Showing posts with label ආගමික.. Show all posts
Showing posts with label ආගමික.. Show all posts

නිකිනි පෝදිනය


නිකිනි පෝදිනය අදයි.

අද වැනි දිනක

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද ,

බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද 

එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද 

ආනන්ද හිමියන් රහත් වූයේද අද වැනි නිකිණි පුන් පො‍හෝදාකයි. 

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. 

හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය ලෙස හැඳින්විය හැකිය.


වස්සාන කාලය.

 

ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය.


වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. 

බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල චාරිකාවේ යෙදෙමින් සිටී. වස්සාන සමයේ මෙසේ සරිසරමින් බණ භාවනවේ යෙදීම අසීරුවේ.එසේහෙයින් 

“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් හට උපදෙස් දුන් සේක.

දායකයෝ වස්සාන කාලය තුල භික්ෂුන් වහන්සේලාට සිව්පසින් සැලකීම මේ කාලය තුල සිදුකරයි.

දානය දීම තෘෂ්නාව දුරුකිරීමේ එක් පියවරකි.

 

පෙරවස් එළඹීම සහ  පසු වස් එළැඹීම දෙකකි. 

ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුවේ.

සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.

නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අවාරයේ සිරිපාදේ යමු - 2 - සාහිත්‍යය.





මුනි සිරිපා පියුමේ රොන්සුණු තැවරේ

ගිමන් නිමන පවන් හමා ඒ

නිවී පහන් වී ලය සැනහේ

නිවන් දොරට මග පානා

සමනොල ගං තොට මුදුනේ 

බැන්ද වියන් සේ 

අදුරු වලා රන්සළු පැටලේ 

සිත කිමිදේ ලොව්තුරු සුවදේ

කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී

පාවී යයි නිසංසලෙ

මහ රහතුන් වැඩි මග ඔස්සේ

වලා අතුල කදු වැටි අතරේ 

මුනි සිරිපා පියුමේ රොන්සුණු තැවරේ

ගිමන් නිමන පවන් හමා ඒ

නිවී පහන් වී ලය සැනහේ ………..

ආචාර්ය අමරදේවයන් ගයන මේ ගීය අසා සිටින සමාධි ගතවෙන්නේ සිරිපාදේ ගැන පහන් සිතිනි.


සැළලිහිණි සංදේශ කතුවරයානෝ සැළලිහිණියාට  සමනොල ගල නැගණහිර ඇති බව පවසමින් 


සුර රද සමන් සමගින සුරගන එවර

පැහැනද මදාරා පරසතු මල් පතර

කර පද වදින රැදි මුනි සිරිපා තඹර

සිසද පෙනේ සමනොල ගල   නැගණහිර 


යයි පවසන විට හංස සංදේශය ලියු කතුවරයානෝ

 

සමොනල මුහුල සිරිපද ඔබන මගුලට

නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට

පැහැදුල සුනිල මැණිකෙන්  කළ මග ලෙසට

මනදොළ පිරෙයි ගග සිරිසර දුටු තොසට


සැවුල් සංදේශයේ කතුවරයානෝ 

සමන් කෙනෙකු නුබම සුර නර තුරෙන

සමන් බදුරු සිරිපදලස නම දිමින

සමන් ගිර නිවෙස්කර නිරතුරු වසන

සමන් සුරිදු දැක මෙහෙසුන් දෙවු සොබන


යයි පවසන විට පැරකුම් සිරිතෙහි මෙසේ විමසයි.


කියග මගිය එනු කොයි සිට දද සමනොල ගොසිනා

නොය කියමුතු එදිග බමුන සුමන සුරිදු විසිනා

ගිය කල දෙදහස් පන්සිය රජෙක් එතිය දියනා

කියවියතන් වැසිය එනම් පැරකුම් රජ මෙදිනා


ටිබට් ජාතික එස් මහින්ද හිමි  සිරිපාදේ අගයමින් දරු නැළවිලි ගීයක් ලියති

මුනි සිරිපා සිඹමින්   නේ

සමනොල ගල පෙදෙසින්නේ 

මද සුළගයි මේ      එන්නේ 

මගේ පුතා නැළවෙන්නේ 


මහවැලි කැළණි කළු වළවේ යන ගංගා

සමනොල කන්ද මුදුනේ සිට පැන නැග්ගා

බෑවුම් තැනිතලා කදු හෙල් අතරින් රිිංගා

මේවා ගලයි මිණිකැට දිය හට හංගා

 

කොළඹ යුගයේ දෙවන පරම්පරාව නියෝජනය කළ ප්‍රමුඛතම කවියෙක්වු පී. බී. අල්විස් පෙරේරා ශූරීන් රොමෑන්ටික් (ස්වභාවසෞන්දර්ය හා භාවපූර්ණ) කවියෙකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය සහ සමනොළ කන්දෙන් ඇරඹෙන සිව් මහා ගංගා (මහවැලි, කැළණි, කළු, වළවේ) තේමා කරගනිමින් ඔහු විසින් රචිත සුප්‍රකට ළමා/සොබාදහම් පද්‍ය නිර්මාණයකට මෙම කවිය අයත් වේ. 


බුද්ධං සරණේ සිරස දරා ගෙන

ධම්මං සරනේ සිත පහදාගෙන

සංඝං සරණේ සිවුරු දරාගෙන

ඉඤ්ඤයි තුන් සරනේ අදහාගෙන


සීත ගගුලේ ජලනාද ඇසෙනවා

සුදු මල් අරගෙන වදින්න යනවා

සාදු සාදු අර මළුව පෙනෙනවා

සමන් දෙවිදුන් අප වන්දනවා


ස්වස්තික දෙක පිහිටපු සිරිපතුලේ

සිරිවස දෙක පිහිටපු සිරිපතුලේ

නදවට දෙ පිහිටපු සිරිපතුලේ 

අපි යමු වදිනට ඒ සිරිපතුලේ.


ලේඛකයින් සාහිත්‍ය කරුවන් එසේ දකින සිරිපාදේ වන්දනා කරුවන් දකින්නේ ගමනේ සුන්දරත්වය සමගය.

හෙලේ නැගීම දුෂ්කරය විඩා සහිතය.විඩාව නිමා , දුෂ්කර බව මනසින් තුරන් කරන පදවැල් සිරිපා ගමන සැහැල්ලු කරන බවකි.


දිදි සාදු නාදේ 

යමු අපි සිරිපාදේ


“අපේ බුදුන් – අපි වදින්න 

පෙරලි පෙරලි -අපි වදින්න

සමන් දෙවිදු පිහිට වෙන්න

නළල තබා- අපි වදින්න

දොහෙතේ නගා - අපි වදින්න

දෙ‍දන නමා -අපි වදින්න

මලුත් පුදා- අපි වදින්න

තෙලුත් පුදා – අපි වදින්න

සුවද පුදා – අපි වදින්න

පහන් පුදා - අපි වදින්න…………….” . 

පය ඉක්මන් කරන වේග රිද්මයේ පදමාලා සිරිපා ගමනේ විඩාව අමතක කරන බව පැහැදිලිය.


“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි

වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි” 


මෙන්න මෙතන තැනිතලාව

කෝපි බොන්න හොද වෙලාව

දෙන්න අපට සන්සිදේ

දුන්න අයට පින් පිරේ

විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ 

“අපේ බුදුන් – අපි වැදගෙන- ගමට යන්න යනෝ – එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.”………. යනුවෙනි.








A day in the life

ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අවාරේ සිරිපාදේ යමු.





අවාරේ සිරිපාදේ යමු.

මේ සිරිපාදෙට වැසි සමයයි.

එකල මැයි මස සිට දෙසැම්බර් මස දක්වා වෙසක් පොයේ සිට උදුවප් පෝය දක්වා සිරිපාදේ කරුනා නොකරන්නේ මේ කාළගුණය නිසාය.දැන් මංපෙත් ඉදිවි ඇති නිසා අවාරේ වුවද පාළුවේ කරුණා කළ හැක.

ශ්‍රී පාද කන්ද සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකරයේ පිහිටි මුහුදු මට්ටමෙන්  මීටර් 2243 ( අඩි 7359 ) කින් උසය. ශ්‍රී පාද කන්ද දු පන්තියකින් සහ වනගහණයකින් වටව පිහිටා ඇත.

බොහොමයක් වන සතුන්ද මේ වනයේ ජීවත් වන්නේය. වැසි සහිත කාළගුණයත් වන සතුන් සිටින නිසාත්  අවාරේ කරුණා කිරීම අනතුරුදායකය.

රත්නපුර - පලාබද්දල , හැටන් - නල්ලතන්ති , කුරුවිට - එරත්න මුර්යාවත්ත (මුරුංගාවත්ත) මුකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග වලින් යා හැකිවුවත් හැටන්,නල්ලතන්නිය මාර්ගය සහ පලාබද්දල මාර්ගය ජනප්‍රිය මාර්ගයන්ය.

එහෙත් ආවාරේ යන්නේ නම් හැටන්,නල්ලතන්නිය මාර්ගය තෝරා ගැනීම වඩාත් සුදුසුය.

ශ්‍රී පාදයට අයිතිවාසිකම් කියන ආගමිකයෝ කිහිප දෙනෙකි. බෞද්ධයෝ ඈත අතීතයේ සිටම “ශ්‍රී පාද “ ය ලෙස හදුන්වති. පාලි භාෂාවෙන් “ශ්‍රී පාද “ වී සිංහලට “ශ්‍රී පාද “ වුයේ බු.ව 236 ටත් පෙර සිටම බව තහවුරුවු සාධක සතුවේ.

හිණ්දු ආගමිකයෝ “ ශීව දෙවියන්ගේ “ පා සටහන සමනල කන්දේ සටහන් කර ඇති බව අදහති.

“මහමදිකයන්ගේ“ මතය අනුව එය “බාබා ආදමලේගේ“ පා සටහනයි. ක්‍රිස්තු භක්තිකයන් විශ්වාස කරනුයේ මෙම පා සටහන “ශාන්ත ​තෝමස්“ නම් ක්‍රිස්තියානි මුණිවරයාගේ පා සටහන බවයි. 

කවුරුනුත් තම විශ්වාශය දරා ගෙන සිරිපාදේ නැමදිය යුතුවේ.

ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි.

අප්රේල් ,මැයි - ජුනි මාස සමනළයින් බහුල මාසයි.ඔවුන් වාර්ශික සංක්‍රමණ අවස්ථාවේ ශ්‍රීපාද කන්ද දෙසට පියාසර කරන බවට මතයකි. මේ නිසා සමනල කන්ද ලෙස නම් ලබයි.

.සුමන දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා “ සමන්තකූට“ නම් වෙයි.

“රත්නගිරි “ සහ “ ස්වර්ගරෝහනම්“ යන නම්වලින්ද හදුන්වයි

බුදුන් ජීවමාන කාලයේ මෙන්ම ඊටත් පෙර කාලයේ සිටම ලංකාවේ සමන් දෙවියන් ඇදහීම ප්‍රචලිතව පැවැතුණි. බෞද්ධ පුරාවෘත්තවලට අනුව බුදු රජාණන් වහන්සේගේ පා සලකුණ සමනල කඳු මුදුනේ පිහිටුවා ඇත්තේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙනි. ඉන් අනතුරුව සමනළ කන්ද බුදු සමයට සම්බන්ධව තිබූ බවට පිළිගත හැකි මුල්ම ශාක්ෂිය හමුවන්නේ මහාවංශයෙනි. මහා වංශයේ 32 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙන විස්තර අනුව දුටුගැමුණු රජ සමයේ සමනළ කන්දේ භාවනානුයෝගිව වැඩ සිටි මලියදේව නමැති රහතන් වහන්සේ නමක් ප්‍රමුඛ නවසියයක් භික්ෂුන්ට රජතුමා තණ හාල් වලින් පිසු බත් දන් දුන් බව දැක්වේ. ඒ අනුව ඒ සමය වෙන විට සමනල කන්ද භික්ෂුන් වහන්සේලා අාරණ්‍ය ගතව විසු ස්ථානයක් බව පැහැදිලි වේ. 

 සමනල කඳු මත සිරිපා පිහිටුවීම පිළිබඳ කතා ප්‍රවෘත්තිය බුදු රාජාණන් වහන්සේ ජීවමානව සිටි සමය තෙක් ඈතට දිවෙන ඉතිහාසයක් ඇත්තකි. බුද්ධත්වයෙන් 8 වැනි මස වෙසක් පුර පසළොස්වක පොහෝදා තුන්වෙනි වරට හෙළ දිවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ එදින දවල් දානය කැලණියේ දී වලඳා සවස සමනළ පර්වතය බලා වැඩම කළහ. එසේ වැඩම කළේ සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බවත් ඔහුගේ ඉල්ලීම මත බුදු රාජාණන් වහන්සේ සිය වාම ශ්‍රී පාද ලාංඡනය සමනළ පර්වතය මත පිහිට වූ බවත් මහා වංශයේ දැක්වේ.

ඒ මෙසේය.
තත්ථ ධමමං දේසයිත්වා සත්තා ලෝකානු සම්පකෝ
උග්ගන්නා සුමනේ කූටේ පදං දස්සේසි නායකෝ
“ලොවම මහත් අනුකම්පා ඇති අප ශෘස්තෘන් වහන්සේ එහිදී දහම් දෙසා ඊට පසු මැණික් මණ්ඩපයෙන් අහසට පැන නැගි සුමන කූඨ පර්වතය මුදුනට වැඩම කොට ඒ පර්වත මස්තකයෙහි ශ්‍රී පාද ලාංඡනය දක්වා වදාළ. “
මේ විස්තරය අනුව පැහැදිලි වෙන්නේ මහා වංශ රචනා කළ ක්‍රි.ව. 5 වෙනි සියවස වෙන විට බෞද්ධයන් ශ්‍රී පාදය ගැන දැන සිටිය බවයි.
එහෙත් ඊට පෙර සිට පැවැත එන පුරා වෘත්ත අනුව පළමු වරට සමනළ කන්දේ ශ්‍රී පාද ලාංඡනය සොයා ගත් බවට විස්තර කරනුයේ වළගම්බා රජතුමාය. ඒ ක්‍රි.පු. 104 වැන්නේ දීය. මෙය බොහෝ දුරට පිළිගත හැකි කරුණක් ලෙස ADAMS-PEAK LEGENDRAY TRADITIONAL AND HISTORIC NOTICES යනුවෙන් ග්‍රන්ථයක් ලියන විලියම් ස්කීන් මහතා සඳහන් කොට ඇත. ඔහු සඳහන් කරන පරිදි වළගම්බාහු රටේ පාලකයා වී මාස පහකින් මාලබාර් ආක්‍රමණිකයන් විසින් බලයෙන් පහ කළ නිසා වන ගත වූ වළගම්බා රජතුමා වසර 14 ක් වන ගතව ගත කිරීමේ දී සමනළ අවධියේදී මුවෙක් පසු පස එළවා යන විට ශ්‍රී පාද ලාංඡනය දැක එය යකඩ වැටකින් ආවරණය කොට ද ඇත.
වළගම්බා රජතුමා ආක්‍රමණිකයන් පළවා හැර නැවත බලයට පත් වීමෙන් පසු ක්‍රි.පු. 88 දී භික්ෂූන් පන්සිය නමක් මාතලේ අළු ලෙනට වැඩවමා ධර්ම සංගායනාවක් කොට එතෙක් අවුරුදු 217 ක් මුඛ පරම්පරා ගතව පැවැත ආ මිහිඳු හිමියන් වදාළ බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඨ කිරීමට පියවර ගත්තේය. එසේම එතුමා සමන් දෙවියන්ගේ බාරයට පත් කර ඇති සමනළ අඩවිය භික්ෂු සංඝයා උදෙසා ආරණ්‍ය සේනාසනයක් බවට පත් කළ බව ද වංශකතාවල සඳහන් වේ. 

මෙම ශ්‍රී පාදය ගැන ඓතිහාසික තොරතුරු මුඛ පරම්පරා ගතව පැවැති අතර පළමු ලිඛිත සටහන හමුවන්නේ මහා වංශයේ 58 වැනි පරිච්ඡේදයෙනි. එහි සඳහන් වෙන පරිදි 1 වෙනි විජයබාහු රජතුමා ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඇත. මහා වංශ තොරතුරු මෙම රජතුමාගේ අඹගමු ශීලා ලිපියෙන් ද තහවුරු වේ. සිරිපා වන්දනාවේ යන අය සඳහා දන් වැට පිණිස ගිලීමලය වෙන් කර දුන් රජතුමා ඌව මාර්ගයෙන් එන අය සඳහා ද දාන ශාලා ඉදි කළ බව එම ලිපියේම සඳහන් වේ.

එපමණක් පමණක් නොව රජතුමා හීන කුල වල අය සඳහා වෙනම මළුවක් කළ බවද අඹගමු ලිපියේ දැක්වේ.
ක්‍රි.ව. 1153 දී රාජ්‍යත්වයට පත් පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා සංඝයා වහන්සේ පිරිවරා ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය බව රාජාවලියේ සඳහන් වේ.
පොළොන්නරු රජ කළ නිශ්ශංක මල්ල රජ ද යුද හමුදාව සමග ශ්‍රී පාද වන්දනාවේ ගිය බව ඔහුගේ පොළොන්නරුව හැටදාගේ ශිලා ලිපියේ සඳහන් වේ. දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදස්ථානයට මාර්ග කරවා පින්කම් කළ බව මුල වංශයේ සහ පූජාවලියේ සඳහන් වේ. පොළොන්නරු යුගයෙන් පසු යුගවල ශ්‍රී පාදස්ථානය ප්‍රචලිත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පැවැති බවට කොතෙකුත් සාධක ඇත. ක්‍රි.ව. 800 පමණ වෙන තුරු ශ්‍රී පාද ලාංඡනය පිළිබඳ හින්දුන්ගේ අවධානයක් හෝ සැලකිල්ලක් තිබී නැත. ශිව නොලි පාදම් යන මතය කරළියට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 1017 දී චෝල ආක්‍රමණිකයන් ලංකාව ආක්‍රමණය කොට බලයට පත් වුවාට පසුවය. මෙම අවදියේ දී රටේ අභ්‍යන්තරයේ ද බලය තහවුරු කරගෙන සිටි හින්දුන් බෞද්ධයන්ගේ ශ්‍රී පාදය සිවනොලි පාදම් බවට පත් කර ගන්නට ඇතැයි විලියම් ස්කීන් සඳහන් කරයි. ක්‍රි.ව. 1247 දී ඉබන් බතූතා ලංකාවට පැමිණෙන විට ශ්‍රී පාදය මෙන්ම ශිව නොලිපාදම් වන්දනා වද තහවුරු වී තිබුණ බව ඔහුගේ චාරිකා සටහන්වල දැක්වේ.
ශ්‍රී පාදය පිළිබඳ සවිස්තර විස්තරයක් ගම්පල සමයේ රචනා කළ සද්ධර්මාලංකාරයේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදු රජාණන් වහන්සේ සමනළ මුදුනට වැඩ ශ්‍රී පාද ලාංඡනයක් එහි තැබු බවය.
ක්‍රි.ව. 1554 - 1593 කාලයේ සීතාවක රජ කළ පළවෙනි රාජසිංහ රජතුමා ශිව ආගම වැළඳ ගෙන බෞද්ධ භික්ෂූන්ට හිරිහැර කරමින් බෞද්ධ පොත් පත් ගිනි තබමින් බෞද්ධයන්ට මහත් හිරිහැර පැමිණ වූහ. එතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය හා පාලනය භික්ෂුන් ගෙන් ඉවත් කොට ශිව භක්තිකයන්ට පැවැරීය. එතැනි සිට ශත වර්ෂ එක හමාරක පමණ කාලයක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය හා පාලනය බමුණු සන්නාසියන් අත පැවැතුණි. ශ්‍රී පාදස්ථානය ඔවුන්ගෙන් මුදාගෙන යළි බෞද්ධයන් අතට පත් කර ඇත්තේ ක්‍රි.ව. 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. එම රජතුමා වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන් මඟ පෙන්වීම යටතේ යළිත් මෙරට උපසම්පදාව පිහිටුවීමට කටයුතු කළේය. වැලිවිට හිමියන් කළ උදාර සේවය සලකා උන් වහන්සේට සංඝරාජ පදවිය පිරි නැමු රජතුමා ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ද සන්නස් පත්‍රයකින් උන් වහන්සේට පිරිනමා ඇත. ඇත්ත වශයෙන්ම රජතුමා සංඝ රජ හිමියන්ට ශ්‍රී පාදයේ අයිතිය පිළිබඳ සන්නස් පත්‍රය පිරි නැමුවත් එහි පාලනය සමග පහතරට නායක ධුරය වේහැල්ලේ හිමියන්ට පවරා ඇත. 


කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට පෙර හිමිවරුන් හතර නමක් පැල්මඩුල්ලේ වාසය කරමින් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත. ඉන් පළමු වරට ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත්තේ මඩගම්මන සාමණේර හිමිය. ශිව ආගමිකයන්ගෙන් ශ්‍රී පාදස්ථානය මුදාගෙන යළි බෞද්ධ පාලනයට ගෙන ඇත්තේ උන්වහන්සේය. රාජාධි රාජසිංහ රජ සමයේ ශ්‍රී පාදස්ථානයේ අයිතිය මල්වතු මහා විහාරයට පවරන ලදි. ඒ 1789 දීය. ඒ අනුව මොරතොට ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි. ශ්‍රී පාදස්ථානයේ නායක හිමි බවට පත් වූහ. මඩගම්මන හිමියන්ගේ සිට මොරතොට හිමි දක්වා හිමිවරුන් 9 දෙනෙක් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උසුලා ඇත. 1826දී මල්වත්තේ නායක හිමියන් අපවත් වූ විට රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත වරයා වූ ජියෝ ටර්නර් ආණ්ඩුවට දන්වා ඇත්තේ ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය ගාල්ලේ මේධංකර හිමියන්ට පවරන ලෙසයි. ඒ මහතා එසේ දන්වා අත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදාව ලත් භික්ෂුන් කැඳවා අදහස් විමසීමෙන් පසුවය. ගාල්ලේ හිමියන්ට ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය පැවරූ පසු පිළිවෙළින් ඉඳුරුවේ සුමංගල හිමි, පරකුඹුරේ හිමි සහ ගලගම අත්ථදස්සී යන හිමිවරුන් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය දරා ඇත.
1866 දී ගලගම හිමියන් අපවත් වූ පසු එවකට මල්වතු පාර්ශ්වයේ සිල්වත් කමින්, උගත් කමින් හා බුද්ධිමත් බවෙන් ඉහළ ස්ථානයකට පත්ව මහත් ගෞරවයට පාත්‍රව සිටි ශික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය පිරිනමා ඇත. එයින් පසුව ශ්‍රී පාදස්ථානයේ භාරකාර පදවිය භික්ෂූන් වහන්සේලා කීප නමක්ම දරා 1954 දී මොරොන්තුඩුවේ ධම්මානන්ද හිමියන්ට එය පවරන ලදි. මොරොන්තුඩුවේ හිමි ශ්‍රී පාදස්ථානයේ දියුණුවට වැඩ කටයුතු රාශියක් කරන ලද අතර එහි පරිපාලන කටයුතුවල විශාල වෙනසක් ද කරන ලදි. උන් වහන්සේගේ පරිපාලන කටයුතු ප්‍රතිසංවිධානය යටතේ සිද්ධස්ථාන නිලධාරීන්ගේ රාජකාරි හා වගකීම් ලේඛන ගත කරන ලදි. එසේම එහි නිල පූජා විධි ක්‍රමයක් ද ඇති කළේ උන්වහන්සේය.
වර්තමානයේ ශ්‍රී පාදස්ථානයේ භාරකාර හිමියන් තෝරා පත් කර ගනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා භික්ෂුන්ගේ ඡන්දයෙනි. වර්තමානයේ බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන්  ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය උසුලයි.

  • ලංකාදීප. 

  • විජේරත්න අතුරුපාන 

  • 2020 මාර්තු 20


A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කථිකාචාර්යවරියකගේ බණක්.




ඇය මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්.

ඇය විසින් ත්‍රිපිටකය ආශ්‍රයෙන් කරනු ලබන ධර්ම දේශනා වසර හතරක පමණ කාලයක සිට අන්තර්ජාලයේ තිබෙනව.

බොහොමයක් හාමුදුරුවරුන්ගේ ධර්ම දේශනාවලට වඩා අර්ථවත්.

ඇයගේ ධර්ම දේශනාවකට සහභාගීවු පිරිස් පහලින් අසුන් ගෙන සිටින දර්ශන සමග මුහුණු පොතේ සටහනක් පල කරතිබුනා.

එම ඡායාරූපවල ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සහ මෙහෙණින් වහන්සේලා කිහිප නමක් ධර්මාශනයට පහලින් වැඩසිටින අයුරු දක්නට ලැබුනා.

මෙය මුණු පොතේ විවේචනයට ලක්ව තිබුනා. 

අපි බොහෝම විට දකින්නේ අඩුපාඩුවු අවස්ථා විවේචනය කරන්නේ එම අවස්ථා.

එතුමියගේ දේශනාවන් ගැන නෙමෙයි කතාකරන්නේ.


දේශකයා කවරෙකුවුවත් ශ්‍රාවකයාට  පැහැදිලිව දකින්නත් පැහැදිලිව අසන්නත් සිටිය යුතුයි.

මෙහිදී දේශකයා වේදිකාවකත් ශ්‍රාවකයා වේදිකාවට පහලින් සිටීමත් සාමාන්‍ය දෙයක්.

මෙහිදී ඈ වාඩිවි සිටිය පුටුව ඉහලින් තබා තිබෙනවා.

සුදු රෙද්දක් පුටුවට ආවරණය කර තිබෙනවා.

මෙය විවේචනයට හේතුවක්.

මේ එක් ප්‍රතිචාරයක්.

“ඕනෑම දෙයක්, සමාජ හර පද්ධතියට ගැලපෙන්න ඕනි නේද. මේක ඕනිවට වඩා වැඩියි වගෙ එකපාරටම දැණෙන්නැද්ද. 

එච්චර උගත් කෙනෙක්ද මේච්චර මෝඩ වැඩ කරන්නේ. පොතට යට වෙච්ච දැනුම.. 

ඒකනේ අනික ඔතන වැරැද්ද කතිකාචාර්‍යවරියට තේරුනේ නැද්ද එතකොට“

මේ තවත් ප්‍රතිචාරයක්

“ඔතන වැරැද්ද කරල තියෙන්නෙ සංවිධානය කළ අය.

භික්ෂුන් වහන්සේලාට සුදුසු අසුන් පැනවීම ඒ අයට කරන්න තිබුණ.

එහෙම නැත්නම් එම භික්ෂුන් වහන්සේලාට එතැනට වඩින්නේ නැතිව ඉන්න තිබුණ.

ධර්ම දේශනා පැවැත්වීම කළයුත්තේ භික්ෂුන් වහන්සේලා පමණක් වියයුතු නැහැනෙ.“

මේ පින්තූරයට ලැබුණ ප්‍රතිචාරයක් .

මෙවැනි ප්‍රතිචාර බොහොමයක් තිබුනා. 

ඒ අතර මෙවැනි ප්‍රතිචාරත් තිබුනා.


“උඔ සොවාන් සකෘදාගාමි අනාගාමී අර්හත් ඵලයට ඇවිල්ලා ද එතකොට මල්ලි?“

“හිනා පිනා විහිළු තහළු යහළු බයීස්කොප් විකට ඇඳුම් පැළඳුම් නැතුව කුම්භකර්ණ සින්ඩ්‍රෝමය නැතුව බිජුවට වල බිජූහිනතාවය නැතුව උත්තර නිශ්පාදනය කරන්න පුලූවන් ද එතකොට?

උඔ ට අනුව එතුමිය ධර්ම විකෘති කරණ එක කරපු තැන අංගුත්තර නිකායෙහි තික නිපාතයේ කෙස මුත්ත සුත්‍රය හැටියට විමංසක සුත්‍රය හැටියට උඔ වැඩ්ඩා නම් ප්‍රකෘති ය කියපං මල්ලි?

ෆක තමයි පින්වතුනි “ ………..

මේ වැනි ප්‍රතිචාර පළකිරීමට අදාලම නැති විකාර ……………..

  • උදාහරණයක් විදියට උදාහරණ අරන් නිශ්චිතවම කරුණු කාරණා ගෙන හැර දක්වමින් වරද පැහැදිලි කරන්න පුලූවන් ද එතකොට

මොනවා කරන්න ද දර්මය තේරෙන්නෙම උගත් බුද්දිමත් අයට

පින් කරනවා හැරෙන්නට විසදුමක් නැ


  • පිටින් බලලා එහෙම කියන්න එපා.ධර්ම දේශනාවක් කරන්න කලින් දේෂකයා දහම් ගෞරවය ඇතිවෙන විදිහට වඩා හිදාවන්න ඕනි.

  • සඟ කියන වචනේ තේරුම පිරිස කියන එක සඟ පිරිසට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසම අයත්.ඒවන් අයකු ධර්මය දේශනා කරද්දී දහම් ගෞරවය ඇතිව කළ යුතුයි

  • .සුදු රෙද්ද මත වාඩිවී සිටින්නේ කාන්තාවක් නෙවෙයි ධර්ම දේශිකාවක් ඔය මොහොතේ. 



මේ තවත් අදසක්.

බුදූන්ගෙ ධර්මය වෙනස් නොකර ඉමු. 

ඔබ නිශ්චිතවම බුද්ධ නිර්වචනය කරන්න පුලුවන්ද ද එතකොට?

යෝ සොමං පස්සති ධම්මං පස්සති වක්කලි

කියලා බුද්ධ කිව්වේ එතකොට මොකක්ද අංගුත්තර නිකායෙහි තික නිපාතයේ කෙස මුත්ත සුත්‍රය හැටියට විමංසක සුත්‍රය හැටියට පොඩ්ඩක් කල්පනා කරලා උත්තර ප්‍රසම්පාදන කරන්න පුලුවන්ද ද?


එහෙනම් සාරියක් ඇදන් එන්නේ නැතිව සිවුරක් ඇදන් දස සිල්වත් අරන් එන්නනේ තිබුනේ ?.

  • ප්‍රශ්ණය තිබුනේ එතුමිය ඇද සිටි සුදු ඇදුමේ.

  • දේශණා කරන ලද කරුණු නෙමෙයි. 


ඇය කාන්තාවක් වීම විවේචණයට හේතුවක් වෙලා තිබුනා .තාමත් අප සමාජය කාන්තාවට මුල්තැනක් දීමට සුදානම් නැහැ.

ස්වාමීන් වහන්සේලා වගේම ගිහියන් ධර්ම දේශනාකිරීම අමුත්තක් විය යුතු නැහැ.

ගමන් අවබෝද කරගත් කරුණු තවත් අයට අවබෝධ කරදීමට දරන උත්සහාය අගේ කළ යුතුයි.

කාන්තාවක්වීම නොවැදගත් සාධයක් විය යුතුද ?.









A day in the life 
ජීවිතයෙන් දවසක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS