ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග!
ලෝකයේ නිල් මැණික් (Blue Sapphires) පවතින්නේ රටවල් කිහිපයක පමණයි.
ඒ අතරින් කිසිඳු තර්කයක් නොමැතිවම ලෝකයේ අලංකාරම සහ මිල අධිකම නිල් මැණික් පවතින්නේ ශ්‍රී ලංකාවේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ.
ශ්‍රී ලංකාවේ සුලබම මැණික් වර්ගයක් තිබෙනවා. ඒ ගෙවුඩ. මේ සුලබතාවය නිසාම අතීතයේ ගෙවුඩ සඳහා නිසි මිලක් තිබුණේ නැහැ.
අතීතයේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රත්නපුර ආදී ප්‍රදේශ වල ගෙවුඩ මැණික්, නිවාස වල අලංකාරයට පවා යොදාගෙන තිබුණා. ඇතැම් නිවෙස් වල නානකාමර බිත්ති වලට පවා ගෙවුඩ අල්ලා තිබුණා.
ගෙවුඩ ඒ තරම් සුලබයි. එමෙන්ම ගෙවුඩ එකල වටින මැණිකක් නොවෙයි.
ඔය අතරේ 1970 දශකයේ තායිලන්ත ජාතිකයො කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා.
ඔවුන් රත්නපුරයට ගිහින් ගෙවුඩ එකතු කළා. ඔවුන් ලාංකිකයන්ට කිව්වේ තායිලන්තයේ පන්සලක් හදන්න මේ විදියට ගෙවුඩ එකතු කරනවා කියලා.
කතාවට කියන්නේ රත්නපුරේ මිනිස්සු තමන් සතුව තිබුණු ගෙවුඩ ඔවුන්ට දීලා වැන්දා කියලා.
ඒ තායිලන්ත ජාතිකයෝ ලංකාවෙන් ගෙවුඩ අරන් ගිහින් තිබුණේ පොහොර උර වල දාගෙන. ඒ තරම් ඔවුන්ට ගෙවුඩ එකතු වෙලා තිබුණා.
නමුත් අපි රැවටුණු බව දැනගත්තේ ඉන්පස්සේ.
ගෙවුඩ කියන්නේ මැණික් රසායනිකව පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකල අතරමැදි මැණිකක්.
එහි අර්ථය තමයි මැණික් රසායනික පරාවර්ථනය වීමේ ක්‍රියාවලිය බාහිරෙන් සිදු කළ විට මේ ගෙවුඩ වටිනා නිල් මැණිකක්, පුෂ්පරාගයක් හෝ රතු කැටයක් බවට පත් කළ හැකි වෙනවා.
එය නීත්‍යානූකුල, ස්වාභාවික මැණිකක්.
තායිලන්ත ජාතිකයන් ගෙවුඩ පිළිස්සීමෙන් (Heat treatment) නිල් මැණික් සහ වෙනත් වටිනා මැණික් සාදා ගන්නා කලාව ඉගෙන ගෙන තිබුණා.
ඔවුන් ලංකාවෙන් ගෝනි පුරවාගෙන රැගෙන ගිය ගෙවුඩ, පුළුස්සා නිල් මැණික් බවට පත් කරගත්තා. ඒ ඔස්සේ ඩොලර් බිලියන ගණනින් ලාබ ලබා ගත්තා.
මේ බව ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් ප්‍රමාද වී හෝ දැනගත්තා.
ඔවුන්ගෙන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර මේ ගෙවුඩ පිළිස්සීමේ තාක්ෂණය ලංකාවට ලබා ගැනීමට පරීක්ෂණ කළා.
පරීක්ෂණ ගණනාවක් අසාර්ථක වී, රුපියල් කෝටි ගණනාවක් දිය වී, අවසානයේ ඔවුන් සාර්ථක වුණා.
ලෝකයේ හොඳම මැණික් පිළිස්සීමේ උඳුන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රළු මැණික් පිළිස්සීමටම විශේෂඥ උඳුන්, තාක්ෂණය සහ කාර්මිකයන් ඔවුන් ගොඩනැගුවා.
ඒ පසුපස විශාල මුදලක් සහ අසාර්ථක උත්සාහයන් ගණනාවක් තිබුණා.
එතැන් පටන් මෙරට ගෙවුඩ සඳහාත් වටිනාකමක් නිර්මාණය වුණා. ඒ මිල කිසිසේත්ම ගෙවුඩ පිළිස්සීමෙන් නිර්මාණය කරනා අගය එකතු කළ මැණික් වලට සමාන නොවුනත්, ගෙවුඩ පැවති මිලට වඩා ඉහළ වටිනාකමක් නිර්මාණය වුණා.
තායිලන්තය විසින් සිදු කළ ජාවාරම නැවතුණා.
ශ්‍රී ලංකාව තුළම ගෙවුඩ නිල් මැණික් බවට පරිවර්ථනය වුණා. ඒවා විකුණා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත්තා.
ඒ කර්මාන්තය දිනෙන් දින පුලුල් වුණා.
මැණික් පිළිස්සීම සහ ඔප දැමීම, උඳුන් නිෂ්පාදනය, අලුත්වැඩියාව යන ක්ෂේත්‍ර වල දහස් ගණනකට රැකියා නිර්මාණය වුණා.
ගෙවුඩ විකුණා ලැබෙන මුදලට වඩා සිය ගුණයක් පමණ ආදායමක් නිල් මැණික් විකිණීමෙන් ශ්‍රී ලංකාව ලැබුවා.
නමුත් පෙර කියූ ලෙසම මේ තාක්ෂණය සෑම මැණික් ව්‍යාපාරිකයෙකු සතුව නැහැ.
ඇතැම් ව්‍යාපාරිකයන් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය වැය කිරීමට හෝ පර්යේෂණ කිරීමට මහන්සි වුණේ නැහැ.
අන්න ඒ ජාවාරම්කරුවන් දිගින් දිගටම අඩු මිලට ගෙවුඩ මිල දී ගෙන, තායිලන්තයට අපනයනය කළා.
තවමත් මැණික් පොලවල් සහ ප්‍රාදේශීය කුඩා වෙන්දේසි වල සැබෑ වටිනාකමට වඩා අඩු මිලට ගෙවුඩ අලෙවි වනවා.
ජාවාරම්කරුවන් තායිලන්තයට හොර පාරෙන් රැගෙන යන්නේ ඒ ගෙවුඩ.
එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්. තායිලන්තයට විශාල ලාභයක්.
නමුත් මේ ජාවාරම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන් කිසිදු ආයෝජනයක් නොකර, අවදානමක් නොගෙන පහසුවෙන් සුලු හෝ ලාභයක් උපයන නිසා එම ක්‍රියාවලිය ඔවුන්ට ලාභදායකයි.
මෙය රටට මහා පාඩුවක් බව තේරුම් ගත්තු හිටපු පාලකයන් මෙලෙස රළු මැණික්, විශේෂයෙන්ම ගෙවුඩ අපනයනය කිරීම තහනම් කළා.
එය සිදු කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධ නියාමන පනතින්.
ඒ අනුව මෙරටින් හමුවන ගෙවුඩ, අනිවාර්යෙන්ම අගය එකතු කළ මැණික් කළ යුතුයි.
අපනයනය කළ හැක්කේ ශ්‍රී ලංකාවට වැඩි ලාභයක් ලැබෙන අගය එකතු කළ මැණික් පමණයි.
ගෙවුඩ පුළුස්සා වටිනා මැණික් බවට පරිවර්ථනය කිරීමෙන් මිසෙක ගෙවුඩ විකිණිය නොහැකියි.
ඒ නීතිය මැද වුනත් ඇතැම් ජාවාරම්කරුවන් පිරිසක් සිංගප්පූරුව හරහා ගෙවුඩ තායිලන්තයට අපනයනය කළා.
එය බොහොම රහසිගතව, රේගුවට කප්පම් ගෙවා සිදු කරන හොර වැඩක්. ජාවාරමක්.
එය නීතිවිරෝධියි. අත්අඩංගුවට පත්විය හැකි වරදක්.
අලුත්ම තත්ත්වය තමයි මේ මැණික් ජාවාරම්කරුවන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ තමන්ගේ සාක්කුවට දාගෙන.
දැන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇමතිවරයාම, මැණික් හා ස්වර්ණාභරන පනත සංශෝධනය කිරීමට යනවා.
එහිදී ඔවුන් රළු මැණික් එනම් අගය එකතු නොකළ ගෙවුඩ අපනයනය කිරීම නීතිගත කිරීමට උත්සාහ කරනවා.
76 වසරක ශාපයක් යයි කියූ පාලකයන් විසින්, මෙරට මැණික් කර්මාන්තය රැකගැනීමට පැනවූ නීතියක්, මාලිමාවේ හඳුන් ලා ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවයට වෙනස් කිරීමට යනවා.
මේ නීතිය වෙනස් වූ සැණින් ගෙවුඩ රළු මැණික් වශයෙන් අපනයනය කළ හැකියි.
අගය එකතු කිරීමේ ශුද්ධ ලාභය තායිලන්තයට, සිංගප්පූරුවට හෝ ඉන්දියාවට.
එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ සුලභම මැණික් වර්ගය ගෙවුඩ.
තවමත් සෘජුවම කුඩා මැණික් වෙන්දේසි ඔස්සේ සැබෑ අගය එකතු කළ මැණිකේ වටිනාකමට වඩා බොහෝ අඩුවෙන් ගෙවුඩ මිලට ගත හැකියි.
ගෙවුඩ අපනයනය නීතිගත කළ සැණින් විදේශීය ආයතන වලට සෘජුවම ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ වී ඉතා අඩු මිලට ගෙවුඩ රැගෙන යා හැකියි.
තායිලන්ත ජාතිකයන්ට නැවත මෙරට මැණික් වෙළඳපොලට සම්බන්ධ විය හැකියි.
හඳුන්නෙත්ති ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ දී අගය එකතු කළ නොහැකි මැණික් පමණක් අපනයනයට අවසර ලබා දෙන බව.
නමුත් එය පට්ටපල් බොරුවක්. කොලේ වහලා ගැහිල්ලක්.
වර්තමානයේ ශ්‍රී ලංකා ගෙවුඩ පිළිස්සීමේ විශේෂඥ ඥානය ඇත්තේ ශ්‍රී ලංකාවට.
ශ්‍රී ලංකාවේ දි අගය එකතු කළ නොහැකි මැණික් දැන් නැහැ.
මේ ඩොලර් බිලියන ගණනක වංචාවක්. රටට විදේශ විනිමය ඩොලර් බිලියන ගණනක් අහිමි වෙන වැඩක්.
අප මහජන බදු මුදලින් තේ කර්මාන්තකරුවන්ට ලාභ අත් කර දී, තේ කර්මාන්තය රැකගැනීමට උත්සාහ කරනවා.
නමුත් තේ කොල ටොන් ගණනක් විකුණා ලබන මුදල, එක් නිල් මැණිකක් විකුණා ලැබිය හැකියි.
මේ එතරම් විශාල කර්මාන්තයක්.
මේ ගණුදෙනුව පසුපස හදුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ දැමූ ඩීල් දන්නේ ඔවුන් පමණයි.
කෙසේ වෙතත් ජාවාරම්කරුවන්ට විකිණී, මේ පනත වෙනස් කළ සැණින් මෙරට මැණික් කර්මාන්තයේ අභාවය ලියවෙනවා.
අවසානයේ එක් දිස්ත්‍රික්කයකින් රටම ගොඩදැමිය හැකි යයි කියූ හදුන්නෙත්ති, රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයත් සහමුලින්ම විනාශ මුඛයට ඇද දමනවා.
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment