පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, July 22, 2022

කරීම්ගේ අරගලය.


නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට  ඊජිප්තුවේදී  මොහොමඩ් කරීම් විරුද්ධ විය,

ප්‍රංශ හමුදාවේ  අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම්  හට  මරණ දඩුවම නියම කලේය.

දඩුවම් නියම කිරීමෙන් පසුව ආපසු කැදවු මොහොමඩ් කරීම්   හට නැපෝලියන්  ජීවිතය ගලවා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය.

“ධෛර්යයෙන් හා ශක්තියෙන්  ඔබේ රට ආරක්ෂා කළ මිනිසෙකු ඝාතනය කිරීමට නියම කිරීම ගැන මට කණගාටුයි. එසේ සිදු කිරීමෙන්  මම ඔවුන්ගේ මව්බිම ආරක්ෂා කරන වීරයන් ඝාතනය කල බවට   ඉතිහාස ගත වීමට  මට අවශ්‍ය  නැත

“ඔබ  මගේ සොල්දාදුවන් ඝාතනය කිරීම සඳහා වන්දි ගෙවීමක් ලෙස  රන් කාසි දසදහසක් ගෙවන්නේ නම්  මම ඔබට සමාව දෙන්නෙමි”.

 මට මේ අවස්ථාවේ ප්‍රමාණවත් තරම් මුදල් නැත, නමුත් රන් කාසි ලක්ෂයකට වඩා වත්කම් ඇති වෙළෙන්දන්ගෙන් මට ණයක් තිබේ.” යයි මොහොමඩ් කරීම්  නැපෝලියන්ට කීවේය.

 “එසේ නම් ඔබේ මුදල් එකතු කිරීමට මම ඔබට කාලය ලබා දෙන්නෙමි. යයි නැපෝලියන් ඔහුට අවස්ථාව ලබා දුන්නේය. සිරකරුවෙකු වු  මොහොමඩ් කරීම් විලංගුවලින් බැඳ සොල්දාදුවන් විසින් වෙළදපල වෙත කැදවා ගෙන ගියේය. රන් කාසි දස දහසක් එකතු කර ගැනීමට කරීම් වෙලෙන්දන් එකිනෙකා හමුවෙමින් ඔහුට නැපෝලියන් ගෙවීමට නියෝග කල වන්දි මුදල සදහන් කරමින් ආධාර පැතීය.

කරීම් විසින් උදව් උපකාර ලබා ගත් කිසිදු වෙලෙන්දෙක් ඔහුට යහපත් ප්‍රතිචාර නොදැක්වු අතර ඔහුට විවිධවු චෝදනා කරනු ලැබීය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආර්ථික තත්වය පිරීහිමට කරීම් ගේ ප්‍රතිපත්ති හේතුවු   බව වෙලෙන්දන්ගේ මතය විය. කරීම්ගේ ක්‍රියාවන් නිසා වෙලෙන්දන්ගේ ව්‍යාපාර  විනාශයට පත්වු බවට අවලාද නැගීය. කළකිරීමටත් අපේක්‍ෂා භංගත්‍වයටත් පත් කරීම් අවසානයේදී එක් රන් කාසියකුදු නොලබා  නැපෝලියන් හමුවට පමුනුවනු ලැබීය.

 “ ඔබ අපට විරුද්ධ වී අපේ සොල්දාදුවන් ඝාතනය කළ මට කනගාටු  නැත . එහෙත්   ඔබේ  මව්බිමේ නිදහසේ වෙළඳාමේ යෙදෙන බියගුලු මිනිසුන් වෙනුවෙන් සටන් කර ඔබ ඔබේ ජීවිතය  අනතුරට පත් කරගැනීම නිසා  මට කනගාටු යැයි  ”  නැපෝලියන්  පවසා ඇත.

 

 



notes of imaginary

2 comments:

Anonymous said...

බැසිල් – THE MAN –

මිනිස්සු වැටෙති.

ඉන් සමහරු බාගෙට නැගිටිති. තව සමහරු සම්පූර්ණයෙන් නැගිටිති. ඉතාමත් අතළොස්සක් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගිතිති.

බැසිල් රෝහණ රාජපක්ෂ එවැනි බඩුවකි.

සමහර මිනිස්සු මොළය ඇතිව උපදිති.

ජන්දදායකයන් වන අප බොහෝ විට උපදින්නේ මොළය නැතුව ය.

තියෙන මොළයෙනුත් වැඩ ගන්නට පුලුවන් අය ඇත්තන් ද එහෙමටම නැත.

තම මොළයෙන් 100% ක කාර්යක්ෂමතාවයෙන් වැඩ ගන්නා මිනිසුන් ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙනි.

තියෙන මොළයෙන් 200% ක කාර්‍යක්ෂමතාවයකින් වැඩ ගන්නා මිනිසකු මෙලොව වෙසෙයි නම් ඒ, බැසිල් රාජපක්ෂ පමණක් විය යුතුය .

90 දශකය මුල් භාගයේ බැසිල් සේවය කළේ බම්බලපිටිය ‍යුනිටි ප්ලාසා හි පිහිටි ජපන් සමාගමක උපදේශකයකු ලෙසිනි.

ජපන්නු එදවස ද ජපන් යෙන්වලින් පඩි ගෙව්වේ බැසිල්ට නොව බැසිල් ගේ මොළයටය.

මහින්ද රාජපක්ෂ 1988 මහ මැතිවරණයට සැරසෙන විට බැසිල් අත ඔහුම සැකසූ A4 ප්‍රමාණයේ පොතක් විය.

එහි වූයේ අබලන් ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මානවල පාරවල් පිළිසකර කරන අන්දම ඇස්තමේන්තු ද සහිතවය.

ඒ ඇතැම් මාර්ගයක් පිළිසකර කළ විට කනත්තට යන දුර අඩු වූයේ කිලෝමීටර් වලිනි.

ජන්ද වැටෙන්නේ දහස් ගණනිනි .

තම දිස්ත්‍රික්කය පිළිබදව හා ගැමියාගේ අවශ්‍යතා පිළිබදව බැසිල් තුල වූ අවබෝධය ට මෙය සරල උදාහරණයක් පමණි.

රනිල් 30 වතාවටත් වඩා වාර්තාගත වැඩි වාර ගණනක් පරාජයට පත් වුවත් කිසිම දිනෙක වගකීම බාර ගත්තේ නැත.

අවසානයේ ආසන බිංදුවට වැටුනත් රනිල් පරාජයේ වගකීම බාර ගැනීමට සූදානම් නැත.

ඒ අතින් ගත් කල බැසිල් යනු ගෞරවාන්විත මිනිසෙකි.

ඔහු තනිවම පරාජයේ වගකීම බාරගෙන ගෙදර ගිය මිනිසෙකි.

ඔහු පරාජයේ වගකීම තනිවම බාර ගත්තා පමණක් නොව වසරක් තුල නව පක්ෂයක් පිහිටුවා සිදුවූ වරද ජයග්‍රාහී ලෙස නිවැරැදි කළේ රටේ ප්‍රධානම පක්ෂ දෙක බිමටම වට්ටවමිනි.

පරාජයේ තනි වගකීම බැසිල් ගත්තද 2015 පරාජයට උරුමකරුවෝ බොහෝ සිටිති.

කොටි ත්‍රස්තවාදීන්‍ පරාජය කළද මර්වින් සිල්වා වැනි තක්කඩියෙක් පාලනය කරගැනීමට අසමත් වීම එම පරාජයේ ප්‍රධාන සාධකයකි.

දුමින්ද සිල්වා සිද්ධියෙන් ද එවක රජය අනා ගත්තේ මධ්‍යස්ථ ජන්දදායකයන් විපක්ෂය වෙත ආකර්ෂණය කරවමිනි

අද ඇමැති නාමල් හැසිරෙන විදියට එදා තරුණ නාමල් හැසිරුණේ නම් එම පරාජය තවත් අවම කරගත හැකිව තිබුණි.

මහින්දට ළං වූ සියල්ලම මහින්දට ඇති ආදරයට ළං වූ අයම නොවේ.

(2015 ජනවාරි 8 හැන්දෑවේත් මහින්ද ගේ හැලියේ බත් කකා සිටි සමහරුන් ජනවාරි 9 පාන්දර මෛත්‍රී ළග සිටියේ එබැවිනි.)

රටේ ප්‍රථම පුරවැසියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ගේ සිට සුපර් මාකට්වලින් ගෙදරට බඩු ඇදගෙන ජනාධිපතිතුමා හමුවීමට වේලාවන් ලබාදුන් නිලධාරියා දක්වා මේ පරාජයට වගකිව යුතු විය.

තම හිතවතුන් ට උසස්වීම් දෙන විට රාජ්‍ය සේවකයින් කළකිරීම වැළැක්වීමට නොහැකිය .

රාජ්‍ය සේවකයින් කළකිරෙන විට එය තැපැල් ජන්දවලට බලපෑම වැළැක්වීමට නොහැකිය .

අවසානයේ මේ සියල්ලේ වගකීම දරාගත්තෙ බැසිල් ය.

‘අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා හිටං’ යැයි මෛත්‍රී කියද්දී බැසිල් බය වුනේ නැත.

ඔහු අලුත් පක්ෂයක් බිහිකිරීමේ අභියෝගය බාර ගත්තා පමණක් නොව එය අතිශය ජයග්‍රාහී විලාශයෙන් නිමා කළේය .

අද බැසිල් නිර්මාණය කළ පක්ෂය ජය පැන් බොයි.

මෛත්‍රී ඇවිදියි.

මෙහිදී තවත් යමක් කිව යුතුය .

ඒ, මතු දවස නායකත්වයට සූදානම් වන නාමල් ටය.

නාමල් ට බැසිල් බාප්පා ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.

විශේෂයෙන්ම නාමල් වටා සිටින සෙන් තෝමස් කාරයන්ට බැසිල් ගේ කෙස් ගහක තරම් වත් දේශපාලන විඥානයක් නැති බව වටහා ගත් දාට නාමල්ගේ ඉදිරිය වඩා පැහැදිලි වනු ඇත.

හැම විටම බැසිල් වටා හොඳ කණ්ඩායමක් සිටී.

ඒ අතර අපතයන් කිහිප දෙනෙකු සිටී.

මින් සමහරුන් ප්‍රසෙන්ටේෂන් වලින් අන්දන්නන් ය.

ඔවුන් ට දැන්ම රෙඩ් ලයිට් දමාගෙන මේ ගමන ගියොත් බැසිල් ව නතර කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

ලංකාවේ දේශපාලන පක්ෂ නහුතයක් තිබේ.

ඒවාට පක්ෂ නායකයින් නහුතයක් ද සිටී.

මේ නහුතයක් දේශපාලන පක්ෂවල නහුතයක් වූ නායකයින් සිහිපත් කරගත යුතු එක කරුණක් ඇත.

එනම්, ඉදිරි දශකයේ ලංකාවේ දේශපාලන සිතියම අදින්නේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ බවය.

miduma said...


මුණු පොතට යොමු කර තිබු අදහසක් මෙසේයි.Lukshman Liyanagamage
Expected days August 8 to September 15 political blowout ending.

මීදුම සිතන්නේ බලය උදෙසා දේශපාලනය වෙනස් වෙමින් පවතීන බවයි.අරගලයට පොහොට්ටුව මුහුණ දුන් ආකාරය පිළිබදව මට ඇත්තේ විවාදාත්මක සිතිවිල්ලකි. විමල් වීරවංශගේ සහ උදය ගම්මන්පිලගේ නික්ම යාමේ සිට ඇතිවු තත්වයන් හා සැලකීමේදී දේශපාලන ගේම් එකක් සිදුවූවායයි සිතෙන තරමට ව්‍යාකූලය.
රණිල් වික්‍රමසිංහයානෝ හොද චරිතයක් රගපාමින් සිටින බව මීදුමගේ නිරීක්‍ෂණයයි. අරගලය විසින් පවතින ආර්ථික අර්බූදය ජනමනසින් සමනය කර ඇති බව සිතමි. උදාහරණයක් ලෙස ගත්තොත් එදා ගෑස් සිලින්ඩරයක් රුපියල් 100/= කින් වැඩිවු විට තිබු විරෝධය තුන් ගුණයකින් මිළ වැඩිවීත්, දකින්නට නැත.