Wednesday, August 13, 2025

මුළු තැන් බත් .


මේ මාසය පෙරහැර මාසයයි.ඇසල මාසය ඇරඹෙන්නේ දළදා පෙරහැර කතරගම පෙරහැර. රත්නපුර, දෙවුන්දර,සහ අනෙකුත් පරිවාර දේවාල වල  පෙරහර මංගල්‍යයයන්  පැවත්වෙමින්.

පෙරහැර ගැන නොවෙයි මගේ කතාව.

රසවත් මුළුතැන් බත ගැනයි .

“දේවාලයක අංග කිහිපයක් තියෙනව. ප්‍රධාන පිවිසුම, වාහල්කඩ, ප්‍රධාන බරාඳ, හඳුන් කූඩම, දිග්ගෙය, වැඩ සිටින මාලිගය, මුළුතැන් ගෙය, ගබඩා කාමර, අටු මඩුව, දඬු මඩුව ආදී කොටස්වලින් යුක්ත වන විට දේවාල පරිශ්‍රයක් බවට පත්වෙනවා.

මින් මීදුම මුළුතැන් ගෙට අවධානය යොමු කරා.

කෑම බීම අපිට මුල්තැනක් ගන්නවානේ.

දෙවියන් සදහා ආහාර සැපයීම මුළුතැන් බෑම කියලයි කියන්නේ.මුළුතැන් වැඩීම කියලත් බාවිතා කරනවා. වැඩි ගෞරාවින්ත බවට.

අපේ කුස්සිය කිචන් එක දේවාලෙදී මුළුතැන් ගෙය ලෙසයි හදුන්වන්නේ.

දෙවියන් සදහ වෙන්වු මුළුතැන් ගෙයින් දේවාලයට ආහාර සැපයීම කරන චාරිත්‍රයට  “ මුළු තැන් බෑම “ කියලා කියනවා.

පුරානයේ සිංහල රජ මාලිගාවල මෙම සිරිත පැවතිලා තියෙනවා.දිනකට තුන් වරක් දෙවියන් උදෙසා ආහාර පාන පූජා කිරීම එකල පැවති සිරිතක්.

හිණ්දුන්ගේ  පිලිගැනීම් අනුව “ මුළුතැන් කවාඩි “නම්වු චාරිත්‍රය් මෙයමයි.

මුළුතැන් ගෙදර වෙනම කාර් මණ්ඩලයක් ඉන්නවා.මුළු තැන් කද ගෙන ඒම සදහා මෙම කාර්ය මණ්ඩලයේ නිල ඇත්තෝ වෙනමම ඉන්නවා.තේවාව පැවත්වීම කපුරාලගේ කාර්යයක්.පිරිසිදුව සකසන මෙම මුළුතැන පූජාව  බුද්ධ පුජාව සදහා රන් පාත්‍රයද , දේව පූජාව සදහා රණ් මණ්ඩයද පිසින්නාගේ බදුනද මේසය මත තබා පිලිවෙලින් එක හැන්ද බැගින් සකසන ආහාර බෙදනා. විශේෂයක් වන්නේ දේව පූජාව සදහා යොදන මණ්ඩයට හැදි තුනක් බෙදීමයි.

ඉන් පසු උඩු  වියන් සහිතවදෙවියන් උදෙසා  දේවාලයටත් බුදුන් වහන්සේ උදෙසා බුද්ධ පුජාව  පන්සලටත් පුජා කිරීම සදහා මුළුතැන් ගෙයින් පෙරහරින් වඩමවති.

ඉතිරි වන ආහාර දේවාලයට රොක්වන බැතිමතුන් වෙත බෙදා දෙති.  

මෙම ආහාර ප්‍රසාද  ලෙසින් හදුනවන අතර ප්‍රසාද භුක්ති විදීමෙන් සියළු රෝග නිවාරණය වේයැයි බැතිමතුන්ගේ විශ්වාශයයි.


A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon