Friday, October 29, 2010
මීන ලග්න අය මේ වගේද ?.
2009 අගෝස්තු මාසේ ලග්නෙට කොහොමෙද කියලා අහලා මීදුම ලියාපු වියමනක මිදුම මාධ්‍ය වලින් විසුරුවා හරින ලග්න පලාපල දරන පිලිබදව මතවාදයක් පලකලා.
ඉන් පස්සේ මිදුම ජ්‍යොතිෂයට සම්බන්‍ධ පොත් පත් කිහිපයක් කියවන්න පටන් ගත්තා. වැඩේ තාම ඉවර නෑ. අද වියමන වෙන් කරන්නේ ලග්නයක් හිමි තැනැත්තන්ගේ ගති ස්වරූපය පිළිබදව ලේඛණ දෙක තුනකින් අහුලා ගෙන එක් කර ගත්ත දත්ත වලින්.
මීදුම මුල්ම ලග්ණය හැටියට තෝරා ගත්තේ මීන ලග්නය.
මීන ලග්නය ලග්න දොළහ අනුපිළිවෙලට ලියා ගෙන යන කොට සදහන් ව න්නේ අන්තිම ලග්නය හැටියට. ඒත් මීදුම මේ මීන ලග්න කාරයින් කිහිප දෙනෙකුට මේ දත්තයන් ආදේශ කරලා පුංචි පර්යේෂණයක නිරත උනා . ඒ ලැබුන අවබෝධය මත හිතුනා මීදුම කියවන ඇත්තන් අතර ඉන්න මීන ලග්න කාරයින් ඉන්නවා නම් ඒ අතරත්
මේ දත්ත විසුරුවා හැරලා ප්‍රතිචාර ලබා ගන්න.
මීන ලග්න හිමියෝ පුංචි කාලයේ බොහෝම කඩිසරව වැඩ කටයුතු කරන අයළු. වයසින් මෝරන්න මෝරන්න තැන්පත් ගති ක්‍රමයෙන් වැඩි දියුණු වෙලා වැඩ කටයුතු වලදී පවා මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කරනවා කියලයි කියන්නේ. අදහස් උදහස් බොහෝම යාවත්කාලීනයි. අළුත් අළුත් දේවල් අත්හදා බලන්න කැමතියි. නැවුම් නිර්මාණ වලට කැමැත්තක් දක්වන උදවිය මීන ලග්න කාරයෝ අතර වැඩියි කියලා කියනවා.හැම තිස්සේම සතුටෙන් ඉන්න උත්සහා කරන අසීරු අවස්ථා වල පවා උපේක්‍ෂාවෙන් හිතන්න දක්‍ෂයි කියලත් කියනවා.
තමන් සතු දෑ අනුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නිර්ලෝභිව කියලා කියනවා. යමක් ඉල්ලා ගෙන ආ කෙනෙකුට එය දිය යුතුද නොදිය යුතුද කියලා හිතන්නේ නැතිව දෙන ගතියක් මේ මීන ලග්න කාරයින්ට තියෙනවා කියලා සටහන් තිබුනා.ගරු නම්බු මහජන සේවයට කැමති වුනත් තෑගි බෝග ලබා ගන්න කැමති වෙන්නේ නෑ. තමන්ගේ යහපත් ගතිගුන සමාජයට දැනෙනවාට අකමැතියි. චිත්ත ප්‍රීතිය පිණිස සේවයට කැමතියි. ඒ නිසා සල්ලි බාගේ අතමිට ගැවසෙනවා අඩුයි.
මීන ලග්න කාරයින් අතර වර්තමාන දේශපාලකයෝ නම් එක්කෙනෙක් වත් නැතිව ඇති කියලයි මීදුම හිතන්නේ.
තවත් දවසක වෙන ලග්නයක් ගැන වියමන් කරන්නම්.
Monday, October 25, 2010
සද තරු නිහඩයි-
ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22 |
ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22 |
ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22 |
සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග
නිවා තැවුන සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදිකලා
සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
මවා නුවන් ඔබ
ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා හැලේ
සෙනෙහස හඩවා මතකය ඉකි බිද
හදවත අවදි කලා.
සද තරු නිහඩයි-
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
--අචාර්ය අමරදේව.
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22 |
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22 |
ඔක්තෝම්බර් 24 දා පෙරවරු 5.22 |
මේ සුන්දර සිතිවිල්ලත් සමග චන්ද්‍රයා තම කක්‍ෂය තුල ගමන් කරන අයුරු පිළිබදවත් මේ පින්තූර කිහිපයෙන් නිරීක්‍ෂණය කරන්න.ඉහල පින්තුර දෙක ඔක්තෝම්බර් 10දා පස්වරු 6.22ට ඡායාරුප ගත කරන ලද අතර පහල ඇති ඡායාරූප තුන ඔක්තෝම්බර් 24දින පෙරවරු 5.53ටඡාරුප ගත කරනු ලැබීය. .
Monday, October 04, 2010
අපි නැවත හමුවෙමු
බොහෝ කලකට පසු මීදුම යලිත් යාවත්කාලීන කරන අදහසින් කරන මේ උත්සහායට අනුග්‍රහයක් ලැබේ යයි මීදුම විශ්වාසය පල කරයි.
Subscribe to:
Posts (Atom)