පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

2026-07-15

දේශපාලන සාක්ෂරතාවය.




පඩුකරඳ ගහ , රාජංගතයේ ගොවීන්ගේ ජලහිගය සහ තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ……………..තව තවත් විරෝධතා සහ අද සිදුවන කලින් වෙන් කල මුදලින් කරන ව්‍යාපෘති   මතක් කර ගත් විට බලය සදහා කරන දහජරා වැඩ ගැන පිළිකුලක් ඇති වන්නේ නැද්ද   ?.

පරිසරය , සමාජය වෙනුවෙන් පෙනී සිටීම වැදගත්ය. 

එහෙත්  අන්තවාදය ඔස්සේ පමණක් ප්‍රශ්න දෙස බලන්නට යාම නුසුදුසු වන්නේ සෑම විටම සංවර්ධන ක්‍රියාවලීන් හා පරිසරය අතර අනිවාර්ය ගැටුම් මතුවන නිසාය.

ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ වංචාකාරී ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් පරිසර හා සමාජ  ප්‍රේමය අවභාවිත කිරීමය.

එකම ප්‍රශ්නයක් වෙනුවෙන් පාලකයන් දෙදෙනෙක් යටතේ සපුරා දෙවිදිහකට ප්‍රතිචාර දැක්වීම ඒ වංචනික බව පිළිබඳ එක් උදාහරණයක් පමණි.

එහෙත් දේශපාලනය පමණක් දූෂිත බවත් පරිසර හා සමාජ ප්‍රේමය ඉතා අහිංසක පිවිතුරු දෙයක් බවත් බොහෝ දෙනා විශ්වාස කරති.

නමුත් ලංකාවේ සහ නූතන ලෝකයේ වඩාත්ම වංචනික දේශපාලන මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වඩාත්ම සුන්දර හා අහිංසක යැයි පෙනෙන ලේබල් යටතේ බව අප අමතක කළ යුතු නැත.

කළ යුත්තේ කිසිවෙකුට පුද්ගලිකව බැණ අඬගැසීම නොව මේ පුංචි සිදුවීම් පසුපස ඇති ලෝක දේශපාලනයේ මහා පින්තූරය නිවැරදිව තේරුම් ගැනීමය.

ඊට අවැසි සාක්ෂරතාව අප තුළ නොමැති වීම නිසා කලින් කලට විවිධාකාර වංචාකරුවන් වීරයන් බවට පත් කරගැනීම අපේ විනෝදාංශයක්  බවට පත්වී තිබේ.


- Next page.






A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-12

අස්වැසුම ජනතාවගේ මාතෘකාවක්.



අස්වැසුම  ප්‍රතිලාභීන්ගෙන්  කිසියම් සේවයක් ලබාගත යුතුයැයි මතයක් පලවෙනවා.

නිකම්ම ප්‍රතිලාභ ලබාගැණීමෙන් යැපීම ප්‍රතිලාභ නොලබන්නන්ගේ දෝෂ දර්ශණයට ලක්වෙන්නක්.

 ප්‍රතිලාභවලට සරිලන්න වැඩක යොදවනවනම් කියලා එයාලා හිතනවා. ඒ නිකම්ම සල්ලි දෙන්න ඕනිි ද කියන මානසිකත්වයෙන්.

අස්වැසුම - අස්වැසුමක් පමනක් විය යුතුයැයි කියලා මම හිතනවා. අස්වැසුම්ලාභියා හැමදාමත් අස්වසමින් ඉන්න ඕන නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක තියෙන්න ඕන ඡණ්දෙන් බඩ තර කර ගන්න දගලන කපටින්ට විතරයි.

අස්වසමින් අර්ථපතියෙක් ගොඩ නගන ක්‍රමවේදයක් තිබිය යුතුයි. එය සිදුවෙන්නේ නැහැ.

1977 විවෘත ආර්ථිකය ආරම්භවීම සහණාධාර ලබාදීම පරිණාමයට ලක්වුනා. ඉලක්කගතව දුප්පත්කම පිටු දැකීමේ ක්‍රමයන් වෙත සහණාධාර ක්‍රමවේදයන් මාරුවුනා.

එතෙක් පැවති සහල් සලාකය , වැනි ප්‍රධාණයන් අත්හිටවුනා.

ඒ වෙනුවට ආහාර මුද්දරය , ජණසවිය 1989 , සමෘද්ධි ව්‍යාපාරය 1995 ,ඉන්පසුව අස්වැසුම ඇතිවුනා.

මේ මොන නම් වලින් හැදුන්වුවත් මේවායේ ප්‍රතිපත්තිමය කාර්යභාරය එකක්වුනා.

මෙය දුප්පතුන්ට දීමනාවක් ගෙවීමේ ව්‍යාපෘතියක් නොව දුප්පතුන් නගා සිටුවීමේ ව්‍යාපෘතියක්.

ආරම්භවු යුගයේ සිට මේ වනතුරු ප්‍රතිපත්ති රාමුව තුල ක්‍රියාත්මක වුනානම් මේ වනවිට  ගතවු කාලය අනුව අපේ රටේ දුප්පතුන් සිටිය නොහැකියි. 

ඒත් දුප්පතුන් දිනෙන් දින වැඩිවෙනවා.

එසේනම් එහි අඩුපාඩු තිබිය හැකියි.

අස්වැසුම යටතේ යටතේ දිළිදු පවුල් කාණ්ඩ හතරකට බෙදා ප්‍රතිලාභ සලසනවා.

අතිශය දිළිදු , දිළිදු , අවධානමට ලක්විය හැකි, සහ තාවකාලික මේ කාණ්ඩ හතරයි.

අවධානමට ලක්විය හැකි , සහ තාවකාලික කාණ්ඩ ඉක්මණින් පුනරුත්ථාපනයට ලක්කල හැකි කාණ්ඩ ලෙසයි දකින්නේ.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩ පිලිවෙලක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක අංශ තුල නැහැ කියලා හිතනවා.මොවුන් උපයන්නන් බවට පත්කල හැකි ක්‍ෂෙත්‍ර තිබුනත් යොමු කිරීම ,උනන්දු කිරීම වෙනුවට මාසිකව සහණාධාර සැපයීම සිදුකරනවා.

ඒ වෙනුවට ප්‍රාග්ධණය සැපයීම  ,මගපෙන්වීම සිදුවන්නේ නැහැ. 

ග්‍රාමීය මට්ටමෙන් උපදේශකයෝ රැසක් ඉන්නවා.

සමෘද්ධි සංවර්ධණ , කෘෂිකර්ම සංවර්ධණ හා පර්යේෂණ , ආර්ථික සංවර්ධන ………යන විවිධ තනතුරු ලාභින් වාර්තා , ලිපි ලේඛණ සකස්කරන ලිපිකරු සේවාවක් පමනයි. මොවුන් තම තනතුරට අයත් කාර්යභාරයට පුහුණුවක් වත් ලබා නැති පිරිසක්.

අඩුම තරමින් ගම සමෘද්ධිමත් කිරීමටවත් මොවුන් මෙහෙවන්න රජය  කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. 

සමාජ සුභසාධනය අප සමාජයට අළුත් දෙයක් නෙමෙයි.

එය විවිධ ස්වරූපයෙන් සමාජයට ප්‍රතිලාභ සපයනවා.

සෞඛ්‍ය , අධ්‍යාපන ,සහනාධාර ,මංමාවත් …………ඔය වගේ ලැබෙන සහනාධාරත් අස්වැසුමට සමානයි.

රාජාණ්ඩුකාලයේත් මෙවැනි කටයුතු පැවතුනා. ගැමි සමාජය අත්තම් ක්‍රමය වැනි එකිනෙකාට උදව් කර ගන්නා සුභසාධනයක් අනුගමනය කලා.

පෘතුගීසි ලන්දේසි සමයන්හි සමාජ සුභසාධනය නොතිබුනත් එකල්හි ඔවුන්ගේ සුභසාධනයට ැපේ සමාජය යොදා ගත්තා.

ඉංග්‍රීසින් ගේ සමයේ බිද වැටී තිබුන සම්ප්‍රදායික සුභ සාධන කටයුතු වෙනුවට ඔවුන්ගේ වාසිය සදහා  සුබ සාධනයක් ඇරඹුනා.

වතුවගාව නිසා සංක්‍රමණයවු ඉණ්දියානු ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් නිවාස සෞඛ්‍ය ගැටළු විසදීමට අනපනත් නීතී පැනවීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සිදුවුනා.ඒවා පොදු ජනතාවටත් බලපෑවා.

1930 මැලේරිය වසංගතය රජය සෘජුවම සුබ සාධනයට මැදිහත් වීම - සුබ සාධනය ආරම්භවිමේ ප්‍රෙව්ශයක් !

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ඡණ්ද බලය ලැබුනා. දේශපාලකයින් හට  සුබ සාධන කටයුතු මැදිහත් වීම සදහා අවස්ථාව ලැබුනා.

1948 නිදහසින් පසුව රජය ගොඩනැගුනේ සුබ සාධන රාජ්‍යයක් ලෙසයි.

නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞඛ්‍ය , ආහාර සහනාධාර රටේ සහ දේශපාලකයන්ගේ පැවත්මේ අත්තිවාරම වුනා.














A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-08

වෘත්තීය සමිති සහ ව්‍යාපාර.


යුනිලිවර් සමාගම යටතේ තිබුණු walls කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වල ක්‍රියාකාරකම් නිසා වැසී ගිය තවත් එක් සමාගමක් පමණයි..
අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී වෘත්තීය සමිති නිසා වැසී ගිය කර්මාන්ත ශාලා ගණන කොපමණදැයි ඔබ දන්නවාද???
WALLS කියන්නේ UNILEVER සමාගමට අයත් රටවල් 100 වැඩිය තියෙන අයිස්ක්‍රීම් නිෂ්පාදන ආයතනයක්. WALLS තමයි ලංකාවට ආපු පලමු සහ එකම ජාත්‍යන්තර අයිස්ක්‍රීම් ආයතනය. එතෙක් තිබුණේ Elephant House, Alerics , Woodlands පමණයි.
WALLS ලංකාවට අළුත් රස සහිත අයිස්ක්‍රීම් විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඒ වගේම වේපස් කෝන් එක වෙනුවට වේෆල් අයිස්ක්‍රීම් කෝන් එක හඳුන්වා දුන්නේ WALLS. යුනිලීවර් කියන්නේ ලෝකයේ රටවල් 100 අධික ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සහිත අති දැවැන්ත බහු ජාතික සමාගමක්.
ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත සබන්, මාගරින්, ෂැම්පු, ටුත් පේස්ට්, නෝර් ඇතුළු ආහාර රසකාරක, සුප් කැට වර්ග, අයිස්ක්‍රීම් වෙළඳපොළ මුලුමනින්ම අයිති කර ගෙන තියෙන්නේ UNILEVER සමාගම.
යුනිලීවර් සමාගම රත්නපුර දිස්ත්‍රික්කයේ WALLS ෆැක්ටරිය රුපියල් මිලියන ගණනක විදේශ ආයෝජන සහිතව ආරම්භ කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ව දහසකට ආසන්න පිරිසකට ඉතාමත් උසස් වැටුප් සහ දීමනා සහිතව සියලු ප්‍රමිතීන්ට ෆැක්ටරිය ආරම්භ කලා.
පළමු වරට බයිසිකලයේ ශීතකරණ සහිතව රටපුරා ස්වයං රැකියා ලක්ෂ ගණනක් තරුණයන් කලා. ඔය චුන් පාන් වෑන් වල සංගීත ඛණ්ඩය පටන් ගත්තේ WALLS බයිසිකල්. WALLS ආයතනය ආරම්භ කලේ 2000 වසර කිට්ටුව. රුපියල් මිලියන ගණනක් ආයෝජනය කල ඔවුන් ශුද්ධ ලාභ බලාපොරොත්තු (NET PROFIT) වුනේ වසර දහයකින් පමණ.
එතෙක් විදුලි බිල්, යන්ත්‍ර උපකරණ වලට යට කල කෝටි ගණනක මුදල්, මාස් පතා කෝටියක් ඉක්මවු සේවක වැටුප්, වැනි සියළු වියදම් සහිතව WALLS ආයතනයට තිබුණේ නිෂ්පාදන ලාභයක් (Operating Profit) පමණයි.
WALLS ආයතනය පටන් අරං අවුරුදු දෙකකට පසු ජවිපෙ වෘත්තීය සමිතිය WALLS ආයතනයේ සේවකයන් කීප දෙනෙක් අල්ලා ගෙන වෘත්තීය සමිතියක් ආරම්භ කලා. ටික දවසකින් ජවිපෙ වෘත්තීය සමිතිය ආයතනය ලාබ ලබන බව කියමින් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්න පටන් ගත්තා.
ආයතනයේ පාලන අධිකාරිය තේරුම් කර දුන්නා ඔවුන් ආයතනය පාලනය කරන්නේ නිෂ්පාදන ලාබය හෙවත් OPERATING PROFIT මත මිස ශුද්ධ ලාභයකින් NET PROFIT නොවන බවත්, ලාබ ලබන්න තවත් වසර ගණනාවක් යන බවත්, කෙසේ වෙතත් ලංකාවේ තිබෙන උසස්ම සහ රජයේ නියමිත වැටුප් තල ඉක්මවා වැටුප් හා දීමනා ලබා දෙන බව.
නමුත් ජවිපෙ වෘත්තීය සමිතිය උද්ඝෝෂණ නවත්වන්න කැමති වුණේ නැහැ. ඔවුන් ඊ ලඟට වර්ජන ක්‍රියා මාර්ගයට යොමු වුණා. ජවිපෙ ලණුව කාපු සේවකයන් කිසිම දවසක හිතුවේ නැහැ රුපියල් කෝටි ගණනක් ආයෝජනය කරපු සමාගමක් වහයි කියලා. ලොව පුරා රටවල් 100 වඩා තිබෙන WALLS ආයතනය කිසිම හේතුවකට එක් රටක තිබෙන ෆැක්ටරියකට වෙනත් රටවල තියෙන ෆැක්ටරිවලට වඩා වෙනස් විදියට වැටුප්, දීමනා සහ ආහාර දෙන්නේ නැහැ.
යුනි ලිවර් තීරණය කලා WALLS වහන්න. ඔවුන්ට තිබෙන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය ශක්තිය හැටියට ලංකාවේ ෆැක්ටරිය වහන එක සුළු දෙයක් සහ එම පාඩුව රක්ෂණ වන්දි හැටියට ඇමරිකානු මව් සමාගමට ලබා ගන්න පුළුවන්. WALLS ආයතනය වහන කොට එහි සේවය කළ දහසකට ආසන්න තරුණයන්ගේ දෙමව්පියන් ආයතනයේ පාලකයන්ට වැඳ වැටී සමාව ඉල්ලුවා තමන්ගේ දරුවන් නොමග ගොස් කරපු දේට සමාවී ආයතනය වහන්න එපා කියලා.
නමුත් ආයතන ප්‍රධානීන් ෆැක්ටරිය වසා රටින් පිට වුණා. මේ නිසා ෆැක්ටරියේ සේවය කල දහසකට ආසන්න සේවකයන්ට සහ රටපුරා බයිසිකල් වලින් අයිස්ක්‍රීම් විකුණපු ලක්ෂ ගණනක් ස්වයං රැකියා කළ තරුණයන්ට රැකියා අවස්ථා නැති වුණා. දිගු කාලයක් වසා තිබු WALLS කර්මාන්ත ශාලාව වසර දහයකට පමණ පසුව Cargills සමාගම මිලදී ගෙන CARGILLS MAGIC නමින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය පටන් ගත්තා.




Nilan Wettasinghe විසින් සම්පාදිත ලිපියකි.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-07-03

සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය








සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය
මගේ කථාව

සබරගමුවට වෛද්‍ය පීඨයක් ඉල්ලා සිටියේ 1996 වර්ෂයේ සිට ය.මා උපකුලපති ලෙස 2017.05.18 දින වැඩ බාර ගත් අවස්ථාවේදී පොරොන්දු වූ පරිදි වෛද්‍ය පීඨය ලබා දෙන ලෙස 2017.05.25 දිනැති ලිපියෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මගින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍ය පීඨය සඳහා අනුමැතිය ලැබිණ.
වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිරිස් ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැය යෝජනා යටතේ ලැබිණ.2019.01.17 දින වන පලමු ශිෂ්‍ය කණ්ඩායමට 75 දෙනෙකු ඇතුලත් කරන ලද අතර පීඨයේ සමාරම්භය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.01.17 දිනම පැවැති අතර එදිනම රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහල ලෙස උසස් කරන ලදී.
සමාරම්භක උත්සවය සඳහා උසස් අධ්‍යාපන ‍ අමාත්‍ය රවුප් හකීම්,අමාත්‍ය තලතා අතුකෝරල,වෛද්‍ය රාජිත සේනාරත්න මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, සරසවි අධ්‍යයන,පරිපාලන,අනධ්‍යයන,ශිෂ්‍ය හා දෙමාපියන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් කුරුවිට බටුහේන පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය පීඨය ස්ථාපනය සඳහා ලබා ගත් අතර එය මේ දක්වාම වසර 7ක් සිසුන්ට මහා සෙවණක් විය.
පීඨය විවෘත කල අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත උපදෙස් ලබා දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඉදිපත් කිරීමට ව්‍යාපෘති යෝජනාවක් සති දෙකක් තුල ලබා දෙන ලෙසත්, ඒ අනුව සෞදි සංවර්ධන අරමුදල යටතේ ඩොලර් මිලියන 50ක් තුල සමස්ත පීඨය හා මහාචාර්ය පුහුණු ගොඩනැගිල්ල උපකරණ සමග ඉදිකිරීමට යෝජනා කෙරිණ. 
ඒ සඳහා සෞදි සංවර්ධන අරමුදල සමග මූලික එකඟතා ගිවිසුමකට 2019 වසරේ අප්‍රේල් මස මුදල් අමාත්‍යාංශය අත්සන් තබන ලද අතර පාස්කු ප්‍රහාරය නිසා අවසන් ගිවිසුම ප්‍රමාද විය.
නමුත් පැරා සායනික ගොඩනැගිල්ල රජයේ අයවැය මුදල් මගින් මිලියන 1096ක් වෙන් කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2020 ආරම්භ කල අතර 2022 අගෝස්‌තුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් අතහැර දැමීමට කොන්ත්‍රාත් සමාගම ගිය අවස්ථාවේදී මා ඊට මැදිහත්වී කරුණු අවබෝධ කරදුන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ අසීරුතා මැද ඊට අදාල මුදල් වෙන් කරනු ලැබීය 
ඒ අනුව දෙපාර්තමේන්තු 7කින් යුත් එම ගොඩනැගිල්ල 2024 දී සිසුන්ගේ අයිතියට පත්කිරීමට හැකි විය.ජනපති රනිල්ගේ මැදිහත්වීම මත කැබිනට් අනුමැතිය ලැබූ ඩොලර් මිලියන 50ක සෞදි ආධාර යටතේ වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය
2024 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ශිෂ්‍ය නේවාසිකාගාර,ආපන ශාලාව,කාර්ය මණ්ඩල නේවාසිකාගාර,පූර්ව සායනික ගොඩනැගිල්ල,පුස්තකාලය,හා ශ්‍රවණාගාරය වැඩ නිම කරමින් පවතින අතර මේ වනවිට සිසුන් 500කට නේවාසිකාගාර ලබා දී ඇත.
සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම ගොඩනැගිලි දැනටමත් යොදාගෙන ඇත.මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අවසන් වී නොමැත.

මා සබරගමුව සරසවියේ උපකුලපති ලෙස 2017.05.18 දින පත්වීමෙන් සතියකට පසුව රජයට කරන ලද ඉල්ලීමකට අනුව මෙම පීඨය ලැබුණු අතර,අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම,පාලක සභාව,සනාතන සභාව මා දිරිමත් කලේය.
2023.11.02 නැවත මා දෙවන වරට උපකුලපති ලෙස පත් වන විට මහාචාර්ය පුහුණුවට රත්නපුර ශික්ෂණ රෝහල අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා මා හට උපකුලපති ලෙස මහත් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය.වෛද්‍ය සභාවේ තීරණය පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එවකට උපකුලපතිට ලිඛිතව දැනුම් දී තිබුනේ මහාචාර්ය පුහුණුව සඳහා අනෙකුත් වෛද්‍ය පීඨ වලට සිසුන් බෙදාහැරීමට ය.

සබරගමුව සරසවියේ ආරම්භක ආචාර්ය වරයෙකු ලෙස වසර 35ක අධ්‍යයන, පරිපාලන පලපුරුද්ද හා අභියෝග ඉදිරියේ නොසැලෙන ශක්තිය ඇති මා රජයේ උපදෙස් අනුව වෛද්‍ය සභාව, වෛද්‍ය වරුන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංගමය,වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය,විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය,රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ ඇතුලු විශේශඥ වෛද්‍යවරු සමග එකඟතාවකට පැමිණ අවබෝධතා ගිවිසුමකට අනුව අධ්‍යාපන ලේකම්,සෞඛ්‍ය ලේකම්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා උපකුලපති අත්සන් කරන ලද තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකිවිය.
ඒ අනුව අ.පො.ස උ.පෙ 2017 පලමු කණ්ඩායම 2025 වර්ෂයේත්,දෙවන ශිෂ්‍ය කණ්ඩායම 2026 වර්ෂයේත් අදාල පරීක්ෂණ වලින් සමත්ව පිටවිය.තෙවන කණ්ඩායම අවසන් පරීක්ෂණ සඳහා මේ වන විට සූදානම්ව සිටී.මේ වන විට 750 කට ආසන්න සිසුන් පිරිසක් සිටින අතර,අභියෝග මැද නොසැලී මා හට ශක්තියක් වූ එවක ජනපති
මෛත්‍රිපාල සිරිසේන, ජනපති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරු වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,වෛද්‍ය රමේෂ් පතිරණ,ආචාර්ය සුරේන් රාඝවන්,ළමා රෝග විශේඥ මහාචාර්ය සනත් ලමාබදුසූරිය,මහාචාර්ය මොහාන්ද සිල්වා,මහාචාර්ය පී.එස්. එම් ගුණරත්න, මහාචාර්ය සම්පත් අමරතුංග,මහාචාර්ය චන්දන උඩවත්ත,මහාචාර්ය නිර්මලී යන අයට, සනාතන සභාවට,පාලක සභාවට මගේ ස්තූතිය පුද කරමි.අක්කර 20 ඉඩම 2013 දී ලබා දුන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය.

උපකුලපති ධුරයේ
සේවා කාලය මාස 6ක් තිබියදී වෛද්‍ය පීඨයේ අවසානයක් දකින්නට ආසන්නව පවතින අවස්ථාවක පුනරුද ආණ්‌ඩුව ඊට ඉඩ නොදීම ගැන බලවත් සේ කණගාටු වෙමි. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලියන්න ඕන තරම් කට්ටිය අද සිටියාට පීඨය මුහුණ දුන් අභියෝගයන් ඉදිරියේ සමහරු මග හැරියහ.සිසුන් අතරමං නොකොට ඔවුන්ගේ අනාගතයද,පීඨයේ ස්ථාවරත්වයද ජාතික අධ්‍යාපන අවස්ථාවක් වෙනුවෙන් කරන ලද කැප කිරීම මට ලබා දුන් නිදහස් අධ්‍යාපනයට ප්‍රතිඋපකාරයක් සේ දකිමි.වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතමි.


එම්.සුනිල් ශාන්ත

හිටපු උපකුලපති.
day in the life
ජීවිතයෙන් දවසක් .

2026-05-28

ඩොලරය රජ ගමනේ - 04



ඩොලරය එක දවසින් 344 ඉඳලා 333 ට කඩා වැටෙද්දී ඇත්තටම වෙන්නේ මොකක්ද?
අද අනිල් ජයන්ත කියන රටේ නියෝජ්‍ය මුදල් ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මාර උජාරුවට “රුපියල ශක්තිමත් වුණා” කියන සිඟිති ආතල් එක දෙනවා.
හැබැයි ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ ඒකට යටින්.
රුපියල ශක්තිමත් වුණා කියලා chart එකක් පෙන්නන්න පුළුවන්.
මාධ්‍ය සාකච්ඡාවල ලස්සන කතා කියන්න පුළුවන්.
හැබැයි රටක මුදල් පද්ධතිය කියන්නේ Facebook post එකක් නෙවෙයි.
වෙළඳපොළ කියන්නේ විශ්වාසය මත දුවන යන්ත්‍රයක්.
අද Friday market close වෙන්න ටිකකට කලින් එකපාරටම ඩොලරය 344 ඉඳලා 333 range එකට කඩා දානවා කියන්නේ සාමාන්‍ය ස්වභාවික විනිමය චලනයක් නෙවෙයි කියන සැකය market එකට එනවා.
විශේෂයෙන් usable foreign reserves ඩොලර් බිලියන 6ක් වගේ කුඩා ප්‍රමාණයක් තියෙන රටකට මේ වගේ දැවැන්ත මැදිහත්වීමක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
මහ බැංකුව සංචිත වලින් ඩොලර් වෙළඳපොළට විසි කරලා rate එක කෘතිමව පහළට තල්ලු කරනවා නම්, කෙටි කාලයකට chart එක ලස්සන වෙයි.
හැබැයි ඊට පස්සේ වෙන්නේ මොකක්ද?
වෙළඳපොළ official rate එක විශ්වාස කරන එක නවත්වනවා.
ඒක තමයි මුල්ම අනතුර.
එතනින් පස්සේ:
• උණ්ඩියල් ජාල නැවත ශක්තිමත් වෙනවා
• කළු කඩ ඩොලර් වෙළඳපොළ උණුසුම් වෙනවා
• විදේශ රැකියා කරන මිනිස්සු බැංකු මග හැර යනවා
• අපනයනකරුවන් ඩොලර් රඳවාගෙන ඉන්නවා
• බැංකු පද්ධතියට එන ඩොලර් අඩුවෙනවා

ඒක තමයි 2022 අර්බුදයට කලින් වෙන්න පටන් ගත්තෙත්.
කෘතිම rate control → කළු වෙළඳපොළ → remittance collapse → reserve depletion → currency crash.
අද Friday artificially rate එක push කරලා market close කළා කියලා හිතමු.
එතකොට Monday වෙනකන් unofficial market එකේ panic expectation build වෙනවා.
Banks වහලා.
Official market එක නවතිලා.
හැබැයි කළු market එක නවතින්නේ නෑ.
දැන් unofficial market එක හිතනවා:
“333 ඇත්ත rate එක නෙවෙයි.”
“Reserves burn කරනවා.”
“මේක දිගටම කරන්න බෑ.”
එතකොට Monday වෙනකොට official rate එක 333 තිබුණත් black market එකේ 350-360 යන තත්ත්වයක් එන්න පුළුවන්.
එතනින් පස්සේ banking channel එකට dollars එන එක තවත් කඩා වැටෙනවා.
පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ඩොලර් 1000ක් එවනවා නම් bank එකෙන් රුපියල් 333,000යි.
හැබැයි unofficial market එකේ 360,000ක් ලැබෙනවා නම් මිනිස්සු මොන පාරද තෝරන්නේ?
ආර්ථිකය හැමවෙලේම වැඩ කරන්නේ incentive එකට.
ඒ නිසා artificial currency strength කියන්නේ ඇත්ත ශක්තියක් නෙවෙයි.
ඒක බොහෝ වෙලාවට cosmetic stability එකක්.
Steroid ගහලා marathon දුවනවා වගේ වැඩක්.
ටික දවසක් හොඳට පේනවා.
හැබැයි collapse එක එද්දී brutal.
Sri Lanka වගේ:
• ආනයන මත ජීවත් වෙන
• ණය බර වැඩි
• විදේශ විනිමය හිඟ ඉතිහාසයක් තියෙන
• informal dollar economy එක ශක්තිමත්
රටකට මේ වගේ sudden exchange rate manipulation කියන්නේ ඉතාම high risk game එකක්.
Stable currency එකක් කියන්නේ artificially strong currency එකක් නෙවෙයි.
ඇත්ත stability එක එන්නේ:
• සැබෑ ඩොලර් ආදායම් වලින්
• ශක්තිමත් අපනයන වලින්
• වෙළඳපොළේ විශ්වාසයෙන්
• විශ්වාසදායක මුදල් ප්‍රතිපත්තියෙන්
• sustainable reserves වලින්
මිසක් press conference වලින් නෙවෙයි.
Chart එක green කරලා economy එක recover වෙන්නේ නෑ.
Market එකට බොරු කරන්න පුළුවන් ටික කාලයයි.නන්දලාල් අනිල් අයිසේ කෝටි ගණන් පඩි ගන්න ගමන් මිනිස්සු අමාරුවෙන් ගොඩදාපු ආර්ථිකය ආයේ කුඩු පට්ටම් කරන්න එපා මනුස්සයො.දන්නෙ නැත්නම් ඉල්ලලා අස්වෙලා දන්න මිනිහෙක්ට ඕක දෙනවා.




මෙහෙම කියන්නේ 

විවාහක රූ රැජිනන් බිහිකරන්නන්ගේ සන්සදය 


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-27

ඩොරලය රජ ගමනේ - 03





මෑතකදී දේශීය මුදල් ඒකකය දරුණු ලෙස කඩා වැටීමට බලපෑ ආසන්නතම සාධකය වන්නේ වාහන ගෙන්වීමේ සීමාවන් ලිහිල් කිරීම නිසා ඩොලර් විශාල වශයෙන් රටින් පිටවීම බව පොදු මතය වී තිබේ.
මේ හේතුවෙන් පවතින විදේශ විනිමය ඉතිරි කරගැනීමේ අරමුණින්, වාහන ආනයනය අධෛර්යමත් කෙරෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුගියදා පෙළඹුණි.
කෙසේ වෙතත්, මෙරට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හුදෙක් වාහන ආනයනය නිසාම හටගත්තක් නොවන බව HNB Stockbrokers ආයතනය පෙන්වා දෙයි.
ඔවුන්ගේ විග්‍රහයට අනුව, ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිතයක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධානතම හේතුවයි. මේ වසරේ මාර්තු මාසය වන විට මෙරට ජංගම ගිණුමේ පැවති ඩොලර් මිලියන 479 ක අතිරික්තය ඩොලර් මිලියන 45 ක් දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇත.
මීට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 612 ක් දක්වා ඉහළ යාම, පෙර වසරට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සියයට 37 කින් කඩා වැටීමය.
සංචාරකයන්ගේ පැමිණීම අවම වූ මෙම කාලසීමාව තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා මාර්තු මාසයේ සිට ජංගම ගිණුමේ පරතරය තවදුරටත් සීමා විය. එබැවින් රටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩි කොටසක් සංචිත ශක්තිමත් කිරීමට හෝ විදේශ ණය ගෙවීමට යෙදවීමට ප්‍රථම, අධික ඉන්ධන බිල පියවීම සඳහා වැය කිරීමට සිදු විය. කෙසේ වුවද, 2025 අගෝස්තු මාසයෙන් පසු අවම වාහන ආනයන වියදම වාර්තා වූයේ මෙම මාර්තු මාසයේ බැවින්, වාහන ගෙන්වීම මේ සඳහා බලපා නැත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.6 ක් පමණ වන අතර , එය මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වැනි ආසියානු රටවලට වඩා අඩු අගයකි. එසේ වුවත්, ගැටලුව නිර්මාණය වී ඇත්තේ ඉන්ධන නොවන ආනයන-අපනයන අතර පවතින පරතරය හේතුවෙනි.
අනෙක් රටවල් ඉන්ධන නොවන වෙළෙඳාමෙන් අතිරික්තයක් පවත්වා ගනිද්දී ශ්‍රී ලංකාව පවත්වාගෙන යන්නේ වෙළෙඳ හිඟයකි. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය සහ තායිවානය වැනි රටවල්ද ඉන්ධන ආනයනය කළත්, ඔවුන් අගය එකතු කළ විදුලි උපාංග, යන්ත්‍රෝපකරණ සහ සේවා අපනයනය මඟින් විශාල විදේශ විනිමයක් උපයයි.
එමඟින් ඇති වන ශක්තිමත් සංචිතය නිසා ඔවුන්ට ඉන්ධන මිල කම්පන දරාගත හැකිය. නමුත් ලංකාව සතුව ඉන්ධන නොවන වෙළෙඳාමේ හිඟයක් පැවතීම නිසා එවැනි ආරක්ෂිත සංචිතයක් ගොඩනැඟී නොතිබුණි. මේ අනුව, රුපියල දුර්වල වීම හුදෙක් ඉන්ධන නිසාම නොව, මුදල් ඒකකයේ ව්‍යුහාත්මක සැකැස්ම නිසාම සිදුවන්නකි.
මීට ඇති එකම තිරසාර සහ දිගුකාලීන විසඳුම වන්නේ අගය එකතු කළ අපනයන ප්‍රවර්ධනය කර ඉහළ ආනයන අධිහාරයන් පවත්වා ගැනීමයි. සලාක ක්‍රම හෝ ඉහළ බදු පැනවීම් මඟින් මෙම පීඩනය තාවකාලිකව අඩු වුවද, ඉන් ජංගම ගිණුම යථාවත් නොවන අතර ජීවන වියදම ඉහළ ගොස් රජයේ ප්‍රතිපත්ති බිඳ වැටීමටද එය හේතු වේ.
මිල දර්ශකයේ ආචරණයන් (පිරිවැය බලපෑම) හරහා මෙවැනි බලශක්ති කම්පනයකදී ඉල්ලුම පාලනය කරගත හැකි වුවත් , සහනාධාර ලබාදීම වැනි ක්‍රම නිසා පිරිවැය පිළිබිඹු වන බලශක්ති මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවන විට, පවතින පීඩනය ලිහිල් වීමට නම් රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය විය යුතුය.
HNB Stockbrokers ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉදිරියේදී ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල නිසා රුපියල මත ඇති පීඩනය යම් තරමකින් සැහැල්ලු වනු ඇති බවයි.
Lanka face book.
A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-05-26

ඩොලරය රජ ගමනේ - 02


"රුපියල වැටෙන්නේ ලෝක තත්ත්වය හින්දා කියන කතාව මිත්‍යාවක්...!" රුපියල වේගයෙන් බාල්දු වීම ගැන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරලගෙන් රජයට සෘජු තාක්ෂණික ප්‍රහාරයක් මෙන්න
රට තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා හිරු නිවුස් (Hiru News) ඔස්සේ විශේෂ දත්තමය විශ්ලේෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ඔහු පාලකයන් විසින් සමාජගත කරන ඇතැම් මතවාදයන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටිනවා
මහාචාර්යවරයා විසින් පෙන්වා දුන් ප්‍රධානතම කරුණු සහ රජය වහාම කළ යුතු පිළියම් මෙන්න
"ලෝක තත්ත්වය නිසා රුපියල වැටෙනවා කියන කතාව මිත්‍යාවක්"
රජය සහ පාලකයන් විසින් රුපියල අවප්‍රමාණය වීම සාධාරණීකරණය කිරීමට ලෝක වෙළෙඳපොළේ තත්ත්වයන් සහ බාහිර සාධක හේතු කරගත්තද, මහාචාර්යවරයා අවධාරණය කරන්නේ එය සම්පූර්ණ මිත්‍යාවක් සහ යථාර්ථයෙන් බැහැර වූ ප්‍රකාශයක් බවයි. රටේ පවතින සැබෑ මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා සහ අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තිවල ගැටලු වසා ගැනීමට මෙවැනි බාහිර හේතු ඉදිරිපත් නොකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා
"දින 20කට රුපියල් 19ක් වැටීම බරපතළයි, රජය මීට වඩා වගකීම් සහගත විය යුතුයි"
පසුගිය අප්‍රේල් මස 30 වැනිදා සිට මැයි මාසයේ ගතවුණු සති කිහිපය වැනි ඉතාමත් කෙටි කාලසීමාවක් ඇතුළත රුපියල 19ක වැනි විශාල ප්‍රමාණයකින් වේගයෙන් බාල්දු වී ඇති බව දත්ත ඇසුරෙන් ඔහු පෙන්වා දෙනවා. දින 20ක් වැනි සුළු කාලයකදී රටක මුදල් ඒකකයක් මේ ආකාරයට කඩා වැටීම සමස්ත ආර්ථික පද්ධතියටම දැඩි තෙරපුමක් සහ අවදානමක් ගෙන දෙන බැවින්, වත්මන් රජය සහ වගකිවයුත්තන් මීට වඩා දැඩි වගකීමකින් සහ වගකීම් සහගත ස්වභාවයකින් යුතුව මෙම විනිමය අර්බුදයට මැදිහත් විය යුතු බව ඔහු ප්‍රකාශ කරනවා
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටීමේ සහ භාණ්ඩ මිල ඉහළ යෑමේ අවදානම
මෙම විනිමය අනුපාත බිඳ වැටීම දිගින් දිගටම පැවතුණහොත්, රටේ නිෂ්පාදන පද්ධතියේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SMEs) දැඩි අර්බුදයකට ලක්වීමේ සහ වසා දැමීමේ බරපතළ අවදානමක් පවතිනවා. එමෙන්ම, ඉදිරි දිනවලදී මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටි, ඉන්ධන, ඖෂධ, පාන් පිටි, හාල් සහ එළවළු ඇතුළු සාමාන්‍ය පොදු ජනතාව එදිනෙදා පරිභෝජනය කරන සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස්, බිම් මට්ටමේ ජනතාව තවදුරටත් දැඩි ජීවන වියදම් අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි ඔහු පවසන්නේ
විනිමය අර්බුදයෙන් ගොඩඑන්න රජය වහාම කළ යුතු දේ
මෙම භයානක ආර්ථික තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා රජය වහාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර කිහිපයක් පවතින බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.
රටට ගලාගෙන එන ඩොලර් සහ විදේශ ප්‍රේෂණ සියල්ලම නිල බැංකු පද්ධතියටම ගෙන්වා ගැනීම සහ ඒ සඳහා විදේශගත ශ්‍රමිකයන් ඇතුළු පාර්ශවයන් උපරිමයෙන් උන්දු කිරීම
රටින් පිටතට ඇදී යන විදේශ විනිමය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම් වහාම සීමා කිරීමට (Import Restrictions) කඩිනම් පියවර ගැනීම
රුපියල වැටෙන්නේ ලෝක තත්ත්වය නිසා කියන කතාව මිත්‍යාවක් බව පවසමින්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැකගැනීමට සහ ඩොලර් බැංකු පද්ධතියටම ගෙන්වා ගැනීමට රජය වහාම මැදිහත් විය යුතු බවට කෙරෙන මෙම සෘජු ආර්ථික අනාවරණය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?
ඔබේ අදහසත් අපිට කියන්න
(මහාචාර්යවරයාගේ සම්පූර්ණ කතාව පලමු කමන්ට් එකෙන් බලන්න )
#ProfWasanthaAthukorala #DollarRateSL #RupeeDepreciation #SMECrisisSL #ImportRestrictions #SriLankaEconomy #LKA #SriLankaPolitics #JonyBatto #JBCNews

A day in the life 
ජීවිතයෙන් දවසක් .