Saturday, July 23, 2022

උදා අලුයම දෝත පා නුඹ පිළිගමී..

ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී..



හෙටත් එනවද ලංව ඉන්නට
සමුගන්න මොහොතක් කලින්...
මමත් නුඹ නැති දුකින් තැවි තැවි
ගෙවනවා මහ රෑ ඉතින්...
දුකක් හෙම නැතුවාද නුඹ හට
මෙලෙස මා හැර යනු නිතින්...
මටත් මොහොතක් සිනාසෙන්නට
බිදක් ළංවී ඉමු සිතින්....
ගෙවා රෑ යම උදා අලුයම
දෝත පා නුඹ පිළිගමී..
දමා මොහොතින් දුරට යද්දී
බලා නුඹෙ මුව සැනසෙමී...
මගේ නොවනා බව දැනත් මම
ආයෙ එනතුරු ඉවසමී...
එකම එක දවසක් ඇවිත් ළග
ඉන්න බැරිවද වෙන් නොවී....

2022/07/23
මංගලිකා කුමාරි ඒකනායක

මංගලිකා කුමාරි ඒකනායක මීදුමට අසල්වාසියෙක් නැගණියක්. ඇගේ කවිකම් අගේ කරන්න උපුටා පලකලා. ඈ කියන්නේ හැන්දෑවට බස්නාහිරින් සමු අරන් නැගණහිරෙන් අප හමුවන මිත්‍රයා ගැන. විදින්න ඒ අත්දැකීම



notes of imaginary

2 comments:

Anonymous said...

ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ.

එහිදී ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.

මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.

එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.

එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය.

තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

miduma said...


මීදුම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරයි.
අරගලය නියෝජනය කරන පාර්ශව නීතියට සහ ව්‍යවස්ථාවට එහා යමින් උඩුගං බලා යන යෝජනා ඉදිරිපත් කරයි. ඒවා යථාර්තයක් බවට පත් කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න සහගත වේ.

රාජ්‍ය පාලනය බැරෑරුම් විෂයයකි. ලස්සන වචන රැසකින් ආලවට්ටම් කර ජනතාව රැවටුවත් යථාර්තය හමුවේ විදවන අයුරු දැන් පැහැදිලියි. අවබෝධ වෙයි. තවදුරටත් අපි නොරැවටි සිට අනාගතයට මුහුණ දීමට සැලසුම් ඇති කර ගත යුතුයයි මීදුම සිතයි.