Friday, July 08, 2022

කාලය ගලා යන හැටි.


 

කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට.  අපේ දැනුම සහ අවබෝධයේ තරම   කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්.

ජීවිතයෙන්  දශක පහක් හයක්   ආපසු ගමන් කල විට  අවුරුදු  පහලොවක දහ අටක පමණ ගැටවරයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.

එදා අපිත් අද පුංචි දරුවෙකුටත්  ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය  විශාල පරස්පරයක් තියෙනවා කියලයි මට දැන් හිතෙන්නේ. අපි එදා  හිතලා තියෙන්නේ ගතානුගතිකව .

 

එක් එක් පවුල් වල  ජීවන රටා වෙනස් . අපි ගම්බද පදිංචි කරුවන්.  එකල ගොවියාගේ පුතු දෙමවව්පියන් අනුව ගොවිපලට  යනවා.   මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියා අනුගමනයකිරීම දක්වා පුහුණුවක් වුනා.අධ්‍යාපනයට යොමු කලත් ජීවිතය වැලද ගත්තේ පියාගේ වෘත්තීය පුහුනුව.යි.

 

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන්  වෙන්නේ වෙනත් සරල සිදුවීමක්.     තැතිගත් මනස මට කල හදියක් කීමටත් ,  අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතාවකුත්  තියෙනවා.

 

මේ කතා  අවසාන විට ඔබ හිතාවි දෑන් සීයා වන මමත් ,   මගේ පුංචි මුණුපුරාත්  අතර වෙනස.

 

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින් . පැතුරුන විශාල වපසරියක  අපේ තාත්තාගේ ගණුදෙණු කරුවන් විශාල පිරිසක් වාසය කලා. ගම් දහයක් දොළහක සිංහල ජනතාවත්   අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක දමිළ ජනතාවත් මේ පිරිසට  අයත් වුනා. වතුයායේ    සේවය කල වතු ජනතාව හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු , ණය  ගනුදෙණු කරුවන්ගෙන්   එක් රැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි.

 

දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම පෙර දින පිටත් වන  අපි දෙදෙනා ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  පසුදා  රාත්‍රී  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

 

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එම වකවානුවේ ඉන්දීය පුරවැසි කම ලැබ මෙම  දමිළ ජනතාවගෙන් අඩකටත් වඩා පිරිසක් ඉන්දීයාවට පිටත්ව ගියා. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අද වන විට අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

 

අතුරු කතාවත් සටහන් කරන්නම් .

 

ඉතින් ….. එක් දවසක චරෙිකාව අවසන් කරලා අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. දැන් වගේ නෙමෙයි. විදුලි පන්දමට අතිරේක බැටරි කෑලි ගෙන යන්න අපිට ලැබෙන්නෙත් නැහැ. පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්.

අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.

අපිට මතක් වෙනවා අපි ගමන් කරන අතුරු මාර්ගය පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇටඹ ගස. අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.

 

 අයියේ මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු මම කියනවා . සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  ඒ  ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ කනක්කයාගේ සොහොන කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.

වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

 

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.මතක් වෙන කොටත් දැන්නම් හිනා යනවා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් ටොකස් ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමුකෝ . මහ දවලුත්  ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස්  , ටකස් –  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු දිය උගුලතමන් ගේ රාජකාරිය ඉටු කරනවා. 

 

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන බෑවුම් සහිත මහා මාර්ගයේ ග මේ කාලවලට හමා යන හුළග හරි වේගවත්   . කනක්කයගේ සෙහොනඅදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  කනක්කයගේ සෙහොනේඅභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා. ඒ .රමට විචාරත්මක බවක් අපිට තිබිලා නැහැ.

 

අපේ පුංචි එකා මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.

 

එහෙමයි. කාලය වෙනස් වෙලා තියෙන්නේ. දැන් දරුවෝ අපේ කාලේ දරුවන්ට වඩා විමසිලිමත්.

 







notes of imaginary

6 comments:

Anonymous said...

ඊයෙ මට මුනගැහුනු නම කියන්න බැරි යාලුවෙක් ලස්සන කතාවක් කිව්වා.

''මචං මිනිස්සුන්ට තියෙන්නෙ හරිම පුංචි ආසාවල්. ඒත් ඒවට කියන්නෙ ලොකු දේශපාලන තියරි. ඇත්තටම ලොකු දේශපාලන අභිලාෂ තියෙන මිනිස්සු ඉන්නෙ එකයි දෙන්නයි. අපි වගේ පුංචි රටක මිනිස්සුන්ගෙ හීනත් පුංචියි.

කරුණා අම්මාන් අරගෙන බලපං. මොකද කැපවීමෙන් දේශපාලනය කරපු නැති මනුස්සයෙක්ද? ලෝකෙ ලොකුම ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙක්. අන්තිමට බැලුවම එයාගෙ ආසාව වෙලා තියෙන්නෙ චොක්ලට් ටිකකුයි, සිංහල ස්ත්‍රී yoනියකුයි. ඒකෙන් ඒ මනුස්සයා සංතෘප්තිමත්. ඒ වගේම තමයි සමහරුන්ගෙ ආසාව මයික් එකක්. වොයිස් කට් දෙන්න පෝලිමේ ඉන්න හැටි බලපං. උන් බලන්නෙ උන්ට මයික් එකක් ලැබෙන දේශපාලන කන්ඩායමක්. තව එකෙකුට දවස ගානෙ බොන්න ටිකක් සෙට්වෙන විදිහක්. සමහරෙකුට ජීවිතේටම වැදගත්කමක් සමාජෙන් හම්බුවෙලා නෑ.

මේ විදිහෙ පුංචි පුංචි ආසාවල් එකතු වෙලා තමයි ඔය මහා විප්ලව සිද්ද වෙන්නෙ. හරියටම මිනිහෙකුගේ පුංචි ආසාව තේරුම් ගත්තොත් ලේසියෙන්ම මිනිහාගෙ දේශපාලනය තෘප්තිමත් විදිහට අවසන් කරන්න පුළුවන්''

miduma said...

කතාව ඇත්ත . ලොකු තැනකින් පටන් අරන් බලන්න. පාර්ලිමේන්තු සැසිවාර තියෙන දිනට පාර්ලිමේන්තුවට එන සමහර මන්ත්‍රී වරු ලොකු ටෝක් දෙනවා. ඊට පස්සේ මිනිහා සීට් එකේ නැහැ. ඒත් පාර්ලිමේන්තුව පැවත්වෙනවා. වාද විවාද යනවා. කාලය යන්න යන්න එකා දෙන්නා නැගිටලා ගිහින් අන්තිමට කථානයෙක අසුනයි කථිකයායි විතරක් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ලොකු ටෝක් දෙන මන්ත්‍රීවරුන්ගේ පරමාර්ථය මාධ්‍යයට කතා කරලා රටට තමන් පොරක් කියන එක පෙන්නන එකයි.ඒකත් පුංචි ආසාවක්.මේ සිද්ධිදාමය බ්ලොග් එකක් ලියන්න පසුබිමක්. මම ලියන්න උත්සහා ගන්නම්. ඒකත් පුංචි ආසාවක්. ලියලා එවර වුනහම සැහැල්ළුවක් දැනේවි. සිතිවිලි බරින් නිදහස් වුනහම.

ඔබට ස්තුතියි. හදුනාගන්න කැමතියි.

Anonymous said...

මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ අන්තයේ රැදීම තමයි වැඩියෙන්ම වටින්නෙ. බහුතරයක් පෙනී ඉන්න අරගලයක ඒ සමූහය විසින් රංචුව විසින් අර තනි තනි පුද්ගලයන් මෙතෙක් දරා සිටි වටිනාකම් මොහොතින් අහෝසි කරනවා. මෙච්චර කාලයක් යුධ විරෝදී පෙරමුනුවල හිටපු අය එකපාරට ගෙවල් ගිනිතැබීම් සාධාරනීකරණය කරනවා. පහරදීම්වලට හුරේ දානවා.

අරගලයෙන් සිද්ද වෙන ආන්ඩු මාරුවලට වඩා මට වැදගත් වෙන්නෙ මං අරගලය ඇතුලෙ යාලුවන්ගෙ දැකපු මූනු මාරුවීම්. මං කිසි දවසක විශ්වාස නොකරපු තරමෙ භයානක මිනිස්සු මෙතෙක් කල් ප්‍රගතිශීලී සංස්කෘතික කතිකාවල ඉදිරියෙන් වැජඹුනු උන්ම වග දැක්කා.

මේ අරගලය ඇතුලෙ මතුවෙන සමහර කාරණා සාකච්ඡාවට ගැනීම වටිනවා. රනිල්ගෙ ගේ ගිනිගත්තම ගොඩක් මොළයක් ඇතැයි කියල හිතන අය පවා, ඇයි අර පාර‍ෙ මැරෙන මිනිස්සු මිනිස්සු නෙමෙයිද? ඒ අයගෙ පොත්වලට වටිනකමක් නැද්ද? වගේ ඉතාම පිටිසර කතා කියන්න ගත්තා.

රනිල්ගෙ ගෙදරට ගිනි තැබීමයි මගේ ගෙදරට ගිනි තැබීමයි කියන්නෙ දෙකක්. මාව මරලා දාන එකයි ප්‍රභාකරන් මරලා ‍දාන එකයි කියන්නෙ දෙකක්. රටේ දේශපාලන ඉතිහාසය ඇතුලෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ මිනිහෙක් විතරක් නෙමෙයි ප්‍රතිරූපයක්. ලංකාවෙ ලිබරල් දේශපාලන කඳවුරේ අවසානය තමයි ඒ මනුස්ස ශරීරය විසින් දරන්නෙ. රනිල් කියන්නෙ ලංකාවෙ සංකේතීය උරුමයක්. මගේ දතක් වගේ නෙමෙයි බුදුන්ගෙ දතක් කියන්නෙ. ඒක ක්‍රිස්තියානිකාරයෙකුට වුනත් සංකේතීය වටිනකමක් තියෙන දතක්.

ඒක රනිල්ට විතරක් නෙමෙයි, සජිත්ට පාඨලීට අනුරට වුනත් පොදුයි. ඒ මිනිස්සු සාමූහික දේශපාලන අදහසක, සංකල්පයක නියෝජන. ඒ අය පුද්ගලයො විදිහට අපිට වැඩක් නෑ. මේ සංසන්දන පිටිපස්සෙ තියෙන්නෙ ගෝත්‍රවාදය විසින් අහිමි කරපු වටිනාකම්. සංකල්පීය සිතීම එහෙම්පිටින්ම අහෝසියි.

තව පෝස්ට් එකක් ලියලා තිබුන රනිල්ගෙ පොත් ඔච්චර වටිනවා නම් තනියම තියන් ඉන්නෙ නැතුව ජනසතු කරන්න තිබුන කියල. ‍මට අදහාගන්න බෑ මේ පිරිහීම. කලෙක්ෂන් එකක තියෙන වටිනාකම තේ‍රුම්ගන්න බැරි අයද දේශපාලනය කරන්නෙ? රනිල්ට විතරක් නෙමෙයි ලෙනින්ටත් තිබුන පුද්ගලික පුස්තකාලයක්. ඒ පොත්වල වටිනාකම තියෙන්නෙ ඒ මනුස්සයා එක්ක බැඳිලා. එයාගෙ රසය, එයාගෙ සංකල්ප එක්කයි එයාගෙ පුස්තකාලය නිර්මාණය වෙන්නෙ.

ඒ මනුස්සයා මැරුන දවසක ඒ පුස්තකාලය පැවරීමේ වැදගත්කම අපිට ඒ මනස ඇතුලෙ චාරිකාවක් යන්න අවශ්‍ය දැනුම එතන තියෙන හින්ද. හැම කෙහෙල්මලක්ම ජනසතු කරන මනස තමයි අරගලයේ දුප්පත්කම. සියලු ‍සෞන්දර්යාත්මක, සංකල්පීය වටිනාකම් විනාශ කරන බලවේගයක් බවට ඒක පත්වෙනවා.

ජනාධිපති මන්දිරේ අපි දකින්නෙ ඒකයි. ඒ තැනට තියෙන සංකල්පීය අගයයි මේ විනාශ කරන්නෙ. ඒක පිලිස්තීනු වැඩක්. ඕනෑම ගොඩනැගුනු සංකල්පීය අගයක් කියන්නෙ සාමූහිකත්වයක්, ඓතිහාසිකත්වයක්. ඒවා ගරු කරමින් තමයි අලුත් සංකල්පයන් ගොඩනැගෙන්න ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ මුලු රටේම සංස්කෘතික වටිනාකම් ග්‍රාම්‍යත්වයට ඇද දැමීමේ ක්‍රියාවලියක්.

miduma said...

මට සටහනක් කිරීමට අවශ්‍යතාවය තිබුනා .ඒ ගැන හිත හිතා ඉන්න කොට තමා ඔබේ

ප්‍රතිචාරය පලවුනේ.දැන් ඒ අවශ්‍යතාවය නැහැ .ඔබට ස්තුතියි. මම මෙය මූනු පොතේ පලකරන්නම් .

Anonymous said...

ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්

ගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.

රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.

තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.

රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.

රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.

පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.

යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.

කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.

තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.

දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.

මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.

ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.

miduma said...

පාලකයා කවුරුන්දැයි අවිනිශ්චිතය.
වාද විවාද හරබර කතා අපමනය. මෙතෙක් කලක් කොළ පාටින් නිල්පාටට නිල් පාටින් කොළපාටට ( මේ දෙකම මුලික වර්ණය. කලින් කලට සංයෝජන ඇතිවුවත් ) පාට මාරු වෙමින් වසර හැත්තෑ හතරක් රට පැවතියේය.
දැන් අත්හදා බැලීමට ඇත්තේ රතු පාට පමනය.
ජනතා විමුක්ති පෙරමුන පවසන අන්දමට ( මීදුම නිවරදි නම්) ඔවුන්ගේ විවිධ සංවිධාන එකමුතුවක් වන " අරලගය "
බැවින් ඔවුන්ටම රට ගොඩනැගීමේ කාර්ය භාර දෙමු.
ඔවුන්ද පවසන පරිද්දෙන ඔවුන්ට රට ගොඩනැගිය හැකියයි විශ්වාශයක් ඇති කර ගනිමු.

එහෙත් රටේ ජනතාවගේ ඡන්ද මතය මෙයට වඩා වෙනස්ය. මැතිවරණයක් පැවත්වුවහොත් ටෙලිපෝනයට පොහොට්ටුවට
මුස්ලිම් පක්‍ෂවලට. ද්‍රවිඩ පක‍්ෂවලට ඡන්ද බෙදී යන විට ජවිපෙය ගන්නා ස්ථානය විවාදාත්මකය.

මීදුම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන දේශපාලනයක තදින් එල්බ ගෙන නැත. භූමියේ වන වෙනස් කම් අනුව යාවත්කාලීන වන දේශපාලන අදහසක සිටින බවද සටහන් කරනු කැමැත්තෙමි.

 

මීදුම Published @ 2014 by Ipietoon