Saturday, July 16, 2022

අපි බලා ගෙන ඉමු.





මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි.

මේ පැය ඔරලෝසුවේ තප්පර කට්ට වගෙයි තප්පරයෙන් තප්පරය ගලා එන ලාංකීය දේශපාලනයේ චලනය විවිධාකාර රට මවනවා..

අපි ප්‍රේක්‍ෂකයෝ .

අපි ප්‍රේක්ෂකත්‍වයට පත්වුනේ අපේක්‍ෂකයාගේ ලකුණත් අංකයත් ඉදිරියෙන් ඡන්දයත්, මනාපයත්  පළකල මොහොතේ.ඉන් පසු අපේ අයිතිවාසිකම් අහිමි කරගෙන එකෙකුට ඒ අයිතිවාසිකම් බාර දුන්නා.එහෙම  225ක් හැදෙන්න මග පෑදුනා.ජනාධිපතිවරණයේදී වුනෙත් ඒ ටිකමයි.දාම් බෝර්ඩ් එකට දාමෙක් පත්තරගෙන ඌත් එක්ක තිබුන ඇයි හොදයිය දාමා උනාට පස්සේ අහිමි කර ගත්තා

අපි නරඹන්නෝ බවට පත්වුනා. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව .තුල මේ කන්ඩායම අතර අපි නරඹන්නෝ පමනයි.

උන්ට උන්ගේ ඕනෑ එපාකම් මත පිස්සු නටන්නත් , මගුල් නටන්නත් පුළුවන් මේ ක්‍රමය හදුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

මේ හින්දා මම මගේ දේශපාලන කියවීම කරන්නේ බොහෝම පරිස්සමෙන්.

'අපි බලා ගෙන ඉදිමු. '

කියලා “මාර්ක් සකර්බර්ග්” වියමනට ප්‍රතිචාර දැක්වු වේයන්ගොඩ , -විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයාට මීදුම ප්‍රතිචාර දැක්වුවා. එතුමා ඒ ප්‍රතිචාරයට අසතුට පල කලේ මෙහෙමයි.
“එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.”

 කියලා.

ඇත්තෙන්ම අපි හදිස්සි වෙන්න ඕන නැහැ. 20 වෙනිදායින් පසු උදා වෙන දවස ගැන අපිට කියන්න බැහැ. මේ අවපාතය ගැන කියවීම නිසා විසිවී ගිය මැති ඇමතිවරු ගොඨා ගේ ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කොරෝනා රැල්ල අවසාන වුනදා සිට අදහස් පල කරමින් සිටියා. අර්බූදය  ඔඩු දුවන්න පටන් ගත්තා. ආර්ථික ඝාතකයා ලෙස හදුන්වා දුන් පී.බීත් මහ බැංකුවේ ආටිගල වැනි රාජ්‍ය සේවකයෝ බොහෝමයක් මාර්තු වෙන කොට විසිවුනා.නැත්නම් ඉවත් වුනා.  එතකොට ගොඩ එන්න බැරි තරමකට අපි තල්ලු වෙලා.

අරගලය හොදින් නිරීක්‍ෂණය කරන්න. පාලකයින් අපි පාලනය කරගන්න අරගලය උර දෙනවා. ඒක නියමෙන් නොවෙන්න පුළුවන් . අනියමින්.

අපිට තෙල් නැහැ , ගෑස් නැහැ. ආහාර ,ඖෂධ නැහැ නැත්නම් මිළ අහස උසට ගිහින්  කවුරුවත් හාං කවිස්සියක් නැහැ දරා ගෙන ඉන්නවා.

අපේ මනස එතනට ගෙනල්ලා.

Anonymous said…

“ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.”

මේ මීදුමට ලැබුන තවත් ප්‍රතිචාරයක්. කෙටිම පිළිතුර නම් මීදුම  ජේ. ආර් ගේ නායකත්‍වයෙන් පසු එම පිළ අත් හැරි බවයි.

අපි කතා කරමු අපි ඉවසා ගෙන බලා ඉදිමු . අරගලයට බලපෑමක් කරන්න හැකිවුනාට අපිට එහෙම බල පෑමක් කරන්න බැහැ. අපේ විශ්වාශය රැදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කොටු වෙලා.


notes of imaginary

7 comments:

Anonymous said...

හිතවත් ලයනල් මහත්මා, මාගේ අදහස නම් මේ ආර්ථික සමාජයීය දේශපාලන වශයෙන් රට අරාජික වී ඇති මේ මොහොතේ අප උත්සහ දැරිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කිරීමට සහ ඔහුට සහය විය හැකි දිනේෂ් ගුණවර්ධන, කරු ජයසුරිය වැනි අයෙක් අගමැති කිරීමටයි.

මෙය අත්හදා බැලීම් සිදු කළ හැකි කාලයක් නොවේ. දේශපාලන ආධුනිකයන්ට අවස්ථාවකුත් නොවේ. මේ මොහොතේ බලය ගත යුත්තේ පරිනත, අත්දැකීම් සහිත, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳ දැනීමක් ඇති දේශපාලන නායකයෙක්.

අප වැනි සාමාන්‍ය ජනයාට එම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන්නට හැකියාවක් නැහැ. එනමුත් අපට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය ලබා දෙන්න කියා.

මන්ද අප දකිනවා ඇතැම් කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට තර්ජනය කරනවා, බිය ගන්වනවා ඔවුන්ට අවශ්‍ය ජනාධිපති අපේක්ෂකයාට ඡන්දය ලබා නොදෙන්නේ නම් මැයි නම වෙනිදාවක් නැවතත් සිදුවිය හැකි බව.

එමනිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අප විසින් මේ අවස්ථාවේ දී ජනතා නියෝජිතයන් හට ශක්තියක් විය යුතුයි. එවිට ඔවුන්ට නිදහස් මනසින් මේ මොහොතේ සිටින හොඳම ජනාධිපති අපේක්ෂකයා හට ඡන්දය භාවිතා කළ හැකි යි.


-මීට, දෙවුන්දර සමගි සුභසාධන සමිතියේ ගරු ලේකම්, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, විශ්‍රාමලත් බැංකු කළමනාකරු එච් ආර් දොඩංගොඩ මහතා

miduma said...


එච් ආර් දොඩංගොඩ මහත්මයා,
අපිත් අපි චන්දය දී පත්කර ගත් මන්ත්‍රීවරුත් අතර මේ වන විට තියෙන සම්බන්‍ධය මොන වගේ එකක්ද ?. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ එතුමා හමු වුනේ නෑ නේද ?.
ඡන්දයක් සමීප වන විට කාන්තා සමිති,තරුන සමිති, ශාඛා සමිති ශිෂ්‍ය සංවිධාන ආසන බල මණ්ඩල වගේ දේවල් ඇති කර ගෙන ගමට එන මේ මිනිස්සු ඡන්දෙන් දිණුවට පස්සේ ඒ සංවිධාන සමග සම්බන්‍ධකම් පවත්වන වද ?. ඒ වගේ සංවිධාන යාවත්කාලීනව පවත්වාගෙන යනවා නම් තම න්දදායකයා සමග ඊලග මැතිවරණය තෙක් සම්බන්‍ධ කම් තියෙනවා.
ඒවා තියෙනවා නම් මෙවැනි බරපතල අවස්හථාවක ජනයා සමග සංවාදයක්ඇති කර ගෙන තමන් ගන්නා දේශපාලන තීන්දුව ගැන ජනතා අදහසක් ඇති කරගත හැකියිනේ.
මම නම් දන්නා පරිද්දෙන් ඔය මන්ත්‍රීවරු කිසිවෙක් ගාවා එහෙම නිහතමානී පැවතුමක් නැහැ. එයාලා ඉන්නේ සියල්ලටම ඉහලින් සියල්ල දත් මානසිකත්‍වයෙන්.

Anonymous said...

ඔපමන උක‍ටලි, සෘණාත්මක වෙන්න එපා ලයනල් මහත්මයා.

අපේ සමිතිය නම් පළාතේ දේශපාලන නියෝජනයන් සමග සම්බන්ද කම් පවත්වාගෙන යනවා. මසකට සැරයක් පමණ ඔවුන්ව හමුව අපගේ අදහස් පිලිබදව සාකච්ජා කිරීමක් සිදු කරනවා.

අනික ඔබ පළාතේ එසේ නැතෙයි කියා මෙසේ සෑම විටම අධෛරමත්ව ඉන්නට එපා.

දැන් අඩුම තරමෙන් මුහුණ පොතෙන් හරි ඔවුන්ගේ දේශපාලන පිටුවල මේ බව පැහැදිලි කරන්න.

අප අපගේ වගකීම ඉටු නොකර බලන් සිටීම රටට කරන විශාල අවැඩක්.

මීට, දෙවුන්දර සමගි සුභසාධන සමිතියේ ගරු ලේකම්, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, විශ්‍රාමලත් බැංකු කළමනාකරු එච් ආර් දොඩංගොඩ මහතා

Anonymous said...

රනිල් වැ.බ. ජනපති හැටියට පත්වුන ගමන් පිටත රජයේ ගොඩනැගිලි අත්පත් කරගනිමින්, නිවෙස් ගිනි තබමින්, පාරෙ නීතිය හැටියට රටේ නීතිය සකස් විය යුතු යැයි කී 'නින්දිත කැරලිකරුවන්' අතුරුදන්ව නැවත රාජ්‍යය ස්ථාපිත වීමම රනිල්ගේ දක්ෂතාවයට හොඳ සාක්ෂියකි. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ශිෂ්ටත්වය සහ රාජ්‍යය පිළිගන්නා ජනතාවගේ නියෝජනය වන්නේ රනිල්ය.

Anonymous said...

ෆේස්බුක් එකේ ඉන්න බහුතරයක් උන් හිතන් ඉන්නෙ උන්ගෙ මතය තමයි ජනතා මතය කියල. අරගලකාරයො හිතන් ඉන්නවා උන්ගෙ මතය තමයි ජනතා මතය කියල. පෙට්‍රල්, විදුලිය, බෙහෙත්, පෝර නැතුව පාරට බැහැපු මිනිස්සු උන්ගෙ සම්මුතීන් පිලිගන්නවා කියල උන් හිතන්නෙ. මිනිස්සු එලියට බැස්සෙ රාජපක්ෂලා එලවන්න. එතනින් එහා සම්මුතියක් නෑ. අරගලය නමින් කැරැල්ලක් පටන් අරගෙන මේ කරන්නෙ ජනතා මතය බිලිබාගන්න උත්සාහයක්.

සර්ව ජන චන්දය කියල එකක් රටේ තියෙනවා. ඒකෙන් මිස වෙන කිසි දේකින් ජනතා මතය ගැන කතා කරන්න අයිතියක් නෑ. එහෙම කතා කිරීමම ජනතාව යනු තමන් යැයි සිතීමේ ඒකාධිපතිවාදයක්. ඊළග චන්දෙකදි ඔය කියන ජනතා මතය දැකපු දවසට ඔය හැමෝම පුදුම වෙන්න නියමිතයි. 😃 (ආපහු චන්දයක් පවත්වන තුරු ජනතා මතය නි‍යෝජනය කරන්නෙ පාර්ලිමේන්තුව. ඒක පිලිනොගන්නවා නම් අපි සර්ව ජන චන්ද බලය අහෝසි කරන්න ඕන. මගේ නං විරුද්ධත්වයක් නෑ)

Anonymous said...

ලෝකෙ දියුණුය කියන ගොඩක් රටවල පවා පවුලේ අඹුසැමි දෙදෙනාම රැකියාවක් නොකර ජීවත් වීම අපහසුයි .ඉතා මහලු සහ කුඩා ලමුන් ඇරුනාම අවුරුදු දහඅට පැනපු යම් ජීවිකාවක් නොකරන කෙනෙක් දුලබයි.අපේ රටේ ගොඩක් පවුල්වල ජීවනෝපායක් තියෙන්නෙ එක්කෙනාටයි අනික් ඔක්කොම යැපෙන්නො .ජීවනෝපායක් තියෙන එකාත් අට පහ රස්සාවක් කරන එකෙක් බොහෝ විට.මේක වෙනස් වේවි ඉදිරි දශකය තුල ලින්ගික ශ්‍රමිකයන් ගැන කවි ගී නොලියවෙන ඔවුනුත් රස්සාවක් කරන මිනිස්සු විදිහට දකින උපාධියක් සහිත ගෑනු ලමෙක් සුපර් මාකට් කවුන්ටරේක වැඩ කිරීම තව දුරටත් අවුල් සහගත දෙයක් නොවන සමාජයක් බිහිවේවී.රජයේ රස්සා ෆැන්ටසිය බිද වැටීම නම් මධ්‍යම පාන්තිකයාට දිරවගන්න අමාරු වෙයි.

Anonymous said...

සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගැනීම හැර විකල්පයක් නැහැ.
පක්ෂ කාඩර්වරුන් දීර්ඝකාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා සුදානම් කල යුතුයි.

කුලී හේවායන් සමුල ඝාතනය කල යුතුයි.

Tharindu Iranga