෙන් තම දිවිය ගතකළ තැනැත්තෙක් බව ප්‍රසිද්ද කරුනක්.
අවසාන කාලෙ ඔහුගේ හිතවත් සිංහල දෙමළ සේවකයින් ඔහුව රැකබලාගත්ත බවත් ආහාර පිළියෙළ කොට දුන් බවත් ඔහු හා ඇසුරට වතු පාලනාධිකාරිය විසින් සේවකයින්ට බදා පමුණුවා තිබුණත් ඔවුන් ඔහුට කලහැකි සත්කාර සියල්ල කල බවත් සදහන්.
ඉංග්‍රීසි පාලනාධිකාරිය ඔහුගේ මරණය ගනන් ගත්නේවත් නැහැ
ඔහු මියගියාට පසු ඉංග්‍රීසින් විසින් ඔහුගේ මරණය පිලිබදව කිසිම නිල නිවේදනයක් ගෞරවයක් හෝ උත්සවයක් පවත්වනු ලැබුයේ නැහැ
ඔහුගේ අවංමගල්‍යයට සේවකයින් සහභාගීවීම පවා පාලනාදිකාරියවිසින් වළක්වනු ලැබුවා
අවසන මේ උතුම් මිනිසාට ආදරය ගෞරව දැක්වූ සිංහල සහ ද්‍රවිඩ මිනිසුන් විසින් ඔහුගේ දේහය මහයියාව සුසානභූමියට රැගෙනගොස් අවසන් කටයුතු සිදුකොට තිබෙනවා ඔහුගේ සේවකයින් විසිපස්දෙනෙකු මාරුවෙන් මාරුවට ඔහුගේ දේහය ලූල්කඳුරේ සිට නුවර මහයියාව දක්වා සැතපුම් දහ අටක් (29 කිලෝමීටර් )කරමතින් රැගෙනගොස් ඇති අතර උදෑසන ලූල්කඳුරෙන් පිටත්වූ ඔවුන් මහයියාවට එනවිට සවස හතර පමණවී තිබෙනවා
මළසිරුර සකස් කිරීම මිනීපෙට්ටිය සෑදීම සියල්ල කරනු ලැබූයේ ඔහුට ආදරය කල සේවකයින් විසින්මයි වැවිලි සමාගම වෙනුවෙන් හෝ යටත්විජිත රජයෙන් හෝ කිසිදු නිලධාරියෙකු ඔහුගේ අවසාන කටයුතුවලට සහභාගීවී නැහැ ඔහුගේ දේහය මහයියාවේ සුසාන භූමියේ මිහිදන්කලබව වාර්තා ඇතත් ඔහුගේ දේහය වලදැමූ නිශ්චිත ස්ථානයක්වත් සොයාගැනීමට නැහැ කිසිදු වාර්තාවක එය සදහන් කොට නැහැ
ඉංග්‍රීසීන් කොතරම් තුච්චලෙස ඔහුට සැලකුවේදයත් ඔහුගේ මරණය පිලිබද උත්සවයක් තබා වාර්තාවක් හෝ ඔවුන් විසින් තබා නැහැ
ඉංග්‍රීසින්ට අවශ්‍ය වූයේ ඔහුගේ නම ඉතිහාසයෙන් මකා දැමීමටයි..
මේ රටට මේ රටේ මිනිසුන්ට ආදරය කල ඒ නිසාම ඉංග්‍රීසීන්ගේ වෛරයට පාත්‍රවූ අද පවා රටට ආදයම් ලබාදෙන රටට කීර්තියක් අත්කොට දුන් තේ වගාව ආරම්භ කල ඒ මිනිසාට ඉතිහාසයේ හිමි නියම තැන හිමිවනුයේ ලංකාවට නිදහස ලැබීමෙන් පසු ලංකා ආංඩුවක් යටතේ වීම විශේෂත්වයක්.
ටේලර්ගේ මරණයට සුලුකලකට පෙර ස්කොට්ලන්තයේ ඔහුගේ මිතුරෙකුට ලියූ ඔහුගේ අවසන් ලිපිය ඔහු ලියන්නේ යටත් විජිත වතු අදිකාරීවරයෙකු ලෙස නොව ලංකාවට ගැඹුරින් ආදරය කල මිනිසෙකු ලෙසය.
එහි කොටස් කිහිපයක් මෙසේ දැක්විය හැක.
"මගේ කිසි තරහක් නෑ වෙහෙසට පත්වීමක් පමණයි තියෙන්නෙ මොකද අස්වනු නෙළන අය දන්නෙ නෑ කව්ද වැපුරුවේ කියල"
"ඔවුන් මගෙන් මගේ නිවස උදුරාගත්තා
නමුත් මේ රටට මගේ ඇති ආදරය උදුරාගන්න ඔවුන්ට බැහැ"
"ස්කොට්ලන්තය මට උපත දුන්නා නමුත් මට ජීවය දුන්නෙ ලංකාව"
"ලෝකෙ කොහේවත් කඳු ලංකාවෙ තරම් කොලපැහැනැහැ ලෝකෙ කොහේවත් උදෑසනවල් ලංකාවෙ තරම් නැවුම් පිරිසිදු නෑ"
"මෙහි මිනිසුන් සරල වගේම උනුසුම් හදවත් ඇතියවුන් මම ඔවුන්ගෙන් ලැබූ කරුණාව මගේ රටේ මිනිසුන්ගෙන් නොලැබුයෙමි"
"මෙහි සියලුම තේ වතු මට තාත්ත කෙනෙකුට දරුවෝ වගේ..මම ඒවෙනුවෙන් ජීවිතයම දීල තියනවා පෙරලා මට කිසිවක් නොලැබුනත් මට සාමකාමී ජීවිතයක් ලැබුනා"
දිනෙක ලූල්කඳුර වතුයායට යන්න ඔහු අවසන් කාලය ගතකළ කුඩා නිවෙසේ නටඹුන් සහ ඔහු බීමට ජලය ගත් කුඩා ලිද ළඟ මොහොතක් ගතකොට ඊට පිටුපසින් ඇති ගල්තලාවට නැග ඔහු ඉතා ප්‍රියකල දර්ශනය නරඹන්න
හොද හුස්මක් ගන්න මොහොතක් දෑස්පියාගන්න ඔබ ඔහුව දකිනු ඇත.
@highlight
A day in the life