අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Friday, August 22, 2025

8/22/2025 01:40:00 pm


මෙයට අවුරුදු 99 කට පෙර කියුබාවේ බිරාන්හිදී 1926 ජුලි 13 වැනිදා උපත ලැබූ (13/08/1926-25/11/2016) ෆිදෙල් කස්ත්‍රෝ 1959 විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසුව 2008 දී නායක ධුරයෙන් විශ්‍රාම ගන්නා තුරු කියුබාවේ අසහාය නායකයා වශයෙන් සේවය කළේය.ඔහුගේ ගේ නායකත්වයට අභියෝගයක් නොපැවතුනි.එනමුත් සී අයි ඒ සංවිධානය ඔහු ඝාතනය කිරීමට නොයෙක් ක්‍රම මගින් 8 වතාවක සිට 600 වතාවක් උත්සාහ කල බව ප්‍රකට කරුණකි.පසු ගිය සිය සියවසේ මැදභාගයේ අවසානයේ සිට මේ සියවසේ දශකයටත් වැඩි කාලයක් ඔහු මිය යනතෙක් රතු ධජය ඉහලින්ම ඔසවා ගෙන සිටි විප්ලවාදී නායකයා ඔහු වීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උදහසට පාත්‍ර විය.ඔහු නමින් කිසිම ගොඩ නැගිල්ලක් හෝ ස්මාරකයක් නම් නොකරන ලෙස මරණයට පෙර ඉල්ලා සිටීමට තරම් කස්ත්‍රෝ නිහතමානී විය. 

මේ  කෙටි සටහන ලියන්නේ ඔහුට පවතින ඉමහත් ගෞරවය සහ ගැඹුරු සහෝදරත්වය පෙර දැරි කරගෙනය.කස්ත්‍රෝ ගැන ලිවිම පවා අද විප්ලවාදී ක්‍රියාවක් වන්නේ ඔහු මියයන තෙක්ම සමාජ විප්ලවයේ ජීවමාන ආදර්ශය වශයෙන් පැවතී නිසාය. ඔහු ජයග්‍රහණය කල කියුබාව අද එහි ජීවමාන ආදර්ශය වශයෙන් පවතී.


කියුබානු විප්ලවයේ ජයග්‍රහණය යනු ෆිදෙල් කස්ත්‍රෝ ට මෙන්ම ඔහු නායකත්වය දුන් ගරිල්ලා ව්‍යාපාරයටද ලතින් ඇමරිකාවේ අධිරාජ්‍ය විරෝධී ගිනිසිළුවේ ආලෝකය කියුබාව මත පතිත වී ඇති බව වටහැ ගැනීම සහ එවකට කියුබාව තුල පැවැති ආඥාදායක දේශපාලන තත්වයේ අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව පැවති බව තේරුම් ගැනීමට පුළුවන් වූ සංසිද්ධියක් වෙයි. 

ෆිදෙල් කස්ත්‍රෝ යුග පුරුෂයෙක් වශයෙන් පැන නැංගේ මේ අභියෝගයට නිර්භීතව සහ අධිෂ්ටාන සහගතව මුහුණ දීමේ ධෛර්ය ප්‍රගුණ කල නිසාවෙනි.මේ ධෛර්ය සම්පන්න බව හේතු කිහිපයක් නිසා අපට දැක ගත හැකිය. කියුබාව තුල විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ වාස්තවික සහ විෂයමුලික තත්වයන් ගොඩ නැගෙමින් තුබුනද සංශෝධනවාදයට පීලි පැන තිබුන මොස්කව් වලට සම්බන්ධ කියුබානු සමාජවාදී පක්ෂය එම තත්වය ග්‍රහණය කොට නොතිබුණි. 
කස්ත්‍රෝ පළමුවෙන්ම මොන්කදෝ බැරක්කයට කල පහර දීම සන්නද්ධ ක්‍රියාවක් වශයෙන් අසාර්ථක වී සහ පරාජය වී හිරබත් කෑ නමුදු බැටිස්ටා පරාජය කිරීමේ උත්සාහය අත හැරියේ නැත. එම පරාජයෙන් පසුව ගොඩ නැගු ජුලි 26 දා ව්‍යාපාරය සන්නද්ධ විප්ලවයේ අඛන්ඩතාවය ආරක්ෂා කිරීම පිණිස රටින් පිටව මෙක්ෂිකොවට ගොස් ඊ ළඟ ප්‍රහාරය සුදානම් කරනු ලැබීය.
1956 නොවැම්බර් 25 සහ දෙසැම්බර් 2 දා අතර ග්‍රන්මාව කියුබානු වෙරළට ළඟ වූ පසු සහෝදරයන් බොහෝ දෙනෙක් බැටිස්ටා හමුදාව විසින් විනාශ කරනු ලැබූවද කස්ත්‍රෝ සිය උත්සාහය අත හැරියේ නැත. කස්ත්‍රෝ සිය නායකත්වය විප්ලවයේ ජයග්‍රහණය වෙනුවෙන් අත නොහැර ගෙන යාමට ඔහු වටා සිටි නායකයන් අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබිණ.
චේ ගුවේරා,කැමිලෝ සෙන්ෆියුගොස්,රාවුල් කස්ත්‍රෝ මේ සම්බන්ධයෙන් අමරණිය වූ කාර්යභාරයක් ඉටු කරමින් විප්ලවයේ ජයග්‍රහණය ඉදිරියට ගෙනයාමට කස්ත්‍රෝ සමග අයෝමය සමගියක් සහිතව ඒකරාශි වුහ.ෆිදෙල් ට පමණක් දෙවැනි වූ වාමාංශික පවුලකින් විප්ලවීය දේශපාලනයට පැමිණි කැමිලෝ 1959 ඔක්තෝබර් මස ගුවන් අනතුරකින් මිය ගිය බව එවකට ළදරු විප්ලවාදී ආණ්ඩුව සහතික කරනු ලැබිණ. කැමිලෝ මෙන්ම අනික් නායකයන් නොමැතිව විප්ලවය ජග්‍රහණය කිරීමට කස්ත්‍රෝ ට නොහැකි වීමට ඉඩ තිබුණි. 
කස්ත්‍රෝගේ ධෛර්යේ අනෙක් කරණය වන්නේ ඇමරිකානු එක්සත් ජනපදය අභියස විප්ලවයේ ජයග්‍රහණය අඩාල වීමට කිසි සේත්ම ඉඩ නොදීමයි.
විප්ලවයේ ජයග්‍රහණය 1959 සිට අද දක්වා ආරක්ෂා කර ගැනීමට කස්ත්‍රෝ විසින් පෙන්වූ ප්‍රඥාව කියුබානු වර්තමාන නායකත්වය විසින් අදත් අයෝමය සංයමයකින් යුක්තව ප්‍රගුණ කරනු ලබයි. 
මොන්කාදෝ ප්‍රහාරය ආරක්ෂා කරමින් උසාවිය හමුවේ කස්ත්‍රෝ 'ඉතිහාසය විසින් තමන් නිදොස් කරනු ඇතැ'යි කල ප්‍රකාශය කියුබානු විප්ලවයේ ආර්ථික සමාජයීය දේශපාලනමය සහ සංස්කෘතික ජයග්‍රහණයන් පරිපුර්ණ ලෙස ලබා ගත් යුගය එළඹෙන තෙක් කියුබානු ජනතාව තම ආදරණිය නායකයාගේ උපත විප්ලවාදී කියුබාවේ උපත ලෙස අනුස්මරණය කරනු ඇත. 

අපේ ගැටවර වයසේ අපට යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටීමට ඉමහත් ආස්වාදයක් ගෙනදුන් ෆිදෙල්ට  අපේ නොකැළැල් ප්‍රණාමය පුද කරමු.



A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: