පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, July 13, 2022

නරිත් හිතන්න පටන් අරන් .

notes of imaginary

 

අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ.

මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ.

අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්.

මට පරණ කතාවක් මතක් වෙනවා.

මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.

ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු

උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.

කතාව දිග හරින්නම්.එක දිගටම අපි දකින්නේ බිහිසුනු දේවල්.

සමථයකට පත්වෙන්නේ නැති අරගලයක් සමග අපි නිදාගන්නවා .

අවදි වෙනවා.

එක් දිනක නරියෙක්

ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.

නරියාගේ ඇගේ වසා ලේ උරා බී

තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්

සිරුරේ ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා

නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.

මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්

නරියා ගෙන් විමසනවා

 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.

එපා යාළුවා.

මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.

මුන් ටික ගැලෙව්වොත්

තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී

ලේ උරා බොන්න පටන් ගනීවී.

දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා

උන් ලේ බොන්නේ අඩු වේගයකින්.                          

අළුතින් එන අය එන්නේ හාමතේ

උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.

ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.

ඉත්තෑවා එකත් ඇත්ත තමයි යාළුවා

කියලා නරියාගෙන් සමුගන්න හැදුවත්,

නරියා කිවුවා “ පොඩ්ඩක් ඉන්න යාළුවේ .

මගේ අදහස වෙනස් කලා “

මේ කිනිතුල්ලෝ ටික අයින් කරන්න මම ආයෙත් දියට බහින්නම්.

අළුත් කිනිතුල්ලෝ ටිකක් ඒවී . මාත් නැතිවෙලා යයි.

නරියා හිතන්න පටන් ගත්තා.


5 comments:

Anonymous said...

ඔබතුමා රඹුක්කන මීදුම වලව්වේ විජේරත්න නිළමේතුමාගේ ඥාති සහෝදරයෙක්ද?

රසික සුරියාරච්චි

miduma said...

අනේ නැහැ. මීදුමත් සමග ජීවත් වෙන බෙලිහුල්ඔය වාසියෙක්.

Anonymous said...

රාජපක්ෂලා එළවන මගේ අරගලයට දැන් අවුරුදු 18ක්. ඒක පටන් ගත්තෙ 2004දි. ගෑස් විදුලිය බෙහෙත් ඉන්ධන නැති වීමෙන් පටන්ගත්ත මැද පාංතික අරගලයෙ මුල් පරිච්ඡේදයෙ මාත් සක්‍රීය සාමාජිකයෙක් වුනා. ඒ වෙනුවෙන් ලිව්වා. කතා කළා. මට අනන්‍ය විරෝධයන් පැවැත්තුවා. මේ අරගලයෙන් මං තීරණාත්මකව කැඩෙන්නෙ සජිත්ට පහර දී එලවා දාපු දවසෙ. ඒ පහරදීම ගැන කිසිම විදිහක සාධාරණ මැදිහත් විවේචනයක් අරගලකරුවන්ගෙන් සිද්ද වෙන්නෙ නෑ. ඒ ගැන ප්‍රශ්න කිරීම හින්ද මං ඒ වෙලාවෙ සජිත්වාදියෙක් වෙනවා. ඒ මොහොතෙදි මං තේරුම් ගත්තා අරගලය ප්‍රචන්ඩත්වයට සහයෝගය දක්වනවා කියන එක. ඒ වගේම රාජපක්ෂලාගේ පාක්ෂිකවාදයම අරගලය ඇතුලෙත් වැඩ කරනවා කියන එක.

අරගලය මුල ඉඳලම මගේ ආස්ථානය වුනේ පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කමක් වෙනුවෙන් අරගලය මහජන මැදිහත්වීමක් කියන එකයි. අරගලයෙ හැටියට රටක් කරන්න ඕන කියන එක නෙමෙයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නිර්මාණය කරනවා වෙනුවට ෆැසිස්ට්වාදයක් කැඳවන අරගලයකට මගේ කිසිම සහයෝගයක් තිබුනෙ නෑ. සර්ව පාක්ෂික නායකයන් එකට කැඳවමින් අරගලකරුවන් ඊට සම්බන්ධ කරන වේදිකාවක් නිර්මාණය කිරීමට දායක වීම හේතු‍වෙන් මං අරගලය පාවාදෙන්නෙක් වුනා.

එදා මං කියද්දි අරගලය ජවිපෙ සහ පෙරට්ටන් විසින් අත්පත් කරගන්නවා කියල මහා පිරිසක් මට විරුද්ද වුනා. ඒත් දැන් අපිට දකින්න තියෙන්නෙ මොකක්ද? මේ කවුරුහරි ප්‍රාර්ථනා කළ අරගලය නම් මට කියන්න තියෙන්නෙ අබසරණයි කියල විතරයි.

දැන් මේක නවත්තන්න එපා. තව පුළුවන් තරම් රාජ්‍ය ගොඩනැගිලි අත්පත් කරගන්න. අරගල එහෙම තමයි කියමින් ගිනි අවුලන්න. කුමාර ගුනරත්නම් කියන විදිහට අරගලයේ නීතිය රටේ නීතිය කරන්න. තව නොබෝ දිනකින් ජනතාව විසින් අරගලකරුවන්ට ගහලා පන්නන කල්ම අරගලය කරන්න.

අරගලයට ජයවේවා!

miduma said...

අරගලයට ජයවේවා!

Anonymous said...

ගෝඨාභය ඔබ යා යුතුමය...

▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

ඔව් ඔබ යා යුතුමය...

ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත.

- රසික සුරියාරච්චි -