තෙරුවන් සරණයි .
සුබ අළුත් අවුරුද්දක් වේවා !.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2026-04-21
මුණු පොතයි - මමයි.
2026-04-15
අගුරු වු සත්‍යය - 3
මුලින්ම කිව්වේ ගල් අගුරු බාලයි, හැබැයි ටෙන්ඩර් එක හරියට දැම්මා කියලා.
ගල් අගුරු බාලයි.
ප්‍රධාන නිරීක්ෂණය
01. ගල් අගුරු බාලයි
02. අලු ප්‍රමාණය ( ඈශ් කන්ටෙන්ට් එක වැඩියි.)
උදාහරණයක්
Gross Calorific Value (GCV) - 4805 Kcal/Kg
Rejection limit - 5900 Kcal/Kg
Ash content 22%+ (limit 16%)තේරෙනවද කෙලපු තරම.
මේක නිසා බලාගාරයේ අඩුමිල විදුලි නිශ්පාදනය නැවතිලා වැඩිමිලට ඩීසල් බලාගාරයෙන් ගන්න වෙනවා.
post test Vs Plant Testමේකට වාර්තා දෙකක් ගන්නවා. එකක් පටවද්දී අදාළ රටෙන්, අනික බාද්දී ලංකාවේ බලාගාරයේ පරීක්ෂණ වාර්තාව.
පටවද්දී කොලිටි පාස්. හැබැයි බලපත්‍ර සහිත එහෙම කිසිම පරීක්ෂණාගාරයක් ලෝකේ කොහේවත් නෑ. ලොවෙත් බලපත්‍රයක් නැති තැනක වාර්තාව පිලිගන්න අමාත්‍යාංශයේ ඉන්නේ හාවෝද ?මේ වාර්තාවේ මේකෙන් අඩු වෙන විදුලි නිශ්පාදනය කරන්න යන පිරිවැය පාඩුව විදියට නෑ. ඒක තමයි වැඩිම පාඩුව. ඒ පුච්චන ඉන්ධන නිසා රටට වෙන පාඩුව, විදුලි බිලට වෙන පාඩුව නෑ.
බලාගරයට වගේම පරිසරයට වෙන පාඩුව ගනන් හදලා නෑ.
මැශින් කැඩෙන්න පුලුවන් බාල අමුද්‍රව්‍ය නිසා
නඩත්තු වියදම් වැඩි වෙන්න පුලුවන්
පරිසරයට සතාසීපාවට ජීවිත හානි වෙන්න පුළුවන්
මේ අලු පරිසරයට ගිහිල්ලා මිනිස්සුන්ට එක එක රෝග හැදෙන්න පුළුවන්.ඔය බාල බඩු වල කතාව.
ටෙන්ඩරය හරි කිව්වට ඒක තනිකරම බුලක්.
1. ලියාපදිංචි නොවූ සමාගමකට ටෙන්ඩරය දීම
ටෙන්ඩර් ජයගත් Trident company ටෙන්ඩර් දැන්වීම වෙද්දී
registration complete කරලා තිබුණේ නැහැ.
එහෙම ආයතනයකට ටෙන්ඩර්යට දාන්න දෙන්නෙත් නෑ.
හරිම පුදුම වැඩක්.
2. Tender procurement guidelines අනුගමනය නොකිරීම
ලෝක සම්මතය ටෙන්ඩරයක equal opportunity . හැමෝටම සාධාරණ වෙන්න ඕන. මේක එහෙම නෑ කියලා වාර්තාව කියනවා.
Fair Competition කියන්නේ ව්‍යාපාර ලෝකයම පිලිගන්න දෙයක්. හැබැයි අපේ ආණ්ඩුව එව්වා දන්නේ නෑ.
3. Tender submission time අඩු කිරීම
International standard Duration- සති 6ක්.
මේක මුලින්ම සති 5කට දාලා , පස්සේ සති 3කට අඩු කරනවා.
මෙහෙම කරන්නේම තරගය අඩු කරලා වැඩි පිරිසක් ඉදිරිපත් වෙන එක නවත්වන්න කියලා සාමාන්‍ය දැනීමක් තියෙන ඕන එකෙක් දන්නවා.
4. Tender documents / eligibility conditions වෙනස් කිරීම
ටෙන්ඩරයේ සුදුසුකම් ඇමෙන්ඩ්මට් දාලා , පස්සේ ආපහු අඩු කරල තියෙනවා. එහෙම කරන්නේ තමන්ට ටෙන්ඩර්ය දෙන්න ඕන ආයතනයට අදාළ සුදුසුකම් නැති නිසා කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්.
තව දිගට මේක තියෙනවා. මට ලියන්න කම්මැලියි. වෙන වැඩ තියෙනවා.
උඹලටත් මේ ලියපු ගාන ඇතිනේ තොරණේ විස්තරය තේරුම් ගන්න.
මේ තනිකරම සල්ලී හදිස්සියකට කරපු වැඩක් කියලා එලියෙන් ඉදලා බලන කෙනෙක්ට හිතන්න පුළුවන්.
සමහර විට ඇමැති මණ්ඩලය ඇතුලේ අලුත් අවුරුද්දට හොදම ගේ තෝරන තරගයක් තියෙනවා ද දන්නේ නෑ .
අපිට කෙල උනේ යුද්දේ නිසා නෙවෙයි
බාල ගල් අගුරු විතරක් නෙවෙයි
2026-04-12
අගුරුවු සත්‍යය - 2
ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සිදුව ඇති බවත්, අමාත්‍ය කුමාර ජයකොඩි එම ටෙන්ඩරය ලබාදීම සඳහා කිසිදු මැදිහත්වීමක් කර නොමැති බවත් එම විවාදයේ දී තවදුරටත් තහවුරු විය.
එහෙත් විපක්ෂයේ ඝෝෂාවට රැවටී ඇති බොහෝ අය, අමාත්‍යවරයා වංචාවක් සිදු කර ඇති බව තවදුරටත් විශ්වාස කරති.
ඒ පිරිස් අතරේ මාලිමාවට ඡන්දය දුන් අය සිටී නම්, මේ කරුණු අවධාරණය කර ගැනීම අත්‍යවශ්‍ය ය.
බලශක්ති අමාත්‍යාංශයේ පමණක් නොවේ......අනෙක් සෑම අමාත්යාංශයකමත්, පළාත්පාලන ආයතනයකමත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීමට කිසිවෙක්ට නොහැකි ය.
කිසිවෙක්ට තනි තීන්දු ගැනීමට ද නොහැකි ය. ආණ්ඩුවේ සියල්ල ක්‍රියාත්මක වන්නේ සාමූහික තීන්දු අනුව ය.
එයින් අදහස් කරන්නේ කෙනෙක්ට හොරකම් කිරීමට අවස්ථාවක් නැති බව නොවේ.
එහෙත් එවැනි හොරකමක්, වංචාවක් පිළිබඳව දැනගන්නට ලැබුණු පළවෙනි මොහොතේදී ම, තරාතිරම නොබලා ඔහුව අදාළ තනතුරුවලින් අයින් කිරීමට හැකි පක්ෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතී.
එවැනි හැකියාවක්, සහ සංවිධාන ශක්තියක් ඇත්තේ මාලිමාවට පමණ ය.
2026-04-11
අගුරු වු සත්‍යය. -1
විශ්වාසහංගයෙන් ගැලවුන ජයකොඩිට නීතියෙන් ගැලවීමක් නෑ.
බාල ගල් අඟුරු ගෙනත් රජයට පාඩු කිරීම සහ ඇමතිධූරයේ වගකීම පැහැර හැරීමට අදාලව බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ගෙනාව විශ්වාසභංගය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104කින් පරාජයට පත්වුනා.යෝජනාවට පක්ෂව ඡන්ද 49කුත්,විරුද්ධ ඡන්ද 153කුත් ලැබුණා.කොහොම උනත් මෙතනදී විපක්ෂ ගෙනාව විස්වාසභංගයට එහා ගිය දෙයක් රට හමුවේ පාරාජයට පත්වුනා.සත්‍යය පරාජයවෙලා බොරුව ජයග්‍රහණය කළා.
ජනතාවගේ මතය පරාජය වෙලා නීලකාස හොරු ජයග්‍රහණය කළා.ආණ්ඩුව ඇත්ත පරාජය කරලා හොරුන්ව දිනවලා තියනවා. මේ වැඩේ කළේ ජනතා විමුක්ති පෙරමුණ බව දැන් ඉතිහාසයේ ලියවිලා ඉවරයි.අවස්ථා දෙකකදී කිසිම දෙයක් බලාපොරොත්තු නොවී පක්ෂය වෙනුවෙන් දිවි පුදපු පරම්පරා දෙකක සුජාත උරුමය වර්තමාන කාලකණ්ණි ජෙප්පන් විසින් පාවලා දීලා.
" ලාංකීය විප්ලවයට ජයවේවා කියලා අප්‍රමාණ වධ වේදනාවලට ලක්වෙමින් මරණ තෝරාගත් පරපුරක ලේ උරුමය ජෙප්පෝ බාලා ගල් අඟුරුවලින් ලැබෙන සල්ලි කුට්ටිවලට පාවලා දීලා ඉවරයි. ජවිපෙට කාගෙන් බේරුණත් ජවිපෙ ඉතිහාසයේ සාපයෙන් කවදාවත් බේරෙන්න බෑ.ඒ දිවිපුදපු දස දහස් ගණන් සහෝදර සහෝදරියන්ගේ ආත්මවල සාපයෙන් ගැලවෙන්න අනුර,ටිල්වින් ඇතුළු ජවිපෙ තක්කඩින්ට කවදාවත්ම බෑ.ඊයේ ජෙප්පෝ පාර්ලිමේන්තුව ඇතුලේ සත්‍යය පාරාජය කළා.
මේ විස්වාසභංගය කියන්නේ විපක්ෂය කියපු දේශපාලන කතාවක් නෙවෙයි.මහජන උපයෝගිතා කොමිසමෙන් කියපු ඇත්ත කතාව සහ විගණකාධිපතිගේ වාර්තාවෙන් ඔප්පු කරලා පෙන්නපු ඇත්ත මෙතන තියනවා.IMF එක පවා පිලිගත්ත ඇත්ත ඒකයි.ජෙප්පෝ 153ක් එකතු වෙලා ඇත්ත පරාජය කළත් තවමත් යුක්තිය ඉෂ්ඨ කරගන්න නීතිය ඇතුලේ ඉඩක් ඉතිරිවෙලා තියෙනවා.ඒ වෙනුවෙන් ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගැන රටේ රාළ ඊයෙත් රට දැනුවත් කළා.
ඩයි සීයාගේ යමපල්ලන්ගෙන් ජීවිතය බේරගනිමින් මේ සටන කරන්න සිද්ධවෙලා තියන හින්දා මේ මොහොතේ මීට වැඩිය දෙයක් කරන්න රටේ රාළට බෑ.හැබැයි රටේ රාළ එකක් දන්නවා තව වැඩි දවසක් නෑ.මේ කිසිම දෙයක් නීතියට ඉහළින් නෑ. විගණන වාර්තාවක් කියන්නේ නෛතික ලේඛනයක්.ඒක පදනම් කරගෙන ඕනෑම පුරවැසියෙකුට අධිකරණය යන්න පුළුවන්. එතනදී දඬුවම් කරන්න ඕනි කාටද කියන ප්රශ්නය එනවා.
අපේ රටේ නීතියේ තියන වගන්ති,චක්‍රලේඛ සලකා බලද්දී මේ වගේ මහා පරිමාණ ප්‍රසම්පාදන වංචාවකදී දඬුවම් කරන්න ඕනි පුද්ගලයන් සහ ඒ සඳහා පදනම් කරගන්න පුළුවන් නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය රෙගුලාසි සහ අපරාධ නීතිය ඇතුළේ පැහැදිලිව තියනවා.රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වගකීම ස්ථර තුනක් යටතේ බෙදීයනවා.ඒ කියන්නේ දඬුවම් ලැබිය යුතු පාර්ශවයන් කවුද කියන එකයි.
මූල්‍ය රෙගුලාසි 124 යටතේ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙනවා.ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සියලු දෝෂ සම්බන්ධයෙන් එයා සෘජුව වගකියන්න ඕනි. ඊළඟට ප්‍රසම්පාදන කමිටුව (MPC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC).ලියාපදිංචි නැති සමාගම් තෝරා ගැනීම සහ ප්‍රමිති සහතික පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් මේ කමිටුවල සාමාජිකයන් වගකියන්න ඕනි.අනිත් කණ්ඩායම තමයි ලංකා ගල්අඟුරු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය.
ආයතනික තීරණ ගනු ලබන මට්ටමින් සිදුවූ අතපසුවීම් වලට එයාලා වගකියන්න ඕනි.ඒ වගේම අදාළ ඇමතිවරයා වගකියන්න ඕනි.කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමේදී වැරදි තොරතුරු ලබාදීම සහ දූෂිත ගනුදෙනුවලට දේශපාලන අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් වගකියන්න වෙනවා.අපේ රටේ නීතියේ ඇති ප්‍රතිපාදන අනුව මේ වංචාව සම්බන්ධයෙන් පුර්ණ නීතිමය රාමු 3ක් යටතේ නඩු පවරන්න පුළුවන්,
01.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත දැනට තියන ශක්තිමත්ම පනත ඒක.පනතේ 42 වන වගන්තියට අනුව යම් රාජ්‍ය නිලධාරියෙක් තමාට හෝ වෙනත් අයෙකුට අයුතු වාසියක් ලබාදීමේ චේතනාවෙන් රජයට පාඩුවක් වන බව දැන දැනම යම් ක්‍රියාවක් කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක්.මේ පනත යටතේ වරදකරු වන අයෙකුට වසර 10ක් දක්වා සිර දඬුවම් සහ රුපියල් මිලියනයක දඩයක් (හෝ රජයට වූ පාඩුව මෙන් තෙගුණයක්) පැනවෙන්න පුළුවන්.
02.1982 අංක 12 දරන පොදු දේපළ පනත.පොදු දේපල පනත යටතේ රුපියල් 25,000කට වඩා වැඩි රජයේ දේපළ (මුදල්) අවභාවිතයක් සම්බන්ධයෙන් පනතේ 5 වන වගන්තිය යටතේ නඩු පවරන්න පුළුවන්.විගණන වාර්තාවෙන් හෙළිවන රුපියල් කෝටි 224ක පාඩුව මේකට කෙළින්ම අදාළයි. මෙතන තියන සුවිශේෂත්වය වෙන්නේ සැකකරුවන්ට ඇප ලබාදීම ඉතා දුෂ්කර වීමයි (විශේෂ කරුණු මත පමණක් මහාධිකරණයෙන් ඇප ලබා ගත යුතුය).
03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(ඇ) වගන්තිය.මේ වගන්තිය මගින් විගණන සේවා කොමිෂන් සභාවට සහ විගණකාධිපතිවරයාට බලය ලබාදීලා තියනවා.යම් නිලධාරියෙක්ගේ නොසැලකිල්ල හෝ දූෂණය නිසා රජයට පාඩුවක් වෙලා තියනවා නම්,ඒ පාඩුව අදාළ නිලධාරියාගෙන් අය කර ගැනීමට (Surcharging) නියෝග කරන්න පුළුවන්.
මේ වංචනික ක්රියාවලියෝදී උල්ලංඝනය වෙලා තියන චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පහත සඳහන් රජයේ නීති පද්ධතීන් උල්ලංඝනය වෙනවා.
■ 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (Procurement Guidelines) -
● 2.1.1 වගන්තිය - සියලුම ප්‍රසම්පාදනයන් උපරිම විනිවිදභාවයකින් සහ තරඟකාරීත්වයකින් යුතුව සිදුවිය යුතුය.
● 7.9.1 වගන්තිය - ටෙන්ඩර්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම (Eligibility Criteria) අනිවාර්ය වේ. ලියාපදිංචි නැති සමාගම් තෝරා ගැනීම මෙතන තියන බරපතල නීති උල්ලංඝනයක්.
■ මුදල් රෙගුලාසි (Financial Regulations - FR).
● FR 135 - 139: ගෙවීම් සහ ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම දක්වලා තියනවා.
■ ප්‍රසම්පාදන චක්‍රලේඛ (Procurement Circulars).
හදිසි මිලදී ගැනීම් (Emergency Purchases) කරන්න පුළුවන් හදිසි තත්ත්වයකදී මිසක කෘත්‍රිමව හිඟයක් මවා පෙන්වලා කලින් ප්‍රතික්ෂේප කරපු සමාගම්වලින් මිලදී ගැනීමට නෙවෙයි.
"ගල් අඟුරු කාලා බැලුවේ නෑ " වගේ දේශපාලන ප්‍රකාශ නීතිය ඉදිරියේ වලංගු නෑ.ආයතනික වගකීම (Vicarious Liability) කියන මූලධර්මය අනුව තමන් යටතේ සිටින නිලධාරීන් කරන වංචාවන් සම්බන්ධයෙන් ඇමතිවරයා සහ ලේකම්වරයා වගකියන්න ඕනි.මේ විගණන වාර්තාව පදනම් කරගෙන නීතිපතිවරයාට සෘජුවම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට බලය තියනවා.ඕනි වෙන්නේ දේශපාලන බලපෑමට යට නොවී නීතිය ක්‍රියාත්මක කරගැනීමේ කොදු නාරටියක් විතරයි.
වංචා කරන පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය ඉන්න ජනාධිපති මේකට වගකියන්න ඕනි නීතිමය සහ සදාචාරයමය තත්වය ගැන හෙට කතා කරමු.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
2026-03-27
බස් කථා බස්. පම්පෝරි
එය හොඳ වැඩක් අගය කළ යුතුයි..

හැබැයි සමහරුන් එම සිදුවීම ලංකා ඉතිහාසයේ එවැන්නක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙන් එය සමහරු න් විස්තර කරනවා.
අතීතයේ විශිෂ්ට සේවාවක් කළ මිනිසුන්ට එයින් සිදුවන්නේ අසාධාරණයක්..


දරුණු ලෙස අසත්‍ය සමාජගත කරමින් හැත්තෑ පස් වසරක ශාපයක් ගැන උදේ සවස රෑ කෑමට පෙර කෑමට පසු සමාජගත කළ ඒ අසත්‍ය කතාව නිසා ,අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙක් අතීතය කෙරෙහි වෛරයකින් සිටිනවා..
හැබැයි මේ පොළොවේ ඉතිහාසයේ සත්‍ය ඊට වඩා වෙනස්..
මම සිදුවීම් තුනක් පමණක් කියන්නම්.
අනිල් මුණසිංහ මෙරට දේශපාලනයේ ඉතිහාසයේ සිටි විශිෂ්ට නායකයෙක්..
ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයේ ඔහු යෙදී සිටියා.
ඔහු මෙරට ප්‍රවාහන ක්ෂේත්රය පිළිබඳ ව ඉහළම වගකීම් දැරූ කෙනෙක්.
ඒ ලංගම සභාපතිවරයා වශයෙන් සහ ප්‍රවාහන ඇමතිවරයා වශයෙන්..
ඔහු එම තනතුරු දරන කාලයේද ලංගම සඳහා බස් ආනයනය කරනු ලැබුවා..
එවකට මෙරට ප්‍රවාහන පද්ධතියේ වැඩි වගකීම් කොටසක් දැරුවේ ලංගමය..
එලෙස බස් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කර ලැබූ අවස්ථාවක ඒ වෙනුවෙන් දෙනු ලබන කොමිස් මුදලක් අදාළ සමාගම විසින් ප්‍රධානය කිරීමට සූදානම් වූ විට,
අනිල් මුණසිංහ මැතිතුමා සිදු කළේ එම මුදලට සරිලන ෆියට් වර්ගයේ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ඒ වෙනුවෙන් අදාළ සමාගම හරහා ලබාගෙන,
ඒවා ලංකාව පුරා ලංගම ඩිපෝවල නිලධාරීන්ගේ රාජකාරියමය කටයුතු සඳහා බෙදාහැරීමට කටයුතු කළා..
එකල ලංගම ටිකට් පරීක්ෂකවරුන් එම වාහන තම රාජකාරි කටයුතුවලදී යොදාගත් බව මට මතකයි..
එදා අනිල් මුණසිංහලා ඒවායින් පෞද්ගලික ප්‍රසිද්ධ ලබා ගැනීමට හෝ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළේ නෑ ..
මම තවත් සිද්ධියක් කියන්නම්.
එය එම මේ කියන අදාල සිද්ධියෙන් බොහෝ කලකට පසුව ,
එක්සත් රාජධානියේ පැවති තුන්වැනි ලෝකයේ දේශපාලනය සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකදී යුරෝපීය රටක දේශකයෙක් විසින් සඳහන් කරනු ලැබූ දෙයක්..
ඔහු ලෝකයේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක ඉහළ නිලධාරියෙක් ලෙස අතීතයේ කටයුතු කර තිබෙනවා..
ඔහු සේවය කළ සමාගමට අදාළ අනු සමාගමක් එකල ලංකාවේ ක්‍රායාත්මක වී තිබෙනවා..
ඒ 1960 දශකයේ මුල් භාගය.
රක්ෂණ ව්‍යාපාරය තනිකරම පෞද්ගලික සමාගම් විදෙස් පෞද්ගලික සමාගම් සතුව මෙරට ක්‍රියාත්මක වූ කාලය ..
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රථම පාලන කාලය තුළදී රක්ෂණ ෂේත්‍රය ජනසතු කර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටි කාලය..
එම කටයුත්ත භාරව කටයුතු කළේ එවකට ක්ෂේත්රය භාර අමාත්‍යවරයා වූ ටී.බී.ඉලංගරත්න මැතිතුමා...
එතුමා එම ව්‍යාපාරයෙන් විදෙස් රටවලට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය නවතා එය ශ්‍රී ලංකාරක්ෂණ සංස්ථාව මගින් රාජ්‍ය සංස්ථාවක් වෙත ලබා ගැනීමේ කටයුත්ත සඳහා යුහුසුළුව ඉක්මනින් ක්‍රියාත්මක වෙමින් සිටියා..
එම අවස්ථාවේදී අදාළ සමාගමේ නියෝජිතයන් අමාත්‍යවරයා හමුවී තිබෙනවා..
අමාත්‍යවරයාට විශාල මුදලක් විදෙස් රටක හෝ තැන්පත් කරන්නට ඔවුන් සූදානම් වී තිබෙන්නේ එම කටයුත්ත එක වසරකින් ප්‍රමාද කර දෙන ලෙසට ඉල්ලීමක් කරමින්....
ඒ මාස කීපයක් තුළදී ඔවුන්ට සිදුවන අහිමිවීම් වළක්වා ගැනීමටයි..
ටී.බී .ඉලංගරත්න අමාත්‍යවරයාගේ පිළිතුර වී තිබෙන්නේ,
" මට ඔබට එක උදව්වක් කරන්න පුළුවන්..
ඔබ මෙවැනි ඉල්ලීමක් මගෙන් කළ බව මා කිසිවෙකුටත් කියන්නේ නෑ..
ඒ ඔබ ඒ අපහසුවට පත්වන නිසා.
නමුත් මට එක දිනයකින් වත් මේ ක්‍රියාවලිය ප්‍රමාද කරන්න බැහැ..
මගේ වගකීම මගේ රටට යහපතක් වන දෙයක් ඉක්මනින්ම ඉටු කර දී එහි ප්රතිලාභ මගේ ජනතාවට ලබාදීමයි. "
එම නිලධාරියා බොහෝ කලකට පසුව වෙනත් රටකදී එම ප්‍රකාශය කරන තෙක් ඉලංගරත්න මහතා එවැනි දෙයක් කරා යැයි කියමින් දේශපාලන ජනප්‍රියත්වයක් ලබාගැනීමට කටයුතු කළේ නෑ..
එමෙන්ම බණ්ඩාරනායක මැතිණිය ගේ දෙවන ධුර කාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටින කාලයේ ,
ඉඩම් අක්කර පනහේ සීමාවේ නීතිය,
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යටතේ ගෙන එනු ලැබුවා..
එහිදී අක්කර පනහට වැඩි ඉඩම් ප්‍රමාණයක් හිමි අයගේ, වයස අවුරුදු 18 වැඩි එක් අයෙකුගේ අක්කර පනහට වැඩි ඉඩම් විශ්වාස ඉඩම් රජයට පවරා ගනු ලැබුවා..
තමාගේ නායකත්වය යටතේ තම රජය විසින් හෙක්ටරූ කොබ්බෑකඩුව ඉඩම් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා ,
බණ්ඩාරනායක මැතිණියට සහ
බණ්ඩාරනායක මැතිතුමාට සිය පරම්පරාවලින් හිමිව තිබූ අක්කර දහස් ගණනක් රජයට පැවරීමට සිදුවුණා..
එමෙන්ම එම පනත පාර්ලිමේන්තුව ගෙන ඒමට සහ ඒ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාද තමාට සහ තම පවුලට හිමි ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් තමා විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පණත යටතේ රජයට පවරා දෙනු ලැබුවා..
දැන් සමහරු හිතන් ඉන්නේ අතීතයේ සිටි නායකයන් මේ රටට කිසිම දෙයක් නොකළ මිනිසුන් කොටසක් කියා..
නමුත් ඉතිහාසයේ මේ රටට වැඩක් කළ මේ රටට ආදරය කළ පරිත්‍යාගශීලී නායකයන් මේ මහ පොළොවේ ජීවත් වී මේ මහ පොළොවට මිහිදන් වී ඇති බව අතීතයට ශාප කරන මිනිසුන් දැනගත යුතුයි..
සමහර අය සර්වතෝභද්‍ර යැයි සිතා සිටින නායකයන්ට වඩා මේ මිනිසුන් නිහඬව මහ මෙහෙයක් කළ මිනිසුන්..
අනාගතයේ කවදා හෝ දිනෙක ගල් පිළිම සහ බොල් පිළිම වෙන් කරගත හැකි වනු ඇති.
2026-03-25
අපිට ඇදන් කතාවක්. - ජපුර රෝහල
අපිට ඇදන් කතාවක්.
දාහක් ප්‍රශ්න තියෙන රටේ. ඇදත් මාතෘකාවක් කොට දවසක් දෙකක් ගත කරන්න අපිව යොමු කරලා.
ස්තුතියි ! .ප්රචාරක බලකා දෙකටම.
ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා අපූරු දේශකයෙක්. එතුමාගේ කතා තුල තියෙන උපහාහසාත්මක බවත් එක්තරා ගැඹුරක් තියෙනවා.
මේ එක්දහස් එක් වෙනි ඇදත් ඒ වගේ අදහසක්.
1978 වසරේදී ජපන් රජයේ රාජත්‍රාන්තික නියෝජිත පිරිසක් එවකට රාජ්‍ය නායකයා වූ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා හමුවුනා. එහිදී සිදුවු කතාබහ අතර
"ඔබ අපට [ජපානයට] නිදහස ලබාදීමට කැපවුණු නායකයා. ඒ වෙනුවෙන් ජපන් ජනතාව වශයෙන් අප ඔබට තිළිණයක් ලබාදිය යුතුයි. ඕනෑම දෙයක් ඉල්ලන්න, අප එය ඉටු කරන්නම්."
එම අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඔවුන්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා:
"ජපන් ආණ්ඩුව පරිත්‍යාගයක් ලෙස කිසියම් රටකට රෝහලක් ලබා දී තිබේද?"
ජපන් නියෝජිතයන් පැවසුවේ ඔවුන් උදව් කර ඇති බවත්, එතුමාගේ ඉල්ලීම කුමක්දැයි දැනගැනීමට කැමති බවත්ය. ඒ අනුව ඇඳන් 1001 සහිත අංග සම්පූර්ණ රෝහලක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියා.
ඇඳන් 1001 කුමකටදැයි විමසූ විට එතුමා උපහාසයෙන් සහ නිහතමානීව මෙසේ ප්‍රකාශ කළා:
"ඇඳන් 1000 මහජනතාවට, ඉතිරි එක ඇඳක් මට!"
ඒ අනුව, ජපන් රජයේ ආධාර ඇතිව ඉදිකළ විශාලතම රෝහල අප රටට ලැබුණා. මෙය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති දැඩි මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ඉතිහාසයට එක්වුණා.
ජේ.ආර්. ජයවර්ධණ මහතාගේ එක්වෙනි ඇද අපේ මිනිස්සු දිගින් දිගටම නඩත්තු කලා.
–gallery / ගැලරිසුන්දර අතීත මතක-Beautiful past memories....!
කොළඹ නගරයේ කාර්යබහුල තදබදයෙන් මඳක් ඈතට වන්නට, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික භූමිය මැද අභිමානයෙන් නැගී සිටින ඒ දැවැන්ත සුදු පැහැති ගොඩනැගිල්ල බොහෝ දෙනෙකුට එය හුදෙක් රෝගීන් සුවපත් කරන රෝහලක් පමණක් වුවත්, එහි බිත්ති අතර සැඟවී ඇති ඉතිහාසය ඕනෑම ගවේෂණාත්මක වාර්තා වැඩසටහනකට වස්තු විෂය විය හැකි තරම් ප්‍රබල එකකි.
ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල යනු හුදෙක් සිමෙන්ති සහ ගඩොලින් ඉදිවූවක් නොව, එය ජාතීන් දෙකක් අතර ඇති වූ අසිරිමත් බැඳීමක, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ මහා ප්‍රාතිහාර්යයක ජීවමාන ස්මාරකයක්.
ලෝක යුද්ධයක අළු මතින් නැගී සිටි ජාතියක සහ වෙනුවෙන් ලෝකය ඉදිරියේ පෙනී සිටි එක් මිනිසෙකුගේ කතාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහල නිර්මාණය වන්න හේතු වෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය කිසිදු මුදල් අය කිරීමකින් තොරව ජපානයෙන් අපට ලැබුණු "කෘතඥතා පූර්වක තෑග්ගක්" වීමයි.
1951 සැන් ෆ්රැන්සිස්කෝ: ලෝකය ජපානයට එරෙහි වූ මොහොත
දෙවන ලෝක යුද්ධය අවසන් වී තිබුණේ ජපානය අන්ත පරාජයකට පත් කරමිනි. හිරෝෂිමා සහ නාගසාකි නගර මත පතිත වූ පරමාණු බෝම්බවල දුමාරය තවමත් ජපාන අහසේ රැඳී තිබූ ඒ වකවානුවේ, ලෝක බලවතුන් සැන් ෆ්රැන්සිස්කෝ නගරයට රැස් වූයේ ජපානයේ අනාගතය තීරණය කිරීමටයි. එදා එතැන සිටි බොහෝ රටවල අභිලාෂය වූයේ ජපානය තවදුරටත් පාගා දැමීමයි.
ජපානයට දැඩි ආර්ථික සම්බාධක පැනවීම.
ජපානයේ දියුණුව සීමා කිරීම සඳහා ඔවුන්ගේ කර්මාන්ත ශාලා අක්‍රිය කිරීම.
යුද වන්දි ලෙස ජපානයෙන් විශාල මුදලක් අය කර ගැනීම.
ලෝකයේ බලවත් රටවල් ජපානය කැබලිවලට බෙදා ගැනීමට සැරසෙද්දී, මුළු මහත් ආසියාවම වෙනුවෙන් හඬක් නැගීමට ඉදිරිපත් වූයේ එවකට ලංකාවේ මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතායි.
"නහී වේරේන වේරානි" - ලෝකයම නිහඬ කළ සිංහල හඬ
සමුළුවේදී තීරණාත්මක කතාවක් කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට අවස්ථාව ලැබුණි. ඔහු වේදිකාවට ගොඩ වූයේ හුදෙක් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස නොව, බුදුදහමෙන් පන්නරය ලැබූ දාර්ශනිකයෙකු ලෙසිනි. එදා ඔහු පැවසූ වචන කිහිපය අදටත් ජපානයේ ඉතිහාස පොත්වල රන් අකුරින් ලියවී ඇත.
"වෛරයෙන් වෛරය නොසන්සිඳේ, මෛත්‍රියෙන් වෛරය සංසිඳේ." (නහී වේරේන වේරානි)
ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දහම් පණිවිඩය මුළු ලෝකයටම ඇසෙන සේ ප්‍රකාශ කළ ඔහු, ලංකාව ජපානයෙන් කිසිදු යුද වන්දියක් බලාපොරොත්තු නොවන බව ප්‍රකාශ කළේය. ජපානයට නිදහස දිය යුතු බවත්, ඔවුන්ට නැවත නැගී සිටීමට ඉඩ දිය යුතු බවත් ඔහු තර්ක කළේය. මේ කතාවෙන් මුළු සමුළුවම නිහඬ වූ අතර, අවසානයේ ජපානයට පැනවීමට ගිය දැඩි කොන්දේසි ඉවත් කර ගැනීමට ලෝක බලවතුන්ට සිදු විය.
ජපානය අද ලෝකයේ ආර්ථික දැවැන්තයෙකු වී සිටින්නේ එදා ජේ.ආර්. ජයවර්ධන මහතා එදා තැබූ ඒ සදාචාරාත්මක පදනම නිසා බව ඔවුන් අදටත් විශ්වාස කරයි.
ජපානය හඬා වැටුණු දවස සහ හදවතින්ම කළ උපහාරය
1980 දශකය උදා වන විට ජපානය ලෝකයේ දියුණුම රටක් බවට පත්ව තිබුණි. නමුත් ඔවුන් තම දුෂ්කර කාලයේදී තමන් වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ ඒ සුවිශේෂී මිනිසාව සහ මේ කුඩා දූපත අමතක කළේ නැත. 1983 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, ජපානය තීරණය කළා තමන්ට කළ ඒ මහා උපකාරයට "කළගුණ සැලකීමක්" ලෙස යමක් ලබා දීමට.
ඒ අනුවයි ජපානයේ පූර්ණ අනුග්‍රහය සහ තාක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල ඉදි වන්නේ. මෙය සාමාන්‍ය රෝහලකට වඩා එහා ගිය පහසුකම්වලින් සමන්විත වූවකි. රෝහල ඉදි කරන විට ජපන් රජය එක් සුවිශේෂී තීරණයක් ගත්තේය. ඒ, මේ රෝහල තෑගි කිරීමට මුල් වූ පුද්ගලයාට එනම් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට රෝහල තුළ සුවිශේෂී ඉඩක් වෙන් කිරීමයි.
රෝහලක් තුළ සැඟවුණු රහස් "රාජකීය" කාමරය
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 10 වන වාට්ටුව (Ward 10) හෝ ඒ අවට ප්‍රදේශයේ පිහිටා ඇතැයි කියන මේ විශේෂිත ඒකකය ගැන බොහෝ දෙනෙක් අසා ඇතත් එය දැක ඇත්තේ ඉතා සුළු පිරිසකි. මෙය හුදෙක් රෝගීන්ට ප්‍රතිකාර කරන සාමාන්‍ය කාමරයක් නොවේ. එය ජපානය විසින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වෙනුවෙන්ම කළගුණ සැලකීමක් ලෙස නිර්මාණය කළ "Presidential Suite" එකකි.
මෙම විශේෂ කාමරය නිර්මාණය කිරීමේදී ජපන් ඉංජිනේරුවන් දැක්වූ උනන්දුව අතිශය පුදුම සහගතය. ඒ පිළිබඳව ඇති තොරතුරු කිහිපයක් මෙසේය:
ආරක්ෂක විධිවිධාන: රාජ්‍ය නායකයෙකුට අවශ්‍ය උපරිම ආරක්ෂාව සහිතව, හදිසි අවස්ථාවකදී පිටවීමට හැකි රහස් මාර්ග සහ සන්නිවේදන පද්ධති මෙහි ඇතුළත් කර තිබූ බව පැවසේ.
ජපන් තාක්ෂණය: එකල ලංකාවේ කිසිදු රෝහලක නොතිබූ අති නවීන වෛද්‍ය උපකරණ සහ ස්වයංක්‍රීය පාලන පද්ධති මෙම කාමරය තුළ ස්ථාපිත කර තිබුණි.
සුවපහසුව: ජනාධිපතිවරයෙකුට සිය රාජකාරි කටයුතු රෝහලේ සිටම සිදු කළ හැකි වන පරිදි කුඩා කාර්යාලයක් සහ අමුත්තන් පිළිගැනීමේ ශාලාවක් පවා මෙයට ඇතුළත් විය.
පෞද්ගලිකත්වය: සාමාන්‍ය රෝහල් කාර්ය මණ්ඩලයට පවා ඇතුළු විය නොහැකි තරම් දැඩි රහස්‍යභාවයක් මෙහි පවත්වාගෙන ගිය බව සඳහන් වේ.
බොහෝ දෙනෙක් පවසන්නේ ජපානය මෙවැනි දෙයක් කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට කළ සේවය කිසිදා මිල කළ නොහැකි නිසා බවයි. එය හුදෙක් කාමරයක් නොව, ජාතියක් තවත් පුද්ගලයෙකුට දැක්වූ උසස්ම ගෞරවයයි.
කළගුණ සැලකීමේ ජපන් කලාව:
අදටත් නොනැසී පවතින උරුමය අදටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඒ සුවිශේෂී කොටස පවතින්නේ රටේ ප්‍රභූවරුන් සහ රාජ්‍ය නායකයන් සඳහා වෙන් වූ ස්ථානයක් ලෙසයි. ජේ.ආර්. ජයවර්ධන මහතා මියයන තුරුම ජපානය සමඟ පැවති ඒ සමීප සබඳතාවය පවත්වාගෙන ගියේය. රෝහල ඉදි කර අවසන් වූ පසු ජපන් නියෝජිතයන් පවසා ඇත්තේ, "අප මේ ලබා දෙන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොව, අපේ හදවතේ කෘතඥතාවයයි" යනුවෙනි.
මෙම රෝහල තුළ ඇති ඒ විශේෂ කාමරයේ ඉතිහාසය දෙස බලන විට අපට පෙනී යන සත්‍යයක් තිබේ. එනම්, දේශපාලන බලපෑම්වලින් ඔබ්බට ගිය මානව හිතවාදී සබඳතාවන් ලෝකය වෙනස් කිරීමට සමත් වන බවයි.
–නදීෂා රංගන
#HistoryOfSriLanka #JRJayewardene #JapanSriLankaFriendship #SJGH #InvestigativeJournalism #Vishwakarma #SanFranciscoConference #JapaneseGrant #PresidentialSuite #HiddenHistory #SriLankaPolitics
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගමන් මඟ:
ඉදිකිරීම් ආරම්භය: 1979 වර්ෂයේදී. (JICA ආයතනයේ මැදිහත් වීමෙන්).
නිල විවෘත කිරීම: 1984 සැප්තැම්බර් 17 දින, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන්.
සුවිශේෂී අවස්ථාවක්: මෙම විවෘත කිරීමේ උත්සවයට එකල ශ්‍රීලනිපයේ නායිකා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද එක්වීම විශේෂත්වයක්.
අරමුණ: රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට සහ නවීන-තාක්ෂණික සෞඛ්‍ය සේවාවක් සැපයීමට.
පාලනය: 1983 අංක 54 පනත යටතේ පාලක මණ්ඩලයක් මගින් පවත්වාගෙන යනු ලබයි. මෙය පශ්චාත් උපාධි පුහුණු (Graduate & Post Graduate Training) රෝහලක් ලෙසද ක්‍රියාත්මක වේ.
සීරුවෙන් සිටින් . - ඉන්ධන අර්බූදය
මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත දැඩි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් පී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ඉන්ධන, විදුලිය සහ ආයතනික මෙහෙයුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් පෙන්වා දී ඇත.
ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.
(මාර්ගෝපදේශ - අංක 01)
මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල වගකීමකි. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙනයාම තහවුරු කරනු පිණිස පහත සඳහන් මාර්ගෝපදේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.
1. කාර්යාල කාර්යය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනා කරණය.
නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රම වේද (Carpooling) භාවිතා කළ යුතුය.
ක්ෂේත්‍ර රාජකාරි සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගත හැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු අතර, එය මාණ්ඩලික නිලධාරියෙකුගේ අධීක්ෂණයට යටත් විය යුතුය.
රැස් වීම සහ සාකච්ඡා සඳහා නිලධාරින් දුර බැහැර සිට කැඳවීම සීමා කළ යුතු අතර, ඒ WhatsApp ຫຼວ ລີ ຜ Zoom, Google Meet, Ms Teams, තාක්ෂණික ක්‍රම වේද අනිවාර්යයෙන් භාවිතා කළ යුතුය.
සියළුම ලිපිලේඛන සහ තොරතුරු හුවමාරුව සඳහා විද්‍යුත් තැපෑල (E-mail) හෝ WhatsApp වැනි විද්‍යුත් ක්‍රමවේද භාවිතා කරමින් කළ යුතු අතර භෞතිකව ලිපිලේඛන ප්‍රවාහනය අවම කළ යුතුය.
සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ඉන්ධන තොග හිඟයකින් තොරව ලබාදීමට අතිරේක ඉන්ධන සංචිත පවත්වාගෙන යායුතු අතර, ඒ සඳහා අවශ්‍ය ධාරිතාවයන් නිසි ලෙස සකස් කරගත යුතුව ඇත.
රාජ්‍ය අංශය සතුව දැනට ධාවන තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව 92,000 ක් පමණය. ඒ අනුව එක් වාහනයකින් දිනකට ඉන්ධන ලීටරයක් ඉතිරි කර ගතහොත් සියළුම වාහන වලින් දිනකට ඉන්ධන ලීටර් 92,000 ක් පමණ ඉතිරි කරගත හැකිය. එමගින් මාසිකව ඉන්ධන ඉන්ධන ලීටර් 9,200,000 සහ වාර්ෂිකව ඉන්ධන ලීටර් මිලියන 110 ක් පමණ ඉතිරි කර ගතහැකිය. ඒ අනුව අදාළ නිලධාරින් සහ රියදුරු මහතුන් දැනුවත් කර වැඩ පිළිවෙලක් ආයතන මට්ටමින් සකස් කර ගත යුතුව ඇත.
2. විදුලිය සහ බලශක්ති සංරක්ෂණය.
ස්වාභාවික ආලෝකය හැකි සෑම විටම භාවිතා කිරීම හෝ sky lights භාවිත කිරීම. (උදා. Solar tube type, prismatic type)
හැකි සෑම විට ම මේස ලාම්පු භාවිතා කර සාමාන්‍ය විදුලි පහන් නිවා දැමීමට හැකි වන සේ කටයුතු කිරීම. රාත්‍රී කාලයේ දී අවශ්‍යම ස්ථාන වල පමණක් විදුලි බල්බ දැල්වීමට මුරකරුට හා අදාළ සේවකයින්ට උපදෙස් දීම.
හැකි සෑම අවස්ථාවකදීම වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතා කිරීම ( මේස විදුලි පංකා (Table fan) හෝ සිටුවන විදුලි පංකා (Pedestal fan) සීලිං විදුලි පංකාවලට වඩා බලශක්ති කාර්යයක්ෂමතාවයෙන් ඉහළය.)
අවට පරිසරයේ උෂ්ණත්වය අවම උදෑසන කාලයේ දී ආයතනවල ජනෙල් විවෘත කර ස්වභාවික වාතාශ්‍රය නිසි පරිදි ලැබීමට ඉඩ සලස්වාගත යුතු අතර, අවම වශයෙන් රාජකාරි වේලාව තුල දිනකට පැය 01/02 ක් පමණ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර වායුසමීකරණ යන්ත්‍රවල අවශ්‍යතාවය නොමැති ප්‍රදේශ වල දී එම යන්ත්‍ර හැකි සෑමවිටම සම්පුර්ණයෙන්ම අක්‍රීය කර තැබීමට පියවර ගත යුතුය.
වායු සමීකරණ යන්ත්‍ර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක පවත්වා ගැනීම අනිවාර්ය වේ. (නිවර්තන දේශගුණයක් සහිත රටක් වන ශ්‍රී ලංකාවට උචිත අගය සෙල්සියස් අංශක 26 බව තිරසාර බලශක්ති අධිකාරිය සහ බලශක්ති කාර්යක්ෂමතා විශේෂඥයින් හඳුනා ගෙන ඇත).
පළාත් පාලන ආයතන මඟින් පාලනය වන විදි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දැමීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ගවල හැර අනෙකුත් සියළුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දැමීම.
දිවා ආලෝකය උපරිමයෙන් භාවිත කළ යුතු අතර, අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීමටත්. රාත්‍රී කාලයේදී අත්‍යවශ්‍යම ස්ථාන සහ මාර්ග වලට පමණක් විදුලිය දැල්වීමට බලධාරීන් පියවර ගත යුතුය.
ආයතනවල විදුලි සෝපාන භාවිතය අවම කර හැකිතාක් පියගැටපෙළ භාවිතා කිරීම ප්‍රවර්ධනය කළ යුතුය.
ප.ව. 09.00 න් පසු වෙළඳ දැන්වීම් / ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල ඇති විදුලි ආලෝක පුවරු / හිර අක්‍රීය කිරීම කළ යුතු අතර දිවා කාලය තුලදී ද ආයතන වල ඇති රූපවාහීනි යන්ත්‍ර අක්‍රිය කළ යුතුය.
3. ආයතනික මෙහෙයුම් ක්‍රියාපටිපාටි.
ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම්, කාර්ය මංඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද (online) හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුය.
නියමිත රාජකාරි වේලාවෙන් පසුව සහ සති අන්ත දිනවල (අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර) කාර්යාලය වසා තැබීමට වගබලා ගත යුතුය.
පසුගිය මාසයට සාපේක්ෂව විදුලිය සහ ඉන්ධන භාවිතය කොපමණ ප්‍රමාණයකින් ඉතිරි කර ඇද්දැයි පරික්ෂා කිරීම සඳහා සෑම ආයතනයක්ම විශේෂ අධීක්ෂණ සහ ඇගයීමේ ක්‍රම වේදයක් සකස් කළ යුතු අතර, එම වාර්ථා අවශ්‍ය වූ විටක ලබාදීම සඳහා සූදානම් විය යුතුය.
සියලුම රාජ්‍ය නිලධාරින් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේදී මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු අතර, ජාතික බල ශක්ති සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් තම උපරිම සහාය ලබා දිමට වගබලා ගත යුතුය.
A day in the life
2026-03-21
අධිකරණ ඇමති
නිදහසෙන් පසු 1948 සිට සිට ශ්‍රී ලංකාවේ අධිකරණ/නීති (Justice / Law) අමාත්‍ය ධූරය දරපු මහත්වරුන් ගැන සොයන්න මීදුමට හිතුනා.
විශේෂ හේතුවක් තියෙන්නත් එපාය.
අපේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අභිරූප රංගණ ශිල්පියෙක් වෙලා.
ලිංගිකත්වය මේ පාර්ලිමේන්තු කාලයේ ජනප්‍රිය මාතෘකාවක්.
ඒ වගේම සරල ව්‍යවහාරයක්.
සාමන්‍යයෙන් මුඩුක්කු ව්‍යවහාරයේදී සුලබ එමෙන්ම නොසලකා හරින මේ වාග් විලාශයන් වර්තමානයෙත් නිතර අහන්න දකින දේවල්.
ඒකත් සිස්ටම් චේන්ජ් එකක්.
1947 සිට 1956 දක්වා එච්.ජේ.සී පෙරේරා මහතා අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරලා තියෙනවා.
ඊ.බී .වික්‍රමනායක 1956 දී අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරනවා.මේ කාල වකවානුව අපේ වයසේ අයට සිහිපත් කරන්න පුළුවන් කාලයක්.
අපරාධ යුක්ති විනිශ්චය සභාව වැනි විනිශ්චය සභා නිර්මානය වුනේ මේ කාලේ.
1956 - 1977 සෑම් පී.සී ප්‍රනාන්දු ,සී.පී ද සිල්වා,ෆීලික්ස් ඩයස් බණ්ඩාරණයක යන මහත්වරු අමාත්‍ය ධුරයේ වගකීම් දරුවා.
ජනරජ පනත වැනි සුවිශේෂි අණ පනත් පාර්ලිමේන්තුවට ආවේත් ජාතික රාජ්‍ය සභාව ඇතිවුනේත් මේ කාලයේ.
1977 ජේ.අර් - ප්‍රේමදාස ගේ යුගය 1977 -1994 දක්වා නිශ්ශංක විජේරත්න , ලලත් ඇතුලත්මුදලි,එච් ඩබ්ලිව් ජයවර්ධණ රංජන් විජේරත්න,
චන්ද්‍රීකා යුගය 1994 -2005 ජී.එල් පීරිස් බී.ජී.පී.එස්.ඩී ඒකනායක ඩබ්ලිව්. ජේ .එම් ලොකුබණ්ඩාර ,ඩිලාන් පෙරේරා ,මිලින්ද මොරගොඩ රාවුෆ් හකීම්
2015 -2026 විජේදාස රාජපක්ෂ , තලතා අතුකෝරළ අලි සබ්ර්
අධිකරණ අමාත්‍ය ධුර දැරු අමාත්‍යවරුන්.
මෙතුමන්ලාගේ චරිත ලක්ෂණ හදාරණ ගමන් වර්තමාන රජයේ හර්ෂණ නානායක්කර අමාත්‍යවරයා සසදන එක ඔබට භාරයි.
මේ වියමන මුණු පොතෙන් උපුටා ගත්තක්.
වියමන කරලා තිබුනේ ප්‍රියන්ත ප්‍රනාන්දු .
අධිකරණ ඇමති මට මැද ඇගිල්ල පෙන්නලා,දිව දික් කරා – මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි
March 20, 2026 iri news
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා තමන් වෙත මැද ඇඟිල්ල පෙන්වමින් සහ දිව දික් කරමින් අතිශය අසභ්‍ය හා නින්දිත ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (20) සජීවී වීඩියෝවක් මගින් බරපතල චෝදනාවක් එල්ල කළා.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උඩුයටිකුරු කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු මෙලෙස හැසිරීම සමස්ත උත්තරීතර සභාවටම සිදුකළ අපහාසයක් බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.
නීතිපති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරමින් ප්‍රාදේශීය නීතිපති කාර්යාල ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව අජිත් පී. පෙරේරා මහතා මීට වසරකට පමණ පෙර යොමුකර තිබූ ප්‍රශ්නයකට අද දින අමාත්‍යවරයා පිළිතුරු දීමට නියමිතව තිබුණු නමුත් අමාත්‍යවරයා එම ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැරි බවත්, ඒ පිළිබඳව මන්ත්‍රීවරයා කතානායකවරයාට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අශෝභන හැසිරීම සිදුකර ඇති බවත් අජිත් පී පෙරේරා මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යවරයෙකු ලෙස පත් කරන්නේ ඉතාමත් සංයමයකින් සහ වගකීමකින් කටයුතු කරන අයෙක් වුණ නමුත් මෙලෙස උගත් යැයි කියාගන්නා, පාර්ලිමේන්තු සම්ප්රදාය වෙනස් කිරීමට පැමිණි අයගේ හැසිරීම අතිශය කනගාටුදායක බවයි.
එමෙන්ම මේ මට්ටමට පල්ලෙහාට වැටිච්ච අවස්ථාවක් මගේ තුන්වෙනි පාර්ලිමේන්තු වාරය තුළ මම දැකලා නැහැ,” යනුවෙන් අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.
කෙසේවෙතත් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මෙම සිදුවීම දුටු බවත්, මේ පිළිබඳව වරප්‍රසාද කඩකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
වැඩක් කරගත නොහැකි, කේන්තිය සහ අපහාසය පමණක් සිතේ ඇති මෙවැනි අසභ්‍ය ලෙස හැසිරෙන අමාත්‍යවරුන් සමග ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා නැවත සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම කතානායකවරයා මේ සම්බන්ධයෙන් වහාම විනයානුකූල පියවරක් ගත යුතු බව ද අජිත් පී පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා.




















