Saturday, August 02, 2025

පළමුව තමන් විමසමු .





විවාහ වී ඉතා සතුටින් කාලය ගතකල යුවලක් සිය විසිපස්වැනි සංවත්සරය සැමරූවා.
ඉන් දින කිහිපයකට පසුව සැමියා විසින් එක කරුණක් වටහාගත්තා.
එනම් සිය බිරිඳගේ කන් ඇසීම දින කිහිපයක සිට ඉතාමත් දුර්වල මට්ටමකට පත්ව ඇති බව.
"සමහරවිට ඇයට ශ්‍රවනාධාරකයක් අරන් දෙන්න වේවි"
ඔහු සිතුවා.
නමුත් මේ පුද්ගලයාට සිතාගන්නට බැරිඋනා ඇයගෙන් ඒ පිලිබඳව ඇසිය යුත්තේ කොහොමද කියල.
"ඇය මාව වරදවා වටහා ගත්තොත්"
ඔහු තමාටම කියාගත්තා.

 

පසුව මේ පුද්ගලයා තීරණයකට එලැඹුනා.
එනම් පවුලේ වෛද්‍යවරයා මුනගැසී උපදෙස් ලබාගැනීමටයි.
විස්තරය සාවදානව අසාසිටි වෛද්‍යවරයා ඔහුට උපදෙස් කිහිපයක් ලබාදුන්නා.
එය ඇගේ කන් ඇසීම පිලිබඳව තහවුරු කරගැනීමටයි.
"ඔබ නිවසට ගොස් ඇගෙන් අඩි 20ක දුරක් ඈතට යන්න."
"සාමාන්‍යයෙන් ඔබ ඇයට කතාකරන ශබ්දයෙන්ම ඇයට කතාකරන්න."
"නිරීක්ෂනය කරන්න ඇයට ඔබව ඇහෙනවද කියල"
"ඇයට ඇහෙන්නෙ නැත්තන් දුර ප්‍රමාණය අඩි 10කට අඩු කරන්න.
මේ ආකාරයට ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරුම උත්සහ කරන්න"
වෛද්‍යවරයා තවදුරටත් කතාකලා.

"අවසානයේ ඔබට ඇය ප්‍රතිචාර දැක්වූ දුර ප්‍රමාණයට අනුව අපිට ඇස්තුමේන්තු කරන්න පුලුවන් ඇයට අවශ්‍ය ශ්‍රවනාධාරකය පිලිබඳව"
උපදෙස් ලබාගෙන නිවසට ගිය සැමියා ඊලඟ දිනයේ සිය බිරිඳ දිවා ආහාරය සූදානම් කරමින් සිටිනු දුටුවා.
වෛද්‍යවරයාගේ උපදෙස් අත් හදා බැලීමට මෙය අවස්තාවක් බව මොහු සිතුවා.
අඩි විස්සක් ඇගෙන් දුරට ගොස් මෙසේ ඇසුවා.
"බබා දවල්ට මොනාද උයන්නෙ"
මොහොතක් ඇගේ ප්‍රතිචාරයක් වෙනුවෙන් ඔහු බලා සිටියා.
නමුත් ඇගෙන් කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ.

දෙදෙනා අතර දුර ප්‍රමාණය අඩි කිහිපයක් අඩුකොට නැවතත් එම ප්‍රශ්නයම ඇසුවා.
එවරද ඔහුට බිරිඳගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
ඉන්පසුව ඔහු දුර ප්‍රමාණය අඩි 10කට අඩුකොට උත්සහ කලා.
නමුත් ඇයගෙන් එවරද කිසිම පිළිතුරක් ලැබුනේ නෑ.
පරතරය අඩි 5කට අඩුකොට ඔහු නැවතත් එයම ඇසුවා.
"බබා දවල්ට මොනාද උයන්නෙ"
නමුත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.

ඇගේ කන් ඇසීම ඉතාමත් දුර්වල මට්ටමකට පත්වී තිබෙන බව සිතා ඔහු කනගාටු උනා.
මෙවර ඔහු ඇය ලඟටම ගොස් ඇගේ පිටුපසින් හිටගෙන මෙසේ ඇසුවා.
"පැටියො,දවල්ට ඔයා උයන්නෙ මොනාද"
එවිට ඇය ඔහු දෙස හැරී බලා මොරදුන්නා.
"පස්වෙනි වතාවට.........
පස්වෙනි වතාවට මේ කියන්නෙ,

චිකන්,චිකන්,චිකන්,
ඔයා අනිවාර්යයෙන්ම හෙටම ගිහින් ඔයාගෙ කන්දෙක චෙක් කරගන්න"

බොහෝ අවස්තාවලදී ප්‍රශ්නය තියෙන්නෙ අපි ලඟ.
ඒත් අපි උත්සහකරනව තවත් කෙනෙකු පිට වරද පටවන්න,
නිවැරදි අවබෝධයක් නැතිව.
ඒ වගේම ගොඩාක් ලේසියි අනිත් අයගෙ වැරදි හොයන එක,
තමන්ගෙ දේවල් ගැන සොයල බලනවට වඩා.
අපිට අනිත් අයගෙ ගැටලුවක් තියෙනව කියල හිතෙන බොහෝවෙලාවට තීරණයකට එන්න කලින්,
අපේ අභ්‍යන්තරය ගැනත් අවධානය යොමුකරන්න ඕනෙ.
මන්ද,
බොහෝ අවස්තාවලදී ප්‍රශ්නය තියෙන්නෙ අපි ලඟනම් ඒකෙ පිළිතුරත් තියෙන්නෙ අපි ලඟමයි.

උපුටා ගැනීමකි.

A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon