ෆියුස් අයියා.
අද කතාව දශක පහක් පමන පරණවු කථාවක් .
අදට ගලපගන්න මොනවත් තියෙනවද ? නැද්ද කියලා මට හිතා ගන්න බැහැ.
සමහර විට තියෙන්නත් පුළුවන් මේ දේශපාලන කන්කරච්චල් අහන කොට.
කතාවට එන්න ඉස්සෙල්ලා අතුරු කතාවකට එන්නම්.
මෙල්බර්න් වල ඉන්නවා මගේ සහෝදරයෙක්. එයා ජාතික වශයෙනුත් සහෝදරයෙක් නිසා දෝ දවසට මුණුපොතේ පෝස්ට් දෙක තුනක් පලකරනවා.
මේ නිසාම එයා මග හරින කරදරයක් ලෙස සලකන ඥාති මිත්‍රයින් ලංකාවේ ඉන්නවා.
එයාට ඒක තේරුම් ගන්න බැහැ. තේරුම් කරලා දෙන්නත් බැහැ.
ඒකත් කරුමයක් තමයි.
ඔන්න ෆියුස් අයියා.
ෆියුස් ලියන මහත්තයා කියලත් කියනවා. වෙළද සලක කළමනාකාර මහත්තෙක්.
හවසට පොඩි අඩියක් ගහන චරිතයක්.
පදමට ආපුවහම මතක් වෙන හැම විරුද්ධවාදියාම ප්‍රසිද්ධ වේදිකාවේ විවේචනය කරනවා.
ප්‍රසිද්ධ වේදිකාව කියුවේ එයාගේ වෙළදසැල ඉදිරිපිට පිල.
එතන ජනතාව අමතන්න හොද වේදිකාවක්.
දැන් කාලේ සතියෙන් සතියට අළුත් මාතෘකා එනවා වගේ එයාටත් එකක් එවර වෙන්න එකක් ජනතාව අමතන්න මාතෘකා උපදිනවා.
සමහර විට එයාගේ ගණුදෙණු කරුවෙක්, නැත්නම් අසල්වාසියෙක්, එහෙමත් නැත්නම් වෙනත් වෙළද සැලක අයිතිකාරයෙක්. තරාතිරමක් බලන්නේ නැතිව කවුරුන් හෝ මාතෘකා වෙනවා.
මේක හවස් යාමෙට කන්කරච්චලයක් !.
මෙයා කතෝලිකයෙක්.
මේ කියන කාලේ ගමේ පල්ලියේ ඝණ්ඨාර කුළුණ ප්‍රතිසංස්කරණය කරලා අළුත් ඝණ්ඨාරයක් සවිකලා.
කවුරුන්දො නොසන්ඩාලයෝ පිරිසක් මේ ඝණ්ඨාරයේ සවිකල අළුතම සොරකම් කරලා.
පියුස් ලොක්කට හොද කටගැස්මක්.
මනුස්සයා හවස් ජාමෙට පොඩ්ඩක් දාගෙන ජනතාව අමතන්න පටන් ගත්තා
පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පටන් අරන් දවසින් දවස ගමේ ඉන්න එක එක්කෙනා අමතනවා . සිංහල අණ්ඩර දෙමළ හැම භාෂාවෙන්ම.
කාගේවත් ප්‍රතිචාර නැහැ.
මෙහෙම ගිහින් දවසක එක සවසක කඩ වීදියේ මුදලාලි කෙනෙක් මාතෘකා කරගෙන චෝදනා පත්‍රය දිග අරින්න පටන් ගත්තා.
ආලවට්ටම් දාලා.
මුදලාලි හතර රියන් පුරුෂයා. වැඩි කතා බහක් නෑ.
කලබලයක් ඇත්තෙත් නැහැ.
හිමින් සැරේ ඇවිත් පියුස් ලොක්කගේ වේදිකාවට ගොඩවුනා.
කතාවක් නැහැ .අත ඉස්සුවා කණ හරහා.
ජනතාව අමතන හඩ එක පාරට නතර වුනා.
ෆියුස් ලොක්කා මිදුලේ බඩ ගානවා.
මුදලාලි ගානක් නැතිව ආපහු යන්න යනවා.
එදයින් පස්සේ ජනතාව අමතන වැඩේ අතහැරුනා. අපට හවසට ගන්න තිබුන “ ආතල් “ එකත් නැතිවුනා.
A day in the life
හිමින් සැරේ ඇවිත් පියුස් ලොක්කගේ වේදිකාවට ගොඩවුනා.
කතාවක් නැහැ .අත ඉස්සුවා කණ හරහා.
ජනතාව අමතන හඩ එක පාරට නතර වුනා.
ෆියුස් ලොක්කා මිදුලේ බඩ ගානවා.
මුදලාලි ගානක් නැතිව ආපහු යන්න යනවා.
එදයින් පස්සේ ජනතාව අමතන වැඩේ අතහැරුනා. අපට හවසට ගන්න තිබුන “ ආතල් “ එකත් නැතිවුනා.
0 ප්‍රතිචාර:
Post a Comment