ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2008-07-29

එන්න මීදුමට - 2008 අගෝස්තු


මීදුම......
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන
දේවල් බෙදා හදාගන්න
මීදුම...
පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා
මම දකින දේවල්
උපේක්‍ෂාවෙන් යුතුව ..
මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි
කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න
මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

1 ප්‍රතිචාර:

සු said...

ජීවිතෙත් හරියට කල් පවතින මීදුමක් වගෙයි.
අළුත් දේවල් එකතු කරන්න අපටත් අළුතින් හිතන්න පුළුවන් වෙන්නත් එක්ක.
දිගටම ලියන්න

ජය !