ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2008-07-31

විශ්ව ශක්තිය


මෑත දවසක අධි මානසික බලයෙන් ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම දකින්ට මට ලැබුනා.ඔහු උපාධිධරයෙක්.කලක් රැකියාවක නියුක්ත වෙලා ඉදලා දැන් ස්වාධීනව කෘෂිකාර්මික ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරනවා.මිල මුදල් අපේක්ෂාසවෙන් නෙමෙයි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.මේ පූර්නිකාව කලේ පසුබිම ගැන අවබෝධයක් ලබාගන්න. භාවනා කිරීමත් ඹහුගේ දිනචර්යාවේ කොටසක්.

පවසන අන්දමට භාවනා වැඩීමෙන් එක් අවය්ථාවකදී මේ බලය ඔහුට උරුමවී තිබෙනවා. රෝගීන්ගේ, රෝගය ආරම්භවූ අවස්ථාව දක්වා රෝගී මනස අතීතයට රැගෙන ගොස් එම අවස්ථාවේදී රෝගය මනසින් ඉවත් කිරීමේ හැකියාව ඇති බවයි ඔහු පලකල අදහස් වලින් මම තේරුම් ගත්තේ.

මට නම් මේ ව්‍යායාමය ගැටළු සහගතයි. වෛද්‍ය විද්‍යාවෙන් අපි ලබාගන්නා ප්‍රයෝජනත් එක්ක ගලපනවිට.
ඔහුගේ අදහසට අනුව යම් රෝගීයෙකුගේ මනස තම රෝගී තත්වය අත්හැර ඒමට අකමැත්තක් දක්වන්නේනම් ඔහු සුවකිරීමට එතැන් සිට බලහත්කාරයෙන් මනස වර්තමානයට කැදවාගෙන ආ යුතුයි.සමහර රෝගී මනස් තමන් රැදී සිටින ස්ථාන සුව පහසුයැයි සිතා වර්තමානයේ එතනින් ඉවත්වීමට අකමැත්තක් දක්වනවා. එවිට සුව කිරීමට අසීරුවෙනවා.

ඔහු රෝගීන්ට කිසිදු ඹෟෂධීමය ප්‍රතිකාරයක්කලේ නැහැ. ඔහු ගේ අත රෝගීයාගේ හිස මත තබාගෙන භාවනාවට සමවැදිමයි කලේ.මා රෝගීන් කිහිපදෙනෙක් විමසා බැළුවා. ඔවුන් වෙතින් ඹෟෂධීමය තෙල් හිසේ ගැල්වූ බවක්, තෙල් සුවද දැනුන බවත් පැවසුනා.ඇත්තෙන්ම එවැන්නක් සිදුවුනේ නෑ.

ඔහු වසර ගනනාවක සිට භාවනාව ප්‍රගුණ කරමින් සිටිනවා.

සිත සැහැල්ලු කර ගන්නනම් සිතේ ගුලි වෙලා තියෙන කුනු කන්දල් විතරක් විසි කරලා මදි කියලා මට හිතෙනවා.අපේ ජීවිත හුරු වෙලා තියෙන්නේ තරග කාරී ජීවන රටාවකට. මුලින්ම අපි අපේ අසල්වැසියා ඉක්මවා කුස්සියෙ ළුනු පොල්කට්ටේ සිට විසිතුරු වෙන්න බලනවා. වෙනස් කරන්න නිකම් බැහැනේ .ආයෝජනය අවශ්‍යය වෙනවා. .ආයෝජනය සොයාගන්න වවිධවු උපක්‍රම වල නිරතවනවා මේවා සාර්ථක වෙන්නත් නොවෙන්නත් පුළුවන්. කොයිතරම් ලැබුනත් මදිවෙනවා තරගය අඛන්ඩව පවතින නිසා.

ඉතින් සිත සැහැල්ලුව තබා ගන්න පුළුවන්ද ?.

සිතේ ඇතිවන පීඩනයන් ගතේ විවිවිධාකාරයෙන් මතුවෙන්න පුළුවන්. අපිට තදබල මානසික ආතතියකට මුහුණපාන්න වුනහම ගතේ ඇතිවන වෙනස්කම් හිතලා බලන්න.දහඩිය ගලන්න පටන්ගන්නවා.ඇගට පණ නෑ. හිසේ ඇම්ම වගෙයි.කම්මැලියි. සතුටක් ඇතිවූවිට ගතේ ඇතිවන ප්‍රතීක ක්‍රියා මීට වෙනස් නේද ?.
සමහර විට දීර්ඝකාලීනව ගැටළු ඇතිකරගත් අය ගැන විපරම් කරලා බලන්න. ඉරුවරාදය ඇදුම.සමහර වර්ම රෝග වලින් පෙලෙන්නන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා පැහැදිලි වෙයි.

අර තරුණයා භාවනායෝගිව ලබන ලද අත්දැකිම් පීඩාවට පත් අයවෙත සහනය ලබාදීම සදහා යොදවා ලබන‍ ප්‍රතිඵල ගැන ලියන්න මට කල් මදියි. මගේ ගවේෂණය සදහා පිරිසක් සිටිනවා . මාස දෙක තුනක් යයි ප්‍රතිඵල දකින්න. එතෙක් අදහස් උදහස් ඇත්නම් මීදුමට රොක් කරන්න.එතකොට මට පුළුවන් වෙයි වැඩි පරාසයක් තුළ හිතන්න.

31.07.2008

2008-07-30

මරණය හා මත්පැන්


මරණය ගැන ඉස්සෙල්ලාම කියන්න සිද්ධ වුනා.අපි කවුරුත් මැරෙනවා. ඒත් අකාලයේ මැරෙන විට විහින් මැ‍රෙන විට , අදහසක් පලකරන්න කාටත් හිතෙනවා.මම මේ මාස දෙක ඇතුලත මළ ගෙවල් දෙකක ගියා එකම ගමේ.මරණ දෙකටම හේතුව ග්‍රාමීය නිෂ්පාදිත මත්පැන් පානය කිරීම.
මේ ගමේ වාසය කරන පවුල් හැත්තෑපහක් විතර ඉන්නවා.පිරිමි වයස් කාන්ඩයකින් තොරව බීමට ඇබ්බැහි වෙලා.සමහර කාන්තාවොත් ඉන්නවා බීමට ඇබ්බැහි වුන.මේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නේ මරණයට අත වනමින් කිව්වොත් වැරදි නැහැ.ඉදිමුණ මූණු. වැඩක් කරන්න බැරි අලස ඉදිමුන ශරීර මේ මිනිස්සුන්ගේ පොදු ලක්‍ෂණ.මේ අය දැක්කම ඊලගට මැරෙන්නේ කවුද කියලා ඇගිල්ල දික්කරලා කියන්න පුළුවන්
.මේ ගම් වල ඉහත පරම්පරා දෙකක තුනක මිනිස්සුත් ග්‍රාමීය නිෂ්පාදිත මත්පැන් පානය කළ බවට තොරතුරු තියෙනවා.මේ සමහර අය ගැන මතකයන් මටත් තියෙනවා. ඒ වුනාට මේ වගේ ව්‍යසනයක් පැරනි මිනිස්සුන්ගේ ජීවිත තුල තිබුනා කියලා මට හිතෙන්නේ නෑ.
ඒ කාලේ ග්‍රාමීය නිෂ්පාදිත මත්පැන් සදහා පාවිච්චි කල අමුද්‍රව්‍ය පලතුරු,සීනී,බිරමල් වගේ දේවල් .මත්පැන් ශරීරයට අහිතකර වුනත් මේ නිසා ක්‍ෂණික ආන්තරාවක් වුනේ නෑ.වර්තමාන අමුද්‍රව්‍ය ගැන අහපුවම මට හරි පුදුමයි. දැන දැන වස නිෂ්පාදනය කරලා අලවි කරන එකටයි , දැන දැන බොන එකටයි.

මේ නිෂ්පාදන සදහා යොදා ගන්නේ සීනි,යූරියා,යීස්ට් වගේ අමුද්‍රව්‍ය. ඉතින් මිනිස්සු මැරෙන එක පුදුමයක් නෙමෙයිනේ. සුරා බදු දෙපාර්තමේන්තුව, ආසන්න පොලිස් ස්ථානය වැටලීම් කරනවා.නිෂ්පාදකයන්ට, අලවි කරන අයට නඩු දානවා.දඩ ගෙවනවා.ආයෙත් පෙර පරිදි පවත්වා‍ගෙන යනවා.මිනිස්සු බොනවා. මාසයට එකා දෙන්නා මැරෙනවා. මේ දම්වැල කඩාදාන්න කාටවත් බෑ. මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වෙනකම්.

2008-07-29

එන්න මීදුමට - 2008 අගෝස්තු


මීදුම......
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන
දේවල් බෙදා හදාගන්න
මීදුම...
පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා
මම දකින දේවල්
උපේක්‍ෂාවෙන් යුතුව ..
මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි
කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න
මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.