ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

2026-05-04

සුව පහසු නිවහනක්.




ලක්ෂ 200ක් විතර ණය වෙලා, අවුරුදු 20ක් ඒ ණය ගෙවන ගමන්, දහවල් කාලයේ ඒ කොන්ක්‍රීට් පෙට්ටිය ඇතුලේ රස්නයෙන් තැම්බෙන එකද ඇත්තටම "ලක්සරි" කියන්නේ?

අපි හැමෝම ඉන්නේ තනිකරම "සිමෙන්ති පිස්සුවක". ගඩොල්, වැලි, සිමෙන්ති මිල අහස උසට ගිය රටක, අපේ කකුල් යට තියෙන පසෙන් මාළිගාවක් හදන්න පුළුවන් කියලා කවුරුහරි කිව්වොත් ඔබ පිළිගන්නවාද?

නෑ, මම මේ කියන්නේ අර පරණ වැරහිච්ච මැටි ගෙවල් ගැන නෙවෙයි.

අද ලෝකයේ මිල අධිකම රිසෝට් සහ Eco-Luxury නිවාස හදන්නේ CSEB (Compressed Stabilized Earth Blocks) තාක්ෂණයෙන්. මේක දියුණු රටවල අතිශය ජනප්‍රිය වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් වියදම, අනිත් එක අසමසම සෞඛ්‍යමය වාසිය.

නමුත් ඇත්තම කතාව මේකයි...

සාමාන්‍ය සිමෙන්ති ගෙයක දවල්ට ඇතුලේ රස්නය සෙල්සියස් අංශක 32ක් වෙද්දී, නිවැරදිව හදපු මැටි නිවසක රස්නය අංශක 26-27 මට්ටමේ පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට AC එකක්, අඩුම ගානේ ෆෑන් එකක්වත් නැතුව සුවදායක නින්දක් ලබන්න පුළුවන් කියන එකයි.

මැටි ගෙදරක් ලක්සරි විදිහට හදන A to Z පාඩම මෙන්න:

1. පස පරීක්ෂාව: හැම පසක්ම හරි යන්නේ නැහැ. මැටි සහ වැලි නිවැරදි අනුපාතයට තියෙන "ලැටරයිට්" (Laterite) පස තමයි හොඳම.

2. ස්ථාවර කිරීම (Stabilization): පස් වලට 5% - 8% වගේ බොහොම පොඩි සිමෙන්ති ප්‍රමාණයක් හෝ හුණු (Lime) මිශ්‍ර කරලා මැෂින් එකකින් තද කරලා ගන්නා බ්ලොක් ගල්, සාමාන්‍ය ගඩොල් වලට වඩා ශක්තිමත්.

3. ප්ලාස්ටර් එක: මෙන්න මෙතනයි රහස තියෙන්නේ. මේ බිත්ති වලට සිමෙන්ති ගාන්නේ නැහැ. ඒ වෙනුවට සිහින් මැටි සහ හුණු මිශ්‍ර කරලා දෑතින්ම පොලිෂ් කරනවා (Burnishing).

4. Waterproofing: පස් බිත්ති වලට වතුර උරන එක නවත්තන්න ලින්සීඩ් ඔයිල් (Linseed oil) හෝ මී ඉටි භාවිතා කරලා කිරිගරුඬ වගේ දිලිසෙන ෆිනිෂ් එකක් ගන්න පුළුවන්.

ඔබට හිතෙන්න පුළුවන් මේක "ගොඩේ" වැඩක් කියලා. ඒත් Sri Lands අපි දකින විදිහට, නූතන ලෝකයේ ලොකුම සුඛෝපභෝගීත්වය තමයි ස්වභාවික පරිසරයත් එක්ක ගැලපිලා, කිසිම ණය බරක් නැතුව, නිදහසේ හුස්ම ගන්න පුළුවන් නිවසක් හිමි කරගන්න එක.

නිකමට හිතන්න, බිත්ති වලට වටිනා ප්ලාස්ටර් එකක් හෝ පේන්ට් එකක් ඕනේ නැති නිසා විතරක් ඔබේ වෝලින් (Walling) වියදමෙන් 20%ක් විතර ඉතුරු කරගන්න පුළුවන් මූල්‍යමය බුද්ධියක් ඔබට තියෙනවාද?

මෙන්න මේ ප්‍රායෝගික තාක්ෂණය අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන නිසා, අපි මේ ගැන සම්පූර්ණ වීඩියෝ මාලාවක් සහ හදන විදිහ පියවරෙන් පියවර Sri Lands YouTube Channel එකට එකතු කරනවා. මේක අකුරුවලින් කියවනවාට වඩා ඇස් දෙකෙන් දකිද්දී ඔබට තේරෙයි මේක කොයිතරම් Elite Level මොඩර්න් වැඩක්ද කියලා.

ඔබත් සල්ලි නාස්ති නොකර, බුද්ධිමත් විදිහට නිවසක් හදන්න හිතන කෙනෙක් නම්, මැටි ගැන තියෙන පරණ අදහස අයින් කරලා මේ අලුත් විදිහ ගැන මොකද හිතෙන්නේ? ඔබේ අදහස පහලින් කොටන්න.

#SriLands #EcoLuxury #MudHouse #SmartLiving #SriLankaConstruction #Sustainability #FinancialFreedom


ශ්‍රී ලෑන්ඩ්ස්.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-23

මිහිතල දිනය - Earth day '




2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව නම් කරන ලද මෙම දිනය “පොළව මත ඇති සියළුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම” යන්න  අරමුණු කර ගෙන ඇත.


 1970 අප්‍රේල් 22 දින ජගත් මිහිතල දිනය ප්‍රථම වරට එක්සත් ජනපදයේදී සමරන ලදී. ඒ සඳහා, හේතු පාදක වූයේ යුරෝපීය ජාතීන් විසින් සිදු කරන ලද අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් සිදුවූ වායු දූෂණය සහ ජල දූෂණය හේතුවෙන් මානව සෞඛ්‍ය සඳහා එල්ලවූ තර්ජන මඟහරවා ගැනීම සඳහා ජනතාව පෙළගැසීමයි. අද වන විට රටවල් 193ක බිලියන 1 ක පමණ ජනතාව මිහිකත දිනයට සහභාගී වී පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන පෙළ ගැසෙති.



ජගත් මිහිතල දිනයේ ආරම්භය හා විකාශනය


ලොව පළමුවරට මිහිතල දිනය සැමරුනේ 1970 වර්ෂයේදීය. මේ සඳහා පුරෝගාමී වී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තෙකි. ඔහු හා හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගන්නා ලදි. ඔවුන් විසින් 1970 අප්‍රේල් මස 22 දින දහස් ගනන් ජනතාව විදීවලට ගෙන්වා ඇමරිකාවේ පැවති පරිසර විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රමදාන හා පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව සංවිධානය කරන ලද සාමකාමී පරිසර අරගලයක් ලෙස මිහිතල දිනය ආරම්භ කර ඇත. මෙහිදී එකල පැවති වියට්නාම් යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය පිළිබඳ ජනතාවගේ අවධානය යොමු නොවන බව දුටු ඔහු, දුමාරය,තෙල් වැගිරීම් හා කෘමිනාශක ආදීයෙන් පෘථීවියට සිදු වන හානිය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන ලදී. මේ සඳහා ඇමරිකානුවන් මිලියන විස්සක් පමණ සහභාගි වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් තුළ ඇමරිකාවේ පරිසර සංරක්ෂණයට අදාළ අණ පනත් ගණනාවක් ඇති වු අතර ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක් ද ස්ථාපනය කිරීමට ද අවධානය යොමු කර තිබෙන බව පිළිගනී.

මෙම මිහිතල දිනය ඇමරිකාව තුළ ආරම්භ වුවද පසුව ලොව දසත ව්‍යාප්ත වු සංකල්පයකී. 1980 දශකයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 22 වැනි දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලොව පුරා රටවල් රැසක් අවධානය යොමු කර ඇත. 1990 වන විට ලොව පුරා රටවල් 141ක පුද්ගලයින් මිලියන 200ක පිරිසක් මෙම දිනය සැමරිමට එක්විය. 2000 වසර වන විට ලොව පුරා පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සමරන  ලදී. එහෙත් මෙම දිනය එක්සත් ජාතීන් ගේ දිනයක් සේ නොසැලකේ. නමුත් 2009 වසරේ දී 'ජාත්‍යන්තර මිහිතල මාතා දිනය' යනුවෙන් හැඳින්වෙන්නේ ද අප්‍රේල් 22 වන දිනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවත්සර දිනයකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2009 වර්ෂයේ දී සම්මත කරන ලද යෝජනාවක් අනුව මෙම දිනය නම් කරන ලදී. එහි අරමුණ "පොළව මත ඇති සියලුම ජිවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම" යන්නයි.


මිහිකත දිනයේ ඉතිහාසය

මූලාරම්භය: මිහිකත දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1970 අප්‍රේල් 22 වන දින, එක්සත් ජනපද සෙනෙට් සභික ගේලෝර්ඩ් නෙල්සන් සහ ක්‍රියාකාරික ඩෙනිස් හේස් විසින් ආරම්භ කරන ලදී. පාරිසරික ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා මහජන සහයෝගය බලමුලු ගැන්වීම මෙම උත්සවයේ අරමුණ විය.


ගෝලීය ව්‍යාප්තිය: 

මුලින් එක්සත් ජනපදය කෙරෙහි අවධානය යොමු කළ මිහිකත දිනය ගෝලීය සිදුවීමක් දක්වා වර්ධනය වී ඇති අතර, රටවල් 192 කට වැඩි ගණනක ක්‍රියාකාරකම් සඳහා බිලියන 1 කට අධික ජනතාවක් සහභාගී වේ. 1990 දී, ඩෙනිස් හේස් මෙම උත්සවය ජාත්‍යන්තරයට ගෙන ගොස්, රටවල් 141 ක ක්‍රියාකාරකම් සංවිධානය කළේය.


වැදගත්කම සහ තේමාවන්

පාරිසරික දැනුවත්භාවය: මිහිකත දිනය අපගේ ග්‍රහලෝකය ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ දේශගුණික විපර්යාස, දූෂණය සහ ජෛව විවිධත්වය අහිමි වීම වැනි ගැටළු විසඳීමේ වැදගත්කම මතක් කිරීමක් ලෙස සේවය කරයි. එය පුද්ගලයන්, ප්‍රජාවන් සහ සංවිධාන තිරසාර අනාගතයක් සඳහා පියවර ගැනීමට දිරිමත් කරයි.



මිහිකත දිනය යනු එක් දින සිදුවීමක් පමණක් නොවේ; එය වසර පුරා අඛණ්ඩ පාරිසරික උපදේශනය සහ ක්‍රියාමාර්ග සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කරයි. මිහිකත දින ක්‍රියාකාරකම්වලට සහභාගී වීමෙන්, පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයකට සහ වඩාත් තිරසාර අනාගතයකට දායක විය හැකිය.


2026 මිහිකත දිනයේ නිල තේමාව "අපගේ බලය, අපගේ ග්‍රහලෝකය" වන අතර එය පාරිසරික ප්‍රගතිය මෙහෙයවීමේදී ප්‍රජාවන්ගේ සහ පුද්ගලයින්ගේ කාර්යභාරය ඉස්මතු කරයි.


2026 මිහිකත දිනය අප්‍රේල් 22 වන බදාදා සමරනු ලබන අතර, පුළුල් සහභාගීත්වයක් ලබා දීම සඳහා සතියේ මුලදී බොහෝ ක්‍රියාකාරකම් ආරම්භ වේ. "අපගේ බලය, අපගේ ග්‍රහලෝකය" යන තේමාව අවධාරණය කරන්නේ අර්ථවත් පාරිසරික වෙනසක් රජයේ ප්‍රතිපත්ති මත පමණක් රඳා නොපවතින නමුත් ඔවුන්ගේ වටපිටාව ආරක්ෂා කිරීමට කැපවී සිටින ප්‍රජාවන්, අධ්‍යාපනඥයින්, සේවකයින් සහ පවුල්වල දෛනික ක්‍රියාමාර්ග මගින් මෙහෙයවනු ලබන බවයි. එය ප්‍රායෝගික, දේශීය විසඳුම් සහ සාමූහික වගකීම දිරිමත් කරන අතර, සාමාන්‍ය ජනතාවට පාරිසරික තිරසාරභාවය කෙරෙහි ස්පර්ශ්‍ය බලපෑමක් ඇති කළ හැකි ආකාරය කෙරෙහි අවධානය යොමු කරයි.



ප්‍රධාන අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර

ප්‍රජා ක්‍රියාමාර්ග: සම්පත් භාර ගැනීමට සහ පරිසර හිතකාමී මුලපිරීම් ක්‍රියාත්මක කිරීමට අසල්වැසි ප්‍රදේශ සහ ප්‍රාදේශීය කණ්ඩායම් දිරිමත් කිරීම.


ප්‍රායෝගික විසඳුම්: ස්වදේශීය පරාග වාහක උද්‍යාන නිර්මාණය කිරීම, ප්‍රාදේශීය ජල පෝෂක පිරිසිදු කිරීම්, ඇඳුම් හුවමාරු කිරීම් සහ බලශක්ති කාර්යක්ෂමතා පරීක්ෂාවන් වැනි ක්‍රියාකාරකම් පවුල්වලට විශාල අයවැයක් හෝ පුළුල් කාලයක් අවශ්‍ය නොවී දායක වීමට උපකාරී වේ.


බෙදාගත් වගකීම: දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ දූෂණය වැනි පාරිසරික අර්බුද - දේශීය හා ගෝලීය මට්ටමින් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය වන අන්තර් සම්බන්ධිත අභියෝග බව තේමාව අවධාරණය කරයි.


බලගැන්වීම: පුද්ගල සහ සාමූහික ක්‍රියාමාර්ගවල බලය ඉස්මතු කිරීමෙන්, තේමාව ආහාර නාස්තිය අඩු කිරීම, ශාක පදනම් කරගත් ආහාර තෝරා ගැනීම සහ නැවත භාවිතා කළ හැකි අයිතමවලට ප්‍රමුඛත්වය දීම වැනි තිරසාර පුරුදු අනුගමනය කිරීමට ජනතාව පොළඹවයි.


ගෝලීය සහභාගීත්වය

මිහිතල දිනය රටවල් 190 කට අධික සංඛ්‍යාවක සමරනු ලබන අතර, වාර්ෂිකව බිලියනයකට වඩා ජනතාව බලමුලු ගන්වයි. 2026 තේමාවේ අරමුණ වන්නේ සෑම කුඩා ක්‍රියාවක්ම විශාල පාරිසරික ප්‍රගතියකට දායක වන බව හඳුනා ගැනීමට ලොව පුරා සහභාගිවන්නන් පෙළඹවීමයි, ග්‍රහලෝකය ආරක්ෂා කිරීම බෙදාගත් වගකීමක් යන අදහස ශක්තිමත් කිරීමයි.



සාරාංශයක්

“අපගේ බලය, අපගේ ග්‍රහලෝකය” පරිසරය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාශීලී, ප්‍රායෝගික පියවර ගන්නා ලෙස පුද්ගලයින්ගෙන් සහ ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින අතර, ප්‍රාදේශීය මට්ටමින් සාමූහික ක්‍රියාමාර්ග මගින් අර්ථවත් ගෝලීය වෙනසක් ඇති කළ හැකි බව පෙන්නුම් කරයි.



A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-04-04

TBM දැවන්තයා




මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ (Upper Elahera Canal Project) භූගත උමඟ කැපීම සඳහා යොදාගත් අති දැවැන්ත TBM (Tunnel Boring Machine) යන්ත්‍රයයි. තව නොබෝ දිනකින් මෙහි වැඩ අවසන් වූ පසු මෙම යන්ත්‍රය සදහටම පොළොව තුළම අත්හැර දමනු ලැබේ. මේ ඒ කතාව.
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය ගෙන යාම සඳහා ඉදිවන ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියට අයත් මෙම භූගත උමඟ කිලෝමීටර් 28ක් පමණ දිගින් යුක්ත වන අතර, එය සම්පූර්ණ වූ පසු ශ්‍රී ලංකාවේ දිගම උමඟ බවට පත්වනු ඇත.
මෙම කාර්යය සඳහා ගෙන්වන ලද TBM යන්ත්‍රය මීටර් සිය ගණනක් දිගු, ටොන් දහස් ගණනක් බරැති අති නවීන යන්ත්‍රයකි. එය ඉදිරියට ගමන් කරන අතරතුරම පස් සහ ගල් කපා ඉවත් කරනවා පමණක් නොව, උමඟ කඩා නොවැටෙන සේ කොන්ක්‍රීට් වළලු (Concrete segments) සවි කිරීමද සිදු කරයි.
උමඟක වැඩ අවසන් වූ පසු TBM යන්ත්‍රයක් පිටතට නොගෙන එහිම අතහැර දැමීම (Burying or Entombed) ලෝකය පුරාම උමං ඉංජිනේරු විද්‍යාවේ බහුලව සිදුවන දෙයකි.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි
1. අධික පිරිවැය
කිලෝමීටර් ගණනක් පොළොව යටට ගමන් කර ඇති ටොන් දහස් ගණනක් බරැති යන්ත්‍රයක් ආපසු හරවා ගැනීමක් කළ නොහැක. එය පිටතට ගැනීමට නම් එක්කෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ගලවා (Dismantle) උමඟ දිගේම පසුපසට ගෙන ආ යුතුය. නැතහොත් උමඟ අවසන් වන තැනින් පොළොව මතුපිට සිට යන්ත්‍රය ගැනීමට තරම් දැවැන්ත වළක් (Retrieval Shaft) කැපිය යුතුය. මේ සඳහා යන වියදම සහ කාලය අලුත් යන්ත්‍රයක් මිලදී ගන්නවාට වඩා විශාල විය හැකිය.
2. එක් ව්‍යාපෘතියකට පමණක් සීමා වීම
සෑම TBM යන්ත්‍රයක්ම නිෂ්පාදනය කරන්නේ අදාළ ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට (Geological conditions) සහ උමඟේ විෂ්කම්භයට හරියටම ගැළපෙන පරිදිය. එබැවින් මෙම යන්ත්‍රය වෙනත් ප්‍රමාණයක උමඟක් කැපීමට හෝ වෙනත් රටක පස් සහිත භූමියකට නැවත භාවිතා කිරීම ප්‍රායෝගික නොවේ.
3. තාක්ෂණික යල් පැනීම
මෙවැනි ව්‍යාපෘතියක් අවසන් වීමට වසර ගණනාවක් ගතවන අතර, ඒ කාලය තුළ යන්ත්‍රය දැඩි ලෙස ගෙවී යාමට ලක්වන අතරම නව තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර වෙළඳපොළට පැමිණේ.
ඇත්තටම පොළොව යට වළලන්නේ මොනවාද?
මෙය සම්පූර්ණ යන්ත්‍රයම එලෙසම අතහැර දැමීමක් නොවේ. මෙය ඉතා සැලසුම් සහගතව සිදුවන පියවරකි.
1. වටිනා කොටස් ඉවත් කරගැනීම
ව්‍යාපෘතිය අවසානයේදී ඉංජිනේරුවන් විසින් යන්ත්‍රය ඇතුළත ඇති සියලුම වටිනා කොටස් ඉවත් කරගනු ලබයි. මෙයට දැවැන්ත විදුලි මෝටර්, හයිඩ්‍රොලික් පද්ධති, ඉලෙක්ට්‍රොනික් උපාංග, පරිගණක පද්ධති සහ යන්ත්‍රය පසුපසින් ඇදගෙන යන මැදිරි (Trailing gear) අයත් වේ.
2. යකඩ කවචය කොන්ක්‍රීට් කිරීම
අවසානයේ ඉතිරි වන්නේ යන්ත්‍රයේ පිටත ඇති අති දැවැන්ත යකඩ කවචය (Outer Shield) සහ ඉදිරිපස ඇති කැපුම් තැටිය (Cutterhead) පමණි. මෙය උමඟේ අවසන් කෙළවරේ හෝ ඒ සඳහාම හාරන ලද පැති කුටීරයක (Side cavity) රඳවා, හිස් අවකාශය කොන්ක්‍රීට් කර සදහටම වසා දමනු ලැබේ.
තව නොබෝ දිනකින් සිංහ කොඩිය සහිත එම ඉදිරිපස දැවැන්ත කැපුම් මුහුණත, ව්‍යාපෘතිය අවසානයේදී අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කළ සේවයේ නිහඬ සාක්ෂියක් ලෙස සදහටම ශ්‍රී ලංකා පොළොව යට කොන්ක්‍රීට් වලින් වැසී මිහිදන් වනු ඇත.
සටහන - Deshika Jayantha
A day in the life ජීවිතයෙන් දවසක් .

2026-02-15

වෙල් එලිය .




මන්මද දසුන් සපිරුනු ගම්පියස තුල
හෙල්මලු රටාවෙන් සරසා නියර පෙල
විහිදා ගොයම් කෙහෙරැල් නෙතු මවිත කල
සුරවමියක් වැනිය ගම්මානයට වෙල
මොලකැටි ගොයම මත ජීවය නගන මෙනේ
මදනල පවා සීතල දියබිදිති ගෙනේ
ඇදවී දිගහැරී දිවයන නියර කොනේ
කලුගල් කැදලි මුරකරුවන් ලෙසින් පෙනේ
ගම්මානයේ ඉම නිල් පාටින් ඇන්ද
බෑවුම් තැනිතලාවන් සපිරුණු කන්ද
වෙල දෙස නෙතයොමා සුදුපැහැයෙන් බැන්ද
දිය ඇලි සේල දෙස නොබලා පුලුවන්ද
සැඩහිරු නැගී එනවිට මිහිතලය දවා
විහිදා අතුපතර උස් තුරු පොකුරු පවා
කරමින් හැකි විලස සැඩ හිරුකිරණ මුවා
සනසයි ලියදිපෙල සිය සෙවනතෙහි හොවා
රුවක් පෙනී හෝ නොපෙනී නොයෙක් රැහේ
සතෙක් යමක් පවසන බව නිතර ඇහේ
ගමක් කොතෙක් හැඩවුව එහිඉඩක කොහේ
වෙලක් නොමැති නම් එය පිරිමැසිය නොහේ




ලියුවේ

Suranga Bandara

රුව - Dinuka Deshapriya

A day in the life

2026-01-23

සීතලයි නේද ?.




මේ දවස් වල සීතලයි නේද ?.
මම හිතා ගෙන ඉන්නේ දුරුත්තේ සීතල කියලා. කොහොමත් අපිට ( මධ්‍යම කදුකරයට ) දුරුතු මාසේ සීතලයි.
සීතල දුරුත්ත ගැන නොයෙක් නිර්මාණ පවා තියෙනවා නේ.

අපිට අප්රේල් මුල බක් මහ වැස්ස ලැබෙන කම් වහින්නේ නැහැ.
අප්රේල් ඉර ලගින් ගමන් ගන්න පටන් ගන්න නිසා දැඩි රස්නයක් විදින්න පුලුවන් වෙනවා.
මේ අවුරුද්ද ගැන කාලගුණ අනාවැකි පලවෙන්නේ වෙනත් මානයකින්.
ඇෆීලියන් (Aphelion) ලෙසින් හදුන්වන ග්‍රහයෙක් සූර්යා වටා ගමන් කරන විශේෂ සංසිද්ධියක් දැන් ආරම්භ වෙලා තියෙනවා.
සූර්යාගෙන් ඉතා දුරින් පිහිටියත් මෙම චාරිකාවේ බලපෑම් අපිට දැනෙන්න පටන් අරන්.
අගෝස්තු මාසය දක්ව මේ දේශගුණික වෙනස පැවතේයැයි අනාවැකි පලකරනවා.

අපිට සීතල දැනෙන්න පටන් අරන් තියෙන්නේ මේ නිසා නම් අගෝස්තු වෙනකම් ශිතල දේශගුණයක් අත් විදින්නට හැකි වෙනවා.
පෘතුවියත් සූර්යාත් අතර දුර ආලෝක මිනිත්තු පහක්. කිලෝමීටර් වලින් කිව්වොත් කිමි කෝටි නවයක්.
ඇෆිලියන් ගේ මැදිහත්වීම තුල මෙම දුරු කිලෝමීටර් 15.2 දක්වා වැඩිවෙනවා. ප්‍රතිශතයක් ලෙස 66% කට වැඩි දුරක්.
මේ හේතුවෙන් වායු ගෝලය තවත් සීතල වෙනවා.
සීතලට හැදෙන රෝගාබාධ අපිව සොයා ඒවි.
වගාවන්ගේ අස්වැන්නටත් බලපෑම් ඇති වේවි.

මේ කතාව තවත් විමසා බැලුවා. 
මෙය ව්‍යාජ තොරතුරක් කියලා මතයක් පලවෙලා තියෙනවා.
දකුණු අප්‍රිකාවේ වාර්තාවක මෙසේ සදහන් වනවා.


APHELION සංසිද්ධිය

අගෝස්තු දක්වා පවතිනු ඇතැයි කියනු ලබන “APHELION සංසිද්ධිය” හේතුවෙන් දකුණු අප්‍රිකාව රට පුරා සීතල කාලගුණයක් අත්විඳිනු ඇතැයි ව්‍යාජ ලෙස පවසමින් ප්‍රෝඩාකාරී කාලගුණ පණිවිඩයක් පැතිර යමින් පවතිනවා..
කාලගුණ විද්‍යාඥ ඇනට් බෝතා පවසන්නේ
"පෘථිවියේ APHELION -
එය සූර්යයාගෙන් වඩාත්ම දුරින් පිහිටි විට එහි කක්ෂයේ ලක්ෂ්‍යය - 2025 ජූලි 3 වන දින ප.ව. 3:54 ට (SA වේලාවෙන්) සිදුවනු ඇත. පෘථිවිය APHELION හි සූර්යයාගෙන් තරමක් දුරින් පිහිටා ඇති බව සත්‍ය වුවද, එය උෂ්ණත්වයේ හදිසි හෝ දැඩි පහත වැටීමක් ඇති නොකරයි. සෘතු මෙහෙයවනු ලබන්නේ පෘථිවියේ අක්ෂයේ ඇලවීමෙනි, සූර්යයාගෙන් ඇති දුර නොවේ."


A day in the life

2025-12-19

ලොව භයානකම ජලාශය .




වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ උස මීටර් 15 ක් සහ පළල මීටර 14 බැගින් වන සහ එක් වාන්දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත උස මීටර් 87ක් දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්රදේශයකින් සමන්විත මෙම ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේදීය .

කොත්මලා ඔය මහවැලි ගඟට එක්වීමට කිලෝමීටර් 6.6 කට පෙර තිස්පනේ සහ කඩදොර කඳු වැටි දෙක මැදින් මෙම වේල්ල ඉදිකොට සාදන ලද මෙම “ලොව භයානකම” ජලාශය ශ්රී ලංකාවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්යාපෘතිය යටතේ ඉදිකළ පළමුවන ව්යාපෘතිය වන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයයි.
මෙම ජලාශයේ ඉදිකිරීමේ ප්රධාන අරමුණවූයේ ජල විදුලිය නිපදවීමයි. ඊට අමතරව ගම්පොළ ප්රදේශයේ ගංවතුර පාලනය කිරීමද මෙහි එක් අරමුණක් විය.
නමුත් මෙය ඉදිකර වසර හතළිහකට පසු එය ලොව ඉදිකළ භයානකම ජලාශය බවට අදාල බලධාරීන් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට පවසන ප්රකාශයෙන් තහවුරු වේ.
ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී පැය 24 පුරාවට සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් ජලාශයේ රඳවා ගන්නා ජලය ප්රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිය යුතුවේ. එසේම ගං වතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන් ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ අවධානීය යුතුකමක් පවතී.

නමුත් පසුගිය නොවැම්බර් මස 27 වන දින සවස හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා අති විශාල ජල ප්රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොල ප්රදේශයට “මිරිදිය සුනාමියක්” (freshwater tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවිය.එකවරම පැමිණි මීටර් දහයක් පමණ උස ජල කඳක් හේතුවෙන් ජීවිත බේරා ගැනීමට ළඟපාත නිවාස වල ඉහළම තිබූ තුන්වෙනි තට්ටුවලට පවා ගිය පිරිස් යට කරගෙන ජල කඳ ගලා ගියේ ඔවුන්ගේ ජීවිතත් ප්රකෝටි ගණන් දේපලත් ඒ සමග රැගෙන යමිනි.මෙය කිසිසේන ස්වභාවික විපතක් සැලකිය යුතු නොවේ. ගං වතුර පාලනය කිරීමත් අරමුණු කර කරගත් කොත්මලේ ජලාශයෙන් මේ තරම් විනාශයක් සිදුවූයේ කෙසේද ?

ජනාධිපතිවරයාගේ විමසීමට පිළිතුරු දුන් අදාල ජලාශය භාර නිලධාරින් ඉතා සැහැල්ලුවෙන් ප්රකාශ කළේ විශාල ජල කඳක් එකවර පැමිණි නිසා වේල්ල බේරාගැනීමේ අදහසින් තමන් ක්ෂණිකව වාන් දොරටු විවෘත කළ බවයි. එම වාන් දොරටු විවෘත කිරීම තුළ අති විශාල ජල ප්රමාණයක් එකවර මුදාහැරීම නිසා පහත ප්රදේශවල ක්ෂණික අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා මිනිස් ජීවිත සහ දේපළ විනාශ වන බව හොඳාකාරව දනිමින් මෙලෙස වාන් දොරටු හැර දැමීම ඔවුන් සිදුකර ඇත.

එම නිලධාරියා ප්රකාශ කරන පරිදි නොවැම්බර් මස 27වන දිනන රාත්රියේ ඔවුන් ක්ෂණිකව ජලය මුදා හැර ඇත්තේ කිසිදු පූර්ව දැනුම් දීමක් සහ ජලයට යට විය හැකි ප්රදේශවල පුද්ගලයන් ඉවත් කිරීමකින් තොරවයි.ජලය මුදා හැරීමට පෙර එදින සයිරන් සංඥා නාදයක් ලබාදීමද සිදුකර නොමැත. විශාල ජල ප්රමාණයක් එකවර මුදාහැර ඉන්පසු වාන් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත.නැවත පසුදා සුළු වෙලාවකට වාන්දොරටු විවෘත කිරීමේදී ඊට විනාඩි දහයකට පෙර සයුරන් නලාව නාද කළ බවත් එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම “ වැනි කටයුතු වල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත් එය ඔවුන්ගේ උපදේශන අත්පොත් වල ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්රකාශ කරයි. නමුත් පෙර දින රාත්රියේ වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබූ එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බයට පත්ව හිස් ලු ලූ දිව යන ලදී.

ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය භාගෙකට පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද ? යන්නයි.
මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්රකාශ කරයි.
මේක තමා ඉතාම භයානක තත්වය.
මේක තමයි මේ වේල්ල ලොව භයානක තම ජලාශ වේල්ල බවට පත්වීමට හේතුව.

මේ අනුව ඉදිරියේදීත් මෙවන් තත්ත්වයක් ඇතිවන සෑම විටකදීම අනිවාර්යයෙන්ම ගම්පොළ ප්රදේශයේ ජීවිත සහ දේපොළ අති විශාල ප්රමාණයක් හානිවීමත් එතනින් පහළ මහවැලි ගඟ ආශ්රිතව අධිගංවතුර තත්ත්වයක් ඇතිවීමත් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත. විනාඩි දහයකින් පුද්ගලයන්ට තමන් ඉන්න තැනින් ආරක්ෂිත ස්ථානයකට යෑමට නම්” එර්දියෙන් “ ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය.
තත්ත්වය එසේ නම් මෙම ජලාශය මෙගාවොට් 201 ක ජල විදුලියක් නිපදවුවද එමගින් සිදු විය හැකි ජීවිත සහ දේපළ හානි සලකා බැලූ විට මේ “භයානක ජලාශය” වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත
නමුත් මේ නිලධාරින් පවසන්නේ ඇත්තද ?

ඔහු පවසන පරිදි නොවැම්බර් 27 වැනි දින තත්පරයට ඝන මීටර් 2720 ක වේගයෙන් ලැබුණ බව ගණනය කළ හැකිව තිබුණා නම් ආසන්න වශයෙන් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පහසුවෙන්ම ගණනය කළ හැකිව තිබුණි.උදාහරණයක් ලෙස වර්ෂාව පටන්ගෙන ජලාශයට ජලය ලැබෙන විට ජලාශයෙන් 85% ක් පිරී තිබුණේ නම් ඉහත සඳහන් වේගයෙන් ජලාශයට ජලය එකතු වී පිටාර මට්ටමට පැමිණීමට නම් ජල විදුලිය සඳහා ජලය මුදා හැරීමක් හෝ වාන් දොරටු වලින් ජලය මුදා හැරීමක් හෝ සිදු නොකර ඇති විට ඒ සඳහා ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 40 ක් ගතවේ. එසේම ජලය මීටරයක් උසට පිරීම සඳහා විනාඩි 40 ක් ගතවේ. එක් වාන් දොරටුවක් 25% විවෘත කර ඇති විට මේ සඳහා ආසන්න වශයෙන් පැය 3යි විනාඩි 15ක් ගතවන අතර වාන් දොරටු දෙකක් 25% බැගින් විවෘත කර ඇති විට ඒ සඳහා පැය 4 ක් ද වාන් දොරටු තුනක් 25% බැගින් විවෘත කොට තැබුවේ නම් ඒ සඳහා පැය 5යි විනාඩි 30ක් ගත වනු ඇත.

එසේ නම් මෙම ඉංජිනේරුවන්ට පූර්වයෙන් මෙම තත්ත්වය ගණනය කර ගත නොහැකි වූයේ ඇයි ? එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නොසලකිල්ල නිසා වූවක් නොවේද ? ජලාශයේ ජලය වාන් මට්ටමට ළඟා වූ විට දුවගෙන ගොස් වාන් දොරටු සියල්ල විවෘත කොට දමා” මිරිදිය සුනාමි” තත්ත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම .ස්වභාවික ක්රියාවක් නොව පුද්ගල ක්රියාවක් බව ඉතා පැහැදිලිය.ජලය මුදා හැරීම පියවර වශයෙන් සිදුකළ බවට ඔහු කළ ප්රකාශය සත්යයක් බව විශ්වාස කළ නොහැක

ගම්පොළ ප්රදේශයේ පුද්ගලයන් ප්රකාශ කරන්නේ එකවර අති විශාල වතුර කඳක් පැමිණි බවයි. පියවරෙන් පියවර ජලය මුදා හැරී නම් එලෙස සිදුවිය නොහැක වේල්ල නොතිබුනෙ නම් ඔහු කියන පරිදි කොත්මලා ඔයට ලැබෙන්නේ තත්පරයට ඝණ මීටර් 2720 ක ජල ප්රමාණය ඒ ආකාරයටම මහවැලි ගඟට එකතු වුවත් මෙතරම් විනාශයක් සිදු නොවේ.එහිදී සිදුවන්නේ ගංවතුර මට්ටම කෙමෙන් ඉහළ යාමක් මිස එකවරම මීටර් දහයක විතර උස ජල කඳක් කඩා වැටීම නොවේ.එම නිසා එවන් ගංවතුරකදී පුද්ගලයන්ට ජීවිත හානි අවම කරන ගනිමින් එම ප්රදේශ වලින් ඉවත් වීමේ හැකියාව ලැබේ.

වර්ෂාව අධිකව ලැබෙන විට සහ ඉදිරියේදීත් විශාල වර්ෂාවක් ලැබෙන බවට සියලු කාලු ගුණික වාර්තාලින් තහවුරු වී තිබියදී ජලාශය පිරෙනතුරු බලා නොසිට එම තත්ත්වය පූර්වේක්ෂණය කොට ජලාශ වාන් දොරටු පූර්වයෙන් ක්රමිකව විවෘත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.ගං වතුර පාලනය කරන්නේ එලෙසයි.නමුත් එම වගකීම ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය.
විදුලි බලය අතිරික්තයක් පවතින බැවින් මෙම ජලාශයේ ජලය පහළ මට්ටමක පවත්වාගෙන යාම කිසිසේත් විදුලි බලය නිෂ්පාදනයට බලපෑමක් සිදු නොවේ.එම නිසා එම පූර්වයෙන් ප්රමාණවත්ව ජලය හිස් කිරීම සිදු නොකිරීම සඳහා නිදහසට කරුණක් නොවේ. ප්රමාණවත් කාලයක් තිබූ බැවින් පියවර වශයෙන් ටිකෙන් ටික ජලය මුදා හැරීමටත්, ඒ අනුව යටවිය හැකි ප්රදේශ නිර්ණය කොට ඒ ප්රදේශ වලින් පුද්ගලයන් ඉවත් කිරීමට ක්ෂණිකව කටයුතු කළ යුතුව තිබිණි.එසේ නොකොට මිනිස් ජීවිත නැතිවෙන බව පැහැදිලිවම දැන දැනම ජලය මුදා හැරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්රහයේ 293 සමග කියවිය යුතු 294 (ඈ) වගන්තිය පරිදි මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක .

293 වගන්තියේ දැක්වෙන්නේ
තමන් කරන යම් ක්රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්ය මනුෂ්ය ඝාතනය නම් වරද සිදුකරන බවයි.
එසේම 294(ඈ) වගන්තියේ දැක්වෙන්නේ අන්තරාය කොපමණ ආසන්නද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය විය හැකි ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්රියාව සිදු කරන්නා දැනගෙන සිටින විට
එම ක්රියාවෙන් හෝ නොකර හැරීමෙන් සිදුවන මරණයක් මිනීමැරුමක් බවට පත්වන බවයි.

2005 වසරේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයට දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථයක් ඇතුළු කිරීම නිසා දුම්රිය බස් රථේ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අධිකරණය මගින් මරණ දඬුවම නියම කළේ මෙම වගන්ති මගිනි. එම රියදුරාගේ සහ කොන්දොස්තරගේ ක්රියාවත් කොත්මලේ ජලාශයේ වාන් දොරටු වර්ෂාව පටන් ගැනීමත් සමග ක්රමයෙන් විවෘත නොකිරීමත් ජලයෙන් යටවිය හැකි ප්රදේශවල ජනතාව ඊට ප්රථම ඉවත් කිරීමට කටයුතු නොකර සිටීමත් මිනිසුන් මිය යන බව දැන දැනම ජලාශයේ වාන් දොරටු එකවර විවෘත කිරීමත් මගින් මෙම ජලාශයේ පාලන කටයුතු භාරව සිටි පුද්ගලයන් සිදුකළ ක්රියාවත් බොහෝ දුරට සමාන බව දක්නට ලැබේ. .
වෛද්ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ.
2025.12.11

ප්‍රතිචාරය - 

පට්ට කෙබර ලියලා තියෙන්නේ. මේ ඉංජිනේරු සංකල්ප නොතේරෙන පුද්ගලයා පූර්ව වැරදි නිගමන ගොඩක ඉදන් මේ ලිපිය ලියලා තියෙන්නේ . 
1. ආපදා මුලුමනින්ම පාලනයට මිනිසාට හැකි බව ( මෙය ඉතා වැරදි උපකල්පනයක්) . 2. අධික ගංවතුර මුලුමනින්ම පාලනයට මිනිසාට හැකි බව ( මෙය ඉතා වැරදි උපකල්පනයක්). 3. කිසිදා Dam කඩාගෙන නොයන බව (,සදාතනික ඉදිකිරීම් ) . 4. ගංඉවුරුවල හා පහත්බිම්වල අනවසර පදිංචිවීම මේම බැමි වලින් ආරක්ශා කලයුතු බව. 

මේ හදිසි ( Cyclone) ගංවතුර වැවේ capacity එක වගේ 5 ගුනයක් විතර වතුර අරන් ඇවිත් තියෙනවා. ගේට්ටු control කරලා නෙවෙයි, සම්පූර්ණයෙන් ඇරලා තිබ්බත් ඒ ආපදාව පාලනය කරන්න , වැවේ ධාරිතාව මදි. ඒ වගේ ගංවතුර ආවම ලෝකෙ පුරාම කරන්නෙ Dam එක බේරගන්න උපරීම ( සමහරවිට adverse ම weather උනොත් Dam කඩාගෙන ගිහින් තියෙනවා ලෝකෙ දියුනුම රටවලත් ) උත්සාහ කරන එක. එහෙම නොවුනොත් අනතුර ඊට වඩා බරපතළයි. 
ඔය ගෙදර වතුර ටැංකියේ වතුර tap වහලා control කරනවා වගේ disasters වලදි, වතුර පාලනය කරන්න බෑ. ඒ වගේම ජලවිද්‍යාවෙදි උගන්වනවා ( 50 years / 100 Years / 200 years / 500 years flood ගැන. අවුරුදු 200/ 500 දත්ත නැති නිසා බොහෝදුරට මේ 200/ 500 years flood එකක්. Dam එක බේරලා ගම්මාන washout වෙන්න නොදීම ගැන ඔවුන්ට ස්තුති කල යුතුයි. 

මොරගහකන්ද Dam එක ගාව පාර කට හේදුවා වගේ හේදිලා ගියා. ගම්පොල පාලමටත් ඒකම වෙනවා කොත්මලේ ඉංජිනේරුවො හිටියෙ නැත්නම්. ඒ වගේම ඔය ගේට්ටු අරින්න කලින් emergency evacuation වලට notice කරනවා. 
ගම්පොළ police යට , AG office, Schools, University ඔක්කොටම notice කරලා. මෙතැන අවුල, රටේ දොස්තරලා , නීතිඥයෝ , දේශපාලකයො , ඇතුලු ලංකාවෙ බහුතර පුරවැසියන්ට, පවා පූර්ව ආපදා අනතුරු ඇගවිම් නොතේරෙනකම. මේ notice legally issue කරලා තිබුනා.

- Indika Devaan 


A day in the life

2025-12-13

මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද ?



මහවැලි ජලාශ පසුගිය ස්වභාවික ව්‍යසනයට හේතු වුණා යැයි අද උත්තරීතර තැනක බුද්ධිමත් කතාවක් ඇසුණා..
ඒ කතාව අසාදෝ ,
මහවැලි ජලාශ හරහා මෙරට විදුලිබල පද්ධතියට එක්කල වෙනස හිතවතෙක් එවා තිබුණා..
එය පහතින් දැක්වෙනවා....
" ඉහළ කොත්මලේ ජලාශය කොත්මලේ ඔය හරස්කරල ඉදිකරන්නෙ මේ ජලාශයෙ ධාරිතාවය 0.8MCM (කියුබික් මීටර් මිලියන්)කුඩා ජලාශයක් මේ ජලාශයෙන් ඉහළ කොත්මලේ බලාගාරයට ජලය රැගෙන ගොස් 150 MW කිුයා කරනව.
ඒ පිටවන ජලය 172MCM ධාරිතාව ඇති කොත්මලේ ජලාශයට ගේනව එතනින් 201MW බලාගාරයක් ඉදිකරල තියෙනව.ජලයේ කොටසක් මොරගොල්ල ජලාශයට ඇවිත් 27MW බලාගාරයක් කිුයා කරනව.
මේ ජලය නුවර පොල්ගොල්ලට ගේනව පොල්ගොල්ල 1.2MCM .
පොල්ගොල්ලෙන් ජලය කොටසක් උමගක් දිගේ උකුවෙලට අරන් යනව 38MW බලාගාරයකට.
ඉතිරි ජලය මහවැලි ගග දිගේ වික්ටෝරියාවට අරන් යනව වික්ටෝරියා ජල ධාරිතාවය 721MCM.වික්ටෝරියා වලින් 210 MW නිපදවලා රන්දෙනිගලට (875MCM).ජලය රැගෙන යනව..
රන්දෙනිගලින් 126MW බලාගාරයක් හරහා රන්ටැබේට ජලය අරන් යනව.රන්ටැබේ ජල ධාරිතාවය 21MCM සහ බලාගාරය 49MW.රන්දෙනිගල සහ රන්ටැබේ අතරට උමා ඔය සම්බන්ධ වෙනව.. 150MW බලාගාරයක් උමා ඔයට අයත්.
මහවැලි ජලයත් උමා ඔයේ ජලයත් කොත්මලා ඔයේ ජලයත් රන්ටැබේට එකතු වෙනව.රන්ටැබෙන් පිටවන ජලය දකුණට සහ වමට බෙදෙනව.
දකුණු ඉවුරැ මගින් උල්හිටිය(146MCM),රත්කිද(467MCM) සහ මාදුරැ ඔය(596MCM) ජලාශ වලට ජලය බෙදනව කෘෂිකර්මාන්තයට.වම් ඉවුර මිනිපෙ ඇල මගින් ජලය අරන් යනව.
පොල්ගොල්ලෙන් 8km දිගැති උමගක් හරහා ගිය ජල කොටස සුදුගග හරස් කර නිර්මාණය කරපු බෝවතැන්න ජලාශයට එකතු වෙනව(49.9MCM).
ඒ වගේම බෝවතැන්නෙන් 40 MW බලාගාරයක් කිුයා කරනව.බෝවතැන්නෙන් පිටවන ජලය කොටසක් පරාකුම සමුදුයට යනව.
ඒ වැඩි ජලය නැවත අබන් ගගට එකතු වෙනව.තවත් ජල කොටසක් මහවැලි ගගට මුදා හැරෙනව.
මේ විදියට අංගම්මැඩිල්ලෙන් තමයි බෙදෙන්නෙ.රන්ටැබෙන් පිටවුන ජලය වම් ඉවුර සහ දකුණු ඉවුරට බෙදිල ඉතිරි කොටස මහවැලියට නැවත එක්වෙනව.
බෝවතැන්නෙන් පිටවුන ජලයෙන් තවත් කොටසක් ගිරිතලේ වැවටත් මින්නේරියටත් එනව.ගිරිතලෙන් වැඩි ජලය කවුඩුල්ලට සහ කන්තලේට බෙදනව.
මීට අමතරව බෝවතැන්නෙන් තවත් ජල කොටසක් සහ දඹුලු ඔය ජලයෙන් කලාවැව පෝෂණය වෙනව.
ඒ වගේම කොටසක් කන්ඩලමටටත් යනව(33.3MCM).කලාවැව සහ බලලු වැව (123MCM)වැව් යුගලක් ලෙස එකට පවතින්නෙ.
කලාවැවේ ජලය යෝධ ඇල නැත්නම් ජය ගග හරහා තිසා වැවට(4.3MCM) ජලය රැගෙන යනව.කලාවැවේ ජලයෙන් කොටසක් සහ සියඹලන්ගමුව(27MCM) වැවේ ජලයෙන් රාජාංගන ජලාශය(100MCM) පෝෂණය වෙනව.
කලාවැවෙන් නාච්චිදුවට (55.7MCM)සහ නුවරවැවටත් ජලය ලැබෙනව.බෝවතැන්නෙ ජලයෙන් කොටසක් යාන් ඔය හරස් කරපු හුරැලු වැවට (67.8MCM)වැටෙනව.බෝවතැන්නෙන් ජලය කොටසක් 4.8 km දිග උමගක් (tunnel )හරහා මොරගහකන්ද ජලාශයට රැගෙන යනව."
උපුටා ගැනීම අවසන්..
මෙයට අමතරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිවිශාල බිම් ප්‍රමාණයක් වගා කිරීම හරහා සිදුවූ වෙනස ,
මෙරට වෙනමම උප සංස්කෘතියක් බිහිකිරීමට තරම් ප්‍රබල වුණා..
ඒ මහවැලි ජනපද හරහායි...
ඉතින් මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද මේ රටට සම්පතක්ද...?


A day in the life