ඒ වගේම 2013 මැයි 18 දින යුධ ජයග්‍රහණ සැමරැමේදී ගත් මේ ජායාරෑපයද ඔවුන් පළකරනවා.
+++++
ජෙරුසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඤයකු වන කර්නල් ආචාර්ය මෝෂේ එලාද් සමග.කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.
එහි මෙහෙම කියනවා.හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය අරගලයක් කරමින් සිටී.
ඊශ්‍රායලය යනු ලොව 14 වන යුධ බලවතා.
ලංකාව රටවල් 145 ක් අතරින් ලොව 69 වන යුධ බලවතා.
ලොව අංක එකේ බුද්ධි අංශය ලෙස සැලකෙන මොෂාද් ඔත්තු සේවය හිමි රට ඊශ්‍රායලය.
න්‍යෂ්ටික අවි , F 35 යානා , පේට්‍රියට් මිසයිල නාශක පද්ධති , සබ්මැරීන , යුධ ටැංකි මේ සියල්ලෙන් ඊශ්‍රායලය පොහොසත්.
බටහිර සහ ඇමරිකාව ඊශ්‍රායලය කරන ඕන අපරාධයක් සාධාරණය කරනවා.
එහෙම වෙලත් ඊශ්‍රායලයට බැහැ 35 km දිග 10km පළල කුඩා බිම් තීරැවක සිටින හමාස් පරාජය කිරීමට.
ගාසා තීරයට ආහාර විදුලිය ඉන්ධන ජලය සම්පූර්ණ සපයන්නේ ඊශ්‍රායලය විසින්.නමුත් ඊශ්‍රායලය අසමත් හමාස් මුලිනුපුටා දැමීමට.
මෝෂේ එලාද් මෙහෙම කියනවා.
ලෝකය අපට කියනවා ගරිල්ලා කණ්ඩායමක් මුලිනුපූටා දමන්න බැහැ කියලා.
නමුත් ලංකාවේ රජය ලොව දරැණුම ත්‍රස්ත සංවිධානය සම්පූර්ණ ලෙස පරාජය කලා.
ඔවුන් ලෝකය බැහැ කියන දේ කරලා පෙන්නුවා.
(ඇත්තටම LTTE සංවිධානය කොටියෙක් නම් සාපේක්ෂව හමාස් සංවිධානය පූසෙක් තරම් ඇති)
(ඇත්තටම LTTE සංවිධානය කොටියෙක් නම් සාපේක්ෂව හමාස් සංවිධානය පූසෙක් තරම් ඇති)
එලාද් කියන කතාව
2005 මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.
ඔහු සාම සාකච්චාව හරහා විසදුමක් සෙවීමේ උපායෙන් ඉවත් වී යුද්ධ කර කොටි සංවිධානය පරාජය කිරීමේ අපායට මාරැවෙනවා.
ඒ සමග රජය
විශාල ලෙස යුධ අවි මිලට ගැනීම ආරම්භ කළා.
හමුදාවට ලක්ෂ ගණනක් අලුතින් බදවා ගත්තා.
බුද්ධි අංශ තර කලා.
යුධ පෙරමුණු ගණනාවක් නිර්මාණය කර කොටියට පහර දුන්නා.
2005 මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.
ඔහු සාම සාකච්චාව හරහා විසදුමක් සෙවීමේ උපායෙන් ඉවත් වී යුද්ධ කර කොටි සංවිධානය පරාජය කිරීමේ අපායට මාරැවෙනවා.
ඒ සමග රජය
විශාල ලෙස යුධ අවි මිලට ගැනීම ආරම්භ කළා.
හමුදාවට ලක්ෂ ගණනක් අලුතින් බදවා ගත්තා.
බුද්ධි අංශ තර කලා.
යුධ පෙරමුණු ගණනාවක් නිර්මාණය කර කොටියට පහර දුන්නා.
ලක් රජය ජාත්‍යන්තරය සමග සාකච්චා කර කොටි ආයුධ සැපයුම් වැහුවා.ඒ සදහා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම ලංකාව උපක්‍රමිකව පාවිච්චි කලා.
කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරගැනීමට රජය සමත් උනා.
එලාද් මෙහෙමත් කියනවා.
කොටි සංවිධානය ඉතාම බලවත්.ඔවුන්ට සංකීර්ණ යුධ යාන්ත්‍රණයක් තිබුනා.
වෙනම පාලන කලාපයක් තිබුනා.
මරාගෙන මැරෙන ප්‍රහාර කලාව සොයාගත්තේ එම සංවිධානය.
ඔවුන් ඒ සදහා කාන්තාවන් සහ දරුවන් පවා යොදාගත්තා.
කොටි සංවිධානය සහ දෙමළ ජනතාව අතර බැදීම කඩා දැමීමට රාජපක්ෂ රජය සංවිධානාත්මක ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කලා.
ලංකාව තියෙන්නේ උපක්‍රමිකව සුවිශේෂී ස්ථානයක.ඒ වටිනාකම් පාවිච්චි කර ලංකාව බටහිර බලයට එරහිව චීන බලය ලබාගත්තා.
මහින්ද රජය යුද්ධය අවසන් වන තෙක් උතුරු නැගෙන හිරට මානව හිමිකම් සංවිධාන වලට එන්න දුන්නේ නැහැ.ජාත්‍යන්තර මාධ්‍ය වලට යුධ පෙරමුනට යන්න දුන්නේ නැහැ.ඔවුන් සියල්ල සංවිධානාත්මකව පාලනය කලා.
ඒ සියල්ල කර ඔවුන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා.
ඇමරිකාව.චෝදනා කරනවා යුද්ධය අවසාන සමයේ උතුරේ 40000 සහ 70000 අතර ගාතන සිදු වූ බවට.නමුත් සාක්ෂි නැහැ.ලක් රජය ඒ සියල්ල සූක්ෂමව කලමණාකරණය තලා. පුවත් පත එහෙම කියනවා.
මෝෂේ එලාද් කියනවා රැසියාව , චීලී රාජ්‍ය සහ ජර්මනිය විසින් ත්‍රස්තවාදී සංවිධාන පරාජය කල අවස්ථා වාර්ථා වන නමුත් ලංකාව තමයි වීස්තීරණ සටනක් සහමුලින් අවසන් කලේ . ඒ නිසා ලක් රජය කල යුද්ධයේ තීක්ෂණ බව අපි උකහා ගත යුතු බව.
ලෝකයම ඊශ්‍රායලයේ යුධ හැකියාව වර්ණනා කරද්දී ඊශ්‍රායලයේ යුධ උපදේශක වරු මහින්ද කල යුද්ධය වර්ණනා කරනවා සහ එය මොඩ්ල් එකක් විදියට අධ්‍යනය කරනවා.
ලංකාවේ සියලු වැසියන් මහින්ද රාජපක්ෂට සහ හමුදාවට දින පතා වැද නමස්කාර කල යුතු උනත් බහුතරය කරන්නේ අදටත් ගරහන එක.
ඊට හේතුව අපි අමුතු ජාතියක්.
https://www.jpost.com/international/article-854833...
මනෝජ් විජේසේකර
0 ප්‍රතිචාර:
Post a Comment