ආගමික ස්ථාන









MAHA VIHARAYA
BALANGODA TOWN
ශ්‍රී සුදර්ශන මහා විහාරය 

බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරය ව්‍යාවහාර වර්ෂ 1804 දී  කුඩා පන්සලක් ලෙස ආරම්භව වර්තමාණය වන විට දර්ශණීය  විහාරස්ථාණයක් බවට පත්ව තිබේ.
විශාල ශාසණික මෙහෙවරක යෙදෙන මෙම විහාරස්ථාණය ප්‍රදේශයට  ඇති ආගමික සම්පතකි.

 







විහාර ගෙය ඇතුලත


 





 


අළුත්නුවර දේවාලය



Aluthnuwara Dewalaya'

රත්නපුර, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නේය.
කොළඹ සිට බදුල්ල පාරේ (A4) පිවිසෙන්නෙකුට 151KM කනුව ආසන්නයෙන් 500 m ක් ඇතුළට වන්නට මෙම ස්ථානයට පිවිසිය හැකිවන්නේ ය. අක්කර 10 ක් වු මනරම් භූමි භාගයක තුන්මහල් ප්රාකාර මත පිහිටි මලුවේ නටබුන්ව ඇති ටැම්පිට විහාරයත්, දාගැබත්, බෝධින්වහන්සේත්, කඳසුරිදුගේ දෙවොලත් ඒ හා සම්බන්ධ දන්, මුළුතැන් ගෙවල් හා ගබඩා ගෙවල් ද වේ. ප්රාසාදය සිව් දෙසට සතර වාහල් දොරටු කරවා, අගනා වාස්තු විද්යාත්මක නිර්මාණයන්ගෙන් සමන්විත දේවාල භූමිය සතර වීදියකින් යුක්ත වන අතර, දේවාලයේ ප්රධාන වාහල්කඩ අභියස පත්තිනි දේවාලය පිහිටා ඇත.
ඊට අමතරව, දේවාලයේ ප්‍රධාන මුරගල අසලින් ගණ දෙවි කෝවිලද එයට ආසන්නයේම ඉපැරණි කොස් රූප්පයද පිහිටා ඇත. පත්තිනි කෝවිල සහ වල්ලි අම්මා කෝවිල සිංහාසන වීදියේ පිහිටා තිබේ. ඓතිහාසික වටිනාකමකින් යුක්ත මෙම කතරගම දේවාලයේ ආරම්භය ශක වර්ෂ 1304 තරම් ඈතට දිව යයි.
ගම්පල රාජධානිය පැවති එම වකවානුව, කතරගම දෙවියන් කෙරේ ජන සමාජය තුල තිබු ආගමික විශ්වාසය වර්ධනීය වූ යුගයක් ලෙස හඳුන්වා දිය හැකිය
තොරතුරු " අළුත්නුවර දේවාලය " මුණු පොතේ බිත්තියෙනි.


මේ නැටුම දැකලා තියනවද. මේ උග්ගල් අලුත්නුවර මහා පෙරහර දිය කපා ගෙන එන පෙරහරේ තිබුණ දුර්ලභ නැටුම් අවස්ථාවක්.

මේ දේවාලයේ "නයියන්ඩි" කාර පංගුව නියෝජනය කරන නර්තනයක් . මේ අවස්ථාවේ එයින් කරනු ලබන්නෙ පසු ගිය දින 15 ක්‌ පුරා දෙවියන් වෙනුවෙන් නැටීම කරද්දී තමන් අතින් සිදුවූ වැරදි වලට සමාව ගැනීමක්ය. යි මේ ඇත්තන් ගෙන් දැන ගන්ට ලැබුණා. මෙහිදී විවිධ නැටුම් විලාස වලින් පෙන්වනු ලබන්නේ ඒ වැඳුම් පූජා බව ද පැවසුනා. දුර්ලභ නැටුමක් ය පවසා ඇත්තේ ඒ නිසයි. එය දකින්න ට ලැබෙන්නේද මහා පෙරහරේ දිය කැපීම සිදු කර පැමිණ වල්ලි දේවාලයෙන් පිට වීමට ආසන්න අවස්ථාවේ පමණි.


sugv.wordpress.com පිටුවට යන්න අළුත්නුවර දෙවාලය ගැන බොහෝ තොරතුරු සදහා.





 


කරගස්තලාව ශෛලගංගාරාමය - බෙලිහුල්ඔය

කරගස්තලාව ශෛලගංගාරාම විහාරස්ථානය.

බෙලිහුල්ඔය පිරිවර කර ගත් අවට ගම්මාන රැසකට ප්‍රධාන කර ගත් පැරණිම බෞද්ධ සිද්ධස්ථානය කරගස්තලාව ශෛලගංගාරාම විහාරස්ථානයයි

වළගම්බා රජ දවස දක්වා ඉතිහාස ගත වාර්ථා රැසක් මේ විහාරස්ථානය වටා ගෙතී ඇත. සොලී ආක්‍රමණයට ප්‍රතිප්‍රාහාර එල්ල කිරීමට අසමත්වු වලගම්බා රජ කදුකරයට පලා ආ බව ඉතිහාසය අපට කියා දී ඇත. මධ්‍යම කදුකරයේ ගම්මාන පිහිටුවමින් ඒ ආශ්‍රීතව ගම්මාන සංවර්ධණය කරමින් කෘෂිකාර්මික කටයුතු දියුණු කරමින්, ආගමික පුණර්ජීවනය ඇ.ති කරමින් එක් ප්‍රදේශයක රැදී නොසිටි බව සිතිය හැකිය.

සබරගමුව ,ඌව පලාත්වල ඇති බොහොමයක් ප්‍රසිද්ධ මෙන්ම අප්‍රසිද්ධ වෙහෙර විහාරස්ථාන වළගම්බා රජු විසින් ආරම්භ කර ඉදි කල ඒවා ලෙස සදහන්ව ඇත.

කරගස්තලාව විහාරස්ථානයත් එවකට වළගම්බා රජතුමා මුල් කොට ගෙන ඉදිවිම් සිදු විහාරස්ථානයකි.

මුලින්ම මෙම සිද්ධස්ථානයේ පිහිටි විහාර ගෙය එසමෙහි ඉදිවන්න ඇතැයි උපකල්පනය වේ. මේ විහාර ගෙය විසල් ගල් පර්වතයක ඇතිවි ඇති ලෙනක ඉදිවු ලෙන් විහාරයකි. ඉන් පසුකාලයේ ටිකින් ටික විහාරස්ථාන පරිශ්‍රය සංවර්ධණය වන්නට ඇත.

බෝ මළුවත් ,චෛත්‍යයත් සිත සමාධි ගත වන නිසංසල පරිසරයක පිහිටා ඇත. හිරිගඩුඔය අසබඩින් ගලා යන විහාර පරිශ්‍රය මනරම්ය.

වත්මන් විහාරාධිපති ධම්ම දස්සි අපේ හාමුදුරුවන් වහන්සේද විහාරස්ථාන සංවර්ධණය සදහා මහත් වෙහෙසක් දරමින් කටයුතු කරන්නේය. සාමනේර හිමිවරුන් පනස් නමක් පමණ වැඩ වාසය කරමින් අධ්‍යාපනය ලබන පිරිවෙනක් නඩත්තු වන්නේය.






 


සීල සමාහිත යෝගාශ්‍රමය

සීලගම, බෙලිහුල්ඔය.
045 2280210

සීල සමාහිත යෝගාශ්‍රමය
බෙලිහුල්ඔය තානායම අසලින් අවසන් වන සමනල රක්‍ෂිත මායිම් කදු ගැටයේ ස්වභාවික තුරු ලතා අතර විශාල භුමි වපසරියේ පිහිටා ඇත.
භාවනා මධ්‍යස්ථානයක් වු මේ පුද බිම මානසික ආගමික සංවර්ධණය උදෙසා විසල් මෙහෙවරක යෙදෙන්නේය.
භාවනා වැඩ සටහන් සදහා ගිහියන්ට සහභාගිවිය හැකි අතර වැඩ වසන භාවනා යෝගී යතිවරුන් වෙත දාන මාන පිරිනැමිමෙන් පින් පෙත් අණුමෝදන් කරගත හැක.

 









 

කොට්ටිඹුල්වල රජ මහා විහාරය

සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශය තුළ බලංගොඩ නගරයේ සිට සැතපුම් 2 ක් පමණ කල්තොට මාර්ගයෙහි ගමන් කර එම ස්ථානයේ සිට සැතපුම් 6 ක් පමණ ගෙවා ගිය විට වැලිගෙපොළ මංසන්දිය හමුවේ. එතැන් සිට සැතපුම් 4 ක් පමණ හටන්ගල මාර්ගයෙහි ගිය තැන කොට්ටඉඹුල්වල රජ මහා විහාරය දැක ගත හැක.
ජනප්‍රවාදයනට අනුව මෙහි ඉතිහාසය ගෝතම බුදුන්වහන්සේගේ කාලය තෙක් දිව යයි. බුදුන් වහන්සේ පරිනිබ්බානයට වැඩම කරන අවස්ථාවේදී ඇති වූ හිසේ අමාරුවක් සදහා මෙම ස්ථානයේ විවේක සුවයෙන් සිටි බවද එහිදී උන්වහන්සේට ඉඹුල් කොට්ටයක් පූජා කළ බවද පැවසේ. එම නිසා කොට්ට ඉඹුල්වල යන නාමය භාවිතා වූ බැව් කියැවේ.
මෙම ලෙන් විහාරය තුල බුදුන් වහන්සේගේ සැතපෙන බුදු පිලිම වහන්සේ නමක් වැඩ සිටී. විහාර ලෙනේ සිතුවම් හා සිරි පතුලක් මෙහිදී දැක ගත හැක.


මෙම ප්‍රදේශයේ ඓතිහාසිකත්වය පිළිබඳව සැලකීමේ දී ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ බලංගොඩ මානව සංස්කෘතිය තෙක් ඈතට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාදක හමුවී ඇත. බෙල්ලන් බැදි පැලැස්ස හා බලංගොඩ මානවයා අතර සම්බන්ධතාවයේ දී මෙම ප්‍රදේශය ආසන්නයේ පැවති නිසා මානව ජනාවාස පවතින්නට ඇත. මේ අනුව අනුරාධපුර යුගයේ මුල් කාලයේ ජනාවාස වී තිබු බවට සැක නැත.

එසේ වුවද රාජකීයයන් මෙම ප්‍රදේශයේ පාලන කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා මැදිහත් වීම පිළිබඳව ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාධක නොමැත.
රුහුණු ප්‍රදේශයෙන් බෙල්ලන් බැදි පදලැස්ස හරහා කොට්ටඉඹුල්වල දක්වා ජන සංක්‍රමණයක් ඇති වන්නට ඇත. ඉන් අනතුරුව මේ ප්‍රදේශය ජනාවාස වන්නට ඇත. කොට්ටඉඹුල්වල මුලින්ම ආරණ්‍ය සේනාසනයක්ව පැවත තිබේ. මෙම ප්‍රදේශයේ මුලින්ම ආරණ්‍ය සේනාසනයක් බවට පත් කරනු ලැබුවේ වට්ඨගාමිණී අභය රජුගේ මාමා කෙනෙකු ලෙස සලකන අභය රාජ විසින් බව පැවසේ. මොහුගේ මුල් නාමය අභය රාජ නොවේ.මෙම ගුහාව අසල පිහිටි ගල්පාය නගරයට පිඬු පිණිස හැසිරෙන විදර්ශන භික්ෂූන්ගේ විවේකස්ථානයක් ලෙස පැවති බව ‘සබරගමුවේ පැරණි ලියකියවිලි‘ නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව අපට කිව හැකි වන්නේ අනුරාධපුර යුගයේ දී මෙම ස්ථානය ආරණ්‍ය භික්ෂුවගේ වාසස්ථානයක් සේම සංචාරක භික්ෂුන්ගේ විවේකස්ථානයක් පැවති බවයි.


වලගම්භා හෙවත් වට්ඨගාමිණී අභය රජු ( ක්‍රි.පු. 103 ) රාජ්‍යයට පත් විය. මොහු ඛල්ලාඨනාග රජුගේ සොහොයුරාය. සිය සොහොයුරු මරා රජ කම ලබා ගැනීම සඳහා උත්සහ කළ මහා රත්ථක මරණයට පත් කොට වලගම්භා රජ කමට පත් වූයේ කරදර සහිත යුතයකය. රාජාභිෂේකයෙන් මාස පහක් ගිය පසු තිස්ස නැමැති බමුණෙක් කැරැල්ලක් ආරම්භ කළහ. මේ සමගම ද්‍රවිඩ සෙනෙවියන් සත් දෙනෙක් හමුදා රැගෙන රට ආක්‍රමණය කළහ. මෙම සටනින් පරාජයට පත් වලගම්බා රජු පලා ගොස් සැගවී කැළයේ තැනින් තැන ඇවිදිමින් හමුදාව රැස් කරන්නට විය.
මෙහිදී කොට්ටඉඹුල්වල අසල තිබෙන ලෙන් දොර කදුවෙල ගල් ගුහා වල මෙන්ම කොට්ටඉඹුල්වල ද වලගම්බා කුමරු සඟවී සිටි බව ජනප්‍රවාදයයි. මෙසේ සිටින අතර විහාරාධිපතීන් වහන්සේගේ සහාය ඇතිව කොට්ටඉඹුල්වලින් යුද්ධ හමුදාවක් රැස් කරවා ගෙන එතනින් හම්බගමුවට ගොස් එහි කොටවෙහෙරේ විසූ තෙරුන් වහන්සේ ගේද සහයෝගයෙන් තවත් සේනාවක් ලබා ගෙන පිහිටි රට බලා යන අතර මගදී එකතු වූ සේනාවන්ද සහාය කොට ගෙන දමිළ සංහාරය කොට ත්‍රිසිංහලය එක්සේසත් කිරීමෙන් පසු සේනා සංවිධානය කිරීමෙහිලා ප්‍රථමයෙන්ම තමා හට උපකාර කළ කොට්ටඉඹුල්වල විහාරාධීපතීන් වහන්සේට අභයරාජ යන ගෞරව නාමය දී විහාර ගල මුදුනට නැග ශක්තිමත් පුරුෂයෙකු ලවා ලෝකඩ තම්මැට්ටමක් ගස්වා අවට ඇසෙන භූමි ප්‍රදේශය ශාසනාන්තර්දානය දක්වා විහාරය විරස්ථායි වනු වස් උන් වහන්සේට පිදූ බව පිළි ගැනේ.
නුවර යුගයේ දී කොට්ටඉඹුල්වල විහාර සඟ පරපුරට අයත් කොට්ටඉඹුල්වල අනොමදස්සී තෙරුන් වහන්සේ මෙහි පැරණි දාගැබ ප්‍රතිසංස්කරණය කොට ප්‍රකාරයක් බැන්දවීමත් රිදී 1285 ක් බර පැණින් ගනේගම අරමන්පල විහාරයේ දහතුන් රියන් දාගැබක් තැනවීමත් , එම විහාරයෙහිම ප්‍රතිමා වහන්සේලා තුන් නමගේ වැඩ නිමවා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයත් කොට එහි පිං මහනුවර මහ වාසලට අනුමෝදන් කරවුහ. මේ අසා ප්‍රසන්න වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ ස්වකීය රාජ්‍යෝදයෙන් දස වැනි වර්ෂයේ ( ශ්‍රී.බු.ව. 1341 – ක්‍රි.ව. 1808 ) උදුවප් මස ශතවත් ලත් බදාදා මෙම විහාර ශාසනන්තර්ධානය දක්වා පවත්නා ශටියට ගොඩ මඩ අක්කර පහළොස් දහසක් පමණ හිමි වන සේ රජුගේ ශ්‍රී නාමය රනින් කෙටූ තඹ සන්නසක් පරිත්‍යාග කළහ. අට කොනේ මායිම් යොදා දී තිබෙන මේ සන්නසෙහිපුරාතන පටන් කොට්ටඉඹුල්වල අනෝමදස්සී උන්නාන්සේගේ වර්ග පරම්පරාවේ සාමනේර උපසම්පදා උන්වහන්සේලා විසින් මෙම විහාරයට පුද ඕලක්කන් (පූජා) පවත්වන ලද බවත් මෙම ස්ථවීරයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍යය පරම්පරාවෙන් පැවත එන සංඝයාද මෙම විහාර දෙකේ වත් පිළිවෙත් කර එයින් ලැබෙන ප්‍රත්‍යයන් සිව්පසය සඳහා ප්‍රයෝජනයට ගත යුතු බැව් කොට්ටඉඹුල්වල තඹ සන්නසේ දක්වා ඇත.
ආරක්ෂාව සහිතව මෙහි තිබෙන වලගම්බා රජු කළ පටන් මේ දක්වා මේ විහාර සග පරපුර ගැන තොරතුරු සඳහන් පුස්කොළ සීට්ටුව ඉතා වැදගත් ලියවිල්ලකි. මෙහි සංඝ නාමාවලියෙහි සඳහන් පරිදි එහි සිටි විහාරාධිපතීන් වහන්සේලාගේ නම් මෙසේ දැක්වේ. මුලින්ම අභයරාජ, උභයකුල, පාරිශුද්ධ, දේවමිත්‍ර, ශීලවන්ත, මාන්නගුරු,සමනල, මතීසාගල, ශීලරක්ෂිත, බුද්ධදාස, ශීල, මහා ධර්ම ගුරු,අනුරද්ධ, ධමේශ්වර, සිද්ධාර්ත, පුංචි බණ්ඩාර, රත්නපාල, වේ. මෙහි ඇතැම් නාමයන් ගැන සලකන විට මෙම ලිපිය ලක්දිව අතීතයේ ‍‍ථෙරවාදී මහායාන නිකායන් බලපෑ අයුරු හා සීතාවක රාජසිංහයන්ගෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රාජෝපාදයෙන් සවැන්න දක්වා භික්ෂු ශාසනය සිල්වත් තැනලාට පැවරී තිබූ අවධියෙහි තත්වයන් මැනවින් වටහා ගත හාකි කැඩපතක් බඳුය.
ඉහත කාලයෙන් පසු වර්ථමානය දක්වා කොට්ටඉඹුල්වල විහාරයෙහි කටයුතු කළ විහාරාධිපතීන් වහන්සේලා කීප දෙනෙක් වෙයි. ඔවුන් මෙසේය. තඹලගමුවේ රනපාල, තඹගමුවේ බුද්ධ රක්ඛිත, වර්ථමානයේ විහාරාධිපති ලෙස වැඩ සිටින්නේ තඹගමුවේ රෝහණ රතනපාල ස්වාමීන් වහන්සේය. එයට අමතරව නැදුම්ගමුව සුමනසාර හිමි වැඩ වාසය කරති. මෙයින් අපට පෙනී යන්නේ සංඝ පරපුර යම් කිසි සම්ප්‍රදායානුකූල ක්‍රමයක් ඔස්සේ පවත්වාගෙන එන බවකි.
හයවන පැරකුම්බා කළ පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට සබඳතාවයක් තිබූ බව සඳහන් වේ. එහි සිටි මංගල තෙරුන්ට රජතුමා පැවරූ සබරගමු ලක්ෂමණ මහ (සමන්) දේවාලයේ පිරිත් මුරයට මෙම විහාරයේ සංඝයාද සහභාගි කර ගැනීමෙන් පෙනේ. මෙම රජ වරුන්ට අමතරව ශ්‍රී විජයරාජසිංහ හා ශ්‍රි වික්‍රමරාජසිංහ යන නරපතී හු මෙහි දියුණුව සඳහා ආධාර උපකාර කරන ලද බව සැලකේ.
කොට්ටඹුල්වල විහාරය යටතේ පාලනය වන විහාර සංඛ්‍යාවක් තිබේ. ඒවා කීහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. පැල්මඩුල්ලේ ගනේගම විහාරය, ගලපාත විහාරය, ලෙන්දොර, ඉහල ගලගම විහාරය, අලුත්නුවර දේවාලයේ පිරිත් නිලය, රත්නපුර සමන් දේවාලයේ පිරිත් නිලය, බොල්තුඹේ රජමහා විහාරයේ පිරිත් නිලය, අම්මඩුව දේවාලය මේ දේවාල වලින් කිහිපයකි. මේ ආකාරයෙන් බලන කළ කොට්ටඉඹුල්වල රජමහා විහාරය මූලස්ථානයක් වශයෙන් පැවති බව පෙනේ. මේ අනුව ඉතා ඉහල අන්දමින් හොඳ පාලනයක් පැවති ඉතා දියුණු විහාරයක් ලෙස තිබූ බව අපට වටහා ගත හැකි වේ.
මෙයට අමතරව කොට්ටඉඹුල්වල විහාරයෙහි ආගමික සාමාජික හා සංස්කෘතික කටයුතු රාශියක් සිදු කරන ලද බව පෙනේ. මහනුවර දළඳා මාලිගයේ දියවඩන නිලමේ තෝරා පත් කර ගන්නා ඡන්දයේ දී මෙම විහාරයට එක් ඡන්දයක් හිමි වේ. එසේම සබරගමුවේ සෑම විහාරයකම ඡන්දයක් මගින් කිසියම් නිලයක් තෝරා පත් කර ගැනීමේ දී ඡන්දයක් කොට්ටඉඹුල්වල විහාරයට හිමි වේ. ශ්‍රී පාද සමය ආරම්භ කිරීමට ප්‍රථමව පිරිත් කියනු ලැබේ. එම අවස්ථාවට කොට්ටඉඹුල්වල විහාරයෙන් සංඝයා වහන්සේ නමක් යා යුතුය. එම කටයුත්ත වෙනුවෙන් ශ්‍රී පාදාස්ථානයට අයත් ඉඩම් වලින් කොටසක් මෙම විහාරයට හිමි වේ.
පුරාණ කාලයේ ඇසල පෙරහැර පැවත තිබේ. එම පෙරහැර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවතුණ බව කිව හැකිය. මේ සඳහා අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී කරවා තිබේ. උඩරට හා පහතරට නැටුම් කණ්ඩායම් කිහිපයක් සහභාගී කරවා ගෙන ඇති අතර මේ පෙරහැර විහාරය වටා සංචාරය කර තිබේ. දින කිහිපයක් ඉතා අලංකාර ලෙස කඩ සල්පිල් වලින් හා විශාල ජන සහාභාගීත්වයකින් පැවත ඇත. එහෙත් මෙම පෙරහැර අවසන් වරට පවත්වා ඇත්තේ මෙයට ශත වර්ෂයකට පමණ පෙර බව පැවසේ.



මෙම විහාරයට ඉඩම් අක්කර 24 දාහකට පමණ ආදායම් තිබේ. මේවායින් ඉඩම් ප්‍රමාණයක් බද්දට දී ඇත. එමගින් විහාරයට අදායම් හිමිවේ. තවත් ඉඩම් ප්‍රමාණයක් රාජකාරී ක්‍රමයට පවරා දී තිබේ. මෙම ඉඩම් භුක්ති විදින ජනතාව විහාරයේ රාජකාරි කටයුතු කළ යුතු වුහ. පෙනුම යනුවෙන් දිනයක් වේ. එදාට මෙම පිරිස පැමිණ විහාරයේ කටයුතු කළ යුතුය. ඒවා නම් විහාරය පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම, හුණු ගෑම, වහල සකස් කිරීම, අදී රාජකාරී වේ. මෙයට අමතරව හේවිසි ගැසීම , තම්මැට්ටම් කටයුතු, වලං සෑදීම, මුර කිරීම, ආදී කටයුතු වේ. සෑම පෝය දිනකම හේවිසි ගැසීම සිදු කෙරේ.
වෙසක්, පොසොන්, ඇසල පෝය දිනවල මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ විහාරය කරා පැමිණේ. මෙම විහාරයේ සෑම අවුරුද්දකම කඨින පිංකම ඉතා උසස් අන්දමින් සිදු කෙරේ. එහි දී ගම වටා කඨින චීවරය වඩම්මනු ලැබේ. (පොගුරුගම සතර පේරුවේ)
මෙම විහාරස්ථානය පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යටතට ගෙන ඇති අතර දැනට විහාරය පුජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. මේ හැරුනු විට මෙහි දහම් පාසලක්, ග්‍රාම සංවර්ධන සමිතියක් පවත්වා ගෙන යයි. එසේම සමිති සමාගම් කිහිපයක් විහාරය තුල පැවැත්වේ. මේ ආදී ලෙස සමාජ සංවර්ධන කටයුතු රාශියක් විහාරය මගින් කර ගෙන යාම විහාරයේ දියුණුවටත් සංවර්ධනයටත් ඉතා වැදගත් බව කිව හැක.
උපුටා ගැනිම අන්තර් ජාලය අැසුරෙන්.

--සටහන ඉසුරු දෑල බණ්ඩාරයන්ගේ 









ශෛලතලාරාමය - බලන්ගොඩ 

කඳු මත සිට බලංගොඩ නගරය දිස්වන අයුරු

  

”බලන්න එතරම් දෙයක් නැහැ”
”කමක් නැහැ අපි ගිහින් බලමු”
සගයන් ගේ තර්ක විතර්ක මැද කඳු ශිඛරයට ගොඩවන්නට අපි තීරණය කළෙමු.
බලංගොඩ බදුල්ල පාරේ 144 කණුව අසලින් දකුණට හැරී කිරිඳිගල ගම්මානය හරහා කඳු මුදුනට යාමට පියවර තැබුවේ එසේ ය. ඒ බලංගොඩ ශෛලතලාරාමයට යන මාර්ගයයි. මාර්ගය ආරම්භයේ කුඩා නිවාස කිහිපයක් තිබුණ ද ඉහළට ගමන් කරන අපට දකිනට ලැබුණේ ස්වභාව සෞන්දර්යයේ අපූර්ව චමත්කාරයකි. මාර්ගය දෙපස තුරු වදුලු තකාලයකට රඟ දෙමින් වෙහෙසකර අපට පවන් සලන්නට විය. ගතට වෙහෙසකර තත්ත්වයක් ඇතිවෙමින් තිබුණ ද ශීත මද නල එය මකා දැමුවේ අපටත් හොරාය.



මුහුදු මට්ටමේ සිට මීටර් 641.91 ක් දක්වා උස් වූ කඳු මුදුනට නැග ගැනීමට අපට එතරම් කාලයක් ගත වූයේ නැත. ගල් තලාව ආසන්නයේ ම ඇති භික්ෂු නේවාසිකාගාරයේ සිටි විහාරාධිපති කඳන්ගොඩ සද්ධානන්ද ඛ්ඹ්මියෝ අප උණුසුම් අන්දමින් පිළිගත්තේ ය. ආගන්තුක අපට උන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා කළ සත්කාර සංග්‍රහ අපට සිහිපත් කළේ අපේ අතීත උරුමයයි. කඳු පන්තිය උඩින් ජීවමානව මෙන් වැඩ වසන බුදු පිළිම වහන්සේ අප ගේ ගමනට ආශීර්වාද කළාක් මෙන් දැනේ. මීදුම් වළාවෙන් වැසී ගිය කඳු පන්ති හතරක් යාන්තමින් පෙනේ. අප සිටින කඳු ගැටයට උතුරින් ඇත්තේ ලෝකාන්ත කඳු වැටියයි. ඒ අතරින් හපුතලේ හා දෙතනගල කඳු වැටිය ද දිස් වේ. නැඟෙනහිරින් ඇත්තේ මුල්ගම කන්දයි. දකුණුපසින් පනත් කන්දයි. බස්නාහිර දෙසින් පෙට්ටියක් බඳු වූ පෙට්ටිගල කන්දයි. මේ සියල්ලට මැදි වූ ශෛලතලාරාම විහාර බුදුපිළිමය ස්වභාව සෞන්දර්යයට එක් කළේ ගාම්භීරත්වයයි.


කිරිඳිගල තලාව නමින් අතීතයේ ප්‍රසිද්ධව තිබූ මෙම විහාර භූමිය තුළ පත්තිනි දේවාලයක් තිබූ බව සඳහන් වේ. එය පත්තිනි හෑල්ලේ දැක්වෙන්නේ මෙසේය.

කුඹල්මුල්ල බොල්තුඹ         දේවාලේ
අලුත්නුවර ගලගම            දේවාලේ
කිරිඳිගල ද මොරහැල         දේවාලේ
සිද්ධ පත්තිනි අණ ඇත     හැමවේලේ

- 2011 මැයි දිණමින










අම්මඩුුව දේවාලය

හීයකින් උපන් දෙවොල

ගොඩකවෙලින් වමට හැරිල කි.මී. 5ක් විතර ගියහම ඇමිටියගොඩ හංදියෙන්, අම්මඩුවට යන්න පුලුවන්.
ටිකක් පිටිසර පෙනුමක් එක්ක පටු පාර දිගේ අලුත යන කෙනෙක්ට නම් දකින්න මනරම් දසුන් එමටයි.
හදිස්සියේ එහා මෙහා යන ඉත්තෑවෙක්, මුගටියෙක්, හෝතඹුවෙක් ඇරුනහම කලාතුරකින් ඕලුවෙක් එහෙමත් මේ පාරෙ දකින්න ඇහැකි.
සුලු අපනයන බෝග ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගත් ජන ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගෙවා දමන මෙම ගමේ ගැමියන් පුද පූජා කරන්නෙ විහාරස්ථානය මුල් කර ගෙනයි. කතරගම දෙවියන් හට බාර වෙන්න යන්නෙ අම්මඩුව කුඩා කතරගම දෙවාලයටයි.
මෙය ක්‍රිස්තු වර්ෂ 1452 පමණ ආරම්භ කරන ලද්දක් ‍‍‍‍‍බවයි සදහන් වෙන්නෙ.
කො‍‍හොම නමුත් ක්‍රි.ව. 1410 සිට ක්‍රි.ව. 1467 දක්වා පුරා වසර 57ක පමණ කාලයක් කෝට්ටේ රජ කළ හය වැනි ශ්‍රී පරාක්‍රමබාහු පාලන සමයේ දී මෙම දේවාලය ඉදිව ඇති බවත් සදහන් වෙනවා.
එමෙන්ම මෙහි ආරම්භය පිළිබද මෙවැනි සටහනක්ද ගොනුකර තියෙනවා.ඒකත් කියවල බලමු නේ.
තමාට දෙවියන් ඇදහීම සඳහා කෝවිලක් නොවූයෙන් භාරහාර ඔප්පු කිරීම හා දේවාශිර්වාද ලබාගැනීම සඳහා කොලොන්න, අටකලන් දෙකෝරළයේ වැසියෝ ඒ සඳහා අලුත්නුවර දේවාලයට යෑමට පුරුදුව සිටියලු.
ඔය එක්කම ගම්වැසියන් සඳහා දේවාල භූමියෙහි වෙනම වීදියක් වෙන් කර තිබුණ කියල තමයි කියන්නෙ.
කොහොම නමුත් ඇමටියගොඩ ගම තුළ පදිංචිව සිටි රාමගිරි බ්‍රාහ්මණ රාල හා දේවගිරි බ්‍රාහ්මණ රාල යන දෙදෙනා තමයි මෙම වන්දනා ගමනට මූලිකත්වය දීල තියෙන්නෙ.
කොහොම හරි මෙහිදී සිදු වූ සිද්ධියක් නිසාවෙන් ඔවුන්ට ආපසු ඒමට සිදුවෙලා තියනවා.
පුරා රාත්‍රියක් කළ දේව කන්නලව්වකට පසු ගමට ඇවිත් නිදා උන් රාමගිරි බ්‍රාහ්මණ රාල වෙත කිසියම් අයකු සිහිනයෙන් පැමිණ ඔබ ගමන් කළ මාර්ගය අසල දෙල් ගසකට දේවාභරණයක් පහළ වී ඇති බවත්, එය රැගෙන තමන්ට රිසි පරිදි පුද පූජා පවත්වන ලෙසත් පවසා නොපෙනී ගොස් තියෙනවා.
පහුවදා උදෑසන නින්දෙන් අවදි වූ රාමගිරි බ්‍රාහ්මණ රාල මෙම සිද්ධිය දේවගිරි බ්‍රාහ්මණ රාලට පවසා මෙම ස්ථානය සෙවීම සඳහා ආ මග දෙපස පරික්ෂා කරමින් ගමන් කරලා තියෙනවා.එවිටයි දැක්කෙ දෙල් ගසක් මුදුනේ අත්තක රන් ඊතලයක් ඇටවිලා තියෙනවා.ඊතලය දැක්ක වහාම එම ගස මුලට ගොස් දෙවියන්ට යාච්ඤා කළ විට එම රන් ඊතලය රාමගිරි බ්‍රාහ්මණරාලගේ ජටාව මතම වැටිල තියනවා.
එම දේවාභරණ තමයි වත්මන් දේවාල බිමේ තැන්පත් කරල තියනවා කියන්නෙ.
කො‍‍හොම වුණත්
නොයෙක් නොයෙක් කතාන්දරත් එක්ක පළමුව දකින ඕනෑම කෙනෙක් හට මහ ගුප්ත බවක් ඇති ස්ථානයක් ලෙසටයි මේ දෙවොල පේන්නෙ.
අසවල් කාලයට අසවල් ක්‍රියාව නිම කළ හැකි බව පැවසුවත් එය එයාකාරයෙන් ඉටු කල නොහැකිය යන්න ජනප්‍රවාදවල සදහන් වෙනවා.
කතාකරුත් එක්තරා කාලවකවානුවක මේ අත්දැකීමට මුහුණ දුන් අතර එය ඇත්තක්ද නැතහොත් ඔහු අතින් වුණ අතපසුවීමක්ද යන්න දැනටත් විසදා ගත නොහැකි වුණ ගැටලුවක් විදියටයි තියෙන්නෙ.
කොනකින් රංවලටත්, කොනකින් ගොඩකවෙලටත් මායිම් වන දෙවොල් සීමාවෙ වාර්ෂික පෙරහර මංගල්‍යය කුඹල් පෙරහර, දෙවේලේ පෙරහර, මහ පෙරහර යන අවස්ථා තුනෙන් යුක්ත පෙරහැර සැප්තැම්බර් මසෙ පැවැත්වෙනවා.
මෙම පුරාණ පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර වලට අනුව ක්‍රි.ව. 14 වන සියවසට අයත් ලෙස සැලකෙන්නෙ.
තොරතුරු හා ජනප්රවාද අන්තර්ජාලයෙන් තමයි උපුටා ගත්තෙ.












බලන්ගොඩ කල්තොට පිහිටි කූරගල පුදබිම පසුගිය දා යළිත් සජීවී බෞද්ධ පූජා භූමියක් කිරීමේ කටයුතු ආරම්භ වුණා. පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් පැවතුණු කූරගල පුරාණ ආරණ්‍ය භුමිය සජීවී බොදු වත්පිළිවෙන් කරනා තැනක් වුණේ නැහැ. එය මුස්ලිම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස තමයි පැවතුණේ. ඔවුන්ගේ ආගමික වතාවත් එහි සිදුවුණා. එහි පසුගිය කාලයේ කළ විවිධ ඉදිකිරීම නිසා පෞරාණිකත්වයට හානි සිදුවූ බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ. තවමත් කූරගල මුස්ලිම් පල්ලියක් සහ ශාන්තුවරයකුගේ ලෙස සැලකෙන සොහොන්කොත් දෙකක් ද දැකගත හැකියි.
පිහිටීම
බලංගොඩ-කල්තොට පාරේ 23 වැනි කිලෝමීටර් කණුවට නුදුරින්, තංජන්තැන්න මංගර දේවාලය ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් දෙකක් ගමන්කර කූරගලට ළගාවිය හැකියි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කූරගල ග්‍රාම නිලධාරී වසම තුළ කූරගල ඓතිහාසික පුදබිම පිහිටා තිබෙනවා. පැරණි බෙදීම් අනුව එය අයත්වන්නේ කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවට යි. කඳුවැටි, වනාන්තර, කෙත්වතුවලින් වටවූ රමණීය බිමක තමයි කූරගල පිහිටා තිබෙන්නේ. කඳු පාමුල සිට ඉහළට ගමන් කිරීමට පියගැට තනා තිබෙනවා.
විකිලියේ හාමුදුරුවෝ
වල්වැදී නටබුන්ව ගිය කූරගලට නිසි ගමන් මාර්ගයක් පවා සොයා ගැනීම දුෂ්කර වූ කාලයක විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ එහි වැඩම කළ බව පැවසෙනවා. ඒ 1925 අවුරුද්දේ. ඒ කාලේ කූරගලට යන්න හරියට පාරක්වත් තිබුණේ නැහැ. බලංගොඩ සිට බෝවත්ත දක්වා යාමට කරත්ත පාරක් තිබුණ අතර, එය ද ගමන් කළේ නිතර අලි, කොටි, වලස්සු වැනි නපුරු සතුන් ගැවසුණු මාර්ගයක යි. බෝවත්තෙන් එහාට දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින් තංජමට හා එතැනින් කූරගලට යා යුතුව තිබුණා.
 
 
1925 වසරේ කූරගලට පැමිණි අවස්ථාවේ කඳු මුඳුනේ පේසා වළලු තුනකින් සමන්විත, අඩි 09ක් උස දාගැබක් පැවති බව විකිලියේ හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ අසලින් ගලා යන කුඩා දොළ පාර අතර කොටසේ, අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් ද දැක ගන්නට ලැබුණු අතර, ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි කුඩා බුද්ධ ප‍‍්‍රතිමාවක් ද තිබුණ බවත් පවසනවා. නැවත 1938 වසරේ දී කූරගලට වැඩම කරන විට එම නටබුන් දැකගැනීමට ලැබී නැහැ. විහාරය පැවති තැන මුස්ලිම් පල්ලියක් ගොඩනඟා තිබුණු බව උන්වහන්සේ සඳහන්කර තිබෙනවා. 
උන්වහන්සේගෙන් පසුව වටද්දර ඤාණිස්සර නාහිමියන් කූරගල ගැන සොයා බලා බෞද්ධ නටබුන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. අනතුරුව ගැටඅරළුවේ සංඝරක්ඛිත නාහිමියන් ද, පසුව මෑත කාලයේ රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමියන් ද මෙම ඓතිහාසික පූජා භූමියෙහි බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා. 
 
මහ සෑයක් ඉදිකෙරේ. 
 
2013 දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් සිටි අවධියේ දී මෙහි අනවසර ඉදිකිරීම් රාශියක් ආරක්ෂක අංශයන් විසින් ඉවත්කෙරුනු අතර, වර්ෂ 2019 වර්ෂයේ දී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් පානීය ජල නළ පද්ධතිය, පියගැට පෙළ හා විදුලිය ලබාදීම සිදුව තිබෙනවා. 
 
මෑතක දී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වෙත මෙහි භාරකාරීත්වය පැවරුණා. ඒ හිමියන්ගේ මැදිහත්වීමෙන් කූරගල බෞද්ධ ප්‍රබෝධය යළි ඇතිකිරීමේ කටයුතු ආරම්භ වුණා. ඉදිරියේ දී මෙහි අඩි සියයක් උස දාගැබක් සහ බුදුරුවක් ද, සංඝාවාසයක් ද ඉදිවීමට නියමිතබව පැවසෙනවා. 
පර්වත දෙකක්
පොදු වහරේ කූරගල යනුවෙන් මෙම ස්ථානය හැඳින්වූවත්, මෙහි ප්‍රධාන ගිරිශිඛර දෙකක් දැකගත හැකියි. ඒ කූරගල හා හිටුවන්ගල කියන පර්වත යි. පැරණි පියගැට පෙළ ඔස්සේ ගමන් කරන විට මුස්ලිම් ආගමික තොරණ, ඉදිකිරීම්, වෙළෙඳසල් ආදී ගොඩනැගිලි දැකගත හැකියි. කඳු මුදුන ආසන්නයේ වම්පස බෑවුමේ පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා තිබෙනවා. දකුණු පසින් හිටුවන්ගල කන්දේ ගල්ගුහා පිහිටා තිබෙනවා. මෙම බිමේ ඓතිහාසිකත්වය ගැන සැලකිල්ලට ගත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට කූරගල නම්කර තිබෙනවා.
 
 
බලංගොඩ මානවයා
කූරගල මානව ඉතිහාසය බලංගොඩ මානව යුගය හෙවත් මධ්‍ය ශිලා යුගය දක්වා ඇදී යනවා. කූරගල අයත්වන්නේ පහතරට වියළි කලාපයත් තෙත් කලාපයත් අතර අන්තර් කලාපයට යි. ඒ වගේම සමනළ වැව, බලංගොඩ, කුරුවිට, බෙල්ලන්බැඳි පැලැස්ස යන ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසූ ප‍්‍රදේශ මේ ස්ථානය වටා පිහිටා තිබෙනවා. මධ්‍ය ශිලා යුග මානවයාගේ ශේෂ මින් හමුවුණේ 2013 වසරේ දී කළ කැණීම්වලින්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසි කළ එම කැණීම් සිදුවුණේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේ යි. අභිචාර හා ආදාහන ක්‍රම භාවිතයෙන් මළවුන් ඇදහීම හෙළිකරමින් මිහිදන්කර තිබූ සම්පූර්ණ අස්ථි සැකිල්ලක් ද මින් හමුවුණා. පොළොව මට්ටමින් සෙන්ටිමීටර 90කට ආසන්න ගැඹුරකින් තමයි එය හමුවුණේ.
 
මානව ඇටසැකිලි කොටස් අමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය වෙත යවා කාල නීර්ණයන් ලබාගෙන තිබෙනවා. ඒ අනුව අදින් වසර 16,000කට එහා කාලයේ සිට අදින් වසර 6000 දක්වා කාලයක් දක්වා මෙය මානව ජනාවාසයක් බව හෙළිවී තිබෙනවා. 

ආදි මානවයා භාවිත කළ ක්ෂුද්‍ර ගල් මෙවලම් රැසක් කැණීම් කළ ලෙන් තුළින් හා ඊට පිටතින් හමුවී තිබෙනවා. මෙහිදී සොයාගත් ගල් මෙවලම් ඉතා පිරිසිදු තිරිවාණා පාෂාණයෙන් සෑදූ ඒවා යි.
 
 
මුහුදු ගිය මානවයෙක්
කූරගල විසූ මානවයා වලවේ ගං නිම්නය ඔස්සේ කිලෝ මීටර් 80කට ආසන්න දුර ගෙවා, මුහුදුකරයට පියමංකර තිබෙනවා. කැණීම්වලින් හමුවූ මුහුදු බෙලි කටු, මත්ස්‍ය ඇටකටු එයට සාක්ෂි දරනවා.
මෙම මානවයා විලාසිතා අලංකරණය ගැන ද උනන්දු වූ බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබෙනවා. කරදිය හා මිරිදිය බෙල්ලන් 80කට ආසන්න ප්‍රමාණයකින් නිර්මාණය කරගන්නා ලද පබළු හමුවිමෙන් එය පේනවා.
 
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාග් ඓතිහාසික කැණීමකින් ස්වභාවික මිනිරන් ඛනිජයක් උපයෝගී කරගෙන සකස් කළ පබළුවක් හමුවීම ද වැදගත් සාධකයක්. 
 
බෞද්ධ ඉතිහාසය
කූරගල සෙල්ලිපි පළමුවරට පිටපත් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ සී. එච්. කොලින්ස්ට යි. 1932 දී සී. එච්. කොලින්ස් එම සෙල්ලිපි පිටපත්කර ඇති අතර පසුව මහාචාර්ය පරණවිතාන ඒවා කියවා පළකර තිබෙනවා:
1 - --------- දතහ සමුදහ ලෙනෙ
අර්ථය - දත්ත (සහ) සමුද්‍රගේ ලෙන
2 දම ගුත තෙරස ලෙන
අර්ථය - ධම්මගුප්ත තෙරුන්ගේ ලෙන
3 පෙළ - (පරුමක) සුමනහ පරුමකලු ශුමය
අර්ථය - ප්‍රධානී සුමනගේත්, සුම්මා නම් ප්‍රධානීවරියගේත් (ලෙනයි)
සෙල්ලිපි සාධක අනුව මූල ඓතිහාසික යුගයේදී හා ඓතිහාසික යුගයේ දී ද කූරගල ආරණ්‍ය සේනාසනය (ක්‍රි. පූ. 2- 1 සියවස්වල සිට ක්‍රි. ව. 10- 11 සියවස් පමණ වන තෙක්) ආගමික වශයෙන් මනාව සංවර්ධනයව පැවැති පුද බිමක් බව හෙළිව තිබෙනවා.
 
 
ඉස්ලාම් පුදබිමක්
ඉස්ලාම් භක්තිකයන්ගේ කූරගල සම්ප්‍රාප්තිය හා මෙහි ඔවුන්ට වන සබඳතාවය පිළිබඳව ඉස්ලාම් බැතිමතුන් වෙනම අදහස් දක්වා සිටිනවා. ඒවා පුරාවිද්‍යා සාධක මත බිඳවැටෙන බව කිවයුතු නොවේ. 1932 වර්ෂයේ දී සී. එච්. කොලින්ස් විසින් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලියන ලද ලිපියේ කූරගල පිළිබඳව ද සඳහන් වෙනවා. ඔහු කූරගලට පැමිණෙන විටත් එම පරිශ්‍රයේ ලෙන් ආශ්‍රය කොට මුස්ලිම් ජාතිකයන් පදිංචිව සිටි බව සඳහන් කරනවා. ඔහුගේ ලිපියට අනුව කූරගල කඳු මුදුනේ ඇති ගල් ලෙනක් තුළට මුස්ලිම් පූජකයෙක් රිංගා ඇති අතර නැවත ඔහු පැමිණ නැහැ. මේ නිසා ලෙන තුළ ඇති උමං කුහරය මක්කම දක්වා තිබෙන බව ඔවුන්ගේ විශ්වාසය යි. නමුත් ජනප්‍රවාදවලට අනුව මෙම උමඟෙන් පිවිසිය හැක්කේ නුදුරින් පිහිටි තවත් පූජනීය ස්ථානයක් වූ බුදුගලට බව පැවසෙනවා.
 
සජීවී බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස නොපැවැති නිසා 1900 මුල් කාලයේ මුස්ලිම් භක්තිකයන් විසින් වනගත කූරගල තම ආගමික විශ්වාස සමග බද්ධ කරමින් එයට වන්දනා කිරීම පටන් ගන්නට ඇති බව පේනවා. ගල්ලෙන්වල ස්වභාවික පිහිටීම මෙන්ම ලෙන් ආශ්‍රිතව ඇති බ්‍රාහ්මී අක්ෂර ඉස්ලාමීය අනන්‍යතා ලක්ෂණ බව පෙන්වමින් තර්කානුකූල ලෙස මුස්ලිම් ආගමික භක්තිකයන් අතර විශ්වාස ගොඩනගා ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව ද පැහැදිලි වෙනවා. මුස්ලිම් ආගමික නිකායේ නායකයන්ගේ සොහොන් කොත් පිහිටුවමින් ආගමික විශ්වාස භූමිය හා බැඳී පවතින ලෙසට උපක්‍රමශීලීව කටයුතු යොදා ඇති බව පේනවා. 
ක්‍රි. පූ. යුගයේ ලියවුණු පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක් වන “දතහ ශමුදහ ලෙනෙ” යන්න “දත්ථාසේලාන්” ලෙස වැරදියට විග්‍රහකර තිබෙනවා. කටාරම් සහිත ලෙනක ඉදිරිපස ඇති පර්වතයේ අරාබි අක්ෂරයෙන් මෑතක දී ශිලා ලේඛනයක් කොටා එය ඔවුන්ගේ පුරාණ සෙල්ලිපියක් බව පවසා තම අනන්‍යතාවය තහවුරු කරගැනීමට ගත් උත්සාහයක් ද දැකගත හැකියි. 
 
මුණු පොතේ පලකල වියමනකින්.


 

මීදුම Published @ 2014 by Ipietoon